Tuesday 19 April 2016

සිතින් මවාගන්න ජෝන් ලෙනන් ගේ imagine ගීතය

මේ ගීතය ගැන කාටවත් කියන්න ඕනේ නැහැනේ. චන්දිම විතාන ආරච්චි කියන වෙබ් මුදලාලියට ඕනේ වුනා මේ සින්දුව නෙළුම් යාය උළෙලේ ගායනා කරවන්න. ලඟදි පොත් මුදලලියෙක් වෙච්චි මමත් මේකට බොහොම කැමැත්තෙන් එකඟ වුනා. මොකද මමත් කැමතිම ගීතයක්. බ්ලොග් නුයි, සයිබර් කවියි, ෆේස් බුක් හෙවත් වත් පොතයි, අරවයි මේවයි ඔක්කොම අරගෙන මිනිසුන් අතර සංවාද කරමින් හැම අස්සක් මුල්ලක් ම අවදි කරවන්න හදන්නේ මේ වගේ ලෝකයක් හදන්න නේ. ඉතින් අපි අදහස දැම්මම අපේ ඊමේල් සංවිධායක මඩුල්ලත් කැමති වුනා.

සිංහලෙන් සින්දුව ගයන්න පුලුවන්ද කියල බලන්න බ්ලොග් කරුවෝ දෙදෙනෙක් පරිවර්තනත් කලා. ඒ දෙන්නගේ පරිවර්තන වලට වඩා හොඳින් ඔයාලටත් කරන්න පුලුවන්ද බලන්න. ඉතින් මේ වෙබ් මුදලාලිලා අපි ඔක්කොම එකතු වෙලා දේශපාලකයන්ට කියල සම්මාන දීගෙන මෙහෙම ලෝකයක් හදන එක නම් කරන්න බැරි වෙන්නත් පුළුවන්.
 ඒත් අපි උනන්දුව දෙන්නේ ඔයාල දිගටම බ්ලොග් ලියාගෙන, ක්‍රියාකාරිව අනිත් මිනිසාට උදව් කරගෙන වර්චුවල් (අන්තර්ජාලයේ) ලෝකේ මෙන්ම සැබෑ ලෝකෙත් හොඳින් ජිවත් වුනොත්, එහෙම සාධාරණ ලෝකයක් වෙනුවෙන් ඉදිරිපත් වුනොත් මේ ගීතයේ මවා ගන්නවා වගේ ලෝකයක් හදන්න වුනත් පුළුවන් වෙයි කියලා හිතන්න. ආගම් භේද, ජාති භේද, වර්ණ භේද නැති, දේශපාලන භේද වලින් මරා ගන්නේ නැති, තරාතිරම් සලකන්නේ නැති, යුද්ධ නැති , දිව්‍ය ලෝකයක් - අපායක් නැති ලෝකයක්. එය තමයි අපේ පැතුමත්.

https://youtu.be/DCX3ZNDZAwY

Imagine there's no heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today...

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will live as one

***********මේ පරිවර්තනය ලිව්වේ ඉයන්ගේ අඩවියේ ඉයන් විසින්.**********

ලෝවැසියන් හැමොමා
අද වෙනුවෙන් වසනා
දුගතියකට නොයනා
හැම වෙනුවෙන් වසනා
නිල් අහසින් වටවී...අපි
සුගතිය ලොව මවමූ


වැටකොටු සීමාවන්..
නොමැති ලොවක් තනමූ
නසනට හෝ නැසෙනා
හේතුව අපි නසමූ
ලොවේ දනන් හැමොමා..අපි
එකතුව එකට ඉමූ


සිහිනය මගේ නොවේ
පැතුමයි අපි හැමගේ
එනතුරු ඔබ මා හා
රැඳෙමී මඟ බලමින්


මගේ දෙයක් මට නෑ
අපේ ලොවක් ඇතිදා
කුසගිනි බර නොමැතී
නොතෙමෙන පියසකවී
සිතන්න පුළුවන්දා ..අපි
හැමෝම හිනැහෙන දා


සිහිනය මගේ නොවේ
පැතුමයි අපි හැමගේ
එනතුරු ඔබ මා හා
රැඳෙමී මඟ බලමින්

******************** මේ පරිවර්තනය කලාහිතේ කල්‍යාණ මිත්‍ර ගෙන්******

  ඉමැජින් ලෝකල් ස්ටයිල්..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

සුරලොවක් ඇත්තේ නෑ..
අපායකුත් ලොවෙත් නෑ..
ආගම් නෑ.. ජාතිත් නෑ..
රතු ලේ මිස වෙනසක් නෑ..

රටවල් නෑ.. ආණ්ඩු නෑ..
පාට පක්ෂ මොකවත් නෑ..
අපිට අපිට කියල ගන්න..
දේපොළ නෑ.. වැටකොටු නෑ..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

එක අහසයි- එක පොළොවයි
හිතන්නේ අද ගැන විතරයි..
සාමය සමගිය නැතිවෙන
හේතුව ඔය තණ්හාවයි..

කොහේදෝ යන පිස්සෙක් මූ
සමහරු නම් කියයි තමයි
ඒත් මෙහෙම හිතන එවුන්
තව ඉන්නා බව සත්තයි..

ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..
කාලේ වෙනස් වෙනවා මචං
අලුත් හිතන පැටන් වෙනස්..

කවද කොහොම කොතැනදී හරි
හිතන විදිය වෙනස් වේවි.
එදා ඉඳන් එක යායට..
මිනිස් හිනා මල් පිපේවි..

ටිකක් හිතපල්ලා.. හිතල කියපල්ලා..
වරද කොහෙද හොයල බලල..
වරදට පිළියම් කරවල..
හිතලා බලපල්ලා.. හිතල කියපල්ලා..////

66 comments:

  1. නුතන ලාංකීය සමාජයට ගැලපෙන පාන්දර යාමේ දකින සිහින .......

    ReplyDelete
    Replies
    1. එකඟයි. ලාංකීය සමාජෙට ගැලපෙන්නේ කවුරුහරි තියෙන ආණ්ඩුවට විරෝධය පලකරන කලාකරුවෝ විශ්ව විද්‍යාල ආචාර්ය වරු හාමුදුරුවරු එක්ක සංවිධානයක් හදල ඒ ආණ්ඩුව පරදල අලුත් ආණ්ඩුව ආහම ඒකෙන් තමන්ට ඕන දේ කරගෙන අර සංවිධානේ වහල දැමීම. එහෙම නැත්නම් විශ්ව විද්‍යාල ළමයි ටිකයි තව ගමේ කොල්ලෝ ටිකකුයි අල්ල ගෙන විප්ලවයක් කරනවා කියල පොලිසි වලට ගහල , ගම වල ඉන්න යුඇන්පී සිරි ලංකා කරය දෙතුන් දෙනෙක් මරල අර කඩේ ගිය කලාකාරයෙක් එහමත් මරල, විමුක්තිය උදා කර ගණන් හැදීම. ඔය දෙකටම අදාල නොවුනම ලංකාවේ ජිවත් වෙන පොරත්වය මවගෙන ඉන්න උන්ට ප්‍රශ්නයක්.
      "මගේ හීනය මට දකින්න ඉඩ හරින්න "

      Delete
  2. මේක මීට අවුරුදු 5 කට විතර ඉස්සර වුන සීන් එකක්. අපේ office එකට කෙල්ලෙක් ආව මගේ assistant හැටියට. ඒකි Chinese කෙල්ලෙක්. පට්ට ලස්සන කෙල්ල. දකින ඕන කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා. අපි දෙන්නා එකට වැඩ කරන හින්දා අපි වැඩි කල් යන්න ඉස්සෙල්ලා මාර විදියට ක්ලෝස් වුනා. ඒකි මාත් එක්කා එයාගෙ හැමදේම කිව්වා. පස්සෙ මේ ක්ලෝස් කම චූටි ලව් එකකට හැරුනා. අපි දෙන්නා යන්තම් අත පත ගාන්න, ඒ වගේම චූටියට කිස් කරන්න පටන් ගත්තා. අපි office එකේ වැඩ වලට පිට ගියාම කාර් එක කොහේ හරි නවත්තල තුරුලු වෙලා හිටිය. ලිප් කිස් කරා. ඒත් අපි කවදාවත් නරක වැඩේ කරේ නෑ. එයා Virgin කෙනෙක්. මම ඒකට රෙස්පෙක්ට් කරා. අපි උඩින්වත් නරක වැඩක් කරේ නෑ. අපි දෙන්නගෙ තිබුන ලව් එක මොන වගේ දෙයක්ද කියල මම අදවත් දන්නෙ නෑ. අපි දෙන්නා මේක office එකේ කට්ටියට පෙන්නනෙ නැතුව හිටියත් ඒක කට්ටියට තේරුනා. ඒත් කවුරුත් වැඩිය ගණන් ගත්තෙ නෑ.

    ඔහොම යනකොට office එකේ කොල්ලෙක් මේකිට ලයින් දාන්න ගත්තා. මේකි මූට එක පාරටම බෑ කිව්වා. මූ හිතුවෙ ඒකි මාත් එක්ක ලව් හින්ද ඌට බෑ කිව්වා කියලා. මූට ලව් සික් ගැහුවා. ඒ පාර ඌ email කැලෑ පත්තර office එකේ කට්ටියට යැව්වා. මූ email වල කිව්වා මම කෙල්ලට හු*නවා කියලා. අන්තිමේදි සීන් එක general manager ටත් ගියා.
    මටයි කෙල්ලටයි දෙන්නටම දෙලෝ රත් වුනා. මම office එකේ respect එකක් තියාගෙන ඉන්නෙ. ඉතින් මට මාර අප්සෙට්. පස්සෙ කොහොම හරි සෑහෙන ගේමක් දීලා යන්තම් අපි දෙන්නගෙම කාඩ් එක බේර ගත්තා. පස්සෙ අර කොල්ලා අස් වෙලා ගියා.

    දැන් ඒ කෙල්ල බැඳලා. ඒකි වෙඩින් එකට මුලු office එකෙන්ම invite කරේ මට විතරයි. දැන් ඒකි husband එක්ක England වලඉන්නෙ. අපි තාමත් කිට්ටු යාලුවො.


    අජිත්ට මෙවැනි දෙයක් වෙලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. සැහ්.. මටත් ඔහොම එකක් තිබුනා නේ බං..

      පි්ච්ච මල් සුවඳ

      Delete
    2. මේ ඇනෝව කියෙව්වාම මට ඉස්සර හිටිය ඩෝප් ඇනෝ මතක්වුනා. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා.

      Delete
  3. /කොහේදෝ යන පිස්සෙක් මූ
    සමහරු නම් කියයි තමයි// :p

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම පිස්සෝ.

      Delete
  4. ටිකක් හිතලා බලපල්ලා කිව්වට හුඟක් අයගේ හිතේ ඔය කරුණු තියනවා. නමුත් ආත්මාර්ථකාමීත්වය ඊට උඩින් යනවා.

    ReplyDelete
    Replies
    1. ආත්මාර්ථකාමිත්වය යන්තමින් තියාගෙන හරි ඔහොම වෙන්න බැරිද.

      Delete
  5. නෙලුම් යායේ රඟකරුවෝ දේශපාලක /වෙබ් මුදලාලිලා ගැන ඔච්චර විස්පොසේ වෙන්නේ මොකද...... ස්වාදීනව තමන් ඉදිරියට ගියානම් රැන්ගුමේදී ඕන කස්තිරමක් අල්ලන එක අවුලක් වෙන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. ස්වාධීනව තමා තවම් යන්නේ. යන් අබ්රිවෙච්ච් දවසට අයින් වෙන්නයි වෙන්නේ. ඕක හැමදාම වෙන දෙයක් නේ.

      Delete
  6. මට මතකයි අපි ඕකට අනං මනං කිව්වා ඉස්සර කමියාට... අජිත් කීප දෙනෙක්ම ඕක පරිවර්තන/අනුවර්තන කළා නේද??

    ReplyDelete
    Replies
    1. මට ලැබුනේ මේ පරිවර්තන දෙක විතරයි.

      Delete
  7. ඕක ඔළුවේ තියාගෙන පරිවර්තනයක් හරි අනුවර්ත්නයක් හරි කරන්න ගියොත් සාර්ථක එකක් එන්නේ නෑ... අමරදේවගේ "පටු අදහස් නම්" වික්ටර්ගේ "රත්තරං කෙන්ඩියේ" වගේම වායෝලගේ "අපි කවුරුද" කියන සින්දු මීට සමාන සින්දු.. ඒවයෙන් වායෝලගෙ එකට මම ගොඩාක් කැමතියි...

    ReplyDelete
    Replies
    1. මරදේවගේ "පටු අදහස් නම්" කියන එක අන්තිමට දානවයි කිව්වට් දැම්මේ නැහැනේ.
      වායෝලගේ "අපි කවුරුද" - මේක අහල නැහැ.

      Delete
    2. අජිත් උඹේ සංගීත ඇසුර වහාම වැඩි කරගනින්. අමරදේවවම අහ අහ හිඳලා කාටද හරිගියේ :D මේ තියෙන්නේ අපි කවුරුද මේකේ තව හොඳ වර්ශන්ස් තියෙනවා හොයලා අහපන්.

      Delete
    3. ස්තූතියි අරූ.

      Delete
  8. ඇම්මට බ්ලොග් ලියන අය අතරෙ වෙනත් අරමුණු මත ලියන වෙබ් මුදලාලිල ඉන්නව වගේම ඇම්මට පොත් ලියන අය අතරෙ පොත් මුදලාලිලත් ඉන්නව තමයි. ඒත් කොළඹ ගමයා වෙබ්/පොත් මුලාලියෙක් නොවී ඇම්මට ලියන කෙනෙක් විදිහටම ඉන්නව නං වටිනාකම වැඩියි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. තවම එක පොතයි ගැහුවේ. මුදලාලියෙක් කරන්න එපා මචන්.

      Delete
    2. අනික මේවා ඔක්කොම ඇම්මට කරන වැඩ කියල තවම් මිනිසුන්ට තේරිලා නැහැ. මටත් ටිකක් වෙන්න එපා වීමක් තිබෙනවා.මේ මාසයේ සිට කොළඹ ගමයා අඩවිය නෙළුම් යායෙන් වෙන් කිරීම එක් ප්‍රතිඵලයක්.

      Delete
    3. //ලඟදි පොත් මුදලලියෙක් වෙච්චි මමත් මේකට බොහොම කැමැත්තෙන් එකඟ වුනා. //
      කියල උඩින්ම දාල තිබුණ නිසයි එහෙම ලිව්වේ. එක පොතක් නොවෙයි, පොත් දහයක් පහළොවක් ලියලත් මුදලාලි කෙනෙක් වෙන්න බෑ. ඒක වෙනම ගේමක්. එහෙම අයත් නැත්තෙම නැත්තෙ නෑ.

      Delete
    4. මෙහෙමයි. නෙළුම් යාය දැන් පොදු තලයට ඇවිත් නේද..ඒක එහෙම වෙනවා. අජිත් මේ අගනා වැඩේ නිර්මාතෲ තමයි. ඒත් සමාජගත කරන්න ගත්තට පස්සෙ පෞද්ගලිකත්වය අහිමි වෙනවා...ඒක එහෙම තමයි වෙන්නෙත්, වෙන්න ඕනෙත්.

      Delete
    5. ඔය ලියල තියෙන්නේ ඒකෙ අදහස අනිත් පැත්තට. ironical writing. මම පොත් මුදලාලියෙක් නොවෙන නිසා එහෙම ලියල තියෙන්නේ. නෙළුම් යාය පටන් ගත්ත දෑසේ ඉඳලම පොදු එකක් හැටියට තමයි පටන් ගත්තේ. මේ දෙවෙනි එක වඩා ජනප්‍රිය වුණා මම හිතන්නේ. කොටින්ම කොළඹ ගමයා හා නෙළුම් යාය අතර තියෙන එකම සම්බන්ධය මම නෙළුම් යායේ සංස්කාරක වීම හා බ්ලොග් උළෙල සංවිධානය කිරීම පමණයි. මම මගේ බ්ලොගය් යොදා ගත්තේ නැත්නම් මට අදහස් දැන ගන්න බැරි වෙනවා බ්ලොග් යාලුවන්ගේ. මොකෝ මේ එකෙක්වත් නෙළුම් යායට ඇවිල්ල අදහස් පල කරන්නේ නැහැනේ.

      Delete
    6. ඔය දෑසේ කියන එක දවසේ කියල ලිය වෙන්න ඕනේ. නොකී කතා කොහෙන් හරි ලොකු පොටක් වැරදියට අල්ලන් ඉන්නවා. මට තේරෙන්නේ නැහැ මොකක්ද කියල. මේක මම නිර්මාතෘ හරි නැතා හරි කවදාවත් මේක පෞද්ගලිකව හිමි කරගෙන නැහැ. ඔතන තමයි ඔයාට හුඟක්ම වැරදිලා තියෙන්නේ. තරහ වෙන්න එපා මෙහම කීවට. මගේ ගතියක් තියනවා බ්ලොග් ලිපි 1000 ලීවත්, කාර් 10 තිබ්බත් , පොත් පනහක් ලිව්වත්, ලොකු දොස්තර කෙනෙක් වුනත් බ්ලොග් අවකාශේ බ්ලොග් ලියනව නම් ඔක්කොම එකයි කියල සලකන එක. this is a level playing field.

      Delete
    7. මේ කතාවත් කියන්නම් හිනා යන්න. මම සම්මාන දෙන්න දාල තිබ්බේ ධර්මසිරි බණ්ඩාරනායක කලා කරුවාට. පොඩි අතපසුවීමකින් ආරාධනය ගිහින් නැහැ. ඒ වෙනුවට අපේ සුමිත් මලයයි ඉවාන් පවුලුෂයි එකතු වෙලා ඔයාගේ නම දැම්මා. මම ඒ වෙලේම විරුද්ධ වුනා. ඔයාට තියෙන කැමැත්තකට අකමැත්තක ට නෙමෙයි. නිර්දේශ කරපු බ්ලොගයක බ්ලොග්කරුවෙක් සම්මාන දෙන්න දානවට. නමුත් මේක චන්දිම විතාන ආරච්චි ට කිවම චන්දිම කිව්වා "ෂාහ් නියමයි නේ. හෙන්රි අයියට සම්මාන දෙන්න කීවද? (චන්දිම ඔයා ට වඩා බාලද කියා නොදනිමි) සුපර් නේ, කොච්චර හොඳද? හරිම හොඳ මනුස්සය, පොත ලියල තියනවා
      ආදී වශයෙන්." මම කිව්වා ඔව් මන් පොත් දෙක තුනක් කියවල තියනවා. ප්‍රශ්නේ සම්මානකෙට නිර්දේශ කලානේ කියල." නමුත් හැමෝම උඩින් කැමැති වෙච්ච නිසා ඔයාටත් එදා සම්මාන දෙන්න වේදිකාවට කතා කලා. ඊට පස්සේ මේකේ ලිව්වනේ වෙබ් මුදලාලි ලාගෙන් හෙම ඉවත් කරන්න කියල. මම ඕක චන්දිමට කිව්වා ඊයේ. පුලුවන්නම් උතතරය්ක් දීපන් කියල. මොකද මේකේ මුදල් පැත්ත ගැන දන්නේ එයා මිස මම නොවෙන නිසා. මම ලියවිල්ලක් අරගෙන තියනවා එහෙම කියලම. මේ වැඩ පටන් ගන්න කලින්. ඊයේ චන්දිං කිව්ව්ව "මොනවා කියන්නද මචන්. මම විස්කි ෂොට් දෙකක් ගහල බුදිය ගන්නවා. උඹ හැම වෙලේම හරි ඔය තැන්වල කියල." මගේ අදහස් නම් මේවා කරන්න සල්ලි ඕනේ. දෙතුන් දෙනෙක් දෙනවා. ඒත් NGO නම් නෙමේ. ඒක මම හොඳටම දන්නා දෙයක්. හැබැයි NGO දුන්නොත් අපි ගන්නවා. එහෙම ගත්තොත් ඒ බවත් කියනව. හංගන්නේ නැහැ. වෙබ් කරගෙන යන්න කොහොමත් සල්ලි ඕනේ.
      අනික අර බ්ලොගේ ඔයා ලියා තිබ්බ යහපලනෙට විරුද්ධව ලියු ඒ ලිපිය නිසාද අයින් කලේ කියල. එහෙම නම් අපට එකේ නිර්දේශ කරන්න ඕනෙත් නැහැනේ. ප්‍රශ්න , දුර්වලකම් තියෙනවා. ඊළඟ සැරේ කරනවන් නම් තවත් අඩු කරලා කරනන් ඕනේ. අනික මම අද වුනත් මෙතනින් අයින් වෙන්න ලැහැස්තියි කව්රු හරි ඉදිරිපත් වෙලා කරනවා නම්. පළමුවැනි සැරේම ට්‍රයි කලේ ඒක කරන්න. මාතලන් හා සුමිත් ගෙන් අහන්න. කවදාවත් කිසිම දෙයක් බදා ගෙන ඉන්න එකෙක් නෙමේ. එහෙම ආසාවක් වත් නැහැ.

      Delete
  9. හොද උත්සාහයන් දෙකක්.............. අජිත් අයියා රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ගීතාංජලියේ එන කවියක් තමා අමරදේව කියන පටුඅදහස් නම් පවුරින් ගීතයට පාදක වෙලා තියෙන්නේ...... ඒ වුණාට ඒ පරිවර්ථනය අමරදේවට ගැලපෙන විදිහට තියෙන නිසයි ඒක නිකං අපේ වගේ දැනෙන්නේ. ඒ විදිහට සිද්ධ වෙන පරිවර්ථනයන් සාර්ථකයි කියලයි මටනං හිතෙන්නේ........

    ReplyDelete
  10. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්න ඕනේ නෑනේ. ඒ නිසා නිකන් ඉන්නවා. google translate එක මට වඩා හොඳට පරිවර්තනය කොරයි මම හිතන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ට්‍රයි කරලා බලන්න ඕනේ ගුගල් කොහොමද ට්‍රාන්ස්ලේට් කරන්නේ කියල.

      Delete
  11. ගූගල් ට්‍රාන්ස්ලේෂන් එක මෙන්න.මරු නේද.

    කිසිදු ස්වර්ගයේ තියෙනවා කියා සිතා බලන්න
    උත්සාහ කළොත් ඒක හරිම ලේසියි
    අපට පහත දක්වා නිරය
    අප ඉහත පමණක් අහස
    මුළු සෙනඟ සිතන්න
    අද ජීවත් වන ...

    කිසිදු රටකට තියෙනවා කියා සිතා බලන්න
    ඒක කරන්න අමාරු නැත
    හෝ ඝාතනය වෙනුවෙන් මැරෙන්න කිසිවක්
    ද කිසිදු ආගමක්
    මුළු සෙනඟ සිතන්න
    සාමයෙන් ජීවත් ජීවිතය ...

    ඔයා හිතන්නේ මම සිහින දකිනවා කියල කියන්න පුළුවන්
    ඒත් මම විතරක් නෙවෙයි
    මම ඔබ අප එකතු වෙනව දවසක බලාපොරොත්තු
    හා ලෝකය එක් පරිදි වනු ඇත

    කිසිදු සතු සිතන්න
    ඔබට හැකි නම් මම කල්පනා
    කෑදරකම හෝ කුසගින්න අවශ්ය නෑ
    මිනිසා පිළිබඳ සහෝදරත්වය
    මුළු සෙනඟ සිතන්න
    ලොව බෙදා ...

    ඔයා හිතන්නේ මම සිහින දකිනවා කියල කියන්න පුළුවන්
    ඒත් මම විතරක් නෙවෙයි
    මම ඔබ අප එකතු වෙනව දවසක බලාපොරොත්තු
    හා ලෝකය එකක් ලෙස ජීවත් වනු ඇත

    ReplyDelete
    Replies
    1. මමත් ඕක මුලින් බැලුවා උඩ කොමෙන්ට් එක දාන්න කලින්. දැන් කොරන්ට තියෙන්නේ හැම වර්ස් එකකම තෝරාගත්ත වචන කිහිපයක් සමාන පද වලින් රිප්ලේස් කරන එක. එතකොට එනවා ප්‍රබුද්ධ ගේය පද රචකයකුගේ පද වැලක් :)

      Delete
    2. සිංහල ගූගල් ට්‍රාන්ස්ලේශන් එකේ තියෙන අවුල ඕක තමයි... ඕනි ඕනි කියල කෑගැහුවට නිකං දුන්න එක දියුණු කරන්න අපේ අයට උවමනාවක් නෑ වගේ...

      Delete
  12. සින්දුවේ නමේම සින්දුවේ අර්ථය තියෙනවා. මේක නිකන් ජොයින්ට් එකක් ගහලා හිතන්න හොඳ ඉමැජිනේෂන් එකක් විතරයි. කවදාවත් වෙන්න්ත් නැහැ, වෙන්නත් බැහැ. වෙන්න බැහැ කියන්නෙ හේතු ඇතුව. මෙහෙම වෙන්න නම් මනුස්සයා තුළ තියෙන මනුස්ස ස්වභාවයන් නැතුව යන්න ඕන. එහෙම වුනොත්, එතන ඉතුරු වෙන්නෙ මනුස්සයෙක් නෙමේ.. වෙන මොකෙක්ද අමුතු එකෙක්.. මේවා බයිලා බං.. ආතල් එකට කියන්න හොඳ බයිලා..

    ReplyDelete
    Replies
    1. වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන
      කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
      උන් අපි එදා සත්කුළු පව් විලාසින
      පැල ඉණි වැටට ඇයි අද ඇන කොටාගෙන

      Delete
    2. ජෝන් ලෙනන්ගේ සින්දු අතරින් මම කැමතිම ගීතයක් කතා දෙකක් නැහැ.

      මේ සංජයගේ කමෙන්ට් එකට මම හරිම කැමතියි. ඕක තමයි සත්‍යය. මට මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා සංජය ඔය කියන කතාව තේරුම් ගිහිල්ලා තිබුනේ නැහැ. සමාජ අත්දැකීම් එක්ක එන අවබෝධය නිසාම තමයි දැන් හිතෙන්නේ සංජය කියන දේ හරි කියලා. ඔව් සංජය ....ඔහොම වෙනවා නම් එතන මනුස්සයෙක් ඉතිරිවෙන්න අමාරුයි. කොටින්ම කියනවා නම් බැහැ.

      Delete
    3. මේ හා සමාන හෝ උසස් තත්වයකට මිනිසුන්ගේ මනස දියණු කරන්න පුළුවන් දර්ශනයකට අපි උදේ හවස පස්ස උඩ දාගෙන වන්දනා කරනවා කියල හිතෙන්නේ නැද්ද.. :)

      Delete
    4. අරූ උඹ දිවය ලෝකේ විශ්වාස කරනවද නැහැනේ ? අපාය විශ්වාස කරනවද නැහැනේ ? දැන් ඔතනම අපි දෙන්නෙක් ඉන්නව සින්දුවේ පළමුවන කොටස අනුගමනය කරන. මම හැම ආගමකටම එකසේ ගරු කරනවා. ඒ හැම එකක්ම එකසේ විවේචනය කරනවා. ඊලඟ කෑල්ලත් හරි. හැබැයි තවම් දේවල් වලට කැමැත්ත තියෙනවා. නිවන් දකින්න දැම්ම බැහැනේ. කොටස් කොටස් යන් බැරිද?

      Delete
    5. ඔව් පැතුම්....පස්ස උඩ දාගෙන වන්දනා කරන එක නවත්වලා, අන්න ඒ දියුනු දර්ශණය ප්‍රායෝගිකව භාවිතාකරන මිනිසුන් බහුතරයක් ඉන්න ලෝකයක ඔය ඉමෙජිනේශන් අවම වශයෙන් ඔසවා තබන්න නම් යාන්තමට හැකිවෙයි. කෝ ඒත් ඉතින් මිනිස්සු කරන්නේ වන්දනා කරන එක විතරනේ, පේනවනේ වෙන දේවල්. ඔය ඉණිමගේ ලෝකය පල්ලෙහාට මිසක් උඩට යන බවක් නම් මට තේරේන්නේ නැහැ.

      Delete
    6. අජියා....අපි ඕක සමස්තයක් හැටියට ගමු...නිකන් කල්පනා කරලා බලපන් මේ තත්පරයේ ඉඩම් නඩුම කීයක් ෆයිල් වෙනවා ඇද්ද......ගඩොල්, සිමෙන්ති, කොච්චර බානවා පටවනවා ඇතිද පර්චස් පහේ දහයේ මායිම් වෙන් කරගන්න,....රටවල් කීයක් තම දේශ සීමා වටේ රවුං ගහනවා ඇතිද තුවක්කු අතේ තියාගෙන, කී දාහක් විසා ඇප්ලිකේශන් බල්ලට දානවා ඇතිද....කිදාහක් එපා කියද්දි බෝට්ටු මගින් ස්වර්ගය හොයාගන්නවද? උඹ කියන්නේ මේව වැඩිවෙනවද...අඩු වෙනවද...ඉතින් කොහොමද බං නිවනට තියා සින්දුවේ දෙවෙනි කොටසටවත් යන්නේ? එහෙම මිනිස්සු නැහැ ....නැහැ නෙමෙයි ඉතාම ඉතාම ඉතාම අල්පයි. ඒකයි මම අර සංජය කියන දේ හරි කියලා හිතන්නේ.

      Delete
    7. ඒක තමයි ඕක බලෙන් කරන්න බහ කියන්නේ. මිනිසුන්ට ඕන වෙනකන් මුකුත් කරන්න බහ. නමුත් ඔය කියන හැම දෙයක්ම එපා වෙන වෙලාවක් හැම මිනිහෙකුටම ගහනියෙකුටම එනවා. ඔය කියන බෝට්ටු මගින් හොඳ තැනකට යන එක ලෝක ඉතිහාසය පුර සිද්ධ වෙච්ච දෙයක්. වයිකින්ග් වරුන් ගෙන් පටන් ගත්තම. දේශ සිමා එපා කියන්නේ එකී. දේශ සිමා ඉවර වෙන්න නම් ලෝකේ හැම රටක්ම එක වගේ දියුණු වෙන්න ඕනේ.

      Delete
  13. ////නසනට හෝ නැසෙනා
    හේතුව අපි නසමූ////

    මේහැම දේකම ටිකක් හිතන්න කියුවට හිතනවානම් හිතන්න ගොඩක් දේ තියනවා...ඒ ටික හරි හිතනවානම් හැමෝගෙම හීන සුන්දර වෙයි...

    ReplyDelete
    Replies
    1. හැබැයි හැම වෙලේම කියනවා නම් මිනිස්සු හිතන් පටන් ගනියි.

      Delete
  14. මට නම් පරිවර්ථන දෙකේම අපූර්වත්වයක් තියනවා...

    ReplyDelete
    Replies
    1. කලන මිතු සහ ඉයන් ගේ

      Delete
  15. mewa heena nowei,, contract.. oyage heenaya narida UK wala goda naganna

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් මචන් යන්න. මේවා ගිහිල්ල කියනවද අර පිටරටවල පාස් පොර්ට් තියෙන අනිත් අයටත්. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ , සරත් ෆොන්සේකා (ඇමෙරිකන් ඉන්ඩෙෆිනිට් වීසා) ඩලස් අලහප්පෙරුම. උඹලට අපිව විතරද පේන්නේ. අනික උඹ දන්නේ නැතුවට මම UK වල බහුජන සංවිධාන තුන හතරකම වැඩ කරනවා.

      Delete
    2. අපි UK වලත් මේකම තමා කරන්න හදන්නේ. හැබැයි මුන් කොහොමත් උඹලා වගේ එවුන්ට වඩා ඉස්සරහින් ඉන්නේ.

      Delete
    3. ithin mokda ban me paththa harilama hamadema karanne..ehatama karapankoo ehe indagena...

      Delete
    4. මොන පැත්තේද කරන්න ඕනේ කියල ඔහේගේ අවසරේ ගන්න ඔහේ කවුද?

      Delete
    5. රන්සකු
      මෙයා කරන්නේ පිටරට ඉදන් රට හදන්න උපදෙස් දෙන එක.අපට තියෙන්නේ ඒවා පිලිගන්න එක.පිටරට ඉදන් රට හදන්න මෙයා ගන්න වෙහෙස ඔයාට තේරෙන්නේ නැත්තේ ඇයි.

      Delete
    6. ඔහෙලගේ ප්‍රශ්නේ තමා ඔහෙලා හිතන් ඉන්නේ මේ බ්ලොග් සම්මාන දීලා අරක මේක ලියල අපි මහා ලොකු දෙයක් විප්ලවයක් කරන්න හෝ තව මොකක් හරි සැඟවුණු ඇජෙන්ඩාවක් තියාගෙන ඉන්නවා කියල හිතාගෙන භයවෙලා ඉන්න එක. මේක මෙච්චර හැමෝටම එන්ඩ කියල කරන්න ඕනෙද එහම නම්. ඔහෙලගෙ ගොන් ජාතිවාද , ආගම් වාද අරව මේවා තියාගෙන ඔහෙලා ඉන්න. අර ලන්කා සිනිව්ස් එකට ගිහින් කොමෙන්ට් කරන්න. මෙතනටම එන්න වදවෙන්නේ ඇයි. මට ඕන දේ කරන්න මගේ නෑදෑ හිතවතුන් ඉන්න රටක් ගැන ලියන්න ඔහෙලා වගේ එකෙක් ගෙන් වත් මට අවසර ගන්න ඕනේ නැහැ. එච්චරයි. මම ලියන්නෙත් මගේ නමින්. බොරුවට ඇනොනිමස් ලියන්නේ නැතුව මේ මම තමා කියල කියන්නකෝ කොන්දක් තියේ නම්. ඉවරයිනේ. ලංකාවේ තව කොච්චර පිටරට වීසා තියාගෙන දේශපාලනෙයි අරකයි මේකයි කරන කොච්චර ඉන්නවද. කියන්වලකෝ උන්ටත් ගිහිල්ල මේවා. ඔහෙලගෙ පාර්ලිමේන්තුවේම කීයක් ඉන්නවද?

      Delete
    7. අන්තර්ජාලය ගැන අදහස ඉදිරිපත් කල ටිම් බර්න්ස් ලී ට අනුව අන්තර්ජාලයේ සැරිසැරීමට හොදම ක්රමය ඇනොනිමස්ය.ඇනොනිමස් යනුවෙන් ඔප්ශන් දී ඇත්තේ බ්ලොගර් කොම්පැනිය මිස ඔබ නොවේ.
      මා කොමෙන්ට් කලේ ඔබ මෙය පබ්ලිශ් කල හෙයිනි.මිතුරන් අතරේ පමනයි කියාකිව්වා නම් මා කොමෙන්ට් කරන්නේ නැත. (ජාතිවාද ආගම් වාද වෙනුවට කල්ලිවාදය)
      ඔබේ බ්ලොග් සම්මාන වල මටනම් වැදගත් කමක් නැත.බ්ලොග් යනු ටූල් එකක් පමනි.සම්මාන දී කරේ තබා ගෙන යාමට තරම් වැදගත්කමක් මටනම් නැත.
      LNW එකේ ඇජෙන්ඩාව ඔබ අපට කියා දිය යුතු නැත.
      ඔබ ලිවීම සදහා අපෙන් අවසර ගත යුතු නැත. මාඑලෙස කියාද නැත .ඔබ ලියා පලකල බැවින් අදහස් දැක්වීමක් කලා පමනි.
      පිටරට වීසා තියාගෙන දේශපාලනෙයි අරකයි මේකයි කරන අයගෙන් ඔබ වෙනස්ද

      Delete
    8. බ්ලොගර් කම්පනිය ඇනොනිමස් ඔප්ෂන් දුන්නාට එය අනුමැත කරන්නේ බ්ලොගය අයිති මමයි. ඔබ කොමෙන්ට් කලේ මා ඔබේ කොමෙන්ට් එක පබ්ලිස්ෂ් කරයිද නැත්ද නොදැනය. මගේ මෙතන ඇති කල්ලිවාදයක් නැත. ඔබට සම්මනන වලින් වැඩක් නැත්නම් එය මගේ ප්‍රශ්නයක් නොවේ. මම ඔබට බලෙන් සම්මාන දීමට යන්නේද නැත. කාටවත්ම බලෙන් සම්මාන දීමට අපට උවමනාවක් ද නැත. ඒවා නිර්දේශ වන අයට ප්‍රතික්ෂේප කිරීමටද අවකාශ දී තිබේ. ඔබවත් රන්සකු වත් කියන්නේ ඔබ අදහස් දැක්වීමක් කල කියාය. නැත. එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ සිට කොමෙන්ට් කරන ඔබ කියන්නේ පිටරට ඉඳගෙන මට දේශපාලනය ගැන කතා කිරීම , සිංහලෙන් මේවා ලිවිම අඩිය නොකළ යුතුය කියාය. ඔබලාට එසේ කීමට කිසිම අයිතියක් නැත. මේ මගේ අයිතියක් මිස ඔබල දෙදෙනාම මට දෙන අයිතියක් නොවේ. කුමාර් ගුණරත්න වැන්නවුන්ට දේශපාලනය කිරීමට අයිතිය දෙන්නැයි මා කියන්නේද ඒ අනුව පමනය. පිටරට ඉඳන් මා ලියන්නේ ලංකාව ගැන පමණක් නොවේ. මගේ ඉංග්‍රීසි බ්ලොගයේ බැලුවොත් මා රුසියාව හා කෝබේන් නගරය ගැනද ලියා ඇත. ලෝකය ලෝකය ලෙසින් මිස රටවල් වලින් බෙදා කතා කිරීමට මා සුදානම් නැත. මගේ බ්ලොගයේ බංග්ලාදේශ යුවතියක් ගැන කතාවක් ද ඇත. බංගලා දේශයේ ද ඔබලා වැනි ලින් මැඩියන් සිටිති. අර බ්ලොග් කරුවන් මරා දමන්නේ උන්ය. රන්සකුත් ඔබත් දෙදෙනාටම මගේ දේශපා ලනය අරහන් වී ඇත්තේ මගේ මතයන් ඔබට විස නිසා පමණි. ඔබට හරියන මතයක් ප්‍රකාශ කලා නම් ඔබලා ඕවා කියන්නේ නැත. පිටරට වීසා තබාගෙන තමන් උපන් රට, සිටි රටක් රට ගැන හෝ වෙනත් රටක් ගැන ලියන්නට ළිං මැඩියන් ගෙන් අවසර ගත යුතු නැත. එසේ නම් මැද පෙරදිග සිටින, කැනඩාවේ සිටින, ඕස්ට්‍රේලියාවේ සිටින සියල්ලෝම බ්ලොග් ලිවීම නතර කලයුය. රන්සකු වැන්නවුන් පිටරටවලින් එන සැමදේම පරිභෝජනය කිරීමද නතර කල යුතුය. ඔහු කොමෙන්ට් දමන මොබයිල් හදා ඇත්තේ රාවනා විය යුතුය. එසේම LNW ගැන මට කාටවත් කියන්නට උවමනාවක් නැත. එය අයිති මට නොවේ. එහි නව කර්තෘ වන කුමුදිනි ට ඔබට ඒ ගැන විවේචන කල හැකිය. මෙන්න ලිපිනය Editor Lanka News Web . ඔවුන්ගේ අජෙන්ඩා ගැන මම කරදර නොවෙමි. ඔබ දන්නවානම් දැනගෙන සිටින්න. අනිත් අයටත් කියා දෙන්න.

      Delete
    9. //බ්ලොගර් කම්පනිය ඇනොනිමස් ඔප්ෂන් දුන්නාට එය අනුමැත කරන්නේ බ්ලොගය අයිති මමයි.//
      සරලව කියන්නේ නම් පැසිස්ට්වාදය යනුවෙන් හදුන්වන්නේ මෙයයි.රාජපක්ශ කලේත් ඔහුට උවමනාදේ පමනි.
      මා ප්රශ්න කලේ ඔබට ලිවීමට ඇති අයිතිය නොවේ.ලියන ඔබේ සදාචාරය හා ප්රතිපත්තියි.
      ඔබ පශ්චාද් මාක්ස්වාදියෙක් කියා කිව්වා නේද.ඔබේ සම්මාන ගැන අදහස් දැක්වූයේ ඒ පදනම මත සිටයි.ඔබට ඒ මොකුත් තේරී නැත.
      //. පිටරට වීසා තබාගෙන තමන් උපන් රට, සිටි රටක් රට ගැන හෝ වෙනත් රටක් ගැන ලියන්නට ළිං මැඩියන් ගෙන් අවසර ගත යුතු නැත.//
      ඉතින් ඩලස්ලා කියන්නෙත් ඕකමනේ.
      තේරෙන බාසාවෙන් කිව්වොත් ජවිපෙ හෝ පෙසපෙ ලන්කාවේ ඓන්ද්රීය පදනමක් සහිත සන්විදානයි.ඔබේ පදනම කුමක්ද

      Delete
    10. ඔබගේ පැසිස්ට්වාදය ගැන ඇති දැනුම ගැන කම්පා වීම හැර කල හැකි දෙයක් නැත. පෞද්ගලික බ්ලොගයක ඇනොනිමස් කොමෙන්ට් අනුමැත කිරීම හෝ නොකිරීම එය අයිති තැනැත්තාගේ අයිතියකි. මෙහිදී පැසිස්ට්වාදීන් වී ඇත්තේ ඔබ හා රන්සකුය. පිටරට සිට මා කියන දේ පිළිගන්නට ලක් වැසියන්ට මා බල කරතියි හා මට රට හදන්නට සරසේටියි කියා ඔච්චම් කරන්නෙත් රන්සකු විසින් කියන මම යූකේ පැත්ත බලාගෙන ඉඳින් කියන එකට උඩ ගෙඩි දෙන්නෙත් ඔබය. මෙහි නියම පැසිස්ට්වාදියා ඔබයි. මහින්ද ඈතුලු කණ්ඩායම කලේත් එයයි. පිටරට සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි වසා දැමීමයි. බ්ලොග් අඩවි වලට තර්ජනය් කිරීමයි. මා ඔබට කරන්නේ තර්ජනයක් නොව ඔබ මෙහි මා ලියන දේට අකමැති නම් ඔබට වෙන තැන වලට යාමට නිදහස් තිබේ. ඔබට මා විවේචනය කල හැකි මගේ අදහස් ගැනය. නමුත් මට ලංකාව ගැන ලිවීමට හෝ වෙනත් රටක් ගැන ලිවීමට මට විසා තිබිය යුතු යයි කියා මට ලියන්නට විරුද්ධ වීමට ඔබට අයිතියක් නැති අතර මා එය පිලි අනන්ද නැත. මගේ බ්ලොගයේ ම ලියන්නේ මට අවශ්‍ය දේ මිස ඔබට කියවන්නට කැමති දේ නොවේ.

      Delete
    11. බ්ලොග් සම්මාන හා පශ්චාද් මාක්ස්වාදය අතර කිසිම සම්බන්ධයක් නැත. මට මතක විධිහට මා පශ්චාද් මාක්ස්වාදියෙකු ලෙස හැඳින්වුයේ ත්රිමානයේ කොමෙන්ටුවකට එහි ඇඩ්මින් බවයි. මම මා ගැනම එසේ ලියා තිබේද? ම මාක්ස්වාදය හදාරා ඇති මුත් එය ගතානුගතික හා පැරණි බවට අදහසක් ඇත. මෙය ම බොහෝ අවටහ්වල කියා තිබේ. නමුත් එදා පැවැති කාලයට අදාලව මාක්ස්වාදය නිවැරදි බව මගේ අදහසයි. මා මිට අවුරුදු 3කට පමණ පෙර අරුණි ශපිරෝ සමග වාද කලේත් එම පදනම මතය. සම්මාන හා මාක්ස්වාදය සම්බන්ධ කරන්නට යාම මට නම් පේන්නේ බොළඳ කමක් හැටියටය.
      //ඉතින් ඩලස්ලා කියන්නෙත් ඕකමනේ.// ඩලස් ට හෝ ගෝඨාබය ට හෝ කුමාර් ගුණරත්නම් ට හෝ දේශපාලනය කරන්න එපා යයි මම කියා නැත. මා කරන්නේ ඔවුන් ගේ දේශපලනය මත ඔවුන්ව විවේචනය කිරීමයි. ඔවුන්ට දේශපාලනය කිරීමේ අයිතියට පෙනී සිටීම කියන්නේ ඔවුන් සමග එකඟ වීම නොවේ. ම රන්සකු ගෙන් ඇසුවේ මට විරුද්ධ වන්නා සේ ඔහු ඔවුන්ටත් විරුද්ධ වනවාද කියා පමණි.

      Delete
    12. //තේරෙන බාසාවෙන් කිව්වොත් ජවිපෙ හෝ පෙසපෙ ලන්කාවේ ඓන්ද්රීය පදනමක් සහිත සන්විදානයි.ඔබේ පදනම කුමක්ද// ඔබ කියන්නේ ලංකාවේ ඓන්ද්රීය පදනම් තිබෙන නිසා ඔවුනට පිටරට සිට හෝ ලනක්ව ගැන ඕනෑම දෙයක් කිව හැකි බවත් අනිත් අයට එසේ කල නොහැකි බවත්ද? මා හිතන්නේ ලෝකය එතනින් ඉදිරියට ගොස් ඇත කියයි. ඔබ ඔය කියන විධිහට මම රුසියාවේ ජිවත්ව සිට ඇති නිසා මා ලියන රුසියාව ගැන දේවල් මා නොලිය යුතුයි කියාද? රුසියානුවන් වත් එසේ නොකියති. රුසියාව ගැන මා බොහෝවිට මගේ රුසියන් මිතුරන් හා වාද කරන මුත් ඔවුන් ඒ ගැන වාද කරන්නට මට අයිතියක් නැති කියා මගේ රුසියානු ඓන්ද්රීය පදනම ගැන විමසන්නේ නැත. ඔබ ඔය පවසන්නෙම ළිං මැඩි මතවාදයකි.

      Delete
  16. මචං ජෝන් ලෙනන් ගැන අපි දන්න දේ සහ අපි ඒ යුගයට ඇත්තටම ලව් කරපු එවුන්. උන් අපේ වීරයෝ. ඒ අපේ ෆැන්ටසිය දශක ගානක ඉඳන්. අපි තාමත් ඒ මියුසික්වලට ආසයි.

    උන් සමහරක් මැරිලා...සමහරක් වයසට ගිහිල්ලා. අපිත් වයසට යනකොට උන්ව අහනවා වගේම උන් ගැන කියවන්නත් ගන්නවා. මේ ජෝන් ලෙනන් ගැන බොහෝ අය නොකියවූ දෙයක්.

    ReplyDelete
    Replies
    1. මචං ඕක ලියන්නේ පළවෙන්නේ කොහෙද කියල බලපන්. ඩේලි මේල් එකේනේ. උන්ට කොහොමත් ජෝන් ව පෙන්නන්න බහ. මෙතන හැබැයි මේ ලිරික් ගැන තමා කතාව යන්නේ. ලෙනන් ගැනම නොවේ.
      /But perhaps that is just as well, for Lennon's words are, as one underwhelmed critic put it, 'the politics of the infants' school' and 'the sort of thing Miss World contestants say'.
      Yet still a poll of some 400,000 people for the BBC's Great Britons programme placed Lennon seventh in the all-time list, ahead of Nelson, Oliver Cromwell, the Duke of Wellington and Alfred the Great. His reputation as a champion of rebelliousness and idealism remains undiminished.

      //When Lennon returned his MBE in November 1969, his letter to the Queen said he was protesting against 'Britain's involvement in the Nigeria-Biafra thing, against our support of America in Vietnam, and against Cold Turkey [his current single] slipping down the charts'. Small wonder that the Establishment continued to mock Lennon, feeling that this multi-millionaire playboy should both grow up and shut up. Time magazine crowned him one of the great bores of the age, a 'salvation-dispensing preacher for peace and porn'.
      Former Beatle John Lennon signs autographs outside the Times Square recording studio 'The Hit Factory' after a recording session of his final album 'Double Fanasy' in August 1980
      +4
      Former Beatle John Lennon signs autographs outside the Times Square recording studio 'The Hit Factory' after a recording session of his final album 'Double Fantasy' in August 1980
      But the more the Press ridiculed him, the more it strengthened his reputation as a man of lonely courage, a misunderstood idealist set on defying the petty morals of conventional society. As a result, the image of Lennon as the idealistic scourge of the Establishment is indelibly imprinted on our collective consciousness.

      Delete
  17. සිංදු අහන කොට කවුරු උනත් එක රාමුවකට කො‍ටු වෙලා අහනවා වගේ මට පේන්නෙ. පරණ සිංඳු අහන අයට අලුත් ඒත් හොඳ නිර්මාණ මග හැරෙනවා. අලුත් ඒවා අහන අයට පරණ ඒවා මග හැරෙනවා. ගොඩක් අය සිංදු ඇහුවට ඇඟට ගන්නෙ මෙලඩි එක විතරයි. තේරුම ගැන හිතන්නෙ ගොඩක් අඩු පිරිසක්. දැං තියෙන ගොඩක් සිංඳු වල කතාව එකමයි මෙලඩිය වෙනස්... ඒත් අර් ථයක ඇතුව ලියපු පරණ සිංඳු අහනකොට වෙනම ලෝකෙකට යනවා. හැබැයි දැනුත් ඇතැම් හොඳ නිර්මාණ තියෙනවා.

    ReplyDelete
  18. පරිවර්තන නං මරු..අර ගූගලයගෙ එක නං කියෙව්වම පිස්සු වගේ...දැන් නොයි එකද ගායනාකොරන්නෙ

    ReplyDelete
    Replies
    1. මේවා පරිවර්තනද අනුවර්තනද? මං හිතනෙන් කමියගේ එක එදා ගායනා කලාද කොහෙද?දැන් ඒකෙ CD එකක් වත් ගහන්න ඕනේ.

      Delete
  19. ගීතයෙන් වගේම කමෙන්ට් වලිනුත් හුඟක් දේවල් ඉගෙනගත්තා..

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .