Monday 30 March 2015

නෙලුම්යාය ප්‍රථම සමරු සඟරාවේ හැඳින්වීම

So many of our dreams at first seems impossible, then they seem improbable, and then, when we summon the will, they soon become inevitable ~Christopher Reeve~

අපේ හැම හීනයක්ම මුලදී කළ  නොහැක්කක් වගේ පේන්නේ , ඉන් පස්සේ කරන්න හෝ වෙන්න  කිසිම සම්භාවිතාවක් නැහැ වගේ නමුත්  අපි අධිෂ්ඨාන කලොත්  ඉතා ඉක්මනින් ඒවා සිදුවියයුතුම දේවල් වෙනවා  - කියල ක්‍රිස්ටෝපර් රිව් කියල තිබෙනවා. අප විසින් නෙලුම් යාය  සහෘද සමුහය පිහිටුවා ගත්තේ පුරවැසි ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව, වෙබ් මාධ්‍යවේදීන්ගේ වෙබ් අඩවිවල සිට, සමාජ ජාල වල සිට, බ්ලොග් ලෝකය දක්වා විහිදී ඇති වකවානුවක මේ දහරා  තුනම එක තැනකට ගොනු කරමින් ස්වාධින  ප්‍රවෘත්ති සපයන්නන් සමුහයක්, දාර්ශනිකයන් සමුහයක්, පුරවැසි විද්‍යඥයන් සමුහයක්, පුරවැසි කවියන් සමුහයක් , පුරවැසි කෙටි කතා කරුවන් සමුහයක්, පුරවැසි සංගීතඥයන් සමුහයක් සමාජයට දායක කිරීමට  ගන්න උත්සාහයක් වශයෙනුයි.
ආරම්භ කර මස කිහිපයකින් පුරවැසි ජනමාධ්‍ය භාවිතාව  වඩා ප්‍රචලිත කිරීමේ අභිප්‍රායෙන්  , බ්ලොග් කරුවන් මේ දක්වා සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කළ  සේවය ඇගයීමට එසේම  බ්ලොග් ලෝකය පිළිබඳව ඇති දුර්මත ඉවත් කිරීමටත් නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් උළෙලක් සංවිධානය කළා.

එසේම  තොරතුරු දැන  ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර එය සම්මත කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයට කරන උපහාරයක් මෙය. තොරතුරු දැන  ගැනීමේ පනත,  මාධ්‍ය නිදහස සුරැකීම හා පුරවැසි මාධ්‍යකරණය යටතේ ඉතා වැදගත් වෙන පනතක්.

විවිධ  මාතෘකා යටතේ දේශපාලනය, කෙටි  කතා , කවි, සංචාරක සටහන්. හමුදා කතා, නේවි  කතා, විහිළු කතා, පෞද්ගලික අත්දැකීම් මේ හැම දෙයක්ම පලවෙනවා. නොයෙකුත් මාධ්‍ය වලින් විටින් විට කිසියම් ප්‍රසිද්ධියක් ලබා දුන්නා කියලත් අපට අදහසක් තිබෙනවා. නමුත් මේක මෙතනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සිටින  සිමිත පාඨක  පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සුදානමක් පෙනෙන්න තිබුනේ නැහැ. ඉතාමත් නිර්මාණශීලි බ්ලොග් කරුවන් සිටියත් ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය තුලින් ඉඩ දුන්නේ  පිලි ගැනීමක් ඇති  මාධ්‍යකරුවන්ට පමණයි. ඔවුන් ලියුවෙත් තිබෙන සම්ප්‍රදායික පුවත්පත් (වෙබ් හා වෙබ් නොවන )  හා රුපවාහිනියට වැඩ සටහන් ඉදිරිපත් කිරීමත් පමණයි.

මිට අවුරුදු කීපයකට ඉහතදී 2011 වගේ කලෙක ලෝකයේ ප්‍රබලතම  සමාජ ජාලය වන facebook හරහා උතුරේ වැලි ගොඩ දැමීම් ගැන සටහනක් තියපු උතුරේ සමාජජාලා පුරවැසි මාධ්‍යකරුවෙක් එදිනම රෑ හිසට වෙඩි තබා ඝාතනය කෙරුණා. මෙතැනදී අපට පෙනෙන්නේ  තොරතුරු දැන ගැනීමේ අයිතිය සමාජයට ලැබෙනවාට බය වෙන්නේ , තැති ගන්නේ හොරු  සහ දුෂකයෝ බව.  පුවත මෙහිදී පුවත්පතක පලකරනවාට වඩා ලෝකය පුරා සමාජ ජාල තුලින් සැනෙකින් පැතිර ගිය. හොරු සහ දුෂකයන් වඩා බිය වන්නේ එයට.

උප්පැන්න සහතිකයක් නැති හැඳුනුම්පතක් නැති සහ සමාජයේ අවමන් සහගත චරිත සහතිකයක් ඇති ලෝකයේ පැරණිම වෘත්තියේ යෙදුන යයි කියන රත්න පුරේ බට්ටි (ඩබ්ලිව් ඒ කාන්ති ) නමැති කාන්තාවට වූ අසාධාරණදී නීතියේ මුදුන්මල්කඩ වන ශේෂ්ඨාධිකරණය කරා  යුක්තිය පසිඳලීම සඳහා  රැගෙන ගියේ පුරවැසි  ජන මාධ්‍ය. එය පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් සමාජ ජාල ගත කලා. දහස් ගණනක් ඉතා සුළු කාලයකදී එය නැරඹුවා.  සමාජ ජාල හා පුරවැසි මාධ්‍ය වල ප්‍රබලත්වය මින් පැහැදිලි වෙනවා.
එය සංකේතවත් කරන්න බට්ටි ගැන ලියු කවියකට අපි අද සම්මානයක් දෙනවා.

නෙළුම් යාය අද සිට වඩා  ඉඩ ප්‍රමාණයක් ගනිමින් අලුත් වෙබ් අඩවියකට පිය නගනවා. එහි අපි දේශපාලන, කාලීන සංවාද,  කවි / නිසඳැස් , හයිකු, කෙටි කථා, 18 ප්ලස්, විද්‍යා ප්‍රබන්ධ, තාක්ෂණ,  ඡායාරූප සහ නිවස වශයෙන් අංග දහයක් යටතේ යටතේ  බ්ලොග් නිර්මාණ ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.
අපිට  ඇත්තටම මෙතන මොකක්ද තියෙන ලාභය. අපට තියෙන ලාභය තමා මානව සම්පත. ලාභය තමා  පරිසරය. මේ දෙක තමා රැක ගන්න  ඕනේ. අපි හැකිතාක් උත්සාහ  කරනවා මානව සම්පත දැනුවත් කරන්නේ කොහොමද කියන එක ගැන හොයන්න.  අපි මෙතනදී කරන්නේ අවකාශය හදල දෙන එක විතරයි. 
අපිට ඕනේ අනිකුන්ගේ මතය ඉවසන, සංයමයෙන් සාකච්චා කරන , සාධනීය විවේචන   ඉදිරිපත් කරන අපහාසය හා උපහාසය අතර වෙනස හඳුනන බ්ලොග් ලෝකයක් නිර්මාණය කරන්න.

අපි එසේම  ශ්‍රී ලංකා  බ්ලොග් කරුවන්ගේ සංසදයක් අද දින ස්ථාපිත කරනවා. පුරවැසි මාධ්‍යවේදීන් ගේ සුභ සිද්ධිය වැඩි දියුණු කරන්නට ගන්න පියවරක් ලෙස. පුරවැසි මාධ්‍යවේදීන් දැනුම අරැගෙන යයි මහා ජනතාවට. මේ නිදහස ඉදිරියට ගෙනියමු. මෙය තව   දුරටත් සිහිනයක් නොවේ.
ස්තුතියි 

නෙළුම් යාය සංස්කාරක


42 comments:

  1. පොඩි පොඩි අඩු පාඩු තිබුනට, මෙතක් තිබූ කිසිම උළෙලකින් නොලැබුන තරමේ ප්‍රතිචාරයක් මේ මඟින් ලැබුනා.. වැඩේ අල කරන්න දඟලපු පිරිස අද හොල්මන් වෙලා ඉන්නේ. උන් බයිලා ගැහුවට අද වෙනකන් බ්ලොග් වලට කරපු මෙළෝ දෙයක් නෑ. මීළඟ එක මීට වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියළු ධෛර්යය ශක්තිය ලැබේවා...!!!

    බන්ධුල නානායක්කාරවසම් වගේ සාම්ප්‍රදායික පොරකට, මාතලන් කියන නම මතක තිබුන එකත් ළොකු දෙයක්. අනික පොර බ්ලොග් වලට හොඳ රැකොමන්ඩේසොන් එකක් දුන්නා. පොර පුදුම උනා මේකේ උන්ගේ ටැලන්ට් ගැන. විශේෂයෙන් බ්ලොග් කවි ගැන. මම දැක්කා සම හරක් කියලා තිබුනා සයිබර් එකේ තියෙන්නේ කවි නෙමෙයි වෙන මොනවද කියලා. එහෙම උන්ගේ කනට ගහපු එකයි බන්ධුල කළේ. එහෙම දෙයක් මීට කලින් කවදාවත් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. මාතා මටත් හිතෙනවා අපි පිටුවක් පෙරලුවා කියල. ඉස්සරහටම යං.

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++
      ජය වේවා

      Delete
    3. ස්තුතියි නංගි

      Delete
  2. අජිත් අයියල කරපු මේ වැඩේට උදව් කිරීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේකෙ ඇද පළුදු, දොස් අනං මනං කීවට ඒ අයට මෙහෙම එකක් සංවිධානය කරන්න දුන්නනම් කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න ඒ මිනිස්සුන්ටවත් විශ්වාසයක් නැහැ මම හිතන විදිහට. දුර රටක සිට අභියෝග ගොඩක් මැද මේ උළෙල සාර්ථක කරගන්න කැපවුන එකට ස්තුතිය පුද කරන්න කැමතියි. ඇති වුනු සුළු අඩුපාඩුවක් හරි තියෙනවනම් ඒවත් මගහැරගෙන තවත් සාර්ථකව ඊළඟ උළෙල කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ලිපිය දැම්මා . ස්තුතියි ඒකට. විවේචන සාදරයෙන් පිලි ගන්නවා.

      Delete
  3. ///අපිට ඕනේ අනිකුන්ගේ මතය ඉවසන, සංයමයෙන් සාකච්චා කරන , සාධනීය විවේචන ඉදිරිපත් කරන අපහාසය හා උපහාසය අතර වෙනස හඳුනන බ්ලොග් ලෝකයක් නිර්මාණය කරන්න.///

    මේ අරමුණ අනිවාර්යෙන් ඉටුවේවී.. හරිම සතුටුයි වෙබ් අඩවිය තුල අපේ බ්ලොග් ලියපු අය සම්මාන ගත්ත ෆොටෝ දකිද්දී.. ලංකාවේ හිටියනම් මාත් යනවා නේද කියලා හිතුණා.. මට හොදටම විශ්වාසයි ඊලග වතාව ඉතාම උත්කර්ෂවත් වේවි,, ඒ වගේම බ්ලොග් කියන්නේ මොනවද කියලා හොයාගෙන එන පිරිස වැඩි වේවි,, එක එක වෙබ් අඩවි වලට ගිහින් ටෙලිනාට්‍ය, සින්දු ගේම් ගහන අය යම් ප්‍රමනෙකින් හෝ බ්ලොග් දිහාට ඔලුව දාලා බලාවි... ඔබගේ මහන්සියට හොඳ ප්‍රථිපල ලැබුණා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගියා. ඔයාල ඉන්න එක ලොකු හයියක්. ඊළඟ වතාවේදී ඔයාව දාන්න ඕනේ සංවිධායක කමිටුවට

      Delete
  4. අජිත් අයියා.. මට හිතෙන විදියටනම් මේක ආරම්භයක් විදියට පට්ට සාර්ථකයි.. ඔක්කොම අඳුරට බැන බැන හිටියට එකෙකුටවත් බැරි උනා මෙච්චරකල් එක පහනක්වත් පත්තු කරන්න. ඔයා ලංකාවෙත් නොයිද මේ කරපු හරිය හොඳටම ඇති.. වැඩේ කරගෙන යද්දි වෙච්චි සමහර දේවල් ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ. උදාහරණයක් විදියට අර රෙකෝඩර් මෑන් බලෙන් පැනල කියපුව වගේ. ලංකාවේ කිසිම දෙයක් සම්ම්පූර්ණයෙන්ම දේශපාලනෙන් ස්වායක්තව කරන්නත් බෑ.. කරූ පරණවිතානටත් ඒක එහෙමම තමයි. නමුත් ඔහු ඒ වෙලාවේ හෝල් එක දීල කරපු සේවය අපි අගේ කරන්න ඕනි.

    තව එකක්.. මේක ගැන මුල ඉඳල මෙලෝ හසරක් නොදැන හිටපු උන් තමයි බනින්නේ වැඩියෙන්ම.. ඔයා පහුගිය දෙසැම්බර් වල මේ සම්මාන සඳහා නම් යෝජනා කරපු මුල්ම පෝස්ට් එකේ ඉඳල මේක දිහා බලාගෙන හිටපු නිසා මං දන්නව මොකද උනේ කියල.. මුලින් සංවිදාන කටයුත්තකට උදව් කරන්න බැරි උනේ හරියට කන්ටෑක්ස් තිබුන නැති නිසා.. නමුත් ඊලඟ පාර අපි එහෙම වෙන්න දෙන්නේ නෑ.. එකතු වෙලා සුපිරි ගැදරින් එකක් කරමු. දේශපාලනෙයි මීඩියා කාරයොයි අනවශ්‍ය කතා කාරයොයි හලල.. මේකෙ උනත් බ්ලොග් වලට ආවේනික සාධනීය ලක්ශණ ගොඩක් තිබුන.. මේක ඔයාගේ තනි උත්සාහයක්. ලංකා නිව්ස් වෙබ් කතෲ ටත් ස්තූතියි.. සැලෙන්න එපා..

    ඔක්කොටම හපන් රෑ.. ඩිනර් එකට ස්තූතියි කියල චන්දිමට කියන්න.. අරූ අයියවත් මතක් කලා කියන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි. එදා හමුවන්න ලැබීමත් සතුටක්. පළමුවරට හමුවුන බොහෝ අය සිටිය. මේක මගේ තනි උත්සහයක් නම් නොවේ. චන්දිම සැහෙන්න නිදි මරාගෙන උදව් කලා . ඒ නිසා වැඩිපුරම මහන්සි වුනේ ච්නදීම වෙන්න ඕනේ. ඊළඟට හිමාෂි ඇතුළු කට්ටිය කරපු උදව්. ඊළඟ සැරේ දෙමු වැඩේ හොඳට.

      Delete
  5. Replies
    1. කොමෙන්ට් එක රිපීට් වෙලා.. ඒකයි එකක් ඩිලීට් කලේ :)

      Delete
  6. මේක අසාර්ථකයි කියලා කවුද කියන්නෙ? වැරදි කියන්න අයද නැත්තෙ. ලෝකෙ තියෙන ලේසිම වැඩේනෙ වැරදි හොයන එක.
    සුලු පිරිසක් එක්ව මේ තරම් දෙයක් කල එක අගය කිරීමයි කල යුත්තෙ. දෙයක් ඉස් ඉස්සෙල්ලම කරනකොට කකුලෙන් අදින්න හෙන සෙට් එකක් ඉන්නවා. ඕවාට දෙන්න තියෙන උත්තරේ ඊ ළඟ එක මීට වඩා හොඳින් කරන එක. වැඩේ අල්ලලා යනකොට බැනපු උන්ම වර්ණනා කරයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධවියෝ. ඊළඟ එකට අනිවාර්යයෙන්ම එන්න .

      Delete
  7. වැඩක් කරනකොට යම් යම් අතපසුවීම්, දුර්වලතා ඇතිවීම ස්වාභාවිකයි.. ඒවා ඇතිවෙන්නත් වැඩක් කරන්න එපැයි. හොඳ අරමුණකින් වැඩක් කළාම ඒකෙ හොඳ පැත්තයි දකින්න ඕන වැඩිපුරම. වැරදි අඩුපාඩු දැක්කට කමක් නෑ, ආයෙත් එහෙම දෙයක් කරනකොට ඒවා හදාගන්න වගබලාගන්න. ඇත්තටම වැඩේ නම් උපරිමයි අජිත් අයියා.. පොඩි පොඩි අඩුපාඩු ඇති. පොඩි බ්ලොග් කාරයෙක් විදියට මට නම් එහෙම දේවල් පෙනුනෙත් නෑ, පෙනුනත් ඒවා ගැන කියන්න අයිතියකුත් මට නෑ. යහපත් සිතුවිල්ලකින් කරපු මේ වැඩේට හදවතින්ම සුභපතනවා. ඇත්තටම අපිට එක ලොකු අත්දැකීමක් උනා. ඊළඟ වතාවේ තවත් හොඳට මේ වැඩේ කරන්න ශක්තිය ලැබේවා කියල පතනවා. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සජ්ජා. අපි ඕන විවේචනයක් සාදරයෙන් පිලිගන්නවා. ඔබලා අපට ධෛර්යයක්.

      Delete
  8. මම වගේ බ්ලොග් ලියන්න අරන් අවුරුදු දෙකක්වත් නැති කෙනෙක්ටනම් ඒ උත්සවයේ උත්කර්ෂය ඉහටත් උඩින්. ඇත්තටම වැඩේ හොඳටම කෙරුනා. අනික තමයි දේශපාලනය ගෑවිලා තිබුනා කියකියා දොස් කියන අයට කියන්න ඕනෙ, ලංකාවේ කිසිම දෙයක් දේශපාලනයෙන් ස්වායත්ත වෙන්නේ නැහැ. ඒත් පවත්නා රජයන්වල වැරදි අඩුපාඩු පෙන්නලා දෙන ලංකා නිවුස් වෙබ් එකෙන් කරපු උත්සවයකට මෙතරම් අනුග්‍රහයක් ලැබීමම මොනතරම් වටිනවද?

    ඒ වගේම සදය උපහාසයෙන් යුතුව පවත්නා රජයේ වැරදි විවේචනය කරන මාතලන් වසරේ හොඳම බ්ලොග්කරුවා වීමම මොනතරම් සාධනීය ලක්ෂනයක්ද?

    නිර්දය විවේචන කරන අයට හිතන්නවත් බැරිතරමේ ඉහල දෙයක් ඔබ කලා. ඒක බ්ලොග් කලාවට ආදරේ කරන අපිට ගොඩාක් වටිනවා. ඊගාව එක මීටත් වඩා ඉහළින් සංවිධානය කරමු. උදව් කරන්න සූදානම් බ්ලොග්කරුවෝ බොහොමයක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සි. බස්සි සහ බස්සා එදා ප්[අලමු වරට දකින්නට ලැබීමත් සන්තෝෂයක්. බස්සිගේ දිග කොණ්ඩය ගැනත් මගේ දූරු දෙන්නටත් කිව්වා. උන්ගේ අම්මා කොණ්ඩේ කොටට කපන්න ට්‍රයි කරද්දී මම තමා උන්ව බේරා ගන්නේ. බස්සි සජ්ජා ඇතුළු කට්ටිය දැක්කම හරිම සහෘද හැඟීමක් සිතට ආවේ.

      Delete
  9. Replies
    1. නිකම්ම සුබ පැතුම් හා ස්තුතියට අමතරව විශ්ලේෂනයක්/විවේචනයක් එකතු කිරීමට වටින වැඩක් නිසා මෙන්න...

      1. ආරාධිතයින් / දේශකයින් / සම්මානලාභීන් තෝරා ගැනීම සංවිධායකයින්ගේ අභිමතයයි. හැමදේමවගේම ඒවාට එකඟනොවන්නන් සිටී එහෙත් අජිත් සද්භාවයෙන් හිතට එකඟව සාර්ථකව කල දෙයක් ලෙස මට පෙනෙන අතර බ්ලොග් අවු 3කට අඩු කාලයක් කියවූ මට නම් වරදක්ද නොපෙනේ. Congratulations

      2. එහි එන්ටර්ටේන්ට්මන්ට් වලට තිබූ අංගයන්ගෙන් මයිම් ශෝ එක සාර්ථක නොවුනත් අනිත් ඒවා රස වින්දෙමි. දේශනවලින් බහුතරයද හිත ගත්තේය. Thank you.

      3. තෝරාගත් දිනය අපහසු දිනයක් නිසාත් , මෙයට තිබූ ප්‍රචාරයේ අතිශය මද බව නිසාත් ආ සෙනඟ සෑහෙන්න ඩිසපොයින්ටින් සංඛ්‍යාවකි. Better luck next time

      4. මාද්යකරුවන් මයික් ගලවාගෙනයාම උන්ගේ අයිතියක් හා සදාචාරයක් නැති බව මිස සංවිධායකයින්ගේ වරදක් නොවේ. This is SL.

      5. මා දුටු නිවැරදිකරගත් යුතු එකම අඩුපාඩුව ඇජෙන්ඩා එක අවුල් වීම හා කාලය කලමණාකරණයේ දෝෂ පමණි. Bound to improve next time.

      මෙහි හොඳ දේ ඉතා අධික ලෙස අඩුපාඩු ඉක්මවා යයි. So, congrats & thanks !

      Delete
    2. ස්තුතියි ප්‍රා . ඇජෙන්ඩා අවුලවිම වරද මම භාර ගන්නවා. බන්දුල එනකම් ඉන්න කිව්ව නිසා හිටියත් ඊට පැයක් බලා සිටීම වැරදියි. මට පටන් ගන්නයි තිබ්බේ. ඉලනාග සැරේ පොරොන්දු වෙනවා හොඳට කරන්න.

      Delete
  10. ළමා පිටිය, තුරුණු ශක්ති වගේ වැඩ සටහන් වලින් සිදු උන සේවාව ඔබගේ උත්සාහයේ ප්‍රතිපලය වෙනවා නම් ඒක ලොකුම සේවයක්. දක්ෂ, කල් පවතින නිර්මාණ කළහැකි මේ පිරිස මිනිසුන් අතරට යා යුතුයි. එදා දවසෙම මට හිතුනේ එක. එහි හැකියාව පිළිබඳව මට සහතිකයි. ඔබ නිහතමානී දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. අපි එතනට යමු. ඔබට ස්තුතියි.

      Delete
  11. මේ වැඩේ ඉහලින්ම අගය කරනවා.. මොකක් හරි ඉවෙන්ට් එකක් කරපු අය දන්නවා කොහොමද ඒකෙ රහ කියලා.නිදි මරාගෙන,ගෙදරින් බැනුම් අහගෙන අතිං කයිට් වෙලා වැඩේ ඉවර උනාම ආපු අයගෙත් බර බර.මම පුද්ගලිකව ආසම බර බර වලට.ඒත් මෙත්න ඔක්කොම කලින් කියලා.ඒ නිසා මම මල් මිටක් දෙන්නම්.
    අජිත් අයියලා අරඹපු මේ සද් ක්‍රියාව බොහොම වටිනවා.විවේචන,අපහාස,උපහාස ඇත්තටම වටිනවා මේකෙ ඉදිරි ගමනට.ගල් මුල් වලටත් මල් වලටත් සිනහවෙන් කලබල නොවී ප්‍රතිචාර දක්වන ඔබ ලස්සන මඟක් එලි පෙහෙලි කරන හැටි හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න ගස් ඔයාට විතරයි ඒක තේරුනේ. මම එදත් නිදි මතේ හිටියේ. එංගලන්තේ සමග පැය 5.30 ක වෙනසක්. එංගලන්තේ රැට නිදා ගන්නේ 12.00 PM විතර. ඉතින් මට නින්ද යන්නේ උදේ 4.00 ට විතර ලංකාවේ. ඊට පස්සේ උදේ 7.30 ට විතර නැගිටලා දුවනවා වැඩේට. ඒ දවස් හතරම හරියට නිදා ගත්තේ නැහැ. බ්‍රහස්පතින්දා සෙනග අඩු වෙනවා කියල මම දැනන් හිටියේ. ස්තුතියි.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඩිලීට් කළේ වියරණ වරදක් නිසාය. කොමෙන්ටුව පහටහ් දැක්වේ.

      Delete

  13. මගේ අරමුණ කවදහරි මේ රටේ ප්‍රධානම සන්නිවේදන බලය බවට බ්ලොග් පත්වෙයි කියන එක. අන්න එදාට තමා මිනිස්සුන්ට දෙපයින් හිටගන්නත් ඔළුව උස්සන්නත් හැකිවෙන්නෙ.වචනාර්ථයෙන්ම නිදහස ලැබෙන්නෙ. විද්‍යුත් මාධ්‍ය , මුද්‍රිත මාධ්‍ය කියන්නෙ අධිපතිවාදී මාධ්‍ය කලාවක්. ඒක ජනතාවාදී නොවෙයි.
    ඉදිරියෙදි බ්ලොග් ජනප්‍රිය වේවි. බලවත් වේවි.මේ සම්මාන උළෙල නිසා හිතෙනව ඒ දවස ඉක්මනින්ම උදාවේවි කියල.

    මටත් යෝජනා තිබෙනව. බ්ලොග් ලෝකයට පූර්ණකාලීන බ්ලොග්කරුවන් එකතුකරගත යුතුයි. ඒ සදහා යායුත්තේ කැම්පස් සිසුන් ලගට නොවෙයි විශ්‍රාමිකයන් ලඟටයි.ඔවුන්ටයි මිඩංගු කරන්න කාලය තිබෙන්නෙ. අපි රැකියාකරගෙන කෑම පැයේ , තේ බොන වෙලාවෙ , ට්‍රේන් එකේ බ්ලොග් ලිව්වට හැමොටම ඒක අමාරුයි.
    එසේම බ්ලොග්කරුවන්ට යම් පහසුකම් අවශ්‍යනම් ඒවා සපයාදීමත් වැදගත්.

    මට තව රැඩිකල් අදහසක් තියනව ඒක ප්‍රායෝගිකද මන්ද

    බ්ලොග්කරුවන්ට අනෙක් මාධ්‍යවේදීන්ට ලැබෙන වරප්‍රසාද දිය යුතුයි. කලාකරුවන්ගෙ වරප්‍රසාද ගැන ලියල අත අහකට ගත්ත හැටියෙම බ්ලොගර්ස්ලට වරප්‍රසාද ඉල්ලනව නෙමේ. අපට ඕන එකම එක දෙයයි. යම් යම් තැන්වලට ප්‍රවේශවීමේ අයිතිය. අපට කාඩ් එකක් දෙනවනම් වටිනව. රත්නපුරේ බට්ටි සිද්ධිය වගෙ එකකදි හැකියාවක් තියන කෙනෙකුට අදාල තන්වලට ඇතුළුවෙලා තොරතුරු ලබාගන්න. කාඩ් එකක් වගෙ දෙනවනම් ඒක වටිනව.
    උදාහරණයකට කුරුණෑගල දිස්ත්‍රික්කයෙ මොකක් හරි ඔය වගෙ දෙයක් වුනොත් මට පුළුවනි පුරවැසි මාධ්‍ය ආවරණය දෙන්න. පුද්ගලික වියදමෙන් යන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ අදාල තැන්වලට ඇතුළුවෙලා පුරවැසි මාධ්‍යවේදියෙක් ලෙස අදාල පුද්ගලයන් සමඟ සාකච්ඡා කරන්න බලයක් නැති කම. ඡායාරූප ගැනීමෙදිත් ඒ බලපත්‍රය වටිනව. ඒකයි බලපත්‍රයක් ඉල්ලන්නෙ. වෙන වරප්‍රසාදයක් නොවෙයි.

    මේ අදහස් ගැනත් සිතා බලන්න.

    ReplyDelete
    Replies
    1. අපේ අදහසත් එයම තමා. අපි එතනට මේක ගෙනියනවා. අපි බ්ලොග් ගිල්ඩ් එක හැදුව. එයින් මුලින් අයිඩෙන්ටිටි කාඩ් එකක් දෙනවා. ඔබට ඕනෑම වෙලාවක ලන්කනිස්වෙබ් කියා යන්න. මට text එකක් හෝ කෝල් එකක් දෙන්න. ගමන් වියදම් කෑම වියදම් අපි දෙනවා පුරවැසි මාධ්‍ය ආවරණය සඳහා. යෝජනා වලට ස්තුතියි.

      Delete
  14. ඔබ තනි නැහැ ඔබත් සමඟ අපිත් ඉන්නවා .. මේක හැම අවුරුද්දකම කරමු අයියේ . එකම දිනයක් දාල ඒක ශ්‍රී ලංකා බ්ලොග් දිනය කරමු. එදාට අපේ ගෙට්ටුව .. සම්මාන .. ඔක්කොම.. එතකොට ප්ලෑන් කරගන්න ලේසිනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි. මේ වචනත් ලොකු ධෛර්යක් දෙනවා. අදහස ගන්නවා.

      Delete
  15. අජී අයියේ දෙයක් සාර්ථකයි කියල හරියටම මැනගන්න පුළුවන් සාධකය ප්‍රශංසා වගේම ගල් මුල් ත් නොඅඩුව ලැබීම. ඔබ කරපු මෙහෙවර අනගිභවනීයයි. සම්මානයක් දුන්නු පළියට කියනවා නෙවෙයි. බ්ලොග් කරුවන්ට ඉතිහාසගත දිනයක් එක් කලා ඔබ ඇතුළු කණ්ඩායම. ඇරඹුම ම පට්ට සාර්ථකයි.දිගින් දිගටම රැඳෙමු. මේ ගත්ත උත්සාහය වතුරේ යන්න අපේ කස්ටිය ඉඩ දෙන එකක් නෑ. කමෙන්ට් වලින්ම ඒක සහතික වෙලා තියෙනවා.ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. නංගි බොහොම ස්තුතියි. ඔයාගේ ගීතයි (මනෝජ් කියපු) එක යුටියුබ් නැත්ද කියල ඉල්ලීම් ගලාගෙන එනවා. එකෙන්ම තේරෙනවා වැඩේ සාර්ථකයි කියල. ප්‍රශං ඇතත් මේ තරමින් හරි ගොඩ දාගත්තනේ.

      Delete
  16. අජිත්ලගේ උත්සාහය සාර්ථක වෙන්න ඇති කියල මම හිතනවා ... ඊළඟ සැරෙකදී හරි එන්නම් ... කොහොමත් ඕනෙම ඉවෙන්ට් එකකදී පොඩි පොඩි අවුල් තියෙනවනේ .. ඕව මොනවාද ...

    නෙලුම් යායේ කට්ටිය බ්ලොග් වෙනුවෙන් මේ කරන දේවල් දැක්කම අපි අඩුම තරමේ ටිකක් උනන්දු වෙලා මොනවා හරි ලියන්න ඕනේ කියලවත් හිතන්න ඕනේ .. කම්මැලි කම් පැත්තක දාල .. :)

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ලියන්න මොනවා හරි. දැන් වෙබ්සයිට් 3 ක්ම කැප වෙනවනේ.

      Delete
  17. කිසිදු පුද්ගලික ලාබ ප්‍රයෝජනයක් වරදානයක් නොමැතිව ඔබ ඇතුලු පිරිස කරන මේ මහා සද් කාර්‍ය, සමාජ මෙහෙවර ගැන අපි ඉතාම ස්තූතිවන්තවෙනවා අයියේ. සමාජයේ එක්තරා සීමිත පිරිසක් අතර පමනක් ව්‍යාප්තව තිබූ සැඟවුනු දේශයක් වෙච්ච බ්ලොග් කලාව මෙලෙස විවෘත කොට සමාජගතකිරීමට ඔබලා දරන මේ ප්‍රයත්නය ඉතා ප්‍රසංශනීයයි.

    කරන කාර්යට හදවතින්ම සුබපතනවා. මේ තැබූ පියවර යෝද පිම්මක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනොෂ්. එසේම වේවා කියා මාත් ප්ප්‍රාර්ථනා කරනවා. - ඔබට අවශ්‍ය නම් අර දෙනෙතිය ගෙනාව tax නැතුව ගන්න පුළුවන්.

      Delete
    2. එතකොට කීයක්ද වෙන්නෙ අයියේ..?

      masandumal@gmail.com

      Delete
  18. ඕනෑම දෙයක් මුලින්ම කරනකොට යම්,යම් අඩුපාඩු වෙන්න පුළුවන් තමයි.ඒ වැරදි,අඩුපාඩු හදාගෙන අපි ඊගාව වතාවේ මෙයට වඩා හොඳින් මේක කරමු.අජිත් අයියලා පටන් ගත්තු වැඩේ සැහෙන වටිනවා.ඒ වගේම අජිත් අයියාව හමුවීමත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේම හැමෝම හමුවීම ලොකු සතුටක්. ඉදිරිය හොඳ වෙයි. .

      Delete
  19. පළමු උත්සාහයට සුභ පැතුම්...

    Blog සම්බන්ධ ඉදිරි පිම්මක් සම්බන්ධ කතිකාවතක් ඇතිවී තිබෙන මේ මොහොතේ සිදුවූ අතපසුවීම් සහ අඩුපාඩු මග හරවා ගැනීමට හැකි ක්‍රමවේදයක්යැයි මා හට හැඟෙන ක්‍රමයක් ගැන පොඩි අදහසක් මෙසේය...
    බ්ලොග් ගැන සමාජය දැනුවත් කරන ක්‍රමවේද ගැන හිතනවා වගේම බ්ලොග් කරුවන්ගේ සංසදය හරහා හෝ ලංකාවේ තියෙන ඇක්ටිව් බ්ලොග් ටික එහි ලියාපදිංචි කරගන්න බලමු...

    මෙවැනි උත්සවයක් හෝ වෙනත් යමක් ආරම්භ කරද්දී ඒ ගැන සියල්ලෝම එකවර දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ඒ හරහා සකසා ගත හැකියි. එයට නෙළුම් යාය නව වෙබ් පිටුවේ (හෝ එවැනි වෙනත් තැනක) බ්ලොග සඳහා ලියාපදිංචි වීම සහ ඔවුනගේ දත්ත ඇතුළත් කිරීමේ ස්ථානයක්ද (දත්ත වල රහස්‍යභාවය සුරැකිය යුතුයි) ඇතුළත් කල හැකියි.
    කෙනෙකුට අවැසිනම් Un-register වීමේ හැකියාවද එහි තිබිය යුතුය...

    (බ්ලොගයේ නම, විද්‍යුත් තැපෑල සහ ප්‍රොෆයිලයේ නම පමණක් ද මේ සඳහා සෑහේ...)
    එවැනි තැනක් දැනටම ඔබලා විසින් අරඹා ඇත්නම් ඒ ගැන අපව දැනුවත් කරන්න
    එවිට එම දත්ත වල ඇති බ්ලොග සියල්ල මගින් විශාල සින්ඩියක් නිර්මාණය වනු ඇත...

    සාකච්ජා කළයුතු විශේෂ කරුණු ඇත්නම් එය ලිපියක් මෙන් පළකර බ්ලොගාලා හට කමෙන්ට් මගින් සාකච්ජා කිරීමේ අවස්ථාව උදා කරදිය හැක.
    එවැනි විශේෂ ලිපියක් මග හැරී යාම වැලකීම සඳහා ඊ තැපැලක් යවා සියළු සාමාජිකයන් මුලිකව දැනුවත් කිරීමක්ද කල හැක. (නමුත් සියළුම ලිපි තැපැල් කිරීම නොකළ යුතුය.)
    ඒ සඳහා උනන්දු වන පිරිස පැමිණ තමන්ගේ අදහස් යෝජනා, උදව් කළහැකි ක්‍රම ආදිය එම පොදු වේදිකාවේදී කතිකා කරනු ඇත...
    එවිට සිදුකරනු ලබන කාර්යය වඩාත් සාර්ථක වනු ඇත...

    ReplyDelete
    Replies
    1. මේක හොඳ අදහසක්. බ්ලොග් සංසදයට ඉදිරිපත් කරනවා. ලිය පදිංචි කිරීම ගැන අපි කලිනුත් කතා වුන. රුපියල් සීයකට යාවජිව සාමාජිකත්වය. මධූ මාධවී කීව ඒක වැඩියි කියල. මම ලිපියක් දානවා අදහස් ගන්න.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .