"නන්දන වීරරත්න සහෝදරයා මගේ "සියාමා" කෘතිය ජනගත කළ අවස්ථාවේ කරන ලද දේශනයෙන් කොටසකි. ප්‍රවීන මාධ්‍යවේදී නන්දන වීරරත්න ප්‍රබල වාර්තා චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහු බීබීසී සංදේශය වැඩ සටහනේ වසර ගනනාවක් සේවය කළේය. "
පිටුවහළේ ඉන්න ලාංකිකයෝ ලංකාව ගැන උනන්දුවෙන්නේ ඕනේ නැහැ කියල ප්‍රකාශයක් යනවා. මම ඕකට විරුද්ධව කතා කරලා තියනවා . අජිත් එක්ක හෙම වගේම වෙන අය එක්ක අපි එකතු වෙලා වාද කරනවා ලන්ඩන් ගිය වෙලාවට. අපි කණ්ඩායමක් ඉන්නවා මේවා ගැන සංවාද කරන.
කොහොමත් මම කැමැතියි අජිත් අන්තවාදය ගැන මෙහෙම පොතක් ලියුවට. අන්තවාදය ගැන එයාට කියන්න පුළුවන් අත්දැකීමක් අපට දැනෙන අත්දැකීමක් ගැන මෙහෙම අපට ඉදිරිපත් කරපු එක ගැන මගේ ස්තූතිය අජිත්ට හිමියි. ලංකාවේ හුඟක් වෙලාවට මේ වගේ දේවල් විෂය කර ගන්නේ නැහැ ලියන්න. අඩුම ගානේ ජනප්‍රිය නවකතාවකවත් ලියන්න පාදක කර ගන්නේ නැහැ. ඒවා දේශපාලන වැඩට අරවට මේවට පාවිච්චි කරනවා මිසක්. ලංකාවේ මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ.
මට ඒ පොතේ කතාව කියවන කොටම මතක් වුනේ ගෝනවල සුනිල්. ගෝනවල සුනිල් ගැන අජිත් දන්නවා ඇති.බියගම ආසනයේ හිටපු ප්‍රසිද්ධ බරපතල ඡන්ද දායකයෙක්. ගෝනවල සුනිල්ව හිර ගෙදරට නියම වුනා තරුණියක් දුෂණය කිරීම පිළිබඳව. ගෝනවල සුනිල්ට සමාව දුන්න එකතරා කාලෙකට පස්සේ. ජනාධිපති සමාව. ඒ මේ අපරාධය කළාට පස්සේ. අජිත් ගේ පොතේ එක කෑල්ලක් තියනවා ඒ වගේම. ඒ සමාවට නීති ක්ෂේත්‍රයේ කියන්නේ "සුනිල් සමාව" කියල. අපේම ජනාධිපති කෙනෙක් ස්ත්‍රී දූෂකයෙකුට, ඒ වගේ අපරාධ කරුවෙකුට සමාව දීම. ඔය ප්‍රතිපත්තිය පටන් ගත්තේ එතැනින්. මේක අන්තවාදයේ කෑල්ලක්. ලංකාවේ පුද්ගලික දෙයක් වගේ පෙනුනට, එක ස්ත්‍රී දුෂණයක් වුනාට . බංගලා දේශය වගේ රටවල මුස්ලිම් අන්තවාදීන් ගේ කතාවක් විතරක් නෙමේ.මම කියන්නේ. මේ ලංකාවේ වෙච්ච දෙයක්. මේකේ තිබ්බ අයුක්තිසහගත භාවය අපේ ඔළුවේ දීර්ඝ කාලයක් තිබුන.
ජේ ආර් විශ්‍රාම ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ එකඟ වුනා සම්මුඛ සාකච්චාවක් දෙන්න. නෙල්සන් එස් පෙරේරා කියල අපි සමග වැඩ කරපු කෙනෙක් තමා යන්නේ මේ සම්මුඛ සාකච්ඡාවට. අපි කට්ටිය එකතුවෙලා ජේ ආර් ගෙන් අහන්න ප්‍රශ්න හරි ගස්සනවා දැන්. කට්ටිය එකඟ වුනා එක ප්‍රශ්නයකට
"ඇයි තමුන්නාන්සේ ගෝනවල සුනිල්ට සමාව දුන්නේ".
අපි හිතුවා දැන් නෙල්සන් ගිහිල්ල මේ කරපු වැඩේ ගැන ජේ ආර් ගෙන් පසු තැවෙන උත්තරයක් අරගෙන එයි කියල. නෙල්සන් සාකච්ඡාව ඉවර කරලා ඇවිත් ඉන්නවා.
ඇහුවා මොකද වුනේ කියල. නෙල්සන් කියනවා
"නෑ ඉතින් සම්මුඛ සාකච්ඡාව හොඳට ගියා. වරදක් නැහැ."
"කතා කරලා මොකද කිව්වේ ගෝනවල සුනිල්ට සමාව දීපු එක ගැන"
නෙල්සන් කියනවා,
"මම ඉතින් ඇහුව ජේ ආර් ගෙන්
"ඇයි තමුන්නාසේ ගෝනවල සුනිල්ට සමාව දුන්නේ "
එතකොට ජේ ආර් අහනවා "මොකක් ගැනද ඔයා කියන්නේ"
"අසුවල් අවුරුද්දේ ස්ත්‍රී දූෂණයක් කරපු මිනීමරුවෙකුට ඔබතුමා සමාව දීල තියනවා"
එවෙලේ ජේ ආර් අහනව,
"ඉතින් මොකක් ද ප්‍රශ්නේ? දැන් එයාට මොනවාද වුනේ? මට බලය තිබුනද එයාට සමාව දෙන්න?"
"ඔව් විධායක ජනාධිපති හැටියට ඔබ තුමාට පුළුවන් සමාව දෙන්න"
"ආ එහෙනම් මම ඉතින් වැරැද්දක් කරලා නැහැනේ"
මේක තමයි හම්බ වෙච්ච උත්තරේ ගෝනවල සුනිල්ට සමාවක් දීම ගැන ජේ ආර් ජයවර්ධන ගෙන්මේ. වගේ කතා ඕන තරම් වෙනවා. මේක බංගලා දේශයේ වුනාට මේක අපේ අත්දැකීමක්. අපි ගාව මේක තියනවා.ඇති තරමින් තියෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ මේ කතාවට අජිත් වෙන රටක් අදාල කර ගන්නවා, මේක ඇතුලේ අපිට මේ කතාව කියන්න වෙන්නේ නැහැ. ඒක හොරකම් කරනවා ඉරිදා පත්තරේකට පාතාලේ වාර්තාවක් විධිහට එලියට දාන්න . එහෙම නැත්නම් වෙනත් විධිහේ කතාවක් හැටියට විකුනනවා. ඒ ඇරෙන්නට ඒ අපරාධ සම්බන්ධයෙන්, ඒවා නතර කිරීමට ක්‍රමයක් හැටියට, ඒවාට විරුද්ධව සංවාදයක් හැදිලා , ඒකට විරුද්ධ ක්‍රියා මාර්ගයක් හැටියට එන්නේ නැහැ. මෙන්න මේක උඩ තමයි මම කියන්නේ අන්තවාදයේ මුලික ගැටලුව තියෙන්නේ. මම මාතෘකාව හැටියට ගත්තේ "අන්තවාදයේ පැවැත්ම මොකක්ද කියන්න අපේ වගේ සමාජයක් ඇතුලත".
මම විශ්වාස කරනවා අන්තවාදය කියන එක එන්නෙම මිනිස්සුන්ට මේක ඇතුලෙ තියන ක්‍රමයත් එක්ක විරෝධය කියල. පවතින සමාජයත් එක්ක ඒකෙ පැවැත්මත් එක්ක තියෙන විරෝධයත් එක්ක තමා අන්තවාදය එලියට එන්නේ කියල.
මොකද විශේෂයෙන්ම අපි අවුරුදු 400කට කිට්ටු කාලයක් යුරෝපයේ යටත්විජිතයක් හැටියට හිටියේ . අපට භාර ගත්තත් නොගත්තත් අපට ආගම් භාර ගන්න සිද්ධ වුනා, සංස්කෘතීන් භාර ගන්න සිද්ධ වුණා, ආහාර වාසගම් නොයෙක් දේ භාර ගත්ත පෘතුගීසින් ගේ සිට ඉංග්‍රීසින් දක්වා සියලුම අයගෙන්. ඒ එන දේශපාලන යටත් විජිත වාදය වගේම සංස්කෘතික යටත්විජිත වාදයත් භාර ගන්න අකැමති මිනිස්සු ඉන්න පුළුවන්. බින් ලාඩන් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ එන යුරෝපීය හෝ සෝවියට් සංස්කෘතික දේශපාලන මතවාදයට යටත් විජිත වාදයට දේශපාලන මතයට අකමැති මිනිස්සු දක්වන විරෝධය අන්තවාදයක් වශයෙන් එළියට එනවා. මේක හරිද වැරදිද කියන එක නෙමෙයි මම කියන්නේ.
මම විශ්වාස කරනවා අන්තවාදයක ට පැවැත්මක් එන්නේ ඒකට විරුද්ධ මිනිස්සු ඒකට ගන්න ක්‍රියාමාර්ගය මත කියල. ඒකත් එක්ක ගනුදෙනු කරන ආකාරය මත තමයි අන්තවාදය පරාජය කරන්න පුළුවන් වෙන්නේ . අන්තවාදය අඩු කර ගන්න පුළුවන් පොදු සමාජයකට. අපි ඒ ගොල්ලන්ගේ අවුල කියන්නේ නැත්නම්, ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න කියන්නේ නැත්නම් ඒ ගොල්ලන්ට වෙන වැරැද්ද අසාධාරණය කියන්නේ නැත්නම් අර මනුස්සය හුදෙකලා මිනිහෙක් බවට පත් වෙනවා. මිනිහට සිද්ධ වෙනවා මිනිහ දන්නා ඔය පොදු සමාජය විරුද්ධව වැඩ කරන්න.
මම සැහෙන කාලයක් යුධ වාර්තාකාරයෙක් හැටියට LTTE ප්‍රදේශයන් වල සාමකාමී විධිහට ගනුදෙනු කරපු කෙනෙක්.
මම දැකපු දෙයක් තමා ඒ ගොල්ලන්ගේ ප්‍රාදේශීය උසාවි වල කුල නාමය කිවොත් දඩ ගහනවා. කුල කීවොත් දඬුවම් කරනවා . මට තේරුණා ඒ ගොල්ලන් අන්තවාදයට යන්න කුලය සාධකයක් වෙන්න ඇති කියල. LTTE ඇතුලේ දෙමළ සටන්කාමී ව්‍යාපාරය ඇතුලේ ඒ ගොල්ලන්ට යාපනේ ප්‍රභූ පන්තියෙන් ආපු විරෝධය හා පීඩනය ඒ ගොල්ලෝ අනිත් පැත්තෙන් පාවිච්චි කරන්න ඇති කියල.
ප්‍රසිද්ධ කතාවක් තියනවා.
එක දවසක් LTTE එකේ අවි ගත් තරුණයෙකුට යාපනේ කුලවතෙක් එයාගේ කුල නාමය අමතල කතා කරනවා. පළමුවෙනිවතාවට කීවම අර අවිගත්ත තරුණයා අපහු හැරිලා බණින්න යනවා කුලවතාට. කුලවතා ගහනවා අර තරුණයාගේ කම්මුලට. තරුණයා කුලවතාට වෙඩි තියල මරල දානවා.
මේ වගේ ඕනෑතරම් අපට හම්බවෙනවා සිද්ධීන්. අන්තවාදීන් සන්නද්ධ වීම තුලින්. බලන්න පහුගිය අවුරුදු 60-70 තුල අලංකාවේ මිනි මැරුම් අපරාධ , යුද්ධ තොගය කොපමණද කියල. විශේෂයෙන්ම දේශපාලන අපරාධ තොගය. ඉතින් මේවා ගත්තම මම පුද්ගලිකව විශ්වාස කරන්නේ අන්තවාදය වෙන්නේ සමහරවිට අන්තවාදීන් ට ඒ දේ දරන්න බැරි නිසා.
නන්දනගේ දේශනය මෙතැනින්.
මේ වීඩියෝ ලින්ක් එක ලැබුනේ අද, නන්දන කියන දෙයට පසු වදනක් මේ තරුණයාගේ කතාවේ තියනවා.
https://www.facebook.com/ashaindika/videos/10213634213037469/?t=21
නන්දන |