Monday 27 April 2015

එම්බා ගෙම්බා , පැන යනු පැන යනු පැන යනු , ඇන්නෑවේ


මට පළමු වරට තානාපති තුමෙකු හෙවත් ඇම්බසඩර් කෙනෙකු හමු වීමට යෙදුනේ 1987 සෝවියට් දේශයේදීය. ඒ මම සෝවියට් දේශයේ සමස්ත ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වූ පසු එහි කාරක සභාව තානාපතිවරයාට හඳුන්වා දීමට සහ කිසියම්  ශිෂ්‍ය ප්‍රශ්න කීපයක් සාකච්චා කිරීමටය. එතැනදී මම එවකට සෝවියට් දේශයේ තානාපති ලෙස කටයුතු කල කෘත හස්ත දක්ෂ තානාපතිවරයෙකු වූ නෙවිල් කනකරත්න මහතාට ආමන්ත්‍රණය කලේ මිස්ටර් කනකරත්න කියායි. එහිදී සම ලේකම් වරයෙකු ලෙස පත්වූ සාලිය මට වැලමිටෙන් ඇන ඇන  කීවේ "මචන් H.E කියපන්. H.E කියපන්. " කියායි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කලක් සේවය කල, නීති වේදියෙකු හා පසුව දේශමාන්‍ය සම්මානයද ලැබූ කනකරත්න මහතා  ඉතා නිහතමානී අයෙකු විය. මා  ඔහුට එසේ නොකීම ඔහුට ප්‍රශ්නයක් නොවුණු අතර ඉන්පසු මම ඔහුට සර් කියා ඇමතීමි.  ඔහු පදවියෙන් ඉවත්ව යන තුරුම ශිෂ්‍යයන් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේය. ඉන් පසු පත්ව ආ  රොඩ්නි වැන්ඩහාර්ට් ද එසේමය. මේ දෙදෙනාම career diplomat හෙවත් වෘත්තීය තානාපති වරු, එනම් විදේශ අමාත්‍යංශයේ සේවාවෙන් ඉහළට පැමිණි අයයි. ඒ දිනවල පළමු ඇමති (first minister) ලෙස කටයුතු කල ටී  බී මඩුවේගෙදර මහතාත් සිසුන් සමග සහයෝගයෙන් සුහදව කටයුතු කළේය.
ඉන්පසු සෝවියට් දේශයේ තානාපති හා අනිකුත් නිලතල වලට පැමිණි බොහෝ අය එය ජාත්‍යන්තර හොර බඩු  වෙළඳ මධ්‍යස්ථානයක් කල අතර (අපද එයට තරමක් දුරට වග කිව යුතුය. නමුත් අප ශිෂ්‍යයන්ය. ආණ්ඩුවේ පඩි ලබන්නන් නොවේ)  සමහරු එය නීත්‍යනුකුල  නොවන මත්පැන් අලෙවි මධ්‍යස්ථානයක් බවට ද පත් කළහ.
එවකට අප සමග සමකාලීන සිසුවකුව සිටි උදයංග වීරතුංග 2006 දී සෝවියට් දේශයේ තානාපති පදවියට පත්වුණි. ඔහු පත්වීම ලැබූ  අලුතම වාගේ  ලන්ඩනයේ මිතුරන් පිරිසක් සංවිධානය කල සුහද හමුවකදී මට ඔහු මුණ ගැසුණි. එතැනදී ඔහු මිතුරන්ට කලේ දේශපාලන කතාවකි. එතැනදී ඇතිවූ සාකච්චාවකදී යුද උපකරණ මිලදී ගැනීමේ දී වන අක්‍රමිකතා ගැන ඔහු පැවසුවේ එවැනි දෑ  පසුගිය රාජ්‍ය සමයන්හි අනන්තවත් සිදුවූ  බවත් ඒවා විකුණන ආයතන කොමිස් වැනි දේවල් සඳහා දිරි දෙන බවත්ය. මෙය සම්පුර්ණ ඇත්තකි. කොමිස් දීම යුද වෙළෙන්දන් අනිවාර්යයෙන්ම කරන දෙයක් වන අතර යහපාලන තියා  සමාජවාදී ආණ්ඩුවක් ආවත් කොමිස් ලබා ගැනීමෙන් ගැලවීමට ඒ හා සම්බන්ධ වන දේශපාලකයන්ට හා තානාපතිවරුන්ට ඉතා අසීරුය. බලෙන්ම ඇඟේ  ගසන හෙයිනි.  දුවලා බේරෙන්නට වත් බැරිය.
උදයංගට තිබෙන චෝදනා ගැන ඕනෑ තරම් ලිවී ඇති  නිසා  මෙහිදී කතා කිරීමට අවශ්‍ය නැති අතර ඔහු තානාපතිවරයෙකු ලෙස රුසියාවේ සිසුන් සමග සුහදව කටයුතු කල බවත් , එහි වැඩ කටයුතු ගැන "මොස්කව් පුවත් " නම් සඟරාවක් මගින් ප්‍රචාරය කල බවත් දනිමි. දේශපාලන පත්වීමක් වුවත් රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඔහු අවශ්‍ය තැනදී උදව් කල බව සැවොම කියති.

මගේ බිරිඳ වරක් ශ්‍රී ලංකාවට යෑම  සඳහා වීසා ගැන ඇසීමට ලන්ඩනයේ තානාපති කාර්යාලයට කතා කල අවස්ථාවේ එහි හරි හැටි ඉංග්‍රීසි වත් කතා කල නොහැකි කාන්තාවක් ප්‍රශ්න ඇසීම ගැන මගේ බිරිඳට අසභ්‍ය වචනයක්ද භාවිතා කරමින් බැණ වැදී තිබුණි.  තානාපති කාර්යාලයක වැඩට අඩුම ගණනේ  එක ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගත යුතුය කියා නීතියක් වත් ලංකාවේ විදේශ අමාත්‍යංශයේ නැතුවා විය යුතුය. එසේත් නැතිනම් මේවා තනිකරම දේශපාලන පත්වීම්ය.  මේ ඉංග්‍රීසි ප්‍රශ්නය ලන්ඩන් කාර්යාලයේ නිතර ඇතිවන තත්වයක් බව බොහෝ දෙනා  කියති.

මැද පෙරදිග ඇත්තේ ඊටත් වඩා දරුණු තත්වයකි. එහි තානාපති කාර්යාල තිබෙන්නේ තානාපති ලාට හා අනිකුත්  නිලධාරීන්ට වෙළඳම් කිරීමට හා වෙනත් දුෂිත ක්‍රියා වල දීමටය. මේ තානාපති ගෙම්බන් එක තැනකින් තව තැනකට පනිමින් උදර පෝෂණයේ යෙදෙමින් යහතින් කල් ගෙවති. තමන් පත් කර එවූ රටේ ජනතාවට සේවය කිරීම කල යුත්තේ වෙන  රටවල තානාපතිවරු විය යුතුය. දේශපාලන පත්වීම් ලබාගෙන බොහෝ අය එන්නේ තමන්ගේ ගතමනාව හදා ගෙන නිවාඩුවකුත් ගත කර , ළමයින්ටත් ඉගැන්වීම් කරගෙන යන්නටය.

මේ රැලට අළුතින්  එකතු වී ඇත්තේ නේපාලයේ තානාපතිය. ඔහුට ඇති චෝදනාව නම් පසුගියදා ඇතිවූ භූමිකම්පාවෙන් අතරමන් වී  සිටි අනිකුත් ජනයා  සමග ලංකාව බලා ඒමට සිටි දේශපාලන රැකවරණ ලත් ජන මාධ්‍ය වේදීන් තිදෙනෙකුට ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයිමයි. ඒ ගැන මෙතනින් කියවන්න.  ඔහුත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් සේවය කල  යුත්තේ ශ්‍රී ලාංකිකයන් හට බව ඔහු නොදන්නේ නම් ඒ බව දන්නා කෙනෙකු පත් කර එවීම විදේශ අමාත්‍යංශයේ යුතුකමය.

අප විසින් කලයුත්තේ මේ තානාපතින් හා අනිකුත් නිලධාරීන් තමන් පත් කල රටේ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ පිලිබඳව ඉතා සක්‍රිය ලෙස විරෝධය පල කිරීම, ඔවුන් හෙළි දරව් කිරීම හා ඔවුන් වෙනුවට වැඩ කල හැකි නිලධාරීන් පත් කර එවීමට රජයන්ට බල කිරීමයි.

42 comments:

  1. අජිත්,
    මට ප්‍රශ්න දෙකතුනක් තියෙනවා.
    ඔබ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට චෝදනා කරන්නේ ඔබ සඳහන් කරන කරුණු සියල්ලම අතැඹුලක් සේ පුද්ගලිකව දැනගෙනද?
    එසේ නොමැති නම් මාධ්‍ය වලින් පළකරන අදහස් මතද?
    මාධ්‍ය පළකරන අදහස් 100%ක් ඇත්ත යැයි ඔබ සිතනවාද?
    මේ සම්බන්ධයෙන් නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ප්‍රතිචාරය විමසීමට නොසිතුවේද?
    එසේ විමසුවේ නොමැති නම් මෙම දොස් පැවරීම ඒක පාර්ශවික නොවේද?
    එසේ කිරීම සාධාරණද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත....

      Delete
    2. හැලපේ මේ ලිපියේ තිබෙන http://sinhala.lankanewsweb.net/news/16725-2015-04-26-10-48-06 එක කියව්වද? නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට අවශ්‍ය නම් right to reply යටතේ උත්තරයක් එව්වොත් එය පල කල හැකිය. මෙය සිදුවූ එක අයෙකු නම් ලංකානිව්ස්වෙබ් අඩවියේ උප කතුවරයෙකු වන කුමී හෙවත් කුමුදු ටය. මා නෙලුම් යාය ලිපි මුලදී දැමුවේ ලංකානිව්ස්වෙබ් අඩවියටය. මට බිසී වෙලාවට එය කලේ කුමුදුය. මෙය මීට වඩා පෞද්ගලික විය නොහැක.

      Delete
    3. තවත් පෞද්ගලිකව කියනවා නම් ලංකානිව්ස්වෙබ් ඩවියේ කතුවරයා බිරිඳ දෙන කෑම කා හොඳ තමන්ගේ ඇඳේ වැතිරී නිදන විට, මටත් නිදන්න ඇඳක් කන්න කෑමක් තිබෙන විට අප දන්නා අයෙකු ඒ කිසිත් නැතිව ඇඳ සිටි ඇඳුම පිටින් යාමට තැනක් නැතිව පන්සලක මුල්ලක නිදන ආකාරය සිහියට නංවා ගැනීමත් දුෂ්කරය.

      Delete
    4. අජිත්,මා ඒ ලිපියත් කියෙව්වා.තානාපතිවරයා උත්තර එවාවිද නැද්ද යන්න මම දන්නේ නෑ.නමුත් හිතවත්කම්වලට මාධ්‍යය අවභාවිතාවේ යොදවා ඇති ආකාරය අතිශය ශෝකජනකයි.මේ සම්බන්ධයෙන් බොහෝ දේවල් කීමට ඇතත් ඒ සියල්ලම නොමැතිව මා පුංචි කතාවක් කියන්නං.
      සෝවියට් ලේඛකයෙකු වූ ගෆුර් ගුල්යාම් විසින් ලියන ලද සිංහලට පරිවර්තනය කර ඇති "මගේ හපන්කම්" පොත ඔබ කියවා ඇති.ඒ පොතේ එක තැනක කියැවෙන දෙයක් මට මතක්වුණා.
      මිනිසුන් කණ්ඩායමක් රස්මාට් හජ්ජිට මැරෙන්නටම පහරදී මලායින් පසු ඔවුන් විසිර යනවා.පහරදුන් මිනිසෙක් තව එකෙකුගෙන් මෙහෙම අහනවා.
      ඒයි අර අපි ගැහුවෙ කාටද?ඒ මිනිහා මොනව කලාටද?
      මමත් දන්නෙ නෑ මොකක් හරි වෙන්න ඇති !
      ඒ වන විට හජ්ජි මියගොස් හමාරයි.

      Delete
    5. හැලපේ, මෙතන කොහෙද මාධ්‍ය අවභාවිතාවක් වෙලා තියෙන්නේ? අපි කියන එක වැරදි නම් තානාපතිට පුළුවන් උත්තර බඳින්න. එයා තවම එහෙම කරලා නැහැ. අපි අර සම්මාන දුන්න වගේ කුමිල කවුරුත් මේ මාධ්‍ය වලට වැඩ කරනවා කියල දන්නවා මිසක් ඒ මිනිස්සු වැටිලා ඉන්න අසරණ තත්වෙට අපි උදව් කල යුතුය කියල කරනවා මිසක් මෙඅ අවභාවිතව වෙන්නේ කොහොමද? සමහර විට මේ තානාපති ඔබ දන්නා අයෙක්ද? එහෙම නම් පොස්ටුවක් දාන්න අපි පල කරන්නම්. අපේ මාධ්‍ය භාවිතාව හැම වෙලේම සාධාරණව කරන්න තමා බලන්නේ. එත් මුන් කියන්නේ උන්ට චෝදනා අවහම ඒක පුද්ගලික පහරදීම , දේශපාලන මඩ ගැසීම්. ඊළඟට හිරේ නෙමේ යන්නේ ඉස්පිරිතාලේ. ඔක්කොම පොඩි මිනිසුන්ට තම ප්‍රශ්න. අපි හෙට අනිද්දට මැද පෙරදිග ප්‍රශ්නත් අදිනවා. එතකොටත් ඔය කතාම කියයි. අපේ යාලුවෝ ඉන්නේ මැද පෙරදිග නිසා කියල. ප්‍රශ්නයක් නැහැ. මේ සම්බන්ධය මම ලිව්වෙත් ඔයා අහපු නිසා. මම හරියටම දනගෙනද ලියන්නේ කියල. මේ ලිව්වෙත් ඉතා සංයමයෙන් හිතේ තියෙන ආවේගය පිට නොකර.

      Delete
    6. //හැලපේ, මෙතන කොහෙද මාධ්‍ය අවභාවිතාවක් වෙලා තියෙන්නේ? අපි කියන එක වැරදි නම් තානාපතිට පුළුවන් උත්තර බඳින්න.//

      අම්මට සිරි... මීට් පස්සෙ හැමදාම උදේ නැගිට්ට ගමන් ම අජිත් ලාගෙ වෙබ් සයිට් එක කියවන්න ඔනේ... මා ගැන නොම්මර එකේ මඩක් ගහල තිබ්බොත්, ඒක කියවලා අනේ මම එහෙම එකක් කලේ නැතෝ කියලා කොමෙන්ට් කලේ නැත්තන් වැරද්ද මගේමයි.....

      අර ඇවන්ගාර්ඩ් සේනාදිපති ට මඩ ගහලා ඌ චැලෙන්ජ් කලාම අනුර කුමර දිසානායක වික්‍රමසින්හ දුන්නෙත් ඔය උත්තරේ මයි...

      Delete
    7. ඉතින් මචෝ මේක ටෙලෙෆොන් කෝල් ඇවිල්ල වෙච්ච දේ දැනගෙන ලියපු එකක්නේ. බොරුවක් නම් ප්‍රති උත්තර දෙන්න පුළුවන්. දැන් උඹ අම්බානක මඩ ගහන්නේ. මඩ වැදිච්ච උන් දන්නෙත් නැහැ උඹ උන්ට නෙලලා කියල. මන් ඉඳහිට උඹේ ඒවා දාන්නේ උන්ට උත්තර දෙන්න. උන ඒවා නොකරනවා කියන්නේ එක්කෝ දැකල නැහැ. එක්කෝ උන් වරද පිලිගන්නවා. නැත්නම් උඹල අපි වගේ කබ්බෝ කියන දේ උන් ගණන් ගන්නේ නැහැ . කරන වැඩේ කරගෙන යනවා. එකට උඹයි මායි පලි නැහැනේ බං.

      Delete
    8. අජිත් මහත්තයෝ... ඔබ තුමා මාද්යවේදියෙකි...

      මම තුමා මඩ කාපර් කෙනෙක් මි.

      ඔබ තුමා මගේ තත්වයට වැටෙන්න එපා... අපට මාද්යවේදියෝ උවමනායි....

      Delete
    9. කවුද කිව්වේ මම ජන මාධ්‍ය වේදියෙක් කියල? මම වැඩ කරන වෙලාවට පරිගණක ඉංජිනේරුවෙක්. වැඩ නැති වෙලාවට බ්ලොග් ලියන්නෙක් සහ සංස්කාරක කෙනෙක්. ඔයාගේ මද කාපර් ඒවා මමත් කියවනවා. විරුද්ධ මතය නොදැන කොහොමද? තියෙන්න ඕනේ නේ.

      Delete
    10. බ්ලොග් වලින් කරන්න තියෙන්නෙ මේ වගේ කරුණු දැක්වීමක් තමයි. හැලපෙට අවුල් වගේ උනාට මෙතන මහලොකු දෙයක් නෑ. [\ඔහුට ඇති චෝදනාව නම්\]. චෝදනාවක් තියනව. දෙනව නං උත්තර දුන්නාවෙ.

      Delete
    11. ඒක ඇත්ත මචන්. උත්තර දුන්නොත් මෙතන උනත් දානවා.

      Delete
  2. එකට ඉගෙනගත් අයෙක් නම් වීරතුංගට තව ටිකක් විතර සුදු හුණු ගාන්න තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. එකට ඉගෙන ගෙන .නම් නැහැ. දෙපාරක් විතර හමු වෙලා තිබෙනවා. මෙහිදී ඔහුගේ අනිත් වැරදි ගැන ඕනෑ තරම් ලංකානිව්ස්වෙබ් ඇතුළු වෙබ් අඩවි වල ලියවෙනවා. නමුත් ඔහු රුසියාවේ සිටි සිසුන් සඳහා උදව් දීමේ පිළිවෙතක් අනුගමනය කලා. සුදු හුණු ගෑමකට වඩා සත්‍යය පැවසිමක්.

      Delete
  3. /* කොමිස් ලබා ගැනීමෙන් ගැලවීමට ඒ හා සම්බන්ධ වන දේශපාලකයන්ට හා තානාපතිවරුන්ට ඉතා අසීරුය. බලෙන්ම ඇඟේ  ගසන හෙයිනි.  දුවලා බේරෙන්නට වත් බැරිය.
    */

    පව් අනේ ඒක් නම් පූරුවෙ පවක්. මට ඇඬෙන්නත් ආවා. රට වෙනුවෙන් නේ ඒ සේරම කරන්න වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. එපා කියද්දී ඇඟේ ගහනවා ඇතිනේ. හරිම පව්.

      Delete
  4. ඕස්ට්‍රේලියාවේ හිටපු තානාපති ගේ වැඩකිඩ ගැන මාත් ලිපියක් ලිව්වා. එයට සබැඳියක් පසුව යොදන්නම්.

    එහි මා ලියූ පරිදි දැන්නම් විදේශ සේවයේ වෘත්තිකයින්ට ලැබෙන්නේ යුධ කලාපවල තානාපති තනතුරු පමණයි.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist
      http://rasikalogy.blogspot.com/2015/02/sri-lankan-high-commissioner-in.html

      Delete
    2. මේක මන් කියෙව්වා. නෙලුම්යායෙත් ගියා .

      Delete
  5. http://www.divaina.com/2015/04/28/sports04.html

    ReplyDelete
    Replies
    1. ඒ යානය තමා අද එකහමාරට එන්නේ ලංකාවට. දැන් ඇවිත් ඇති. මිනිස්සු නැග්ග ගත්තට පස්සේ සිදුවුණා දෙයක් මේක. අර කට්ටිය තවම පන්සලේ.

      Delete
  6. අජිත් නෙවිල් කනකරත්න මහතා 19 අනූ ගනන් වල මියගියා. උදයංග වීරතුංග මට 1989 කියෙව් නගරයේදී මුණ ගැසී තියනවා. ඒ කාලයේ ඔහු හොඳ පුද්ගලයෙක් , නමුත් බලය , අසීමාන්තික ධනය මිනිසා නොමගට යොමු කරනවා. ඔහු ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. මටත් උදයංග මොස්කව් වල මුණ ගැසී තිබෙනවා.

      Delete
  7. තනාපති සේවය ගැන ගොඩක් දෙවල් දන්නෙ නෑ..
    මගේ පියාටත් එක වරක් තනාපති සේවය සදහා අවස්තාව ලැබුනත් දේශපාලන හේතුන්මත ඒ අවස්ථාව නැතිව ගියා.

    ReplyDelete
    Replies
    1. තානාපති සේවයට එන හැමෝම නරක නැහැ. ඕන තරම් හොඳ කට්ටිය ඉන්නවා.

      Delete
  8. තානාපති සේවය ගැන නම් කතා කරලා වැඩක් නෑ, මම මේ ආවේ ගෙම්බන්ට බනින්නේ මොකද කියලා බලන්න

    ReplyDelete
    Replies
    1. හි හි හි හි හි , උදේ පාන්දරම හිනාවක් දුන්නාට ස්තුතියි.

      Delete
  9. ඒ මාධ්‍යවේදීන් ගෙන එන්න බැරි වුනේ පාස්පෝර්ට් වල ප්‍රශ්නයක් නිසා කියලා මංගල පාර්ලිමෙන්තුවේදී කියලා තිබ්බා.
    කොහොමත් පහුගිය කාලේ පුරාවට විදේශ සේවයෙන් පිට කරන ලද තානාපති පත් කිරීම් වලින් රටට සිද්ධ වුනේ වාසියක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒ පස්සේ කියන කතාවනේ ඔලුව බෙර ගන්න. අනුර කුමාර අහලා තිබ්බ ප්‍රශ්නෙට පිළිතුර හැටියට.

      Delete
  10. කොහොමත් අපේ විදේශසේවය නැවත හෝදා ගොඩගත යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ට කියන්නේ ඕනේ ඒගොල්ල ඉන්නේ තමන් පත් කරපු රටේ ජනතාවට සේවය කරන්න කියල. කොහෙද දේශපාලකයොත් එහෙම නැති කොට.

      Delete
  11. තානාපති සේවය ගැන ලොකු අත්දැකීමක් නැහැ, හැමෝම කියන නිසා නරකයි කියන එක දන්නවා.
    මම හිතුවේ පනින උන් ගැන කියද්දී මේ ගෙම්බෝ ගැන කතාවක්ය කියලා

    ReplyDelete
    Replies
    1. හොඳ තැන් තැන් වලට පනින කට්ටියනේ.

      Delete
  12. ලංකාවෙ විදේශ සේවයත් දූෂණයට ලක් වෙම්න් තිබුනෙ. බලමු ඉදිරියේ යලිත් කුමක් සිදුවේද කියා. විදේශ සේවය කියන්නෙන කොයි රටෙත් වංචා දූශන අක්‍රමකතා පිරුනු තැනක්.ඒ වගේම කුමන්ත්‍රණය.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේයි කියලත වැඩි වෙනසක් වෙයිද ?

      Delete
  13. අර ක්ෂෙනුකා නෝනා ගැනත් ඔය වගේ කතාන්දර අහන්න ලැබුණ...

    ReplyDelete
  14. තානාපති සේවයට පහුගිය කාලෙ ගිය ඇත්තෝ බැලුවම නේපාලෙ හොදයිනෙ සීයෙ. මැද පෙරදිග එක්ක බැලුවම .... හොඳා....යි!

    ReplyDelete
    Replies
    1. මධාවියයි හලපෙයි දෙන්නට නේපාලෙන් නිකන් ටිකට් එකක් වත් ලැබිල තියෙනව. හිටන්. මද පෙරදිග නම් කතා කරන්න එපා. අපොයි.

      Delete
  15. ඔය පුද්ගලයත් දේශපාලන පත්වීමක් නෙවෙයි කැරියර් ඩිප්ලොමැට් කෙනෙක් කියලයි මං අහල තියෙන්නේ

    ReplyDelete
  16. Ajith ayya. Mama iye indala oyage blog eka kiyawanta patangaththa mula indala agata. UK wala LONDON embassy eka gena natath blog ekaka post ekak liyanta hithuna. Mata hoda experience thiyenawa un gena liyanna. Me blog eka patta sira. Jaya wewaa..!!

    ReplyDelete
    Replies
    1. අන්න ලියන්න. ෆුල් සප් එක දෙන්නම්. ඕව ලියන්න අය නැහැ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .