සැබැවින්ම අස් විය යුත්තේ කවුද?
කොන්සර්වටිව් පක්ෂයේ යුරෝපා සංගමයට විරුද්ධ වුවන් සැනහීමට හා ජාතිවාදී ෆරාජ් වැන්නවුන් ගෙන් එන තර්ජන වලින් බේරීමට ජන මත විචාරණයක් පවත්වන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 2013 දී පොරොන්දුවක් දුන්නේය. මේ පොරොන්දුවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සහය දැක්වූයේ නැත. ඩේවිඩ් කැමරන් දෙවන වරටත් එඩ් මිලිබෑන්ඩ් මෙහෙයවූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පරදවා බලයට පත් වූයේද යුරෝපිය බිල්ලා පෙන්වූ මන්ත්‍රීවරුනට නිදහසේ මැතිවරණ කතා කීමට නිදහස් දීමෙනි. යුරෝපා තනි වෙළඳපළ (Single European Market -ESM) තබා ගෙන සංක්‍රමණිකයන් අඩු කරන බවට ඉටු කළ නොහැකි පොරොන්දුක් ද ඔහු රටට දුනි. එසේම සහනාධාර අඩු කරන බවටද පොරොන්දු විනි.
මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ යුරෝපා සංගමයේ නායකයන් සමග සාකච්චා වලදී අගමැති කැමරන් දිනා ගත්තේ ඉල්ලීම් කිහිපයක් පමණි. ඒ සහනාධාර රටට පැමිණි ගමන් එකවර නොදී, රැකියා කරන යුරෝපීය සංක්‍රමණිකයන්ට රැකියාව නැති වූ විට පමණක් සහනාධාර ලබා දීමටය. එසේම ඔවුන් ගේ ළමයින්ට දෙන සහනධාරය නොදීමටද එකඟ විනි. යුරෝපීය නිදහස් සංක්‍රමණය ඉවත් කිරීමට මේ අනිකුත් යුරෝපිය රටවල් එකඟ නොවිණි.
මේ තත්වය යටතේ පැවති ජනමත විචාරණය නිදහස් එකක් වුනි. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ හා කොන්සර්වටිව් පක්ෂයේ සාමාජිකයන්ට නිදහසේ ඕනෑම පිලකට බැඳීමට අවසර දී තිබුණි. නමුත් යුරෝපීය නිලධාරිවාදය නිතර විවේචනය කල කම්කරු පක්ෂයේ නව නායක ජෙරෙමි කෝබින් ට පක්ෂ මතයට සහය දීමට සිදු වුනි. කම්කරු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ට සහය පල කළහ. කැමරන් ගේ කොන්සර්වටිව් පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු බොරිස් ජොන්සන් සමග යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට චන්දය දුන්හ.
ජෙරෙමි කෝබින් අවංකවම කිවේ තමන් දහයෙන් හතක් 7/10 යුරෝපා සංගමයට කැමති බවත් නමුත් ඔවුන් කරන මුදල් නාස්තිය හා නිලධාරිවාදී ක්‍රියා අඩු කල යුතු බවත්ය. එය නිවැරදි ස්ථාවරයකි.
යුරෝපා සංගමය පිලිබඳ චන්දයේදී බොහෝ කොන්සර්වටිව් පාක්ෂිකයන් ඉවත්ව යාමට චන්දය ප්‍රකාශ කල අතර බහුතරයක් කම්කරු පක්ෂ සාමාජිකයන් යුරෝපා සංගමය සමග සිටීමට සහය පල කළහ. මෙය වෙනස් වූයේ සන්දර්ලන්ඩ් වැනි කම්කරු පක්ෂ අසනවලය. එයට හේතුව ඒවායේ කැමරන්ගේ සහනාධාර කප්පාදුවට හසුවුණු බොහෝ කම්කරු පක්ෂ හිතවාදීන් සිටීමය.
මේ නිසා මේ ජන මත විචාරණය පැරදීම මත ඉල්ලා අස් වන්නේ නම් අස්විය යුත්තේ කැමරන් මිස කෝබින් නොවේ.
කෝබින් නායකත්ව සටන ගිය අවුරුද්දේ ජය ගත්තේ කෙසේද?
කොන්සර්වටිව් පක්ෂයේ නායකයා පත් කෙරෙන්නේ මන්ත්‍රී වරුන්ගේ චන්දයෙනි. ඒ නිසා මන්ත්‍රීවරුන් නායකයාට ඉල්ලා අස් වන්නට කිවහොත් ඔහු ඉල්ලා අස් විය යුතුය. කම්කරු හෙවත් ලේබර් පක්ෂයේ එසේ නොවේ. එහි වෘත්තීය සමිති වලට හා මන්ත්‍රීන්ට චන්දයන් හිමිව තිබුණි. වෘත්තීය සමිති සාමාජිකයන් ගේ බහුතර ඡන්දය නොලැබෙන කිසිවකු දිනුවේ නැත. ලේබර් පක්ෂයේ එඩ් මිලිබෑන්ඩ් මේ නීති 2010 දී වෙනස් කළේය. එනම් £3 ගෙවා පක්ෂ සාමාජිකත්වය ගන්නා ඕනෑම අයෙකුට චන්දය දිය හැකි බවයි. වෘත්තීය සමිති හා මන්ත්‍රීන්ට ද සමාන චන්දයක් හිමි විනි.
පසුගිය වසරේ මැයි මස අට පැවති චන්දයෙන් මුළු සාමාජිකත්වයෙන් 59.1% හෙවත් 251,417 ක් ලබා කොබින් මුල් තැන ගති. දෙවැනි තැනට පත්වූ ඇන්ඩි බන්හම් ගත්තේ 19%කි. කෝබින්ට ඉල්ලා අස් වෙන්නට කියන කූපර් ගත්තේ 17% කි. බ්ලෙයාර් වාදී ලිස් කෙන්ඩොල් ගත්තේ 4.5% කි. එනම් චන්ද හාරලක්ෂයකින් දහඅට දහසක් වැනි සුළු සංඛ්‍යාවකි. මන්ත්‍රීන් 172 දෙනෙකු ඉල්ලා අස් වෙන්නට කියන්නේ මෙවැන්නෙකුටය.
එසේ නම් සියලුම මාධ්‍ය හා මන්ත්‍රීන් කෝබින්ට එරෙහි ඇයි?
මෙයට බොහෝ දුරට හේතුවක් වන්නට තිබෙන්නේ චිල්කොට් වාර්තාවයි. හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍යය ඉරක යුද්ධයට කැඳවා ගෙන ගියේ සදාම් හුසේන් මිනිසුන් සමුල ඝාතන කිරීමට අවි නිපයා ඇතැයි අමුලික බොරුවක් කියමිනි. එයට ඔහු වරද කරුවකු කර තිබෙන මේ වාර්තාව එලියට එන්නේ ජුලි 6 දාය. මේ අනුව ඉරාක යුද්ධයට සහය දුන් සියලු මන්ත්‍රීවරුන් යුද අපරාධයකට වැරදි කරුවන් වෙයි. ඉහත 172න් අතර බහුතරය එවැනි අයයි. කොටින්ම මේ කැරකෙන්නේ ටෝනි ගේ සල්ලිය.
ලෝකයේ වෙනත් රටවල යුධ අපරාධකරුවන් අල්ලා පරසක්වළ ගැසීමට කතා කරන යුරෝපීයයන් තමන් ගේ අයෙකුට එවැනි චෝදනාවක් එනවිට සැරසෙන්නේ මෙසේය.
ජෙරෙමි කොබින් සෑම යුද්ධයකටම විරුද්ධ වූවෙකි. ඔහු ලංකාවේ යුද්ධයට මෙන්ම , ඉරාක යුද්ධය ට ද සිරියාවේ බෝම්බ දැමීමටද විරුද්ධ වූ අයෙකි. අද කෝබින්ට එරෙහිව චන්දය දුන් මන්ත්‍රීන් 172 න් වැඩි දෙනා ඉරාකයට පහර දීමට අත් එසවූ යයි. චිල්කොට් වාර්තාවට ඔවුන් බිය වන්නේ එය එලියට ආ පසු ඔවුන් පක්ෂයෙන් එළවා දැමීමට අවශ්‍ය නම් කොබින්ට හැකි බැවිනි.
ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත් වීමට සහය නොදුන් අයෙකි. නමුත් යුරෝපය ට පක්ෂව ඔහුගේ ඉදිරිපත් වීමෙන් සිදු වුයේ කම්කරු පාක්ෂිකයන් අතිශයින් අප්‍රිය කරන තැනැත්තෙක් වූ ඔහු නිසා ජනමත විචාරණයේදී තවත් චන්ද අඩු වීමයි.
අවසන් වශයෙන් ඇසීය යුත්තේ බහුතර සාමාජිකයන් ගේ චන්දයෙන් පත් වූ
නායකයෙකු කැමරන් කිවූ පලියට, මන්ත්රිලා 172 කියූ පලියට අස් වුනේ නැත්නම් ඒකාධිපතියෙකු වන්නේ කෙසේද යන්නයි. ඔහු නැවතත් ඡන්දයකට සුදානම්ය. ඒකාධිපතියන් චන්ද වලට අකමැතිය.