Wednesday 6 April 2016

නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 2


දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 පවත්වන බව අප දැන්වූයේ 2015 අප්‍රේල් මාසයේය.  අප සමග එවකට එකතුව සිටි බ්ලොග් කරුවන්ගේ හා මිතුරන් ගේ නම් ඒ ලිපියේ දැකිය හැක. ඒ මාතලන්, කල්‍යාණ මිත්‍ර, බස්සි ගේ නවාතැන , දිලා ගේ ලෝකය, මනා ගේ පින්තාරුව, ඉවාන් පව්ලුෂා, අටම්පහුර, අජිත් පැරකුම් (W3ලංකා) හා ප්‍රාජේ ය.

අටමා අවසන් මාස කිහිපයේ ඉවත්ව සිටි හෙයින් ඔහුට හැර ඉහත කී බ්ලොග් හා කොමන්ට් කරුවන්ට වැඩ සටහන දන්වා මුල්ම ඊමේලය යැවුනේ 2015 දෙසැම්බර් 18 වනදාය. ඒ සඳහා තවත් බ්ලොග් කරුවන්ට ආරාධනා කල යුතුය කී නිසාවෙන් ඉහත සඳහන් අයට අමතරව ලංකා නිව්ස් වෙබ් හි උපුල් නිශාන්ත හා චන්දිම විතාන ආරච්චි, රන්දිකා , හිමාශි, මම දසයා , කටුස්සා , සුරංග, කුරුට්ටෝ , මධු මාධවී , විදානේ , සින්දු ඇනෝ, සහන් , මනා, ලොකු පුතා කැලුම්, රවී, නාලක ගුණවර්ධන හා ඉයන් ද ඊමේල් ගොන්නට එකතු වුනි. මින් ඇත්තටම ක්‍රියාශිලිව සංවාදයට තමන්ගේ අදහස් ද එකතු කරමින් ඉදිරිපත් වුයේ ඉවාන්, කල්යාන මිත්‍ර, මාතලන්, බස්සි, කැලුම්, කුරුට්ටෝ, සුරංග වැනි කිහිප දෙනෙකි.

එදින සිට මාර්තු මාසය දක්වා ඊමේල් ත්‍රෙඩ් දෙකක 220 කට අධික ඊමේල් සංඛ්‍යාවක් හුවමාරු වුනි. දවසේ වැඩ සටහන (agenda) හැදුනේ එලෙසය. බස්සි විසින් නාට්‍යයක් සොයා ගැනීමට තරු රසී හඳුන්වා දීම නිසා ඇයද අන්තිමට එම මේල ගොනුවට එක් විනි. තරු රසි විසින් නාට්‍ය දෙකක් යෝජනා කල අතර දෙවන නාට්‍යය "ආණ්ඩුවේ රස්සාවක්" හි පිටපත මාත් චන්දිමත් කියවා බලා අනුමැත කෙළෙමු.

මෙහිදී වඩාත් උද්යෝගයෙන් යෝජනා එව්වේ සුමිත්, බස්සි, ඉවාන් සහ මාතලන් බව නොකියා බැරිය.
මේ අතර අපේ විනිශ්චය කරුවන්ගෙන් නිර්දේශ හා ලකුණු ලැබෙන්නට විය. පාර්ශ්වීය නොවනු පිණිස බස්සි ඇතුළු කිහිප දෙනෙකුට ඔවුන් නිර්දේශ වී ඇති බව දැන්වූයෙමු. බස්සි ඇතුළු කිහිප දෙනෙක් සංවිධාන කටයුතු වලින්  ඉවත් වුයේ මින් පසුවය. මගේ බ්ලොගයේ නිර්දේශ නම් කර ඉන් පසු ඒවා නෙලුම් යායේ පල කෙරුවෙමු. මෙහිදී විනිශ්චය කරුවන්ට ලකුණු එවීමට නිතර නිතර මතක් කර දීමට සිදු වුනි. මේ අතරේ මියාගල කටයුත්ත සඳහාද ඊමේල් 100 කට අධික සංක්‍යාවක් හුවමාරු වුනි. කල්යාන මිත්‍ර (සුමිත්), ඉවාන් පව්ලුෂා (ප්‍රගීත්) සහ මාතලන් තමන්ගේ බ්ලොග් අඩවි නිර්දේශ කිරීමෙන් ඉවත් කර ගත්තේ අපක්ෂපාති වීමටය. "සොඳුරු සිත" හා තවත් බ්ලොග් අඩවි කිහිපයක් එසේ මුලදීම ඉවත් වුනි.

මේ අතරේ සයිබර් අවකාශයේදී පමණක් දැන හඳුනා ගත් බ්ලොග් කරුවෙකු මුලින් නිර්නාමිකවද පසුව බ්ලොග් අඩවියේ නමින්ම ඉදිරිපත් වී සියලුම ත්‍යාග මුදල් සඳහා දායකත්වය දීමට එකඟ වුනි. මෙය අප බලාපොරොත්තු නොවූ සුභ ලකුණක්ම විය. නෙලුම් යාය සම්මාන උළෙලට මුල් වරට වඩා පිලි ගැනීමක් ලැබෙන බවට හැඟවීමක් ඉන් ලැබිණි.

නාලක ඇතුළු පිරිස ගෙන් නිර්දේශිත බ්ලොග් සඳහා ලකුණු ලැබුනේ මාර්තු මුල හරියේය. කල්‍යාණ මිත්‍රයා තමන්ගේ නිර්දේශිත බ්ලොග් කලින්ම එවා තිබුනත් එහි ප්‍රශ්නයක් තිබු බැවින් එය සංශෝධනය කර එවන්නට නැවත ඔහු වෙත යැවුණු අතර නෙළුම් යායේ පලවූ ලිපි වලින් මුල් කොටස තෝරා ඉන්පසු අනිත් බ්ලොග් අඩවි සිසාරා නිර්දේශිත බ්ලොග් කියවීමේ කාර්යය ඇරඹුවෙමු. මතලන්ගේ සින්ඩිය මෙන්ම මෙවර අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය බොහෝ මහෝපකාරී වූ බව සඳහන් කළ යුතුය. බ්ලොග් සින්ඩි වලට සම්මානයක් දීමට යෝජනා වූ මුත් එයට වැඩි කැමැත්තක් නොතිබුනේ අංශ 18 කින් ස්ථාන 54 කට සම්මාන දෙන බැවිනි. ප්‍රථම වරට තමරී කුලම් නැමති අපේ සහෝදර දෙමල වෙබ් අඩවියේ තෝරා ගැනීම් තුනකට මේ සමගම සම්මාන දීමට තීරණය විනි.

බ්ලොග් නිර්දේශ කිරීමේදී කවුරුන් කා සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න, ඔවුන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ග්‍රන්ථ රචකයන්ද යන්න ආදිය සැලකිල්ලට ගැනුනේ නැත.  පරිවර්තන සඳහා නිර්දේශ කිරීමේදී අති විශිෂ්ඨ පරිවර්තනයක් රැගෙන ආ "සිහසුනට තරඟ වැද " බ්ලොගය නිර්දේශ නොකෙරුනේ අප එක් ලිපියක් බ්ලොගයෙන් තෝරාගෙන සම්මාන දීම නිසා හා බ්ලොගය දැනට නවතා ඇති නිසා ඒ පිලිබඳ චෝදනා එල්ල විය හැකි බැවිනි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම සංවිධානයෙන් පෙන් ඩ්‍රයිව් එකක් ඇතුළු තෑගි පාර්සලයක් ලබා දිය හැකි බව දැන්වීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැන්නක් සහභාගී කර ගැනීමට වූ යෝජනාවෙන් නෙළුම් යායේ පුරවැසි මාධ්‍යකරණය බල මුළු ගැන්වීමේ වැඩ පිළිවෙලට ලැබෙන ගැම්ම සලකා බලා එය පිලි ගැනීමට තීරණය කෙරුවෙමු.


අප විසින් මෙවර සංගීත කණ්ඩායමකට ගිය වර මෙන් ආරාධනා කරන්නට නොසිතුවේ බ්ලොග් කරුවන්ට තැනක් දීමටය. මනා, සජ්ජා, සහන් හා තවත් බ්ලොග් කරුවන් කණ්ඩායමක් මේ සඳහා ඉදිරිපත් වෙනවා කියා කියුවත් අවසානයේදී සජ්ජා සහ මනා පමණක් ඉතිරි වුනි. එසේම අවශ්‍ය ශබ්ද වාහිනී යන්ත්‍ර (sound systems) ද නොලැබෙන සෙයක් දිස් වුනි. මේ නිසා අවසන් මොහොතේ ඉවාන් පවුලුෂා තමන්ගේ අතින්ද මුදලක් දී සංගීත කණ්ඩායමක් කැඳවා තිබුණි. ඒ සඳහා ඔහුට අපේ ස්තුතිය හිමි වේ.

ඉයන්ගේ අඩවියේ ඉයන් ගායන ශිල්පී අජන්ත පිරිස් ගෙන්වා ඉදිරපත් කල අංකයට ස්තුති වන අතර අමාරුකම් අන්දමේ භාර ගත් ගායනයන් සජ්ජා  හා මනා විසින් මැනවින් ඉටු කළෝය.

මේ වර උළෙලේදී නෙලුම් යාය විසින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කල බ්ලොග් කරුවන්ට නෙලුම් යාය hall of fame විශේෂ සම්මාන පිරි නමන්නට තීරණය කෙරුවෙමු. ඒ සඳහා නාලක ගුණවර්ධන තෝරා ගත්තේ බ්ලොග්කරණය මෙන්ම සමාජ ජාල භාවිතය හා නවීන සන්නිවේදන මාර්ග ගැන හසල දැනුමක් ඇති ඔහු කරන සේවය අගැයිමටය.

දෙවන විශේෂ සම්මානය සඳහා නම් කිහිපයක් යෝජනා වූ අතර ජාතිවාදයට ආගම්වාදය ට එරෙහිව බොහෝ ලිපි මෙන්ම කවිද රචනා කර සමහර බ්ලොග් කරුවන්ට අතහිත දුන් රසික සූරියආරච්චි තෝරා ගතිමු. මෙහිදී ඔහුට එල්ලව තිබු චෝදනාද සැලකිල්ලට ගත් බව සටහන් කරමු. ඔප්පු කල නොහැකි චෝදනා වලට වඩා බ්ලොග් ජනප්‍රිය කිරීමට ඔහුගෙන් සේවයක් වුණිය යන්න පිලි ගැනීමට අප මැලි නොවුනෙමු. මෙහිදී ඔහුට මා ඒ පිළිබඳව දැන්වූ පසු අප විමතියට හා බලවත් සතුටට පත් වුනේ ඔහු සම්මානය ගැනීමට ඕස්ට්‍රේලියාවේ සිට එන බව දැන ගැනීමෙනි. ඊශ්‍රායලයේ සිට ඔමාද සම්මාන උත්සවය ඉලක්ක කර ගනිමින් පැමිණි අතර මේ දෙදෙනාම එසේ කරමින් අපේ උළෙලට ගෞරවයක් ලබා දුන් බව සිතමු.

 ඔමා මෙන්ම හිරු නැතී හෝරාවේ කෞශි ද පාසල් සිසුන් සඳහා අප ගෙනයන ආධාර වැඩ පිළිවෙලට තම සම්මාන මුදල් ප්‍රධානය කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.


62 comments:

  1. /* මෙහිදී ඔහුට එල්ලව තිබු චෝදනාද සැලකිල්ලට ගත් බව සටහන් කරමු. ඔප්පු කල නොහැකි චෝදනා වලට වඩා.... */

    මගේ "තොරතුරු දැනගැනීමේ" අයිතියට ඉඩ දෙමින් මා ගැන නැගුණු චෝදනා මෙහි සටහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මාත් කැමති ඒ චෝදනා මොනාද කියා දැනගන්න... අපිටත් අයිතියක් තියෙනවා නේ හිටං

      Delete
    2. තොරතුරු දැනගැනීමේ පනත තාම සම්මත උනේ නෑ මම හිතන්නේ :)

      Delete
    3. රසිකට ඇති චෝදනා මොනවද කියලා අපිත් දැනගන්න කැමතියි....

      නිකමට අහන්නෙ මේ චෝදනා පිටිපස්සෙ ඉන්නෙ අටම නේද.... ඌට තියෙන්නෙ පන්ති ඇරියස් එකක්....

      Delete
    4. පනත සම්මත වුනානේ. මේවා එළිපිට කතා කරන එක හොඳයිද. අපෙත් රහස් තියෙන්න එපැයි . අර අහිංසක අජිත් පැරකුම් බැනුම් අහන තරම අපෙන් සම්මානයක් අරන්. මං මේ ලිපට දාන්න කියන්න ඉන්නේ. මේක මෙච්චර වැදගත් කියල මමවත් හිතුවේ නැහැ. gang ඔෆ් clowns කියල කොමෙන්ට් දාල වද දෙන්න තරම්. හා හා :)

      Delete
  2. මා ඒ උත්සවයට සහභාගි වුණේ ඇයි කියා මගේබ්බ්ලොගයේ ලිව්වා. පසුව ඈඳන්නම්.

    ලංකාවෙන් පිට වෙසෙන දිනෙෂ් උමගිලිය සහ හෙන්රි වර්ණකුලසූරිය ද මේ උත්සවයට පැමිණ සිටියා.

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය සම්මාන ප්‍රදාන උත්සවය පිළිබඳ මගේ සටහන-
      http://rasikalogy.blogspot.com/2016/03/my-highlights-of-awards-ceremony.html

      Delete
    2. ස්තූතියි . මෙය නෙලුම් යයේ පල කර ඇත

      Delete
    3. රසිකගේ සඳහනේ සම්මාන උළෙලටම ආව වගේ කියල හිතෙන්න පුළුවන් නිසයි ලියන්න හිතුණෙ. හැබැයි සම්මාන නිර්දේශ වෙලා ලිබුණෙ නැති නිසා එහෙම කියන්නත් බැහැ තමයි.
      දැනට කරන රස්සාවෙ කොන්ත්‍රාත් එක ඉවර වෙලා මාස කීපයකින් ලංකාවට යන්න වෙන නිසා ඊට අදාළ අත්‍යවශ්‍ය කටයුත්තකට දවස් තුනකට ඇවිත් යන්න ආව ගමන් කියල කියන්න කැමතියි.

      Delete
  3. //එවැනි චෝදනා දැනුත් එල්ල වේ.//

    පල ඇති රුකටමයි (සංස්ථා) ගල් වදින්නේ කියල කථාවකුත් තියෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ඕක තමා මාත් කියන්නේ ඉයන්.

      Delete
  4. ඉතා වෙහෙසකර කාර්යයක් බව කිවයුතු නොවේ..

    ReplyDelete
    Replies
    1. සුමිත් ගෙන් තමා අහන්න ඕනේ.

      Delete
  5. අත්දැකීම් අකුරු කිරීම හරිම අමාරුයි නේද අජිත් අයියා.... මොනවා වුණත් මේ සටහන් අනාගතයට හරිම වැදගත් වේවි.... අනාගතයේ අලුත් බ්ලොග්කරුවන් මේ ඉතිහාසය ආසාවෙන් කියවාවි...... ඒත් අපිට තියෙන සතුට ඒ අතීතයේ අපිත් කොටස්කරුවන් වීමට වාසනාවන්ත වීමයි.... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. //අනාගතයේ අලුත් බ්ලොග්කරුවන් මේ ඉතිහාසය ආසාවෙන් කියවාවි// නැත්නම් හොඳටම බනීවි. බ්ලොග් ලෝකේ නැති කලා හරි මොකක් හරි කියල. මගේ වැරැද්දක්ද මන්ද හොඳ කම්ප්ලිමෙන්ට් එකක් එන කොට මට හැම වෙලේම හිතෙන්නේ ගල් පාරකුත් ළඟ ළඟම ඇති කියල. මේ සටහන ලියන හේතුව හෙට වැටහේවි.

      Delete
  6. අජිත් මේ ගැන ලියන එක බොහොම වැදගත්. සමහරුන්ට සෑහෙන්න රිදිලා තියෙනවා මේකට සල්ලි හොයා ගත්තේ කොහොමද කියන එක ගැන. ඒ නිසා අදාල පුද්ගලයින්ගේ අකමැත්තක් නැත්නම් ඔවුන්ටත් ගෞරවයක් විදියට ඒ නම් පල කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔවුන් එයට කැමති නැහැනේ. මට බැන්නට හෝ දේවල් කිව්වට ප්‍රශ්නයක් නැහැ. කිඹුල් හමක් තියෙන්නේ.

      Delete
    2. කව්ද ඉතින් අහවලානේ දුන්නේ එකනේ කාගෙන පියඹලා ආවේ පාරගේ කේස් එක වගේ වෙන හින්දා නම කියන්න බැ ඒවා දේව රහස්

      Delete
  7. //..අප එක් ලිපියක් බ්ලොගයෙන් තෝරාගෙන සම්මාන දීම නිසා..//

    මා බ්ලොග් (මට පුලුවන් ගණනක්) කියවන්නෙක් පමණි, එමෙන්ම බ්ලොග් ගැන හා එහි තාක්ෂණය ගැන ප්‍රවීණ දැනුමක් මට නැත. මෙය විවේචනයක් නොව මට කුතුහලය දක්වන කරුණක් පිලිබඳව ප්‍රසිද්ධියේ (අජිත්ගෙන් පමණක් නොව අනිත් අයගෙන්ද අදහස් දැන ගැනීම්ට හැකිනිසා) ඇසීමකි.

    කියවන්නෙක් ලෙස මා අවුරුද්දක් තුල ඉතා හොඳ එක් පෝස්ට් එකක් හා අනිත්වා සාමාන්‍ය පෝස්ට් ඇති බ්ලොග් දැක ඇත. තරමක් හොඳ ගොඩක් හා හොඳ නැති කීපයක් ඇති ඒවා දැක ඇත. ඔක්කොම සාමාන්‍යයෙන් හොඳ ඒවා දැක ඇත.
    ඔය වගේ නානාප්‍රකාර කම්බිනේෂන් වලින් යුත් බ්ලොග් දැක ඇත.

    සිනමාවේ හා ග්‍රන්ථ වලට සම්මාන දෙන්නේ එක් කෘතියක් සඳහා නිසා මේ ප්‍රශ්නය නැත.

    උදාහරණයක් ලෙස :-
    හොඳම බ්ලොග් එකක් විය යුත්තේ අතිවිශිෂ්ඨ (exceptional) එක් පෝස්ට් එකක් හා අනිත් ඒවා සාමාන්‍ය (mediocre) පෝස්ට් ඇති බ්ලොග් එකක්ද? නැතහොත් සියලු පෝස්ට්ම වාගේ හොඳ තත්වයේ ඇති එහෙත් අති විශිෂ්ඨ එකක් නැති බ්ලොග් එකක්ද?
    ( පිතිකරුවෙක්ගේ එක විශිෂ්ඨ ඉනිමක්ද ඔහුගේ ඇවරේජ් එකද වගේ )

    මට හිතෙන්නේ සෑම පෝස්ට් එකක්ම සලකා මුලු ලකුණු ගණන මත හොඳම බ්ලොගයද, හොඳම පෝස්ට් එකට වෙනමද සම්මාන දුන්නොත් සාධාරණයි කියල

    නිකමට වගේ කිව්වෙ විශේෂඥයන්ගේ අදහස් දැනගන්න.

    ReplyDelete
    Replies
    1. හොඳම බ්ලොග් අඩවිය දෙනකොට සමස්තය තමයි බලන්නේ/ බැලුවේ. නමුත් ඒ ඒ කැටගරි වලට දෙනකොට අදාල අංශයේ අදාළ පෝස්ට් එක විතරයි සැලකුවේ. උදා: සාමාන්‍ය කෙටි කතා (average/ below average) ඒවා දහයක් ලියපු එකෙක්ගේ එකක් above average තිබුනොත් අනිත්වා අමතක කරලා ඒක කන්සිඩර් කරා.

      Delete
    2. //එකක් above average තිබුනොත් අනිත්වා අමතක කරලා ඒක කන්සිඩර් කරා//

      ඒ කියන්නේ බ්ලොගයටම නෙමෙයි බ්ලොගයෙන් එක පෝස්ට් එකකට තමයි සම්මානය නේද? එතකොට පෝස්ට් එක මොකක්ද කියලා සඳහන් වෙනවද?
      ගියපාර 2015 එකේදිනම් එහෙම කිව්ව නේද? උදා. කරුමෙ න්ගල්ඩබල් පින සිංගල්

      Delete
    3. //ට හිතෙන්නේ සෑම පෝස්ට් එකක්ම සලකා මුලු ලකුණු ගණන මත හොඳම බ්ලොගයද, හොඳම පෝස්ට් එකට වෙනමද සම්මාන දුන්නොත් සාධාරණයි කියල//

      මාත් කැමතියි මේ අදහසට...

      Delete
  8. ///මින් ඇත්තටම ක්රියාශිලිව සංවාදයට තමන්ගේ අදහස් ද එකතු කරමින් ඉදිරිපත් වුයේ ඉවාන්, කල්යාන මිත්‍ර, මාතලන්, බස්සි, කැලුම්, කුරුට්ටෝ, සුරංග වැනි කිහිප දෙනෙකි.///

    මෙතනින් මමත් වැඩිය ක්‍රියාශීලි මට්ටමට හිටියේ නැහැ, කණුවක් නිසා...
    නමුත් මම සමහර වෙලාවට කලණ සමග කතා කර අදහස් හුවමාරු කර ගත්තා...
    ලබන සැරේ වැඩි දායකත්වයක් දෙන්න බලන්නම්...

    ReplyDelete
    Replies
    1. තමන් සහභාගී වුනේ නැහැ කියල දන්නා එකත් ලොකුදෙයක්නේ.

      Delete
  9. මේ සියලු කැපකිරීම්වලින් අපේ බ්ලොග් කලාවට ප්‍රචාරයක් හා දිරිගැන්වීමක් දැනටම ලැබී තිබෙනවා. ලැබු අත්දැකීම්, හොඳ හා නරක විවේචන සියල්ල ශක්තියක් කරගෙන ඉදිරියට යෑමට හැකි වේවා !

    ReplyDelete
    Replies
    1. තිලක සිතලා වැනි බ්ලොග් කරුවන් මහන්සියෙන් කරගෙන ආ දේ ට අපි තල්ලුවක් දුන්නා විතරයි. ප්‍රචාරය ලබෙන එකෙන් හොන්ඩ පුරවැසි මාධ්‍ය බලයක් ගොඩ නගන්න පුළුවන් වෙයි ඉදිරියට.

      Delete
  10. I sniff something else.....yes..it is...

    ReplyDelete
    Replies
    1. you know nothing manuel
      https://www.youtube.com/watch?v=s6EaoPMANQM

      You know nothing Jon Snow.

      Delete
    2. ජීවිතේ පනස්වෙනි වතාවටද කොහෙද ආපහු ෆෝල්ටි ටවර්ස් සීරිස් එක බලන්න දැන් පටන්ගත්තා.කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ආපහු මතක් කරලා දුන්නාට ස්තූතියි අජිත්.Aru

      Delete
    3. "Please, please try to understand, before one of us die". ha...ha....ha..
      you nitwit.....
      පිස්සු ඩබල් වෙනවා බං. කරන්න දෙයක් නැතිව හිටියේ.Aru

      Delete
    4. හි හි මන් දනනවා උඹ ඒකට කැමතියි කියල. අයි නෝව් නාතින්ග්

      Delete
  11. සාමාන්‍යයෙන් කිසියම් ආයතනයක් විසින් විවෘත තරඟයක් පවත්වන විට එම ආයතනයේ සේවය කරන්නන්ගේ සහ ඔවුන්ගේ නෑදැයින්ට එයට සහභාගිවිය නොහැකි බවට කොන්දේසියක් දමා ඇත්තේ කිසියම් දූෂණයක් අක්‍රමිකතාවක් සිදුවීම වැළැක්වීමට සහ තරඟ විනිශ්චයේ අපක්ෂපාතිත්වය ආරක්ෂා කරගැනීමටය.
    මෙහිදී අජිත් පැරකුම් සහ බ්ලොග් සම්මාන උළේලේ සංවිධායකයන් දැනුවත්ව දූෂණයක් සහ අක්‍රමිකතාවක් සිදුකර ඇති බව පැහැදිලිය.
    අජිත් පැරකුම් තමන් සේවය කරන ආයතනයේ මුල්‍ය අනුග්‍රහය තමන් සහභාගි වන තරඟයේ සංවිධායකයන්ට ලබා දී ඇත. මෙහිදී ගැටළු වන්නේ තමන් මෙම තරඟයට සහභාගිවන බව දැන දැනත් ඔහු ඒවැනි මුල්‍ය අනුග්‍රහයක් සහ පෙන්ඩ්‍රයිව් පාර්සලයක් ලබාදීමට කටයුතු කිරීමත් අජිත්ගේ බිලොග් අඩවිය සම්මාන සඳහා සැළකිල්ලට ගන්නා බව දැන දැන සංවිධායකයක් විසින් එම අනුග්‍රහය පිළිගැනීමත්ය.
    දැන් වැඩේ ලීක් වී ඇති විට එය ෂේප් කරගැනීමට මේවා ලියා වැඩක් නැති බව කොළඹ ගමයා දැනගත යුතුය.
    විවෘතභාවය, දූෂණ සහ අල්ලස් විරොිධයේ පොරටොක් රෙද්දපල්ලෙන් පෙරෙනවා යැයි කියන්නේ මේකටය.
    කවුද මොනවද කියනවා .......ගැජට් බජට් එක නැත්තේ එකයි ..හා හා හොරෙ දෑනුනා දෑනුනා ඔබ හැන්ගුවේ ඇයි කියලා ........

    ReplyDelete
    Replies
    1. මේ පිළිතුර ඉහත රන්සකු සහ ඇනෝ ටය. මා ඕනෑ කමින් ඔය කටස පල කලේ ඔබලාටමය. ඔබලා මෙතනට අනිවාර්යයෙන්ම එනු ඇතැයි පළමු ලිපියේ අජිත්ට කරන විවේචන වලින් සිත ගතිමු. ඔබල වැනි පටු අදහස් ඇති අයට කිවයුතු දේවල් කිහිපයක්ම තිබේ.
      1. අපි එලෙස අනුග්‍රහ වලින් සිතා සම්මාන දෙන්නේ නම් ප්‍රධාන සම්මාන 3ම යායුතුව තිබුනේ බස්සි (එක), බදුල්ලේ සිට පැමිණි සත පහකින් අපට ආධාර කර නොමැති සුරංග (දෙක) සහ කවදාවත් නොදුටු කිසිදු නිදහස් සිතුවිලි රවී (තුන) විචාරක නොව , අපට සියලුම ත්‍යාග ගැනීමට මුදල් දුන් බ්ලොග් කරුට හෝ අජිත් පැරකුම් ටය. මම ඉතා පැහැදිලිව කීවේ අජිත් පැරකු ම් නිර්දේශ වී තිබුනේ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයට කලින් හා , එම අනුග්‍රහය ගැන දැන සිටියේ මාත් තවත් එක අයෙකුත් පමණක් බවය.

      Delete
    2. 2. වේ ලීක් වෙන්නට කියන්නේ කොහොමද මනුස්සයෝ මමම ඒක ලියන කොට. නුඹලා වැනි පටු අදහස් ඇත්තන්ට පෙනෙන්නේ අජිත්ට දේශපාලන ත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ සංවිධාන ත්‍යාග හරහා ගිය බවකි. ඇඟිල්ල දෙස නොව හඳ දෙස බැලුවොත් පෙනෙන්නේ ත්‍යාග 57ක් බ්ලොග් කරුවන් 57 දෙනෙකුට ලැබුන බවයි. අපට අවශ්‍ය වුයේත් එයයි. එය ලැබුනත් නැතත් අජිත් පැරකුම් ට දේශපාලන සම්මානය ලැබෙන්නේ විනිශය මණ්ඩලය එසේ තීරණය කල නිසාය. ශේප් කර ගැනීමට ලියන්නේ කාගෙන් ශේප් කර ගැනීමටද? ඇයි අපි ඔහෙලාට වග කිව යුතුද?

      Delete
    3. අජිත් පැරකුම් ට දේශපාලන බ්ලොගය සඳහා සම්මානය ලැබීමෙන් ඉහමොළ රත්වී නොකා නොබී සිටින අය කව්ද යයි මා දන්නේ නැත. එහෙත් ඔහු රෝහිත භාෂණ හා මංජුල වෙඩිවර්ධනව විවේචනය කරන බව දනිමි. ඉහත කී දෙදෙනාම මා කැමති දෙදෙනෙකි. එසේ නම් ප්‍රධාන සංවිධායකයෙක් හැටියට මට අජිත් ට අවම ලකුණු දිය හැකිව තිබුණි. නමුත් මට අවශ්‍ය විධිහට අජිත් නො ලියන නිසා ඔහුට ලකුණු නොදී සිටීමට මට බැරිය. ඔබලාගේ ඇති ගෝත්‍රික මනසට එය නොතේරුනාට තේරෙන අය සිටිති. ඔබලාට ඇත්තේ අජිත් සමග පෞද්ගලික තරහකි. මට මතක විධිහට ශපිරෝ ගේ බ්ලොගයේ උදිත මිගහතනන ද වරක් (අවුරුදු කිහිපයකට කලින්) අජිත්ට මෙවැනි අපහාස කිහිපයක් කළේය. ip ලිපිනය ඇමෙරිකාවේ හා ලංකාවේ යයි සටහන් වුවද එය නිවැරැදී නොවිය හැකිය. ඒ නිසා කවුරුන් මේවා එවන්නේද යන්න ගැන කලබල නොවෙමි. ලබන අවුරුද්දෙත් මා සිටියොත් අජිත් පැරකුම් එදාටත් ලියමින් සිටියොත් ඔහුව නිර්දේශ කිරීමට මැලි නොවෙමි. අපේ පළමුවෙනි බ්ලොග් සම්මාන උලෙලේද ඔහුව නිර්දේශ වුනි. ඒ කාලයේ ඔහු වැඩ කලේ කොහෙද කියාවත් අප දන්නේ නැත. ඒ නිසා මහත්මය ඔබේ පෞද්ගලික තරහවල් ආදී සියල්ල පටු හා ද්වේශ සහගත් ඒවා ලෙස බැහැර කරමි.

      Delete
    4. අවසාන වශයෙන් අප පැවැත්වුයේ තරඟයකට වඩා බ්ලොග් තෝරා සම්මාන දීමකි. තරඟයකදී වෙනත් අයට තම නිපැයුම් ඉදිරිපත් කිරීමට ෆෝර්ම්ස් දෙනු ඇත. මෙහිදී එවැන්නක් කලේ නැත. (යෝජනා තිබුනත්). මෙහි අවසන් තීරණය අප සතුය.

      Delete
    5. සුළුතරයකගේ කඩාකප්පලකාරී වැඩ වලට වැඩි ප්‍රසිද්ධියක් ලැබීමත් බහුතරයකගේ කැමැත්ත හා සහයෝගයට එතරම් ප්‍රසිද්ධියක් නොලැබීමත් කියන එක සමාජයේ හැම ක්ශේත්‍රයකම තිබෙනවා. නෙළුම්යායටත් මෙයට මූණ දෙන්න සිදුවීම එය සමාජයට අන්තර්ග්‍රහණය වී ඇති බවට හොඳ සාක්ෂියක්.

      මොවුන් කරන මේ අසාධාරණ සහ හේතු රහිත විවේචන නිසා නෙළුම්යායට තව තව ප්‍රසිද්ධියක් ලැබෙනවා. එමෙන්ම පැරාට ලැබුණු සම්මානය ගැන මෙච්චර රිදෙන්න නෙළුම්යාය සම්මානයක වටිනාකම සමාජයට වැටහී තිබීමටත් හොඳ සාක්ෂියක්.

      මොවුන්ගේ පදනම් රහිත විවේචන වලට දියයුතු 'සම්මානය' නම් පිලිතුරු දෙන්න ඔබගේ කාලය නාස්ති නොකිරීම බව මගේ හැඟීමයි.

      Delete
    6. අජිත් තරහ ගන්න එපා. එක්කො මේ ඇනො බොරුවට ආතල් දෙනව නැත්නම් ඌට පැරා එක්ක ඇරියස් එකක් තියෙනව. ඇත්තටම බැලුවොත් මතවාදිව පැරාට එකග උනත් නැතත් පැරාට මේ සම්මානය ලැබීමට උපරිම සුදුසු කම තියෙනව.

      Delete
    7. ජර්මනිය පැත්තෙන්
      Continent: Europe
      Country: Germany de flag
      Latitude: 51 (51° 0′ 0.00″ N)
      Longitude: 9 (9° 0′ 0.00″ E)

      Delete
    8. ප්‍රහාරයකුත් එනවා.

      Delete
    9. අජිත් ඒ පාර FBI ගේමකට බැහැල වගේ :) ඔය ඇනෝ ඒවා proxy හරහා එන ඒවා වෙන්නත් පුළුවන් නේ. ඇත ඇරලා දාමු. අජිත් වගේ කෙනෙක්ට ඔය අපතේ යන කාලයෙන් සෑහෙන වැඩක් කරන්න පුළුවන්.

      Delete
    10. ප්‍රොක්සි ඒවා හොයා ගන්න පුළුවන්. ජර්මනියේ සහ අර ලන්ඩන් ඩගෙන්හැම් පැත්තෙන් එන්නේ අපේ වාමාංශික සහෝදරවරුන්ගෙන් නේ.

      Delete
  12. දැන් ඉතින් සරම ඔලු වෙන් පන්නලා ගැලෙව්වත් එකයි වළල්ල වගේ බිමට අතඇරියත් එකයි කොහොමත් වල්ල එළියේ හු හු ...

    ReplyDelete
    Replies
    1. කාගේද අනේ ඔයාගේ ද?

      Delete
    2. ඒකද මේ පාර කොමෙන්ටුව වැටෙන් ගිහිල්ල බ්‍රිස්බේන් වලින් ගැහුවේ.

      Delete
    3. බ්‍රිස්බන් සිඩ්නි මෙල්බන් කොහෙන් වැටුනත් වැඩේ නොන්ඩි දැන්

      දැන් සියල්ල දන්නවා ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කියලා

      මෙ වෙලාවට මතක් වෙන්නේ ත්‍රීවිල් වීරවන්ශ..........ඇලන්රාමෙට කවුද අලිපැටව් ගෙනල්ලා ඇත ඇරලා ගියාවාගේ රස කතා

      Delete
    4. කො මෙකට දාපු උත්තරේ පලකරන්න බැරිද බැරිනම් බෑ

      Delete
  13. ඔබ සැමගේ කැපවීමට මාගේ ආචාරය..

    ReplyDelete
  14. මට මේ මොකවත් මතක නෑනේ..

    ReplyDelete
  15. උදවු කරන්න තරම් ලගපාතක නොහිටිය නිසා අදහස් ඉදිරිපත් කිරීමෙන් වලකී සිටියෙමි.

    ReplyDelete
    Replies
    1. උදව් නොකරත් එතනට ළමයින් වෙනුඑන් කරන උදව් ඇතිනේ.

      Delete
  16. බ්ලොග් සම්මාන බෙදී ගියේ කෙසේ ද යන මෙතෙක් පැවති ගැටළුව නිරාකරණය කර ගැනීමට පාර කැපූ ඒ. පී. ජයසිංහට ජාතියේ ප්‍රණාමය

    එලසම මුළු ලොවෙන්ම උත්තමාචාරය ඔබ දෙපලටම ජයවෙවා

    ReplyDelete
  17. ගල් හා මල් එන්නෙ වැඩ කරන විටයි. අඩුපාඩු අවම කරගෙන ස්වයංවිවේචනාත්මකව ඉදිරියට යමු. ඒ සඳහා ඔබේ මේ ලියවිල්ල උදව් වෙනවා අජිත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නොකී කථා

      Delete
  18. ඔය පුවක්පත් කලාබරලා සහ මාධ්්‍ය කලාබරලා තැනකට එන්නේ කන්න බොන්න බලාගෙනද?

    ReplyDelete
  19. බ්ලොග් සම්මානත් තියනවද එල නේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .