මේ අරගලයේ ඉන්න අපේ රටේ ආදරණීය මිනිස්සු ගැන ❤🌹 🇱🇰
එළිවෙනකල් වැහි 3 , 4 කින් හෙම්බත් වෙලා හිටිය අපි උදේ 6 ට අඩු වෙච්ච වැස්සත් එක්ක අලුත් දවසක් ගැන බලාපොරොත්තු තියන් ඉද්දි ආයෙත් නොනවතින අරගලයට නොනවතින වැස්සක්ම තිළිණ කරන්න ගත්තා.....
වැස්ස මාරම ආශිර්වාදයක් වුනා අරගලයට ඒ මොකද කියනව නම් ,
* මුලින්ම වාහන වල යන මිනිස්සු අරගලේ දැක්කම ඒ මූණු වල තිව්නෙ දෙයියනේ මුං තවම මේ වැස්සෙත් මෙතන වගේ මූඩ් එකක් ඒ මිනිස්සු අත උස්සල කෑ ගහගෙන යනව ඒක්කො වාහනේ නලාව අඬවගෙන යනවා...
* ටික වෙලාවක් යද්දි වාහන එක දෙක නවත්තන්න ගත්තා ඒ හැමෝම කෑම , වතුර අරන් උදෙන්ම ඇවිල්ලා අපිව බලන්න 🥺 මේක උඹලට කියවද්දි ඒක දැනෙනවද කියන්න මං දන්නෙ නෑ ඒත් ඒක මාරයි ❤
* විස්වාස කරන්න කොච්චර කෑම ලැබුනද කියනව නම් අපි පාරෙ යන බස් නවත්තල ඒවගෙ වැඩට යන මිනිස්සුන්ටත් කන්න දුන්න ඒ කෑම ...
* අපි ඉන්න තැනට කෙල්ලෙක් ආවා ටික වෙලාවක් නිසොල්මනේ ඉදපු එයා ටික ටික කෑ ගහන්න, අරගලේ එක්ක සෙට් වුනා අපි කතා කරල අහල බැලුව විස්තර එතකොට කියුවෙ මං මේ එහා පැත්තෙ ගෙදර ගාව ඉද්දි පාරෙ ගිය බස් එකෙන් කිව්වා " අද නම් වැස්ස නිසා සෙනඟ මදි වගේ " කියලා.... එහෙම දෙයක් අහපු නිසා එහෙම්ම පයින්ම ඇවිල්ල තනියම... දන්නවද හොදම දේ එයා ටැමිල් ❤ ඉස්සර අපි බෙදුව උන්ට හෙන ගහන්න ඕන...
* උදේ 6.30 උනෙත් නෑ පුංචි මුස්ලිම් පැංචියො ටිකක් එක්ක ඒ බබාලගෙ අම්මල තාත්තල සීයලා ආව වැස්සත් අරන්ම , මං මෙහෙම දේවල් ඇස් දෙකෙන් දැකල තිව්නෙ නෑ.... ඒ ළමයින්ගෙ අතට ජාතික කොඩිය දීලා ඒ අම්මා තාත්තා කිව්වෙ ඉස්සරහට යන්න මේ අය රටට ආදරේට මේ ඉන්නෙ ඔයාලත් මේ වගේ වෙන්න කියලා... ඇස් දෙකට ආව කදුලු වැස්සටම හේදිලා ගියා... හිතන්න සෑහෙන්න දේවල් ඉතුරු වුනා... ඇයි අපි මේ බෙදිලා හිටියෙ මොනව බෙදාගන්න බැරුවද ? අපි බෙදුනෙ නෑ අපිව බෙදුවෙ මේ දේශපාලන හැතිකරේ....
මේ වගේ දරුවො ඉන්න අනාගත ශ්‍රී ලංකාව කොච්චර ලස්සන වෙයිද ❤
* ඊ ළගට ඇවිල්ල නැවතුන වාහනෙන් ගෙනල්ලා තිව්නෙ වැහි කබා ( rain coat ) ඇස් අදහ ගන්න බැරි වුනා 😢 ඒ මිනිස්සුන්ටත් මේ කාලෙ අමාරු ඇති ඒත් වැස්සෙ තෙමෙන කෙල්ලො කොල්ලො වෙනුවෙන් රේන් කෝට් මහ ගොඩක් ගෙනාව ඒ මිනිස්සු.... ඇත්තටම ඒ කරපු දේ පින නම් ඇති සංසාරෙම හිසට සෙවනක් ලැබෙන්න ඒ මිනිස්සුන්ට ❤🙏
* ඩොක්ටර් පාස් එකක් ගහපු කාර් එකක් ආවා මං හිතන්නෙ ඩියුටි ඕෆ් වෙලා යන පිරිමි ඩොක්ටර් කෙනෙක් එයා ළඟ ඒ වෙලේ දෙන්න දෙයක් තිව්නෙ නෑ එයා කරේ කාර් එකේ වීදුරුව පහත් කරල එයාගෙ කුඩේ අපිට දීලා යන්න ගියා... මේව පොඩි දේවල්ද නෑ මේව මහ ලොකු දේවල්... පන්ති වලට බෙදල තිව්න ලංකාව එක පන්තියක් වෙනව ටිකෙන් ටික මේවා මාරයි ❤
* උදේ වැඩට යන තාත්තා කෙනෙක් අනේ ඒ මනුස්සයත් ඉටිකොලයක් ඇගට දාගෙන හිටියෙ වැස්සෙන් බේරෙන්න... ඒ තාත්තා ඉදන් කිව්වෙ "අනේ පුතේ මං එහෙම මොනවත් ගෙනාවෙ නෑ මං ගාව වැඩිපුර රුපියල් සීයක් තියෙනව මේක ගන්න " කිව්වා.... පපුව පිච්චිලා ගියා මේ රටේ මිනිස්සු කොච්චර ලස්සනද 😢🥺
වැඩියෙන් තියෙන රුපියල් සීය අපිට දෙන්න හදනව වැස්සෙන් බේරෙන්න මොකක් හරි ගන්න කියලා...
මෙහෙම සිතුවිලිම මිනිස්සුන්ට එනව කියන්නෙ අරගලේ ජය මාවතට ඇවිල්ලා....
* කෑම බීම මදි නොකියන්න එද්දි ඉටිකොල , ඉටි රෙදි රෝල් ගනන් මිනිස්සු අරන් ආවා... ඒ මිනිස්සුන්ට පුළුවන්කම තිව්නෙ ගාර්බේජ් බෑග් ටිකක් ගෙනල්ල දෙන්නද ඒක ගෙනල්ල දුන්න ඔලුවට දාගන්න කියලා....
* මං මගේ ජීවිතේට හිතුවෙ නෑ ටැමිල් පවුලකින් මට උදේ තේ බොන්න ලැබෙයි කියලා...ටැමිල් අම්මෙකුයි තාත්තෙකුයි ආවා එක කුඩයක් යටින් ලොකු ප්ලාස්ක් එකක් පිරෙන්න තේ හදාගෙන....
ඒ තේ එක හරි රහයි ජාති වාදෙ නෙවෙයි ආදරෙන් මත් වෙලා තිව්නා ❤
* මහ වැස්සෙ අයියා කෙනෙක් ඇවිල්ල කියනව මල්ලි මං ගානෙ උදේට කෑම සීයක් ගෙනාව බාරගන්න එන්න කියලා..ඒ වෙද්ශි ශෝටීස් කාලා තේ බීලා ඉදපු අපිට බඩගින්නක් තිව්නෙම නෑ.. අනික ඒ වෙලාවෙ ඒ වැස්සත් එක්ක බත් කන්න තැනකුත් නෑ.... 7 අපි ඒ කෑම ටික ළමා නිවාසෙකට යවන්න විදියක් හදලා දුන්නා... ඒ අයියා කිව්වෙ "මල්ලි අපි ඊයෙ කල්පනා කරා මිනිස්සු වෙනුවෙන් කරන්න දෙයක් එහෙම හිතලා කෑම පැකට් 100 හැදුවෙ " හිතන්න මේ වගේ අමාරු කාලෙක තනි මනුස්සයෙක් 100 කන්න දෙන්න එනවා .. එයාට වාසියකටද නෑ....
*තව තාත්තා කෙනෙක් ආව බෑග් එකක් උස්සන්.. දන්නවද ඒකෙ තිව්නෙ සී විටමින් පෙති 🥺 එයා කියනව ඔයාල වැස්සෙ තෙමුනනෙ කෝකටත් හොදයි මේක ගන්න කියලා.. අපේ අම්මට තාත්තටවත් එහෙම දේවල් මතක් වෙයිද ?
* තව කෙනෙක් ඇවිල්ලා කිව්වා tv එකෙන් දැක්කා ඔයාල තෙමෙනව ඒ නිසා මං සමහන් හදන් ආවලු 🥺❤
* තව අම්මා කෙනෙක් වාහනේ නවත්තලා දරුවො දෙන්න එක්ක එනව ලොකු මලු උස්සගෙන විස්වාස කරන්න ඒ මලු වල තිව්නෙ බැන්ඩඩ් ටවල්... ඒ මිනිස්සු තුවා අරන් ඇවිල්ලා මේ තෙමුන මිනිස්සුන්ට පිහදාගන්න... මේක ආදරයද මොකක්ද අපි දෙන්න ඕන වචනෙ 🥺❤
* ඔයාලා ජීවිතේට දැකල තිව්නද මහ පාරෙ නෙස්කැෆේ හදල දෙනව... ඒ මිනිස්සු අරගලේට නෙස්කැෆේ දෙන්න ජෙනරේටරයකුත් අරන් ඇවිල්ලා... මේව විස්වාස කරන්නත් අමාරු දේවල් 🥺❤
* ඒ ඔක්කොම අස්සෙ ඉන්දියාවෙ abp මීඩියා එකෙන් ඇවිල්ලා හිටියා.. ඉන්දියාවෙ ඉදල ලංකාවට වැඩම කරපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හින්දියෙන් වොයිස් කට් දෙනව... ඊට පස්සෙ මිනිස්සු අස්සෙ ඉදපු ලංකාව් එකෙක් හින්දියෙන් වොයිස් කට් දෙනවා.... උන්ටත් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා....
* විශේෂයෙන්ම කියන්න ඕන Ratta ගැන.. උඹ ඇත්තටම පොරක් මං ඇස් දෙකන් දැක්කා උඹ විදින දුක , කන කට්ට මේ වැඩේ ගොඩ දාගන්න තියෙන උනන්දුව ❤ උඹල වගේ උන් තමයි මේ වැඩ වලට ඉස්සරහට එන්න ඕන... අනිත් පොරවල් කියාගන්න ගෑනු හැංගෙද්දි හැමෝම වෙනුවෙන් මේ කට්ට කන එක ගැන මාර ගෞරවයක් තියෙනවා මචං ❤🙏
මේ මං ඇස් දෙකට දැකපු ටික විතරයි අද හවස් වරුවෙ බෙහෙත් ද්‍රව්‍ය එක් රැස් කරගෙන......
කොස් එහෙමත් උයාගෙන ,ජංගම වැසිකිළි පහසුකම් දීලා , කෑම්පින් ටෙන්ට් ගහගත්‍ත මිනිස්සු තවම ඉන්නවා.....
අපේ රටේ මිනිස්සු කොයි තරම් පරිත්‍යාගශීලි ද ?
එකතු වෙද්දි හමෝම එකා වගේ ඉන්න ආසද ?
නැති ප්‍රශ්න ඔලුවට දාල අපිව බෙදල වෙන් කරේ?
නිසැකවම දේශපාලන උප්පරවැට්ටි නිසා මිනිස්සු බෙඳල වෙන් කරළ තිව්නට මින් පස්සෙ ඒවා සුම්මා අපි ඔක්කොම එක පව්ලක්....
මේ එකමුතුව ආදරේ කවදාවත් දශමෙකින් වත් අඩු වෙන්න නොදී ඉමු....
නොනිදන නොනවතින අරගලයට ජයවේවා 🇱🇰
අරගල කියන්නෙ මොනවද , අරගල දිනන්නෙ කොහොමද ? හැම වෙපන් එකකටම වඩා ආදරේ බලවත් බව අපි ලෝකෙටම කියල දෙමු ❤
මේ රට අපේ..අපි කොහොම හරි මේ රට ජරා දේශපාලුවොන්ගන් බේරගමු !
ආදරේ අරගෙන ඔයත් එන්න ගෝල්ෆේස් එකට ❤
ඔව් අපි මේක දිනනවා !
අරගලයට ජය 🇱🇰❤
(උපුටා ගැනීම අවසන්)
ඔබ සැමට අරගල සතුටුදායක ලෙස අවසන් වන සුබ නව වසරක් වේවා. !