Tuesday 21 April 2015

අශිෂ්ටයන් අතරේ ශිෂ්ටකම් පෑමේ මාරක විහිළුව හෙවත් අපන්ණක (කාන්තාරයේ යක්ෂයන්ගේ) ජාතකය

ඔන්න ඉතින් ඒකාලේ අර  මොකද්ද නුවරක වෙළෙන්දෝ දෙන්නෙක් හිටියලු. එකාට ගැල් (හෙවත් කරත්ත)  500ක් වගේ හිටින්න. දෙන්නම සෑහෙන්න  පොහොසත්ලු. වෙළඳම්  කරන්න ඈත යනවනේ ඒ දවස් වල. දැන් වගේ ඊබේ, ඇමේසන් දාල විකුණගන්න බෑනේ. ඉතින් යන්න ලෑස්ති වෙලා ගැල් 500 යනකොට පොඩ්ඩක් සෙනග වැඩි වෙන නිසා වෙනම යන්න කතා කරගත්තලු. මුල් වෙළෙන්ද හිතුවලු "කලින් ගියොත් වාසි ගොඩයි. තමාගේ මිනිසුන්ට කෑම හොයා ගන්න ලෙහෙසියි. පාරේ වෙන කරත්ත වලින් එන ට්‍රැෆික් අඩුයි. එන්ජින් තෙල් හෙවත් තණකොළ අලුත් ඒවා. අලුත් නගරේ මාකට් එක අල්ලන්නත් ලේසියි. "වතුර නැති කාන්තාරේ " පහු කරන්න වතුර වැඩිපුර අරන් ගියාම හරි වගේ.". අනික අපායට ගියත් කලින් යන්න කියනවලුනෙ.
දෙවෙනි වෙළෙන්දා කල්පනා කෙරුවලු "යාළුවගේ ගැල් වලින් පාර  නියමෙට මට්ටම් කරල දෙයි මට යන්න. පොරගේ හරක් පරණ තණකොළ කෑවම  මගේ උන්ට නැවුම් ඒවා කෑව හැකි. පොර අර නගරේ බඩු  විකුණන ගණන් සෙට් කලාම මට ඒ ගාණටම  කේවෙල් කරන්නේ නැතුවම දුන්න හැකි. " කියල.  වෙළෙන්දා ඉතින් දෙවැනි වර යන්න තීරණය කළාලු.
පලවන වෙළෙන්දා ට පොඩි පොඩි ප්‍රශ්න ආවත් "දිය නැති කාන්තාරය" කියන හරියට ආවලු. හැබැයි ඉතින් කාන්තාර වල වතුර නැහැ තමා, නමුත් ක්ෂේම භුමි තියෙනවනේ. මේකේ ඒවත් නැහැලු. කාන්තාරේ පටන් ගන්න තැන නගරයක වැසියෝ කීවලු ඒකෙ යක්කු (demons) ඉන්නවා කියල. ඉතින් මේ ගැල්  පෙරහැර කාන්තාරේ තරමක් දුර යනකොට එනවලු කට්ටියක් අනිත් පැත්තෙන්. උන්ගේ ගැල් වල මඩ  ගෑවිලා , වතුර බේරෙනවලු. නෙලුම් මල් (නෙලුම් යායෙන් ගත් ඒවා නොවේ) , ඕළු මල් අතේ , කටේ  ගහගෙන බාගෙට ඇඳගත් අර, ඉන්දියන් සිනමාවේ ඇඟේ වතුර හලා ගෙන ෂූටින්  වලට ඉන්න නිලියෝ වගේ කාන්තාවොලු.
ඒකෙ  නායකයා පොඩ්ඩක් සියල්ල දත් පොරක් වගේලු.  ඉතින් මේ සියල්ල දත් කියනවලු වෙළෙන්දාට "මේ හලෝ ඔහෙට පිස්සුද මේ වතුර ලොරි ගණන් (සමාවෙන්න ගැල්  ගණන්)  පුරවන් යන්නේ. පව් නේ හලෝ මේ අහිංසක හරක් ටික. තනිකරම සත්ව හිංසාව නේ. අලි පැටව් හිර කරන්  ඉන්නවට වඩා දරුණුයි නේ සනා. අර තව ටිකක් දුරින් සිරා ක්ෂේම භූමියක් නේ තියෙන්නේ. වතුර ඕනෑ තරම් නාන්නද, දිය බුං ගහන්නද ඕන එකක්. නෙලුම් අල ද රට ඉඳි ද ඕන තරම්.  විසි කරනවා ඔය වතුර. නිදහස් කරනවා ඔය අහිංසක සත්තු ඔය බරින් " දුන්න නේද සිරා  ටෝකක්. අර විමලෙට එහා. ඉතින් කොහෙද වෙළෙන්දා කෑව ලණුව.  කෑව  නෙමේ ගිල්ල. මිනිහට අර නගරේ වැසියෝ දුන්න සුනාමි වෝනින් එකවත් ගණන් ගත්තේ නැහැ. වතුර ටික බිමට හලලා කෑමත් විසි කරල ගියා  සොමියේ. ගියා  තමයි. යනවා යනවා මොන වතුරද? හරකුන්ටත්  වතුර නැතුව අනාතයි. මොන ගැල්  අදිනවද. ඉතින් කට්ටිය වෙළෙන්දටත්  බැන බැන  වැටුන තැන නිදි. මෙන්න ඉතින් රෑ වෙලා යක්කු ටික කසියා බෝතල් ටිකකුත් අරන් නියම වේශයෙන්ම ඇවිල්ල ගණන් බේරුවලු ඇටකටු විතරක් ඉතුරු වෙන්නම.

ඔය අස්සේ අපේ දෙවෙනි වෙළෙන්දා යන්න ලෑස්තියලු. පොර යන්න කලින්ම දුන්නලු කතාවක්. " මේ කට්ටිය යන ගමනේ මුකුත් විස පැළෑටි කන්න  එපා විස සත්තු ඉන්නවා පරිස්සමින්. මන් අහල තියෙනවා වතුර , ක්ෂේම භුමි නැති කතරක් ගැන. යක්කු, කුම්භාණ්ඩයෝ පෙරේතයෝ ඉන්නවලු. එයි ගැල් පෙළපාලියේ ඇමතිකම් දෙන්න. ඒවා අල්ලස්. අහු වෙන්න එපා. කැසිනෝ ගහන්න කතා කරයි, අලුත් හයිවේ එකක් දාන්න කතා කරයි කාන්තාරේ හරහා. 10% දෙන්නන් කියයි. අහුවෙන්න නම් එපා පුතෝ. වතුර එහෙම කටේ තියන්න එපා මගෙන් නාහ. "
ඉතින් කට්ටිය ගියාලු. කාන්තාරේටත් ආවලු. අර වගේම ආවලු සියල්ල දත් යක් නායකයි රෑනයි වතුර හලාගෙන එහෙම. අපේ වෙළෙන්දා කීවලු කට්ටියට, මුන්ගේ ඇස් එලියට පනින්න වගේ. හොඳටම රතුයි. කසිය ගහපු ගොබිලො වගේ පෙන්නේ. වලියෙන් වගේ ටෝක දෙන්නේ. ගණන්  නොගෙන ඉමු කියල.  ඒ වුනාට කට්ටිය කුණු කුණු ගානවලු. වතුර තියේ නම් මොකටද මේව උස්ස ගෙන යන්නේ හෙම කියල. එතන හිටපු ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් එකේද කොහෙද බුවෙක් කිව්වලු , අපොයි මේ හරකුන්ගේ මානුෂික අයිතිවාසිකම් කඩ වෙනවනේ . වතුර හෙම විසි කරලා සහනයක් දෙමු කියල. බිබිසියෙන් ගමන කවර් කරන්න ආපු බුවා කියනවලු අපේ අසන්නෝ අප්සෙට් ගහයි මේ සත්ව හිංසනය, මානුෂික අයිතිවාසිකම් කඩ වෙනවට හෙම. වෙළඳ නායකයත් ආයේ අඟලක් හෙල්ලෙන්නේ නැතිව ගත්ත තීරණේ වෙනස් කරන්නේ නැතිව  කිවලු "අපි මේ  නියම වෙළෙන්දෝ. මිනිස්සු සත්තු ඔක්කොම අපි බලා  ගන්නවා. හම්බ වෙනකන් අතේ තියෙන දේ විසි කරන්නේ නැහැ." කියල ගමන ගියාලු. මෙන්න දුර යනකොට හම්බ වුනාලු යක්කු ගේම දුන්න ජනතාව, සත්තු ටික එක්කම . ඇටකටුයි කරත්ත රෝදයි විතරලු. පොරවල් රවුමට කරත්ත නවත්තල.  රාත්‍රිය පුරා  ගාඩ් එකක් දාල , උදේ එන කම් හොඳට නිදා ගෙන ගමන ගියාලු. අරගෙන ගිය භාණ්ඩත් විකුණා ගත්තලු.

ඉතින් මේ ජාතක කතාවේ මොරාල් එක මොකක්ද කියනවා නම් , අශිෂ්ටයන් මොන විධියෙන් ආවත් රැවටෙන්න හොඳ නෑ  මල්ලිලා නංගිලා. උන් දෙන මොත්තේ අහල රැවටිලා අහු වෙන්න එපා. කට්ටිය ඇටකටු ටික විතරයි ඉතුරු කරන්නේ.
හොඳ නායකයෙක් නම් අශිෂ්ටයන්ට යක්කුන්ට ඉඩ නොදී තමන්ගේ මිනිස්සු බේරා  ගෙන යන ගමන යන්න දන්නවා.  එහෙම නායකයෝ හොයා ගන්න එකයි ප්‍රශ්නේ.
-අශිෂ්ටයන් අතරේ ශිෂ්ටකම් පෑම මාරක විහිළුවකි කියල කිව්වේ යාළුවෙක්. 

55 comments:

  1. එහෙම ජාතක කතාවක්, ජාතක කතා පොතේ තිබුනේ නෑ.. එක්කෝ බ්ලොග් අජියා අපිට පොතක් දානවා.. එක්කෝ අපි ජාතක කතා පොත කියවලා නෑ...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටික දැක්ක හැටියේ මට උයා අනී මතක් වුණේ හිටං.

      Delete
    2. මාතා දන්නා ජාතක කතා. කියවල තියෙන්නේ බාගෙටද කොහෙද. මාතා මතක් වුනේ අර ගෑනු ඩෙවිල් දැකලද?

      Delete
    3. ඔය කතාවෙ වැඩේ අහුවෙන්නෙ බෝධිසත්වයන්ට වතුර තීන වහින පෙදෙසක් ලඟ තීනව කිව්වට වැස්සක් තියා වළාකුලක්, අකුණක හඬක් වත් ඇහෙන්නෙ නැති එකෙන්. ඕකෙ නම අපණ්නක ජාතකය.

      Delete
    4. ස්තුතියි නම දුන්නට. වෙනස් කළා.

      Delete
  2. අයියේ කොමියුනිස්ට්වාදය, පැසිස්ට්වාදය, සමාජවාදය , පානදුරාවාදය, ධනවාදය වගේ අපිට දිරවගන්න අමාරු රුසියන් ටෝක්ස් නැතුව මේ වගේ අමුවට දෙන්නකෝ .

    මේ ජාතක කතාව අමතක වෙලා තිබ්බේ. අපේ ළමයින්ට කියාදෙන්න බුක් මාර්ක් කරගත්තා..
    ස්තුති
    තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ,,, ඔය උඩ කමෙන්ට් එක දාලා තියෙන මයන්නා ආශ්‍රය කරන්න එපා වැඩිය

    ReplyDelete
    Replies
    1. ඔයාට ළමයිනුත් ඉන්නවද? මන්හිතුවේ ඉස්රාලේ පැත්තේ තවම කොලිජි යනවා කියල.ඔයා දන්නවනේ ජාතක කතාව.

      Delete
    2. ළමයින්ගෙද?

      Delete
    3. hi hi ප්‍රා ඔමා නංගිට තරහ යයි.

      Delete
    4. මං කිවුවේ දැන් මං තුටියට හිටියට ඔකු එලා මැරී කරාම හම්බෙන ළමයි ගැන අයියෝ

      Delete
    5. ඒකනේ අයියෝ , මේ ප්‍රා නම් ඇත්තමයි ................

      Delete
  3. ඉනික්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ.

    ReplyDelete
  4. පනහ පැනපු ගමන් මිනිස්සුන්ට බණ කතා මතක් වෙනවා කියන්නේ ඇත්තයි එහෙනම්!

    ReplyDelete
    Replies
    1. ^ ඔය අහගත්තේ... හික්ස්!

      Delete
    2. රසික මම පනහ ගහන්න කලින් ලියපු ජාතක කතා කියවල නැහැ වගේ. මෙන්න බලන්නකෝ.
      අන්ධභූත ජාතකේ
      http://kolambagamaya.blogspot.co.uk/2014/11/blog-post_8.html
      අම්බපාලි
      http://kolambagamaya.blogspot.co.uk/2014/10/blog-post.html

      Delete
    3. ඒ කියන්නේ පනහ පනින්න අවශ්‍ය ම නෑ, 2014 අප්‍රියෙල්වල හතලිස් නමය පැනලා පනස්වෙනි අවුරුද්ද ඇරබුණාට පස්සේ තමයි බණ කතා පටන් අරං තියෙන්නේ.
      සාදු, සාදු!

      Delete
    4. බුදු සරණයි , සුවපත් වේවා , නිවන් සැප ලැබේවා.

      Delete
    5. හෙහ් හෙහ් අජිත් මාමට වෙච්ච දෙයක් :D

      Delete
    6. මේකා තවමත් මාම කියනවනේ. පුත්තලම් බැසිල්ල දෙන්නෙක්ගේ වයස.

      Delete
  5. බුහ් හහ් හා.............. දුක හිතෙනව අප්පා...
    පව් නේද අර මාජ්ජය කාරයොයි ඇමිනෙස්ටි කාරයොයි...
    අර ඇටකටුස් දැකල හූ තිය තිය අඩන්න ඇති නේ...
    හම්මේ ඉතිම්

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඕන පැත්තකට හරවන්න පුළුවන්.

      Delete
  6. ඒ සත්ගුණවත් දෙවෙනි (පොරෝ) නායකයාගේ කෙළෙඹි පුතණුවන් ඉල්ලා වදාරන්නේ 10% නොව 12.5% ක අමුතු ආකාරයේ ඩිස්කවුන්ට් වර්ගයකි.
    එහෙයින් නැවත නැවතත් කිසිදු කටයුත්තක් සිදු නොවෙනා මට්ටමට වැටෙමින් පවතී.

    එවිට සිගි වන්නේ ජාතක නොව මුන්ගේ අවජාතක කමය

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඕන පැත්තකට හරවන්න පුළුවන් කියන එක තමා නැවතත් කියන්න වෙන්නේ.

      Delete
  7. //"අපි මේ නියම වෙළෙන්දෝ. මිනිස්සු සත්තු ඔක්කොම අපි බලා ගන්නවා. හම්බ වෙනකන් අතේ තියෙන දේ විසි කරන්නේ නැහැ."//

    හරිට මහින්ද මාමා දාවිත් මිලිබන්ඩා ටයි කොඋච්නර් ලොක්කටයි වැව අයිනේ දුන්න පොර ටෝක් එක වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ පොර ටෝක් ඉන්දියාවට දාන්න ගිහින් කොර වුණා වගේ.

      Delete
    2. මේ කතාව ඕන පැත්තකට හරවන්න පුළුවන්නේද සරසා.

      Delete
  8. මෙන්න අශිශ්ටකම්:

    http://mallepol.blogspot.com/2015/04/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. හැබැයි එතකොට සල්ලි දුන් ඔක්කොම හිරේ යනවනේ මචන්. පාර්ලිමේන්තුවේ කවුරුත් ඉතිරි වෙන එකක් නැහැ.

      Delete
  9. මරු. ටක්කෙටම ගැලපෙනව. වැඩේ තියෙන්නෙ ක්ෂේමභූමි තියනව කියල වතුර පොඩ්ඩක් මඩ ටිකක් පෙන්නපු ගමන් අපේ හරක් යක්කුන්ට යට වෙනව විතරක් නෙවේ යක්කු වෙනුවෙන් මරාගෙන මැරෙන්නත් ලැහැස්තියි.

    ReplyDelete
    Replies
    1. අර තව යකෙක් වෙනුවෙන් මරාගෙන මැරුන එවුන් ටික මතක් වෙනවා.

      Delete
  10. හත් ඉලව්වයි! මෙයත් ඉඳල ඉඳලා මාර කනේ පාරවල් තමයි ගහන්නේ!!

    ReplyDelete
    Replies
    1. කන රිදුනද දන්නේ නැහැ.

      Delete
  11. කාන්තාරේ ක්ෂේමභූමියක් කරන්න ආශ්චර්ය පාන්න ගිහින් වැඩේ අල කරගෙනත් දාලා යන්නේ නැති මලප්‍රේරේත කුම්භාන්ඩයින්ට රැවටෙන්න හොඳ නැහැ තමයි.

    ReplyDelete
    Replies
    1. කවුරුත් කාටවත් රැවටෙන්නේ නැතුව කවුරුත් කාවවත් රවට්ටන්නේ නැතුව ...අහ් වැඩක් නැහැ ...

      Delete
  12. ඔව් ඔව් දැන් දැන් ක්‍ෂේම භූමි පෙන්නගෙන තැනකට එන්නෙ.අපි නොදන්න යක්කු කිව්වලු.

    ReplyDelete
    Replies
    1. අප නොදන්නා හැලපේ කිව්වලු

      Delete
  13. සැර අඩු කරලා පොඩි මෙන්ඩියාට කියලා දෙනවා.

    ReplyDelete
    Replies
    1. පොඩ් මෙන්ඩියට පින්තුර පෙන්වන්න එපා. ඒත් වැඩක් නැහැ පොඩ්ඩ "සිරස" බලනවා ඇති නේ.

      Delete
    2. අයියන්ඩි අපේ ගෙදර ටිවි නැත

      Delete
    3. ඒ මොකෝ , එහෙම ගෙවලුත් තියෙනවද?

      Delete
    4. ඇයි මගේ ගෙදර
      ටිවි නැත
      රෝඩියෝ නැත
      සෝෆා නැත
      පුටු සෙටි නැත
      ලැප්ටොප් නැත
      ඉන්ටර්නෙට් නැත
      කෑම මේස නැත
      ශිතකරන නැත

      Delete
    5. තාත්තා ඉන්නේ ඒ ඇති,,, මට පොඩි කාලේ හිටියේ තාත්තයි තාත්තගේ පුස් සයිකලෙයි, අපේ කාර්ඩ් බෝඩ් ගේයි මරු අනේ

      Delete
    6. මෙන්ඩ එතකොට ඉන්ටනෙට් ගිහින් මේවා ලියන්නේ කොහොමද? හිතෙන්ද?

      Delete
    7. ඔමා
      ඇත්තටම හේතුවත් අපි තුන්දනා ලැබෙන පොඩි වෙලාවෙත් එකට ඉන්න එක නැතිවෙයි කියලා ටිවි නැත්තේ..අනික මගේ සදු කැමති මගෙන් ලෝකය දකින්න.
      අඡිත් අයියන්ඩි
      Office එකේදි..ගෙදරට Office එක අරන් එන්න එපා කියලා දෙන්නම මට නිතියක් දාලා තියෙන්නෙ ඉතිං මම ගෙදර යන්නෙ Office එකේ පාපිස්සෙන් කකුල් දෙක පිහදාගෙන.

      Delete
  14. මේං මේ ඉට්ටැයිල් එකට ජාතකයක් දෙසාගෙන ඉමු බොසා මගුල් කොමියුනිස්ට් ජාතක පොත පුච්චලා. එළකිරි!

    ReplyDelete
    Replies
    1. ඔයාට (දැන් මේ කියන්නේ මාධවී ටද මධාවියටද දන්නේ නැති නිසා ) කියන්නේ ඩාර්ලින් , මචං අපිත් කැමතියි ඒවා නොලිය ඉන්න. නමුත් මේ කොමිනිස් කියල පිස්සු කෙලින කොට ලියන්න වෙනවනේ. අඩුම ගානේ අපි කියෙව්වේ තේරුම් ගත්තේ එහෙම නෙමේ කියන්න වත්.

      Delete
  15. අපිනම් දැන් යක්කු කියනදේමයි අහන්නේ.මහ යකාට තියන පවර්ස් අජිත් අයිය දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මොන යකාද ඒ ? ගෙවල යකාද ? රීරි යකාද ? මහා සෝනද ?

      Delete
  16. ජාතකේ අමතක වෙලා උන්නේ. වෙලාවට මතක් කරලා දුන්නේ. මේ කතාවත් ඕන අතකට හරව ගන්න පුළුවන්. එළ කිරි.

    ReplyDelete
    Replies
    1. එළ කිරි නෙමේ බං වතුර වතුර .ජාතකේ අමතක කරන්න එපා කියල කෑ ගහන නඩේකුත් ඉන්නවා නේද ?

      Delete
  17. අජිත් අයිය ලියන ඉස්ටයිල් එක දැන් වෙනස් කරලා තියෙන්නෙ පනහත් පැන්න නිසා වෙන්න ඇති ;). හොඳයි හොඳයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඒ ඉස්ටයිල් එක?

      Delete
  18. ඉස්සරහට ක්ෂේම භූමියක් හම්බ වෙයි ද ?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල නායකයා තෝරාගෙන ඊට පස්සේ පාර හොයාගෙන ක්ෂේම භුමියේ අක්ෂාංශ දේශාංශ හොයාගෙන ගමනේ යා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .