Sunday 15 January 2023

නේස් නෝනලා ගේ කතා වස්තුව

                                    
ලලා අයියා ලලක්කා ට හොරෙන් අහවල් වචනය ලැප් එකේ ගහන්නට මාන බලමින් උන්නේය. අහවල් වචනේ වැඩියෙන්ම හොයන්නේ ලංකාවේ උන් කියා ගුගලයා ද කියන බැවින් ලලයියා  හිටියේ මොකද කරන්නේ කියා හිතා ගත නොහැකිවය. ඉඳහිට ඉතාලියේ ඉන්න නෑයින් ට හා පිටරට  ඉගෙන ගන්නා දෝණිට ෆේස්බුක් එකෙන් ලලක්කා කතා කරන නිසා ලලක්කා ද ඉඳහිට ලැපය භාවිතා කරයි.

ඔය අව් අස්සේ පිටරටින් කෝල් එකක් ආවේය. ඒ කෝල් එක ආවේ පස්සයේ  හඩුන්නෙට්ටි  ඩොක්ට්‍රින් එකට සපෝර්ට් කරනා අයෙකු ගෙනි. හඩුන්නෙට්ටි  ඩොක්ට්‍රින් එක ගැන නොදන්නා කෙනෙක් නැතිය. ඒකට අනුව ඕනෑම හිතවතෙකුගේ ගෙදරට ගිහින් එයාගේ අලුත් කමිසය දාගෙන සපත්තු හෝ සෙරෙප්පු දෙකත් ඇත්නම් ඒකත් අරගෙන එලියට බැසිය හැකිය. හඩුන් අයියා පස්සයේ ලොකු  අයෙක් නිසා හිතවතා මුකුත් කියන්නේ නැත. කියලා  සවුත්තු වෙන්නටද  බැරිය. අනිත් එවුන් විප්ලවයට ද්‍රෝහී වුනා යයි කියනු ඇත. විප්ලවය  පාර්ලිමේන්තුව ඇතුලේ වෙන්නේද පිටත වෙන්නේද නොදන්නා නමුත් හිතවතා  කරබාගෙන  ඉන්නේය.

මේ නිසා ලලයියා බය නැතුව පිටරට හිතවතා ට සිද්දිය කිව්වේය.

"අයියෝ ඕක මොකද්ද  ලලයියේ. අපි ඉන්නේ ඕවටනේ. කෙලින්ම ගහන්න පෝං හබ් කියල. ලලයියට ඕනෑ මොකද්ද ඕනෑ ජාතියක් එනවා " හිතවතා ටිපක් දුන්නේය.

"ඒ වුනාට මලේ ලැපේ අක්කත් බලනවනේ. ඕවා බලල  අහු වෙලා දික්කසාද වෙන්න බැහැ මේ නහින දෙහින කාලේ " ලලා අයියා සෑඩ් එකෙන් කීවේය.


"අය්යෝ අයියේ අපි ඉන්නේ ඒකටනේ" . පිටරට හිතවතා ආයෙත් ඇද්දේය. මූ නම් හොඳ එකෙකි . හඩුන්නෙට්ටි ඩොක්ට්‍රින් එකට අනුව මේ හිතවතා  ලලයියාගේ ඉන්ටනෙට් බිලද ගෙවන්නේය.

"ආ එහෙනම් කියමුකෝ බලන්න. "

"ලලයියේ ගූගල් ක්‍රෝම් එකේ උඩ ඉංකොග් නිටෝ කියල එකක් තියෙනවා. ඒ කියන්නේ අහුවෙන්නේ නැතිව ඉතිහාසෙට යන්නේ නැතිව පෝං හබ් එක බලන්න පුළුවන්. ඕං වැඩේ කොරනවනම්" හිතවතා දුන් උපදෙස මසුරන් ය.

ඒ කාලේ ඉඳන්ම නේස් නෝනලා ගැන ලලයියා ගේ හිතේ ලෙන්ගතු පොජ්ජක් තිබුනේය.  එක පාරක් අහිංසකම අහිංසක නේස් නංගි කෙනෙක් ගැන ආලවන්ත සිතක් ද තිබුන නමුත් පස්සයේ වැඩ නිසා අහවලාට  සීගිරි යන්නට බැරි වුනාසේ ඒකටත් කෙළ වුනේය.  

පිටරට හිතවතා ගේ උපදේශය නම් මරුය. අර සයිට් එකේ නේස් නෝනලා ගොඩකි. එක එක විධියේය. මේ ගොල්ලෝ ඇත්ත නේස් නෝනලා ද නැත්නම් නේස් නෝනා ලාට ඇඳගත්ත උදවිය දැයි පොඩි විචිකිච්චාවක් ද ආවේය. 

ඕන සේපාල් ගේ ලබ්බක් කියා ලාලයියා රෑ වෙනකන් සයිට් එකේ හිටියේය. ලලක්කා ඉඳහිට කාමරයට එබෙන නිසා මුකුත් කර ගන්නට ද බැරිවුණි. 

ඉතින් ඔහොම ඉඳිද්දී ලලයියා ට නින්ද ගියේය.

ලලයියා  දැක්කේ මාර හීනයකි. මැතිවරණයෙන් අපේස්සා  කල පරිදිම පස්සය  ඉහළින්ම ජය ගෙන තිබුනේය.

ලලයියා ට කිඹුලේ මහත්තයා කරපු අමාත්‍යංශය ලැබී තිබුනේය.

ලලයියා කෙලින්ම  ගියේ මහා ඉස්පිටිතාලේ ටය. ලලයියා ගේ ඒ  දවස්  වල කස්සෙක දැන් වැඩ කරන්නේද ඒකේය.

 අමටිවරයා වසයෙන් කළ මුල්ම  කතාවේ ලලයියා කීවේ නේස් නෝනලා සුනිල්  ප්‍රේරා  මල්ලි  වැනි විද්වතුන්  පෙන්වා දුන් පරිදි ලස්සනට ඇඳිය යුතු බවය. පිටරට නේස් නෝනලා මෙන් ඇස්සයිස් කළ යුතු බවය. බඩවල් වෙබ්සයිට් වල නංගිලාට මෙන්  මෙන් පැතලියට තිබිය යුතු බය. නේස් නෝනලා ද හිකි හිකි ගගා අසා සිටියෝය. මිනිසුන් සදෙව් ලියන්  වන්  නේස්ත් නෝනලා දැක චිත්ත  ප්‍රීතියෙන් පිනා ගොස් ඉබේම සනීප වෙන්නේය. රටට අවුසද ඉතිරි වන්නේය. නේස් නෝනලාට පඩි වැඩි කරන්නට ඕනෑ නැත. නේස් නෝනලා බලන්නට දොස්තර ලා එන හෙයින් දොස්තර සංගමේ වැඩ වර්ජනද නැවතිලා ය.

ලාලයියා ඇමටිවරයා ලෙස  කල නිහඬ විප්ලවේට චූන් ගොස් අලුත් ජනොධිපති උතුමා වන අනුරායියා ද කෝල් එකක් දී සුභ පැතුවේය.

ඒ අස්සේ  ලලක්කා මහා හයියෙන් කෑ ගහන හඬ ඇසී ලලයියා හොඳටම තෙමී  ගෙන ඇහැරුනේය.

තෙමිච්ච සරම හෙමින්ම රෙදි කූඩයට ඔබා ලලයියා නාගෙන ආවේය.

ලලක්කා පෝං එක අරගෙන ආවේ එවිටය.

"මජ්ජිම කාරක සභාවෙන් කතා කරනවා . ඔයා පරක්කු නොවී යන්න."

ලලයියා පෝං එකට කන තිබ්බා විතරය. අරෙහං කෑ ගහනවාය.

"මොකඩ්ඩ ශාහෝදරයා චන්ද කඩන්න කොන්තරත්තුවක් වත් ගත්තද  ලංඩන් වලින්  "

-ඔබලාගේ හුදු විනෝදය සඳහා පමණි. සියලුම නම් ගම් මනහ්කල්පිතය. 




- අජිත් මල්ලි 

 



26 comments:

  1. හීන දකින්නත් මාජ්ජි නිදහස තියෙනව මහතුනි අපේ රටේ
    හීන හැබෑ කර ගන්නට අරගල කෙරුවොත් ඇප නෑ අපේ රටේ
    රටම කකා වුව බලයේ ඉන්නයි මහල්ලො ගහන්නෙ දහං ගැටේ
    අනේ හැබෑටම කවුරුත් නැති හැටි තලලා දාන්න උන්ගෙ xx

    ReplyDelete
    Replies
    1. තලලා දාන්න ගිහිල්ලා
      ගෙනාවේ ආයෙත් මහල්ලා
      දැනේ තේරෙනවාද නිදියෝ
      ඇල්ලුවේ වැරදි අස්සයා කියලා

      Delete
  2. මං මේක දැක්කනෙ ෆේස්බුක් එකේ. එවෙලෙත් මට හිතුණෙ, ජාජබෙන් අපේක්ෂකයෙක් විදිහට සුනිල් පෙරේරා ඉදිරිපත් කරලා, එයා මේ වගේ කතාවක් කිව්වනං වැඩිය ගැළපෙනව කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවේ අවුල තියෙන්නේ තැන වැරදිච්ච එක මගේ හිතේ 😀. ඕනෑවට ලියන්නත බැහැ මේවා ගැන. කාලෙකට කලින් සාරුවා සුනිල් කියල කෙනෙකුත් හිටියනේ.

      Delete
    2. පොරව නිදොස් කොට නිදහස් උනාම අභියාචනාධිකරණයෙන් ආන්න දැන් නීතිපතිටයි පොලිස් ඉනිස්පැක්ටර් නෝනට හා මහත්තයට විරුද්ධව බිලියනයක වන්දි ඉල්ලලා නඩු දාලා

      Delete
    3. අම්මට සිරි . ඒක මාරයි. ඉතින් කොහේ කරන්නද

      Delete
    4. https://www.dailymirror.lk/breaking_news/Former-Akuressa-PS-chairman-claims-Rs-1-BN-damages-from-AG-and-police-for-malicious-prosecution/108-252277

      Delete
  3. හිතෝතුන්ගේ ගෙවල් වලට ගෙහුං... අරහෙම එන්නත් ලැබීම තියෙන්න ඕන හිටන්

    ReplyDelete
    Replies
    1. පෙර කළ පින් තියෙන්නේ ඕනේ

      Delete
  4. අමෝ අමෝ, මල් හතයි අජිත්! මේක තමා ඇත්තටම වෙන්න ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පාර දිගේ. ප්‍රබන්ධ ඇත්ත වෙනේ වෙලාවලුත් ඇති

      Delete
  5. https://www.pinterest.com/pin/492649929208218/

    ReplyDelete
    Replies
    1. එකඟයි එකෙන්ම. වයිෆ් කැමති වෙයිද දන්නේ නැහැ

      Delete
  6. පෙරේදා මම ලියපු නේස් නෝනලාගේ කතා වස්තුව (මගේ වෝල් එකේ සහ බ්ලොග් එකේ තවම තියනවා) අයින් කරන්න කියල මැසේජ් එවපු ඒවාට සහ ජවිපෙ ලින්ක් එවපු සියල්ලන්ටම ස්තූතියි.
    1. මම ලිව්වේ උපහාස කථාවක්. ඒක අයින් කරන්න අදහසක් නැහැ. නිදහසේ ලියන එක මගේ අයිතියක්. දැන් ඕක පිළි ගන්න අමාරුනම් ඉදිරියට එන්න ඉඩ තියෙන ආණ්ඩුවක් මෙහෙයවන්න බලාගෙන ඉන්න අයට උපහාස කතාවක් තේරෙන්නේ නැත්නම් බලයට ආවොත් මොකක් වෙයිද? මම හිතන්නේ හොඳම පිළිතුර හරිනි අමරසූරිය දීල තියනවා. ඒක කියවන්න.
    2. පෝට්ටුව කාලේ කරපුව අමතක නැහැ. සංචාරකයන් දූෂණය වීමේ සිට , 100 කරපුවා සමරපුවා අමතක නැහැ. නමුත් ඒ හැට නම් ලක්ෂෙ දැන් සෑහෙන්න අඩුවෙලා කියල අපි පිලි ගන්න ඕනේ.
    3. ගොඩක් පත හෑලි විරුද්ධව සහ පක්ෂව ඒ කතාවට ලියල තියනවා. සමහර දර්ශනිකයෝ කියල ලියා ගත්ත අයටත් චෝදනා ආවනේ. ඒ වුනාට ඒවගේ කතාවලට විරුද්ධව ලියන අයත් ඉන්න ඕනේ. නැත්නම් ඊයේ වුන දේවල් වැඩි වශයෙන් වෙයි. අර ඊයේ පිහි ඇනුම් කාපු යුවතිය. ඒක වුනේ ඒ පිරිමියාත් ඔය පිරිමින් ට ඔ හැම දේටම අයිතියක් තියනවා කියල හිතපු නිසා. එහෙම අය බිහි වෙන්නේ අන්දෘව් ටේට් වර්ගයේ කතා කියන නිසා තමයි. මගේ දුවල නිසා මම ටේට් වගේ එවුන්ට විරුද්ධයි.
    උපහාසයක් ලෙස ලිවේ විරෝධය හාස්‍යමය වශයෙන් පළ කරන්න. ඒ දේශපාලනඥයා බොහෝ අයට සාපේක්ෂව හොඳ කෙනෙක් කියල පිලි ගන්නවා. ඒකයි . නැත්නම් පත හෑලි ලියන්න තිබ්බ. නමුත් ඒ ඕනෑ විධිහකට විරෝධය පල කරන්න අවස්ථාව තිබිය යුතුයි.
    අර තිස්ස කුට්ටි වගේ එවුන්ට මේ වගේ ලියන්නේ නැහැ. උන් පාර්ලිමේන්තුවේ වත් ඉන්න ඕන උන් නෙමේ. උන් වෙනුවෙන් වචන වත් නාස්ති කරන්නේ නැතිව එලවන්න ඕනේ.
    හරිනි ගේ කතාව පහල .


    ·
    ලිංගික ආශාවන්, ෆැන්ටසි, සහ ලිංගික ආකර්ෂණය ස්වභාවිකයි, සාමාන්‍යයි. නමුත් අපි ඒවා ගැන ප්‍රසිද්ධියේ කතා කරනකොට, විශේෂයෙන් දේශපාලන වේදිකාවේදී, ඒ ආශාවන් සහ ෆැන්ටසි හිස් අවකාශයක පවතින්නේ නැති බවත් ඒවා පවතින්නේ සමාජයේ බල ව්‍යුහයක පැටලිලා බවත් අපි තේරුම් ගන්න ඕනේ. උදාහරණයක් විදිහට, ගැහැනුන්ට ආශාවන් ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා තබා එහෙම ආශාවන් ගැහැනුන්ට තියනවා කියන එක පවා සමාජය ඉවසන්නේ නැහැ. යටහත් පහත් ගැහැනිය සහ අධිපති පිරිමියා කියන්නේ පිරිමි අතර ජනප්‍රිය ෆැන්ටසියක්. ඒකත් එක්ක, ස්ත්‍රීන්ගේ සුරැකුම් භූමිකාව පුරුෂයින්ගේ ලිංගික ෆැන්ටසියක් බවට හැරවෙනවා. හෙදිය, ගුරුවරිය වගේ සුරැකුම් වැඩ වල නිරත වෙන ගැහැනු ලිංගිකකරණයට ලක් වෙන්නේ මේ නිසයි. ඒ වගේම විෂමරිසි (heterosexual) ආශාවන් සහ ෆැන්ටසි විතරයි සම්මතය විදිහට සැලකෙන්නේ. ඒක තමයි ඒ බල ව්‍යුහය. තමන්ගේ ලිංගිකත්වය ප්‍රකාශ කරන්න නිදහස (sexual expression rights) සමාජයේ හැමෝටම එක හා සමානව නැහැ. ගැහැනිය විශේෂයෙන්ම සමාජයේ අතිශය ලෙස objectify වෙනවා සහ පිරිමින්ගේ ආශාවන්ට සේවය කරන කෙනෙක් හැටියට විතරයි ඇයව දකින්නේ. අධිපති ලිංගික සම්මතයන් සහ ඒකාකෘති (stereotypes) ප්‍රතිනිෂ්පාදනය කරන එක බරපතල ගැටළුවක් වෙන්නේ මේ නිසයි. ගැටළුව තියෙන්නේ අපේ ලිංගික ආශාවන් සහ ෆැන්ටසි ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන එකේ නෙමෙයි. ගැහැනු වගේම LGBTQI ප්‍රජාවනුත් ශතවර්ෂ ගානක් තිස්සේ පීඩාවට පත් කරන ඒකාකෘති නඩත්තු කරන්න අපිත් දායක වෙනවා නම් එතනයි ගැටළුව තියෙන්නේ. ඒ power dynamics තේරුම් නොගෙන, ලිංගිකත්වය, ආශාව, ෆැන්ටසි ගැන කතා කරන එක පමණක් දේශපාලනික වශයෙන් ප්‍රගතිශීලී කියලා හිතන එක වැරදියි.
    ගරුත්වය සහ සංවේදී බව එක්ක මේ වගේ කාරණා ගැන කතා කරන්න අපි හැමෝම තාමත් ඉගෙන ගනිමිනුයි ඉන්නේ. ඒක ගමනක්. Learning curve එකක්. ඒ ගමන යන අතරේ ඕනෙම කෙනෙකු අතින් වැරදි වෙන්න පුළුවන්. වැදගත් වෙන්නෙ වැරදුනාම පිලිගන්න එකත්, ඒවා නිවැරැදි කර ගන්න එකත්, වෙනස් වෙන එකත්. සංවාදයේ යෙදෙමු, අපේ භාවිතාව, භාෂාව, සංස්කෘතිය නිරන්තරයෙන් පරික්ෂාවට භාජනය කරමු. ප්‍රගතිශීලී දේශපාලනය කියන්නේ ඒක නෙවෙයිද?Harini Amarasuriya

    ReplyDelete
    Replies
    1. @ අජිත්

      ඔබ ඊයේ මියගිය තරුණිය ගැන කියපු නිසා යමක් පවසන්නම් එම මිනීමරු තරුණ පෙම්වතා ඔබ පවසන ආකාරයට ලංකාවේ මිනීමරු නන්දසේන මිනීමෝරා වගේ මිනීමරුවෙකු නොවෙයි ඔහු මීට පෙර කලින් පෙම්වතියක් ද අහිමි වී ඇති ඒ නිසා ගෙල වැල ලාගෙන මිය යාමට උත්සාහ කරලා යන්තම් දිවි බේරාගත් ඩිප්රෙසන් සඳහා දිගටම ඖෂධ වර්ග හා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් රෝගී තරුණයෙක් නිසා ඔහුවත් රාජපක්ෂ කල්ලියේ මිනීමරුවන් හා සමාන කිරීම මම නම් පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා මොකද ඇත්තටම ඊයේ දිනයේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හන්සිකා නම් ශිෂ්‍යාව ඇයගේ පෙම්වතා විසින් කපා කොටා මරා දමා ඇති ප්‍රවෘතිය අප සැවොමව කම්පාවට පත් කළ නමුත් ඒත් සමගම ලංකාවේ මිනිසුන්ගේ ගතියක් වන්නේ සෑම දෙයක්ම memes හදමින් විහිලුවට ගැනීම නැවතත් ඉස්මතු කරමින් මෙම සිද්ධියද එලෙසම හාස්‍යට ලක්කර තිබෙනු මට දැකගත හැකි විය. අප හිතවත් කොළඹ ගමයා බ්ලොග් එක ලියන අජිත් ධර්මකීර්ති ද මෙය ඉතා වැරදියට තේරුම් ගෙන මෙම මිනීමැරුම් චෝදනා එල්ල වී තිබූ තරුණයාත් රාජපක්ෂ පවුල වැනි උග්‍ර අධිපතිවාදී මැරයන් සමග නාමල් රාජපක්ෂ චෞර මිනීමරුවා ඇතුළු සාහසික රාජපක්ෂ පවුල විසින් රගර් ක්‍රීඩක වසීම් තජුදීන් වැනි තරුණයන් අමානුෂික ලෙස ඝාතනය කිරීමට සම කිරීමක් සිදු කරන බවක් පෙනෙන්නට තිබුණි. ඉතින් මම මෙම කමෙන්ට් එක ලිවීමට සිතුවෙමි.

      චතුරි හන්සිකා හා පසිදු චතුරංග යන දෙදෙනාම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ( Faculty of Science ) ඇතුලත් වන්නේ 2020 වර්ශයේදීය. ගණිත අංශයෙන් උසස් පෙල හොඳින් සමත්වී මොවුන් දෙදෙනාම තම විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කරන්නට ඇත්තේ දහසක් බලාපොරොත්තු ඇතිවය. බොහෝ තරුණ සරසවි සිසුන් වගේම මොවුන් දෙදෙනාත් ඔය අතරවාරයේ ආදරයෙන් බැදුනේය. විශ්ව විද්‍යාල තුල අප ආදරය කරන්නට ගන්නේ අප අවුරුදු ගානක් දන්න මිනිසුන්ට නොවේ. මාසයක් දෙකක් කතා කර අපට හොදයි යැයි සිතුනොත් අප ඒ අයට ආදරේ කරන්නට පටන් ගන්නවා. හැබැයි ඔහොම ආදරේ කරන් යන විට අපට පෙනෙන්නට ගන්නවා අප ආදරය කරන කෙනාගේ ඇත්ත ස්වභාවය. අප ගැලපෙනවාද නැද්ද යන වග.

      චතුරි කියන්නෙ මාර උනන්දුවකින් තමන්ගෙ ඉගෙනීමේ කටයුතු කල ශිෂ්‍යාවක්. ඇයට හොද ඉලක්කයක් තිබ්බා. එහෙත් ඇයගේ පෙම්වතාට ඇය ලෙසටම උනන්දුවකු නැති බව ඇයට දැනුනද ඇය ඔහුව ඇය සමගම ඇදගෙන යාමට දැරුව උත්සහය අප සැවොම දැක ඇත. මානසික අවපීඩනය නිසාත් පීඩා විඳි බැවින්ද එතරම් අධ්‍යාපන කටයුතු වලට හිත යොමු කරන්න අපහසු උනන්දුවක් නැති නිසාම කිසිම වැඩක් නොකරපු ඔහු එම දැඩි ප්‍රයත්නය සමග ඇය නිසාම මහන්සි වී වැඩ කරන්නට ගත්තේය. මෙලෙස අවුරුදු දෙකක් ගතවිය. ඇය Stat Special කිරීමට තේරී පත්විය. නමුත් පසිදු තේරී පත්වුනේ General degree එකක් කිරීමටය. එසේ වුවද ඇය කෙදිනකවත් ඔහුට ඔහුගේ academics වලට උදවු කිරීම නැවැත්වූයේ නැත.

      මෙලෙස තෙවන වසරේ අගට ලංවෙනවාත් සමගම ඔවුන් අතර නොගැලපීම් වැඩිවිය. චතුරි එමනිසා තමන්ගේ ආදර සබදතාවෙන් විවේකයක් ගැනීමට තීරනය කලේය. එහෙත් පසිදු එයට අකමැති විය.

      මෙම කතාබස් සමග මාස දෙකක් පමන ගතවිය. ඊයේ දහවල් චතුරි අපෙන් වෙන්විය. පසිදු විසින් තමන්ගේ පෙම්වතියව මරා දමන ලදි. අප දැනට දන්නේ ඔහු වෙන කෙනෙකු හා ඈ යාළු වෙයි කියා බය වී මෙම මිනී මැරුම කලා කියාය. ඔහුගේ ක්‍රියාව සාධාරණීකරනය නොකරන්න. ඔහු මිනීමරුවෙකි.

      අප ආදරේ කරන කෙනා අපට නොගැලපෙනවානම් ඔහුව හෝ ඇයව එපා කියන්නට අපට අයිතියක් ඇත. කිසි දිනෙක මෙම මිනීමැරුම සාධාරණීකරනය නොකරන්න.

      ඒ වගේම අජිත් ඔබ නොදන්නා කරුණු එහෙන් මෙහෙන් හොයාගෙන චතුරි ගැන වැරදි දේවල් පල කරන්නට පෙර පහත මම දක්වා ඇති link එකට ගොස් ඇයගේ youtube channel එක බලන්න. Stat ගැන පොඩි හෝ අවබෝධයක් නැති අයෙකුට පවා ලේසියෙන් තේරුම්ගතහැකි ආකාරයට ඇය සියල්ල පහදා දෙයි. අනාගතයේ සමහරවිට විශ්ව විද්‍යාලයක් තුල සිටින්නට තිබූ දක්ෂ මහාචාර්යවරියක් අපට නැතිවිය.

      Chaturi's YouTube Channel :

      https://youtu.be/TdGFvS_CraQ

      නිවන් සුව චතුරි ! 😪😪😪

      [ මෙම සියලු තොරතුරු ඇයගේ සහ ඔහුගේ හොදම මිතුරෙකු හා මිතුරියක විසින් බෙදාගත් තොරතුරුය ]

      Delete
    2. /ඔහු මීට පෙර කලින් පෙම්වතියක් ද අහිමි වී ඇති ඒ නිසා ගෙල වැල ලාගෙන මිය යාමට උත්සාහ කරලා යන්තම් දිවි බේරාගත් ඩිප්රෙසන් සඳහා දිගටම ඖෂධ වර්ග හා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් රෝගී තරුණයෙක් නිසා ඔහුවත් රාජපක්ෂ කල්ලියේ මිනීමරුවන් හා සමාන කිරීම මම නම් පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා// මහත්මයා ටිකක් සිහි බුද්ධියෙන් කියෙව්වා නම් මම එහෙම එකක් නෙමේ කියලා තියෙන්නේ කියල තේරුම් ගත හැකියි. සරුව සුනිල් ගේ ගැහැනුන් 100 රේප් කිරීම, තව පලා බබෙක් රුසියානු තරුණිය දුෂණය කර පෙම්වතා මරා දැමීම සහ අර උදාර උඩ ලියල තියෙනවා වගේ උන් නිදහස් වෙලා වන්දි ඉල්ලා නඩු දැමීම, පුරුෂ මුලික සමාජයේ ගති ලක්ෂණ., ලාල් කාන්ත කීවෙත් ඒ වගේ කතාවක් ඔහු එකට දැන් සමාව ඉල්ලලා වැරැද්ද හද අගනන්ව කියපු නිසා ඔහු දැන් මෙතනට අදාල නැහැ. නමුත් අරහෙම සමාජයක් තිබෙන නිසා තමයි ඩිප්රෙසන් සඳහා බෙහෙත් ගත්තා නැතා , තමනට අයිති නැත්නම් වෙන එකෙකුටත් දෙන්නෑ කියන අදහසින් මරන්නේ. ඒ අදහස එන්නෙම කෙල්ලෙක් යාලු වුනහම කෙල්ලෙක් ගේ ජිවිතයම තමනට අයිතියි කියන මානසිකත්වය එන නිසා. ඒක එන්න අර වගේ දඬුවම් නොදෙන සිද්ධීන් පවා බලපානවා. ඩිප්රෙසන් කතාව එයාට නඩුවේදී ඔප්පු කරන්න වෙයි. චතුරි ගේ අතේ මෙතන වැරැද්දක් නැහැ. එයාට සම්බන්ධකමක් ඉවර කරන්න අයිතියක් තියන නිසා

      Delete
    3. තමන් දවසක් හරි ආදරය කරපු කෙනකුව මරනන පුලුවන්ද?Tonight, you're mine completely
      You give your love so sweetly
      Tonight the light of love is in your eyes
      Will you still love me tomorrow?
      Is this a lasting treasure
      Or just a moment's pleasure?
      Can I believe the magic of your sighs?
      Will you still love me tomorrow? Yeah, yeah
      Tonight with words unspoken
      You say that I'm the only one, the only one, yeah
      But will my heart be broken
      When the night meets the morning star?
      I'd like to know that your love
      Is love I can be sure of, ooh woah, yeah
      So tell me now
      'Cause I won't ask again
      Still love me tomorrow?
      Will you still love me tomorrow?
      Will you still love me tomorrow?
      (Will you still love me tomorrow?)
      (Will you still love me?) https://www.youtube.com/watch?v=dWZA12H76G0

      Delete
    4. දැනට ලංකාවේ හුඟක් අය ආතතියකින් ඉන්නේ. විශ්ව විද්‍යාල සිසුන්ට ඒක වැඩිය බලපානවා ඇති. ඇත්තම කියනවනම් දෙන්න ගැනම දුකයි.

      Delete
    5. //ඔහු එම සිසුවියට දැඩි තහංචි පනවා තිබූ බවත් ඇය වෙනත් තරුණයෙකු සමඟ සබඳතාවක් ගොඩනඟා ගනු ඇතැයි යන දැඩි සැකයෙන් වෙනත් පිරිමියෙකු සමඟ කතා කිරීමට පවා ඉඩ නොදී තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

      සැකකරු විසින් තරුණිය ඝාතනය කිරීමට යොදාගත් පිහිය මිට දින කිහිපයකට පෙර මිලදී ගත් එකක් බවත්, ඝාතනය කල්තියා සැලසුම් කළ එකක් බවත් විමර්ශන නිලධාරීහු පවසති.//

      Delete
    6. ගැහැණු ළමයා පිස්සා කියල බනිනවලු. ඕකත් ලංකාවේ තියන තත්වයක් නේද. මානසික ලෙඩක් තියනව කිව්වොත් අවුල.“චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභව කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වුන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා ,, හිතුවා.මම මාසයක පමණ කාලයක සැලසුම් කළා. හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට රැගෙන ආවා....‘ ඔහු විස්තර කරමින් කීය.

      මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලාකාරච්චි (24) නමැති තරුණයකි.

      එම පීඨයේම ඉගෙනුම ලබමින් සිටි පසිදු චතරංග නමැති සැකකාර තරුණයා පොලිසියට කළ ප්‍රකාශයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

      මම 2019 වසරේ සිට මානසික ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇයට මම බෙහෙත් ගන්නා බව කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා සමග අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.

      ඇය වෙනස් වුණා. ඇය මට නිතරම “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිතරම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග අමනාපයෙන් ඒ ගැන වේදනාවෙන් හිටියේ.

      සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

      පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා.https://www.gossiplankanews.com/2023/01/chthuri-murder-updates.html

      Delete
    7. ඒ වනවිටත් ඇය සම්බන්ධය නවත්වලා තිබුණේ.

      ඇය මරන්න ඕන කියලා මම සැලසුම් කළා. ඉරිදා වැල්ලම්පිටිය හංදියෙන් මම පිහියක් මිළ දී ගත්තා. අඟහරුවාදා ගෙදර ඉදන් ආවේ ඒ පිහිය බෑගයේ දමාගෙන.

      උදේ පළමු දේශනයට සහභාගි වුණාට පසුව මම “චුටි” ට කිව්වා විශේෂ කතාවක් තියනවා කියන්න තුරඟ තරඟ පිටියට යමුද කියලා.

      මුලින්ම එයා අකමැත්ත පළ කළා පසුව බලකළ නිසා කැමති වුනා. අපි දෙන්නා ඇවිදගෙනම තුරඟ තරඟ පිටියට ආවා. පොකුණ තියන තැන අපි දෙන්න නැවතිලා කථා කළා. ඇය පිළිබඳ තරහත් තිබුණ නිසා මට ඇය මරන්නම හිත දුන්නා.

      මම ඇයට කිව්වා ” මට ඔයාට සප්‍රයිස් එකක් තියනවා දෙන්න කියලා.. මම ඇය තුරඟ තරඟ පිටියේ ලකූණු පුවරුව වෙත කැඳවාගෙන ආවා

      ඇයි යළිත් ඇහැව්වා මොකක් ද සප්‍රයිස් එක කියලා. මං කිව්වා ලේන්සුවෙන් මූණ වහගන්න කියලා.ඒත් සමගම මම එකවරම එක් පිහි පහරක් ඇගේ ගෙල වෙත එල්ල කළා.. ඒ සමගම ඇය හයියෙන් කෑ ගහගෙන කළබල වෙලා ඇස් දෙක බැද තිබු ලේන්සුව ගලවාගෙන උදව් ඉල්ලා කෑ ගැහුවා . ඒ අවස්ථාවේ මෙම ඇයට තවත් පිහි පහරක් එල්ල කළා. සිද්ධිය වු ස්ථානයට ආසන්නයේ තරුණියන් පිරිසක් සිටියා.. ඔවුන් එම ස්ථානයට පැමිණෙතැයි බියෙන් මම එම ස්ථානයෙන් පැනලා ගියා

      Delete
    8. හ්ම්. සංකීර්ණයි. :(

      Delete
    9. සංකීර්ණ මත් නැහැ. කොල්ල depression තියෙන කෙනක් වගෙයි පේන්නේ. ලංකාවේ මානසික රෝග වලට දේනේ බෙහෙත් හොඳද දන්නේ නැහැ

      Delete
  7. @ Ajith

    You have grabbed it on the tail;

    "The Soviet Union lost around 27 million people during the war, including 8.7 million military and 19 million civilian deaths. The largest portion of military dead were 5.7 million ethnic Russians, followed by 1.3 million ethnic Ukrainians.

    A quarter of the people in the Soviet Union were wounded or killed. Germany sustained 5.3 million military losses, mostly on the Eastern Front and during the final battles in Germany."

    EXACTLY WHY RUSSIANS CANT AFFORD TO ALLOW FUCKERY ON THEIR BORDERS AGAIN!

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ කොහෙද රුසියාව ගැන ලියල තියෙන්නේ

      Delete
  8. නේස් නෝනලාගෙන් පටන් ගෙන චූටිගෙන් ඉවර වෙලා වගේ....

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .