අටවන කොටස
මා පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි ෆ්රියෝෆ් කැප්‍රා විද්‍යාඥයෙකි. ඔහු භෞතික විද්‍යාව ආදිය ඉගෙන පසුව එය පෙරදිග දර්ශනයන් හා සමග සංසන්දනය කරන්නට ගියේ ඇයිද යන්න මෙහිදී විමැසීම වටී. එයට ප්‍රථම පොරොන්දු වූ පරිදි දැරියගේ කතාව කියමි.
එසේම මා කලින් පැවසූ පරිදි මීඩියම් ලා පවසන්නේ මියගිය දරුවන් බොහෝවිට සිටින්නේ තමන්ගේම මියගිය ඥාතියා සමග බවය. නමුත් මේ ගැහැණු ළමයා සිටියේ මියගිය බෝම්බකරු සමගය.
ඇය මියගොස් ඇත්තේ බෝම්බයක් පිපිරෙද්දීය. ඒ මේ බෝම්බකරු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ දවසේද යන්න පැහැදිලි නැත. ඇය මිය ගිය මොහොත ඇයට හොඳින් මතකය. ඇය පෙන්නුම් කරන්නේ ඇය මිය නොගොස් සිටින විට දෙදෙනෙකු ඇය මිය ගොස් ඇතැයි සිතා උදව් නොකළ බවය. එනම් රෝහලට රැගෙන නොගිය බවය. එසේ කළේ ටුක් ටුක් රියදුරන් බවද කියයි. (ටුක් ටුක් රියදුරන් යනු ත්‍රි වීල් රැකියා කරන්නන්ය) ඉන්පසු ඇය දුටුවේ තමන්ගේ ශරීරයේ පහල කොටස නැති බවය. ඇගේ මව ඉන්පසු ඈ ළඟම වැතිර සිටියාය. මව මියගොස් තිබුනද නැත්ද යන්න අපැහැදිලිය. මව මිය ගියා නම් ඇය මව ළඟ නොසිට මියගිය බෝම්බකරු සමග සිටින්නේ ඇයි යන ප්‍රශ්නය මතුවේ.
එසේම ඇගේ හා මවගේ ඇඳුම් මුස්ලිම් ඇඳුම් හෝ ඉන්දීය ඇඳුම් වලට සමානය. (කුර්තාව වැනි දේ). එක්කෝ ඔවුන් මුස්ලිම් විය යුතුය. නැත්නම් බෝම්බය පිපිරී ඇත්තේ මිශ්‍ර ජනකායක් වෙසෙන පෙදෙසක විය යුතුය.
ඊළඟට තවත් අනාවැකියක් තිබෙන අතර එයද 2008 සමයේ එකකි. ඡායාරුපය බලන්න.
මා පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි ෆ්රියෝෆ් කැප්‍රා විද්‍යාඥයෙකි. ඔහු භෞතික විද්‍යාව ආදිය ඉගෙන පසුව එය පෙරදිග දර්ශනයන් හා සමග සංසන්දනය කරන්නට ගියේ ඇයිද යන්න මෙහිදී විමැසීම වටී. එයට ප්‍රථම පොරොන්දු වූ පරිදි දැරියගේ කතාව කියමි.
එසේම මා කලින් පැවසූ පරිදි මීඩියම් ලා පවසන්නේ මියගිය දරුවන් බොහෝවිට සිටින්නේ තමන්ගේම මියගිය ඥාතියා සමග බවය. නමුත් මේ ගැහැණු ළමයා සිටියේ මියගිය බෝම්බකරු සමගය.
ඇය මියගොස් ඇත්තේ බෝම්බයක් පිපිරෙද්දීය. ඒ මේ බෝම්බකරු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ දවසේද යන්න පැහැදිලි නැත. ඇය මිය ගිය මොහොත ඇයට හොඳින් මතකය. ඇය පෙන්නුම් කරන්නේ ඇය මිය නොගොස් සිටින විට දෙදෙනෙකු ඇය මිය ගොස් ඇතැයි සිතා උදව් නොකළ බවය. එනම් රෝහලට රැගෙන නොගිය බවය. එසේ කළේ ටුක් ටුක් රියදුරන් බවද කියයි. (ටුක් ටුක් රියදුරන් යනු ත්‍රි වීල් රැකියා කරන්නන්ය) ඉන්පසු ඇය දුටුවේ තමන්ගේ ශරීරයේ පහල කොටස නැති බවය. ඇගේ මව ඉන්පසු ඈ ළඟම වැතිර සිටියාය. මව මියගොස් තිබුනද නැත්ද යන්න අපැහැදිලිය. මව මිය ගියා නම් ඇය මව ළඟ නොසිට මියගිය බෝම්බකරු සමග සිටින්නේ ඇයි යන ප්‍රශ්නය මතුවේ.
එසේම ඇගේ හා මවගේ ඇඳුම් මුස්ලිම් ඇඳුම් හෝ ඉන්දීය ඇඳුම් වලට සමානය. (කුර්තාව වැනි දේ). එක්කෝ ඔවුන් මුස්ලිම් විය යුතුය. නැත්නම් බෝම්බය පිපිරී ඇත්තේ මිශ්‍ර ජනකායක් වෙසෙන පෙදෙසක විය යුතුය.
ඊළඟට තවත් අනාවැකියක් තිබෙන අතර එයද 2008 සමයේ එකකි. ඡායාරුපය බලන්න.
වසර 2008 දී මෙම අනාවැකියද කිහිප දෙනෙකුට යැව්වෙමි. ඒ වාර්තාවක් තබා ගැනීම සඳහාය. එහි සඳහන් වන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන දරුණු ප්‍රහාරයක් මගින් සමුලඝාතනයක් කරන බවකි. මෙය සිදුවනු ඇතැයි පෙන්නුම් කරන්නේ වසර හතරකට පසුව බවය. එනම් 2012 දීය. එසේ සිදුවූයේ නැත. අනාවැකිය කිවූ තැනැත්තා හෙළිදරව් වීමට අකැමැති හෙයින් මේලයේ සඳහන්ව ඇත්තේ මේ මගේ අනාවැකියක් ලෙසටය. මෙහිදී වසර හතර හැටියට සිතන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගූ වෙලේ පිළිතුර වුයේ 12 වැනි සංඛ්‍යාවක් පෙන්වන බැවින් 2012 වන බවට නිගමනය කළ බවයි. ඒ 2008 සිට වසර හතරකට පසුය. (මට දැන් සිතෙන්නේ 2008+12 - 2020 ද විය හැකි බවයි. ඊ නම් 2020 වනතුරු බලා සිටිය යුතුය.)
මෙහිදී ඩෙරෙන් බ්‍රව්න් "අනාවැකි " කියන ආකාරය සිහිපත් කළහොත් පෙනීයන කරුණ නම් ඔහු නොදැනුවත්වම ප්‍රේක්ෂකයන්ගේ යටි සිතට කිසියම් සංඥාවන් ලබා දෙමින් පසුව ඒ ගැන අනාවැකි කියන බවයි. උදාහරණයක් වශයෙන් ඔහු කතාවක් කරද්දී ඇඟට පතට නොදැනී අඟහරු ලෝකය ගැන කිව්වා කියන්න. හත් අට වතාවක් එසේ කී පසු අසන්නන්ගේ සිතේ එය රැඳේ. පැයකට පමණ පසු ප්‍රේක්ෂකයන් අතරින් තෝරාගත් කෙනෙකුට චිත්‍රයක් අඳින්නට කිවහොත් ඒ තැනැත්තා අඟහරු ලෝකය ඇඳීමේ සම්භාවිතාව 70-80% පමණ වේ. අහක බලාගෙන සිට ඔහු ඇන්දේ අඟහරු ලෝකය වැන්නක් යයි කීමට ඩෙරෙන්ට හැකිය.
ඒ දිනවල ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද ප්‍රවෘත්ති ජාල වල වැඩි වශයෙන් කතා කෙරුනේ සිය දිවි නසා ගන්නා බෝම්බකරුවන් ගැනය. ඉරාකයේ බොහෝ දරුවන් එවැනි බෝම්බ ප්‍රහාර වලින් මිය ගියහ. ඊශ්‍රායලය කොහොමත් නිතරම වගේ පලස්තීනුවන්ට පහර දෙති. එනිසා ඉහත අනාවැකි, මළවුන්ට කතා කිරීම දෙකම එවැනි යටිහිතේ ස්ථානගතව තිබුණු ප්‍රවෘත්තියකින් මවා ගත්තක් විය හැකිය. කියන තැනැත්තාට සමහර විට ඒ ගැන අවංකවමඅවබෝධයක් නොතිබුනා විය හැකිය.
සිහින සහ සිතේ ක්‍රියාකාරීත්වය ගැන සෙවීමේදී කාර්ල් යුන්ග් ගේ පොතක් (Memories, dreams, reflections by C J Jung) හසු විය. මේ පොතින් ඉහත අනාවැකි පැහැදිලි කර ගැනීමට යමක් ලැබුනේ නැත. පොත දැනට මා ළඟ නැති නිසා එහි ඇති දේ ගැන වැඩිදුර සඳහන් කිරීමට නොහැකි වුවත් මට මතක විධිහට යුන්ග් ගේ අවිඥානක මනස පිලිබඳ නියම (theory of unconscious ) හෝ අහම (ego) හා අවිඥානය අතර සම්බන්ධයත් මේ මිඩියම් වරුන් මළවුන් හා ජිවත්වන වුන් අතර සම්බන්ධයක් සොයා ගැන්මට මට අපහසු විය. (සමහර විට සම්පුර්යෙණන්ම ඉගෙනීමට අවශ්‍යතාවයක්?)
ථෙරවාද බෞද්ධයන් මළවුන් සබඳ කර ගැනීමට නොහැකි යයි විශ්වාස කරනවා නම් මට්ටකුණ්ඩලි ගේ කතාව විශ්වාස කරන්නේ ඇයි? මට්ටකුණ්ඩලි සොහොනේ හඬන තමන්ගේ පියා වෙත පැමිණියේය. තමන්ගේ පහසුව සඳහා ජාතක කථා ලියු තැනැත්තා මට්ටකුණ්ඩලි දෙවියෙකු කළා විය හැකිය. දෙවියකු ඇද ගැනීමෙන් කිසියම් සම්ප්‍රදායික අනුමත භාවයක් සාමාන්‍ය ජනයාගෙන් ලබා ගත හැකිය. මට්ටකුණ්ඩලි තම මසුරු පියාට සත්‍යය පැහැදිලි කලේ ඉර හඬ ඉල්ලා හඬන දරුවෙකු ලෙස පැමිණීමෙනි. ඉන් පසුව තමන් මට්ටකුණ්ඩලි දිව්‍යපුත්‍රයා(?) ලෙස පෙන්වීමෙනි. මෙතැනදී මැරුණු මට්ටකුණ්ඩලි නැවත පැමිණුනේ කෙසේද? ගෞතම බුදුන් වහන්සේ ඉන්පසු අදින්නපුබ්බකට බණ කීමේදී මට්ටකුණ්ඩලි ව නැවත ගෙන්වයි. ඔහු දෙවියෙකු වුණායි අප විශ්වාස කළ යුතුද? බුදුන් වහන්සේ මළවුන්ට කතා කිරීමක් කළා විය නොහැකිද?
මේ නිසා මම නැවත බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි දෙසට හැරුනෙමි. (ගුණසිංහ මහතා ඇසූ ප්‍රශ්නයට මගේ මිතුරා එවූ පිළිතුර වුයේ ආනන්ද සල්ගාදු නමැති මහතෙකු විසින් යුටියුබ් එකට උඩුගත (upload) කර ඇති ඒ හිමිගේ දේශනා වලින් 1 සිට 17 දක්වා වන ඒවා වල ඔහු සොයන තොරතුරු අඩංගු බවය) . ඒ හිමි මහායාන දහම ගැන මෙන්ම විශ්වය ගැනද හදාළේ ඇයි?
ලවුලන් ඇතුළු මිඩියම්වරු බොහෝවිට භාවනා කිරීම හා එළඹ සිටි සිහියෙන් සිටීම ගැන බොහෝ විට කතා කළහ. එසේම මැවුම්කාර දෙවියෙකු වෙනුවට ලවුලන් විශ්ව කරන්නේ මහා විඥානයක් (super consciousness) ගැනය. අප සැම මේ මහා විඥානයේ කොටස් කරුවන්ය. අප ගේ විඥානයන් එනම් යටිහිත් සියල්ල එකට බැඳී පවතී. (unconscious mind with conscious mind ). එසේම භාවනා කිරීම ගැන ඔවුන්ගේ ඇත්තේ පෙරදිග ඇදහීම් වලට සමාන මතයකි. එළඹ සිටි සිහියෙන් සිටීම (හා සම්මා සතිය ) වැදගත් බව ඔවුහු සිතති. මමත් භාවනා කිරීම ගැන අදහසට එකඟ වුනෙමි. සිහිය සැමවිටම තබා ගැනීමේ වැදගත් කම ගැනද එකඟ වුනෙමි. ආචාර්ය තින් ගේ ලිවින්ග් මෙඩිටේෂන් (භාවනාවේ ජීවත්වීම ) වැනි පොත් ද යැව්වෙමි. එක්හර්ට් ටොල් ගේ පොතක්ද ඩිව් විසින් එව්වා මතකය. (The Power of Now ). ඒවායේ කතා කරන්නේ අවදියෙන් සිටීම , හිත නිරවුල්ව තබා ගැනීම ආදිය ගැනය.
මම සාමාන්‍යයෙන් වාහනය පදවා ගෙන යද්දී පවා නොයෙක් දේවල් සිතන්නට පුරුදු වී තිබෙන අයෙක්මි. ඊළඟ බ්ලොග් ලිපිය ගැන, නැත්නම් යන කිසියම් සංවාදයක මගේ පිළිතුර කුමක් විය යුතුද යන්න ගැන, ගීතයක අදහස කුමක්ද යන්න මේ අතරින් සමහරකි. "එළඹ සිටි සිහිය" යන්න බොහොම අඩුය. පාර දන්නේ නම් අපි මොන හිතුවිල්ලක හිටියත් කාරය "පැදවෙන " බව නොරහසකි. ඒ මොළයට ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති නිසාය. නමුත් ලවුලන් වැනි අයගේ මේ එළඹ සිටි සිහිය හෝ සම්මා සතිය ඉතා වැඩිය. එනිසාම ඔවුන්ගේ නිරීක්ෂණ ශක්තියද වැඩිය. මේ ලඟදි පවා ඇය ෆේස්බුක් හි තම අසල්වැසියන් නිවසින් එළියට පැමිණි පසු කරන දේ ගැන ඉතාමත් රසවත් (ඕපාදුප) ලිව්වාය.
එසේම ඔවුන් තමන් ඉදිරියෙන් යන වාහනයේ ලියාපදිංචි අංකය කියවා එයට නොයෙක් තේරුම් දෙති. ඒ හා ජේ අකුර සමග දිනය උපන් දිනයට සම වේනම් තමන්ට මළවුන්ගෙන් ලැබුණු පණිවුඩයක් යයි සිතති. මෙය දැනගත් පසු මා කළේ දරුවන් සමග වාහනයේ දීර්ඝ ගමන් ද රසවත් කර ගැනීමය. ඒ ඉදිරියෙන් යන කාරයේ ලියාපදිංචි අංකයේ අකුරු වලට තේරුම් දීමට තරඟ කිරීමෙනි.
එසේම රේඩියෝවක, ගීතයක හදිසියේ ඇතිවන ශබ්ද (interference ), කාර් රේඩියෝවක ශබ්ද වලින් මළවුන්ගේ කතා ඇසෙන බව ඔවුහු පවසති. මෙයට කියන්නේ ඉලෙක්ට්‍රොනික ලෙස ප්‍රාදුර්භූතවන හඬවල් electronic voice phenomena (EVP) කියාය. මට මේ ගැන එතරම් විශ්වාසයක් නැති වුවත් මේ හඬපට බොහොමයක් අසා තිබේ.
යුටියුබ් එකේ මෙවැනි හඬපට බොහෝ දැකිය හැකිය.
ඉහත අදහස් අනුව සිත වෙනත් සිතුවිලි වලින් වියුක්තව අවදියෙන් තබා ගැනීමට හැකිදැයි විමසා බැලුවෙමි. මෙහිදී මා වෙනත් දිනවල නිරීක්ෂණය නොකරන දේ පෙනී යන බව වැටහුණි. සමහර විට යන අතරමග මාර්ගයේ ඇති වෙළඳසලක්, අමුතු නිවසක්, අමුතු පාරක නමක් වශයෙනි. උමං දුම්රියේ හෝ බසයක් යද්දී මිනිසුන්ගේ හැසිරීම් වඩා හොඳින් නිරීක්ෂණය වුනි. ඇත්තෙන්ම මගේ කාර්යාලයේ අයෙක් හැම සිකුරාදාවකම බර්ගර් එකක් කන බවත් ඔහු සඳුදාට කන්නේ සලාදයක් පමණක් බවට මට අනාවැකි කිව හැකි බවත් වැටහුණි.
පින්තූරය නිව් සයන්ටිස්ට් සඟරාවෙන් |
නිව් සයන්ටිස්ට් සඟරාවේ 2014 පලවූ මිනිස් මොළය පිලිබඳ ලිපියක් මගේ යහළුවන්ට යැව්වෙමි. (මේ බොහෝ කලට පසු බව මතක තබා ගන්න) එහි ඇත්තේ අප "අවදියෙන් සිටීම " ඔන් ඕෆ්ෆ් කල හැකි ස්විච් එකක් - අවදියෙන් සිටිනවාද නැත්ද යන්න තීරණය කරන්නක් මිනිස් මොළයේ ක්ලඋස්ට්‍රම් නමැති පෙදෙසේ තිබෙන බවට ඉඟියකි.
මේ අවදියෙන් සිටීම හා නිරීක්ෂණය කිරීම ඇසුරෙන් තමන් අවට සිටින අය ගැන බොහෝ දේ කිව හැකිය. අසන පොදු ප්‍රශ්න කිහිපයක් හා පිළිතුරු කිහිපයකුත් සිහියට ගෙන දෙතුන් සියක් සිටින තැන්වල මෙවැනි "මළවුන් ගෙන්වීම් " කිරීම ඉතා පහසුය. එනිසා ඒවා බැහැර කර දැමුවෙමි. බැහැර කිරීමට තවමත් අපහසු වුයේ ලවුලෙන් ගේ කියැවීම්ය.
~ මතු සම්බන්ධයි.
"Within ghost hunting and parapsychology, electronic voice phenomena (EVP) are sounds found on electronic recordings that are interpreted as spirit voices that have been either unintentionally recorded or intentionally requested and recorded." - ගූගල්
පරීක්ෂණයක්: https://www.youtube.com/watch?v=9zaRb_g8adY