Saturday 8 November 2014

අන්ධභූත ජාතකේ ග්‍රීස් ගාමිණී

මේ කතාව ලියන්න හිටියේ සිද්ධිය වුන දවස් වලමයි. නමුත් වෙලාව මඳ වීම නිසාත් ජාතක කතාවේ නම මතක නැතිව හිටි නිසාත් පසුවුනා ලියන්න. පස්සේ අපේ මේ දිසා පාමොක් යාළුවෙක් නම මතක් කරලා දුන්නා. එයට ස්තුතියි.

කතාව මේකයි. මේ කතාව ගැන කවි බණකුත් අන්තරස්ධාන ජාලයේ යු ටියුබය පැත්තේ සැරි සරණ බවකුත් දැන ගන්නට ලැබුනා . මේ ජාතක කතාව බුදු හාමුදුරුවෝ කිව්වද කියලත් වෙලාවකට කුකුසක් පහලවෙනවා කියවගෙන යනකොට . ආලයෙන් අන්ධ වුනු හාමුදුරු නමක් අරභයා කිව්වා කියල තමා කියන්නේ. හැමදාම කියනවා වගේ බරණැස් නුවර කියල නගරෙක එක රජ කෙනෙක් හිටියලු. රජතුමා දාදු කැටේ (dice) සෙල්ලන් කරන්න හෙන දස්සයාලු. හැබැයි හැම වෙලේම දිනනවලු. පුරෝහිත බමුණා එක්ක සෙල්ලම කරන හැම වෙලේම බමුණා පරාදයි. හැබැයි රත්රන් දාදු කැටේ රිදී මේසෙට අත හරින කොට රජතුමා කවියක් කියවනවලු. සොබා දහමේ නියමයක් ලෙස ගඟක් හැරි හැරි ගලන්නේ සොබා දහමේ නියමයක් ලෙස කැලේ ගස් වැඩෙන්නේ අවස්ථාවක් ලැබූ පමණින් ගැහැණු වරදින් බැඳෙන්නේ (හැම ගැහැනියෙක්ම චපලයි ) (immoral) අර කවියකුත් ඒ කාලේ අහල තියනවා "අවසර ලද රහස් තැන - ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන " කියල.

වැඩේ කියන්නේ මේක හාමුදුරුවරු දේශනා කරන කොට උපසක්කම්මලත් සාධු කාර දෙනවා. තමන් ගැන ඕවගේ අන්තවාදී කතාවක් කියද්දීත් සාධුකාර දෙන අපේ අම්මල වගේ අහිංසක හිත හොඳ ලංකාවේ කාන්තා පක්ෂය ගැන දුක නැද්ද? ඉතින් මේ කවිය කියන්නේ මහා සත්‍යයක් නිසා (ඒ කාලේ බ්‍රාහ්මණ ඇදහීම් වල හැටියට) මේක කියන තාක්කල් පුරෝහිත බමුණට මංඤන් වෙලා පොර පරදිනවා. රජු දිනනවා. ඔහොම යනකොට පුරෝහිතය නැතිවෙන සයිස් එකට දැන් ගේම සෙට්. පුරෝහිත තැන කල්පනා කරනවා
"මෙහෙම හරියන්නේ නැහැ. වැඩක් දෙන්නම ඕනේ. මම කිසිම පිරිමියෙක් දැකපු නැති පුංචි ලමිස්සියක් ගෙදර තියා ගන්න ඕනේ කියල. පස්සේ පොරට ඔළුවට ආවා , නැහැ, හොඳම වැඩේ අලුත ඉපදුණු පුංචි ගෑනු දරුවෙක් තමන් යටතේ අරන් හදා ගෙන ගෙයි යතුරු දාල තියා ගන්නවා කිසිම පිරිමියෙක් පේන්නේ නැති වෙන්න. එතකොට ඒ කෙලිත්ති එක මිනිහෙක් ගැන විතරයි හිතන්නේ. එතකොට මට රජාව පරද්දල පොහොසත් වෙන්න පුළුවන් "
මේ වගේ. දැන් ඉතින් බලන්න පින්වත්නි මෙහෙම කතාවක් දැන් හිතල ක්‍රියාත්මක කලොත් "ළමා අපචාර " යටතේ නඩු වැටිලා හිරේ ලගින්න වෙන්නේ.

ඉතින් පුරෝහිතය පුංචි ළමෙක් හොයන කොට දැක්ක බඩදරු දුප්පත් කාන්තාවක්. පොර අනාවැකි කියන නිසා දැනගත්තලු ලැබෙන්න ඉන්නේ ගැණු දරුවෙක් කියල. ඉතින් මේ ගල් බමුණා අර කාන්තාවට සල්ලි දීල නම්ම ගෙන තමන්ගේ ගෙදර ගෙනත් තියන් ඉඳල ළමය හම්බ වුනාට පස්සේ තෑගි බෝග දීල යව්වලු, දැන් ළමය හැදෙනවලු බමුණු ගෙදර. තාප්ප 7ක් වටේට දාල, බල කොටුවක් වගේ මාලිගාවේ ගැහැණු සේවිකාවෝ විතරයි ළමය බලන්න ඉන්නේ. මේ ළමය හරි ලස්සනට හැදෙනවා. තුදුස්විය පැමිණුනාම බමුණ (ඒ කියන්නේ ළමයට අවුරුදු 13 වුණාම කසාදත් බඳිනවා.

ඒ කියන්නේ ඉතින් දන්නවනේ. ඕව දැන් කාලේ නම් හිරේ යන වැඩ. ) පහල පින්තුරයෙන් පෙන්වන්නේ යේමනයේ අඩුවයස් මනාලියෝ දෙදෙනෙක්. (තවම වෙනවා ඔය ආකාරෙ වැඩ)
 ඔය අතරේ පුරෝහිත බමුණා රජ්ජුරුවන්ට චැලේන්ජ් එකක් දානවා ආපහු දාදු සෙල්ලම් කරමු කියල. රජතුමා කැමති වෙලා සෙල්ලම් කරනවා. හැබැයි අර කවිය කියල ඉවර වෙනෙවත් එක්කම බමුණා කියනවා "මගේ ගෑනු ළමය ඇර (අනිත් හැමෝම චපලයි) " කියල. මේක අහල රජතුමා මංඤන් වෙලා පරදිනවා. රජතුමා බැලුව වැඩේ හරියන්නේ නැහැ තමන්ගේ මේ මහා සත්‍යයට සීරියස් තර්ජනයක්, මොකක් හරි කොස්සක් තියෙනවා කියල. සුචරිත පතිවත රකින කෙල්ලක් බමුණාගේ ගෙදර ඉන්නවා ඇති කියල හිතල රජතුමා මිලිටරි ඉන්ටලිජන්සිය යවල චෙක් කරලා බලනවා. බලන කොට රජතුමා හිතපු විධිහ හරි. ගෑනු ළමයෙක් ඉන්නවා නේන්නම්.

 රජතුමා එන්න කියනවා ගෑනු දැපනේ දාගන්න දක්ෂ පිරිමි gigolo (ගිගොලෝ) (ජි මල්ලි කියමු ) කෙනෙකුට. දෙනවා මේ ගනු දරුවාව වරදේ පොලම්බවගන්න කොන්තරාත්තුව. පොරත් ගිහිල්ල අර බමුණු මාලිගාව ගාව සුවඳ විලවුන් විකුණන කඩ කෑල්ලක් ප්‍රාදේශීය සභාවට පගාවක් දීල අරගෙන (නැත්නම් ඕව එකපාරටම ගන්නත් බෑනේ ) මල් නුයි (අර මල් නෙමේ) සුවඳ කුප්පියි විකුනනවා. අර බමුණු ගෙදර පොඩි කෙල්ලගේ ටිකක් වයස සේවිකාවත් මෙතනින් යනව එනවා. දවසක ජි මල්ලි අර සේවිකාවගේ දෙපතුල ළඟ වැටිලා කියනවා "මේ ඉන්නේ මගේ අම්ම. මම අම්මව හොයා ගත්ත වගේ කියල" හෙන රංගනයක් දාල සේවිකාව රවට්ටනවා. ඊට පස්සේ අර සේවිකාවට නිකන් මල්, සුවඳ කුප්පි දෙනවා ගොඩක්. බමුණාගේ කෙල්ල අහනවා දවස් කීපයක් ගියාම සේවිකාවගෙන් මෙච්චර මල්, සුවඳ කුප්පි ගන්න බමුණා දැන් වැඩිපුර සල්ලි දෙනවද කියල. සේවිකාව කියනවා මොන පිස්සුද දිගු කලක් නැතිව හිටි මගේ පුතා ඇවිත් අර කඩේ දාගෙන ඉන්නවා. එයා මට මේවා නිකන් දෙන්නේ කියල. කෙල්ලට ටක් ගාල පැහැදීමක් ඇතිවෙනවා වැඩේට.

මේ අතරේ ජි මල්ලි හෙන දුක මුණක් දාල සේවිකාවට කියනවා පොරට කෙල්ල ගාවට යන්න ඕනේ නැත්නම් මම ලිඳේ පනිනවා, වතුර බීල මැරෙනවා , අස්ස කෝච්චියකට පැනල මැරෙනවා ඔන්න ඔහොම. පස්සේ සේවිකාව පොඩි මායමක් දාල පොරව ඇතුලට ගන්නවා. ජි මල්ලි අර ගෑනු ලමයව වරදේ පොළඹව ගන්නවා. ඒ මදිවට දවස් කීපයක් කෙල්ලගේ කාමරේ ලැගල කෙල්ලට කියනවා බමුණට ටොක්කක් දෙන්න ඕනේ කියල. කෙල්ල බමුණා ඉස්සරහ නැටුමක් දාන්න ඕනේ කියල ඉල්ලලා , පස්සේ ලැජ්ජයි කියල බමුණාගේ ඇස් රෙදි කඩකින් බඳිනවා. බමුණා බට නලාව වයන අතරේ ජි මල්ලි ඔටු මොල්ලියක් වගේ උඩට ඉදිමිලා එන්න බමුණු ඔළුවට දඩ ටොක්කකුත් දෙනවා. බමුණා කෙල්ලගේ අත අල්ලලා කියනවා , ඔබේ අතනම් සුමුදුයි මගේ පණ , නමුත් පහරට දැස නිලංකාර වුණා කියල.
ජි මල්ලි ගිය වැඩේ සාක්ෂාත් කරගෙන රජතුමා හම්බ වෙලා ගිහිල්ල සම්පුර්ණ රිපෝර්ට් එක ෆයිල් කරනවා. ඊළඟ දවසේ දාදු සෙල්ලමේදී රජතුමා සුපුරුදු පරිදි ශ්ලෝකය කියනවා. බමුණා කියනවා නැහැ මගේ කෙල්ල සුචරිතයි කියල. රජතුමා කින්ඩි හිනාවක් දාල අර අල්ලස් කොමිසමේ ෆයිල් ඇමතිවරු අතට දීල කටවල් ලොක් කරනවා වගේ, රජතුමාගේ ඔපරේෂන් ගිගොලෝ එකේ වාර්තාව බමුණට දෙනවා.

ඇස් බැඳලා නටන සීන් එකේ ඉඳන් ඔළුවට ටොක්කක් අනපු එකත් කියල රජතුමා කියනවා කිසිම ගැහැණියෙක් එක මිනිහෙකුට විතරක් විශ්වාසයෙන් ඉන්නේ නැහැ කියල. (ජාතක කාරයට මෙතැනදී අමතක වෙනවා අර ගිගොලෝ ගැනයි, රජ තුමාගේ අන්තඃ පුරෙයි .) බමුණා ගේම පැරදිලා හන්දියේ බාර් එකක ෂොට් එකක් දාගෙන ගෙදර ගිහින් කෙල්ලත් එක්ක වලිය ඇද ගන්නවා. කෙලිත් අත අරින්නේ නැහැ.

කියනවා, ගිනි මාලයක් ගහපන් මට පනින්න. මම වෙන පිරිමියෙකුගේ අතින් අල්ලල තියෙනවනම් මව පිච්චිලා මැරෙන්න ඕනේ. ඊට පස්සේ අර සේවිකාව හරහා පණිවිඩයක් අරිනවා අර ජි මල්ලිට ඇවිත් පනින්න කලින් අතින් අල්ලන්න කියල. පොරත් මොන වුනත් ඇවිත් ඒක කරනවා. බමුණා හැබැයි ඒත් කෙල්ලව එලවනව. මේ ජාතක කතාවේ ඊට පස්සේ තියන දේවල් ලිව්වොත් ගෑනු ළමයි ගහයිද දන්නේ නැහැ මට .

"ගැහැණුන්ගේ දරුණු කම වටහා ගන්න. ඔවුන් හැම අපරාධයක්ම කරති. , තමන්ගේ ස්වාමියාට දිවුරා පොරොන්දු දී ඒවා කඩ කරති. හදවත් නැති ගැහැණුය ඔවුන්. වරදෙහි බැඳෙති හොර රහසේ" ඔන්න ඔය වගේ. අර එක ආගමක කට්ටියක් තමන්ගේ ගෑනුන්ට මුළු ඇඟම වහගෙන යන්න කියනවා. එයාලගේ අහවල් එක කැළඹෙයි කියල බයට.

 ඉතින් කල්පනා කරලා බලන්න පින්වතුනී, අර කවුද කියනවා ග්‍රීස් ගාමිණී අර පොඩි දරුවා පැහැරගෙන තියෙන්නේ ෆේස්බුක්, යු ටියුබ්, නිල් චිත්‍රපටි බලල කියල. ඒකගේ ගෙදර ෆොටෝ පත්තර වල ගියානේ . මට නම් හිතුනේ යු ටියුබ් තියා එස්ලෝන් ටියුබ් එකක්වත් නෑ කියල ඒ ගෙදර නම්. නමුත් මේ පුතය අම්ම එක්ක පන්සල් යන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ. ජාතක කතා , කවි බන අහන්න ඇති. පොරට හිතෙන්න ඇති බමුණා කලා නම්, ඒකට අනිත් උන් සාදුකාරත් දෙනවනම් මන් කලාම මොකද වෙන්නේ කියල.

මේ අතරේ තව අහිංසක පුත්තු සුද්දන්ට , මේ බ්‍රිතාන්‍ය කාරයන්ට , ගහනවලු මරනවලු. සමහර වෙලාවට කියල දීපු විධිහට ගහන්න ගියාම මේ වනචර සුද්දොත් ගහනවලු ගුටි කාල ඉන්නේ නැතුව. මොන ජාතකෙන්ද ඒක කියල දුන්නේ කියල හොයන කොට දැන ගන්න ලැබුණා , මන්ගම්වල පිලය කියන ඇමැත්තෙක් සුද්ද නිසා නාය යනවා කියල අලුත් විද්‍යාත්මක නීතියක් හොයා ගෙනලු. සුද්ද ගිහිල්ල අවුරුදු 66ක් වෙනවා. ඊට පස්සේ ආපු එවුන් අහවල් කෙන්ගෙඩියක්ද කලේ එහෙම නම්. මම දැකල තියනවා තේ වතුවල යටම පැත්තේ ගල් බැමි බැඳලා තියනවා. පාංශු ඛාදනය වලක් වන්න. සුද්ද වැරදියි කියමු. එත් ඇමති ලට පඩි ගෙවන්න එන සල්ලි ලැබෙන්නේ පිට රට යවන තේ වලින්. සුද්ද ට යවන ගාමන්ට් කෙල්ලෝ මහන ඇඳුම් වලින්. ඒ නිසා ඇමතිලා පඩි වර්ජනය කරලා ආදර්ශයක් දෙන්න ඕනේ. නැත්නම් මේ අහිංසක ළමයි සුද්දන්ට ගහල ගුටි කන්න ඕනය.
 මේ ජාතක කතාවේ අවවාද:
 රජුන් සමග දාදු කෙළියට යාම සුදුසු නැත .
 නාය යෑම වැළැක්වීමට නම් සුද්දන්ට ගහන්න.
 ලිව්වේ 2014 නොවැම්බර් 8

17 comments:

  1. හෙහ් හෙහ් නාය යෑම වැළැක්වීමට නම් සුද්දන්ට ගහන්න කියන පාඩම නම් මේ කතාවෙන් හැමෝම ඉගෙන ගනියි....

    ඔලුවෙන් හිටන් කිව්වත් අනිත් කතා ඔක්කොටම සාදු කාර දීල ඉන්නවා මිසක් වෙන මොන මගුලක් වත් ඉගෙන ගන්නේ නෑ ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ. පැතුම්ලා අදිකාරම් ගැන ක්‍රිෂ්ණ මුර්ති ගැන ලියල සබැ බුද්ධ දර්ශනය විමන්සවෙන් ගවේෂණය කරලා ලියන්න , කතා පවත්වන්න. ඒක තමා ඕනේ.

      Delete
  2. ග්‍රීස් ගාමිණි තුලින් මතු කළ කතාව නම් උපරිමයි.. ගැහැණු වරදේ බැඳෙන්නේ කාත් එක්කද දන්නේ නෑ නේ.. ලෙස්බියන් සීන් ගැන කිව්වා වෙන්න බෑ නේ..

    ගම්මන්පිල කියන්නේ ඔස්ට්‍රේලියාවේ ගිහින් ඉගෙන ගත්තට, ටැබ් එකක් අරගෙන සංවාද වලට ආවට. ගල් යුගයේ වැද්දෙක් කියලා පැහැදිලිව පේන්නේ මේ වගේ ගොන් කතාවලින්. නැත්නම් ඉතින් ඉන්න විදියට මූ හෙන බුද්ධිමතෙක් කියලා අපි වගේ ගොන්නු රැවටෙනවා...

    ReplyDelete
    Replies
    1. මට ලෙසබියන් සීන් එක ලියන්න හිතුන. පස්සේ අත හැරලා දැම්ම. ජාතක කතා කරය බොහොම අන්තවාදී පොරක්. පුරුෂෝත්තම වාදියි.
      පිලයාගේ අම්ම මන් දන්නා විධිහට අපේ අක්කලට ඉගැන්වුවා. මිනිස්සුන්ව රවටන්න මොනවහරි කියන්න නේ ඕනේ.

      Delete
    2. අජිත් මේ මට හිතවතකු එවූ ලින්කුවක්.. නිවාඩු පාඩු වෙලාවක කියවන්න..

      http://transyl2014.blogspot.ca/2014/10/human-sexuality-discussed-in-jataka.html

      Delete
    3. මම මේ Dr Ruwan M Jayatunge ගැන දන්නේ නැහැ. අරුගේ කොමෙන්ටුවේ දාපු ලිපිය දැන් කියෙව්වා. හොඳ වැදගත් ලිපියක්. ලින්ක් එකේ ලිපිය කියෙව්වා. එව්වට ස්තුතියි. මම හින්දු ආගමට බර හාමුදුරුවරු ජාතක කතා වෙනස කලා කියල. ගැහැනුන්ට විතරක් .වරද පටවන්න. දෙගොල්ලම හැසිරෙන්නේ එක වගේ බුදු .දහමට අනුව .

      Delete
  3. ගම්මන්පිල ඕක කියනකොට අහගෙන හිටිය අපි හිනාවුනේ පුකෙන්. තරුන ළමයෙක් ඇහුවා කෝච්චියක් පීලි පැන්නොත්, ඒකට වග කියන්න ඕනෙත් රේල් පීලි දාපු සුද්දද කියලා. රෙද්ද කරට අරන් නිදහස සමරනවා. තාමත් දෙන්නේ වහල් ටෝක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් මාර කතාව. ඔය රේල් පිලි දාපු එක වැරදියි කියල එක වමේ උත්ත්මයෙකුත් ඇත්තටම කිවනේ. සුද්ද ධනවාදී සුරාකෑම වැඩි කරන්නලු කලේ. කතාව ඇත්ත . නමුත් විප්ලවේ කියල දෙන්න යන්නෙත් ඒ රේල් කොච්චියෙමයි.

      Delete
  4. ඇමරිකාවෙත් ඔය විදියට ගැහැනු ලමයි වසර ගනනක් හිරකරගෙන හිටපු අයගැන සිද්ධි කීපයක්ම වාරතාවුනා මේක මානසික රෝගයක් වෙන්න ඇති.
    ඉස්ලාම් ආගම ගැන කියනවනම් අල්ලා කියන්නේ ගණදෙවියෝ වගේ පිරිමියෙක් නෙමෙයි ඒවගේම ඒන්ජල්ලාත් පිරිමි නෙමෙයි එමනිසා අල්ලාට පුරුෂ ආධිපත්‍යයක් අවශ්‍ය නෑ එය මිනිසාගේ යහපතට නිර්දේශ කල එකක්

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාවේ ඒ පිස්සන් ගැණු හා පිරිමි ළමයි අරන් හිර කරලා ලිංගික හිංසා , දුෂණය, වගේ කලේ. මරලත් දැම්ම. එංගලන්තේ ග්ලොස්ටර් වල ෆ්‍රෙඩ් වෙස්ට් ගනු ළමයි 20ක් විතර මැරුව. ග්‍රීස් ගාමිණී ළමය හදා වඩාගෙන පාවා ගන්න හැදුව කියලනේ කියන්නේ. අල්ලට පුරුෂ ආධිපත්‍යයක් ඕන වුනාද නැත්ද මන් දන්නේ නැහැ . අදහන අයනම් හැසිරෙන්නේ ඒ විදියට.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ග්‍රීස් ගාමිණීගෙ කතාව අහපු හැටියෙම මටත් මතක් වුනේ අන්ධභූත ජාතකය.ගාමිනී ටොකු කන්ඩ කලින් ගුටි කාලම කතාව ඉවර වුනා.හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මටත් ඒකම තම හිතුනේ. වැඩ නිසා පරක්කු වුණා ලියන්න.

      Delete
  7. තේ වගාවෙන් වෙන පරිසර බලපෑම ගැන විස්තර කරද්දී ගම්මන්පිල විහිලුවට වගේ කියපු කතාවකටයි ඔයාල ඔය බනින්නේ. එතනදී ගම්මන්පිල ඔය විදියට බනින බවත් කිව්වා. නොදන්න කෙනෙක් ඔයාල කියන දේ දැක්කාම තේරුම් ගන්නේ වෙන දෙයක්

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. අපිට අපි නිව්ස් ගන්නේ පත්තර වලින් හෝ වෙබ් අඩවි වලින්. ඉතින් ඒවායේ අය කතාව දාන්නේ හුඟක් වෙලාවට තමන්ට ඕන හරිය හෝ රසවත්ම හරිය. මම කියල තියෙන්නේ සුද්ද වැරදි ඇති. නමුත් දැන් වඩා රට පාලනය කරපු පක්ෂ සමුහය ඕවට වග කියන්නේ ඕනේ. අර බදුල්ලේ ඉන්න යාලුව ලියල තියෙන "කොස්ලන්ද නාය ගියේය" කියන බ්ලොග් ලිපිය කියවන්න. අන්න ගම්මන්පිල ඇමති තුමාට උදව් කරන්න පුළුවන් ඒක විසඳන්න. දේශපාලකයෝ කියන්නේ පුවත් මවන්නෝ. එගොල්ලට .වචනයක් වරදින කන් බලා ඉන්න අයත් වැඩියි. තේ වගාවෙන් වගේම කැලේ කපා විනාශ කිරීම් වලිනුත් ඕව වෙනවා. නමුත් ආණ්ඩුවේ ඉන්න නිසා ඒවා ගැන කතා නොකර සුද්දට බනින එක ලේසියි. සුද්ද කියන්නේ ඔච්චර පොරවල් නෙමේ .එක.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .