Wednesday 16 August 2017

හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත

"All good things must come to an end " හෙවත් "හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසකුත් එනවා" කියල කතාවක් තියෙනවනේ. මටත්  එහෙම දවසක් ඇවිත්.

 මේ තමයි නෙළුම් යාය 2014 ප්‍රථම බ්ලොග් සම්මාන උළෙල ගැන කියල දාපු ලිපිය. එහිදී කළ හැඳින්වීමේ කතාව තමා මෙතන තියෙන්නේ. වසර 2014 ලියූ බ්ලොග් වලට  සම්මාන දෙන බ්ලොග් සම්මාන උළෙල පැවැත්වුනේ 2015 මාර්තු වල . හැබැයි  එතකොට ලංකාවේ අලුත් ආණ්ඩුවක් පත්වෙලා.  අලුත් මාධ්‍ය ඇමති කෙනෙක් ඇවිල්ල.
පළමු උළෙලේ ගීතයක් ගයමින් -මනෝජ්, දිලිනි 

අපි තුන්දෙනෙක් කතා වුනාට දෙදෙනයි වැඩේ කරන්න ඉතුරු වුනේ. එක මහත්මයෙක් දැන් වෙන්වෙලා විරුද්ධ පාර්ශවයක හිටියත් අවවාද අනුසාශන, බ්ලොග් තේරීම් වලට එහෙම උදව් දුන්න ඒ දිනවල.   සමරු සඟරාවේ හැඳින්වීමේ ලිපියට මාතලන් ඇතුළු කිහිප දෙනක් දාපු ප්‍රතිචාර තමා මේ:


පොඩි පොඩි අඩු පාඩු තිබුනට, මෙතක් තිබූ කිසිම උළෙලකින් නොලැබුන තරමේ ප්‍රතිචාරයක් මේ මඟින් ලැබුනා.. වැඩේ අල කරන්න දඟලපු පිරිස අද හොල්මන් වෙලා ඉන්නේ. උන් බයිලා ගැහුවට අද වෙනකන් බ්ලොග් වලට කරපු මෙළෝ දෙයක් නෑ. මීළඟ එක මීට වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියළු ධෛර්යය ශක්තිය ලැබේවා...!!!

බන්ධුල නානායක්කාරවසම් වගේ සාම්ප්‍රදායික පොරකට, මාතලන් කියන නම මතක තිබුන එකත් ළොකු දෙයක්. අනික පොර බ්ලොග් වලට හොඳ රැකොමන්ඩේසොන් එකක් දුන්නා. පොර පුදුම උනා මේකේ උන්ගේ ටැලන්ට් ගැන. විශේෂයෙන් බ්ලොග් කවි ගැන. මම දැක්කා සම හරක් කියලා තිබුනා සයිබර් එකේ තියෙන්නේ කවි නෙමෙයි වෙන මොනවද කියලා. එහෙම උන්ගේ කනට ගහපු එකයි බන්ධුල කළේ. එහෙම දෙයක් මීට කලින් කවදාවත් වෙලා නෑ.
මේ කල්‍යාණ මිත්‍රගේ ප්‍රතිචාරය;
අජිත් අයියා.. මට හිතෙන විදියටනම් මේක ආරම්භයක් විදියට පට්ට සාර්ථකයි.. ඔක්කොම අඳුරට බැන බැන හිටියට එකෙකුටවත් බැරි උනා මෙච්චරකල් එක පහනක්වත් පත්තු කරන්න. ඔයා ලංකාවෙත් නොයිද මේ කරපු හරිය හොඳටම ඇති.. වැඩේ කරගෙන යද්දි වෙච්චි සමහර දේවල් ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ.

මේ බස්සිගේ ප්‍රතිචාරය:
මම වගේ බ්ලොග් ලියන්න අරන් අවුරුදු දෙකක්වත් නැති කෙනෙක්ටනම් ඒ උත්සවයේ උත්කර්ෂය ඉහටත් උඩින්. ඇත්තටම වැඩේ හොඳටම කෙරුනා. අනික තමයි දේශපාලනය ගෑවිලා තිබුනා කියකියා දොස් කියන අයට කියන්න ඕනෙ, ලංකාවේ කිසිම දෙයක් දේශපාලනයෙන් ස්වායත්ත වෙන්නේ නැහැ. ඒත් පවත්නා රජයන්වල වැරදි අඩුපාඩු පෙන්නලා දෙන ලංකා නිවුස් වෙබ් එකෙන් කරපු උත්සවයකට මෙතරම් අනුග්‍රහයක් ලැබීමම මොනතරම් වටිනවද?
සමා වෙන්න අනිත් අයගේ අදහස්  දැම්මේ නැහැ. මේ තුන තෝරා ගත්තේ බ්ලොග් ලෝකයේ ප්‍රබලයන්ගේ කතා ගැන කියන්න.
බදුල්ලේ පොත් බෙදන්න ගිය සුමිත් කලණ සිරි 

ඉතින් ඊට  පස්සේ මම කාලයක් අයින් වෙලා හිටිය කිසියම් ප්‍රශ්න වගයක් මතු වුනු නිසා. අපේ අදහස වුනේ  බ්ලොග් සංසදයක් පිහිටුවන්න. ඉන් පස්සේ බ්ලොග් කරුවන් අතරින්ම කට්ටිය තෝරලා ඔවුන් සංවිධායකයන කරගෙන දෙවෙනි සම්මාන උළෙල පවත් වන්න. බ්ලොග් සංසදය පිහිටවීමේ වැඩ කටයුතු ඉතා හෙමින් තමා සිද්ද වුනේ.
සම්මාන ලැබූ අයගේ බ්ලොග් ලේඛන සඳහා බ්ලොග්පවර් කියල මමත් සින්ඩියක් හැදුව. මාතලන්  තමා අපි පාවිච්චි කළේ. තව කිහිපයක් අළුත් සින්ඩිත් බිහි වුණා. ඇත්තටම බ්ලොග් කියවීම හොඳ විනෝදාංශයක්. ඒ වගේම නොදන්නා දේ දැන ගන්නත් හොඳ මාර්ගයක්. එසේම  පිස්සුවෙන් වගේ බ්ලොග් කියවපු කාලයකුත් තිබුන.  මගේ අදහස වුනේ දෙවන බ්ලොග් සම්මාන උළෙලින් පසු විශ්‍රාමයක් ගන්න බ්ලොග් වැඩ වලින්. මොකද මම කාලයක් තිස්සේ සැලසුම් කරපු පෞද්ගලික කාර්යයන් කිහිපයක් අතපසු වෙවී තිබෙන නිසා.

පළමු සම්මාන උළෙලේ දේශපාලනඥයෝ දෙදෙනෙක් සහභාගී වුණා. කරු පරණවිතාන මහතා  තමා ශාලාව ලබා දුන්නේ. මේ සහභාගී වීම තුල සම්මාන උළෙලට කිසියම් දේශපාලනික භාවයක් ලැබුණ කියල හිතෙනවා. නමුත් අපේ  අවංක අදහස වුනේ සම්මාන උළෙල රජයේ උත්සවයක් කරන්න පුලුවන්ද කියල බලන්න. එනිසා එම සහභාගිවීම සතුටින් භාර ගත්ත. කථානායක තුමා සහභාගී වෙන එක හොඳ දෙයක් කියලයි මම සැළකුවේ.  නමුත් මේ සම්මාන උළෙලවල් දෙකම පැවැත්වුනේ රජයේ අනුග්‍රයෙන් නොවෙයි. ශාලාව ලැබීම පමණයි වුනේ. ඒකත්  මාධ්‍ය අංශයට වැටෙන වැඩක් නිසා.  බ්ලොග් තේරීමට ඔය කිසිම දේශපාලනඥයෙක් අත දැම්මේ නැහැ.

 පළමු උළෙලේ සංවිධාන කටයුතු රාශියක් මමත් ලංකා නිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන විධායක චන්දිමත්, හිමාශි කරුණාරත්නත්, උපුල් නිශාන්තත්  තමයි කළේ. හුඟක් වියදම් දරුවෙ අපේ අතින්. ඒ මේක සාර්ථක වෙනවා දකින්න ඕනේ නිසා. සමරු පොතේ ලැබුන දැන්වීම් වලට මුදල් නොලැබුනත් අපි පාඩුව විඳ ගත්තේ සම්මාන උළෙල පැවැත්වීමේ  සතුට නිසා.
දෙවන උළෙලේ නාට්‍යයෙන් 

දෙවන උළෙලේ සංවිධාන කටයුතු බොහොමයක් කළේ බ්ලොග්කරුවන් 20-30 ක් සමග සාකච්ඡා කරලා. මාස  ගණනක් තිස්සේ ඇදුනු සාකච්චාවේ ඊමේල් පණිවිඩ 200 කට වැඩිය හුවමාරු වෙලා තිබුන. නාට්‍යයකුත් සංවිධානය වුණා තරුරසී ගේ උදව්වෙන්. ඒ ගැන ලිපියක් මෙතැන් තිබෙනවා.

මේ ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර කිහිපයක්.

පොස්ට් හතරම එක හුස්මට් කියෙව්වා.
බොහොම ප්‍රශංසා කරනවා මේ වගේ උවමනාවෙන්ම කට්ටක් හොයාගෙන ඒ කට්ට කාගෙන මේ වගේ වැඩක් සාර්ථකව කිරීම සම්බන්ධයෙන්.
මේ වගේ වැඩක තියෙන සංවිධාන කිරීමේ බර මම බොහොම හොඳින් දන්නවා.
චෝදනා කරන යට චෝදනා කර කර ඉන්න කියන්න. ඔබේ වැඩේ ඔබ ඔහොම්මම කරගෙන යන්න.අපිත් ඉන්නවා ඕනෑම වෙලාවක සපෝර්ට් එකට.
ජය වේවා!!!
නෙළුම්යාය හොඳ ස්ථාවරයකට පැමිණ තිබෙන බව මේ ලිපි පෙළෙන් පැහැදිළි වුනා. දැන් මෙය අපි ඔක්කොම බඩ බැඳගෙන ඉටු කලයුතු වගකීමක්/යුතුකමක්/සේවයක්/ බව පෙනෙනවා. මා හිතන්නේ මෙතැන් සිට බොහොමයක් බ්ලොග්කරුවන් නෙලුම්යායේ සුවඳ විඳගනු ඇති.
වැරදි කියන්න ගොඩක් අය ඉදි එත් වැඩ කරන්න ඉන්නේ ටික දෙනයි ඒ නිසා ඒවා ගන්න ගන්න එපා
සහයෝගය දුන්නු හැම කෙනෙකුටම ඉස්තුති මොකද මම බ්ලොග් වලට ආදරය කරන එකෙක් නිසා
සුන්දර මතක පෙළක් තමා අජිත් අයියා. අපි ඒ වෙලාවේ අපිට හැකි සහයෝගයක් දුන්නා. ඉදිරියටත් හැකි සෑම සහයෝගයක් ම දෙනවා. අපිට අවශ්‍ය බ්ලොග් කෙරුවාවට හොද අනාගතයක් හැදීම පමණයි.

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අජිත් අයියා. මේ වැඩකට බින්දුවකවත් සහයක් නොදී ප්‍රශ්ණ කරන අයට උත්තර දෙන්න හෝ ඔවුන්ගේ කතාවලට අනුව වැඩ කරන්න හෝ යෑම හොද දෙයක් නෙමෙයි. ඔවුන් අවශ්‍ය අපිව සීමා කිරීමටම තමා. ඒ නිසා ඒවා පැත්තකින් තබා අපි අපේ ගමන යායුතු බවයි අපිනං විශ්වාසකරන්නේ. නැත්තං වෙන්නේ අපි ඔවුන්ව තෘප්ත කරකර සිටීමක් පමණයි. මේ දෙවැනි අවුරුද්ද. අපි දෙවැනි අවුරුද්දෙදි අතිශය සාර්ථකයි. දැන් අපි තුන්වැනි අවුරුද්දට ලෑස්ති වෙනවා. ඊළගට ඉදිරි අවුරුදු වලට ලෑස්ති වෙනවා. අඩුපාඩු හදාගන්නවා සහ හොද ක්‍රමවේදයන් ගොඩනගා ගන්නවා. එහෙම නැතුව දෙවැනි අවුරුද්දේ සම්මාන නොලැබුණ හෝ හිතේ අමාරු හැදුණ අයගේ ගැටලු වලට උත්තර බැද බැද ඉන්නවා නෙමෙයි.

අජිත්ගේ බ්ලොග් මිතුරකු මෙන්ම, පෞද්ගලික මිතුරකුද වන මම මේ පෞද්ගලිකව අජිත්ට කරන මඩ ගැසීම ගැන කනගාටුවෙමි. මට නෙලුම්යාය හෝ අන් ආයතනයකට සම්බන්ද්යක් නැති මුත්, අජිත් පෞද්ගලිකවම බ්ලොග්ස් වෙනුවෙන් කරන කැපකිරීම මම දැක ඇත්තෙමි. අජිත්ට පඩිපත හම්බවෙන ලන්ඩනයෙ ඔහුගේ සේවාස්ථානයට නම් මම වරක් ගොඩවී ඇත්තෙමි. නෙලුම් බැරිනම් හබරල යායක් දාගත්තාත් මට නම් කමක් නැත. නමුත් පෞද්ගලික මිතුරකුසේ අජිත් වෙනුවෙන් පෙනී සිටීම මගේ යුතුකමයි. එසේ පෙනී සිටින්නේ නෙලුම් හිටවන්න හදන කාලේ පටන් මා දන්නා නිසාය. Aru.

මේ කටයුත්ත පිටුපස මොන තරම් ශ්‍රමයක්, කැපකිරීමක් තියෙනවද කියල හරිම පැහැදිලියි. ලබන සැරේ වැඩේට මීට වඩා උදව්වක් දෙන්න උත්සාහ කරන්නම්. ස්තුතියි අජිත් අයියා, කළණෙ, ඉයන්, ඉවාන් ඇතුළු ඒ හැමදෙනාටම.

බ්ලොග් කියවන්න කාලය ලැබෙන්නෙ අඩුවෙන් නිසා නිර්දේශ කිරීම්වලට සාධාරණයක් ඉෂ්ට කරන්න අමාරු වේවි. ඒ වැඩේ බාරනොගත්තෙ ඒ නිසා. නමුත් මගේ ඇහැ ගැටෙන මට දැනෙන ලිපි ගැන දැනුවත් කරන්නම්.
දෙවන උළෙලින් පස්සේ බ්ලොග් තේරීමට සෑහෙන උනන්දුවක් කිහිප දෙනෙකුට   තිබුන. අප අතරින් නික්ම ගිය විචාරක මහතා මෙන්ම අටම්පහුර ප්‍රධානව තවත්  කිහිප දෙනෙක් බ්ලොග් පොස්ට් එකතු කරන්න ගත්ත වෙනම අඩවියක. ඒ තරඟ විනිශ්චය සඳහා.

දෙවන සම්මාන උළෙලට කල්‍යාණ මිතරට අමතරව ඉවාන්,  මනෝජ්, දිලිනි, ඉයන් ඇතුළු බ්ලොග්  කරුවන් රාශියක් සහයෝගය දුන්න.  අජිත් පැරකුම් සහ නාලක වෙනද වගේම සහභාගී වුණා.  ප්‍රථම වරට බ්ලොග් වලට සහ සමාජ ජාල වලට කළ සේවය සඳහා විශේෂ සම්මානයකුත් හැදුව. මුල් වරට නම් කලේ නාලක හා රසිකලොජි ව.

සම්මාන උළෙලවල් දෙක අතරතුර ප්‍රජා  සත්කාර කිහිපයක්ම කෙරුණා. බ්ලොග්කරුවන්ගෙන් මුදල් එකතු කරලා සහ නෙලුම් යාය ඉතිරි මුදල් පියවල. කඳුකරයේ  පාසල් දෙකකට පොත්පත් බෙදා දීම, වතුර ලබා දීම, රත්නපුරයේ පාසලකට විදුලිය ලබා දීම සඳහා  දායක වීම  වගේ දේ. සමහර බ්ලොග්කරුවන් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග මේ ප්‍රජ සත්කාර වැඩ වලට නැවත ප්‍රදානය කලා.

එසේම මාසිකව හොඳම බ්ලොගයට මුදල් ත්‍යාගයක් දීමටත් යෝජනා කෙරිලා ටික කාලයක් පවත්වාගෙන ගියා. එසේ කලේ නිර්මාණ සහ බ්ලොග් තවත් ජනප්‍රිය කරවන්න. එයට ලැබුණු විරෝධය නිසා පසුව ඒ වැඩ සටහන අත් හැරලා දැම්ම. 
තෙවන උළෙලේ නොබැලූ නාට්‍යය 

 තුන්වන නෙළුම්  යාය උත්සවයට මට සහභාගී වෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. වැඩ අධික වීම නිසා. උදව් කරන්න පොරොන්දු  වෙලා හිටියේ. නමුත් කිසියම්  අසත්‍ය ප්‍රචාර සමූහයක් නිසා 2016 අග භාගය වනවිට තත්වය උණුසුම් වුණා කීවොත්  නිවැරදියි. අපි බ්ලොග්කරුවන් හා කතා කරගෙන තෙවෙනි වරත් සංවිධානය කරන්න යත්න දැරුවත්  එය සාර්ථකව ඉටු වුනේ නැහැ. මොකද යෝජනා ආවත් ඉදිරියට එන පිරිස අඩුයි. කල්‍යාණ මිත්‍රත්,  අටමත් තවත් දෙතුන් දෙනෙකුත් ඇරෙන්න වෙන සහයෝගයක් ලැබුනේ නැහැ.  එනිසාම  උළෙල සංවිධානය  කිරීමේ කටයුත්ත ලංකානිව්ස්වෙබ් අඩවිය භාර ගත්ත. එසේම  චන්දිම විතාන ආරච්චි විසින් උළෙල සංවිධානයත් ඒ සඳහාම කැපවුණු පිරිසකට භාර දී තිබුන. පවත්වන තැන ගැන මම දැන  ගත්තෙත් ටිකක් පමා වෙලා.

සම්මාන වලට නිර්දේශි වූවන් මේ ලිපියේ. අජිත් පැරකුම් ට සම්මානයක් නිර්දේශ වී තිබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කළා නෙළුම් යාය  ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙලා උන්නු නිසා.  එසේම  කිසිම සම්මාන  තේරීමකට කාගේවත් දේශපාලනයක්  නම් හරස් වුනේ නැති බව පැහැදිලිව කියන්න ඕනේ. කරු පරණවිතාන මහතාට මෙවර ආරාධනා කර  තිබුනේ නැති අතර ආරාධනා කර තිබූ දේශපාලනඥයකු වන රාජිත සේනාරත්නට දැඩි විරෝධයක් බොහෝ අය මතු කරලා තිබුන. ඔහු පැති  මාරු කළ නිසා ආව පැත්තේ අයත් භීෂණ සමයට සම්බන්ධයි කියා වාමාංශික කොටසකුත් මේ විරෝධය පළ කලා. ඒ ගැන මේ ලිපියේ  වඩාත් සවිස්තරාත්මකව ලියල තියනවා.  මට ලංකාවේ දේශපාලනය තේරුණු අයුරින් තමා මේක ලියුවේ.

හැබැයි මෙහෙම ප්‍රශ්නයක්  නැගුවොත් මේ දෙගොල්ලටම තරහ යනවා. ඔය කියන දේශපාලකයා තමන් ගේ පැත්තේ ඉන්න කොට ප්‍රශ්න  තිබුනේ නැත්ද කියන කාරණයත් ඒ දේශපාලකයා  හිටි ආණ්ඩුව මගින් යුද්ධය මෙහෙයවද්දී  එයට  සහය දුන් ප්‍රධාන වාමාංශික පක්ෂයට අර කිව්ව "භිෂණය " මතක් වුනේ නැත්ද යන්නත්.  (ඒවා අහන කොට පුද්ගලික මඩ ප්‍රහාර නම් ලැබෙනවා). නමුත් මුලික වශයෙන් දේශපාලනඥයන් ගෙන්වනවද  නැත්ද කියන එක සංවිධායකයන් අත  තියෙන්නේ. බොහෝවිට එහෙම  කෙරුවම භේද ඇතිවෙනවා තමයි. ඒකට  හේතුව යුරෝපයේ හෝ බටහිර වෙනත් රටවල වගේ දේශපාලනය හා දේශපාලකයන් එතරම් ගණන් නොගන්නා ජනතාවක් ලංකාවේ නැති එක.   යුරෝපයේ ඉඳන් ලංකාවේ දෙයක් සංවිධානය කරනකොට  එන ප්‍රශ්න තමයි ඒවා. මිමි දෙකක් තියාගෙන කටයුතු  කරන්න අමාරුයි. 

මේ ඒ ලිපියට ලැබුණු  ප්‍රතිචාරයන් .
අජිත්, ඕනෑම තැනක ප්‍රශ්න තියනවා. තමන්ගේ උවමනාව සමග ඒ අනිත් දේවල් කොච්චර ගැටෙනවද, තමන්ගේ මූලික උවමනාවට ඒවායින් කොච්චර බලපෑමක් වෙනවාද යන දේවල් කල්පනා කර තමන්ට තීරණයකට එළඹිය හැකියි. යම් යම් ප්‍රශ්නකාරී දේවල් තිබ්බත්, මම නම් අජිත්, සුමිත්, අටම් ඇතුළු පිරිස කරපු මේ වැඩේ ගැන බොහොම සතුටු වන කෙනෙක්. සමහර දේවල් වල ආරම්භය මෙහෙම තමයි. ඔය කියන හැමෝගෙම විවේචන එක්ක තමයි ටිකෙන් ටික වේවා හැදෙන්නේ. නමුත් අර ආරම්භක තල්ලුව දෙන්න තමයි අමාරු. කාලයත් සමගම සම්මාන උළෙල මීට වඩා වෙනස් ස්වරූපයක් ගනීවි. නමුත් පුළුවන් කාලයක් ඔබගේ දායකත්වය ඊට ලබාදෙන්න පුළුවන් නම් හොඳයි.

මොකා මොන බයිලා ගැසුවද නෙළුම් යාය සම්මාණ උළෙල ඉදිරියටම යා යුතුය. මෙවර සම්මාණ උළෙල බොහෝ අයගේ ගර්හාවට හා කතා බහට ලක් වන්නේ එහි ඇති සාර්ථකත්වය නිසාමය.

මඩ කාගෙන මේ වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම මාතලන්ගේ ප්‍රණාමය....
නෙළුම් යාය ඉදිරියට යා යුතුයි. බ්ලොගර්ලා සම්මාන උලෙලකට මේ තරම් බය ඇයිදැයි නම් නොතේරේ. බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ට විරුද්ධ වෙන්නටත්, සහභාගී වන්නන්ට සහභාගී වන්නටත් හැක. 

සම්මාන උළෙලවල් ගැන කතා කරන කොට අමතක කරන්න බැරි බොක්කෙන්ම බැහැල  වැඩ කරපු කෙනෙක් ඉන්නවා. ඒ සුමිත් යාපා හෙවත් කල්‍යාණ මිත්‍ර. ඉන්දික , ඉයන් සහ නෙළුම් යායෙත්, තවත් බ්ලොග්කරුවන්/කාරියන්  ගේ ධන පරිත්‍යාගයෙන් කළ සමාජ සත්කාර වලදී මුලිකත්වය ගෙන වැඩ කල කෙනෙක්. දෙවන හා තෙවන සම්මාන  උළෙල දෙකේදීම නිදි මරාගෙන,  නිර්දේශිත  බ්ලොග් කියවමින්, වේදිකාවේ කියවීමට අවශ්‍ය හැඳින්වීම් ලියමින්, තමන් ගේ  පුංචි දුවා දරුවන් බලන්න යන වෙලාව කැප කරමින් ඔහු කටයුතු කලේ. ඔහුගේ කාලය මෙන්ම ගමන් වියදම් පවා වැය කරගෙනයි ඒ උදව් කළේ.  කිසිම  බ්ලොග්කරුවෙක් ඔහුට ස්තූති කළාද කියන්න දන්නේ නැහැ. මම නම් ඒ ස්තුතිය කරනවා හැමෝම වෙනුවෙන්.

එසේම ඉවාන් පවලුශා හා  අටම්පහුර අමතක කරන්නත් බැහැ. මුල් උළෙලේ ගීත ගයපු දිලිනි සහ මනෝජ් , නාට්‍ය ගෙන්වන්න  උදව් කරපු තරංගනී මෙන්ම සම්මාන  සඳහා මුදල් පරිත්‍යාග කල බ්ලොග් කරුත් අමතක කරන්න බැහැ. පළමු හා දෙවන සම්මාන උළෙලේදී ලංකානිව්ස්වෙබ් හි උපුල් නිශාන්ත, සංජිව සහ ජයම්පතිත්  සෑහෙන්න මහන්සි වුණා. උපුල් නිදි මරාගෙන කුසගින්නේ තැවී ගෙන,  අර සමහරු ලී කෑලි කියල කියන සම්මාන හදාගෙන එන්න වෙහෙසි  වුණා . ඒ මහන්සිය දැක්ක නම් එහෙම කියයිද දන්නෙත් නැහැ.  සම්මාන උළෙලවල් තුනේම සංවිධානය සඳහා මුලිකව මහන්සි වුනේ ප්‍රධාන විධායක චන්දිම විතාන ආරච්චි සහ ලංකානිව්ස්වෙබ් ආයතනය. ඔවුන්ගේ සංවිධනාත්මක සහය නැතිනම් මෙය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ සංවිධානය කිරීම උදෙසා ඔවුන් කිසියම් වියදමක් දැරූ බවත් මම දන්නවා.

තෙවන සම්මාන උළෙලේ දී එක අයෙකු ඉවත් වුනාට පස්සේ බ්ලොග් නිර්දේශ කිරීම කළේ මමයි කල්‍යාණයි. ඒ වගේම සම්මාන තුනටම කිසිදු වියදමක් අපෙන් ලබා නොගෙන නොමිලේ සහභාගී වුන දෙදෙනෙක් හිටිය. ඒ නාලක ගුණවර්ධන සහ අජිත් පැරකුම් ජයසිංහ. කවුරු මොන චෝදනා  ඉදිරිපත් කලත් ඔවුන් උත්සව තුනටම ආලෝකයක් සැපයුවා.  නාලක ගුණවර්ධන, සරෝජ පතිරණ,  චන්දිම, කල්‍යාණ මිත්‍ර තමයි විනිශ්චය මණ්ඩලයේ හිටියේ. ඔවුන්ගේ ස්වාධින තීරණ වලටත් ඒ සඳහා වැය  කල කාලයත් අමතක කරන්න බැහැ.

බ්ලොග් සම්මාන ගැන මුලින්ම දන්නා මහත්මයෙක් මෙහම   කතාවක් කිව්වා මට. "අජිය ඕක උඹ නැත්නම්  කෙරෙන්නේ නැහැ. උඹ ඔතන ඉන්න ඕනේ" කියල. මම ඒ කතාවත් සෑහෙන්න විශ්වාස කළා. හැබැයි මම හිතනවා මම නැතිව මේ සම්මාන උළෙල කරගෙන යන්න පුළුවන් කියල. අපි පුද්ගලවාදී වෙන්න ඕනේ නැහැ. බ්ලොග්කරුවන්ට ඒ සඳහා ඕන කමක් තියනවා නම් ලංකානිව්ස්වෙබ් ආයතනයට ඕනෑකම තියනවා නම් කරන්න  පුළුවන්. පදනම දාල තියෙන්නේ.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ අභියෝගය අපිම නිර්මාණය කරගෙන අපිම සාර්ථකව ඉදිරිපත් කළා කියල. ප්‍රශ්න සහ වරදවා වටහා ගැනීම් තිබ්බ තමයි. ඒත්  මම හොඳින් නිරීක්ෂණය කළ දෙයක් තමයි බොහොමයක් සම්මාන ලබා ගත්ත සහ උත්සවයට සහභාගී වුන බ්ලොග්කරුවන් එය ප්‍රීතියෙන් සැමරූ බව. බොහෝ අය ආඩම්බරයෙන්  එම සම්මාන ලබා ගත් බව හා තම තමන් ගේ බ්ලොග් වල එය ප්‍රදර්ශනය කළ බව.  බ්ලොග් දැන් ආපහු ජනප්‍රියත්වයෙන් හීන වීගෙන යනවනම් ඒ කියන්නේ නිර්මාණ හිඟ වීමක් හෝ සමහර කාල වල බ්ලොග්කරුවන් ගේ ඉවත්ව යාමක් වෙන්න පුළුවන්. එසේම එහෙම නැති වී යනවනම් ඒකට කරන්න දේකුත් නැහැ. ඒක තමයි ලෝකයේ නෙමේ මේ විශ්වයේත් ස්වභාවය. අලුත් දේවල් එනවා පරණ දේවල් නැති වෙලා යනවා. සනාතන  ධර්මයක්. බ්ලොග් වලට වුනත් එහෙම වෙන්න පුළුවන්.

ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මම ඉතා සතුටක් ලැබුවා නෙළුම් යාය තුලින් කල වැඩ කොටස සහ බ්ලොග් සම්මාන උළෙල ගැන. නමුත් තව දුරටත් කාලය ඒ සඳහා ඉඩ ලබා දෙන්නේ නැහැ.

ඉතින් ආයුබෝවන් නෙළුම් යාය ගරු.

ප.ලි. - ලියන්න අමතක වුනු දෙයක්. සමාවෙන්න. මට ආදරණිය යහළුවෝ  සැහෙන ප්‍රමාණයක් හඳුනාගන්න ලැබුණා බ්ලොග් ලිවිල්ලෙන් මෙන්ම නෙළුම් යාය සම්මාන උළෙල නිසා.
යොමු:

ප්‍රථම සම්මාන උළෙල 

ප්‍රථම උළෙලේ හැඳින්වීමේ කථාව 

76 comments:

  1. නෙලුම් යාය ගැන විවේචන තිබුනත්, අදත් මම කියනවා අජිත් හොරෙක් නෙමේ කියලා. මේ මගේ අවසාන කමෙන්ටුව නෙලුම පිලිබඳ. මම මේ ටික ලියන්නෙත් අජිත් සහ මා තුල තිබු පෞද්ගලික මිත්‍රත්වය නිසා පමනයි. අජිත් ධර්මා හොරෙක් නෙමේ කියන එකනම් මා දන්නා තරමින් මට විශ්වාසයි. ඒ ඇත්ත මා හා ඇසුරේදී සීයට සීයක් ඇත්තයි. ඒක සහතිකයි. අනිත් කිසි දෙයක් මා නොදනමි.

    ReplyDelete
  2. මම නං කියන හැමදේම විනෝදයට කියන කෙනෙක්.. ඒවයින් බලපෑමක් නැතිය කියල හිතනවා.. මම මුල ඉදල නෙලුං එක්ක හිටිය.. පසුකාලීන විහිලු බල බල උනත්.. අජිත් නිසයි ඕක පැවැත්වුනෙ... ජය

    ReplyDelete
  3. අයිසෙ අජිත්
    ඒ කියන්නෙ තමුසෙට සාරසයගෙ ප්‍රහාරයට මූණ දෙන්න ශක්තිය නෑ
    සාරසය දිනුම් තමුසෙ පරාදයි.
    එහෙමද ?

    ReplyDelete
    Replies
    1. සාරසය දිනුම් තමුසෙ පරාදයි.....//
      පිස්සුද ඔයි සරසා දිනුම් නෑ දිනුවේ සිඩ්නි නුවර රසික ලොජිය අයිති එකා. තමන්ගේ මන්පොර ට කෙලින්න එන ඔක්කොටම මෙයා දහම් පිරිත් නුලෙන් බෙල්ල හිරකරනවා ... අපොයි මොන ලෝකෙක යන්නද දන්නේ නෑ මෙහෙම කරන්නේ පට්ට දෙබිඩ්ඩෝ

      Delete
    2. සරසා දිනුම් කියන්න අපි අතරේ තරඟයක් තිබ්බද අයිසේ , මම ඉවත් වෙන්න හිටියේ මිට කලින්. නොයෙකුත් නොවැලැක්විය හේතු නිසා දිග් ගැහුනා. තව දුරටත් ඉන්න වෙලාවක් නැහැ. වැඩ වැඩියි. සරසා අදාලත්වයක් ඇත්තෙම නැහැ.

      Delete
  4. බ්ලොග් ලිවිල්ල නවත්තල මගෙ යාලුවෙක් මලා.

    ReplyDelete
    Replies
    1. කවුද බ්ලොග් ලිවිල්ල නවත්වනවා කිව්වේ. මම මැරෙන්න බයයි.

      Delete
  5. පල හුත්ත යන්න බොරු කියන්නෙ නැතුව.
    අම්මට හුකන්න උඹත් අර බුකියට ඇඩික්ට් උනා නේද

    ReplyDelete
    Replies
    1. හොඳින් කතා කරන්නකෝ අනේ. එහෙමත් කරනවද අපි.

      Delete
  6. පඩයක් ඇනලයිස් කරන තියරිය අනුව ඉතාමත් අලංකාරයෙන් පාඨකයන්ගේ අනුකම්පාව ලබා ගැනීමේ පරම චේතනාවෙන් ඉතා පරිශුද්‍රව ආයාචනයක් වශයෙන් වැදගත් ලෙස සමු ගැනීමක්. දුර්ගන්ධය හඬේන් මකා දැමිය නොහැක එය දසත පැතිරී අවසානය

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හම්මෝ මෙයා හොද වෙලාවට කුණුහරුප එක්කවත් ලියලා නෑ හරි වැදගත් මහත්තයෙක්
      සමහර බ්ලොග් ලියන එවුන් ලියන ඒවා කොහොමද මලගිය ඇත්තියන්ට ටෞකන්න කියලා හිතනවා

      Delete
    3. හේ හේ ඕන තරම් කුණුහරුප ලියල තියනවා. නෙලුම් යාය සම්බන්ධ දේවලදී නොවේ. හොඳ නැහැනේ.

      Delete
  7. මං හිතන්නේ ඒ වගේ ඇගයීම් උත්සව පැවැත්වෙන්න ඕනේ නිර්මාණකරුවන් දිරිමත් කරන්න.. දන්නා ආකාරයට මෙහිදී අජිත් අය්යාගේ කාර්යබාරය අතිමහත්... මොන බාදා මැද්දෙ උනත් ඒ බාදා, අබියෝගවලට මුහුණ දෙන එක නේද වටින්නේ...
    ආ මග කෙටී, යා යුතු මග දුරයි අය්යේ...

    ReplyDelete
    Replies
    1. මේ අභියෝගය නිවෙස පැත්තෙන් නංගි. දුවා දරුවන් ගැනත් හොයල බලන්න එපාය. බය වෙන්න එපා. මේ වැඩේ නතර වෙන්නේ නැහැ මම දන්නා විධිහට.

      Delete
  8. අජිත් අයිය මේ තීරණේ ගැනීම ගැන මම පුදුම වෙන්නේ නෑ. හැම නෙලුම්යායකදිම ලඟින් හිටපු කෙනෙක් හැටියට ඒ ඇතුලෙ සහ එළියේ වුනු හැමදෙයක්ම ඒ ආකාරයෙන්ම දන්නා කෙනෙක් හැටියටත් මේ තීරණේට අභියෝග කරන්න මට පුළුවන් කමක් නෑ. ජීවිතේ හැම කාලෙදිම අපිට එක එක අත්දැකීම් ලැබෙනවා හොඳ හෝ නරක . එත් අනාගතේට ගිහිං අතීතය දිහා හැරිලා බැලුවම අර අසුන්දර අත්දැකීම් වුනත් හොඳ සුන්දර මතකයන්. ආපහු දවසක මුණගැහුනම නෙලුම් යාය කරද්දී වුනු දේවල් , අහපු බැනුම් , කුණුහරුප වගේම උපහාස අපහාස ගැනත් මතක් කරලා හිනාවෙන්න පුළුවන් වෙයි . මේ කලකිරීම් ඒ වෙනකොට සුන්දර මතක වලට හැරිලා තියෙයි . ඒක තමා ජීවිතේ . ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඉවාන් . තව කාලයක් ගිහිල්ල අපි අයෙත් ලනකාවේදී හමුවෙනවා කියල මට විශ්වාසයි. අපිඅට හිනා වෙලා සමරන්න හුඟක් දේවල් තියනවා.

      Delete
  9. දැන්වීමකි [මුදල් ගෙවා පලකරන ලදී ]

    නෙලුම් යාය පදනමේ සමාජීය සත්කාරයකි

    https://www.youtube.com/watch?v=ZzGmKlNch6c

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවත් තියනවද?

      Delete
  10. අම්මට හුඩු අජියත් මාරු සුමිතයත් බාගෙට මාරු ෂුවර් එකටම බජට් කේස් එකක් FCID එකට රිපෝට් කරලා වගේ
    අපි සාක්කි දෙන්නම් ගත්තෙත් නෑ දුන්නෙත් නැ දන්නේනෙත් නෑ කිව්වෙවත් නැ මතකත් නැ කියලා එතකොට ඔයා ගොඩ හැබැයි ඉතින් ඉන්ටපොල් රෙඩ් නෝටිස් වදීද ච!එත් මොකෝ ඔය චන්දිමයා ඉන්නේ යසට ඊ නිවුස් සඳරුවන් ඉන්නේ සහයට

    ReplyDelete
    Replies
    1. ඔය FCID කියන එක බං හොරුයි කියල ගෙනල්ල අඬ ගහල මාධ්‍ය සංදර්ශන තියල කෝ එකෙක් වත් ඇල්ලුවයි? ඕකට දැන් කුම්බියෙක්කත් බය නැහැ. අනේ අපිට ඉතින් අයියනායක දෙයියන්ගේ පිහිට තමයි. ඉන්ටපොල් හෙඩ්ක්වටර්ස් එකට ගිහින් අල්ලසක් වත් දීල බලන්න ඕනේ.

      Delete
  11. අජිත්ගේ මහන්සිය, කැපවීම, අවංකකම ගැන සහ නෙලුම් සම්මාන ලැබූ අයට ඇතිවුන සතුට හා උනන්දුව ගැන කිසිම සැකයක් නෑ.

    සම්මාන ලැබූ අය අතර අප්‍රකට , ඉතා අහිංසක, අපහසුතා ඇති අය මෙන්ම ප්‍රසිද්ධ බලවත් අයත් ඉන්නවා. මං හිතන්නෙ ඔවුන් සියලුදෙනා අජිත්ට ස්තුතිවන්ත වෙනවා ඇති. ඒ විශේෂයෙන්ම අහිංසක, අමාරුකම් අතර බ්ලොග් ලියපු එයට අගය කිරීමක් ලැබීමෙන් ඉතා සතුටට පත්වූ පොඩි මිනිස්සු. උදව්වක වැදගත්ම දේ උදව්කරන්නා කවුද කියන එක නෙමෙයි උදව් ලබන්නා කවුද කියන එකකනෙ.
    උදව් ලැබිය යුතු අහිංසක මිනිස්සුන්ට උදව් කිරීමෙන් ලබන සතුට කල්‍යාණමිත්‍රත් හොඳින් දන්නවා ඇති.
    සමහරු බනින්න ඇත්තේ ඔවුන්ගේ වෙනස් අදහස් සහ අරමුණු නිසා. ඒවා අදාල නෑනෙ. මං හිතන්නෙ අජිත්ට චෝදනා වලින් වුන වේදනාවලට වඩා හුඟක් ඇති තමන් කරපු හොඳ දෙයින් ලැබූ සතුට

    තමන් කැමති දේ කිරීම, වඩා කැමති සහ/හෝ වැදගත් දේ තීරණය කිරීම සහ වෙනත් දේ නැවැත්වීම අජිත්ගේ පෞද්ගලික තීරණනෙ.

    ReplyDelete
    Replies
    1. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
      බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවෙති

      ස්තුතියි ප්‍රා, චෝදනා ප්‍රශ්නයකටත් වඩා මෙතන මගේ කාලය සහ මහන්සිය යෙදිය යුතු වැඩ ගොඩක් තිබෙනවා.

      Delete
  12. අවසානයේ හිතට සතුටක් නැති, මුලින් ගත කරන කාලයටත් අමතරව තවත් කාලය පසුව මිඩංගු කිරීමට සිදුවෙන දෙයින් ඉවත්වීම ගැන වරදක් කියන්න බෑ.

    මෙන්න මා තුන්වෙනි නෙළුම් යාය උස්සවය ගැන ලියපු ලිපිය-

    "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017
    https://rasikalogy.blogspot.com/2017/01/nelum-yaya-blog-awards-ceremony-2017.html


    .

    ReplyDelete
    Replies
    1. ඕක මම දැක්කා. ස්තූතියි රසික. කාලය මිඩංගු කිරීමේ ප්‍රශ්නයක් තියනවා තමයි.

      Delete
  13. විශාල සහයෝගයක් දෙන්න බැරිවුණත් අජිත් අයියා ඇතුළු පිරිස සමඟ නෙළුම් යායට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්. අජිත් අයිය මේ වැඩේට සම්බන්ධ වුණේ අවංකවම කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තුව නොවන බව දන්නවා. බ්ලොග් ගැන සමාජ අවධානය ගන්න, අපේ සහෝදර බ්ලොග්කරුවන් දිරිමත් කරන්න ඒ දැරූ උත්සාහයට ආදරණීය ස්තූතිය !!!

    ReplyDelete
    Replies
    1. ආදරණිය තරුරසී ඔබවැනි අය හඳුනාගැනීමට ලැබීමත් භාග්‍යයක්.

      Delete
  14. නෙලුම් යාය තෙවන වරට පැවැත්වීමේදී මම බ්ලොග්වලට ආධුනිකයෙක්. ඒ හින්දම ඒ දවස්වල වැඩි පිරිසක් මගේ බ්ලොග් අඩවිය ගැන දැනන් හිටියෙ නෑ. එහෙත් නෙලුම් යාය මගේ නිර්මාණ ඇගයීමත් සමගම බ්ලොග් එකට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. එවන් උළෙලක් සංවිධානය කෙරූ ඔබ ඇතුළු කණ්ඩායමට මෙහිදීත් මගේ ස්තූතිය.

    ප්‍රා. ජේ ගේ සටහනට එකඟවෙමි.

    හොඳින් කරන දේ වෙනම් එයයි අගේ
    සිතින් සිහිකරද්දී සතුටක්ද නැගේ
    තමන් ගන්න තීරණයත් හොඳයි වගේ
    ඉතින් ඔබට පුද කරනව තුතිය මගේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබට බොහොම ස්තූතියි. ඔබේ කවි නිර්මාණ ඉස්තරම්. ඉදිරියටම යන්න.

      Delete
  15. මචං අජ්ජො, දැන් එතකොට එකතුවෙන එයා මයිල් වලට මොනවද කොරන්න හිතාන ඉන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් පෞද්ගලික ගමන් බිමන් සඳහා පාවිච්චි කරනවනේ. පෞද්ගලික් ගමන් නිසා හම්බවෙන එයා මයිල් පෞද්ගලික ගමන් බිමන් සඳහා යොදා ගන්න කාගෙන්වත් තහනමක් නැහැනේ නේද ? ශ්‍රී ලන්කන් ෆ්ලයි මයිල්ස් වලින් තව ඔෆර් එකක් ඇවිත් තිබුනේ.

      Delete
  16. මම හිතන්නෙත් මේක නිවැරදි තීරණයක්! ඔය බ්ලොග් සම්මාන උළෙල ගැන මගෙනම් කොහොමත් එච්චර පැහැදීමක් නැහැ. කොටින්ම කිසිම සම්මාන උළෙලක් ගැන මගේ පැහැදීමක් නැහැ. මම නම් දකින්නේ ඔය සම්මාන උළෙල වලින් සිදුවෙන්නේ හොඳකට වඩා නරකක්. අදාල ක්ෂේත්‍රයේ අය අතර බෙදීමක්. පෞද්ගලිකව දන්නේ නැති වුනත් මමත් අජිත් ධර්ම කියන්නේ හොරෙක් නොවේ යන මතයේ ඉන්න කෙනෙක්. බ්ලොග් එක දිගටම ලියැවේවි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තූතියි ඔබේ අදහසට උදය. බ්ලොග් එක දිගටම ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

      Delete
  17. Replies
    1. ඉතින් ආයුබෝවන් බුකි මිතුරු බොරූ. :-D

      Delete
    2. හම්මේ මෙන්න මෙයා කවිත් ලියනවා.. :)))

      Delete
    3. බැරි දේවලුත් ට්‍රයි කොරලා බලමු හොරූ

      Delete
    4. කොයිකට නමුත් හොඳින් හිතා කොමෙන්ට් කෙරූ
      ප්‍රා ජේ ගේ කවි කොමෙන්ටුත් මරේ මරූ.. :))))

      Delete
    5. ප්‍රා ජේ කවි බ්ලොගයක් අරිනවලු.

      Delete
    6. සතුටුයි බලා ඉමි එය අරඹනා තුරූ.....

      Delete
  18. මට පුදුම ඔබ වගේ කෙනෙක් සරල ලෝක ස්වභාවය පිළිබඳව මෙලෙස සැලීම ..සම්මාන උළෙලවල් කිසිම එකක් ගැන මගේ කිසි පැහැදීමක් නෑ ..වැඩක් කරාම මඩ ගහන ,කතන්දර කියන නිකම්මු කොහෙත් ඉන්නවනේ ඕක ලෝකේ හැටිනේ මොන මගුලක්ද ...ඔය වගේ මැටි මෝලන්ව කවුද ගණන් ගන්නේ

    ReplyDelete
    Replies
    1. සමහර බ්ලොග් අඩවිවල තිබු චෝදනා ගැන සැලීමක් ඇතිවුනේ නැහැම කියන්නත් බැහැ. නොකරපු දෙකට චෝදනා එනකොට කණගාටුවක් කළකිරීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ තීරණයට හේතු ගොඩක් තියනවා. මුලිකම එක තමයි මම දෙවන සම්මාන උළෙලින් පසු වෙනත් කවුරුහරි භාරගනී කියන අදහස තිබීම. සම්මාන උළෙලේ සංවිධානය වෙනත් කෙනෙක් භාර ගත්තත් නෙළුම් යායේ වෙබ් අඩවියේ දිගටම රැඳී සිටියේ ඒ නිසා. නමුත් දැන් වෙලාව ඇත්තටම මදි. ඒක තමා ප්‍රධානම හේතුව. චැරිටි ගැන කියූ කතාවලට නම් සෑහෙන්න රිදුනා කිව්වැකි මොකද අහිංසක දරු පැටව් දෙතුන්දෙනෙකුගේ ආධාර නවත්වන්න සිදුවුණා.

      Delete
  19. මම දන්නා විදිහට සහ මම දැකපු විදිහට නෙළුම්යාය සම්මාන උළෙලවල් පැවැත්වීමට ඔබගේ දායකත්වය තීරණාත්මක වුණා. යමක ඉතිහාසය කියවෙද්දී වැදගත්වන්නේ එය නඟා සිටුවීමට උරදුන් අය මිස කඩාකප්පල් කිරීමට කටයුතු කල අය ගැන නොවෙයි. කවුරුන් සංවිධානය කලත් වෙන සම්මාන උළෙලකින් මෙම කාර්‍යය කෙරෙනතුරු මෙම සම්මාන උළෙල දිගටම පැවතිය යුතුයි. බ්ලොග් වෙනුවෙන් ඔබ කල කාර්‍යයට ඔබට හිමි සම්මානය ඒ ගැන දන්නා අයගේ හිත් වල සැමදා තියේවි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඉයන් බොහොම ස්තූතියි.
      //යමක ඉතිහාසය කියවෙද්දී වැදගත්වන්නේ එය නඟා සිටුවීමට උරදුන් අය මිස කඩාකප්පල් කිරීමට කටයුතු කල අය ගැන නොවෙයි// ඉතා වැදගත් වාක්‍යයක්. සම්මාන උළෙල දිගටම පැවැත්වෙන බව මගෙත් විශ්වාසයයි. එය නවත්වන්නේ නැතිවෙයි. ලංකානිව්ස්වෙබ් සහ නෙළුම් යාය පදනම ඒ කාර්යය බලා ගනීවි.

      Delete
  20. මේක ඔබේ තීරණය. ඉතින් ඒ තීරණය අභියෝගයට ලක් කරන්න මට නම් හැකියාවක් නැහැ.

    ඒත් මම එකක් කියන්න ඕනෙ. අජිත් කියන්නෙ හොරෙක් නොවෙයි. ඒ නිසාම ඔය වගේ මඩ ගැසීම් සහ අවලාද හමුවේ කම්පා වෙන්න හෝ ඒවට උත්තර බඳින්න යන්න ඕනෙ කෙනෙකුත් නොවෙයි.

    හැමදාමත්, විවේචන/ අපහාස/ අවලාද සහ මඩගැසීම්වලට ලක් වෙන්නේ වැඩක් කරන මිනිස්සු. වැඩක් නොකරනතාක් කල් කිසි කෙනෙකුට ඔබව ප්‍රශ්ණයක්වත් අභියෝගයක්වත් වෙන්නෙ නැහැ.

    ඉතින් අජිත් අයියේ, ඔබට වඩා අත්දැකීම් අතින් බොහොම අපරිණත තැනක ඉන්න මම හිතන්නෙ, මේක අවසානය නොවී මද විරාමයක් පමණක් වුණොත් වඩා හොඳයි. මොකද, හොඳ දේවල්වල අවසානය ලඟා වෙනවා කියන එක නම් කිසිසේත්ම හොඳ වැඩක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. බස්සි ඔබට බොහොම ස්තූතියි.
      //හැමදාමත්, විවේචන/ අපහාස/ අවලාද සහ මඩගැසීම්වලට ලක් වෙන්නේ වැඩක් කරන මිනිස්සු. වැඩක් නොකරනතාක් කල් කිසි කෙනෙකුට ඔබව ප්‍රශ්ණයක්වත් අභියෝගයක්වත් වෙන්නෙ නැහැ.// මසුරන් වටින කතාවක්. සම්මාන උළෙලේ හෝ නෙළුම් යාය අවසන් වේය කියා හිතන්නේ නැහැ.
      අලුත් කට්ටියක් භාර අරගෙන කරන්න නේ තියෙන්නේ . පදනම හදල තියෙන එකේ කරගෙන යන්නයි තියෙන්නේ.
      ඔබලාගේ සින්ඩි ඇප් එකත් සාර්ථක වේවා කියා පතනවා.

      Delete
  21. බ්ලොග් වලට ආධුනිකයෙක් වෙච්චි මටත් තෙවැනි නෙළුම්යාය සම්මාන උලේලේදි සිංහල බ්ලොග් කලාවේ ප‍්‍රවින අයත් ඇතුලුව මා වැනිම ආධුනික රෝමාන්තික රස්තියාදුකාරයා දුමි වාසිතයේ මිතිල ටෙක් සයුර වැන්නවුන් එදා හදුනාගත්තා. එත්තෙන්ම එදා සියල්ලන්ම සුවිශාල සතුටක් ලැබුවා. නෙළුම්යාය සෑම වසරකදිම මෙවර පැවැත්වුවාට වඩා උත්කර්ෂවත් අයුරින් පැවැත්විය යුතුයි. ඔබගේ සමුගැන්ම සිංහල බ්ලොග් ප‍්‍රවර්ධනයට ලොකු පාඩුවක් සිදුවේවි. ඔබට මඩගැසු අයත් කිසියම් දිනෙක ඔබ ඇතුලු අනික් අයත් සිංහල බ්ලොග් ප‍්‍රවර්ධනයට කල දේ අගයාවි. ප‍්‍රාජේ මහතාගේ කොමෙන්ටුවටත් එකගවෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුළු නව පරපුර ගැන තමා මම මතක් කෙරුවේ. ඔබලා මේ සම්මාන උළෙලවල් මන්ම බ්ලොග් කරුවන්ගේ හමුවීම් අගය කරනබව මා දන්නවා. එදා ඔබ හමුවීම ඉතා සතුටක්.

      Delete
  22. ලියන්න අමතක වුනු දෙයක්. සමාවෙන්න. මට ආදරණිය යහළුවෝ සැහෙන ප්‍රමාණයක් හඳුනාගන්න ලැබුණා බ්ලොග් ලිවිල්ලෙන් මෙන්ම නෙළුම් යාය සම්මාන උළෙල නිසා.

    ReplyDelete
  23. අජිත් නැත්තං ඔය සම්මාන වැඩේ කෙරෙන්නේ නැහැ. කවුරු මොනවා කීවත් ඇත්ත කතාව ඒකයි.
    අනික අපිට එයා මයිල්ද, රතු නෝටිස්ද, ලාභ අලාභ ගිණුමේ විස්තරද ඕනෙත් නැහැ. දුන්නත් බලන්නෙත් නැහැ. (බැලුවට අපිට තේරෙන්නෙත් නැහැ, ඒක වෙනම කතාවක් )
    කරපු 99%ක් හොඳ වැඩ ගැන රැකොමන්ඩේසොන් වගේම 1%ක කැත වැඩත් (එක එක වේ..යන්ගේ කතා අහල අර මිතිලයගේ නම කැපුවේ මුලාශ්‍ර නැහැ කියල , මතකනේ.. දැන් නං මට මතක නැහැ නැහැ වගේ නේද) ලියුව නං තමා වැඩේ කොම්ප්ලිට් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රැකොමන්ඩේසොන් එකට, මේ මාහත්තයට කියන්නේ මිතිලගේ නම කැපුවේ නැහැ ඕන්. නම අයින් කරනවා කියල දැන්නුවා විතරයි, (මම තනිව ගන්න තීරණ නෙමේනේ ඕව) ඒකට මිතිල දුන්න උත්තරේ බලල සම්මානෙකුත් දුන්නේ. තවත් මොනවද?

      Delete
    2. අඬන්න ඕනෙද කිරි එරෙන්න මිතිල නිහඬව සිටියානම් සම්මාන නැ

      අගෙයි විනිශ්ව මණ්ඩලය ... අනෙක් සම්මාන ගැන කවර කථා ද අජිත් මහත්තයෝ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔයාගේ ඇත්ත ප්‍රශ්නය මිතිල නෙමේනේ නේද? සම්මාන දුන්න එක වැරදියි කියන්න නේ ඔය අර ඇන්දේ. ඔය ලිස්ට් එකේ නුසුදුස්සෝ කවුද කියල, කියල පටන් ගන්න. දැන් මිතිලට දෙන්න එපා කිවේ කවුද කියල හොයල බලන්න ඉස්සෙල්ල . චෝදනාව ඉදිරිපත් කළේ සූරී ජේ . මිතිල ඒක දන්නවා ,. චෝදනාවක් ආවම ඒක විභාග කරන එක අපේ යුතුකමක්. එයාව අයින් කෙළේ නිර්දේශ කල තැනැත්තමයි කියලත් ඔයා හොඳින් දන්නවා. කාටවත් අපි අඬන්න කිවේ නැහැනේ. නිකම් බොරු නැතුව ඉන්න. ඕනෑම තරඟයක හෝ සම්මාන තේරිමක චෝදනාවක් එල්ල වුනොත් සම්මානය දෙන්නේ නැහැ විභාග කරන්නේ නැතිව. අපි කලෙත් ඒක. මිතිලට ඉදිරිපත් කරන්නේ කිව්වේ මුලාශ්‍ර, අනිත් අයට ඒක අදාළ නැත්තේ අනිත් අයට එහම ප්‍රශ්නයක් නැති වුන නිසා. දැන් මිතිලට ඒකෙ ප්‍රශ්නයක් තියනවද?

      Delete
  24. ඔබ කළ දෙයින් හෝ කරන දෙයින් ඔබට සතුටක් ලැබේ නම් වැදගත් වන්නේ එයයි, බ්ලොග් ප්‍රවර්ධනයට කළ සේවයට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි බක්කරේ

      Delete
  25. අජිත් රත්තරන් මනුස්සයෙක්.. ඒක මම බය නැතිව ඕන තැනක කියනවා

    ඒ වගේම නොම්මර එකේ කුකුල් කේන්තී කාරයෙක් ඒකත් මම ඕන තැනක කියනවා..

    මට වඩා ලෝකය ගැන දන්න උඹට මට කියන්න තියෙන්නේ එක දෙයයි.. කිසිම දෙයකින් කළබලයටත්, කනගාටුවටත් පත් වෙන්න එපා..

    නොගන්න උන්න සම්මානයක් එතනටම ඇවිත් ගත්තේ උඹේ කැපවීම මම ඇස් දෙකෙන්ම දැක්ක නිසා..

    නෙළුම් යායා ඉදිරියට යයි...අළුත් උන් වැඩේ කරගෙන යයි.. ඉරිසියාකාරයෝ පෞ පැලිලා මැරෙයි..

    සේරිවානිජලා කව්ද, කච්චපුඨලා කව්ද කියා දන්නෝ දනිති.. ඒ හොඳටෝම ඇති...

    ReplyDelete
    Replies
    1. //ඒ වගේම නොම්මර එකේ කුකුල් කේන්තී කාරයෙක් ඒකත් මම ඕන තැනක කියනවා..// මාතලන් පැත්ත ගියත් ඇත්ත කියනවා. ඒකනේ අපි උඹට ආදරේ.
      //කිසිම දෙයකින් කළබලයටත්, කනගාටුවටත් පත් වෙන්න එපා..// ස්තූතියි. එහෙම නොවෙන්න පොරොන්දු වෙනවා. ජිවිතේ දේවල් බදාගෙන ඉඳල පුරුද්දක් නැහැ. යන වෙලාවට යන්න ඕනේ.

      Delete
  26. සම්මාන උළෙල හෝ පහු ගිය කාලේ සිද්ද වෙච්ච කතා බහ ගැන කිසිවක් කියන්න මම නම් දන්නේ නෑ. නමුත් අජිත් ගැන මට තියෙන හැඟීම නම් කිසි වෙනසක් නෑ.. හෙහ් හෙහ් තරුවක් ගැන ලියාගෙන ඔය පරණ රුසියන් කතා ටිකක් ලියාගෙන දිගටම යමු අජිත්. ආයේ සම්මාන දෙන්න හිතුනොත් එකත් කරන්න...

    පරණ පොස්ට් හිමිහිට බලන්නම්කෝ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මගේ අම්මේ , පැතුම් මල්ලි දැක්ක කල්. ඔයාල තමයි අර අපි තලවාකැලේ ප්‍රජා සත්කාර වැඩේ කරනකොට මුලින්ම උදව් කළ කට්ටිය. ලියන්න අමතක වුනාට තරහ වෙන් නැහැ කියල දන්නවා. පරණ රුසියන් කතාවලට බහින්න තමයි හදන්නේ.

      Delete
  27. රාජිතයා ගෑවිච්ච තැනක් ඇත්තන් විනාසයි :)) .

    ඔය සම්මාන උළෙලවල් යකාට ගියාවේ. ඕවයින් බ්ලොග්වලට වෙච්ච් හොඳක් නෑ. හොඳ ලිපි ටිකක් ලියන්න අජිත්. බ්ලොග් එලිය වැටෙන්නේ ඒවයින්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට එළිය දෙමු.

      Delete
  28. හැම හොද දේකටම නෙමෙයි හැම දේකටම අවසානයක් තියෙනව.Hikzz

    ReplyDelete
    Replies
    1. ඕව ඔබ හරි. මම අර ප්‍රසිද්ධ වාක්‍යයක් අර ගත්තේ. විනෝද සංචාරයක් හෙම ඉවර වුනහම කියන්නේ.
      All good things must come to an end

      Delete
  29. ඔබ මූලිකත්වයෙන් සිදු කෙරුණු “නෙළුම් යාය“ සම්මාන උළෙල මගින් සිංහල බ්ලොග් පරිශ්‍රය තුල ප්‍රෙබා්ධයක් ඇතිවූ බව මට පෞද්ගලිකව දැනුනු දෙයක් . වෙනත් මත සංවාද පිළිබඳ නොදනිමි , නමුත් මෙම කටයුත්තේදී ඔබ වූ වෙහෙස වෙනුවෙන් මගේ පෞද්ගලික ස්තුතියි පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ් නිශාන්ත.

      Delete
  30. Danke für alles, was du getan hast (Thanks for all you have done)

    ReplyDelete
    Replies
    1. Sie müssen wahrscheinlich nicht übersetzen. Vielen Dank für die netten Worte.

      Delete
  31. දේශපාලන කරුණු ලියවෙන බ්ලොග් කරුවන්ව තමන්ගේ සුවච කීකරු ගවපාලන සුවාමියන්ට හෙළි කොලාට පස්සේ අජිත් ගේ කාර්යයභාරය හමාරයි, එබැවින් නෙලුමෙන් සමුගැනීමේ වරදක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඔහේගේ මෝඩකමට මම මැරෙන්නය. මම අයින් වෙන්න හිතන් ඉන්නවා කියල කිව්වේ පළමුවෙනි එකෙන් පස්සේ. බ්ලොග් කරුවන්ව අමුතුවෙන් මම හෙළි කරන්න ඕනය. බ්ලොග් කියවන්න ආවහම ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .