Thursday 18 June 2020

බැබිලෝන් බර්ලින්

ලීසා ප්‍රයිස්
මාස දෙක තුනකට පෙර චමල් අකලංක පොල්වත්තගේ  විසින් හිට්ලර් ගේ නාසිවාදී රජය කරන ලද  මිනී මැරුම් හා යුදෙව් ජනතාව සමුලඝාතනය කිරීම ගැන   අගනා ලිපියක් ලියා තිබුණි. බ්ලොග් ලිපියක් නොවන නිසා එහි යොමුවක් දැමීමට  නොහැකිය. 
ඔහු ඒ ලියූ ලිපියේ කිසියම් වාක්‍යයක් මගේ නිරීක්ෂණයට ලක්වුණි. ඒ මෙයයි.

//ජර්මානු තරුණ තරුණියන් ලක්ෂ ගණනක්ද ම්ලේච්ඡ මිනීමරුවන් බවට පත් විය//
//කලවම් නොවූ ශුද්ධවූ ජාන සංකල්පය අසත්‍යයක් බව ඉගැන්වීමට නිවැරදි ගුරුවරුන් එදා ජර්මනියේ සිටියානම් මේ දෙපාර්ශවයම මේ ඡායාරූප වල නොසිටිනු ඇත.//  
මේ අදහසට  මම කරුණු හතකින් පිළිතුරු දුනිමි.

1. ජර්මනියේ එක් එක් වධ කඳවුරුවල වැඩ කිරීමට සිටියේ  100 කට අඩු සංඛාවකි, මිනීමරුවන් තෝරා ගත්තේ නාසි (ජාතික සමාජවාදී පක්ෂය) පක්ෂයෙනි. පෝලන්තය ආදී රටවල තිබූ කඳවුරු වල  පෝලන්ත, රුමේනියන්, යුක්රේනියන් ජාතිකයන්ද  සේවය කළහ. 

2.නාසි පක්ෂය  ආර්ය තියරිය විශ්වාස කල අතර එවැනි මතයක්   ( සිංහලයන් ආර්යයන් බව ) විශ්වාස කරණ ලක්ෂ ගනනක් ශ්‍රී ලංකාවේ අදත් ජිවත් වෙති.නාසි පක්ෂයේ සාමාජික සංඛාව මිලියන 8 .5 කි. ජර්මනියේ ජනගහනය මිලියන් 70කි. නාසි පක්ෂයේ  සාමාජික සංඛ්‍යාව මුළු ජර්මානු ජනගහනයෙන් 12% කි.

3. ලංකාවේ ජනගහනයෙන් සියට 3 ක  සාමාජිකත්වයක් ඇතැයි  කියන ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා ලංකාවේ  ජාතික සමාජවාදය පිහිටුවන්නට කල කැරලි ගැසීමෙන් ලංකාවේ තරුණ තරුණියන් 60,000ක් පමණ  මිය ගියහ.   රජයේ හා අතුරු හමුදා මගින් ක්‍රියාත්මක කළ  වධ කඳවුරු වල ගෑස් ගැහුවේ නැති වුවත්  ඒවායේ දුන් දරුණු  වධ බන්ධන ඔබ අසා තිබේද? . ඒ වධ දුන්  හමුදා හා පොලිස් නිලධරයන්  එසේ කලේ ඇයි ? ගුරුවරුන් උගන්වූයේ නැති නිසාද? අජිත් පැරකුම් ජයසිංහ ගේ කේ පොයින්ට් පොත හා තවත් එවැනි කැරැල්ල පිළිබඳ පොත් කියවීමෙන් ඒ ගැන දැනගත හැකිය. එසේම ජවිපෙ සාමාජිකයන් අතින්ද බොහෝ අය මිය ගිය අතර ඇතැම් තැන්වල වධ දී තිබුණි. 

4. බොහෝ ජර්මානුන් නාසි ව්‍යාපාරයට  බැඳුනේ ඔවුන්ට කළ තර්ජනය නිසාය. ගුරුවරුන් එය ඉගැන්වූයේ නැතිනම් ඔවුන්ට අනිත් විෂයයන් උගැන්වීමට ඇති බලපත්‍රය අහිමි වේ. ඔවුන්ට සිදුවන්නේ බඩගින්නේ මිය යාමටය. බොහෝ මිනිසුන් මේ අවස්ථාවේ රැකියාව තෝරා ගනී. ජර්මනුන් කලේද  එයමය. 

5. හිට්ලර් බලයට පැමිණියේ ජාතික සමාජවාදය කරපින්නාගෙන වුවත් ඔහු පැමිණියේ දේශපාලන කුමන්ත්‍රණයක්  හරහාය .

6.ජර්මන්  සොල්දාදුවන් ගෙන් වැඩි හරියක්  සටන් කලේ රැකියාව පිණිසය. ඔවුන් පිටුපස එස් එස්  හමුදාවේ දඩ බල්ලන් සිටියහ. SS යනු හමුදාවක්ඇතුලත තිබු හමුදාවකි. (කේජිබි හමුදාංක වැනි).

7. මා දැනගත් පරිදි බොහෝ ජර්මනුන්   තමන්ගේ නායකයා යුදෙව් ජනතාවට  කළ අපරාධය දැන  ගත්තේ යුද්ධයෙන්  පසුවය. නගරවල සිටි අය යුදෙව්වන් ගෙන යන්නේ කම්හල් වල වැඩ කිරීමට බවට රජයෙන් කල නිවේදන පිලි ගත්හ. 

ස්ටාලින් ගේ කාලයේ සෝවියට් දේශයේ රාජ්‍ය විරෝධීන් ලෙස නම් කල අය ගේ පැහැරගැනීම් මෙන්ම මේ පැහැර  ගැනීම් කලේ ද රාත්‍රියේය. ජර්මානුවෙක්  එලියට පැමිණියොත් ඔවුන්ට එතනම  වෙඩි තබන ලදී.  අසූ අට අසූ නමය කාලයේ ලංකාවේ අතුරු හමුදා වලින් පැහැර ගෙන යන අය බේරන්නට කවුරුවත් එලියට පැමිණියේද ? දේජව සාමාජිකයන් පැමිණ එලියට අඬ ගසද්දී අහල පහල අය බේරන්නට අදාළ තැනැත්තා ගියාද ? නැත්නම් ලයිට් නිවා දමා නිහඬව සිටියාද ? ජර්මනුන් කළේද එයමය.

මේ ප්‍රතිචාරයට ප්‍රතිචාරයක් එක් කරන තවත්  මහත්මයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් දීම මේ ලිපියේ අරමුණයි. මෙහි අංක පහට මා ලියුවේ හිට්ලර් බලයට පැමිණියේ දේශපාලන කුමන්ත්‍රණයක් හරහාය යන්නය. හිට්ලර් ගේ පක්ෂය 1933 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ඇත්තය. නමුත් නාසි පක්ෂය බලයට පැමිණීමට පාර කපා ගත්තේ එම මැතිවරණයෙන් නොවේ. හිට්ලර් ඒ වනවිටත් ජර්මනියේ චාන්සලර් වරයාය.  එම මැතිවරණය පවත්වන්නේ ජර්මන් පාර්ලිමේන්තුව රයිෂ්ටාග්  ගිනිගෙන  දැවී ගොස් නාසි ස්ටෝම්ට්රූපර් හෙවත් නාසි භටයන් මුළු රට පුරා  භිෂණය දියත් කර තිබියදීය. එම භිෂණය දියත් කරන ලද්දේ ජර්මන් කොමියුනිස්ට් පක්ෂය, වාමාංශිකයන්, වෘත්තීය සමිති ක්‍රියාධරයන් , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන් සහ මධ්‍යස්ත පක්ෂ (Centre party ) සාමාජිකයන්ට එරෙහිවය. 

මේ භිෂණය දුඹුරු කමිස කාරයන් (brown shirts ) සහ එස් එස් භටයන් විසින් දියත් කරන ලද්දේ නාසි සංවිධාන මැතිවරණ නිරීක්ෂයන් බවට පත් කරගෙනය. එසේම තාවකාලික රජයේ තාවකාලික අභ්‍යන්තර කටයුතු පිළිබඳ  ආමති වරයා වූ  හර්මන් ගෝරින්ග් පෘසියාවේ  පනස්දහසකට  අධික  නාසි එස් එස් සාමාජිකයන් සහ ප්‍රහාරක කණ්ඩායම් මැතිවරණ කටයුතු සඳහා යෙදෙව්වේය. එසේ තිබියදීත් නාසින්ට ලැබුනේ 43.9%  පමණ චන්ද සංඛ්‍යාවකි. 
ඔවුන් ජර්මන්  පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තේ කුඩා පක්ෂයක සහයෝගයෙනි.

හිට්ලර් චාන්සලර් වරයා වුයේ ඉන් වසර දෙකකට පමණ ප්‍රථම එවැනිම වූ ගිවිසුමකිනි. චන්දයකින් දිනා නොවේ. ඔහුට එතනට ඒමට පාර කැපුනේ ප්‍රථම ලෝක යුද්ධයෙන් පසුව රාජාණ්ඩුවාදීන් ජර්මන් සමාජ ප්‍රජතන්ත්‍රවාදී රජයට   එරෙහිව හොර රහසේ රජෙක් ගෙන ඒමට තැත් කිරීමෙනි.

1932 ජනාධිපතිවරයෙන් ජනාධිපති හින්ඩෙන්බර්ග් ට 53% ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර හිට්ලර් ට ලැබුනේ 36.8% කි. එම වසරේම  ජුලි මාසයේ මැතිවරණයෙන් නාසීන් පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වුනද බලය ලැබුනේ නැත. නොවැම්බරයේ මැතිවරණයෙන්  නාසීන් ට තවත් ආසන 34 අහිමි විය. මේ වනවිට  නාසීන් වෙනත් පක්ෂ වලට රිංගමින් කලබල ඇති කරමින් තිබුණි. මාධ්‍යවේදීන් අතුරුදහන් වන්නට හෝ හදිසි අනතුරු වලින් මිය යන්නට විය. සමාජ  ප්‍රජාතන්ත්‍රවාදී   දේශපාලනඥයන්ට එම ඉරණමම අත්විය. සමහරුන්ට මහා දවාලේ බෝම්බ ගසන ලදී.  යුදෙව්වන් ජර්මනියේ සියලුම ආර්ථික ප්‍රශ්න  වලට හේතුව යයි හුවා  දැක්වුණි. 

මේ සියල්ල හොඳින් පහදන රූපවාහිනී නාට්‍ය දාමයක්  බැබිලෝන් බර්ලින් නමින් 2017 දී තිරගත විය. එහි දෙවන කතා මාලාව පසුගියදා අවසන් විය.

වෙයිමාර් සමුහාණ්ඩුව (weimar republic ) යනු ප්‍රථම ලෝක යුද්ධය අවසන් වූ පසු පැවති ජර්මන් රාජ්‍යයයි. ජර්මන් රජු කයිසර් විල්හෙල්ම් රජකමින් ඉවත් කිරීමෙන් පසු ජනාධිපති පදවියක් හා අගමැති පදවියට සමාන චාන්සලර් පදවියක් ඇති කෙරුණි. 

මේ කාලයේ ජර්මනියේ ඉමහත් සංස්කෘතික ප්‍රබෝධයක් පැන  නැගුනු අතර ආර්ථිකයද මදින් මද දියුණු වන්නට විය. ජර්මනිය ළඳරු  සෝවියට් දේශය සමගද තානාපති සබඳතා ඇති කරගත් අතර යුරෝපයේ අනිත් රටවල් සමග ද සුහද සම්බන්ධයක් පවත්වා ගති. ප්‍රංශය මේ අතරින් ප්‍රධානතම  රටක් විය.  ජනතාව  නැවතත්  නාට්‍ය ශාලා සහ සංගීතය සහ විනෝදය සපයන සමාජ ශාලා වලට එක් රොක් වන්නට විය. කැබරේ සහ ජෑස් සංගීතය වේගයෙන් පැතිරුණු අතර ජර්මන් එරෝටිකා සම්ප්‍රදාය පැන  නැගුනේද මේ කාලයේය. එසේම වඩා  විසිතුරු  හා ගෘහ නිර්මාණ ශිල්පයෙන් උසස් ගොඩ නැගිලි ද රට පුරා නිර්මාණය වන්නට විය.

මේ අතර දිළිඳු බවට පත් ජනතාවක් නගර ආශ්‍රිතව ජිවත් වූ බවද කම්හල් වල අඩු පඩියට  කම්කරුවන් ගොනු වෙමින් සිටි බව අමතක නොකළ ප්‍රබල ජර්මන් කොමියුනිස්ට් පක්ෂයක්ද විය.

බැබිලෝන් බර්ලින් යනු රහස්  පරීක්ෂක කතාවකි. කතාව දිව යන්නේ  රුසියාවේ දී ට්සාර් සතුව තිබු රත්රන් වලින් පිරුණු දුම්රිය පෙට්ටියක් හොර රහසේ බර්ලිනයට පැමිණීමේ සිද්ධියක් වටාය . ස්ටාලින් විසින් එවන ලද සෝවියට් රහස් ඔත්තු කරුවන් ට්‍රොට්ස්කිවාදී න් සමුහයක් මරා  දමා ඔවුන් පළකළ පුවත්පතක්ද විනාශ කරන්නේ කතාවේ   මුල් හරියේය.

වඩාත් වැදගත් වන්නේ නාසීන් විසින් කොමියුනිස්ට් පක්ෂය තුලට රිංගවන  ලද සාමාජිකයන් කරන මිනි මැරුම් වලින් රට අස්ථාවර කිරීමේ ජවනිකාය. . එසේම රට අස්ථාවර කරන්නට කටයුතු කරන ඔවුන් රජෙක් ගෙන්වීමේ සටනේ යෙදී සිටින හමුදා ජෙනරාල් වරුන්ටද උදව් කරයි.

නාසීන් බලයට එන දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ එසේය.

බැබිලෝන්  බර්ලින් ඉතා පහසුවෙන් මේ ඉතිහාසය තම කතාවට  ඇතුලත් කර  ගනී.
 එහි අති සාර්ථක රංගනයක්  ඉදිරිපත් කල ලීසා ප්‍රයිස් (චාලට් රිටර් )  අද ප්‍රධාන පෙලේ නිළියකි.
.



16 comments:

  1. සියල්ල සිදුවුණ-සිදුවෙන අයුරු ලියන්නට - සටහන් කර තබාගන්නට හැකියාව ඇත්තේ මිනිසාට පමණි. යළි ඒවා පිරික්සා බලන්නටත් ඔහුට හැකියාව ඇත. එසේම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නටත්.....

    අජිත්, එකම එක මිනිසෙකුට වුනත් අශ්වයෙකු වතුර තියෙන තැනකට ගෙනියන්න පුළුවන්, ඒත් අශ්වයාට වතුර පොවන්න නම් මිනිසුන් 50කටවත් බැරිලුය කියලත් කතාවක් තියෙනවා නේද?

    අනේ, අපේ රටට අදාලව ඒක 'පට්ට කෙබරයක්' වෙනවා නම්!

    ReplyDelete
    Replies
    1. ඔය හදිසියේ මැරෙන එව්ව හෙම කොහාට සම්බන්ධද කියල එක පාර පේන්නේ නැහැ . අඩියක් පිටි පස්සට අරගෙන බලන්න ඕනේ

      Delete
  2. 7. බොහෝ ජර්මනුන් තමන්ගේ නායකයා යුදෙව් ජනතාවට කළ අපරාධය දැන ගත්තේ යුද්ධයෙන් පසුවය. I beg to differ. Hitler's Willing Executioners: Ordinary Germans and the Holocaust by Daniel Goldhagen is one among many books that presents compelling evidence to the contrary

    ReplyDelete
    Replies
    1. ඔය කතාව වැඩිපුරම කියන්නේ ඉංග්‍රීසි යුදෙව් ජාතිකයෙක් සහ ඇමෙරිකන් කාරයෝ. උන්ම තමං දෙවන ලෝක යුද්ධය තනිකරම දිනුවේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය කියන්නේ. සෝවියට් දේශය ස්ටලින්ග්‍රඩ් වලදී සහ කුර්ස්ක් වලදී ජර්මන් හංඋදාඅ හැරෙව්වේ නැත්නම් බ්‍රිතාන්‍ය පවා අද හිට්ලර්ට යටත් වෙලා. ඔය වැරැද්ද මේ රටේ (මා ඉන්න එංගලන්තයේ) නිතර කරන දෙයක්. ජර්මනියේ ජර්මානුන් කොපමණ හිටිය කියලද ඔබ හිතන්නේ . මිලියන් 80 දැන්. මිලියන් 60 විතර ඒ කාලේ . නාසි පක්ෂයේ හිටියේ 12%. ඔවුන් මුලින්ම අරන් ගියේ කොමියුනිස්ට් වාදීන් තමා කෑම්ප් වලට. ඒවාට කිව්වේ වැඩකරන කෑම්ප් කියල. මිනිස්සු හිතන් හිටියේ බලෙන් වැඩ කරන්න ගෙනියනවා කියල. ඒ දවස් වල දැන් වගේ අන්තර්ජාලය තිබ්බේ නැහැ. කොටිනම් ජර්මනුන් විතරක් නෙමේ. ඔය ලිව්ව එක කියන්නේ නැති තව දෙයක් තියනවා. ඒ තමා යුදෙව්වන් ඒ තැන්වලට අරන් යනකන්ම දැනන් හිටියේ නැහැ මරන්න ගෙනි යන්නේ කියල. අහල බලන්න පුලුවනන්ම් දැනට ජිවත් වෙලා ඉන්න අයගෙන්. යුදෙව්වන් සහ ජිප්සී වරුන් දැන හිටියේ බලෙන් වැඩ කරන්න ගෙනියනවා කියල. ජර්මන් වරුන් දන හිටිය කියල කියන තව පොතක් තියනවා. නැවතත් ඉංග්‍රීසි කාරයෙක් ලියපු. ජර්මනියේ වර්තමාන භූමිකාවට විරුද්ද හෙවත් බ්රෙක්සිට් වලට පක්ෂ අයෙක්. මේවායේ දේශපාලන කියවීම් බොහොමයක් තිබෙනවා. ඒ ලින්ක් එක මෙතන.

      Delete
    2. It might be better understood if an attempt could be made by Ajith to quantify "බොහෝ" as far as possible.

      For myself, I agree that a majority of Germans may not have known for sure what was going on.
      But, a considerable number of, otherwise decent, Germans knew and approved some aspects of it. It has to be taken in the context of the times. The distrust, envy, fear, contempt and abhorrence of Jews had been there for generations. Centuries before the Nazis emerged European rulers promoted common people's hatred of Jews for their own purposes. From the 19th century even German scientists and anthropologists promoted the myth of the German super race which should not be diluted. After the pre WW1 economic slump the Nazis made both of those combined into a fine art. A considerable number of normal people, as a principle, would have been of the opinion that the Jews should be put in their place. The Nazis took if further and brought the so called final solution.
      A good example of nationalism and patriotism deteriorating into a xenophobic horror.

      Delete
    3. OK what I meant pra je is, Majority of German's did not know the existence of gas chambers or German's are actually killing women and children inside. That is not true to even say that by these cunning Americans. German super race Idea was there yes even Heidegger promoted it. And there were anti Jewish pogroms all over the Europe. Even In Russia it happened. Please read the Jewish pogroms in Russia. Crystal night was the turning point in germany. Naziz took upper hand however yet however in 1993 elections they could muster only 43% of the votes. Anti jewish sentiment was there like anti muslim sentiment inSL now. But they DID NOT know about the killings.

      Delete
    4. In UK- there was pretty much Anti jewish riots since 1600. In British labour part anti semitism is ripe. I found it by myself. https://en.wikipedia.org/wiki/Antisemitism_in_the_United_Kingdom
      Unfortunately Hitler used all these sentiments to his advantage. He promised a socialism. Better one than USSR and mixed with nationalism. Jewish owned majority of businesses and he directed his wrath to Jewish / communists, gypsies and other Germans. About few millions of Nazi knew what is happening I guess. But not the wider population. We are talking about war time. One sided propaganda.

      Delete
  3. 7. බොහෝ ජර්මනුන් තමන්ගේ නායකයා යුදෙව් ජනතාවට කළ අපරාධය දැන ගත්තේ යුද්ධයෙන් පසුවය. I beg to differ. Hitler's Willing Executioners: Ordinary Germans and the Holocaust by Daniel Goldhagen, is a book (among many others) that presents compelling evidence that guilt is much more broadbased than just Nazis.

    ReplyDelete
    Replies
    1. මේ ඒවගේ තවත් බොරුවක්. ඒ කලේ හරියට අන්තර්ජාලය තිබ්බ වගේ https://www.theguardian.com/uk/2001/feb/17/johnezard//His media trawl, with a research assistant, found that as early as 1933 local papers reported the killing of 12 prisoners by guards at Dachau, the first to be set up as a "model" concentration camp initially for communists. On May 23 the Dachauer Zeitung said the camp was Germany's most famous place and brought "new hope to the Dachau business world". By 1934 the main and widely read Nazi-owned paper Volkische Beobachter was reporting a widening of policy to other "political criminals" including Jews accused of race defilement. By 1936 communist prisoners were no longer mentioned: in a photo-essay in the SS paper Das Schwarze Korps emphasised the camps as places for "race defilers, rapists, sexual degenerates and habitual criminals".//

      Delete
    2. දැන් මේ පොත් වල තියෙන් ප්‍රධාන ප්‍රශ්නය තමයි ඒ ගොල්ලෝ කියන්නේ යුදෙව්වන් එළවන එක ගැන නාසීන් ලිව්ව නිසා ජර්මන් වරු දැන හිටිය කියන එක. ඕක මම මගේ බිරිඳගේ සීයා සහ ආච්චි ගෙනුත් අහල තියනවා . ඔවුන් සහ මම අහපු වෙනත් අයගෙත් ප්‍රතිචාරය තමයි ඔවුන් නාසි පත්තර හා විස්තර කියෙව්වේ නැති බව. ඒ කතාව මට පිලි ගන්න පුළුවන්. ලංකාවේ හැමෝම මුස්ලිම් මිනිස්සු මරණ කතා කියවන්නේ නැහැ. හැම දෙමළ මිනිහෙක්ම ප්‍රභාකරන්ගේ රේඩියෝ එක ඇහුවේ නැහැ. හැම ලංකාවේ කෙනෙක්ම බටලන්ද, කේ පොයින්ට් වගේ වධකාගාර ගැන දැනන් හිටියේ නැහැ. ඒ කාලේ . අම්ම කේ පොයින්ට් ගැන දන්නේ දැන් අවුරුදු කිහිපයකට කලින්. වැඩ කරන්න එක්කන් ගිය අය මරපු බව බොහෝ අය දැන ගත්තේ යුද්ධය ඉවර වුනාට පසුව.ඕක එංගලන්තේ වෙනත් විධිහකට ක්‍රියාත්මක වෙනවා. වහලුන් ගැන මෙහ ළමයි දන්නේ නැහැ. උගන්වන්නේ නැහැ . ලංකාව වගේ රටවලට කල විනාශය උගන් වන්නේ නැහැ. මගේ බිරිඳ බුකාන්වල්ඩ් වලට ගිහින් එතැන මිනිස්සු මරපු එක ගැන වෙනම කියවල දැනගෙන තියෙන්නේ. නැගෙනහිර ජර්මන් සමුහාණ්ඩුව ළමයින්ට ඒ ගැන කියා දීල නැහැ. ඒ වගේ වහනවා. ජර්මනියේ වුනේ මිනිස්සු බයට සද්ද නැතිව හිටිය එක. එක සෝවියට් දේශයේත් වුනා ස්ටාලින් ගේ කාලේ .

      Delete
  4. German people were aware of Hitler’s final solution (a.k.a. Holocaust) because it was Nazi’s stated policy. They saw Jews being taken away never to return. Germans did take over the property left empty by these Jews. In that background, for the German people to claim that they were not aware of Death Camps is rather disingenuous. They may not have spoken out against it for fear of the Nazi police machinery (SS, Gestapo etc) but they were aware; the same way Sri Lankan public was aware of the torture and killings in the camps during 1988-90.

    ReplyDelete
    Replies
    1. You did not really read anything I wrote isn't it.?
      //German people were aware of Hitler’s final solution (a.k.a. Holocaust) because it was Nazi’s stated policy.// noit everyoen reads nazi propaganda even though nazis were keep saying it.
      //They saw Jews being taken away never to return.// yes. My wife's grandmother saw it. She thought they were taken to work camps and they never came back. They knew work camps existed in Soviet Union as well. Until solzhenitsyn writing about it no one knew what happened in them.
      //Germans did take over the property left empty by these Jews// no not all germans. There is still a property in my wife's grandmother's place no one touched. Still in ruins. They are still after 60 years later expecting someone would come and claim. This happened in Poland and Ukraine too. People moved into jewish households. Most of them were Nazi sympathisers. That does not man everyone knew Jews and communists fate.// In that background, for the German people to claim that they were not aware of Death Camps is rather disingenuous// No you are. YOu are talking in terms applied to nowadays. Same the person who wrote that book. When my daughters challenged their school teacher she was unhappy. When I pointed out to the teacher it is the British who invented concentration camps (baden Powell) and starved to death many boer women and children and Kenyans died she initially did not believe it. She did not know.
      //the same way Sri Lankan public was aware of the torture and killings in the camps during 1988-90.// I did not know. I was in USSR at the time, my family did not know in Sri lanka, genuinely except my father who was from security forces. Still he was unaware of" K point" although knew about batalanda. I learned it from a friend of mine who was studying at the time in University. But very late. We knew of killing by tyres by roadside.

      Delete
    2. I suggest you to read the book "the reader". that book discuss this lengthily.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. කුරිරු කොමියුනිස්ට් ආක්‍රමණයෙන් පසු ජර්මාණුවන්ට සිදුවූයේ මහා විපතකි.

    ජර්මාණු කුල කාන්තාවන් ලක්ශ 20ක් දූෂණය කරන ලදී.
    ජනතා කැමැත්තෙන් එක්කල ඔස්ට්‍රියාව ඒකාධිපතිවාදී ලෙස වෙන්කරන ලදී.
    ජර්මණිය දෙකඩ කරන ලදී

    පලමු ලෝක යුද්ධයෙන් පසු කල ආකාරයේ පලිගැනීම්ක් මෙවර නොකලේ කොමියුනිස්ට් විරෝධී අඩකොටයක් ලෙස තබාගැණීම සඳහා ය.
    ජර්මාණු සමාජයේ පදනම වූ කතෝලික සංස්කෘතික හරයන් නින්දාවට පත්කරන ලදී.

    පොන්න සමලිංගික හිපි චර්යාවන් උත්කර්ශයට නංවන ලදී!!

    එහි ප්‍රතිඵලයක් ලෙස අද ජර්මාණු පවුල්වලින් අඩකම සිටිනුයේ එක දරුවෙකි.
    ජර්මන් බස පරදා ඉංගිරිසිය රජවී ඇත.

    ජර්මනියේ අවජාතන දේශපාළුවෝ අරාබි කාරයින් ජර්මණිය තුල බින්න බස්සවා ගනිති.

    තුර්කින් ජර්මානු කාන්තාවන් විවාහ කරගෙන තම ආගමට හරවා ගනිති.
    ඉතුරු ගෑණු කළු මිටි ඉන්දියානුවන් සමග විවාහවී පිටරට පදිංචි වෙයි.

    අහෝ රටකට ගිය කල...!!!

    ජර්මාණුවන්ට හිට්ලරගේ අගය දැනෙමින් පවතී.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .