Saturday 21 December 2019

එළවලු ගණන්ද


යහපාලනේ කරනවා කියල ඇවිල්ල කරපු මගඩි වලටයි විකාර වලටයි උන්ට ඔහොම වෙලා මදි කියන හැඟීම තවම තියනවා. ඒත් ඉතින් අළුත් කට්ටියට දීපු හනිමූන් කාලේ ඉවර වීගෙන යනව වගේ ඈ .

පොහොට්ටුවට සාඩම්බරයෙන් චන්දෙ දීපු මල්ලිගෙන් ඇහුවා දැන් මොකද එළවලු ගණන් නේද කියල?  එයා කියනවා
" ඔව් ගණන් නම් තමයි. ඒ මේ ගංවතුර යි දිගටම වහින එකයි  වගේ දේ නිසානේ ". කියල.
"එතකොට ආණ්ඩුවේ වැරැද්දක් නැහැ. ඉස්සර ඔයා යහ පාලනේට බනින්නේ එළවලුයි ඇතුළු හැමදේම  ගණන් කියල." මම ඇහුවා.

"අපෝ උන්නම් කිසි දෙයක් කෙරුවේ නැහැ. දැන් මේ ආණ්ඩුව තවම ආව විතරයි නේ.ප්ලෑන් එකට වැඩ."

එවෙලේ තමා  මට කල්පනා වුනේ ප්ලෑන් එක.

  මේ එළවලු ගණන් යවන්නේ නිකන් නෙමේ කියල. කල්පනාකාරීව කරපු සැලසුමකට. දැන් බලන්න. ලංකාවේ එළවලු  කියන්නේ රසායනික පොහොර භාවිතා කරලා, අවශ්‍ය පමණට වඩා  කෘමි නාශක අර නාශක මේ  නාශක ගහල හදපුව. ඕව කාල පිළිකා හැදිලා නොයෙකුත් ලෙඩ රෝග හැදිලා මැරෙන්නේ. ඉතින් ඔය එළවලු කන්න දීලා මිනිසුන්ට ලෙඩ හැදුනම නිදහස් සෞඛ්‍ය සේවයටමයි පාඩු. එනිසා ඉස්සෙල්ලම් කරන්න ඕන දේ තමයි එළවලු ගණන් යවන එක.

අර 3% අනුර කුමාර දිසානායක කිව්වා වගේ දඹුල්ල වගේ ආර්ථික මධ්‍යස්ථාන වල නාස්තිය අඩු කරන්න වගේ වැඩ කරන්න හොඳ නැහැ.    බෙදා හැරීම  වගේ දේවල්  හරියට කරන්න  ඕනෙත් නැහැ. ප්ලෑන් එක අඩාල වේලාවන් අනුරය ඕව දන්නා  එකක්ය.
දැන් එළවලු ගණන් ගියාම මොකද  වෙන්නේ. ආර්ථික ඔස්තාද් මහත්තය කිව්වා වගේ එළවලු මිල බහිනවා. ඇයි මිනිස්සු ගන්නේ නැහැනේ.  දැන් පොහොට්ටුවේ ලක්ෂ හැට නමය දන්නා නිසා ඒ දේශප්‍රේමී ජනතාව ඔය එළවලු කොහොමත් ගන්නේ නැහැ. ඒවා අරගෙන කන්නේ කවුද ? දේශ ද්‍රෝහී ටොයියෝ ටිකයි අර 3% දේශ ද්‍රෝහී කණාටු ජෙප්පෝ ටිකයි. ඒවා කාල  උන්ට එක එක ලෙඩ හැදෙනවා. හැදිලා උන් ඔක්කොම මේ දෙරණ තලෙං නැති වෙලාම යනවා.

ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? මේ රටට ආදරය කරන පොහොට්ටුවේ ජනතාව.
ඊට පස්සේ ඕන විධිහට කෘමි නාශක ඉහින්නේ නැති එළවලු වගා කරලා සුවඳල් හාලෙන් බත් උයල කෑව හැකි අපේ දේශ ප්‍රේමි ජනතාවට.

පොඩ්ඩක් ඉවසන්න විතරයි තියෙන්නේ.

10 comments:

  1. කුසගිණි දැනුනට සිඟා නොකව්, තණපත් නොබුදිති සිංහ පැටව්.

    ReplyDelete
  2. අජිත් ධර්මකීර්ති.....මූ නම් පිස්සන් කොටුවට දාන්නම වෙනවා. බොරුවට කෑ ගහලා වැඩක් නෑනේ ඔහෙලා පත් කරගත්තු ආණ්ඩුව...

    ReplyDelete
  3. අජිත් ධර්මකීර්ති මෙවර ජනාධිපතිවරනයේදී සහය දැක්වුයේ ගෝඨාබය රාජපක්ෂට කියන එක රහසක් නෙමෙයිනේ. ඔබ කිව්වා ගෝටභය එනවට ඔබ විරුද්ධ නැහැ කියලා. දැන් ඇයි මේ එළවලු ගනන් කියලා බොරුවට පොස්ට් දාන්නේ? මධ්‍යස්ථයි කියලා පෙන්නනද?

    ReplyDelete
  4. නෙලුම් පොහොට්ටුව කල එලි දකින යාමේ නෙලුම් යාය..... ///

    තව කී දෙනෙක් හිරේ යයිද ඊට කළින්...පිටරට ඉන්න අජිත්ලා ලන්කාවේ ඉන්න බුජ්ජිමතුන්, විසිල් සමාජෙ ක්‍රියාකාරීන්, එක්ක එකතුවෙලා හරකෙක් ජනාදිපති කරගෙන දැන් එතුමා වමාරා කනකොට තනකොල කනෝ කියලා කෑ ගහන එක හරිද මන් අහන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ අපිව අල්ල ගන්න එපා ඕවට ගිය සැරෙත් නැහැ මේ සැරෙත් නැහැ . මම හැදුවේ බ්ලොග් ගොඩ නංවන්න . වෙන වෙන අයට වෙන වෙන බලාපොරොත්තු තිබ්බ කියල පස්සෙනේ දැන ගත්තේ හේ හේ

      Delete
  5. එළවළු ගණං නෑ බං, ගොවියාට හොඳ මිලක්!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .