බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB:
CMB කියල කියන්නේ cosmic microwave background හෙවත් විශ්වීය මයික්‍රෝවේව් පසුතලය ( microwave - කුඩා හෝ මයික්‍රෝ තරංග) කියන එකට (මම මේ නම් පරිවර්තනය කරනවා හරිද දන්නේ නැහැ.) . මෙහෙම දෙයක් තියෙන්න පුලුවන් කියල පළමුවෙන්ම 1948දී කිව්වේ රැල්ෆ් අල්ෆෙර් සහ රොබර්ට් හර්මන්. ඔවුන් කිව්වේ කිසියම් මහා පිපුරුමකදී විහිදෙන තාප විකිරණය මනින්න පුළුවන් වෙන්න ඕනේ කියල. ඔවුන් මුලින් කිව්වා CMB එකේ තාපය (උෂ්ණත්වය ) කෙල්වින් 5ක් විතර වෙයි කියල. පසුව එය කෙල්වින් 28කට වැඩි කලා.
සෝවියට් විද්‍යාඥ යකොව් සෙල්දොවිච් මෙය නැවත තහවුරු කලා.
CMB එක හරියටම හම්බ වුනේ අහම්බෙන්. ඒ 1964 දී ඇමෙරිකානු තාරකා විද්‍යාඥයන් දෙදෙනෙකු වන අර්නෝ පෙන්සියස් සහ රොබර්ට් විල්සන් විසින් චන්ද්‍රිකා මාර්ග දත්ත සෙවීමට රේඩියෝ ටෙලස්කෝපයකට ඇන්ටෙනාවක් සවි කිරීමට යද්දී කල නිරීක්ෂණයක් නිසයි. ඔවුන් චන්ද්‍රිකා සිග්නල් අහද්දී ඔවුන්ට වෙනත් 'බර බර හා ර්ර්ර් ' ශබ්දයකුත් ඇසෙන්නට පටන් ගත්තා. මෙය දිගින් දිගටම ඇහුනා.
-අර්නෝ පෙන්සියස් සහ රොබර්ට් විල්සන්
එවැනි ශබ්දයක් මෙතනින් අහන්න:http://faculty.washington.edu/jcramer/BigBang/Planck_2013/BBSnd20.wav
ඔවුන් දෙදෙනා මුලින් මේ ශබ්දය එන්නේ පරෙයියන් ගෙන් යයි සිතා පරෙයියන් එලවා ඇන්ටෙනාව කීපවතාවක් ශුද්ධ කලා. නමුත් සද්දය දිගටම එන විට ඔවුන් නිරීක්ෂණය කලා තමන්ගේ ඇන්ටේනාවේ උෂ්ණත්වය කෙල්වින් 4ක් පමණ බව. ඔවුන් පසුව මෙම ශබ්ද ගබඩා කර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයට යැව්වා. ඔවුන් හා ප්‍රින්ස්ටන් මෙහිදී කල විශ්ලේෂණයෙන් තහවුරු වුයේ කවුරුත් හොයමින් සිටි විශ්වයේ මුල් පිපිරුම වැනි යමක් සිදු වුනානම් එයින් පිටවූ තාප විකිරණ (heat radiation) වල ශබ්දය මෙය බව.
මෙම ශබ්දය හා තාපයේ වර්ණාවලිය (spectrum ) අපිට වැඩිය ලැබෙන්නේ නැත්තේ පෘතුවියේ වායු ගෝලය එහි වැඩි හරියක් අවශෝෂණය කර ගන්න නිසා. මේ නිසා ඇමෙරිකාව විසින් COBE නමැති චන්ද්‍රිකාව ගුවන් ගත කලා . (COBE -Cosmic Background Explorer - විශ්වයේ පසුබිම සොයන්නා )
මෙහිදී සොයා ගත් දත්ත වලින් ප්‍රස්ථාරයක් අඳින්න පුලුවන්. මෙයට කෘෂ්ණ වස්තුව හෙවත් කළු ද්‍රව්‍යයේ වර්ණාවලිය කියා කියනවා. (Black body spectrum ).

මෙහිදී ඉතාමත් නිවැරදිව CMB එකේ උෂ්ණත්වය කෙල්වින් 2.73 (2.73
K.)කට මැනගන්න පුළුවන්. (කෙල්වින් 273ක් යනු සෙන්ටිග්‍රේඩ් 0, 0
Centigrade=273 K)
මෙතැනදී කලින් ලිපියේ සඳහන් හොයිල්ගේ steady state කියන තියරියට කන කොකා හැඬුවා.
මෙයින් ඉතා වැදගත් නිගමන කීපයක් ලැබුණි.
1. COBE චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කලේ විශ්වයේ එක කොටසක උෂ්ණත්වය 10000 කින් 1 කට තත්‍යව (ඉතා නිවැරදිව) තවත් ඕනෑම තැනක උෂ්ණත්වයට සමාන බව. (මෙහිදී විශ්වීය අවකාශය ගැන මිස තාරකා හෝ ග්‍රහලෝක වල උෂ්ණත්වය ගැන කතා නොකෙරේ. )
2. එක දිසාවක විශ්වය ප්‍රසාරණය (විහිදීමේ ) අනුපාතය (expansion rate ) තවත් ඕනෑම දිසාවක ප්‍රසාරණ අනුපාතයට සමාන බව (මේ පිලිබඳ වෙනත් ප්‍රමේය සහ සාධක ඉදිරියේදී පල කරමි)
මේ පින්තුරය WMAP Wilkinson Microwave Anisotropy Probe නමැති මයික්‍රෝ වේව් ටෙලස්කෝපයෙන් ගත් එකකි. (පින්තුරය නාසා වෙබ් අඩවියෙන්) .
WMAP ස්පේස් චන්ද්‍රිකාවේ චායාරුපයක් පහත දැක්වේ:
අජිත් ධර්මකීර්ති 15/10/2014
උපුටා ගැනීම්:
1. http://map.gsfc.nasa.gov/
2. බිග්බැන් ශබ්දය : http://www.washington.edu/news/2013/04/04/listening-to-the-big-bang-in-high-fidelity-audio/
මෙතැනදී කලින් ලිපියේ සඳහන් හොයිල්ගේ steady state කියන තියරියට කන කොකා හැඬුවා.
මෙයින් ඉතා වැදගත් නිගමන කීපයක් ලැබුණි.
1. COBE චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කලේ විශ්වයේ එක කොටසක උෂ්ණත්වය 10000 කින් 1 කට තත්‍යව (ඉතා නිවැරදිව) තවත් ඕනෑම තැනක උෂ්ණත්වයට සමාන බව. (මෙහිදී විශ්වීය අවකාශය ගැන මිස තාරකා හෝ ග්‍රහලෝක වල උෂ්ණත්වය ගැන කතා නොකෙරේ. )
2. එක දිසාවක විශ්වය ප්‍රසාරණය (විහිදීමේ ) අනුපාතය (expansion rate ) තවත් ඕනෑම දිසාවක ප්‍රසාරණ අනුපාතයට සමාන බව (මේ පිලිබඳ වෙනත් ප්‍රමේය සහ සාධක ඉදිරියේදී පල කරමි)
3. විශ්වය ඕනෑම පැත්තකට එක වගේම බව (uniform)
පහතින් ඇත්තේ CMB විකිරණ විශ්වයේ විහිදී තිබු සැටි පෙන්වන ඡයාරූපයකි. මෙයින් පෙනේනේ බැලු ඕනෑම පැත්තක විශ්වය uniform ඒකාකාරී බවයි.
මෙහි කාලය විශ්වය ඇතිවී අවුරුදු 300 සිට බිලියන් කීපයක් දක්වායි.