Monday 19 June 2017

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 1

ගිනිගත් ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාස  
ලංකාවේ ගං වතුර උවදුර ගැන ලියුවට පස්සේ හිතන්  හිටියේ හිත පොඩ්ඩක් හරි ගියහම බ්ලොගය සාමාන්‍ය විධිහට පටන් ගන්නව කියල.  නමුත් එහෙම වෙන්න කලින්ම මැන්චෙස්ටර් වලට ඉස්ලාමික ත්‍රස්තවාදීන් ගේ ප්‍රහාරයක් ආව.  ඊට පස්සේ ලන්ඩන් වලට ප්‍රහාරයක් ආව. අන්ත පරාජයකට පත් වෙනවාය කියල විචාරකයන් කියපු ජෙරෙමි කෝබින් ගේ කම්කරු පක්ෂයහිටපු අගමැති තෙරේසා  මේ ගේ ආසන   බහුතරය නැති වෙන තරමට ආසන ගණනක්  දිනුව. ඔවුන්ට ආණ්ඩු බලය පිහිටුවන්න බැරි වුනත් කෝබින් පෙන්නුවේ තමන් සාර්ථක නායකයෙක් බව. කොටින්ම පත්තර කාරයන්ටයි විචාරකයන්ටයි ආයෙත් වැරදුනා. තෙරේසා ට දැන් වෙලා තියෙන්නේ   කාලයක් අයර්ලන්ත කතෝලික ගරිල්ලන්ට විරුද්ධව සටන් කරපු ප්‍රොතෙස්තන්ත   ගරිල්ලා සංවිධානයක (DUP) දේශපාලන නායකත්වය සමග ගිවිසුමක් ගහන්න තමන්ට අඩු ආසන ගණන හදාගන්න.

 බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ට පියවර ගණනාවක් පස්සට ගන්න වුණා.මූලිකම එක තමා  "ඩිමෙන්ෂියා ටැක්ස් -dementia tax " කියන එක අයින් කරන එක. ඒ කියන්නේ මහලු අයට ඒ වගේ ලෙඩක් හැදුනොත් නොමිලේ දෙන ප්‍රතිකාර වෙනුවට ඉන්න නිවසේ  වටිනාකමට අනුව බදු මුදලක් අය කිරීම.  එංගලන්තේ නිවෙස් වල මිල ඉහල යාම අධික නිසා සමහර විටක තමන්ගේ රැකියා වල පඩිපතෙන් ගන්න පුළුවන් තරමටත් වඩා නිවෙස් වල මිල අධිකයි. එනිසා තමා මේක අසාධාරණ වැඩි. ඒ අතරේ තව ප්‍රතිපත්ති කිහිපයක්ම එයාටම ආපහු  හරවන්න වුණා. යුරෝපා සංගමයෙන් එලියට යන වැඩෙත් හිතපු විධිහට තදින් (hard Brexit) ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට වාසි විධිහට එලියට යන්න බැරි තත්වයක් ඇවිත්. ඒ කියන්නේ කොන්සර්වටිව් පක්ෂය දිනුවත් මේ පාර ඒක ලොකු හිල් සහිත දිනුමක්. 

තෙරේස මේ ගේ හිටපු නිවාස ඇමැති තමා ගැවින් බාවෙල්. මිනිහගේ ක්‍රොයිඩන් ආසනෙත් පැරදුනා.   තෙරේසා මේ ගේ ප්‍රබල අනුගාමිකයෙක් නිසා ඇයට එය තදින් වැදුනා. තෙරේසා මේ කළේ ගැවින්ව එයාගේ ප්‍රධාන කාර්යභාර නිලධාරියා හැටියට පත් කිරීම  (chief of staff ) .  මේ ගැවින් නිවාස ඇමැති කාලේ එයාට  වාර්තාවක් භාර දුන්නා  තට්ටු නිවාස  වල හදිසි ගිනි ගැනීම් වළකා ගැනීමට නිර්දේශ කිහිපයක් එක්ක. ලන්ඩනයේ කම්බර්වෙල් කියන හරියේ ලකනල් කියන නිවාස  යෝජනා ක්‍රමයේ 2009 වසරේදී තට්ටු නිවාසයක් ගිනි ගෙන හය දෙනෙක් මැරුණා.  ඒකෙන් පස්සේ පත් කළ කොමිසමේ වාර්තාව තියාගෙන මේ මනුස්සයා නිකන් හිටිය මිසක් මුකුත් කළේ නැහැ.

පසුගියදා ග්රෙන්ෆෙල් තට්ටු නිවාස ක්‍රමය ගිනි අරගෙන 79 ක් දැනට මිය ගිහින් කියල කියනවා.  ඔය කියන හරියේ ටිකක් එහාට වෙන්න ශ්‍රීලංකාවේ යහළුවෙක් ගේ නිවසක මම ඉඳල තියනවා අනූ ගණන් වල.  සෝවියට් දේශයේ ඉන්න කාලේ ලන්ඩන් ආවහම නතර වෙන්නෙත් ඔය  පැත්තේ.  නොටින් හිල් පැත්තට , පොර්ටබෙල්ලෝ මාකට් එක පැත්තට යනකොටත් ඔය නිවස පෙනෙනවා. එනිසා ඔය ගින්න දකිද්දී හිතට ඇතිවුනේ මිශ්‍ර හැඟීමක්. තරහවක් වේදනාවක් වගේම කුතුහලයක්.  කොහොමද මේ ටවර් එක (tower block)  ගිනි ගන්නේ මේ විධිහට?

දැන් වෙනකොට හේතු කිහිපයක්ම එලියට ඇවිත්. ශීතකරණයක වයර් එකක ඇ විලුනු ගින්න නිවල ගිනි භටයන් එලියට එද්දී දැකල තියෙනවා ගොඩනැගිල්ලේ එළියේ බිත්ති ඇවිලෙමින් යනවා. ඇතුලේ වුනු සුළු ගින්නක් නිසා නිවැසියන්ට එලියට එන්න එපා කියලයි අවවාදය දීලා තියෙන්නේ ඔවුන්. නමුත් එලියට පැතිර ගිය ගින්න පැය භාගයක් ඇතුලත තට්ටු 22 ම  බිත්ති ගිනි ගැනීමට තරම් බලවත් වුණා. මේක සමනය දෙයක් නෙමේ. එහෙම වෙන් විධිහක් නැහැ.
 ගිනි භටයෝ සහ එළියේ සිටි අය නිවැසියන්ට එළියට එන්න කියල  කෑ ගැහුවත් එතකොටත්  ප්‍රමාද වැඩී.  රෑ 12. 45 පටන් ගත්ත ගින්න එළිවනකනුත්  ඉවර වුනේ නැහැ. මිය ගිය  ගණන 150ට වඩා වැඩි වෙයි කියල තමයි කියන්නේ.

ගින්නට කලින් පහු ගිය අවුරුදු දෙක මුළුල්ලේ පවුම් මිලියන් 8.7 වියදමකින් ඔය තට්ටු නිවාස  ගොඩනැගිල්ල අලුත්වැඩියා කරලා තියනවා.  නමුත් ඒ කළ කාලය පුරා  නිවැසියන් විටින් විට චෝදනා කරලා තියනවා රයිඩන් නමැති සමගම හරියට වැඩ කරන්නේ නැහැ. ලාභෙට කරන්නේ කියල. ටවර් බ්ලොක් එක වටේ බිත්තියේ  cladding හෙවත් ආරක්ෂක ආවරණයක් යොදා තිබෙන්නේ ඔවුන්. මේවා දමන්නේ සීතලෙන්, හිම වලින්, වැස්සෙන් ආරක්ෂා වීමට වගේම ගොඩ නැගිල්ලට පියකරු බවක් දීමට.  නමුත් ඔවුන් ප්‍රධාන වරදක් කරල තියනවා. සාමාන්‍යයෙන් මේ ආවරණ ගින්නට ඔරොත්තු දෙන ඒවා, නමුත් ගින්නට ඔරොත්තු දෙන්නැති ඒවා තමා යොදල තියෙන්නේ. මේ ජාති දෙකේ වෙනස  වර්ග මීටරයට  පවුම් දෙකලු (ගිනි ගන්නා / නොගන්නා ).  ඒ පවුම්  දෙක ඉතුරු කරත් මුළු ගොඩනැගිල්ලෙන්ම ඉතුරු වෙන්නේ පවුම් 7000 වගේ සුළු ගණනක් ලු. (අර මිලියන් 8.7 ට සාපේක්ෂව).

ඒ ලාභෙ බලන්න ගිහින් සෑහෙන ගණනක ට ජීවිතය අහිමි වුණා. ඒ විතරක් නෙමේ . අර ගැවින් කියන හිටපු නිවාස ඇමති අර වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කෙරුව නම් ඒ කියන්නේ මේ ආවරණ වර්ග ගැන හොයල, sprinklers හෙවත් ගින්නකදී ඉබේ ක්‍රියාත්මක වෙන  වතුර විදිනයන් සවි කරලා,  ගිනි ගැනීමකදී  ඉවත් වීමට අමතර මාර්ග (fire exit) සහ  එකතු වීමේ ස්ථාන හදල තිබ්බ නම් හානිය අවම කර ගන්න තිබුන කියල කියනවා. මොන රටකත් ඇමතියෝ එකයිද?

මේ අතර තුර ඉස්ලාමික ත්‍රස්තවාදීන් මෑතකදී කළ ත්‍රස්ත ප්‍රහාර වලට පිළිතුරක් වේල්සයේ ජිවත් වුනු සුදු ජාතික අන්තවාදියෙකු විසින් ඊයේ  දීල තියනවා.  මේ රටේ හිටියත්  ද්වේශ සහගත ලෙස සුදු  ජාතිකයන්ට හා අන්‍යාගමිකයන්ට  බනින මුස්ලිම් ඉමාම් කෙනෙක් ඉන්නවා අන්දම් චවුද්රි කියල. මිනිහ දේශන කරපු ප්‍රධාන පල්ලියක් තමයි ඔය ෆින්ස්බරි පාක් පල්ලිය. ඒකෙ වඳින මුස්ලිම් බැතිමතුන්ට  තමයි ප්‍රහාරය වුනේ.  ඔය වගේ ප්‍රහාර තමා මුස්ලිම් අන්තවාදියෝ බලාපොරොත්තු වෙන්නේ. රටවල සාමකාමිව ජිවත්වන ජනතාව බෙදා එකිනෙකා  මරා ගැනීම තුල, කුළල් කා ගැනීම තුල තමා උන්ගේ පැවැත්ම තියෙන්නේ. මේක තමයි මේ සියවසේ අපට අත් දකින්න ලැබෙන ලොකුම ඛේදවාචකය.

එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප් සිරියානු යානයක් වට්ටලා රුසියාව ඒකට  විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරලා. ට්‍රම්ප් කරන්නේ තව ගිනි අවුලන එක මිසක් නිවන එක නෙමෙයි. යුරෝපය බෙදිලා ඉන්නේ. බහුතරයක් ට්‍රම්ප් ට විරුද්ධයි. ඒත් රුසියාවට පක්ෂ නැහැ.

 බ්‍රිතාන්‍යයේ ප්‍රශ්න ගොඩයි. මේ රට තවම යුරෝපයේ රැකියා විරහිත භාවය අඩුම තියන රටක්, තවම හොඳ ආර්ථිකය වර්ධනයක් තියන රටක්. ඒ තව කොපමණ කලකටද කියන එක තමයි ප්‍රශ්නේ?




20 comments:

  1. https://www.thesun.co.uk/news/3391203/donald-trump-mental-illness-psychiatrists-claim/

    ReplyDelete
    Replies
    1. ඕවා ඇත්ත වෙන්න බැහැ. මඩ වෙන්න ඇති. ට්‍රම්ප් එයාගේ කොම්පැනි රන් කරන විධිහට ජනාධිපති පදවියත් කරන්න හදන්නේ.

      Delete
  2. අජිත්,

    ඉස්ලාමිය ISIS ට්‍ර්ස්තවාදින්ට ආදාර කරලා තියෙන්නේ ඇමරිකාවයි, ඇමරිකාවට උවමනා කරන්නේ ලෝකයේ යුද්ද දිගින් දිගටම පැවතීමයි, ලෝක සාමය කියන්නේ ඇමරිකාවට වාසි දෙයක් නෙමෙයි.

    මෙහිදී රටක ප්‍රශ්න ඇතිකිරීමට පාවිච්චි කරන මුලිකම දේ තමයි ජනමාද්‍ය, ඔවුන් මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ ජාතින් අතර සමගිය අටිහ්කරන මුවාවෙන් අදාළ රටේ යුදධ ඇතිකරනවා, මේ යත්ර්තය දන්නා නිසා තමයි සිංගප්පුරුවේ ලී කවන් යු ජනමද්ය දැඩිලෙස පාලනය කිරීමට ක්‍රම ඇති කලේ, කිසියම් පුවත්පතක් බොරු පුවතක් දේසපාලන නොසන්සුන් තාව ඇති කිරමට පලකලොත් වහාම අදාළ ආයතනයට විරුද්දව නඩුපවරා ඉතා ඉහල වන්දි අයකළ මෙනිසා බාහිර රටවලින් සිංගප්පුරුවේ ඇතුලට බලපෑම් කිරීම සිමා උනා.

    මේ අතර ඔහු දෙසපාලන්යයන්ට ඉතා ඉහල වැටුප් ලබන ක්‍රමයක් ඇතිකරන අතරම සොරකමට දැඩි දඩුවම් දුන්න. ඔහුව ඒකාධිපතියෙක් කියල කිව්වත් සිංගප්පුරු වැසියන් 60% වැඩි චන්දයකින් නැවත නැවත පත්කර ගත්තේ ඔහුගේ හැකියාව දන්නා නිසා.

    ReplyDelete
    Replies
    1. //ඉස්ලාමිය ISIS ට්‍ර්ස්තවාදින්ට ආදාර කරලා තියෙන්නේ ඇමරිකාවයි// මුලින් ඔවුන්ව හැදුවේ ඇමෙරිකා එක්සත් ජනපදය. මම මේ ගැන ලිපියක් ලිව්වා තැනක. ජෝ බයිඩන්. සෝවියට් දේශයට විරුද්ධව සටන් කරනන් ඇෆ්ගනිස්ථානයේ තලිබාන් හැදුවෙත් ඔවුන්. http://www.globalresearch.ca/america-created-al-qaeda-and-the-isis-terror-group/5402881
      නමුත් ප්‍රශ්නය වුනේ මේ මුස්ලිම් අන්තවාදීන් විශ්වාස කරන්න බැරිකම. මේ හැම වතාවෙම උන්ප පස්සේ ඇමෙරිකාවට විරුද්ධව ප්‍රහාර එල්ල කලා . දැන් ඇමෙරිකාව අයිසිස් ලාට ගහනවා. නමුත් ඔතන ඇමෙරිකාව විතරක් නෙමේ ඉන්නේ. රුසියාව, ඊශ්‍රයලය ආදී රටවලුත් ඉන්නවා.

      Delete
  3. එවැනි අනාරක්‍ෂිත ක්ලැඩින් රටට ආනයනය (හෝ රටේ නිෂ්පාදනයත්) ප්‍රශ්නයක් නේද?

    මෙහේ කතා වුනේ ෆ්‍රී ටේ‍ර්ඩ් ඇග්‍රිමන්ට් නිසා ස්ටෑන්ඩර්ඩ්ස් නොසළකා බඩු ආනයනය කෙරෙනවා කියලයි!

    ReplyDelete
    Replies
    1. දැන් කියන්නේ මෙහෙත් තහනම් කලා කියල. එහෙම නම් දැම්මේ කොහොමද?

      Delete
    2. ඔය වගේ high combustible ක්ලැඩින් පාවිච්චියට අවසර දෙනව කියන්නෙ රටේ ෆයර් කෝඩ්ස් වල ලොකු අවුලක්නෙ? අනික, අර ඩුබායි ඇඩ්‍රස් හොටෙල් එකත් ඔය හේතුවම ( ක්ලැඩින් නිසා) ගිණිගත්තම එක මනුස්සයෙක් නොමැරි, ගින්න ඇතුලට නොයව පාලනය කරා. තව ඔහොම ක්ලැඩින් නිසා මෙහෙ බිල්ඩින් කිහිපයක්ම ගිනි ගත්ත පහුගිය අවුරුද්දෙ, දැන් ඒව පාවිච්චිය තහනම් විතරක් නෙමේ අවුරුදු පහක් ඇතුලත අනික් පරණ ඒවගෙත් ක්ලැඩින් මාරු කරන්න නෝටිස් දීල තියෙන්නෙ.

      Delete
    3. අවසර දීලා තියෙන්නේ කන්සර්වටිව් පක්ෂයේ බලය තියන කෙන්සින්ටන් චෙල්සි කවුන්සිල් (නගර සභාව ) එකෙන්. ලන්ඩනයේ ධනවත්ම කවුන්සිල් එක. මුදල් ඉතිරි කර ගන්න කියන එක පිලි ගන්න බැහැ . මෙතන වැඩිපුර ඉන්නේ දුප්පත් වගේ මිනිස්සු නිසා උන් මග හැරිය කියල චෝදනාවකුත් තියනවා. වැඩිපුර මුස්ලිම් සරණාගත අය ඉඳල තියෙන්නේ කියලයි කියන්නේ. ලැජ්ජයි මෙච්චර නීති තියෙද්දී මෙහෙම වුණා කිව්වහම. හැබැයි ක්ලැඩින් වලාට් ගිනි ඇවිලිලා උඩටම ගිහින්. එතකොට ඇතුලට යාම පාලනය කරන්න බැහැ. මොකද මැදින් ගින්න ඇවිත් හේතුව මොකක්ද කියල කියන්න බැහැ.

      Delete
    4. ඔන්න දැන් කියන්නේ කවුන්සිල් එකේ ඔෆිසර්ස් ල වැඩ ඉවර වුනහම approval එක අත්සන් කරලත් නැතිලු.
      http://www.lbc.co.uk/news/london/west/kensington-chelsea/grenfell-tower-refurbishment-was-not-approved/

      Delete
    5. //ඔන්න දැන් කියන්නේ කවුන්සිල් එකේ ඔෆිසර්ස් ල වැඩ ඉවර වුනහම අප්ප්‍රොවල් එක අත්සන් කරලත් නැතිලු.// එහෙම එකක් නැතුව පදිංචිවෙන්න දුන්නෙ ඇයි?

      Delete
    6. මේක 1997 ඉඳන් මිනිස්සු පංදිචි වෙලා ඉන්න බ්ලොක් එකක්. පදිංචි වෙලා ඉඳිද්දී තමා රෙපයර්ස් ගියේ. නමුත් අලුත්වැඩියාව ඉවර වුනහම අත්සන් කරන්න ඕනේ වැඩ ඉවර කලා. සේෆ්ටි අරව මේවා හරි කියල. ඒක කරලා නැහැ. පුදුමේ පුදුමේ.

      Delete
  4. ඔව්.
    https://www.homecladdingservices.co.uk/services/cladding/
    මිනිහ හැංගිලා ඉන්නේ. ක්ලැඩින් කම්පනියේ අයිතිකාරයා.
    http://metro.co.uk/2017/06/15/man-behind-glenfell-tower-cladding-company-is-in-hiding-in-his-1000000-house-6712189/

    ReplyDelete
    Replies
    1. හැංගෙන්න ඕන ඌ නෙමෙයි, ඒව පාවිච්චියට අවසර දුන්න බළධාරියො

      Delete
    2. සමහර විට නොකිය පාවිච්චි කෙරුවද කවුද දන්නේ

      Delete
  5. //ඔය වගේ ප්‍රහාර තමා මුස්ලිම් අන්තවාදියෝ බලාපොරොත්තු වෙන්නේ. රටවල සාමකාමිව ජිවත්වන ජනතාව බෙදා එකිනෙකා මරා ගැනීම තුල, කුළල් කා ගැනීම තුල තමා උන්ගේ පැවැත්ම තියෙන්නේ.//
    ලංකවෙත් ඉන් පිටතත් හැම වර්ගවාදී ගැටුමකදිමත්

    ReplyDelete
  6. දිගටම ලන්ඩන් හා ආශ්‍රිතව ත්‍රස්ත ක්‍රියා වර්තාවීම බලාපොරොත්තු විය හැකිව තිබු තත්වයක්ද ?නැතිනම් Brexit එකේ යම් බලපෑමක් එහෙමත් තියෙනවාද මේ තත්වයන් වර්ධනය විමට.

    ReplyDelete
    Replies
    1. බ්‍රෙක්සිට් එකයි ඉස්ලාමික ත්‍රස්තවාදයයි අතරේ සම්බන්ධයක් තියනවා කියල හිතන්න අමාරුයි . බ්‍රිතාන්‍යය සිරියාවේ අයිසිස් ලට බෝම්බ දැමීම හා වෙනත් හේතු කියල කියමු.

      Delete
  7. //මොන රටකත් ඇමතියෝ එකයිද?// ඇමතියෝ විතරක් නෙවෙයි, ජනාධිපති/ අගමැති ලා, නිලධාරියෝ ඔක්කොම එකයි වගේ.. ගැවින් කාරයා තමන්ගේ සිට් එකෙන් පැරදුනාට පස්සේ තෙරේසා මේ එයාගේ චිෆ් ඔෆ් ස්ටාෆ් කරගෙන.. ගින්න ඉවරවෙලා බලනකොට අවුරුදු දෙකකට කලින් රෙපෙයාර් කරපු බිල්ඩිමේ ක්ලැඩින් මැටිරියල් අනුමත කරලත් නැතිලු.. හෙහ්.. ඕක 'තුන්වෙනි ලෝකයේ වගේ ගින්නක්' කියල නේද කියන්නේ? තුන්වෙනි ලෝකේ සමාන්තර විශ්වයේ රටක සේෆ්ටි මැනේජර් කෙනෙක් එයා බලන බිල්ඩින් කිහිපයක ප්‍රොජෙක්ට් මැනේජර් ලට ස්පෙෂල් රිපෝර්ට් එකක් දුන්නලු ඔය සිදුවීමත් කෝට් කරල.. කොච්චර උනන්දුවෙන් ඒක ෆලෝ කරලද කියුවොත් එකෙක් පහුවෙනිදා මිටිමේදී කියුවේ 'ඇමෙරිකාවේ ගින්නක්' කියලලු.. කාට කියන්නද?

    ReplyDelete
  8. //ඕක 'තුන්වෙනි ලෝකයේ වගේ ගින්නක්' කියල නේද කියන්නේ? තුන්වෙනි ලෝකේ සමාන්තර විශ්වයේ රටක සේෆ්ටි මැනේජර් කෙනෙක් එයා බලන බිල්ඩින් කිහිපයක ප්‍රොජෙක්ට් මැනේජර් ලට ස්පෙෂල් රිපෝර්ට් එකක් දුන්නලු ඔය සිදුවීමත් කෝට් කරල.. කොච්චර උනන්දුවෙන් ඒක ෆලෝ කරලද කියුවොත් එකෙක් පහුවෙනිදා මිටිමේදී කියුවේ 'ඇමෙරිකාවේ ගින්නක්' කියලලු// තුන්වෙනි ලෝකෙට එහා. මෙහෙම නෝන්ඩියක්. ඒ මදිවට කවුන්සිල් ලොක්ක ඉල්ලා අස් වෙන්නේ නැති නිසා බල කරලා අස් වෙන්න.
    ඇරේ ප්‍රොජෙක්ට් මැනේජර් ල කීවේ නැත්ද ලංකාවේ ක්ලැඩින් නැහැ කියලත්. මම නම් දන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් එනකම් තමයි හැමෝම බලන් ඉන්නේ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .