CMB කියල කියන්නේ cosmic microwave background හෙවත් විශ්වීය මයික්‍රෝවේව් පසුතලය ( microwave - කුඩා හෝ මයික්‍රෝ තරංග) කියන එකට (මම මේ නම් පරිවර්තනය කරනවා හරිද දන්නේ නැහැ.) . මෙහෙම දෙයක් තියෙන්න පුලුවන් කියල පළමුවෙන්ම 1948දී කිව්වේ රැල්ෆ් අල්ෆෙර් සහ රොබර්ට් හර්මන්. ඔවුන් කිව්වේ කිසියම් මහා පිපුරුමකදී විහිදෙන තාප විකිරණය මනින්න පුළුවන් වෙන්න ඕනේ කියල. ඔවුන් මුලින් කිව්වා CMB එකේ තාපය (උෂ්ණත්වය ) කෙල්වින් 5ක් විතර වෙයි කියල. පසුව එය කෙල්වින් 28කට වැඩි කලා.
සෝවියට් විද්‍යාඥ යකොව් සෙල්දොවිච් මෙය නැවත තහවුරු කලා.
CMB එක හරියටම හම්බ වුනේ අහම්බෙන්. ඒ 1964 දී ඇමෙරිකානු තාරකා විද්‍යාඥයන් දෙදෙනෙකු වන අර්නෝ පෙන්සියස් සහ රොබර්ට් විල්සන් විසින් චන්ද්‍රිකා මාර්ග දත්ත සෙවීමට රේඩියෝ ටෙලස්කෝපයකට ඇන්ටෙනාවක් සවි කිරීමට යද්දී කල නිරීක්ෂණයක් නිසයි. ඔවුන් චන්ද්‍රිකා සිග්නල් අහද්දී ඔවුන්ට වෙනත් 'බර බර හා ර්ර්ර් ' ශබ්දයකුත් ඇසෙන්නට පටන් ගත්තා. මෙය දිගින් දිගටම ඇහුනා.
-අර්නෝ පෙන්සියස් සහ රොබර්ට් විල්සන්
එවැනි ශබ්දයක් මෙතනින් අහන්න:http://faculty.washington.edu/jcramer/BigBang/Planck_2013/BBSnd20.wav
ඔවුන් දෙදෙනා මුලින් මේ ශබ්දය එන්නේ පරෙයියන් ගෙන් යයි සිතා පරෙයියන් එලවා ඇන්ටෙනාව කීපවතාවක් ශුද්ධ කලා. නමුත් සද්දය දිගටම එන විට ඔවුන් නිරීක්ෂණය කලා තමන්ගේ ඇන්ටේනාවේ උෂ්ණත්වය කෙල්වින් 4ක් පමණ බව. ඔවුන් පසුව මෙම ශබ්ද ගබඩා කර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයට යැව්වා. ඔවුන් හා ප්‍රින්ස්ටන් මෙහිදී කල විශ්ලේෂණයෙන් තහවුරු වුයේ කවුරුත් හොයමින් සිටි විශ්වයේ මුල් පිපිරුම වැනි යමක් සිදු වුනානම් එයින් පිටවූ තාප විකිරණ (heat radiation) වල ශබ්දය මෙය බව.
මෙම ශබ්දය හා තාපයේ වර්ණාවලිය (spectrum ) අපිට වැඩිය ලැබෙන්නේ නැත්තේ පෘතුවියේ වායු ගෝලය එහි වැඩි හරියක් අවශෝෂණය කර ගන්න නිසා. මේ නිසා ඇමෙරිකාව විසින් COBE නමැති චන්ද්‍රිකාව ගුවන් ගත කලා . (COBE -Cosmic Background Explorer - විශ්වයේ පසුබිම සොයන්නා )
මෙහිදී සොයා ගත් දත්ත වලින් ප්‍රස්ථාරයක් අඳින්න පුලුවන්. මෙයට කෘෂ්ණ වස්තුව හෙවත් කළු ද්‍රව්‍යයේ වර්ණාවලිය කියා කියනවා. (Black body spectrum ).
මෙතැනදී කලින් ලිපියේ සඳහන් හොයිල්ගේ steady state කියන තියරියට කන කොකා හැඬුවා.
මෙයින් ඉතා වැදගත් නිගමන කීපයක් ලැබුණි.
1. COBE චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කලේ විශ්වයේ එක කොටසක උෂ්ණත්වය 10000 කින් 1 කට තත්‍යව (ඉතා නිවැරදිව) තවත් ඕනෑම තැනක උෂ්ණත්වයට සමාන බව. (මෙහිදී විශ්වීය අවකාශය ගැන මිස තාරකා හෝ ග්‍රහලෝක වල උෂ්ණත්වය ගැන කතා නොකෙරේ. )
2. එක දිසාවක විශ්වය ප්‍රසාරණය (විහිදීමේ ) අනුපාතය (expansion rate ) තවත් ඕනෑම දිසාවක ප්‍රසාරණ අනුපාතයට සමාන බව (මේ පිලිබඳ වෙනත් ප්‍රමේය සහ සාධක ඉදිරියේදී පල කරමි)
WMAP ස්පේස් චන්ද්‍රිකාවේ චායාරුපයක් පහත දැක්වේ:
අජිත් ධර්මකීර්ති 15/10/2014
උපුටා ගැනීම්:
1. http://map.gsfc.nasa.gov/
2. බිග්බැන් ශබ්දය : http://www.washington.edu/news/2013/04/04/listening-to-the-big-bang-in-high-fidelity-audio/
විශ්වයේ ඕනෑම තැනක උෂ්ණත්වය සමාන බව අද තමයි දැනගත්තේ.
ReplyDeleteමේ ලිපි පෙළ පාසල් දරුවනට ලියවන්න සැලැස්විය යුතුය.
ෆේස් බුක් ගෘප් එකක් හදුවනන් හොඳයි වගේ
සමහරවිට බලමු. මට ලන්ඩන් වල තාරකා බලන ගෘප් එකක් හදන්න කියල කට්ටිය කියනවා. සමහර විට දෙකම එකට කරන්න පුළුවන් වෙයි.
Deleteළිපි දෙකයි කියෙව්වේ.. මට නම් මේ මතය පිලිගන්න බෑ.. ගැටළු රාශියක් තියෙනවා.. ඒත් නිහඬව ඉන්නම්..
ReplyDeleteපිළිගන්න බැරි කොයි මතයද? ඇත්තටම CMB ගැන එන්නේ ගොඩක් පහු වෙලා . මුලදී පැහැදිලි කරන කරුණු වෙන ගොඩක් තිබෙනවා. නිව්ටන් ගැන අයින්ස්ටයින් ගැන කියල තම මෙතෙන්ට එන්නේ. මම අර කලින් jump කලේ BIGBANG එකට ලැබුණු හොඳම සාක්ෂිය එය නිසා. මම සමීකරණ නොදා තමා පුළුවන් තරම් ලියන්න හදන්නේ . සමීකරණ ඔප්පු කිරීම් අවශ්‍ය නම මගේ ඉංග්‍රීසි බ්ලොගයේ (ලින්ක් එක ඇත) තිබෙනවා.
Deleteඈත තියෙන චක්‍රාවාටයක් වගේ දෙයක දුර මනින හැටි පුලුවන්නම් විස්තර කරන්න
ReplyDeleteච්ක්රවටයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? කොහොමත් දුරවල් මනින හැටි හා දුරවල් ගැන ඉදිරියේදී දමන්න බල පොරොත්තු වෙනවා.
Deletegalaxy
Deleteචක්‍රාවාටය = galaxy
Deleteමදුර ඩික්ෂනරි එකේ ගොඩක් විද්‍යා වචන තියෙනවා නොදන්නා ඒවා එතනින් බලන්න
Deleteස්තුතියි. මම හිතුවේ galaxy කියන්න මන්දාකිනියට කියල.
Deletegalaxy = චක්‍රාවාටය = මන්දාකිණිය
Deleteඔවු ඒක මම දැනගත්ත. ස්තුතියි. ඔබේ බ්ලොගය add කලා මේකට. එකට ලියාගෙන යනු. මම දකින විධිහටම නෙමේනේ ඔබ විශ්වය දකින්නේ.
Deleteස්තූතියි, මමත් add කරගත්තා. මම තේරුම් ගත්ත විදිහට ඔබ මට වඩා විෂය දැනුම තියෙන කෙනෙක්. දිගටම ලියමු. :)
Deleteවිශ්වයේ නිරන්තරයෙන් පවතින කම්පනයේ ශබ්ධය තමයි වේදයේ "ඕම් කාරය" විදියට හඳුන්වන්නේ . විශ්වය නිර්මාණය වීමේදී ඇතිවුණු ශබ්ධයෙන් මේ "ඕම් " කියන හඬ ඇතිවුනා කියල තමයි පුරාණ වෛදික ජනතාව විශ්වාස කරලා තියෙන්නේ. එම කම්පනය අදත් විශ්වයේ ඈතට ඈතට විහිද යමින් තියෙනවා .
ReplyDeleteඑසේම අපි දන්න ඔය බ්‍රහ්ම කියන වචනයේ මුල් තේරුම විශ්ව ව්‍යාප්ත පදාර්ථය කියන එක. පහු කාලීනව තමයි බ්‍රහ්ම කියන එක මැවුම්කාර දෙවියෙක් විදියට මිනිසුන් සලකන්න පටන් අරන් තියෙන්නේ .
කොහෙද එහෙම තිබෙන්නේ? භගවත් ගීතාවේද? මම ආගම් මේකට සම්බන්ධ කරන්නේ නම් නැහැ. නමුත් පුරන වේද වල මේවා ලියා තිබෙන්න පුළුවන්. හැබැයි ගත්තු තැන ref එකක් තිබෙනවා නම් හොඳයි.
Deleteඅජිත් , මගේ අරමුණත් කිසිම ආගමක් මෙයට අදාළ කිරීම නෙවෙයි . මේ තොරතුරැ මම දැම්මේ පෙරදිග දර්ශනයේ කොහොමද ඔය විශ්ව නිර්මාණය ගැන සටහන් වෙන්නේ කියල පොඩි සඳහනක් දාන්න.
Delete"ඕම්" ශබ්දය ගැන නම් ඔබට විකිපීඩියාවේ මේ සබැඳියෙන් විස්තර ලබා ගන්න පුළුවන් .
http://en.wikipedia.org/wiki/Om
බ්‍රහ්ම ගැන ලියු දෙය මම වේදය හොඳින් උගත් නවීන විද්‍යාත්මක දැනුමෙන් හෙබි කෙනෙකුගෙන් දැන ගත් දෙයක් . එහි සබැඳියක් නම් දැනට හොයා ගන්න බෑ.
ඔබ විද්‍යාත්මකව ලියන මේ සටහන දිගට ලියාගෙන යන්න .
ලින්ක් එකට ස්තුතියි. ඔබේ අදහස් දැක්වීම වැදගත්.
Deleteසිංහල බ්ලොග් අවකාශයට දැනුම පුරවන්න මුලපිරීම ලොකු දෙයක්. සිංහලෙන් බැහැ කිය කියා ඉන්නේ නැතුව තියන සිංහල වචන සහ ඉංග්‍රීසි වචන යොදාගෙන ලියන එකයි වැදගත් වෙන්නේ. ලංකාවේ තවම බහුතරයක් දැනුම ලබන්නේ සිංහලෙන්. එක නිසා අපි පුලුවන් විදියට මේවාට මුල පුරන්න ඕන.
ReplyDeleteඔව් ඒක හරි. ස්තුතියි.
Deleteඅදයි ලිපි දෙකම කියෙව්වේ , මේ ලිපි පෙළ තව ඉදිරියට යනවාද? කොහොම වුනත් මම හිතන්නේ මේ තමයි මේක කියන්න පුළුවන් සරලම විදිහ, අනික සිංහල වචනම හොයන්න් උවමනා නෑ. අදාළ ඉංග්‍රීසි වචනය සමග ඉදිරියට යන්න පුළුවන්, මොකද ඒ දේවල් පසු කාලීනව සොයා බලනවානම්, යම් යම් මූලාශ්‍ර පරිශීලනය කරනවානම් ඉංග්‍රීසි වචනය දැනගැනීම ප්‍රමාණවත් .
ReplyDeleteලිපි පෙළ ඉදිරියට ගෙන යන්න තමා හදන්නේ. ස්තුතියි.
Deleteවිශ්වය අනවරතව ප්‍රසාරනය වෙනවානම් කිසියම් අවස්ථාවක එක් ලක්ෂයක තිබුනා වෙන්න බැරිද
ReplyDeleteඔවු ඒක තමා මුලින්ම සඳහන් කළේ. ඒ සඳහා ඔප්පු කිරීමට පෙර තව පසුබිම හදන්න ඕනේ.
Deleteමට තිබෙන ප්‍රශ්නයක් තමයි ආලෝක වර්ෂ දහස් ගනනක් ඈතින් අපට පිටුපසින් ඉන්න කෙනෙකුට අපේ ලෝකය අද දැකගන්න පුළුවන් නම් තවම ඩයිනෝසර්ල ඉන්නව දැක ගන්න පුළුවන්ලු.ඒ කියන්නෙ ඒ අය දකින්නෙ සැබෑ වර්තමානවය වඩා ඉතා ඈත අතීතයක්.ඒ අනුව අනාගතයත් අවශ්‍ය නම් දැකිය හැකියි නේද
ReplyDeleteඑහෙමනම් සියල්ල රේඛීයව සිදුවෙනවා වගෙ නේද
නිකම් පූර්ව සැළසුමකින් සිදුවෙනවා වගේ.
වෙන ග්‍රහලෝකයක ඉන්න කට්ටියට තර්කනුකුලව ඉන්න තැන සිට අපේ අතීතය දුටුව හැකියි. නමුත් අනාගතය දකින්න බැහැ. හැම වෙලාවෙම අතීතය විතරයි.
Deleteකාලය රේඛියයි.
මේ ලියැවීම ගොඩක් වටිනවා. ස්තූතියි!
ReplyDelete- බ්ලොග් එකට බ්ලොගර් ෆලෝවර් ගැජට් එක එල්ලුවොත් වටිනව නේද. එතකොට අපිට ලිපි මගහැරෙන්නෙත් නෑනෙ. :)
ස්තුතියි. Email follower button එකක් තිබෙනවා දාලා.
ReplyDeleteමේ ලිපි පෙළ නම් ගොඩක් වැදගත්. ඔබතුමා ලොකු සේවයක් කරන්නෙ. මේ විෂය ගැන නිවැරදි විද්‍යාත්මක තොරතුරු සිංහලෙන් සොයාගැනීම තරමක් අපහසු කාලයක, මේ කරන වැඩේ නම් ගොඩක් වටිනව. මේ දැනුම පාසැල් ශිෂ්‍යය/ශිෂ්‍යාවන් අතරටත් ගෙනියන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න පුළුවන්නම් තවත් හොඳයි.
ReplyDeleteහොඳ යෝජනාවක් මල්ලි, මගේ අදහසක් තියනවා මොකක් හරි කරනන් ඒ ගැනත්.
DeleteHi there, just became alert to your blog through Google, and found that it's really informative.
ReplyDeleteI am gonna watch out for brussels. I will appreciate if you continue this in future.
Numerous people will be benefited from your writing. Cheers!