නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට මග පෑදුවේද? :
"මට මා පෙනෙන්නේ වෙරළේ ක්‍රීඩා කරන කුඩා දරුවෙක් මෙනි. මට ඉදිරියෙන් ඇත්තේ තවමත් අනාවරණය කල නොහෙන සත්‍යය නමැති අසීමිත සාගරයයි . "- අයිසැක් නිව්ටන්
නිව්ටන් ව අපට මෙහිදී අමතක කල නොහැකියි.. මොකද නිව්ටන් ගේ Universal Law of Gravitation ගුරුත්වාකර්ෂණය පිලිබඳ විශ්වීය නියමය අපට වැදගත් නිසා. මේ නියමය නම් කිසියම් වස්තුන් දෙකක්
එකිනෙකට ආකර්ෂණය වන්නාවූ බලය එම වස්තුන් දෙකේ ස්කන්ධයන් වල ගුණය ට අනුලෝමව සමානුපාතික වන අතර එම වස්තුන් දෙක අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේ පිලිබඳ සමීකරණය අවශ්‍ය අයට පහත විස්තර කර ඇත.
ඇයි මේ නියමය විශ්වය ගැන කතා කරන කොට වැදගත්? මෙහි ගුරුත්ව බලය වලංගු වන්නේ වස්තුන් නිශ්චලව තිබෙන අවස්ථාවක හෝ ආලෝකයේ වේගයට සාපේක්ෂව ඉතාම සෙමින් ගමන් කරන්නේ නම් පමණි.
මෙහි වැදගත්ම කාරණය නම් නිව්ටන් අවකාශය (space) (නිරපේක්ෂ) නියතයක් (absolute space) ලෙස සැලකීමයි.
මෙහිදී පළමු ස්කන්ධය අති විශාල නම් (හිරු වැනි තාරකාවක්) දෙවැනි ස්කන්ධය නොසලකා හරින්නට වුවත් පුළුවන්.
අපට ඇති විශාල ලෙස පෙනෙන ග්‍රහලෝක හා එහි චන්ද්‍රයන් අතර ඇත්තේ මෙම ගුරුත්වාකර්ෂණ බලයයි. හිරු වටේ යන ග්‍රහලෝක හිරුට බැඳ තබා ගන්නේද මේ ගුරුත්වාකර්ෂණ බලයයි. ගුරුත්ව බලය මෙහිදී ද්‍රව්‍ය මත බලපාන බව ඔබට පෙනෙනු ඇත .
නමුත් පරමාණු පිළිබඳව සැලකීමේදී ගුරුත්ව බලය ගණන් ගැනීමට නොහැකි තරම් කුඩායි.
මෙහිදී බර (weight) සහ ස්කන්ධය(mass) අතර වෙනසත් කල්පනා කරන්න. බර යනු කොපමන තදින් ගුරුත්වයට වස්තුවක් අදින්නට හැකි වේද යන්න මැනීමයි. ස්කන්ධය යනු වස්තුවක කොපමන ද්‍රව්‍ය (matter) තිබේද යන්නයි.
බර මැනීමේදී පෘතුවියේ ගුරුත්ව බලය (Gravity: 9.78 m/s²) සාධකයක් බව ඔබ දන්නවා.
අයින්ස්ටයින් මෙහිදී කල්පනා කලේ ගුරුත්ව බලය නැති විටදී නිව්ටන් ගේ නියමයන්ට අදාල පරීක්ෂණ හා ගණනය කිරීම කරන්නේ කෙසේද කියායි. මෙහිදී අභ්‍යාසයක් වශයෙන් එලවේටරයක කැබින් එක තුල ඔබ සිටින්නේ නම් ඔබ උඩ පැන නිදහසේ වැටෙන විට (freefall) සිදු වන්නේ කුමක්ද කියා සිතන්න. අයින්ස්ටයින් (equivalence principle) තුල්‍යතා නියමය වශයෙන් ගොනු කලේ මෙයයි. ඔබ සිටින එලවේටරය 9.78 m/s² තත්පර වර්ගයට මීටර 9.78 (acceleration) වේගයෙන් යන (අභ්‍යවකාශයේ) රොකට්ටුවක් තුල තිබෙන්නේ යයි සිතන්න. එවිට ඔබ යමක් අත හැරියොත් ඔබට පෙනෙන්නේ එම වස්තුව කැබින් එකේ බිමට වැටෙන බවද එසේ නැතිනම් රොකට්ටුව එම වස්තුව දෙසට එන බවද?
මෙලෙස කල්පනා කිරීමෙන් අයින්ස්ටයින් වටහා ගත්තේ ගුරුත්ව බලයන් ක්‍රියාකරන්නේ කිසියම් රාමුවක් (frame ) මත බවයි. මේ අනුව අයින්ස්ටයින් අවකාශ-කාලය (space-time) නමැති සංකල්පය ඉදිරිපත් කල අතර එය නියත යයි නිගමනය කළේය.
අයින්ස්ටයින් තමන්ගේ සාපේක්ෂතාවාදය පිලිබඳ සාමාන්‍ය නියමය (General theory of relativity) ඉදිරිපත් කලේ නිව්ටන්ගේ පරණ ප්‍රතිපලම "බර-weight " නොසලකා හැර ලබා ගනිමිනි.
මෙහි වැදගත්ම දෙය වන්නේ මෙම නියමය චලිතයේ (ගමනේ යෙදෙන) මෙන්ම චලිතයේ නොවන (නිසලව පවතින) වස්තුන් වලටද වලංගු වීමයි.
මේ කොටස අවසන් කරන්නට වන්නේ ජෝන් වීලර් ගේ කියමනකින්. "ද්‍රව්‍යය අවකාශයට කොහොමද වක්‍ර වෙන්නේ කියා කියා දෙන අතර , අවකාශය ද්‍රව්‍යයට කෙසේ චලනය වෙන්නයි කියා දෙයි.
"Matter
tells space how to curve, and space tells matter how to move."
මතක තබා ගත යුත්තේ නිව්ව්ටන් අවකාශය (space is absolute) නියත යයි ගෙන තම නියමයන් ඉදිරිපත් කල අතර අයින්ස්ටයින් අවකාශය වෙනස් වෙන බවත් ඒ නිසා අවකාශ-කාලය (Space -Time ) නියත(absolute) ලෙස ගෙන සාපේක්ෂතාවාදය පිලිබඳ නියමයන් ඉදිරිපත් කල බවයි.
ක්වන්ටම් අංශුන් ගැන කතා කරද්දී අවකාශ-කාලය (Space -Time ) ද නියත නොවන අතර අවකාශය හා කාලය නියත ලෙස ගෙන ක්වන්ටම් අංශුවක පිහිටීම ගණනය කල නොහැක.
මීළඟ ලිපියෙන් අවකාශ - කාලය (space-time) පිළිබඳව තවදුරත් සාකච්චා කෙරෙන අතර ඉන්පසු හබල් ගේ නියමයත් සාකච්චා කෙරෙනු ඇත.
******************************************
අවශ්‍ය නම් කියවන්න :
නිව්ටන්ගේ සමීකරණය ;
බලය F α (m
1 x m
2) / (දුරෙහි වර්ගය)
මේ සමීකරණයට සමාන ලකුණ දැමීමට නම් නියතයක් යෙදිය යුතුය. එම නියතය ගුරුත්වාකර්ෂණ නියතය G නමින් හැඳින්වේ. එවිට එය පහත පරිදි ලිවිය හැකියි.
F =
force
between the masses, m1 =
first mass, m2 =
second
mass,
d =distance
between
the centres
of
the masses.G is the gravitational
constant =
නලින්ද සිල්වා මහාචාර්ය තුමාගේ ගණිත දැනුමට මං ඉතාමත් ගරු කරනවා. ඔබ බටහිර විද්‍යාවත් පෙරදිග විද්‍යාවත් දෙකම ඉගෙන ගන්න. ඉගෙන නොගෙන මොකක් හරිදැයි වටහා ගන්නේ කෙසේද? එතුමා කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලනේ අනිත් එක්ක.
ReplyDelete//ගුරුත්වාකර්ෂණය නැත්නම්උඩ පැන්නම පාවෙන්නේ නැතුව බිමට වැටෙන්නේ ඇයි කියා එතුමාට පැහැදිලි කරන්න පුලුවන්ද?// ගුරුත්වාක්කාර්ශනය බොරුවක් කියන්නේ එය නැත කියන එක නොවේ ගුරුත්වාකර්ෂණය විස්තර කරන ප්‍රවාදය බොරු බවයි. නිවටන්ගේ ප්‍රවාදය අයින්ස්ටයින් අප්ඩේට් කළා මේ විදියට තවත් අප්ඩේට් වීම් වෙයි. සත්‍යක් නම් අප්ඩේට් කිරීමක් කරන්න දෙයක් නැහැ.
Deleteස්කන්ධ දෙකක් අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකව බලයක් ඇතිවන්නේ කොහොමද කියා පැහැදිලි කරන්න ඔබට පුලුවන්ද?
ගුරුත්වාකර්ෂණය විස්තර කරන ප්‍රවාදය බොරු බවයි. - කරුණාකරලා මම ලිය බොරුනම් එය ඔප්පු කර පෙන්වන්න. මම නෙවේ එක නිව්ටන් ලිව්වේ.
Deleteනිවටන්ගේ ප්‍රවාදය අයින්ස්ටයින් අප්ඩේට් කළා මේ විදියට තවත් අප්ඩේට් වීම් වෙයි - අයින්ස්ටයින් අප්ඩේට් කල නෙමේ. අපි තවම නිව්ටන්ගේ නියමය භාවිතා කරනවා ග්‍රහලෝක අතර දුර මනින්න , ගුරුත්වය මනින්න. ඔබ ලිපිය හරියට කියෙව්වා නම් තේරෙයි අයින්ස්ටයින් ගුරුත්ව බලය එම රාමුවට අනුව භාවිතා කරන්න පුළුවන් කියා තේරුම් ගත්ත බව. විද්‍යාව කියන්නේ එක තැන පිළුණ ගහන දෙයක් නොව දියුණු වෙන දෙයක්. දැන් අයින්ස්ටයින්ට ක්වන්ටුම් භෞතිකය පිළිගන්න බැරුව හිටියේ මුලින්ම. අනික මේ බොහොමයක් විද්‍යඥයෝ (අයින්ස්ටයින්) වැනි බුධ්ධාගම හදාරා ඒ පිළිබඳව හොඳ හැඟීමකින් හිටපු අය.
ස්කන්ධ දෙකක් අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකව බලයක් ඇතිවන්නේ කොහොමද කියා පැහැදිලි කරන්න ඔබට පුලුවන්ද? - ඉතා විශාල වස්තුවකින් පොඩි වස්තුවකට බලයක් ඇති කරන බවනේ මෙයින් කියන්නේ. නැත්නම්හඳ අපේ ලෝකය වටා කැරකෙන්නේ නැහැ. හඳ අප මතට කඩ වැටෙනවා. කොමෙන්ටුවට ස්තුතියි.
ගුරුත්වාකර්ෂණය නැත්නම්උඩ පැන්නම පාවෙන්නේ නැතුව බිමට වැටෙන්නේ ඇයි කියා එතුමාට පැහැදිලි කරන්න පුලුවන්ද?
ReplyDeleteඑම යු ටියුබ වීඩියෝවේ එසේ තිබෙන නිසයි මා අසන්නේ. අනික යුටියුබයට බටහර විද්‍යව පාවිච්චි නොකර upload කලේ කොහොමද?
ReplyDeleteසෞරග්‍රහමණ්ඩලයේ රූප සටහන දුටු විට එකවරම පෙනෙන්නේ බ්‍රහස්පතිගේ අස්වාභාවික විශාලත්වයයි.
ReplyDeleteඒක ඇත්ත. බ්‍රහස්පති ග්‍රහයා.
Deleteබ්‍රහස්පති ග්‍රහය තමා විශාලම.
Deleteනලින් ද සිල්වා කියන්නෙ කිසිසේත්ම ප්‍රායෝගික නැති දේවල්.විද්‍යාව ඔය කියන විදියට වර්ග කරන්න බෑ.ඔහු කරන්නෙ වචන සෙල්ලමක්.ඔය වචන සෙල්ලමට අනුව කාටවත් ඔහු එක්ක තර්ක කරන්න බෑ.ඒ වචන වල ඇති වැඩකුත් නෑ.
ReplyDeleteතත් වැරදි ක්‍රමය තුලින් දැනුම ලබාගත් එසේම දැනුමට තහංචි දැමූ අදුරු අතීතයයි ඔහුට මහ මෙරක් වී ඇත්තේ.
බටහිර ලෝකයේ විද්වතුන් ගුරු මුෂ්ටි නැතිව දැණුම බෙදා දෙනවා.ඔවුන් කුහක නෑ.එය අපි අගය කරන්න ඕන.
ඔබතුමාගේ මෂ්තිශ්කයේ දිග පළල අප සමඟ බෙදා ගත්තාට ස්තුතියි.
Deleteනලින් එක්ක අපටත් ගනුදෙනු බේරා ගන්න තියෙනවා. ඒක වෙනයි.
මෙතන නලීන් කියන්නේ වැදගත් දෙයක්. විද්‍යාවේ දර්ශනය (philosophy of science) සහ ඥානවිභාගය (Epistemology) ගැන නලින් කරන විචාරය වැදගත්. නලින් එක්ක වාදයට ආපු සමහර දන්ත වෛද්‍ය මහචාර්යවරු, නලින් ගුරුත්වාකර්ෂනය ගැන සාපේක්ශ්තාවාදය ගැන නොදන්නාබවට චෝදනා කරන්නට තරම් පහත් තත්වයට වැටීම මහ විකාරයක්.
ඇනෝ @ එකඟයි.
Deleteඇත්තටම නලින් ද සිල්වා ගෙ ඔය කියන පැත්තට අමතරව ඔහු නිසා බුද්ධියේ නිම් වලලු පුළුල් වීමක් වුනා.ඒ කියන්නෙ විද්‍යාවෙත් ආගම්වල වගෙ සීමා දාගෙන පූජනීයත්වයක් ආරෝපනය කරගන්න සිස්ටම් එකක් තියනවනෙ.ස්වාභාවික විද්‍යාවල වගේම සමාජ විද්‍යාවන්ගෙත්.
මේ පැත්ත ගැන නිදහස්ව සිතන්න නලින් ගෙ දැක්ම ප්‍රයෝජනවත්
ඒත් නලින් කියන දේවල් ප්‍රායෝගික නැහැ.තත් වැරදි ක්‍රමයට වගේම පර්යේශන ක්‍රමවේදයත් භේදයකින් තොරව භාවිතා වුනත් වර්තමානයේ බටහිර මූලික කරගත් දැණුම් පද්ධතිය වෙනුවට වෙනත් දැනුම් පද්ධතීන් සොයන එක විහිළුවක්.කළ යුත්තේ බටහිර දැනුම් පද්ධතිය තුල ඊට වන්දනාමාන නොකරමින් ඉදිරියට යාමයි.
එහෙම නොවුනොත් වෙන්නෙ යූ ටියුබ් අප්ලෝඩ් කරන්නත් සෙත් කවි කීම,පොල් ගැසීම,හෝ දේව කන්නලවුවක් කරන්න සිදුවීමයි.
@ ඇනෝ තුමා ට කියන්න තියෙන්නේ මගේ මෂ්ඨිෂ්කය ඔබේ තරම් ලොකු එකක් නෙමේ. ඒ පිලිබඳ සමාව අයදිනවා. අම්මගේ තාත්තගේ වැරැද්ද ලොකු මස්තිෂ්කයක් එක්ක ජාතක නොකෙරු එක.
Deleteදෙවන කතාව ට මම එකඟයි.
//මෙතන නලීන් කියන්නේ වැදගත් දෙයක්. විද්‍යාවේ දර්ශනය (philosophy of science) සහ ඥානවිභාගය (Epistemology) ගැන නලින් කරන විචාරය වැදගත්.//
ආචාර්ය නලින් කියනවා මේ වීඩියෝ එකේ පන්චේන්ද්රියන්ට ග්‍රහණය කර ගන්න බැරි දේවල් ප්‍රතික්ෂේප කරනවද කියල? කවුරුහරි එයා එක්ක වාද කරලා ඇති එහෙම. දන්ත වෛද්‍ය මහචාර්යවරු. මම දන්නේ නැහැ. නලින්ගේ තර්කය එතන හරි. දැන් ගුරුත්වාකර්ෂණය, අවකාශ-කාලය පන්චේන්ද්රියන්ට ග්‍රහණය කර ගණන් ඉබේ බැහැ. පන්චේන්ද්රියන්ට ගෝචර නොවුනයයි කියා කිසිම දෙයක් ඉවත දමන්න බැහැ. විද්‍යාත්මක ක්‍රමයේ එහෙම කියල නැහැ.දැන් ක්වන්ටම් වස්තුන් ගේ චලනය හා හැසිරීම. හිග්ස් බෝසෝන් එක පන්චේන්ද්රියන්ගෙන් ග්‍රහණය කර ගන්න බැහැනේ. ඉතින් එකට මම එකඟයි.
මෂ්තිශ්කය පිලිබඳ කමෙන්ට එක දැම්මේ අර යකා කියන මල යකාට. ඔබ තුමා ඇයි අහක යන තොප්පි දාගන්නේ??
Deleteඈහ්???
විද්‍යාත්මක ක්‍රමයේ නිරීක්ෂන කරන්න පංචේන්ද්‍රයන්ට අමතරව භාවිතා කොරන අපි නොදන්න වෙනත් අවයවයවයක් තීයෙනවද මහත්තයෝ? කේම්බ්‍රිජ් වල ඉන්න මගෙ යාලුවෙක් කිව්වා එතුමාගේ වෘශන කෝශ වලට ගුරුත්වාකරශනය දැනෙනවාය කියා.
එතකොට මහත්තයෝ, මහසෝනයි, නාථ දෙයියොයි, භූතයොයි, අපේ පංචේන්ද්‍රයන්ට ග්‍රහනය වෙන්නෙත් නැහැ කියල අයින් කොරන්ඩත් බැහැනේ?
යකට කිව්වම මොකද මට කිව්වම මොකද? අපි එක මතයේ ඉන්න ඇයො නොවැ. මට නම් තේරෙන විධිහට ඇනෝ හැටියට කොමෙන්ටු දාන්නේ තමන් කියන එක තමන්ටම ෂුවර් නැති උනාම. පන්චේන්ද්රියන්ට අහුවෙන්නේ නැහැ කියන්නේ මනුස්සයෝ, ක්වුන්ටම් අංශුවක චලිතය හෝ වෙනස් වීම ඇහැට පෙන්නේ කනට අහන්නේ , ස්පර්ශ කරලා බලන්න ආදී ක්‍රම වලින් බැරි නිසා. නමුත් එකට පරීක්ෂණ හදල තියෙනවා. ඒවා මගින් අර පන්චේන්ද්රියම උපයෝගී කරගෙන දැන ගත්ත හැකි. පළමුව නොවේ දෙවනුව. නාථ දෙවියෝ ගැනත් එහෙම කල හැකි. උදාහරණයක් වශයෙන් මලගිය අයට කතා කිරීම පිළිබඳව මම පසුගිය වුරුදු පහක් පමණ පර්යේෂණයක් කරනවා. ඔයාල භූතයෝ කියන්නේ. මම කැනඩාවේ හා ලංකාවේ මිදියම් (medium) ල දෙන්නෙක් දන්නවා මුදල් අර ගන්නැති. ඔවුන් මේ මලගිය කෙනෙක් මනසින් සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න මම තවම දන්නේ නැහැ. අපි දිගටම උත්සහ කරනවා අපට තිබෙන ක්‍රම වල ආධාරයෙන් ඔප්පු කරන්න. ඔයාලත් එහෙම උත්සහ කරන්න.
Deleteඅනික තත නමින් දැම්මම අපටත්බලා ගත්ත හැකි වෘශන කෝශ දෙක මොලේ අසලද තියෙන්නේ kiyala. ඇයි කේම්බ්‍රිජ් එවුන්ගේ මොලේ පළල වැඩිද? කේම්බ්‍රිජ් කතා අදින්නේ. අනේ ඔහේගේ හීනමානය. මනුස්සයෝ උද පැනල බලන්න. බිමට වැටෙනවානම් පස්ස පැත්තේ වැදෙනකොට මොලේ රිදෙයිනේ. එතකොට අර පන්චේන්ද්රියෙන් එකක් ක්‍රියාත්මක වෙලා ගුරුත්වකර්ශනේ ගැන දැනගත්තකි හොඳටම.
මහත්තයෝ ඇපල් ගෙඩි බිමට වැටෙන එකයි සංසිද්ධිය. අර Phenomenon කියන්නේ.
ReplyDeleteනිව්ටන් කිව්වා මේක ගුරුත්වාකර්ෂනය කියල. අයින්ස්ටයින් කිව්වා අවාකශකාලයේ වක්‍රතාව කියලා.
නිකන් ගොං පාට් දාන්න එපා, යූ ටියූබ් බටහිර විද්‍යාව කියලා. නලීන් මේක අහන්නේ දාර්ශණික තැනක ඉඳන්.
ඇත්තම කියන්නද..? පැහැදිලි කිරිම මදි.. මට නම් මෙළෝ හසරක් තෙරුනේ නෑ.. ආයෙත් ඔබ සම්ප්‍රදායට ගිහිල්ලා.. ලියන්න ඕන විජ්ජාව දන්න උන්ට නෙමෙයි ලේමන්ලට, කොටින්ම කියනවා නම් අපි වගේ හරක්ට. පළමු ලිපිය එළ.. මේ ඇවිල්ලා සම්ප්‍රදාය.. බට වැඩියි.. සයන්ස් එපා වෙන්නේ මේකෙන්..
ReplyDeleteඅනිත් දේ... උඹ ලියපු.. අපි විඳපු... පට්ට ළිපි ටික නැවතුන එක... ඒක නම් මාර පාඩුයි.. උඹේ ළිපි ඔක්කෝම ලංකා නිව්ස් වෙබ් එකේ ගියා.. උඹ දන්නවද දන්නේ නෑ..
Deleteමචන් කොමෙන්ටුවට ස්තුතියි. මේක මට ජීවන් නුත් කිව්වා. සමීකරණ දැම්මත් මේවා වැරදියි කියනවනේ මචන්. ඒකනේ මචං ප්‍රශ්නේ. මම ඊළඟ ලිපිය සමීකරණ විරහිතව දෙන්නම්. මේ නිව්ටන්, අයින්ස්ටයින් දෙක නැතුව bigbang එකේ ඊළඟ සාධකයට යන්න බැහැ. මන් ක්‍රමේකට යන්නේ.
Deleteමචන් අනිත් ලිපි තව පහක් පෝලිමේ තිබෙනවා. දාන්න කාලය නැතුව. ත්‍රිමාණ එකේ මගේ ලිපි දෙක තුනක් ගිය දැක්ක. දීප්ති ඒවාට ගරු කරනවට ස්තුඉතියි. හැබැයි ඒවා වලින් කතාකළ ජනරළට ලිපි ලියන මහා විප්ලවවදියෝ නම් උත්තරයක් වත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි වගේ පහල ලෙවල් එකේ අයට උත්තර දෙන එකෙන් තමන්ගේ ගේ දැනුමට හානියක් වෙන නිසා හා තමන් පහතට වැටේ යයි නිසාද කියා දන්නේ නැහැ.
Deleteමේ ලිපියෙ අමුතු ගැඹුරක් නොතේරෙන ගතියක් නෑ.මට තේරෙනව කියන්නෙ අනෙක් අයට හොඳටම තේරෙන්න එපායැ.මොකද මං Physics වලට F එකක් ගත්ත කෙනානෙ.මේA/L Physics නෙ.මේ මට්ටම අවුලක් නෑ.
ReplyDeleteමාතලන්ල,කොළඹ ගමයල,නාලක ගුණවර්ධනල,චානුක වත්තේගමල එක් වෙලා සිංහල බ්ලොග් අවකාශය ලස්සන කරන්න ඕන.එහෙම වුනොත් විද්‍යාව පොදුජනයා අතරට මීට වඩා යාවි.දෙලොවටම වැඩක් නැති විකාරනෙ දැන් බ්ලොග්වල යන්නෙ
ඉස්සර විදුසරට ලියපු සෙට් එක බ්ලොග් අවකාශයට ආවොත් නම් පට්ට
හේතුව විනිශ්චය කළ යුත්තේ ප්‍රතිඵලය මතයි.නලින්ගේ දේශන වලින් තක්කඩියන් පන ලබා තිබෙනවා.මට කනට ඇසී තිබෙනවා තක්කඩියන් ජනතාව රැවටීමට නලින්ගේ මත යොදාගන්න ආකාරය.ජ්‍යොතිර්වේදියො,අධ්‍යාත්මවේදියො අද තරම් වැහි වැස්ස යුගයක් තිබුනද
ReplyDeleteනලින් අන්තිමට සේවය කරන්නෙ ගද ගහන වැඩවසම් යුගයටයි.මේ කතාවල දාර්ශනික හරය මොකක් වුනත් සමාජය ආපස්සට ඇදගෙන යාම අනුමත කරන්න බෑ.
මාතෘකාවට අදාල නැතත් මේ ටික කිව්වා.
අවකාශ කාලය වක්‍රවීම ගැන වැඩි දුරටත් ඉදිරියේදී විස්තර කරන්න
ReplyDeleteඅවකාශ කාලය සිවුමාන එකක් නිසා ඒක වක්‍රවෙන්නේ පස්වන මානයක් ඔස්සේද?
ඔය වක්‍රවීම් හය වන හත්වන මාන ඔස්සේ වෙන්න පුලුවන්ද?
Mr. NOBODY කියන චිත්‍රපටියෙත් විශ්වය ප්‍රසාරනය වීම වගේ දේ ගැන දාර්ශණිකව කියවෙනවා
මමත් අවකාශ කාලය ගැන කොමන්ට් එකක් දැම්මා
http://nidahass.blogspot.com/2014/08/blog-post_92.html
කොමෙන්ටුවට ස්තුතියි. ඊළඟ ලිපියෙන් ඒක සාකච්චා කරමු. string තියරි එකේ මන එකසිය ගානක් කතා කරනවා නේද? ලින්ක් එකට ස්තුතියි.
Delete@anota, ඉතින් ඔබතුමා බුරු පාර්ට් නොදා ඉන්නකෝ. දැන් ඔබතුමාගේ දෙවියන් වහන්සේ විසින් දුන් බලයෙන්ද ඔබතුමා කොමෙන්ට් දැම්මේ, නැත්නම් බටහිරින් එවපු කොම්පුටරෙකින් (හරි චීනෙන් හරි) ලොග් වෙලා බටහිර හදපු ගූගල් එකේ බ්ලොග් බලලද? බණ්ඩාරනායක කියල මහත්තයෙක් ඉංග්‍රීසි එපා කියල රටේ කට්ටියකට තමන්ගේ ළමයින්ට විතරක් ඉගැන්වුවා. දැන් ඔබ කියන ආචාර්ය තුමාගේ ළමයිනුත් බටහිර සිටින බව තම මම දන්නේ. මම ඔබ තුමාට කියන්නේ දෙකම ඉගෙන ගෙන පෙරදිග විද්‍යාව දියුණු කරන්න. බටහිර විද්‍යාවට උත්තර දෙන්න. දැන් ඉන්දියාව කරනවා වගේ.
ReplyDeleteනලින්ගේ දාර්ශනික තැන ගැන පහල ඇනෝට උත්තරයක් දීල තිබෙනවා. නලින් පන්චේන්ද්රිය් ගැන ඉදිරිපත් කරන තර්කයට මම එකඟයි. මේ කතා කරන්නේ "ඇපල් ගෙඩි බිමට වැටෙන එකයි සංසිද්ධිය" ගැන නෙමේ. ඔබ උද පැන්නොත් බිම වැ ටෙන්නේ නැත්ද කියන එක. ඒක Phenomenon එකක්ද?
ReplyDeletePhenomenon- a fact or situation that is observed to exist or happen, especially one whose cause or explanation is in question.
Phenomenon- the object of a person's perception.
ඔබට උඩ පැන්නොත් බිම වැටෙන එක හෝ සඳ පෘතුවියම අල්ල ගෙන ඉන්නේ ඇයි පිට වෙලා වෙන ග්‍රහලෝකයක් වටේ යන්නේ නැත්තේ ඇයි කියන එක පැහැදිලි කරන්න. මම පිළිගන්නම්. ඔබ හරිනම්. මම කරන්නේ සාකච්චාවක්. කැමති කෙනෙකුට පිලි ගන්නත් පුඉලුවන් නැත වෙන්නත් පුළුවන්. නැත්නම් එකට තර්ක කරන්න ඇයි ඒ කියල.
මට හිතෙන්නේ මේ කරුණු මිට වඩා සරලව පැහැදිලි කරන්න පුළුවන් කමක් තියෙනවනම් හොඳයි . හැබැයි අනිත් අතින් තාර්කිකව මේක පැහැදිලි කරන්න ගියාම මේ ලෙවල් එකටවත් තියෙන්නේ ඕනේ කියලත් හිතෙනවා . කොහොම වුනත් මේවගේ ලිපියක් කියවන්නේ මේ සම්බන්ධ උනන්දුවක් තියෙන අය නිසා මේ මට්ටම හොඳ වෙයි .
ReplyDeleteඉස්සර විදුසරේ අවකාශ කාල යක්ෂයා වගේ නම තියෙන ලිපි පෙළක් ගියා . මෙලෝ දෙයක් නොතෙරිත් ඔහේ කියෙව්වා . දැන් මේවා කියවන්නෙත් තේරෙන නිසා නෙවෙයි . ආසාව නිසා . දිගටම ලියන්න
ස්තුතියි පැතුම්. මේ කොමෙන්ටුව කලින් දැක්කේ නැහැ.
Deleteඑතුමාගේ මෙම ලිපිය මා ළඟ තිබේ, එය මෙතනින් බාගත හැක.
ReplyDeletefile:///C:/Users/AJITH/Downloads/Nature%20Volume%20228%20issue%205277%201970%20[doi%2010.1038%252F2281180a0]%20DE%20SILVA,%20L.%20N.%20K.%20--%20Quasi-stellar%20Objects%20and%20Gravitational%20Lenses.pdf
මෙතෙක් කියවූ විද්‍යා ලිපි තුනම වැදගත්, සරලයි. ගොඩක් ස්තූතියි මේ ලිපි මාලාව සැකසීම වෙනුවෙන්!
ReplyDeleteහැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මේ ලිපි රහයි කියලා කියයි බොහෝ විට විද්‍යා විෂයයන්ට ඇල්ම ඇති අය. ඒත් අනිත් විෂය ධාරාවන් හදාරපු අයත් කැමති වෙයි නේද පොඩ්ඩක් ෆනී උදාහරණයක්, විහිලුවක්, පොඩි දෙබසක් වගේ දෙයක් (sweetner එකක්) මේ ලිපි වලට ඇතුලත් කලොත්.
ඒක හොඳ උපදෙසක්. ඊළඟ එකේදී බලන්නම්. ස්තුතියි.
ReplyDeleteඅජිත් මහත්මය ඔය Anonymous ත්‍රස්තවාදය මේ බ්ලොග් අවකාශයේ තියෙන එක දුර්වල තැනක්. ඒක වැරදි විදිහට පාවිච්චි කරල බ්ලොග් ලියන අය අපහසුතාවයට පත්කරන එක සහ කරන වැඩේ නවත්වන්න උත්සහ කරන එක දැන් සාමාන්‍යයෙන් දකින්න තියෙන දෙයක්. ඔය Anonymous කමෙන්ට් වලින් ඇදහිර්යයට පත් නොවී දිගටම ඔබතුමාගෙ වැඩේ කරන් යමු. ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ. ජය වේවා!!!
ReplyDeleteස්තුතියි මනා දිරි ගැන්වීමට.
ReplyDelete