Tuesday 31 December 2019

පළමු ගල ගහන්නට කළියෙන්

ජර්මන් ක්‍රිස්මස් මාකට් එකේදී 
අම්පිටියේ සුමන හිමි මීට කලිනුත් ප්‍රවෘත්ති වල හිටිය කෙනෙක්. නැගෙනහිර "ජාතික ප්‍රශ්න වලදී ක්‍රියා කල ආකාරය ගැන". මා ඒ ගැන අද හිතමින් සිටියා. ඒ අතරේ මගේ ඥාති දියණියක් මෙහෙම ප්‍රශ්නයක් නැගුවා. ෆේස්බුක් එකේ   මාත් බිරිඳත් දරු  දෙදෙනාත් අපේ නිවසේ නත්තල් ගස ළඟ ගත් ඡායා රූපයක් දැකල.

ඇය ඇහුවේ "මාමා දැන් ක්‍රිස්තියානිද කියා? "
මං ඇහුවා ඇයි එහෙම අහන්නේ කියල.
"නැහැ, ඔයා ආගම් අදහන්නේ නැහැ කියල අපේ අම්ම කියල තියෙන්නේ. ඒත් ක්‍රිස්මස් එක සමරනවා. අපට නැහැ අපි බෞද්ධ නිසා. ඉතින්  ඒකයි ඇහුවේ. " කියල ඇය පිළිතුරු දුන්න.  ඉතින් ඇයට දුන් මගේ පිළිතුරත් අඩංගු කරලා තමයි මේ ලිපිය ලියන්නේ.

සෝවියට් දේශයේ ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය ඇදහීමට අවසර තිබුනත් එය උනන්දු කලේ නැහැ. ආගම අදහන අයට හුඟක් වෙලාවට රැකියාවේ උසස් වීම් නොලැබුණාලු. නමුත් මම දන්න සිසුවෙක් ඕනෑ කමින් ආගම ඇදහුවා. ඔහු දැන් මොස්කව් එකෙයා (ස්වීඩන සමාගමක් වන මෙහි නම අයිකියා කියාද  එංගලන්තයේ පුනරුච්චාරණ කරති )  එකේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක්. ඔහුට  සෝවියට් දේශයේ දී  බාධාවක් වුනා යයි මා දුටුවේ නැහැ. ඔහු හා තවත් යෙහෙලියක් නිසා මම  ඔර්තොඩොක්ස් පල්ලි වලට සෝවියට් දේශයේ සිටියදී ගිහින් තිබෙනවා.


වෙස්ට කාස්ට්ල්හි (මාළිගාව) පල්ලිය 



මගේ ජර්මානු බිරිඳ විවාහ කරගත් පසු මෑතක් වන තුරුම හැම නත්තලටම අපි ගියේ ජර්මනියට.
ජර්මනියේ නත්තල් මාකට් හෙම තිබෙන නිසා  නත්තල සරුයි. හිම ක්‍රීඩා වල යෙදීම, මල්ඩ් වයින් (කුළුබඩු දමා රස ගන්වන ලද  වයින්) හා බීර බිබී රසවත් කඩචෝරු, ජර්මන් සොසේජස් ආදිය  කමින් ඇවිදීම  ආදිය මගේ ප්‍රියතම ක්‍රියාකාරකම් නත්තල්  කාලෙට ජර්මනියේ දී. නත්තල් දවසේ අපි පල්ලියට යනවා වෙස්ට කියන කොබර්ග් වල තිබෙන මාළිගාවේ. මම කරන්නේ අත් දෙක බැඳගෙන ගීතිකා අහන ඉන්න එක. (එහෙ පල්ලි යන්න වැඩි කැමැත්තක් නැත්තේ ගොඩක් වෙලා - පැය  දෙකක් වත් -  එක දිගට ඉන්න ඕනේ නිසා)
ඒ වගේම හැම නත්තලකටම අපේ නිවසේ නත්තල් ගහක් හැදෙනවා. නත්තල් සීයා ගෙදරට හෝ ජර්මනියේ බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට   ආපු කාලෙකුත් තිබුන දූරු දෙන්න පොඩි කාලේ.

හැබැයි ඒ වගේම තමයි දුවල දෙන්න නැගෙනහිර  ලන්ඩන් වල භාවනා මධ්‍යස්ථානයේ බෞද්ධ පන්ති වලටත් බිරිඳ එක්කන් ගියා. ඔවුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද යන්න දැන  ගැනීම දක්වා උගත්තා, බුද්ධ චරිතයද ඇතුළුව. හැබැයි පල්ලියේ  විදුහල හොඳ නිසා ප්‍රාථමික පාසැල වුනේ ඇන්ග්ලිකන් පල්ලියේ පාසැලක් . එහි දේව ධර්මයට  අමතරව, බුදු දහම , හින්දු ආගම  හා මුස්ලිම් දහමද ඉගැන්වූවා.

ඉතින් මගේ ඥාති දියණියට මම කිවේ මම ක්‍රිස්තියානි කියල කියන්න අපහසුයි මට, මොකද  මම අදේවවාදියෙක් නිසා කියල. නමුත් මම පල්ලියට යනව බිරිඳත් සමග නත්තලට පමණක්. සමාදානයෙන් ජිවත් වෙනවා. මේ රටේ.  මම පන්සලටත් ඉඳ හිට යනවා කියල.

මේ අපේ නිවසේ මේ අවුරුද්දේ නත්තල් ගහ සහ නේටිවිටි හෙවත් ක්‍රිස්තුස් ඉපදුනු ලෙන අසල දර්ශනය. බිරිඳ තමයි මේවා සකස් කරන්නේ.




වසර අවසානය ලං වූ බැවින් අපි එඩ්මන්ටන් (ලන්ඩන්) සමාධි භාවනා මධ්‍යස්ථානයේ ගරු  ගුන්නෑපානේ සුමනාරාම හිමියන්ට නිවසට වඩින්ට අරාධනා කළා. මගේ බිරිඳ එම මධ්‍යස්ථානයේ ට්‍රස්ට් එකෙත් ඉන්නවා.  ඇය තමයි දානය පිළියෙළ කළේ. මගෙන් තමයි පිරිකර.


සමාධි භාවනා මධ්‍යස්ථානයේ සුමනාරාම හිමි (අවසරය ඇතිව පළ කරන ලදී) 
 දැන් අපි මේ ස්වාමින් වහන්සේට කතා කරලා සතියේ දවසක දානේ පිළි ගැන්වූයේ බොහෝ විට සතියේ දවස් වල හුඟක් අය වැඩ කරන නිසා හාමුදුරුවන්ට  දානේ ලැබෙනවා අඩුයි.  අපට නිවාඩු අද.  එනිසා අපට දානයක් දෙන්න පුලුවන්.
අනිත් කාරණය තමා  අපි දානේ දුන්නේ නැත්නම් කවුද දෙන්නේ කියන කාරණය . හාමුදුරුවන් ඉන්න නිවස හෙවත් කුඩා මධ්‍යස්ථානයේ මොර්ගේජ් එක ගෙවන්න ඕනේ. තව ඕනෑ එපාකම් තිබෙනවා. එනිසා කැමැත්තෙන් උදව් කරන එකේ වරදක් මම දකින්නේ නැහැ.  බුදු දහමේ අනිවාර්ය නැහැනේ උදව් කරන එක. පන්සලට යන එකත් අනිවාර්ය නැහැනේ. මේක නිදහස්  දහමක්.

අනික අදේවවාදියෙක් වශයෙන් මේ හාමුදුරුවෝ එක්ක ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ මධ්‍යස්ථානේ තියෙන්නේ බුදු පිළිම විතරයි දේව පිළිම නැහැ. එනිසා මට හාමුදුරුවෝ එක්ක ඉඳහිට සාකච්ඡා කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම පල්ලියට යන්නේ බිරිඳගේ දෙමාපියන් නිසා (ජර්මනියේදී) . ලන්ඩනයේදී බිරිඳට මගේ යාම අවශ්‍යනම් මමත් යනවා. දූ වරු දෙන්න මුලදී පල්ලි ගියත් දැන් යන්නේ නැහැ. ඔවුනුත් මං වගේම අදේවවාදී වෙලා. නමුත් පොඩි දුව විද්‍යාලයේ කැරොල් ගීතිකා ගයනාව. ඇය එයට කැමති නිසා. ආගමට ඇති කැමැත්ත හෝ අකැමැත්ත ඒ තීරණයට  බල පාන්නෙ නැහැ.

අම්පිටියේ සුමන හිමිගේ ප්‍රශ්නෙට එමු. දෙපැත්තටම ඉන්නවා කට්ටිය. හාමුදුරුවෝ කනට ගහපු එක හරි කියන, දේවගැති තුමාට තර්ජනය කරන එක හරි කියන අය සහ ඒ ක්‍රියා දෙකම විවේචනය කරන අය. දෙවැනි කොටසට අනුව හාමුදුරුවෝ  බුද්ධාගමේ නොව නගරන් කාරයෙක් සහ චන්ඩියෙක්.  සිවුර ගලවා  එලව දැමිය යුතු තගෙක් . මුල් අයට අනුව නම් ඔහු බුද්ධාගම ආරක්ෂා කරන්නෙක්.


ඔය තර්කයේ ඇත්තක් තිබෙනවා මෙහෙම. ආදි කාලයේ බෞද්ධ රටවල් වුනු ඇෆ්ඝනිස්තානය , මැලේසියාව , ඉන්දුනීසියාව , බංගලා දේශය , පකිස්ථානයේ සමහර ප්‍රදේශ වෙනත් ආගම් වලට හැරුනේ  කොහොමද කියන එක හිතල. අරාබි හෝ මෝගල් කඩුව මතට ගෙල යාම නිසා හෝ බයිබලය එක අතකින්  සහ තුවක්කුව තව අතකින් රැගෙන ආ යුරෝපීයයන් නිසා නෙමෙයිද. කනට ගහන සයිස් අය නොව කඩු භාවිතා කරන අය හිටියත් ඔවුන් පැරදුනා. මේක ජන විඥානයේ රැඳී තිබෙන මනෝ භාවයක්. අම්පිටියේ හාමුදුරුවෝ  තුලින් ඉදිරියට එන්නේ ඒ භය විය හැකියි. දැන් කිතුණු කල්ලි දහමකට (කුඩා දේවාගමික ට්‍රස්ට්ස්)  හරවාගන්න  එන්නේ මුදල් වලින් අල්ලස් දීල . ඉතින් කනට ගහනවට වඩා මුදල් තිබෙන පන්සල් ඉදිරිපත් වෙලා ඒ මිනිසුන්ට උදව් කරන්න ක්‍රමයක් හාමුදුරුවෝ හැදුව නම් මිට වඩා හොඳයි. එහෙම පන්සල් තියේද?

ඉතා පැහැදිලිව කිව යුත්තේ මම මේ හාමුදුරුවන්  කළ දේ අනුමත කරන්නේ නැහැ. ඊයේ හෝ පෙරේදා ටෙක්සාස් වල සුදු ජාතික තුවක්කු කරුවෙක් පල්ලියක දෙදෙනෙක් මරා දමා තිබුන. දෙවියන් ගේ පල්ලියේ තුවක්කු රැගෙන වතාවත් කිරීමට අවසර දීල තියෙන්නේ. මේ රටේ (එංගලන්තයේ ) සහ යුරෝපයේ  යුදෙව් පල්ලි වලට ක්‍රිස්තියානි හා මුස්ලිම් අය පහර දෙනවා ඉඳ හිට.

ලංකාවේ පාස්කු ප්‍රහාරය කලේ මුස්ලිම්  ත්‍රස්තවාදීන්. නමුත් ඒ ජනතාවගේ සමහර අය කියනව ඒ අපි අදහන මුස්ලිම් ආගම නෙමේ කියල. හැබැයි රෝහින්ගියාවේ හෝ අම්පිටිය හාමුදුරුවන් ගේ ක්‍රියා අප අදහන ආගමක් නොවේ කියල කීවට පිලි ගන්න කෙනෙක් නැහැ. අද මෙහෙ රේඩියෝ එකේ කතෝලික ජනයට බුද්ධාගමේ අය පහර දෙනවා කියා කියවුනා. අර අම්පිටියේ හාමුදුරුවන් ගේ ක්‍රියාව නිසා. නමුත් අපි දන්නවා හැම තැනම එහෙම වෙන්නේ නැහැ කියල.

මේ රටේ සහ කතෝලික අයර්ලන්තයේ පුජකවරුන් ළමා අපචාර කළා කියල නඩු වැටිලා තියෙන්නේ. එක 19 වියැති අයෙක් ඊයේ පෙරේද තුවක්කුවක් අරන් තමන්ගේ පියත් තමාවත් අපයෝජනය කළ දේව ගති තැන මරා දැමුවා. හිංසනය එන්නේ කොහෙන්දැයි සිතා ගත හැකිද? මගේ මුස්ලිම් යාලුවෝ ඉන්නවා හුඟක් හොඳ මිනිස්සු. අදත් දෙන්නෙක් එනවා අවුරුද්දද සමරන්න. ඒත් ඊශ්‍රායලය බෝම දම විනාස කල යුතුය කියන අය ඒ අතර ඉන්නව. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ එහෙම කියන මුස්ලිම් අය මුණ ගැහිලා තිබෙනවා. එසේම අවුරුදු දොළහේ දහ තුය්නේ දුෂණය වුනු ළමයි එහෙම වුනේ ඒ ගොල්ලන්ගේ වැරැද්දෙන් කියන මුස්ලිම් ජාතිකයෝ දෙතුන් දෙනෙකුත් හමු වෙලා තිබෙනවා. එහෙම අය අපේ රටෙත් ඉන්නවා. අපි මේවා සමස්තයක් ලෙස ගන්නවද?

අනිත් පැත්තෙන් බැලුවහම අම්පිටියේ හාමුදුරුවන්  කුඩා දරුවා කාලයේ මොන කරදර වලට මුහුණ දුන්නද කියන්න අපි දන්නේ නැහැ.  කුඩා කාලයේදී කුසගින්නේ හිරිහැර වින්ද වෙන්න ත් පුළුවන්. ඔහුගේ හැසිරීමට එයත් සාධකයක් විය හැකියි. නැගෙනහිර ජීවත්වූ ඔහුට කිසිම සහයක් ලැබෙන්න නැතිව ඇති අවට බුදු දහම නොඅදහන ජනයා ගෙන්. සමහරවිට අපිනම් එහම තනියම සිටින දේවගැති කෙනෙක් හෝ පුජකයෙක් හිටියොත් උදව් කරන්න ඉඩ තිබෙනවා. ඔහු මුහුණ දුන් තත්වය කෙබඳු දැයි අප දන්නේ නැහැ.  ඔහුට ඒ පිලිබඳ කෝපයක් තිබෙනවා ඇති.

බුදුන් වහන්සේ මිනී මැරූ අංගුලිමාල කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කළානම් මෙත්ත මුදිතා කරුණා උපේක්ඛා කියන සතර කරුණු පිළිපදින බෞද්ධයන්ට අම්පිටියේ හාමුදුරුවන් වෙනුවෙන් මෙන්ම කනේ පැහැර කෑ තැනැත්තාට ද බයිසිකලයේ ගමන් ගත්  දේවගැති තුමන් ටද මයිත්‍රී කරන්නට පුළුවන් නොවේද?

ඒ හාමුදුරුවන්ට  ගල් ගහනවට වඩා හෝ ඔහු බේරා ගන්න වාද කරනවට වඩා ඒක හොඳ නැත්ද.  හැමෝම අඩියක් පස්සට අරන් මැදහත් සිතින් කල්පනා කලොත් නරකද?
එහෙම කල්පනා කරනකොට බොහෝ දේ මතක් වෙන්න ගන්නවා.

කියන්න අමතක වෙනව  තව ටිකෙන්. මම අදේවවාදියෙක් විතරක් නෙමේ නිරාගමිකයෙක්. ඒ කියෙන්නේ කිසිම ආගමක ඇලෙන්නේ නැතිව ඉන්න උත්සාහ කරන එකට. නැතිව මගේ නිරාගමික මතය කාගේ හරි උගුරු දණ්ඩෙන්  පහලට තල්ලු කරන්න යන එක  නෙමේ.

ඉතින් මිත්‍රවරුනි පහුගිය 2019 මට නම් සාර්ථක වසරක් මගේ තුන්වැනි පොත අමාරුවෙන් හරි මුද්‍රණය කර ගත් නිසා.. ඔබටත් එසේ වන්නට ඇත. එසේම නොවන්නටද ඇත. එනිසා ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න. නව වසරේ අදිටන් අලුත් කර ගන්න.

ඔබ සැමට සාමය සතුට පිරි නව 2020 වසරක් වේවා.   






23 comments:

  1. මම බලන්නේ මගේ ඇහෙන් නිසා සමහර දෙනෙකුට මගේ මතය වැරදියි වෙනත් පුළුවන්. ඒත් අම්පිටියේ හාමුදුරුවන් වහන්සේගේ හැසිරීම හරීම ආවේගශීලීයි වගේනේ. කෙනෙකුගේ කනට ගහන තරමට තරහක් ආවාමය කියමුකෝ. මම දුටු තවත් වීඩියෝවක මෝටර් සයිකලයක ආ පියතුමෙකු පිලිබඳ සිදුවීමේදී.... දිග වෙලාවකම තරහෙන් පිපිරෙමින් ඉඳීම, විශ්වාස කරන්නත් බැරි තරම්!

    අනෙක මට හිතෙන්නේ අපේ ස්වාමින් වහන්සේලා විදේශවල ධර්ම ප්‍රචාරක වැඩ කරලා අලුතින් පන්සල්, බෞද්ධ මධ්‍යස්ථාන ඉදි කරන එකත් මේ සිදුවීම් හා සැසඳුවොත්....

    මිහිඳු හාමුදුරුවන් වහන්සේත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි රාජ්‍ය බලයත් උදව් කරගෙන බුද්ධාගමට හැරෙව්වේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් නොවෙයිද?
    බුදුහාමුදුරුවන් වුනත් මහියංගනයට වැඩම කරලා යකුන් ගිරි දිවයිනටම පලවා හැරීම- ජන්ම භූමියකින් ජනතාවක් එළවීමක් නේද කියලත් මට නම් කල්පනා වෙනවා.

    හැබැයි මාත් පන්සල් නොයන බුද්ධාගම්කාරයෙක්!

    ReplyDelete
    Replies
    1. ඉතා පැහැදිලිව කිව යුත්තේ මම මේ හාමුදුරුවන් කළ දේ අනුමත කරන්නේ නැහැ. ඊයේ හෝ පෙරේදා ටෙක්සාස් වල සුදු ජාතික තුවක්කු කරුවෙක් පල්ලියක දෙදෙනෙක් මරා දමා තිබුන. දෙවියන් ගේ පල්ලියේ තුවක්කු රැගෙන වතාවත් කිරීමට අවසර දීල තියෙන්නේ. මේ රටේ (එංගලන්තයේ ) සහ යුරෝපයේ යුදෙව් පල්ලි වලට ක්‍රිස්තියානි හා මුස්ලිම් අය පහර දෙනවා ඉඳ හිට.



      ලංකාවේ පාස්කු ප්‍රහාරය කලේ මුස්ලිම් ත්‍රස්තවාදීන්. නමුත් ඒ ජනතාවගේ සමහර අය කියනව ඒ අපි අදහන මුස්ලිම් ආගම නෙමේ කියල. හැබැයි රෝහින්ගියාවේ හෝ අම්පිටිය හාමුදුරුවන් ගේ ක්‍රියා අප අදහන ආගමක් නොවේ කියල කීවට පිලි ගන්න කෙනෙක් නැහැ. අද මෙහෙ රේඩියෝ එකේ කතෝලික ජනයට බුද්ධාගමේ අය පහර දෙනවා කියා කියවුනා. අර අම්පිටියේ හාමුදුරුවන් ගේ ක්‍රියාව නිසා. නමුත් අපි දන්නවා හැම තැනම එහෙම වෙන්නේ නැහැ කියල.



      මේ රටේ සහ කතෝලික අයර්ලන්තයේ පුජකවරුන් ළමා අපචාර කළා කියල නඩු වැටිලා තියෙන්නේ. එක 19 වියැති අයෙක් ඊයේ පෙරේද තුවක්කුවක් අරන් තමන්ගේ පියත් තමාවත් අපයෝජනය කළ දේව ගති තැන මරා දැමුවා. හිංසනය එන්නේ කොහෙන්දැයි සිතා ගත හැකිද? මගේ මුස්ලිම් යාලුවෝ ඉන්නවා හුඟක් හොඳ මිනිස්සු. අදත් දෙන්නෙක් එනවා අවුරුද්දද සමරන්න. ඒත් ඊශ්‍රායලය බෝම දම විනාස කල යුතුය කියන අය ඒ අතර ඉන්නව. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ එහෙම කියන මුස්ලිම් අය මුණ ගැහිලා තිබෙනවා. එසේම අවුරුදු දොළහේ දහ තුය්නේ දුෂණය වුනු ළමයි එහෙම වුනේ ඒ ගොල්ලන්ගේ වැරැද්දෙන් කියන මුස්ලිම් ජාතිකයෝ දෙතුන් දෙනෙකුත් හමු වෙලා තිබෙනවා. එහෙම අය අපේ රටෙත් ඉන්නවා. අපි මේවා සමස්තයක් ලෙස ගන්නවද?

      Delete
    2. ඔය විදේශ කතාව නිසා තමා මෙහෙ ඉන්න හාමුදුරුවෝ ගැන දැම්මේ. ඒ හාමුදුරුවන්ට තර්ජනය කරපු අය ඉන්නවා මෙහෙන් යන්න කියල. ඒවා පත්තර වල යන්නේ නැහැ.

      Delete
  2. අජිත් ධර්මකීර්ති .....මයින්ඩ් යුවර් බිස්නස්" .....
    රෙන්න පුකේ ගූත් නැති ටොයියෝ යැයි සිතනා අමු ගොන් බයිය

    ReplyDelete
    Replies
    1. සා ජිත් වගේද? ඈ බං මී හරකෝ ..මයින්ඩ් යුවර් බිස්නස්" කියල කියන්න තියෙන්නේ උම්බටනේ බන්. අනුන්ගේ බ්ලොග් වල රෙන්නේ උඹනේ. අනික බං මම ගමේ ඉඳන් ඇවිල්ල රෝයල් එකට ගිහිල්ල ලන්ඩන් වලත් ජිවත් වන එකෙක්. මට ටොයි යි ලේබල් ගහ ගන්න අමුතුය්වෙන් අවශ්‍යතාවයක් නැහැ. ඔය ටොය්යන්ගේ වත් බය්යිඅන්ගේ වත් ගොඩවල් වලට එකතු වෙලත් නැහැ. වෙන්නෙත් නැහැ. ඒ නිසා බන් තර්ස්ටන් එක පැත්තකට වෙලා වැඩක් බලා ගනින්.

      Delete
    2. ටොයියෝ , මි හරකෝ කීවේ ආදරේට ඈ , මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා :).

      Delete
  3. “When I do good, I feel good. When I do bad, I feel bad. That's my religion.”
    ― Abraham Lincoln

    ReplyDelete
  4. “The easy confidence with which I know another man's religion is folly teaches me to suspect that my own is also.”
    ― Mark Twain

    ReplyDelete
  5. බුදුදහම කියන්නේ අදේව වාදයක් නෙමෙයි. නිර්දේව වාදයක්. (දෙයියෝ උන්නත් එකයි නැතත් එකයි.)

    ආගම ධර්මය කියලා දෙකක් තියෙනවා.
    "මාමා දැන් ක්‍රිස්තියානිද කියා? " කියන ප්‍රශ්නේ අරුත ඔයාගේ ආගම මොකක්ද කියන එක.
    ඔයාගේ බිරිඳ සහ දරුවන් ක්‍රිස්තියානි

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ මම අදේවවාදියෙක් මිසක් බුද්ධාගම ගැන නොවේ. මම දෙවියන් සිටී යයි විශ්වාස නොකරන්නෙක්. විද්‍යාවෙන් පවා එසේ ඔප්පු කල් හැකියි නොසිතන්නෙක්. මගේ බිරිඳ හා දරුවන් ක්‍රිස්තියානි යයි ඔබ කියන්නේ කෙසේද? දරුවන් කොහොමටවත් ඉරිදා පල්ලි යන්නේ නැත. මේ රටේ බුද්ධාගමේ දෙමව්පියන්ගේ ළමයි හොඳ ඉස්කෝල ගන්නට පල්ලි යනවා මා දැක තිබේ. බිරිඳ පල්ලි යන්නේ නැත්ත දාට පමණි. ඇය ඊට වඩා පන්සලට යන්නිය.
      අපේ නිවසේ උගන් වන්නේ අනෙකාගේ ධර්මයට, ආගමට හා අදහස් වලටද ගරු කරන්නට කියාය.

      Delete
    2. anthoniyo bahijata,,රාජපක්ෂලාගේ පුක පොළොවේ ගහං උන් වෙනුවෙන් බෙරිහං දෙන තොපි වගේ සිපයි බයියො කියල සහසුද්දෙන්ම පෙන්නලා දීල තියෙද්දිත් තවත් උන්ටම කඩේ යන්න තොපිට ලැජ්ජ නැද්ද?

      Delete
  6. අම්පිටියේ සුමන හිමි උනත් රටේ නීතියට යටත්. මේ පහරදීම් හා බැන වැදීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ සමග සම්පුර්ණයෙන්ම එකඟයි මහත්මයා. ඔබ ජිවත් වන්නේ අම්පිටියේ සුමන හිමිද වෙසෙන ලංකාවේ නම් පහුගිය පාලන කාලය තුල සියලුම පාදඩයන්ට හා හොරුන්ට එරෙහිව එංගලන්තයටත් වඩා හොඳට නිතිය ක්‍රියාත්මක වුන බව අප දන්නවා. ඒ වගේම දැනුත් ඉතා සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වන රටක් වශයෙන් ඉතා ප්‍රසිද්ධයි. පිටි පස්සෙන් ඇවිත් වාහනයක වැදුනත් වැරදිකරු නිවැරදිව සොයා ගැනීමට ඔබ සමත්. එනිසා මොහුට ඒ සර්ව සාධාරණ නිතිය යටතේ දඬුවම් කල යුතුමයි

      Delete
  7. ඔබටත් සාමය සතුට පිරි නව වසරක් ‍වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබට ඉතාමත් ස්තූතියි. සාමය පිරි නව වසරක්.

      Delete
  8. අම්පිටියේ හාමුදුරුවෝ කරන දෙයින් මෙහෙම හොඳක් නෙක්ක පුළුවන්.

    දෙමළ ජාතිවාදියා වැඩියෙන්ම බය දෙමෙල්ලු අතර හින්දු ක්‍රිස්තියානි වලියක් යයි කියලයි.
    අම්පිටියේ හාමුදුරුවෝ කරන වැඩ දැක්කාම දෙමළ හින්දු අයටත් ඔ්කම කරන්න ඔ්නවෙනවා.

    එතකොට දෙමළ සමාජයට බරපතල හානියක් වෙනවා. සිංහලයන්ට එහෙම ප්‍රශ්ණයක් නෑ. සිංහල ක්‍රිස්තියානි කාරයොත් නිකං දෙමෙල්ලු වගේ ඒ නිසා අපිට උන්ට බල්ලන්ට වගේ සලකන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක සෑහෙන ජාතිවාදී ප්‍රකාශයක්. සිංහල ක්‍රිස්තියානින් එහෙම නැත්නම් කතෝලිකයන් ඉතා සාමකාමී ජනතාවක්. ඔවුනට වුනු දෙය ඉතා දරුණුයි. ඒ ගැන දැඩි කෝපයක් තවම හිතේ තිබෙනවා. දෙමල හින්දු ක්‍රිස්තියානි දබරය යන බව මම දන්නවා. වරක් ක්‍රිස්තියානි ළමුන් සමුහයකට උදව් කරන්න ගිය වෙලේ හින්දු පුජකවරයෙකු විරුද්ධ වුනා. ඔවුන් අතර කිසියම් අසමගියක් තිබෙන බව පෙනෙනවා.

      Delete
  9. Colossians 3:13 "Bear with each other and forgive one another if any of you has a grievance against someone. Forgive as the Lord forgave you."

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ටික්කා. ඔය වේල්ස් වල කන්දවේල් කියන තැනට මම තවම ගිහින් නැහැ. පලවෙනි හේතුව මට ඔය නොකා නොබී (මස් මාළු ආදිය ) ඕක කරන්න බැරි නිසා. දෙවන හේතුව ඔතන ඕක පටන් ගත්ත හේතුව. ඒ මනුස්සයට බ්‍රිතාන්‍යයේ ඉන්න වීසා ඉවර වුනාලු. අන්ඩරග්‍රවුන්ඩ් ඉන්න කාලේ ඒ, ඒ කාලේ වේල්ස් පැත්ත සෑහෙන්න රිමෝට් . දැනුත් එහෙමනේ අපි නිවාඩුවට යනකොට බලන්න මොබයිල් සිග්නල් වත් අහුවෙනවද. ඉතින් මෑන්ස් ඔහේ ඉන්න කොට ඔය පොත එක ගාව ඇවිදින කොට ඒ හරියේ අර හැරේ ක්‍රිෂ්ණ කට්ටියක් මාට්ටු වුනාලු. එයාල තමයි පොත එක පෙන්නලා තියෙන්නේ. කතරගම දෙවියෝ දැක්කා අරව මේවා ඉතින් බයිලා කතා. ඒ දවස් වල ආගමික ආශ්‍රමයක් පිහිටුවා ගත්තහම විසා ගන්න පුළුවන්. ඕක තමයි කතාව.
      ඉතින් ඔයා කොහොම හරි මත්ද්‍රව්‍ය වැනි උවදුරු වලින් මිදිච්ච එක හොඳයි. අනික මට හරි සතුටුයි අප අතරේ තිබු අනවශ්‍ය ප්‍රශ්න ඉවත් වීම ගැන. මහන වෙන එකෙත් වරදක් නැහැ. නමුත් මටනම් මේ ලයිෆ් එක හොඳයි.
      සුභ නව වසරක්.

      Delete
  11. Pra Jay31 December 2019 at 08:24
    “When I do good, I feel good. When I do bad, I feel bad. That's my religion.”
    ― Abraham Lincoln

    +++++++++++

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .