Saturday 16 April 2016

නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 3


නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 1

නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 2


මුල් සම්මාන උළෙලේදී අපේ මතය වූයේ "අඩුම වශයෙන් දහ දෙනෙක්" සහභාගී වුව හොත් සම්මාන උළෙලෙ කරන බවයි. දෙවැන්නේදී එය පනහට වැඩි කෙරුවෙමු. එයට අඩුවෙන් පැමිණෙන්නේ නම් අපේ වැඩ පිළිවෙළේ කිසියම් අඩුවක් තිබියයුතුය. ෆේස්බුක් හි දවස දමා සැදූ ඉවෙන්ට් එකට 50 ට වැඩියෙන් පැමිණෙන බවට දන්වා තිබු බැවින් ප්‍රශ්නයක් නොවිණි.

 නාලක සහ අජිත් සමග ගනුදෙනු කරන්නට ඉවාන් ට භාර කෙරුවෙමු. ඔවුන් කතා කරන මාතෘකා පිලිබඳ අවබෝධයක් ගන්නටය. දිලිනිවද සම්බන්ධ කර ගැනීමට හැකිවුණ අතර සුමිත් සියලුම බ්ලොග් සම්මාන නාම ලේඛන සැදීමේ නිරතව සිටියේය. මා ලංකාවට පැමිණි පසු අපට එකිනෙකා මුණ ගැසෙන්නට හැකි විනි. මාත් සුමිත් සහ ඉවානුත් මෙහිදී වැඩියෙන්ම මුණ ගැසුණු අතර ලංකානිව්ස්වෙබ් හි සංජිව, උපුල් නිශාන්ත හා ජයම්පති බුලත්සිංහල සම්මාන සෑදීම, සහතික මුද්‍රණය, සමරු පොතේ මුද්‍රණය ආදී වැඩ වල යෙදී සිටියහ. ඔවුන්ට අපේ ස්තූතිය හිමි වේ.

එදා දවසේ ම කරන්නට සිතා සිටි කතාව ලිවිම අවසන් කලේ මාර්තු 25දා රැයේය. මා සුමිත්ට රාත්‍රී 2.00 ට කතා කරන විටත් ඔහු සිටියේ අවදියෙනි. ඔහු සම්මාන ලැබෙන බ්ලොග් පිලිබඳ හැඳින්වීම් ලියමින් සිටියේය. මා එය කරන්නට සිතා සිටි මුත් ඒ සඳහා කාලවේලා නැති විනි. නිර්දේශ කල බ්ලොග් වලින් ලකුණු එකතු කිරීම හා ස්ථාන නිර්ණයට දින තුනක් පමණ ගතවීමත් එක් හේතුවකි.

මෙහිදී ආණ්ඩු පක්ෂයට සම්බන්ධ බ්ලොග් වලට තැන දෙන බවට මෙන්ම එක් අංශයක සම්මාන දිනු බ්ලොගයක් ගැන එන විවේචනයද ප්‍රතික්ෂේප කරන්නෙමු. හේතුව ඒවා ලැබූ ලකුණු මත තෝරාගත් බැවිනි. සමහර බ්ලොග් එනම් උදාහරණයක් වශයෙන් SUV ගුණසිංහ මහතාගේ අලුත් නුවර දේවාලය ආදිය ගැන ලියු ලිපි වර්තමානයේ මෙන්ම අනාගතයේදී කවරෙකුට හෝ පර්යේෂණ පත්‍රිකාවක් ලිවීමට වුවත් විස්තර සොයා ගත හැකි බ්ලොග් අඩවියක් බවට තීරණය විය. සිංහල සංස්කෘතිය හා බැඳුනු සිරිත් විරිත් ලිවිම අනාගතයේදී අනිවාර්යයෙන්ම වැදගත් වන්නේ ඒ සමහර සිරිත් කාලයත් සමග අභාවයට යා හැකි බැවිනි. එසේම ඡායාරුප සඳහා වෘත්තීය ඡායාරුප වේදීන් ගැන නොව තමන් විසින් ගත් හොඳ ඡායාරුප පල කරන බ්ලොග් අඩවිය තෝරා ගැනුනි. අනිත් සියලු තේරීම් සඳහාද ඒ හා සමාන නිර්නායකයන් භාවිතා කෙරුණි. සමහර විට කිසියම් බ්ලොගයක් තේරුණු අංශය ගැන පප්‍රශ්න ඇති විය හැකිය. මේවා සාකච්චා මාර්ගයෙන් ඉදිරියේදී විසඳා ගත හැකිය.

මට පෙනී ගිය කරුණක් නම් අප වාමාංශික දේශපාලන අදහස් සඳහා වන බ්ලොග් තෝරා ගන්නේ නැත යන්නට එන විවේචනයයි.

මෙහිදී මට මතක් වන්නේ සෝවියට් දේශයේ තිබු යථාර්තවාදී කලාව සඳහා සමාජවාදී යථාර්ථවාදය (socialist realism as a style of realistic art) යොදා ගැනීමේ අදහසයි. මෙයින් සිදු වුනේ සෝවියට් සමාජයේ නැති දේ උළුප්පමින් බොරු අලංකාරයක් හා අතිශයෝක්තියක් දනවන සාහිත්‍යයක් නිර්මාණය වීමයි. එහි හිමි වරු සාහිත්‍ය සංගම් වල උසස් නිලතල දරමින් පිට රටවල නිවාඩු යමින් කෙලි දෙලින් ගත කරමින් සැබෑ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ පාගා දැමුහ. නිලධාරිවාදය විවේචනය කරන නිර්මාණ පමණක් නොව දේශපාලනයක් නැති උසස් නිර්මාණ පවා ඔවුන්ගේ ඉරිසියාවේ කතුරට හසු වුනි. අනිත් කාරණය නම් වාමාංශික අදහස් සඳහා අපගේ කිසිම විවේචනයක් නැති අතර දේශපාලන බ්ලොග් සඳහා ඒවාද නිර්දේශ කෙරුවෙමු. ඒවාට ලකුණු නොලැබීම ගැන කණගාටු නොවිය යුතුය. බොහෝ විට එවැනි අදහස් ඇත්තන් තමන්ගේ මතය පමණක් නිවැරදිය සිතීම ගැන අපට කළ හැකි දෙයක් නැත. වත්මන් රජය විවේචනය කරන ලිපි වලටද අප තැනක් දී ඇති අතර ඒවාට වෙනස් කමක්ද නොකෙරුවෙමු.

පවතින රජයට පක්ෂව ලියන ඒවා හා දේශපාලකයන් ගෙන්වා ගැනීම සඳහා විවේචන අලුත් දේවල් නොවේ. නාලක හා අජිත් සමග සංවාදයට එන්නට ගිය වර 2014-2015 උළෙලට මම සුරේඛා සමරසේන මහත්මිය (ෆේස් බුක් කිවිඳිය) පෞද්ගලිකව හමුවී ආරාධනා කලෙමි. ඇය එය ප්‍රතිකෙෂේප කලේ "ඔය වගේ දේශපාලකයන්ට කඩේ යන උත්සව කලින් කලට පැමිණෙනවා" යයි කියමිනි. "බොරුවට එකක් කරලා ආණ්ඩුවේ කට්ටිය ගෙනල්ල වැඩේ කරගෙන ඕගොල්ලෝ අයින් වෙයි" යන්න ඇගේ අදහස විය. මේ අදහස් මතුවීම සාධාරණය. සෑම විටම බොහෝ විට සිදුවන්නට ඇත්තේ ද එයයි. නමුත් රජයේ කිසියම් සම්බන්ධයක් අපට අවශ්‍ය වන්නේ බ්ලොග් හා වෙබ් අවකාශය සඳහා නීති පැනවීම් හා මර්දන ගෙන එන්නේද රජයක් මගින්ම වීමයි. නව රජයක් පත් වුවහොත් ඔවුන් සමගද සහයෝගයෙන් කටයතු කිරීමට අප කැමතිය. එංගලන්තය වැනි රටවල පොදු උත්සව දේශපාලන බලපෑමෙන් තොරව පැවැත්වේ. මෙය හොඳ දෙයකැයි අප සිතමු.

අප සෑම අයුරකම ජාතිවාදයට (සින්හල, දෙමල හෝ මුස්ලිම් වේවා) විරුද්ධ වන අතර ජාතිවාදය ඇවිස්සීමේ ලිපි පල නොකිරීමේ ප්‍රතිපත්තියක් ගෙන යන්නෙමු. එසේ වුවද සාධාරණ ලෙස පල කරන ඕනෑම අදහසක් සංවාදයට බඳුන් කිරීමටත් නිර්දේශ කිරීමටත් බාධක පනවා නොමැත.

විනිශ්චය මණ්ඩලයට නිර්දේශ බ්ලොග් අඩවි යැව්වේ මා පමණි. එහිදී භාවිතා කලේ BCC ක්‍රමය නිසා මණ්ඩලයේ සිටින්නේ කවුද යන්න දැන සිටියේ මා පමණි. එසේ කලේ විනිශ්චය මණ්ඩලයේ එකිනෙකා කතා බහ කර ලකුණු දීම වැළැක්වීමටය. සියලුම ලකුණු ලැබුනේද ඊමේල් හරහාය.

අටමාගේ හා සුමිත් ගේ මුලිකත්වයෙන් බ්ලොග් නිර්දේශ කිරීමේ ක්‍රියාවලියක් දැන් පටන් ගෙන තිබේ. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුම දැන් එයට සහය දෙති. අප පටන් ගත් දෙය කුමක්ද බ්ලොග් කරුවන්ට වැටහීම ගැන ඇත්තේ නිහතමානී සතුටකි.

අපේ එක අදහසක් වූයේ දැනට තිබෙන තත්වයෙන් බ්ලොග්කරණය මදක් ඔසවා තබන්නටය. ෆේස්බුක්, ට්විටර් ආදිය හොඳ වුවත් ඒවායේ තමන්ගේ ලිවිම් බ්ලොග් ලිපි සේ පිළිවෙලට සංරක්ෂණය කල නොහැකිය. දීර්ඝ ලිපියකට හෝ කෙටිකතාවකට මෙන්ම පර්යේෂණ පත්‍රිකාවක්, ඉතිහාස කතාවක් ආදියට හොඳ බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියකි. එසේම පුරවැසි මාධ්‍යකරණය ලංකාවේ අන්තිම කොනටද එළඹිය යුතුය. දැනුම ලබාදීමේ කාර්යයේදී බ්ලොග් වල බලපෑම අවතක්සේරු කල නොහැකිය. බ්ලොග් යනු ඉතාමත්ම නිදහස් මාධ්‍ය භාවිතාවකි. බ්ලොග්වලට කිසිවෙකුට වාරණ පැනවිය නොහැකිය. එසේම බ්ලොග් ලියන අය සොයා කරන පෞද්ගලික තර්ජන වැළැක්වීමට නම් සංවිධාන ගතවිය යුතුය. එසේම දේශපාලන බෙදීමකින් තොරව මෙය පවත්වා ගැනීමද වැදගත්ය.

එසේම අප කල්පනා කරන්නේ දැනුම ලබන ජනතාව රැවටිය නොහැකි බවය. එසේම සමාජ ජාල, බ්ලොග්, ට්විටර් ආදී මේ මොන ක්‍රමයකින් හෝ එකතු වී කතා කරන අය, සංවාදයට පෙළඹෙන අය ශාරීරික හානි එකිනෙකාට සිදු කර ගැනීම් වලින් තොරව ප්‍රශ්න විසඳා ගනු ඇති බවට මතයක් තිබේ. මේ නිගමනය සෑම විටම නිවැරදි නොවිය හැක. කෙසේ වුවද සිවිල් යුද්ධ යයි සැලකිය හැකි කැරලි තුනකට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි ආස්ථානයක් ඉතා වැදගත් බව අපේ වැටහීමයි. දෙවෙනි නෙළුම් යාය උත්සවයේදී කිසියම් ප්‍රමාණයකට වෙනස් අදහස් ඇත්තන් එකතු වි කතා බස් කල බවට අපට වැටහීමක් තිබේ.

අපට ලැබුණු නිර්දේශ මෙන්ම අප කියවා කරන ලද බ්ලොග් ලිපි වලට නිර්දේශිත සන්ක්‍යාව අනුව 1, 2, 3 ආදී වශයෙන් ලකුණු දීමට තීරණය විනි. බ්ලොග් 10ක් නිර්දේශ කර ඇත්නම් හොඳම බ්ලොගයට ලකුණු 10 හිමිවේ. ලැබී තිබූ බොහෝ නිර්දේශ අනුව ජනප්‍රියම බ්ලොගය ට නිර්දේශ වුනේ සුරංග ලියනගේ ගේ යාං හෑල්ලය. වඩා ජනප්‍රිය බ්ලොගය තේරුවා නම් ඉදිරියට එන්නේ එය බව අපේ වැටහීමයි. නමුත් ලකුණු ලැබීමේදී මුලදී "අසමි දකිමි සොයමි " හා "නිදහස් සිතුවිලිත්" ඉදිරියේ තිබුනු අතර සියලු ලකුණු එකතු කිරීමේදී බස්සිගේ නවාතැන ජයග්‍රහණය කරන ලදී. අපි කිසියම් බ්ලොගයකට මුල් තැන දීමට මුල සිටම අදිටන් කරගෙන සිටියාය යන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමු.

විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේ "සිව් මංසල කොලු ගැටයා" ලියන නාලක ගුණවර්ධන, චන්දිම විතාන ආරච්චි (ලංකා නිව්ස් වෙබ්), සරෝජ් පතිරණ (BBC), සුමිත් කලණසිරි (කළා හිත) හා මමය. ප්‍රා ජේ හෙවත් ප්‍රදීප් ජයතුංග හොඳම බ්ලොග් කරු තේරීමේදී පමණක් විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළේය. මේ සියලු කටයුතු ඊමේල් මගින් පමණක් සිදු විය.

කථානායක කරු ජයසුරිය, මාධ්‍ය නියෝජ්‍ය ඇමති කරු පරණවිතාන මහතුන් අපට කිසිම බලපෑමක් මොනම විධිහකින් නොකළ බව පැවසිය යුතුය. පරණවිතාන මහතා කලේ මාධ්‍ය කටයුත්තක් ලෙස සලකා ශාලාව හා තේ පැන් සංග්‍රහය සලසා දීම ය. ඔවුන් දෙදෙනාටම අපේ ස්තුතිය පල කරමු.

බ්ලොග් උළෙල අවසානයේ දෙහිවල වාඩිය නමැති ස්ථානයේ සොඳුරු හමුවක්ද පවතී අතර ලංකානිව්ස්වෙබ් හි කටයුතු කරන වෙබ් මාධ්‍යවේදීන් හා බ්ලොග් කරුවන් සමුහයක් එතන එකතු වී සිටියහ. රසිකලොජිස්ට්, කවදාවත් දැන හඳුනාගෙන නොසිටි චෙෆාකි, මනෝ මන්දිර, ජිවන මෙන්ම 30කට අසන්න බ්ලොග් කරුවන් සමග රැස්වී ගීත ගයමින් සුන්දර ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ සොඳුරු සන්ධ්‍යාවක් ගත කෙරුවෙමු. සජ්ජා, මනා හා ජිවන කන්කළු සංගීතයෙන් සබාව පිනවිය. උළෙලේ වියදම් සඳහා මට ප්‍රධාන සහයෝගයක් දුන්නේ ඉයන් ගේ අඩවියේ ඉයන් සහ චන්දිම විසිනි. ඉයන් එහිදී වැඩි බරක් දැරුවා පමණක් නොව සාදයේ බර පැන සඳහාද සහයක් දුනි.



අප්‍රේල් 18 වනදා විදානේ, සබරේ ඇනෝ (සි ජේ විදාන පතිරණ) ඇතුළු බ්ලොග් කරුවන් සමුහයක් විසින් රත්නපුරේ ගොඩකවෙල උඩරංවල විදුහලට පොටෝකොපි මැෂිමක් අලුත්වැඩියා කර දී තිබේ. අපි දෙදෙනා (ඉයන් හා මම) එදා සාදයට වෙන් කල මුදලින් ඉතිරිය වූ රුපියල් 15000 ක මුදල , මැෂිමේ අලුත්වැඩියාවේ ඉතිරි මුදල් පියවීමට වෙන් කෙරුවෙමු.
එසේම රත්නපුරේ විදුහලකට වයර් ඇද විදුලිය ලබාදීමේ දී හිඟ මුදලක්ද තිබේ. ඉයන් එයටද දායක වන අතර අවශ්‍ය නම් අපෙන් බජට් ඉල්ලන මහතුන්ටද ද ඉතිරි හිඟ මුදල පියවීම සඳහා දායක විය හැකිය. එසේම මේ විදුහල් දෙකෙහිම විවෘත කිරීමේ උත්සව පැවැත්වෙන අතර එහිදී ළමුන්ට ත්‍යාග වශයෙන් අභ්‍යාස පොත් දීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් අගේය. එසේම පැහැදිලි කල යුත්තේ මේ උළෙලට ගිය වියදම් හා ලැබුන මුල්‍ය ආධාර ගැන විස්තර දන්නේ ලංකානිව්ස්වෙබ් නියෝජ්‍ය කර්තෘ උපුල් නිශාන්ත බවයි. එහි වගකීම ඇත්තේ ඔහුට පමණි. මා එයට ඇඟිලි ගැසුවේ නැත. එසේම වෙනත් කිසිදු රටකට සම්බන්ධ කිසිම ආයතනයකින් කිසිදු මුදලක් ලැබී නැති බව පමණක් දනිමි. ඉදිරියේදී බ්ලොග් කරුවන් විසින් නෙළුම් යාය සඳහා ගිණුමක් ආරම්භ කරන්නේ නම් වඩා හොඳ බව සිතමි.


අවසාන වශයෙන් මෙම කොළඹ ගමයා ගේ වෙබ් අඩවිය නිර්දේශ පළ කිරීම සඳහා සහ උළෙල සංවිධානය කිරීම සඳහා භාවිතා කරන ලද්දේ මා නෙළුම් යාය සංස්කාරක ලෙස කටයුතු කරන බැවිනි. දෙවැනි උළෙල සාර්ථක ලෙස පැවැත්වීමට බ්ලොග් කරුවන් සමග පවතින සම්බන්ධය සහ ඔවුන් දක්වන අදහස් වැදගත් නිසා කොළඹ ගමයා ගේ බ්ලොග් අඩවිය භාවිතා කලෙමි. මෙය ප්‍රශනයක් ඇති කරවන්නේ "නෙලුම් යාය ඔබේ නොවේය " වශයෙන් කිසියම් චෝදනාවක්ද එල්ල වීම නිසාවෙනි. ඇත්ත වශයෙන්ම නෙලුම් යාය මා සංස්කරණය කරන වෙබ් අඩවියකි. එයත් "කොළඹ ගමයා " බ්ලොග් අඩවියත් අතර සම්බන්ධය ඇත්තේ එතන පමණය. දෙවන සම්මාන උලෙළ සඳහා කොළඹ ගමයා වෙබ් අඩවිය මෙන්ම, මාතලන් ගේ, සුමිත් කලනසිරිගේ, බස්සිගේ, දේශකයාගේ, යාන් හෑල්ලේ , කුරුටු ගෑ ගී පවුර අඩවියේ සහ වෙනත් බ්ලොග් අඩවි වල සහය ලැබිණි. මේ නිසා කොළඹ ගමයා බ්ලොග් අඩවියද එවැනි සහයක් පමණක් ඉදිරියේදී දක්වනු ඇත.

මවිසින් විශේෂයෙන් මතක් කිරීමක් නොකළ මුත් සහභාගී වූ හා ආධාර කර සියල්ලන්ටම ස්තුතියි.

එසේම මේ විස්තර ඉඅවසිමෙන් කියවූ ඔබ සැමට ස්තූතියි. ඊළඟ අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙලට ක්‍රියාකාරී ලෙස සහය දක්වන ලෙසට හා එක්වන ලෙසට ඉල්ලීමක් කරමු.

76 comments:

  1. මෙය සත්‍ය නම් ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මෙය සත්‍යද අසත්‍යද යන් ගැන මට ඇත්තටම ඔප්පු කිරීමේ අවශ්‍යතයවක් නැත. සමහර විට මේ ලිපිවල සඳහන් පත්‍ර වර්ගය සමග සාකච්චා කිරීමෙන් දැන ගත හැකිය. ස්තුතියි.

      Delete
  2. පොස්ට් හතරම එක හුස්මට් කියෙව්වා.
    බොහොම ප්‍රශංසා කරනවා මේ වගේ උවමනාවෙන්ම කට්ටක් හොයාගෙන ඒ කට්ට කාගෙන මේ වගේ වැඩක් සාර්ථකව කිරීම සම්බන්ධයෙන්.
    මේ වගේ වැඩක තියෙන සංවිධාන කිරීමේ බර මම බොහොම හොඳින් දන්නවා.
    චෝදනා කරන යට චෝදනා කර කර ඉන්න කියන්න. ඔබේ වැඩේ ඔබ ඔහොම්මම කරගෙන යන්න.අපිත් ඉන්නවා ඕනෑම වෙලාවක සපෝර්ට් එකට.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභීෂණ. මම හිතන්නේ ඉදිරියට බ්ලොග් කරුවන් කණ්ඩායමක් වැඩේ කරගෙන යයි කියලයි. අවුරුදු උත්සවේකුත් එනවා නේද?

      Delete
  3. අර wattpad කතාව නම් අද තමයි දන ගත්තේ. ට්‍රයි කරලා බලන්න්න ඕන..
    එකටත් බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. අලුත්ම ට්‍රෙන්ඩ් එක. මම තවම පටන් ගත්තේ නැහැ. මගේ දුව නම් කෙටි කතා කීපයක්ම දාල තියනවා.

      Delete
  4. නෙළුම්යාය හොඳ ස්ථාවරයකට පැමිණ තිබෙන බව මේ ලිපි පෙළෙන් පැහැදිළි වුනා. දැන් මෙය අපි ඔක්කොම බඩ බැඳගෙන ඉටු කලයුතු වගකීමක්/යුතුකමක්/සේවයක්/ බව පෙනෙනවා. මා හිතන්නේ මෙතැන් සිට බොහොමයක් බ්ලොග්කරුවන් නෙලුම්යායේ සුවඳ විඳගනු ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක මහතා . නව යෝජනා ආදිය ක්‍රියාත්මක වෙද්දී ඔබේ අදහස් වැදගත් වේවි. ඔබටත් ඉදිරිපත් වෙන්න පුළුවන් නේද?

      Delete
  5. වැරදි කියන්න ගොඩක් අය ඉදි එත් වැඩ කරන්න ඉන්නේ ටික දෙනයි ඒ නිසා ඒවා ගන්න ගන්න එපා
    සහයෝගය දුන්නු හැම කෙනෙකුටම ඉස්තුති මොකද මම බ්ලොග් වලට ආදරය කරන එකෙක් නිසා

    ReplyDelete
    Replies
    1. වැරදි හදාගෙන ඉදිරියට යන්න පුළුවන් කණ්ඩායමක් හැදෙන බව පේනවා.

      Delete
  6. හැකි විදිහට ඊලඟ නෙලුම් යායට උදව් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අහසෙන් එන්න.

      Delete
  7. ගරුතර තැන්පත් කොළඹ ගමයා මැතිතුමාගෙන් අවසර,

    මෙම බ්ලොග් සම්මාන උළෙල ගැන මගේ මතය සමපාත වෙන්නේ රාජ්ගේ බ්ලොග් අඩවිය ලියන මයුර රාජ් මහතාගේ අදහස් සමගයි.

    සයිබර් ස්පේස් එකේ පවතින හාදකම් එතනින් එහාට යෑම ගැටළු ඇතිකරවනවා.

    කොළඹ ගමයා මහත්මයා උගත්, බුද්ධිමත්, රට රාජ්ජ වල ඇවිදලා තියෙන සැබෑ මහත්මයෙක් නිසා ගැටළු ඇති නොවුනා විය හැකියි.

    එනමුත් ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල ස්තුතිය මෙයින් දක්වා සිටීමට කැමැත්තෙමු.

    කෙසේවෙතත් මෙවැනි උත්සව පැවැත්වීමෙන් බ්ලොග් කලාවට වන සේවය ගැන මෙහි පැමිණ සිටින මහතුන්ගේ නිර්ව්‍යාජ අදහස් දැනගැනීමට අප කැමැත්තෙන් සිටිනා බවක් ලිවීමට අදහස් කළෙමු.

    මෙහි අදහස් දක්වා ඇති නාලක ගුණවර්ධන නමැති මහතා ගැන නම් පැහැදීමක් අපහට නැත. ඉදිරි කටයුතු සදහා ඒ මහතාව සම්බන්ධ කර නොගන්නේ නම් අප සතුටුය.

    ReplyDelete
    Replies
    1. අපේ මුල් සම්මාන උළෙලේදී නිහතමානීව ඒ සඳහා ඉදිරිපත් වුයේ ඒ මහතාය. වෙනත් වාමාංශික මෙන්ම ස්වාධින මහතුන් හා මත්මින්ට ආරාධනා කලද බ්ලොග් ගැන ඔවුන්ගේ මතයක් තිබුනේ නැති තරම් හෝ බ්ලොග් යනු රස්තියාදුකාරයන් එක්වන තැනක් ලෙස වැටහීමක් තිබු ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කළහ. නාලකට බ්ලොග් වල වැදගත්කම ඒ දිනවලම තේරිණි. තවත් එක් අන්තර්ජාල පුරවැසි මාධ්‍යයක් මෙන්ම ප්‍රබල එකක් බවද ඒ මහතා වටහාගෙන සිටියේය. එසේම ඔහු පුරෝගාමී බ්ලොග් ලියන්නෙකි. ජනසන් සනිවේදන මාධ්‍ය ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. ඔහුගේ වරදක් මට නම් නොපෙනේ.

      Delete
    2. දැන් පවත්වන්නට යන බ්ලොග් අවුරුදු උළෙලේ "ස යිබර් ස්පේස් එකේ පවතින හාදකම් එතනින් එහාට යෑම" සිදු වන්නේ නැත්ද? ෆේස්බුක් යහළුවන් එකතු වීමේදී එය වෙන්නේ නැත්ද?

      Delete
  8. අජිත්, මෙම සම්මාන උළෙල ගැන "සත්හඬ" පුවත්පතේ පළවූ ලිපියේ මෙන්ම මේ සටහනේද Lanka news web නමැති සංවිධානයක් ගැන සඳහන් වේ. මූලික වියදම් වලදී, සම්මාන නිර්මාණය කිරීමේදී පමණක් නොව දෙහිවල පැවැති සාදයේදීද ඔවුන් අනුග්‍රහය දැක්වූ බව සඳහන් ය..
    මේ කණඩායම නෙළුම් යායට සම්බන්ධ වන ආකාරය දැන ගන්නට කැමැත්තෙමි. මෙය ආරම්භ කළේ ඔබ හා Lanka news web එක්ව බවද එක් තැනක සඳහන් වුණි.
    එසේ නම් මුලදී ඒ ගැන ප්‍රසිද්ධ නොකළේ ඇයි? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් මැනවි.

    ReplyDelete
    Replies
    1. නොකී කතා මේ ගැන අප බොහෝ තැන් වල සටහන් කර තිබේ. සමහර විට ඔබ නෙලුම් යාය ට එලෙම්බෙන්නේ මේ අවුරුද්දේ නිසා මේ ප්‍රශ්නය පැන නගින්නට ඇත. මේ ගැන මුලදීම කියා ඇත.
      http://kolambagamaya.blogspot.co.uk/2015/03/blog-post_30.html
      http://kolambagamaya.blogspot.co.uk/2015/04/blog-post_3.html
      ගියවර nelumyaya.com වෙබ් අඩවිය පිහිටෙව්වේ ලංකානිව්ස්වෙබ් එකෙන් අයින් කරලා ගෙනි යන්න. නමුත් ලංකානිව්ස්වෙබ් එකේ මේ බ්ලොග් කියවල සහය දුන් පාඨකයන්ට කරන අසාධාරනයක් මුළුමනින්ම අහක් කලොත්. ඒ නිසා ඒ සම්බන්ධය දිගටම ගෙනියන්න ඕනේ. නමුත් මගේ කොළඹ ගමයා අඩවිය නම් මිට පස්සේ යොදා ගන්නේ නැහැ. අනිත් බ්ලොග් හා එකමුතුව කරන ප්‍රචරණයකදී යොදා ගන්නවා ඇරෙන්න.

      Delete
  9. සුන්දර මතක පෙළක් තමා අජිත් අයියා. අපි ඒ වෙලාවේ අපිට හැකි සහයෝගයක් දුන්නා. ඉදිරියටත් හැකි සෑම සහයෝගයක් ම දෙනවා. අපිට අවශ්‍ය බ්ලොග් කෙරුවාවට හොද අනාගතයක් හැදීම පමණයි.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අජිත් අයියා. මේ වැඩකට බින්දුවකවත් සහයක් නොදී ප්‍රශ්ණ කරන අයට උත්තර දෙන්න හෝ ඔවුන්ගේ කතාවලට අනුව වැඩ කරන්න හෝ යෑම හොද දෙයක් නෙමෙයි. ඔවුන් අවශ්‍ය අපිව සීමා කිරීමටම තමා. ඒ නිසා ඒවා පැත්තකින් තබා අපි අපේ ගමන යායුතු බවයි අපිනං විශ්වාසකරන්නේ. නැත්තං වෙන්නේ අපි ඔවුන්ව තෘප්ත කරකර සිටීමක් පමණයි. මේ දෙවැනි අවුරුද්ද. අපි දෙවැනි අවුරුද්දෙදි අතිශය සාර්ථකයි. දැන් අපි තුන්වැනි අවුරුද්දට ලෑස්ති වෙනවා. ඊළගට ඉදිරි අවුරුදු වලට ලෑස්ති වෙනවා. අඩුපාඩු හදාගන්නවා සහ හොද ක්‍රමවේදයන් ගොඩනගා ගන්නවා. එහෙම නැතුව දෙවැනි අවුරුද්දේ සම්මාන නොලැබුණ හෝ හිතේ අමාරු හැදුණ අයගේ ගැටලු වලට උත්තර බැද බැද ඉන්නවා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා නැගෙන ප්‍රශං වලට පිළිතුරු දිය යුතුයි කියල. කොහොමත් ආයේ ලියන්නේ නැහැ. ස්තූතියි.

      Delete
    2. ප්‍රශ්න වලට.

      Delete
  10. එව බලව යැයි අවුලක් නොමැතිව පෙන්විය හැකි ආකාරයෙන් මේ කර්තව්‍යය ඔබ කර ඇති බව පෙනේ.

    මගේ ප්‍රනාමය!

    ReplyDelete
  11. සිංහල බ්ලොග් ගැන පශ්චාත් උපාධියක් කරන කතාවක් මීට අවුරුදු හයකටත් ඉස්සර ලියවෙලා තියෙනවා මං දැකලා තියෙනවා!

    මේ පහත ලිපියේ ප/ලි කොටස කියවන්න.
    http://kathandara.blogspot.com/2010/01/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. ලියලා තියෙන කෙනාව රසික අඳුනනවාද?
      සමහරවිට කාලෙකට කලින් දැකපු කෙනෙක් වෙන්න ඇති නේද>?
      :) :) :P :D

      Delete
    2. කන්නාඩියෙන් දැකපු කෙනෙක් වෙන්න ඇති!

      Delete
    3. ඔයාම ලියපු එකක්. මේ විධිහට ගියොත් කවුරු හරි කරයි.

      Delete
  12. සියල්ල 'කට්ට කාගෙන' කළ සහ විස්තර ඉදිරිපත් කළ ඔබටත් ස්තූතියි.මීලඟ නෙළුම් යාය තව තවත් ජවයකින් ඉදිරිපත් කරමු.මේ දිනවල සිදුවන අදහස් දැක්වීම් එයට මනා පිටුවහලක් වේවි.ඉතා සතුටුදායක ලෙස පැරණි බ්ලොග් සක්‍රීය වීමක් දකින්න ලැබෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳයි. ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන පොඩි කතාවක් ඇති වෙනවා නම් හොඳයි.

      Delete
  13. කොළඹ ගමයා කියන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චක්‍ ගෝලයෙක්. ගමයාට පඩිපත ලැබෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්.

    ලජ්ජා නැද්ද අන්ත දක්ෂනාංශික ධනපති අගමැතිවරයෙක්ට කඩේ යන්න?

    ReplyDelete
    Replies
    1. මා රැකියා කරන පරිගණක මෘදුකාංග ආයතනයෙහි හිමිකාරිත්වය ඇත්තේ රනිල් වික්‍රමසිංහට බව දන්නේ අදය. ඔත්තුව දුන්නාට ස්තුතියි. නැහැ මට කිසි ලැජ්ජාවක් නැත. හේතුව ඔබ ගේ හිතේ තියෙන දේවල් ගැන මට ලැජ්ජාවක් ඇති වීමට හේතුවක් නැත. කුමාර් ගුණරත්නම් මහතා ගෝඨාබය රාජපක්ෂ මහතාට කඩේ යන්නට ශ්‍රී ලංකාවට ආ බවද දැනගන්නට ලැබුණි.

      Delete
    2. අජිත්ගේ බ්ලොග් මිතුරකු මෙන්ම, පෞද්ගලික මිතුරකුද වන මම මේ පෞද්ගලිකව අජිත්ට කරන මඩ ගැසීම ගැන කනගාටුවෙමි. මට නෙලුම්යාය හෝ අන් ආයතනයකට සම්බන්ද්යක් නැති මුත්, අජිත් පෞද්ගලිකවම බ්ලොග්ස් වෙනුවෙන් කරන කැපකිරීම මම දැක ඇත්තෙමි. අජිත්ට පඩිපත හම්බවෙන ලන්ඩනයෙ ඔහුගේ සේවාස්ථානයට නම් මම වරක් ගොඩවී ඇත්තෙමි. නෙලුම් බැරිනම් හබරල යායක් දාගත්තාත් මට නම් කමක් නැත. නමුත් පෞද්ගලික මිතුරකුසේ අජිත් වෙනුවෙන් පෙනී සිටීම මගේ යුතුකමයි. එසේ පෙනී සිටින්නේ නෙලුම් හිටවන්න හදන කාලේ පටන් මා දන්නා නිසාය. Aru.

      Delete
    3. ඔන්න අරූ අදහසක් දුන්න මට. හබරල යාය කියන්නේ නියම නමක්නේ. පටන්ගමුද අඩවියක්. ඕන විවේචනයක් ඕන දෙයක් නිර්නාමිකව ලියන්න ඔට්ටුයි. මොකද කියන්නේ. මොනවා කරන්නද අරූ? තමන්ට තේරුන් ගන්න බැරි කෙනෙක් ව මොකක් හරි පැත්තකට දාන එක ලංකාවේ සමහර අයගේ ජාතික සිරිතක් නේ.

      Delete
    4. හබරල? මට නම් කියාපු ගාලක්. පොඩි කාලේ එහෙම හබරල යායක අයිතියක් තිබ්බ 'පෝසතෙක්' මමත්!

      මමත් ආසයි හබරල ගාලක් දානවා නම්... හෙහ් හෙහ්

      Delete
    5. උපේක්ෂා :) හබරල ගාලේ හැංගිලා ඉඳගෙන ඩ්රෝන් ගරිල්ලා ප්‍රහාර දෙන්න පුළුවන්.

      Delete
  14. ගමන සුබයි අජිත් අයියා.

    First they ignore you, then they laugh at you, then they fight you, then you win.
    -mahatma_gandhi-

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ගාන්ධි තුමාගේ වදන ටත් ස්තූතියි. හැම තහනම් ඔහොම තමා. දිනන්න නම් දෙයක් නැහැ මෙතන. එකතු වෙනවා මිසක්. ඒකත් අමාරුයි දේශපාලනය නිසා.

      Delete
  15. ලිපි මාලාව මුල සිට අග දක්වාම කියවීමි. ඕනෑම කෙනෙකුට 'එව බලව' කියා නිර්භයව පවසන්නට හැකි තරමේ විනිවිදභාවයකින් යුතුව මේ උත්සවය සංවිධානය කිරීමම ප්‍රශංසනීයයි.

    බජට් ඉල්ලපු නෝනාවරුන්ගේ මහත්තුරුන්ගේත් උදව්වෙන් අපිට නෙළුම් යාය සමාජ සත්කාර තවත් ඉදිරියට ගෙනියන්නට පුළුවන් වේවි වගේ නේද? ;)

    මගේ ආචාරය! ලබන අවුරුද්දේ සම්මාන උළෙල වෙනුවෙන් හැකි උපරිම සහයෝගය දක්වන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි. ඕව මන් ආරාධනාවක් කල එන්න උදව් වෙන්න කියල ඒ නෝනාවරු මහත්වරුන්ට.

      Delete
  16. //රත්නපුරේ ගොඩකවෙල උඩරංවල විදුහලට පොටෝකොපි මැෂිමක් අලුත්වැඩියා කර දී තිබේ//
    ඕං බලන්නකෝ ඉතිං.. අපි දන්නෙවත් නෑ නෙ... දන්නවනම් පොඩි හරි සප් එකක් දෙන්න තිබුණා. මේ වගේ තියෙන ඉවෙන්ට් ගැන දැන ගන්න ක්‍රමයක් හැදුවොත් හොඳයි නේද? නෙලුම් යාය සයිට් එකේ හරි...

    ReplyDelete
    Replies
    1. හා ඔය මහත්මයා රත්නපුරේ එගොඩවෙල ද ක්කොහෙද කීව නේද. මම විදානේට කියන්නම්. ඔයාගේ මේල් ඇඩ්රස් එකක් තමා නැත්තේ.

      Delete
    2. එගොඩවෙල නෙවී අෆ්ෆා ගොඩකවෙල!
      rohandhananjaya@gmail.com මේං මේල් ඇඩ්‍රස් එක...

      Delete
  17. විනිවිදභාවය ගැන ප්‍රශ්ණ කරන අයට දෙන්න හොඳම මාතෙගෙ "හා මචං" උත්තරේ. ඒ අයට උත්තර බැඳීම ඔවුන් කරන්නට උත්සාහ කරන කඩාකප්පල් ක්‍රියාවට ඉණිමං බැඳීමක්.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවට විරුද්ධ වෙන වෛද්‍ය සිසුන් සහ වෛද්‍යවරුන් ගේ මුඛ්‍ය පරමාර්ථයක්ලුනෙ සමාජයට නුසුදුසු වෛද්‍යවරුන් බිහිවීම වැලැක්වීම. එම විරුද්ධතාවයේ ඇත්තම හේතුව නොදන්න පොඩි එකෙක් වත් ඉන්නවද දන්න නැහැනෙ. ඒවගේ මේවගේ දේවලදී 'විනිවිද භාවය' හොයන්නේ මෙවැනි දේවලින් වෙන හොඳ දේවල් වලට අකමැති කුහකයන් පමණයි. ඒ ඔවුන්ගේ නිර්මාණශීලී කම නොමැතිකම නිසා ජයග්‍රහණය කිරීමට නොහැකිකම හෝ ඔවුන්ට බ්ලොග්කරුවන් වෙනුවෙන් හෝ බ්ලොග් ප්‍රවර්ධනයට යමක් කිරීමට ඇති නොහැකියාව නිසා.

    ඔබ මේ දේවල් ගැන සංවේදී වෙනවා වැඩියි. මොවුන් එය තේරුම් ගෙන එය යොදාගෙන ඔබව අධෛර්‍ය කිරීමට කරන කඩාකප්පල්කාරී උත්සාහයක් පමණක් වන බව ඔවුන් සහ අනික් හැමෝමත් දන්නවා.

    ReplyDelete
    Replies
    1. මුදලට බලය ඉබේම ලබෙන වලුනේ හා හොඳයි ඉයන් මාමේ

      Delete
    2. වෛද්‍ය විද්‍යාල ගැන මගේ අදහස් ලියල ලිපි පෙළක් ළඟදීම ලියනවා. සාකච්චාවක් ඇති වෙනවා නම් හොඳයි.

      Delete
  18. මේ කටයුත්ත පිටුපස මොන තරම් ශ්‍රමයක්, කැපකිරීමක් තියෙනවද කියල හරිම පැහැදිලියි. ලබන සැරේ වැඩේට මීට වඩා උදව්වක් දෙන්න උත්සාහ කරන්නම්. ස්තුතියි අජිත් අයියා, කළණෙ, ඉයන්, ඉවාන් ඇතුළු ඒ හැමදෙනාටම.

    බ්ලොග් කියවන්න කාලය ලැබෙන්නෙ අඩුවෙන් නිසා නිර්දේශ කිරීම්වලට සාධාරණයක් ඉෂ්ට කරන්න අමාරු වේවි. ඒ වැඩේ බාරනොගත්තෙ ඒ නිසා. නමුත් මගේ ඇහැ ගැටෙන මට දැනෙන ලිපි ගැන දැනුවත් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මේ සැරේ උදව්ව ඉතාම අගය කරනවා. ඒ නාට්‍යය මම ඇත්තටම රස වින්ද. ඒ දෙදෙනාගේ රඟපෑමත් විශිෂ්ටයි.

      Delete
  19. ලිපි හතරම කියවූවා. මෙවන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් නොමැතිවත් ඔබතුමන් ඇතුළු බ්ලොග් සම්මාන උළෙලට උරදුන් හැම දෙනාගේම කැපවීමත් මෙහෙවරත් අප හොඳින්ම අත්වින්දා, එලෙසම එය මහත් සේ අගය කරනවා. අප මතුපිටින් දුටුවාටත් වඩා දැඩි වෙහෙසක් ඔබ දරා ඇති බව මෙම ලිපි මගින් දැනගත්තා. එම අත්දැකීම් පිළිබඳව සියලු දෙනා මෙලෙසින් දැනුවත් කිරීම පිළිබඳව ඔබට තුති. දිගු ගමනකට නෙළුම් යායට මගේ සුබ පැතුම්. හැකි පමණින් ඉදිරි කටයුතු වලට සහයෝගය දීමට මමත් බලාපොරොත්තු වෙනවා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයට පැමිණියාටත් කොමෙන්ට් එකතු කිරීම ගැනත් ස්තූතියි. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔබේ බ්ලොගයත් සින්ඩියට එකතු කරන්නම්.

      Delete
    2. දෙයියෝ සාක්කි රවිය යන්නේ නැති තැනක් නැහැනේ.
      http://garlandoftales.blogspot.co.uk/search/label/Ravi

      Delete
  20. ලංකාවේ කරපුව කියෝ කියෝ ගියේ නැත්තම් මිනිස්සු පයිසෙකට මායිම් කරන්නේ නැහැ කියන්නේ ඇත්ත නේද අජිත්?? ඒකරලත් තවත් මොනවහරි නොකිව්වොත් තමයි පුදුමේ.. හෙහ් හෙහ්...

    ReplyDelete
  21. බජට් ඉල්ලපු නෝනාවරුන්ගේ මහත්තුරුන්ගේත් උදව්වෙන් අපිට නෙළුම් යාය සමාජ සත්කාර තවත් ඉදිරියට ගෙනියන්නට පුළුවන් වේවි වගේ නේද? ;

    පිලි ගන්න හරි නොගන්න හරි ඇයි ඔය බජට් එකක් පලකරන්න බැරි ඇයි කියලා හුම් හුම් ගාන්නිට හොයාගන්න බැරී පාටයි LEN වෙබ් අඩවිය ඕකට වියදම් කරන්න හේතුව අපැහැදිලියි

    ඔවුන් ගේ වෙබ් අඩවියට ජනප්‍රිය පුවත් හිඟවූ කල බ්ලොග් ලියන්නන්ගේ ලිපි [ කැමැත්ත ඇතිව හෝ නැතිව මුදලට හෝ පිනට ] එමලිපි පලකරවාගෙන ජනප්‍රිය කරවා ගැනීමටද පෙනේන ආකාරයට ඔවුන්ගේ වෙබ් අඩවියේ වෙළද ප්‍රචාරක කටයුතු දැන්වීම් පළවේ හිතෙන හැටියට එම දැන්වීම් නොමිලයේ පලකරනු නොලැබේ.
    එය කුමන හෝ NGO ආධාර ගත්තාට අපට කරන්න දෙයකුත් නැත ඔවුන් ලියන දේ කියවලා වෙනදේ බලාගෙන ඉන්නවා හැරෙන්න

    මුලදී වින්ශ්වය මණ්ඩලය කිසිම නිසාවත් නම් පලකරනු නොලැබේ කියා කියනලදි
    එලෙසම බජට් කතන්දරේ ගැනත් නම් ගම පලකරනු නොලැබේ කියා කියන ලදී
    නමුත් දැන් එසේ වී නොමැත

    කියන පරිදි ධර්මේ ඉයන් සහ නඩය ශ්‍රමය සහ තම මුදල් නොමිලයේ සතුට සඳහා වැයකරයි

    ලංකා E නිවුස් වලට වඩා ලංකා නිවුස් වෙබ් අඩවිය ඉදිරියෙන් එ ගැන අවුලක් නැත


    ReplyDelete
    Replies
    1. // LEN වෙබ් අඩවිය ඕකට වියදම් කරන්න හේතුව // ඔය නොකී කතා ගේ කොමෙන්ට් එකට පිළිතුරු ලෙස පලවූ මුල් සම්මාන උළෙලේ ලිපි කියවා බලන්න.
      නෙළුම් යාය මුලින් අංශයක් වශයෙන් තිබ්බේ ලංකානිව්ස්වෙබ් එකේය.
      //ඔවුන් ගේ වෙබ් අඩවියට ජනප්‍රිය පුවත් හිඟවූ කල බ්ලොග් ලියන්නන්ගේ ලිපි [ කැමැත්ත ඇතිව හෝ නැතිව මුදලට හෝ පිනට ] එමලිපි පලකරවාගෙන ජනප්‍රිය කරවා ගැනීමටද පෙනේන ආකාරයට // කිසිම බ්ලොග් කරුවෙකුගේ ලිපි කැමැත්ත නැතිව පල කරන්නේ නැත. බ්ලොග් ලිපි පලවූ පසු ලින්කුව දමන්නේ කැමති නම් ඇවිත් අස් කරගන්නට කීමට අවකාශය සලසා දීමටය.
      මා දන්නා විධිහට නොයකුත් කලා කරුවන්ගේ හා දේශපාලන පක්ෂවල දැන්වීම් වලට ලංකානිව්ස්වෙබ් මුදල් අය කරන්නේ නැත.
      බ්ලොග් පල කිරමේ අදහස වුනේ වැඩිපුර බ්ලොග් කියවන්න පිරිසක් ඇති කිරීමටයි.
      විනිශ්චය මණ්ඩලයේ නම් පල නොකළේ එසේ කිරීමට ඔවුන් අකමැති වූ නිසාය. ඉන්පසු පල කලේ ඔවුන්ගෙන් කැමැත්ත රැගෙනය.
      මගේ ශ්‍රමය මා යොදන්නේ නොමිලේය. මට එය එපාවූ දවසට මම එය නවත්වමි.
      ඉයන් මුදල් දුන්නේ ඇයිදැයි ඔහුගෙන්ම ඇසිය යුතුය. මට හිතෙන්නේ හිත හොඳ කමට බවය. ඔහු වෙනුවෙන් කිසිවක් කරන්නට කියා හෝ සම්මානයක් දෙන්න කියාවත් ඉල්ලා නැත. ම ඔහුව නිර්දේශද නොකෙලෙමි.
      LNW එකට NGO ආධාර ලැබේදැයි නොදනිමි.
      තමන්ගේ මුදලින් ලංකානිව්ස්වෙබ් කරන ඒවා කියන්නද? නොදන්නවානම් දැන ගත යුතුදේ. ප්රෙමකිර්තිද අල්විස් ගේ සැඟවී තිබු කවි පොතක් ලෙස නෙළුම් යාය මගින් මුද්‍රණය කලේ ලංකානිව්ස්වෙබ් මුදල් වලිනි. එසේම තමලිනිගේ ජිවිත කතාව සිංහලට මුද්‍රණය වන්නේද ඔවුන්ගේ මුදලිනි. (නෙළුම් යාය ප්‍රකාශනයකි) දෙමල ඩයස්පෝරාව මේ පොතට විරුධ්ධ්‍ය. මරණාසන්නව සිටියදී "සිංහලයන් මෙතරම් කරුණාවන්ත යයි" තමලිනි කියූ කතාව එම පොතේ පල කර ඇති හෙයිනි. ඕවා වල බජට් දීමට මට අවශ්‍යතාවයක් නැත. LNW එකට අවශ්‍ය නම් ඔවුන් කරනු ඇත.

      Delete
    2. මම නං හිතන්නෙ දේශපාලන න්‍යායපත්‍ර වලට වැඩ කරන වෙබ්මුදලාලිලාගේ සම්බන්ධය හානි කරයි. සම්මාන වල වටිනාකම එන්නෙ ඔය මුදලාලිලයි, NGO නඩයි නොගෑවුණ තරමටයි.

      Delete
    3. නොකී කතා NGO නාදය කවුද කියා පැහැදිලි කරනවාද?
      //දේශපාලන න්‍යායපත්‍ර වලට වැඩ කරන වෙබ්මුදලාලිලාගේ සම්බන්ධය හානි කරයි// මේක කිව්වේ චන්දිම විතානආරච්චිට නම් මම කියන්නම් එයාට ඇවිත් උත්තරයක් දෙන්න කියල. කොටිනම් ඔයාට තේරුනාද එහෙම නැත්නම් කියවලා තේරුනේ නැතුව වගේ ඉන්නවා ද කියල මට හිතා ගණන් බහ. ඔය නෙළුම් යාය කොලම තිබ්බේ හා තවමත් තියෙන්නේ ලංකානිව්ස්වෙබ් එකේ. ඔතනින් අහක් කරගන්න පුළුවන් හැබැයි එයලානේ ගෙවන්නේ වෙබ් හොස්ටින් හෙම. එතකොට මොකද කරන්නේ? මන් හිතන්නේ සම්මාන ගත්ත ගොඩක් අයට ඕක ප්‍රශ්නයක් නැහැ.

      Delete
    4. ///මන් හිතන්නේ සම්මාන ගත්ත ගොඩක් අයට ඕක ප්‍රශ්නයක් නැහැ.///

      අපේ අයට නිකම් නොමිලයේ ලැබෙනවා නම් මොනවද නොගන්නේ වෙබ් මුදලාලිලා ගේ පටන් ගැනුම මගනැගුම වාර්තමානය අධ්‍යනයෙන් යන්නේ කොහෙද කියලා සිතා ගන්න සාත්තර සුමනෙලාගේ පිහිට අවශ්‍ය නැහැ

      Delete
  22. මහන්සි වූ හමොටම ස්තුතියි.

    ReplyDelete
  23. එල ඇති රූකටනේ අජිත් අයියා ගල් වදින්නේ. ඒ නිසා මේ ගැන එල්ල වෙන සමහර විවෙචන ගැන ඒ තරම් වද විය යුතු නැහැ.
    බ්ලොග් ලියන,කියන බහුතරයක් දෙනා මේ වැඩේට සහය දෙනවානේ. අඩුපාඩු තියේනම් එව්වා හදාගෙන ඉස්සරහට මේ වැඩේ තවත් ලස්සනට හොඳට කරන එකයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සංවාදයක් හැටියට පිළිතුරු දීමකි. ඔබගේ අදහසට එකඟයි. ස්තුතියි.

      Delete
  24. පෝස්ටු හතරම එක හුස්මට!
    උඹේ මහන්සිය ගැන ගියවතාවෙ කාපු කට්ට ගැන කිව්වම අමුතුවෙන් මොකුත් හිතන්න ඕනවුනේ නෑ. කොහොම උනත් අමාරුවෙන් හම්බකරගත්ත/හොයාගත්ත සල්ලිවලින් මේ වගේ කැහිල්ලට විතරක් මේවගේ වැඩක් කරද්දි අතන කාපු කට්ට ගැන නං රාජ්‍ය සේවකයෙක් විදියට මටත් පොඩි ලැජ්ජාවක් තියනව.

    ඊලඟ වතාවෙ පුළුවන් නං ඔය හෝල්-ස්ටේජ් මගුල් නැතුව මුහුදු වෙරලක හරි ග්‍රව්න්ඩ් එකක හරි ඔය වැඩේ කරන්න බැරිද? ඇත්තටම බ්ලොග් ලියන අපි ප්‍රධාන ධාරාවේ හැම දෙයකටම වඩා වෙනස් පිරිසක් වෙච්ච එකේ මේකත් එහෙම උනත් මොකද? (පෞද්ගලිකව මම නං කැමතියි මට ලැබෙන සම්මානයක් අපේ එකෙක් අතින්ම ගන්න)

    ReplyDelete
    Replies
    1. මේකත් හොඳ අදහසක්. බ්ලොග් ලියන මාතලන්, හෙන්රි වර්ණකුලසුරිය හා නාලක අතින් මෙවර සමහර ත්‍යාග ලැබුන. විහාරමහාදේවි එළිමහන් රංග පීඨය ගන්නත් අදහසක් තිබ්බ.

      Delete
    2. මම නං හිතන්නෙ දේශපාලුවන් අතින් සම්මාන දෙන එකයි ගන්න එකයි හරිම හිරිකිතයි. බ්ලොග්කරුවන් අතින් වගේම තෝරා ගත් කලාකරුවන්, සාහිත්‍යධරයන්, පුවත්පත්කලාවේදීන් අතින් සම්මාන දෙන්න පුළුවනි නම් සම්මාන වල වටිනාකම වැඩි වේවි.

      Delete
    3. වැඩේ කියන්නේ ඔය කියන කට්ටිය අතරෙත් බොහොම හිරිකිත් කට්ටිය ඉන්නවා. අපි කරු පරණවිතානට කටත් කලේ ඇයි කියන එකට මම පිළිතුරක් දීලා තිබෙනවා. කරු ජයසූරියට ගිය සැරේ කතා කලේ "තොරතුරු දැන ගැනීමේ පනත නිසා" මේ සැරේ මන් හිතන්නේ කාගෙවත් විරුධ්ධත්වයක් තිබුනේ නැහැ. මේවා හැමෝගෙන්ම (සංවිධාන ලිස්ට් එක) අහලා කලේ. අනික ඔය කියන කලාකරුවන්, සාහිත්‍යධරයන්, පුවත්පත්කලාවේදීන්දේශපනයන් කරන හෝ සම්බන්ධ අයනේ. මොකක්ද වෙනස

      Delete
  25. ලිපි හතරම කියෙව්ව කීවොත් පට්ට බොරුවක්. මේ දවස් වල මම පේන්නත්නැති එකේ එාහම කියන්න පුලුවන් කමකුත් නෑ. පීසී කට්ට කැඩිල ෆෝන් එකෙන් මේක ලියන්නෙත්..
    සුරේඛා වගේ කෙනෙක්ටකතා කරන්න කලිං දන්න කියන කෙනෙක් ගෙං ඇහුව නං අජිත් ඒ ගමන නොයන්නත් ඉඩ තිබ්බ. එයාට තියෙන්නෙ පොරත්වය පිළිබඳ ප්‍රශ්නයක්. හෙවත් අනික් අයතමන් පරදා ඉිදිරියට යාම ගැන පොඩි පහේ හීනමානයක්.
    බස්සිගෙ පොත කරපු වෙලෙත් මාර පොර ටෝක්ස් ටිකක් දීල තිබ්බ.
    ඒවගේ අය ගෙන් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ...

    සියල්ල සාර්ථක විදියට තිබ්බ. හොඳටම තිබ්බ කියල කියනව ඇර. මේ කරන දේවල් අගය කරනව ඇර විවේචනය කරන්න අපිට ඇති අයිතියක් නෑ. මං එහෙම කීවෙ මේකට සහභාගී වෙන්න ත් පුලුවන් වුනේ අන්තිම මොහොතෙ වගේ හිංද..

    සියල්ල හොඳින් තිබ්බ. වීදුරු මාළිගාවල් වල ඉදං ගල් ගහන අය ගැන වද නොවිය යුතු බවයි මගෙ අදහස

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. කොමෙන්ට් වලට උත්තර දෙනවා සාධාරණ නම් ප්‍රශ්නය.

      Delete
  26. තුන් වැන්නට මග බලමින්....

    ReplyDelete
    Replies
    1. හප්පේ තවම මහන්සියි. අර අටමට වත් කියන්න. මේ දවස්වල හෝ ගාල වැඩ කරන්නේ අටමා විතරයි.

      Delete
    2. ඕකට කියල කුණු හම්බ අහගන්ඩ වෙන්නෙ....අජිත් අයියම වචනෙ දැම්මනන් හරි...

      Delete
  27. ජය වේවා!!!
    .අරක දෙන්නෙ පාසල් ප්ටන්ගත්තම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මොකක්ද ?

      Delete
  28. බ්ලොග් 1000 ලියා “මන් පොරවූ “ නැමැත්තා ලෝකල් රොබින් හුඩ් එක්ක එකතුව හෝ නැතිව ලබා දුන් මුදල් වලින් ද මුදල් ත්‍යාගය ලබාදුන්නේද නැතිනම් LNW මගින් ලබාදුන් මුදල් වලින්ද එම මුදල් ත්‍යාග ලබාදුන්නේ - FCID

    ReplyDelete
    Replies
    1. විමල් විරවංශ ගෙන් ඇහුවොත් කියයි? FCID මේ දවස් වල මෝරු අත හැරල බච්චි ගැන හොයන නිසා ඕවගේ දේවලුත් හොයයි තමයි.

      Delete
    2. විමල් විරවංශ ගෙන් ඇහුවොත් කියයි?.....මෙයත් මරා පාලනයේ සබ්එකවුන්ට් එකට දමා ගොඩ යන්නට සැරසෙනවා නේද අනේ හොඳා ...

      Delete
  29. නෙලුම් යායේ රඟකරුවෝ දේශපාලක /වෙබ් මුදලාලිලා ගැන ඔච්චර විස්පොසේ වෙන්නේ මොකද...... ස්වාදීනව තමන් ඉදිරියට ගියානම් රැන්ගුමේදී ඕන කස්තිරමක් අල්ලන එක අවුලක් වෙන්නේ නැහැනේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .