Tuesday 14 April 2015

දෙවන මොන්කාඩා ප්‍රහාරය 2016 මාර්තු 26

ශ්‍රී ලංකා බ්ලොග් සංසදය හා නෙලුම් යාය විසින් සංවිධානය කෙරෙන දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 වන සෙනසුරාදා සවස 2.30 සිට පැවැත්වීමට තීරණය කරන ලදී.

මේ සඳහාතෝරා ගනු ලබන බ්ලොග් ලිපි ආදිය වර්ගීකරණ එකොළහකට  අයත් වනු ඇත. ඒ නම් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , ඡායාරූප, තාක්ෂණ, විද්‍යා, හයිකු, සංචාරක, සංගීතය හා  ඉතිහාස   යනුවෙනි. මෙයින් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , සංචාරක යන අංග වලට එක, දෙක, සහ  තුන ස්ථාන තෝරනු ඇත.

එසේම වසරේ ජනප්‍රියම (හොඳම) බ්ලෝග කරුවාද තෝරනු  ලබන අතර එයට පළමු , දෙවන සහ තුන්වන  ස්ථාන තෝරා  ගනු ඇත.

ශ්‍රී ලංකා බ්ලොග් සංසදයේ සාමාජික බ්ලොග් කරුවන් ගෙන් , නෙලුම් යායේ හා ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙලුම් යාය, සිව්මන්සල , සයිබර් පවුර යන අංගයන්හි පලවන බ්ලොග් ලිපි ආදිය  අතුරෙන් ජයග්‍රාහකයන් තෝරනු ලැබේ.  මෙහිදී ලිපියකට කොපමණ තරමකට සංවාද කෙරෙන්නේද යන්න, ලිපි හා බ්ලොග් වල ජනප්‍රියත්වය, කාලීන මාතෘකාවකට ඇති වැදගත්කම ආදිය වැනි නිර්ණායකයන්ද භාවිතා කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා බ්ලොග් සංසදයට බැඳීම සඳහා හෝ නෙලුම් යාය, ලංකානිව්ස්වෙබ්/නෙළුම් යාය  ට පල කිරීමට, ඔබේ බ්ලොග් යොමු කරන්න පහත සඳහන් ලිපිනයන්ට:
editor@nelumyaya.com
editor@lankanewsweb.com

ශ්‍රී ලංකා බ්ලොග් සංසදයට බැඳීමට පහත සදහන් බ්ලොග් කරුවන්ගේ අඩවි වලින් විමසීමක් කිරීමෙන් ද පුළුවන.
මාතලන්, කල්‍යාණ  මිත්‍ර, බස්සි ගේ නවාතැන , දිලා ගේ ලෝකය, මනා  ගේ පින්තාරුව, ඉවාන් පව්ලුෂා, අටම්පහුර, අජිත් පැරකුම් (W3ලංකා) හෝ  ප්‍රාජේ.

සම්මාන සඳහා වන ත්‍යාග පිලිබඳ පැහැදිලි කිරීමක් ඉදිරියේදී කරන්නෙමු.

ශ්‍රී ලංකා බ්ලොග් සංසදයට එක්වන ලෙස අප ඔබට ආරාධනා කරන්නෙමු.

ඔබ සැමට සුභ නව වසරක්.

- සංස්කාරක නෙලුම් යාය






26 comments:

  1. ස්තුතී ආරාධනයට. මර්තු 26 දිනේ හොඳයි ලබන අවුරුද්දේ අවුරුදු උත්සවෙයි නෙලුම් යායයි දෙකම අල්ලලා එන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. දැම්ම වැඩක් භාර ගන්න.

      Delete
  2. එයිට පස්සේ ආයිත් වසන්තයා එයිද දන්නේ නෑ....

    අනේ හින්ගල බ්ලොග් හොයා ගත්ත අයටත් මක්කා හරි දියල්ලා බං...

    උනුත් "සම්මාන ලැබෙන්න ඕන..." ඒවා ලියනවා අප්පා....

    ReplyDelete
    Replies
    1. දෙමු දෙමු ඇඩ්රස් ටික යොමු කරපංකෝ

      Delete
    2. මාතලන් තමුන් හිතං ඉන්නේ මේ බ්ලොග් අවකාශේ අයිතිකාරයා තමුන් කියලද?

      හි හි හි හි

      Delete
    3. ඇයි මාතලන් නෙමෙයිද බ්ලොග් වල අයිතිකාරයා. හෙහෙ හෙහෙ

      ඒක නෙමෙයි සින්ඩි කරන අයවත් ඇගයීමක් කරන එක හොඳයි කියල හිතෙනවා. අපි නමින් දන්නෙ මාතලන් ,ඉන්දික හා අජිත් කුමාර විතරයි.
      අජිත් සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.

      Delete
    4. හි හි , ජෝක් අනේ,, මටත් චුටි සිංඩියක් තීනෝ තිඹිරි ගේ කියලා

      Delete
    5. බොහොම ස්තුතියි. බ්ලොග් සංසදයේ කාරක සභාවට දාල බලන්නම් අදහස.

      Delete
    6. මධ්‍යස්ථ , සුභ නව වසරක් ඔබ සැමට

      Delete
  3. ගිය පාර බැරිවුණා එන්ට 2016 වත් එන්නං
    සියළු කටයුත් සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දැන්ම වැස්ස බුක් කරලා තියා ගන්න. :)

      Delete
  4. ඊලග බ්ලොග් සම්මාන උළෙලේ සියලු කටයුතු සාර්ථක වේවා,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිමෝ. එදාට අවොත් තවත් සාර්ථක වෙයි.

      Delete
  5. nelumyaya.com යනු සින්ඩිකේටරයක් ද? එය අනෙකුත් එවැනි සින්ඩිකේටර්/රීඩර් මෙන් ඉබේ යාවත්කාලීන වෙන එකක්ද, නැතිනම් ඇඩ්මින් විසින් කොපි පේස්ට් කරනවාද?

    ReplyDelete
    Replies
    1. nelumyaya.com සින්ඩිකේටරයක් නොවේ. අප විසින් කියවා පල කරන බ්ලොග් ලිපි බ්ලොග් කරුගේ කැමැත්ත ඇතුව පල වේ. (ඇඩ්මින් විසින් කොපි පේස්ට් කිරීම) යාවත් කාලින වීම පමා වන්නේ එබැවිනි. නෙලුම් යාය අඩවියේ සහ ලංකා නිව්ස් වෙබ් අඩවියේ ඇති ලිපි වලින් සම්මාන දීමට සුදුසු ඒවා තෝරා ගනු ලැබේ. මෙයට අදාලව ඉබේ යාවත්කාලීන වන අඩවියක් දැන් ක්‍රියාත්මක වේ. තවම සාදාගෙන යන නිසා වැඩි ප්‍රසිද්ධියක් දුන්නේ නැත. www.blogpower.info - mමෙය සින්ඩිකේටරයක්. ලංකාවේ සෑම බ්ලොග් අඩවියක්ම මෙහි ඇතුලත් කිරීමටඋත්සාහ කරමි.

      Delete
  6. ශනිදාවක්! එළ!

    ReplyDelete
    Replies
    1. යන්තන් ඇති. මධාවිය එයි වගේ.

      Delete
  7. ප්‍රහාරය සාර්ථක වෙන්න සුභපතනව. අපිත් සප් එකක් දෙන්නං කිට්ටු කරල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කිට්ටු කරලා මේල් එකක් වත් එවන්නම්.

      Delete
  8. //ශ්‍රී ලංකා බ්ලොග් සංසදයට බැඳීමට පහත සදහන් බ්ලොග් කරුවන්ගේ අඩවි වලින් විමසීමක් කිරීමෙන් ද පුළුවන.
    මාතලන්, කල්‍යාණ මිත්‍ර, බස්සි ගේ නවාතැන , දිලා ගේ ලෝකය, මනා ගේ පින්තාරුව, ඉවාන් පව්ලුෂා, අටම්පහුර, අජිත් පැරකුම් (W3ලංකා) හෝ ප්‍රාජේ.//

    ප්‍රාජේ නිකම්ම කමෙන්ට්කාරයෙකි. බ්ලොග්කරුවෙක් නොවේ.

    (හැකි ආකාරයකින් උපරිමයෙන් උදව්කිරීමට අකමැත්තෙන් නොව නිවැරදිකිරීම සඳහා ලියූ බව කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ හැමෝම ඒක දන්නවා ප්‍රා. කොමෙන්ට් එකෙන් දෙන සපෝර්ට් එක ඇති.

      Delete
  9. හොඳයි ජය පතනවා අපිත්!

    ReplyDelete
  10. මාර්තු මාසේ කියන්නේ ලංකාවේ ඉන්න වෙන කාලයක් නෙවෙයි නේ .. :( කමක් නෑ .. දැන්ම ප්ලෑන් එක තියෙන එක හොඳයි . ටිකක් වැඩි පුර මොනවා හරි ලියලවත් සපෝර්ට් එකක් දෙන්නම් :)

    ReplyDelete
  11. ගිය වරටත් වඩා සාර්ථකව 2016දී පවත්වන්න ලැබේවා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .