Friday 4 April 2014

මාක්ස් ගේ ප්‍රාග්ධනය හා රාජ්‍ය ධනවාදය - (අංක 4)

මාක්ස් ගේ ප්‍රාග්ධනය ගැන ලියන්න හිතුන කාරණා  කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි රාජ්‍ය ධනවාදය පිලිබඳ අදහස. මේක මම ලඟදි වෙන බ්ලොග් එකක් (අරුණි ශපීරෝ ගේ ) කියවල ඒ වෙනුවට රාජ්‍ය ධනවාදය පිලිබඳ අදහස ඉදිරිපත් කරමින් දුන්න  උත්තරයට ලැබුනේ අපහාසාත්මක වදන් වැලක්. අපි "සෝවියට් දේශය කඩා වැටුනට පස්සේ ඒකටත් ධනවාදයටම  දෝෂාරෝපණය කරනවා  කියල". ඒවා නිකන් හරියට හිතන්නේ නැතුව කියන කතා. මොකද රාජ්‍ය ධනවාදය කියන අදහස මට මුලින්ම නැගුනේ දේශපාලන ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න මුල් හරියදීම. මාක්ස් කිව විදියේ සුරා  කෑම තිබෙනවානම්, ලාභාංශය හොයනවනම් ඒ ලාභය රජය හා පක්ෂය මිනිසුන්ගේ කැමැත්තට පිටින් රාජ්‍ය යන්ත්‍රය  ශක්තිමත් වීම හා පක්ෂය ශක්තිමත් වීම කරා  යනවනම් එතන රාජ්‍ය ධනවාදයක් නැත්ද කියන ප්‍රශ්නය මගේ හිතට නැගුන දෙයක්.
මාක්ස් කිවේ කොමියුනිස්ට් සමාජය ගොඩ නැගෙන විට රාජ්‍යය අහෝසිවී යමක් ගැන නේ. නමුත් රුසියාවේ උනේ ඒකෙ  අනිත් පැත්ත .
 අපි 80 අවසාන දශකයේ  එහෙ ඉන්දැද්දී කොමියුනිස්ට් වාදය උගන්නපු ගුරුවරු පවා හිතුවේ ආර්ථිකය නිදහස් කර රාජ්‍ය බලය පවත්වා ගත යුතුයි කියල. එක ටිකක්  වර්තමාන චීන ක්‍රමයට සමානයි. නමුත් ආර්ථිකය විවුර්ත කරන්නේ නිදහස් ආර්ථික මොඩලයට (වෙළඳ කලාප වගේ) නෙමෙයි. නිෂ්පාදන ක්‍රමයන් හා කර්මාන්ත ශාලා පක්ෂයේ හා රජයෙ අයිතීන් මුදවා කම්කරු සෝවියට් සභා වලට පැවරීම. එක එහෙම වුනේ නැහැ. ලෙනින්ට ඕනේ විදියට. ස්ටාලින්ට ඕන විදියට නිර්ධන පන්ති ආඥාදායකත්වය එසේම තියාගෙන රාජ්‍යය හැම අස්සක් මුල්ලක් නාරම අතු විහිදුවා ගත්තා . මේක නෙමේ විය යුතුව තිබුනේ. රාජ්‍ය ධනවාදය කියන අදහස ආවේ එහෙම.

අපට විදුලි ඉංජිනේරු විද්‍යාව සඳහා  ප්‍රයෝගික (practical ) වැඩ තිබුනේ අන්තිම අවුරුදු කීපයේ විදුලිබලාගාරවල . නමුත් ඊට කලින් තිබුනේ කම්හල් වල. ඒවල  වැඩ කරපු පුහුණු ශ්‍රමිකයෝ ගොඩක් පැය  අට හරියට වැඩ කලේ නැහැ.  මම ඒ මොකද කියල ඇහැව්වම එක කම්කරුවෙක් දුන්නේ අපුරු උත්තරයක්. එයා  කිව්වේ " මාක්ස් කියල තියෙන්නේ දල වශයෙන් වැඩ කරන පැය  අටෙන් 4යි කම්කරුවට පඩිය වශයෙන් ලැබෙන්නේ. ඉතිරි පැය හතර ලාභය වශයෙන් ධනපතියට යනවා කියල. නමුත් මෙතන ඒ පැය හතරේ ලාභය යන්නේ පක්ෂයේ හොර නඩේට සහ නිලදාරී ටිකට . ඒ නිසා අපි පැය  හතරයි වැඩ කරන්නේ " කියල. මම කිව නමුත් ඔබේ ළමයින්ට ලැබෙන නිදහස් අද්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවාව , ලාභ ප්‍රවාහන පහසුකම අඩිය ලැබෙන්නේ වැඩ කලොත් නේද කියල. එතකොට් අමිනිහ කියපි, ඇයි  මගෙන් බදු කපන්නේ මොකටද කියල. මම වැඩිය වාද  කරන්න ගියේ නැහැ. මටත් කලින් යන එක ලේසි නිසා.

නමුත් මෙතන තිබුනේ ගොඩක් ඔඩු දුවපු ප්‍රශ්නයක්. සෝවියට් දේශයේ අන්තිම කාලේ  ආර්ථික වර්ධනය බින්දුවයි. රට ඔහේ යැවුන විතරයි.  රාජ්‍ය ධනවාදය ඒකෙ  කරන්න පුළුවන් අන්තිම කෙලෙවරට වගේ ඇවිල්ල තිබුනේ.

ඉතින් අපට මාක්ස් නැවත හදාරන්න අවශ්‍ය වෙන්නේ ඒකයි .  ප්‍රග්ධනයේ වැදගත්ම කොටස් ටික අරගෙන , ඊට  විරුද්ධව තියෙන මතවාදත්  සාකච්චා කරලා මොන වගේ සමාජයක්ද එන්න ඕනේ කියන නිගමනයට එන්න පුළුවන්.

ප .ලි
නමුත් මේ රාජ්‍ය ධනවාදය කියන අදහස අරුණි ගේ එකක හැටියට ත්‍රිමාණ වෙබ් අඩවියේ දාල තියෙනවා http://3mana.com/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A/
ඒක  වැරදියි :
මගේ ඒ comment එක තියෙන්නේ මෙතන:
http://arunishapiro.wordpress.com/2014/02/25/%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%AF-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1/#comments

මේක : Dharmakeerthi said, on පෙබරවාරි 28, 2014 at 8:00 පෙ.ව.
සෝවියට් දේශයේ තිබ්බේ රාජ්‍ය ධනවාදයක් අරුණි . අපි කවුරුත් ඒක සමාජවාදයක් හැටියට නම් කරන්නේ නැහැ. lenin ge NEP පිළිවෙත war communism වලින් පස්සේ ගෙනාවෙත් ඒකයි . නමුත් ස්ටාලින් එය නැවත රාජ්‍ය ධනවාදයටම හැරෙව්වා . kapital එක කියවනවානම් Marx රාජ්‍ය ධනවාදයක් පිහිටුවන්න කියල නැහැ. සෝවියට් දේශය ජීවත්වූ හා දැනට නව ලිබෙරල්වාදී රටක ජීවත් වන අයෙක් වශයෙන් මම නව ලිබෙරල් වදයට කැමතියි . නමුත් එයින් රාජ්‍යය අහෝසිවී කොමුනිස්ට්වාදයට යනවට ඊට වඩා කැමතියි. හැබැයි ඔබ කියන පරණ සමාජවාදී ක්‍රමයට නොවේ. මන් හිතනවා නොර්වේ රාජ්‍යය ඉක්මනින්ම කොමියුනිස්ට්වාදයට යයි කියා. – අජිත්
අරුණිගේ පිළිතුර:
arunishapiro said, on පෙබරවාරි 28, 2014 at 4:09 ප.ව.
Ajith Dharmakeerthi,
සමාජවාදය බංකොළොත් වුනාම ඒකටත් මොකක් හරි ධනවාදී ලේබලයක් අලවන හැටි!!!!
ධනවාදය හඳුනා නොගෙන එයට වැරදි ලේබල් ගැහැව්ව මාක්ස් එයාගෙ දාස් කපිතාල් එකේ සමාජවාදී රාජ්‍යයක් හැදෙන හැටි ගැනත් කියා දීලා නැතිකම තමයි ලොකුම අඩුපාඩුව. සෝවියට්ලාට කලින් ඒක පැහැදිලි කරල නැහැයි කියල අවබෝධ කරගත්තේ ඔස්ට්‍රියන්-ජර්මන් අධිරාජ්‍යයයි. අනගි පාරට්ටු බාන අය ඒවා ඉෂ්ට වෙන හැටි නොපෙන්වන එක එදත් එහෙමයි අදත් මෙහෙමයි.
නව ලිබරල්වාදයට රාජ්‍යයක් අහෝසි කරන්න බැහැ. එතකොට කොහොම ද තමන් උපයන්න තමන් කැමති විදියට පරිහරණයට කැමති වෙහෙසෙන්නාගේ මහන්සිය මංකොල්ල කන්නෙ?!!!! තවත් විදියකින් අහන්නම්, උපයන්න අය නැත්නම් බෙදන්නෙ කොහොම ද?
ඔබ බලාගෙන ඉන්න නෝර්වේ රාජ්‍යය ඉක්මණින්ම කොමියුනිස්ට්වාදයට යනකම්. ඒ අතරෙ නෝර්වේ වැසියන් තමන්ගෙ ඉහළ යන ජීවන වියදම ගැනත් 60 ගණන් වල දී හොයාගත්ත තෙල් නිධි වලට වෙළඳපොලේ තරඟයක් නොවේවි ද යන්න ගැනත් (ඇමෙරිකාව ෆ්‍රැකින් පටන් ගත්තම) කල්පනා කරලා ධනවාදය ක්‍රියාවට නංවනවා. එහෙ ව්‍යාපාරිකයන්ට ඇති නිදහස, වෙළඳාමට ඇති නිදහස, පුද්ගලික දේපල අයිතිය ආරක්ෂාව අද ඇමෙරිකාවේ වගේමයි. ඒත් ඔවුන්ගෙ බෙදලා දෙන්න දන්නවා කියන ආණ්ඩුවේ මැදිහත්වීම නිසා ඔවුන් උපයන මුළු ආදායම (gross) සහ ඔවුන් බදු ගෙවූ පසු වියදම් කරන්නට ලැබෙන ආදායම (disposable income) දෙකම ඇමෙරිකාවේ වැසියෙක්ට වඩා අඩුයි. බටහිර නොවන සංක්‍රමණිකයා නිසා නෝර්වේ රජයට ක්‍රෝන මිලියන 4.1 ($713,740.30) වැය වෙන අතර ක්‍රෝන බිලියන 70 billion kroner ($12,185,810,000) වසර හතක දී සංක්‍රමණිකයන් නිසා රටට අහිමි වෙලා තියෙනවා. පාකිස්තානි, සෝමාලි, ලිතුවේනියන් අය ඇදී එන්නේ ඔයා වගේ නව ලිබරල්වාදයට පිංසිද්ධ වෙන්න කියලා අනුන් හම්බ කරන ධනයෙන් යැපෙන්න තමයි!!!!

7 comments:

  1. මාක්ස්වාදෙ ගැන කතා කරන්නෙ ගිහින් මාක්ස්වාදියො මට පොල්ලෙලි වලිනුත් ගැහුවා

    ReplyDelete
  2. ඕක තමා ප්‍රශ්නේ. බොහොම කණගාටුයි. මං දන්නා සමහර මාක්ස්වාදියෝ මාක්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකශනයවත් කියව නැහැ. ප්‍රාග්ධනය කෙසේ වෙතත්. හුඟක් වෙලාවට තම තමන්ගේ පක්ෂ නායකයන්ගේ අදහස් තමා මාක්ස්වාදය හැටියට ගන්නේ . හැබැයි විරුද්ධව කතා කරන අය රිචර්ඩ් ස්මිත් ලා බෝවෙර්ක් ලා ගැන මතක් කරලා මාක්ස්ට කපනවා. හැබැයි ඒත් ඒගොල්ලත් කොහෙද කොතනද වැරදි කියල ලියන්නේ නැහැ . ඉතින් මන් කල්පනා කලා මන්ම කියවල බලනවා කියල.

    ReplyDelete
  3. යකාගේ බ්ලොගයත් නියමයිනේ . කලින් දැක්ක එකක් නෙමේ.

    ReplyDelete
  4. මාක්ස්වාදය අපි අපිම කියවගන්න එක හොඳයි.මානව සංහතිය විදියට ඉදිරියට යන්න නම් පුද්ගලයා තුල තිබෙන උපරිම විභව ශක්තිය ප්‍රයෝජනයට ගන්න ඕන. ඒක පොදු දේපොළ ක්‍රමයකින් කරන්න බැහැ. අනික ස්වාභාවික මිනිසා පොදු සත්වයෙක් නොවෙයි. පොදු හැඟීම් සමාජමය වශයෙන් ආරෝපනය කරපුවා.
    වෛරය පදනම් කරගත් මාක්ස්වාදයේ කිසිම මනුස්සකමක් නෑ.පුද්ගලයා උපරිමව සංවර්ධනය කරන ගමන් සාධාරන ලෙස බෙදී යන සමාජයකුයි අපි නිර්මාණය කරන්න ඕන. මාක්ස්වාදී පක්ෂ ව්‍යුහය තුල ඒකාධිපති රටාවක් තිබෙන්නෙ.පක්ෂය ජනතාවට ඉදිරියෙන්.පක්ෂය කියන්නෙ ජනතාවට මගපෙන්වන බලවේගය. ඉතින් ඇත්තටම බලය රැදෙන්නෙ දෙතුන් දෙනෙක් තුල. ඒත් ජනතාව ව්සිසින් තම නියෝජිතයන් තෝරන ප්‍රජාතන්ත්‍රවාදය ඊට වඩා ප්‍රගතිශීලීයි.

    මාක්ස් ද්ටු සමාජ විපරිනාමය මිත්‍යාවක්.කම්කරුවාට හිමි අතිරික්ත වටිනාකම යැයි මාක්ස්වාදීන් කියන දේ සමාජවාදී රජයක පක්ෂ නිළධාරීන් නඩත්තු කිරීමටයි යෙදවෙන්නෙ. ඇත්තටම කම්කරුවට ලැබෙන වැටුපට එහා කිසිවක් හිමි නැහැ.

    මාක්ස්වාදය ගැන කතාකරන එකෙඋටවත් හරි හමන් දැනුමක් නෑ. පක්ශෙ ඉහල කීප දෙනෙක් මේක දැනගෙනස්වැඩක් නෑ. මේ අයට ඕන මේක අලුත් ආගමක් ලෙස පිළිපදින්න.
    මෙතන ලොකුම ප්‍රශ්නෙ මානව හිමිකම්.බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා සත්තු වත්තක් නිර්මාණය වෙන එක. ඒක ත් එක්ක සංසන්දනය කරන කොට ඔවුන් කියන ධනපති සමාජය සුරපුරයක්.
    කුණු ගද ගහන ජරාජීර්න මාක්ස්වාදය හදාරල ඒක ඉවත් කරල නවමු මතවාදී ප්‍රවේශයක් නිර්මාණය කර ගන්න ඕන.

    ReplyDelete
  5. යකාගේ කතාව මෙන්න මෙතනට එකඟ වෙන්න අමාරුයි. "මාක්ස් ද්ටු සමාජ විපරිනාමය මිත්‍යාවක්". මම විශ්වය ඇතිවෙන හැටි සහ සත්වය පරිණාමය වන හැටි ඉගෙන ගත්තට පස්සේ තමා දෙවන වරට මාක්ස්ගේ සජ පරිණාමය ගැන කියවන්න පටන් ගත්තේ. මගේ ප්‍රාග්ධනය 1 - ලිපියේ ඒ ගැන පොඩි විස්තරයක් තිබෙනවා. දෙවන කොටස "කම්කරුවාට හිමි අතිරික්ත වටිනාකම යැයි මාක්ස්වාදීන් කියන දේ සමාජවාදී රජයක පක්ෂ නිළධාරීන් නඩත්තු කිරීමටයි යෙදවෙන්නෙ. ඇත්තටම කම්කරුවට ලැබෙන වැටුපට එහා කිසිවක් හිමි නැහැ." හරි මන් හිතන වදිහටත්. ධනපති සමාජයකපරිනාමයෙන් එන සමාජය කොමියුනිස්ට් කියා කියන්නේ නැතුව වෙන නමක් ගමු. ඒ නමම අවශ්‍ය නැහැ. එකේ පොදු දේපල ක්‍රමයක් තියෙනවද කියන්න අමාරුයි. නමුත් මාක්ස් එහෙම එකක් කිව්වේ නැහැ කියලයි මන් කියන්නේ. පොදු අයිතියට පැවරිය යුත්තේ , පොළොවෙන් ලැබෙන තෙල්, ගෑස් වගේ දේ. නමුත් තම හැකියාවෙන් කරන දේ (ගේට්ස් , ජොබ්ස් හෝ කලෂ්නිකොව් නිමවූ තැනැත්තා ආදීන් ) ගේ දක්ෂතා මුදල්මය කරනවානම් එක බෙදන්න අවශ්‍ය නැහැ. කොටින්ම මේ වරදවා වටහා ගැනීම ඉතාම වැරදියි. සමාජවාදය කියන්නේ නැති එකට තියෙන එකාගෙන් උදුරලා දෙන එක නෙමේ. එක මේ රොබින් හුඩ් ගේ සරදියෙල් ගේ ක්‍රමය. කිසිම වදයක් නොදන්නා පිචන් පොරවල් තම ඕක කරන්න කියන්නේ .
    කුණු ගඳ ගහන මාක්ස් වාදය කියල කියන්නේ සමහරවිට ලංකාවේ ඔබට හඳුන්වාදුන් දෙය විය හැකියි. මාක්ස් ඊට වැඩ දුර දිග හිතු විද්‍යාත්මකව කල්පනා කල කෙනෙක්. ඔහු තැනක වැරදි නම් අපට එය හොයා ගත හැකියි. විද්‍යාවේ හා ගණිතයේ මුල් ධර්ම වෙනස් නොවුනත් පසුව සොයා ගන්න දේවල් විසින් මුලින් සොයා ගත දේ කිසියම් තත්ත්ව යටතේ නිෂ්ප්‍රභා කල හැකියි. උදාහරණ නම් නිව්ටෝන්ගේ නියමයන් absolute spcetime යටතේ අයින්ස්ටින් ගේ නියම විසින් නිෂ්ප්‍රභා වී යන අතර quantam තත්වයන් ඒ දෙකෙන් සහමුලින්ම වෙනස් වීම. මේක මක්ස්වදයට්ත් පොදුයි. එහෙම වුන කියල මුලින් තිබු තත්වයන්ට අදාල නියම බොරු වෙන්නේ නැහැ. - ඉදිරියට තව ලිපි දෙක තුනක් තියෙනවා දාන්න . මේ ගැන තව දුරටත් කතා කරමු. හොඳ උදහරනයකුත් තියෙනවා පරිණාමය වුන ධනවාදයේ සමාජවාදී ගමක් ගැන.

    ReplyDelete
  6. යම් පරාසයක් තුල නිව්ටනුත් වෙනත් පරාසයක් තුල අයින්ස්ටයිනුත් සත්‍ය වෙනවා. ඒ වගේම සාධාරණ සමාජයක් සදහා ත් විවිධ එළඹුම් තිබිය හැකියි.මාක්ස් සීයගෙ අදහස්වල විසංවාද වැඩියි. මම නම් හිතන්නෙ ඔහු කළේ එවකට පැවති අදහස් සාරසංග්‍රහකරල ප්‍රචන්ඩ විප්ලවය ආදේශ කිරීම පමණක්ය කියල. හරි ඔය ඔක්කොම මාක්ස් සීය බුදු වෙලා හොයා ගත්තය කියමුකෝ. ඒත් ඒව වචනානුසාරයෙක් අදහන්න ඕනද? ප්‍රශ්න කරන්න බැරිද?
    සමාජ පරිනාමය හා විශමතාව ගැන සීයගෙ කතාවට එහා යන කියවීමක් අපට නිර්මාණය කර ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මාක්ස් බුදු වුන කියලනම් මම හිතන්නේ නැහැ. එය හිටිය කාලයට අනුව ඉන් එහා දැකපු බුද්ධිමතෙක්.
      "ඒත් ඒව වචනානුසාරයෙක් අදහන්න ඕනද? " - උත්තරය නැහැ.
      ප්‍රශ්න කරන්න බැරිද? - ප්‍රශ්න කරන්න පුළුවන්.
      සමාජ පරිනාමය හා විශමතාව ගැන සීයගෙ කතාවට එහා යන කියවීමක් අපට නිර්මාණය කර ගන්න බැරිද? - පුලුවන්නම් හොඳයි. මමත් උත්සහ කරන්නේ ඒකට තමා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .