Wednesday 8 April 2015

අන්තරේට කඳුළු ගෑස් - රාජකීයට ටැබ් - ඇත්තටම රනිල්ට පිස්සුද

අන්තරේ ගුටි කන්න පෙළපාලි යාම වැරදි බවත්, අරගල ක්‍රම වෙනස් කල යුතු බවත් කියා කට ගත්තා  විතරය. රනිල් සිසුන්ට කඳුළු ගෑස් දීමට අමතරව තවත් අංඤ කොරොස් කතාවක් ද කියා තිබේ. ඒ පාසල් සිසුන් සඳහා ටැබ් ලබා දෙන බවත් මුල් අදියරේදී රාජකීය විදුහලට ටැබ් 1000ක් දෙන බවත්ය. (යොමුව ලංකා ඩේලි ).
එක්කෝ රනිල්ට පිස්සුය. එහෙම නැත්නම් රනිල්ට උපදෙස් දෙන අයට පිස්සුය.

මා උගත්තේත් රාජකීය විදුහලේය. උගත් විදුහල් මාතාවට ගරු කිරීමේත් එයට නොයෙකුත් පහසුකම් හැකි ආකාරයෙන් ලබා දීමේත් ගැටලුවක් මට නැත. එය සතුටට කාරණයකි. බොහෝ අය පෞද්ගලිකවද තමන් උගත් විදුහල් වලට හා එහි නවක සිසුන්ට උදව් කරති. රාජකීය විදුහලේ නොයකුත් වසර වල උගත් කණ්ඩායම් 82, 83, 84 ආදී වශයෙන් මේ උදව් කරති.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අමතක කරන්නේ ඔහු අගමැති වුයේ රාජකීය විදුහලට හෝ කොළඹට පමණක් නොව මුළු රටටම බවය. අන්තරේ සිසුන් කපා  ඇති මහපොළ සහනාධාර ඉල්ලා පෙළපාලි යද්දී එයට කඳුළු ගෑස් ගැසුවේ රනිල්ගේ උවමනාවට විය හැකිය. සිසුන් රජයේ හෝ පුද්ගලික දේපලට  හානි නොකරන තාක් කල් පොලිසියට ඔවුන්ට කඳුළු ගෑස් ගැසීමට හෝ බැටන් චාර්ජ් කිරීමට හේතුවක් නැත.  සිසු ඉල්ලීම් මොනවාද යන්න ගැන  පසන් ජයතිලක ලංකානිව්ස්වෙබ් හි  ලියු ලිපියක  දක්වා ඇත.

එසේ වුවත්  රනිල් සිසුන් ඉල්ලා සිටින සහන වලින් කිහිපයක් හෝ ලබා නොදී ටැබ් ලබා දීමට කතා කරයි. ඇත්තෙන්ම අප විසින් බ්ලොග් හා පුරවැසි ජන මාධ්‍ය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන අවධියක ටැබ් ලබා දීම පැසසිය යුත්තකි. නමුත් රාජකීය විද්‍යාලයටම නොවේ. එසේ නම් තෝරාගත් විදුහල් කිහිපයකට එය ප්‍රදානය කල හැකිය. නො එසේ නම් තෝරාගත් විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙකුට ප්‍රදානය කල හැකිය. එසේත් නැතිනම් මහජන පුස්තකාලය, හා අනෙකුත් විශ්ව විද්‍යාල වල පුස්තකාලවල තබා පොදු ප්‍රයෝජනය සඳහා භාවිතයාට ගැනීමට  පුළුවන.
 රනිල්ට ඔහු දෙනවා යයි කියන මේ ටැබ් රාජකීය විදුහලට  මුලින් දීමට පොරොන්දු වීම සම්බන්ධයෙන් කිසිම සාධාරණ  හේතුවක් මට නොපෙනේ.
1977 ජේ ආර් ජයවර්ධන මහතා චන්දය දිනු පසු රාජකීය විදුහලට පැමිණියේය. එතැන රනිල්ද තරුණ ඇමතිවරයෙකු වශයෙන් සිටියා  මතකය. ලලිත් ඇතුලත්මුදලිද සිටියේය. ජේ ආර් කලේ අපට (රාජකීය විදුහලට )  දින තුනක් නිවාඩු දීමයි. එය ඔහුගේ අතින්  පයින් වත් රටේ ජනතාවගේ බදු මුදලින් යන්නක් වත් නොවේ.  ලලිත් ඇතුලත්මුදලි නමැති ආදී රාජකියයා මහපොළ ඇති කර දිළිඳු සිසුන්ට උදව් කළේය. දැන් මේ රජය එය කප්පාදු කරනවා යැයි  චෝදනාවක් පවතී.
 රනිල්ට චන්ද අවශ්‍ය නම්, ජනතා සහයෝගය අවශ්‍යනම් කල යුතුව තිබුනේ ආදී රාජකීයයෙකු ඇති කල මහපොළ ශිෂ්‍යත්වය වැඩි කරනවා යයි කීමය. නැතිව මිනිසුන්ගේ බදු මුදලින් තමන් උගත් පාසලට ටැබ් ලබා දීම නොවේ.
  රාජකීය  විදුහල් ශිෂ්‍යන්ට ටැබ් දුන්නා කියා ඔවුන්ගේ  දෙමාපියන්වත් රනිල්ට චන්දයේ දේ යයි සැක සහිතය.
-අජිත් ධර්මකීර්ති
(මේ ලිපියේ සඳහන් දේ කර්තෘගේ පෞද්ගලික දේශපාලන අදහස් පමණි.  වෙනත් කිසිම වෙබ් අඩවියක හෝ පක්ෂයක මතවාදයක් මෙයින් නිරූපණය  නොකෙරේ.)

46 comments:

  1. ජේ ආර් පප්පා අද බලේට ආවා නම් එයා කරන්නෙත් මේක. අද ඉස්කෝල කියන්නේ පිස්සු මළ හෝන්තුවක්..

    මේ වැඩේ නම් නෙමෙයි.. ඒත් රට පාළණයෙදි නම් එයා සිරිසේනගේ ගුලියක් අම්බානක කනවා හොදි නැතුවම. මේ රටේ ජනාධිපති රනිල් නෙමෙයිනේ. ඒත් සිරා රනිල්ට බෑඩ් මාක්ස් දීලා ස්ටාර් පොයින්ට් එයා කලෙක්ට් කර ගන්නවා... ළඟදිම ඔක්කෝගෙම රෙදි ගැලවෙනවා.. දැන් සිරි ලංකා කාරයෝ එලිපිටම සිරාට විරුද්දයි... 70 ක් මහින්ද එක්ක ඉන්නවා කියන්නේ වැඩේ ලේසි නෑ.. දෝශාභියෝගයක් උනත් ගේන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මෙහෙම් ගියොත්. එක්කෙනෙක් හම්බන්තොටට විතරක් කරනවා. තව කෙනෙක් අත්තනගල්ලට. තව කෙනෙක් රාජකියෙට. පොලොන්නරුවටත් කොරනවද ? හේ හේ

      Delete
    2. 93දි අගමැති වෙලා ඉස්කෝලෙට ආවම ඔක්කොන්ටම නවරඟහල පිටිපස්සෙ අලියා බීම ලිමිට්ලස් හම්බුනා මතකයි

      Delete
    3. අතින් දෙන ඒවා හරි රාජකියෙට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් ගෙන් හරි අරන් දුන්නට ප්‍රශ්නයක් නැහැ.

      Delete
  2. මේ රටේ තියෙනවා ගණිතය විශයට රටේ හැම පාසලක්ම සහභාගී වෙන තරඟයක් . ඒකෙන් දිනන ලමයින් තෝරලා ඒ අයට සහතිකයි තෑගියි දෙනවා. මට මතකයි ගිය අවුරුද්දෙ ඒ ලමයින්ට ටැබ් දුන්න. එයාලට උගන්නපු ගුරුවරුන්ටත් ටැබ් දුන්න. ඒක කරන්නෙ රජයෙන්. මුලු රටෙන්ම තෝරපු ළමයින්ට දෙන්න උනත් ටැබ් 1000ක් ඇති වෙයි මගෙ හිතේ. එහෙම දෙයක් කලාම ළමයි උනත් උනන්දු වෙනවා.

    ReplyDelete
    Replies
    1. එක හොඳයි. එක පාසලක් කියල විශේෂයක් නැහැනේ.

      Delete


  3. රනිල් නියම ටොය්යන්ට සලකනවා....

    ඔහු වෙන්ඩ පොශ් ආරෝපිත "ටොය්යෝ" සත පහකට වත් මායිම් නොකරයි....

    මොන පැත්තට ගියත් අපි ගොඩ!

    ReplyDelete
    Replies
    1. නියම ටොය්යන් කියන්නේ දැන් ඉන්න උන්ද? වෙනද පොෂ් කියන්නේ පොෂ් නැති අපි වගේ උන්ද? මම නම් කවදාවත් පොෂ් වෙන්න උත්සාහ කර නැත. ඇති වැඩකුත් නැත. කොළඹ ගමයා කියන්නේ කොළඹ බයියා යන්නයි. මෙන්න වෙන්ඩ පොෂ් අය ගැන කතාවක්. http://kolambagamaya.blogspot.co.uk/2014/04/1_29.html

      Delete
  4. රනිල් මාරයි.
    රනිල්ගේ ඇගේ ලේ රතු පාටයි.
    එයාගේ ඇගේ ලේ වලින් උපදින අදහස් ෆිල්ටර් කරන්නේ නැතුවම එලියට එනව.
    ඉදහිට තිරුපති පැත්තේ ගිහිල්ල බුල් කෙලිනව තමයි.
    ඒත් ලංකාව ගෝත්‍ර වලට බෙදල පාලනය කරනව නම් එක ගෝත්‍රයක් පාලනය කරන්න කියාපු මනුස්සයා.

    මචං අන්තරේ සිසු අරගල ගැන මගේ අදහස ගොලුබෙල්ලෙක්ගේ පිටේ ලීව. ඌ ඒක කොයි වෙලාවේ හරි උබට සහ හුදී ජනයාට දකින්න සලස්වයි.

    ReplyDelete
    Replies
    1. මචංඋඹ මට දැන් බනින්නේ නැත්තේ ඇයි කියන එක මට මාර ප්‍රශ්නයක්. ඇඟ නිකන් හීතල වෙලා. ගොළු බෙල්ලා ප්‍රංශ කාරයෙක් උයලා කාල කියල ආරන්චියි.

      Delete
  5. රනිල් දෙමලෙන් කතාකරනවා බලන්න ලස්සනයි. රනිල්ගෙ සැලසුම් මාරයි.

    ReplyDelete
    Replies
    1. දෙමලෙන් කතා කරනා අහල නෑනේ. අර ටෙලි පම්පරේ ද මොකක්ද එකකින්ද? සැලසුම් නම් ඉතින් "මරාම " තමා.

      Delete
  6. යහපාලනේ අතුරු ඵල....
    දැන් සනීපද?

    ReplyDelete
    Replies
    1. මල්ලියේ ඔයාට තේරෙන්නේ නැති බොහෝ දේවල් තිබෙනවා වගේ.
      1. මේ බ්ලොගය යහපාලනයට තියා මොකෙකුටවත් කඩේ ගියේ නැත.
      2.මේ යහ පාල නයේ අතුරු ඵල වලට නම් මම බොහෝ කැමතිය.
      හේතු නම්:
      A . රනිල් මට තර්ජනාත්මකව ටෙලිපොන් පණිවිඩයක් කලේ නැත.
      B . මට මෙය ලියා ඊයේ රෑ භයකින් තොරව හොඳින් නින්ද ගියේය.
      C. මගේ ලංකාවේ සිටින සහෝදර සහෝදරියන් මරන්නට තර්ජන ආවේ නැත.
      D. උන්ගේ ගෙවල් වලට පහර දෙන්නට කවුරුත් ගියේ නැත.
      E. මගේ පැටිකිරිය සොයා සිඅයිඩිය ගෙවල් ගානේ ගියේ නැත.
      මේ යහපාලනය නම් මම මේකට කැමතිය. කලින් නොතිබු මේ නිදහස නැති කල එවුන් නැවත එන්නේ නම් උන්ට කියන්නට තිබෙන්නේ පරණ ක්‍රමය නැවත ගෙනාවොත් ඊලග පාර තොලොන්ජි වෙලා යන්නම දෙන බවය. අපි පෞද්ගලිකව කිසිවෙකුට අකමැති නැති අතර ලංකාව වැනි රටකට ආදරය කරන හැම අයෙකුටම අපිත් ආදරේය.

      Delete
  7. අර කාරියවසම්ට උගෙ ලීඩර්ටවඩා මොලේ තියනවද කොහෙද. මිනිහ කියල තිබුන මෙහෙම ගියොත් කොලඹ ජනප්‍රිය පාසල් වල 20,000 ක් විතර ඇඩ්මිට් කරයි කියල අනාගතයේ. ඉස්කෝල ලොකුවෙන්න වෙන්න ඉස්කෝලයක් කියන ගතිය අඩුවෙනව. සිසුන් ගාණ අඩු කරනවනම් ඔය දෙමාපියන් ආදි සිසුන් ගෙන් ලැබෙන සම්පත් වුනත් පාසල් ගනනාවකට බෙදී යනව.
    නවසීලන්තෙ ඉන්න මගෙ ක්ලාස් මේට් කෙනෙක් කිව්ව එහෙ මිනිස්සු විස්වාස කරන්නෙ නෑලු ඔහු සිසුන් 5000කට වඩා ඉන්න ඉස්කෝලෙකට ගියා කිව්වහම.

    මෙහෙ ජනගහණය වැඩි එක ඇත්ත ඒත් එක ඉස්කෝලෙකට 2500 උපරිමය ගැලපෙනව

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මම දැකපු හොඳම අධ්‍යාපන විධි ක්‍රම තිබ්බේ සෝවියට් දේශයේ, පින්ලන්තයේ සහ නැගෙනහිර ජර්මනියේ. පංති සංඛ්‍යාව පොඩියි. ඉස්කෝල පොඩියි. ඉස්කෝල වලට නම් වෙනුවට නොම්මර තිබෙන්නේ. ගුරුවරුන්ට ළමුන්ට උගන්වන්න ලේසියි. කවුරුවත් ලොකු පොඩි නැහැ. ටොයියෝ බයියෝ නැහැ. 2500 වුනත් වැඩියි. වැඩේ කියන්නේ මේ ක්‍රමය එංගලන්තේ භාවිතා කරන්නේ පෞද්ගලික පාසැල් වල විතරයි. ඒ නිසා පෞද්ගලික පාසල් වලට ළමයි දාන්න දෙමාපියෝ පොර කනව.

      Delete
  8. අන්තරේ විහින් ගුටි කෑමයි පස්සේ රාජකීය විදුහලට ටැබ් දෙන්න ඒකේ ආදි සිසුවන්ගේ අවධානය යොමු කිරීමයි කියන්නේ දෙකක්. මේක හරියට සෝමපාලගේ ලොකු දුව පැනලා ගියා, ආරක්ෂක අමාත්‍යංශය මොකද කරේ කියලා ඇහුවා වගේ. කොහොමත් පිකට් එකක් පාරේ කරද්දි පොලීසියෙන් ගුටි කෑමේ අවිඥානික ආසාවක් සමහරුන්ට තියෙනවා. මිනිස්සු 1000ක් විතර රටේ රාජ්‍ය ගොඩනැගිල්ලකට කඩා පනින්න හදනවා නම්, මහපාර අවහිර කරනවා නම් බලය පාවිච්චි කරලා ඉවත් කරනවා හැර විකල්පයක් නෑ.
    අපි අකමැති වුනත් පිළිගන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි ලංකාවේ ගොඩක් දෙමව්පියො කැමතියි තමන්ගේ ළමයා රෝයල් එකට දාගන්න.එතකොට මෙවැනි කතාවකින් ඒ දෙමව්පියන්ට තවත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. හරියට තමන්ගේ ලමයා දොස්තර කෙනෙක් කරන්න වුවමනා වගේ.

    ReplyDelete
    Replies
    1. අමුතු සිතුවිලි ..

      Delete
    2. //මිනිස්සු 1000ක් විතර රටේ රාජ්‍ය ගොඩනැගිල්ලකට කඩා පනින්න හදනවා නම්, මහපාර අවහිර කරනවා නම් බලය පාවිච්චි කරලා ඉවත් කරනවා හැර විකල්පයක් නෑ.// එහෙම එකක් වුනේ නැහැ මම හිතන්නේ. විරවංශ ගේ නුගේගොඩ රැස්වීමේදී පාර අවහිර වුණාම ගැහුවේ නැත්තේ ඇයි?
      //අන්තරේ විහින් ගුටි කෑමයි පස්සේ රාජකීය විදුහලට ටැබ් දෙන්න ඒකේ ආදි සිසුවන්ගේ අවධානය යොමු කිරීමයි කියන්නේ දෙකක්// දෙකක් වෙන්නේ කොහොමද? ආදී සිසුන්ගෙන් සල්ලි අරන් දෙනවා නම් (මමත් ආදි සිසුවෙක්) ප්‍රශ්නයක් නැහැ. රජයේ මුදලින් අරන් දෙන්න නේ යන්නේ. ඒවා මහා ජනතාවගේ බදු සල්ලි. එකෙන් ඉස්සෙල්ලම නිදහස් අධ්‍යාපනේ නංවන්නයි ඕනේ. මේ සල්ලි රනිල්ගේ පෞද්ගලික් බුදලය නෙමේනේ. පෞද්ගලික බුදලය කියල හිතන් හිටිය කට්ටියක් මහා ජනතාව ගෙදර යැව්වනේ.

      Delete
  9. රනිල්ට ඉන්න උපදේශකයො මෑන්ගෙ ගිය ආත්මෙ හතුරොද කොහෙද! යන යන තැන නාගන්න සිද්දවෙන උපදෙස්මයි දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නා ගන්නවද අනා ගන්නවද ?

      Delete
    2. බස්සි
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  10. මේ සම්බන්දයෙන් පැරා ගේ පිටුවේ ස ර ස තුමා විසින් පල කල මඩ කොමෙන්ටුවක්:


    Sa rasaApril 8, 2015 at 10:57 PM

    සත්යය නම් නියම ටොය්යො බිහිවෙන්නෙ රාජකීය විද්යාලයෙන් පමනයි....

    හැමෝම දන්නා පරිදි රනිල් හිතුවෙත් ටොය්යො බිහිවෙන්නෙ රාජකීය විද්යාලයෙන් පමනයි කියලා.... එයා දැනගෙන හිටියෙ නැහ පහුගිය මැතිවරන කාලෙදි සිරිකොත මාජ්ජ මඩ කාර්යාලය විසින් බහුතර යන එන මං නැති හුටං ලා ව ටොය්යන්ට ඇන්දුවා කියලා... මහා විද්යාල ගච්චපු හූරාලටත් ටොය්ය කියලා ආරොපනේ වෙන්න ඉඩ පහසුකම් සලසල දුන්නා කියලා

    ඒ ආරෝපිත ටොය්යෝ පස්ස පැත්ත උඩ දාගෙන රනිල් ව අගමැති කරන්න කොච්චර නං කට්ටක් කෑවද මෙයා??

    රනිල් තාම හිතන්නේ ඔහු ට රජකම් කරන්න ලැබුනේ සත්ය වසයෙන් ම ටොය්යන් වූ රාජකීයයො නිසා කියලයි...

    ඒකයි රනිල් රාජකීයයන් ට අත දිග ඇරල සලකන්නේ...
    බලන්නකො ලඟදීම එයා තවත් රාජකීයයෙක් වන දිනේශ් ව විරුද්ද පක්සෙ නායක තුමා කරන ආකාරය...

    පැරාල, රාජ්ල, කුර්ටු ගෑ ගී පවුර ලා, විචාරක අන්කල් ල එහෙම ඔය රාජකීයයන් ට ඊරිසියා කරන එක නවත්වලා ඊලඟ මැතිවරනෙදී නැවතත් පෝස්ටර් බැනර් එහෙම එල්ලලා රනිල් තුමා ව නැවත බලයට ගේන්න අදිශ්ටාන කර ගන්න මෙයාලා...

    ReplyDelete
    Replies
    1. රනිල් හිතන විධිහේ කිසියම් ප්‍රශ්නයක් තිබෙනේව කියල මටත් වැටහෙනවා. හැබැයි අර තංගල්ල පැත්තේ රිසල්ට්ස් එහෙම එක පාර වැඩි වෙනකොටත් ඕකම නේද වුනේ. මන් දන්නා විධිහට රනිල් ෆේස්බුක් ජාලයේ හා බ්ලොග් ක්‍රියාකාරීන්ට පැවැත්වූ තේ පැන් සංග්‍රහයේ මම දන්නා කිසි කෙනෙක් හිටියේ නැහැ. මේ බ්ලොග් කට්ටිය ඊට වඩා ස්වාධිනයි. රනිල් ඒ නිදහස දෙන එක වටිනවා. සරසා උදව් කලේ කලින් හිටි කට්ටියට නම් කියන්න, ඔවුන් අපව තහනම් කරලා මරන්න අඬු කඩන්න හැදුවේ ඇයි කියන එක. එඅට උදව් කරපු එක ඇමැත්තෙක් දැන් මේ පැත්තේ. හිනා කාල මැරෙනවා ඒවාට නම්.

      Delete
    2. ස ර ස නමෙන් පල කරනා කොමෙන්ටු සීයට අනූ නවයක් විතර උපහාසාත්මකයි. මේ කොමෙන්ට් එකෙත් මඩ කොමෙන්ට් කියලා කලින් ම දැම්මේ ඒකයි....

      මම කලින් හිටි කස්ටියට වත් යහපාලන කස්ටියට වත් උදවු කරන්නේ නැහැ... හැබැයි පහුගිය කලෙ යහපාලක අනුගාමිකයන් ව බයිට් එකට ගත්තා .. තනිකරම ගොන් පාට් කොමෙන්ට් වලින්...

      ලෝකෙ කාලා වතුර බීපු මහින්ද මාමගේ හොඳ කියනකොට හෝ අන්තිම අහින්සක සිරිසේන රනිල් චන්ද්‍රිකා වැනි අයගේ නරක කියනකොට කා හට හරි රිදෙනවනම් මට පාන්ද?

      හැබැයි මම ඒ එක වෙලාවකවත් යහපාලන අනුගාමීන්ට තර්ජනය කිරීමටවත් ඔවුන් ගේ කොමෙන්ට් දැමීමට ඇති අයිතිය චැලෙන්ජ් කලේ වත් නැහැ....

      මම දන්නා පරිදි මහින්ද කියන්නේ ලංකාවෙ පහල වෙච්චි නොම්මර එකේ ඇම්ඩන් කෙනෙක්.. ඒක මම කොයි වෙලාවකවත් නැහැ කියලා නැහැ...

      මගේ පැති ගැනීම ඔපමන්යි...

      කලින් කොමෙන්ට් එකක තිබ්බ පරිදි, අජිත් ට කවුරුහරි මහින්ද ගෙ ඇමෑත්තෙක් පාට් දැම්මද බොග් ලිවීම පිලිබඳව? කවුද ඒ ඇමෑත්තා? අපිවත් ඒ ගැන දැනුවත් කලානම් නරකද...

      Delete
    3. මං ඒක දැක්කා. එකනේ අපට පුලුවන් වෙලාවට ඇවිත් ඔබේ බ්ලොගයේත් කොමෙන්ට් දාන්නේ. මචන් අනවශ්‍ය දේවල් දැන් අනවශ්‍යයි නේ. දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැත සතුරෝත් නැත කියල කවුද බුවෙක් කියල තියෙනවා ලු නේ. ගුරා හිටගෙන කරන කොට ගෝලයෝ දුව දුව කරනවා වගේ වැඩ නේ අන්තිම අවුරුදු දෙකේ වුනේ. රජාගේ හිත ගන්න එක එකා උඩ පැන්න එක නේ වුනේ.

      Delete
    4. පිස්සු කතා කියන්න එපා මාස්ටර්....

      කොන්ද කැඩෙන තරමට දැනෙන රස්සාවෙ මහන්සිය නිවෙන්න අහක යන සරපයන්ට හා යහපාලන ටොය්යන්ට නිර්නාමික බයිට් සපයලා ඊට ප්‍රතිඋත්තර ලෙස රාජකීය ලෙස බයිට් වෙලා ලබා ගන්නා ජොලිය නිසා ම අපේ මහන්සියත් නැති වෙනවා.... ඉතින් බය්ට් නොදී ඉන්නේ කොහොමද...?

      මහින්ද ලොක්කා ගොඩ ගියොත් අපට තමා අස්පෙට්... වෙන මොකක් හරි කුනුහරපයක් හොයා ගන්න වෙනවා බයිට් දෙන්නයි බයිට් වෙන්නයි...

      Delete
  11. අජිත් මහත්තය ඉතින් ඔය Physics දන්න මනුස්සයනෙ.... බැරිද අපිට ඉස්තිතික විද්යුතයේ ආරෝපනය ගැන කියලා දෙන්න......

    පහුගිය කාලෙ යන එන මං නැති අපමන හාදයෝ සැට් එකක් සිරිකොත මන්දිරය හරහා ටොය්යො ලෙසට ආරෝපනය වෙච්චි විදිය අපට එතකොට තේරුම් ගන්න පුලුවනි...

    ReplyDelete
    Replies
    1. මම නම් දන්නේ නැහැ ඕක. සිරි කොතත් එක්ක කෙලින් ගනුදෙනුවක් මගේ නැති නිසා කියන්න අමාරුයි.

      Delete
  12. ඇර පැරාගේ එකේ කිව්වා දේම තමයි කියන්න තියෙන්නේ මෙතැනදීත්.

    //රනිල් ගේ අරමුණු හොඳ වුනත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ගැටළු බොහොමයි.පළපුරුදු දේශපාලකයෙක් විදියට තවමත් රනිල් සාමන්‍ය ජනතාවගේ චින්තනය හදුනා නොගැනීම හෝ නොසලකා හැරිම ඔහුට වගේම පක්ෂයටත් හානියක්.//

    ReplyDelete
    Replies
    1. ඔව්. මිනිස්සු හිතන විධිහ ගැන දැනීම අඩු බවක් පේනවා නේද .

      Delete
  13. නංගිලාට මල්ලිලාට චේන්, බ්‍රේස්ලට් දෙනවා වගේ කතාවක්...
    නමුත් ඔහු ආදී සිසුවෙක් නිසා රාජකීය සිසුන්ට ටැබ් අරගෙන නොදී ඉන්න එකකුත් නැහැ...

    කෙසේ නමුත් අන්තරේ සිසුන් පෙළපාලි යන්න අරලිය ගහ මන්දිරය වෙත එන්න හේතුව මට හිතා ගන්න බැහැ...
    මෙතැනදී ප්‍රධාන මාතෘකාව සම්බන්ධව කවුරුත් කෙළින් කතා කරපු බවක් මම දැක්කේ නැහැ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද ප්‍රධාන මාතෘකාව ? අන්තරේද එක ගැන කස්ටිය ලිව්වනේ. කොච්චර ලිව්වත් මදි මාතෘකාවක් ඒක.

      Delete
    2. අන්තරේ උන් කතා කරන මාතෘකාව...

      Delete
    3. මේකද http://sinhala.lankanewsweb.net/art-news/16421-2015-04-01-19-53-51

      Delete
  14. අන්තරේ කැඳවුම්කරු හැටියට රාජකීයෙක් පත් කරමු,

    ReplyDelete
    Replies
    1. හිටිය නේද ? වෙනුර එදිරිසිංහ ත් (89 මරා දැමුණු ) රෝයල් නේ ගියේ. අරූ ගේ පන්තිවල.

      Delete
    2. ඔව් , හැබැයි එදා සහ අද තත්වය හාත්පසින්ම වෙනස්, රජයන් හැසිරෙන විදිහේ සහ සිසුන් හැසිරෙන විදිහේ

      Delete
    3. ඒක ඇත්ත. එහෙනම් කියමු අන්තරේට රාජකියෙක් දාන්න කියල. :)

      Delete
    4. නරකද සකල ලංකා වාසී රාජකීය විද්යාල වල එකමුතුවක් හදලා ඒක අන්තර් රාජකීය ශිය්ශ්ය බලමන්ඩලේ කියලා නම් කරොත්.

      1. කොලඹ රාජකීය
      2. පොලොන්නරු වල් රෝයල්
      3. පානදුර රාජකීය
      4. ගැටඹේ රාජකීය
      බ්ලා බ්ලා බ්ලා

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. one laptop per child ව්‍යාපෘතිය ලෝකය පුරා විවිධ රටවල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියකි. http://one.laptop.org/
    මෙහිදී සිදුවන්නේ අඩු වියදම් අඩු විදුලි පරිභෝජනයක් සහිත ලැප්ටොප් පරිගණක දරුවන් හට ලාබාදීම සහ ඒහා සම්බන්ධ අධ්‍යාපන ව්‍යාපෘතියක දිගුවක්ලෙස ක්‍රියාත්මකවීමයි.මෙය අතිසාර්ථ තත්වයෙන් පවත්වාගනීමට උත්සහ දරන සහ ඉන් ථල ලබබිමින් යන රටක් ලෙස උරුගුවේ රාජ්‍ය හදුන්වා දීමට හැක.ඒහා සම්බන්ද documentary එකකි මේ.. https://www.youtube.com/watch?v=wxMLDZN77uo
    අවාසනාවකට මට නම් මේ රනිල්ගේ රාජකීය ටැබ් 1000 ව්‍යාපෘතිය එවන් පරිනත,සැලසුම් ගත සහ මුලු මහත් රටේ අධ්‍යපන අවශ්‍යතා අනාගත,අරමුණු වෙනුවෙන් ගන්නා පියවරක් ලෙස මටනම් සැලකිය නොහැක. මේහා සම්බන්ධ වීඩීයෝ ලින්ක් කීපයක් පහත දක්වා ඇත.
    https://www.youtube.com/watch?v=c-M77C2ejTw
    https://www.youtube.com/watch?v=tj4T2LkG3Pg https://www.youtube.com/watch?v=rpRRivQgpjc https://www.youtube.com/watch?v=6jaGrvbQLhg

    ReplyDelete
    Replies
    1. ඒක තමා කියන්නේ. දැන් ඕක කොච්චර හොඳ වැඩක්ද හැමෝම එකතු කර ගෙන. අර උඩ සරද කිව්වා වගේ ගෝත්‍රික වෙන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක් නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .