නිර්මාල් එන්න මල් පිපිදැයි බලන්න - විමුක්ති දේශපාලනයේ විභවය සොයා
පසුබිම
මේ ලිපිය ලිවීමට ඌවේ මැතිවරණය අවසන් වනතුරු සිටියෙමි. චන්ද ප්‍රතිපල එක්කල විට රජයට 3,49,906 කිත් විපක්ෂයට (එජාප, ජවිපෙ, ප්රජාපෙ ) 3,19,272 කුත් ලැබී ඇත. ආණ්ඩුව යන්තම් චන්ද 30,634 කින් දිනා තිබේ. මේ ජනාධිපතිවරණයකදී පෙරලිය හැකි සංඛ්‍යාවකි.
අගෝස්තු 17 ජනරළ පත්තරේ නිර්මාල් මහතා කියන්නේ මේ සංවාදයෙන් ඔහුට පෙනී යන්නේ මෙහි නිමක් දැකීම අපහසු බවයි. එයට හේතුව ඔහු දකින විධිහට සංවාදයේ නියැලෙන පාර්ශව දෙකටම තම ස්ථාවරය සාධාරණිකරණය කිරීමට සැහෙන දුරට කරුණු තිබීම යන්නයි. එසේ කියන අතරම අනිත් පාර්ශවය ඉදිරිපත් කරුණු වලංගු ඒවා බව ඔහු කියයි.
එසේ නම් ආචාර්ය දෙවසිරි මහතාට අනුව ප්රශ්නය කුමක්ද? ඔවුන් කොපමණ වලංගු කරුණු ඉදිරිපත් කලත් මේ අනිත් අය ඔහුගේ "සෝභිත හිමි පොදු අපේක්ෂක කිරීමේ ව්‍යාපාරයට" සහය නොදීමයි. නිර්මාල් ගේ ප්‍රධාන තර්කයක් වන්නේ විධායක ජනාධිපති ධුරය නැති කිරීමෙන් දැනට පවතින හෙජමොනික සමතුලිතතාවයට මරු පහරක් වදින බවයි. තමන් ජවිපෙ සිංහල ජාතිකවාදය සමග උපාය මාර්ගික සන්ධානයකට යන බවට රාමචන්ද්‍ර පවසතියි කියන නිර්මාල් එය ප්‍රතික්ෂේප කරයි. එසේම ලංකා සම සමාජ පක්ෂය හා එහි දේශපාලන ව්‍යාපාරය සමග තම පොදු අපේක්ෂක ව්‍යාපාරය සසදන ඔහු රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයේ මෙන්ශේවික ප්‍රවණතාවය සමගද සසඳයි. සාර් පාලනය පෙරලා කෙරෙන්ස්කි පිහිටවුයේ ධනවාදී රජයක් බව නිර්මල්ට මෙහිදී අමතක වී ඇත.
ඔහු තව දුරටත් උදාහරණද සපයමින් රාමචන්ද්‍ර හා සුමිත් චාමින්දට චෝදනා කරන්නේ, සෝභිත හිමිට දෙන සහයෝගය නිසා තම ව්‍යාපාරය සින්හල බෞද්ධ වර්ගවාදී එකක් ලෙස ඔවුන් හෙළා දකින බව පවසමිනි. නමුත් සෝභිත හිමිගේ ව්‍යාපාරයට ඇතිවන ආකර්ශනය අභියෝගයක් ලෙස භාර ගෙන තමන් අතර පෙර නොවූ විරු ඒකාබද්ධ තවක් ගොඩ නංවා ගැනීමට රාමචන්ද්‍ර අයත් වාමාංශික කතිකාවට හැකි බවයි.
මිට පිළිතුරු සපයන සුමිත් චාමින්ද අගෝස්තු 24 පත්‍රයේ පලකල ලිපියේ පවසන්නේ නිර්මාල් දේවසිරි මහතා සහයෝගය දෙන මේ පොදු අපේක්ෂක ව්‍යාපාරය තුල ඇත්තේ දක්ෂිණාංශික විභවයක් බවයි.
ඔහු නිවැරදි විනිශ්චයන් කීපයක් මෙහිදී කරන බව සඳහන් කල යුතුයි.
පළමු වැන්න මැතිවරණ අවකාශයක් තුල පැන නැඟෙන යම් ව්‍යාපාරයක් විමුක්ති විභාවයකින් යුක්ත වේ යයි නිගමනය කල නොහැකි බවයි. සාමාන්‍යයෙන් විමුක්ති දේශපාලනය යන්න අදාල වනුයේ කුමන හෝ පීඩනයකට, මර්දනයකට, වරප්‍රසාද අහිමි කිරීමකට ලක් කරන ලද ජන කොටසකගේ අභිලාෂයන් හා සම්බන්ධව යන්න දෙවැන්නයි.
මෙහිදී සුමිත් චාමින්ද නිර්මාල්ට මග හැරී ගිය ලංකා සම සමාජ පක්ෂ ව්‍යාපාරය කල අරගලයන් පිලිබඳව ඉතා නිවැරදිව මතක් කිරීමක් කරයි. ග්‍රම්ස්චියානු දේශපාලනයේ ප්‍රමුඛත්වය උපුටා දක්වමින් සම සමාජ අරගලයන් විසින් කල සංයුක්ත මැදහත් වීම් විමුක්ති දේශපාලනයේ විභවය නිර්මාණය කරන බව නිවැරදිව පෙන්වා දෙයි.
මේ ලිපියේ දෙවෙනි කොටස අගෝස්තු 31 පළවුණු අතර ඔහු රාමචන්ද්‍රගේ සෝභිත ව්‍යාපාරය ජවිපෙ සිංහල ජාතිකවාදය සමග උපාය මාර්ගික සන්ධානයකට යන බවට කරන චෝදනාවට සිය සහය පල කරයි.
මෙහිදී සුමිත් චාමින්ද කියන මේ මතය "පශ්චාත් යුද කාලින ලංකාව තුල දේශපාලනික ස්ථාවරයන් මත නොව තාක්ෂණික හා උපක්රමික තෝරා ගැනීම් මත පදනම්ව දේශපාලන සන්ධාන ගොඩ නැගීම කැපී පෙනෙන ලෙසත් ප්‍රමාණාත්මක ලෙසත් වර්ධනය විය" යන්නට එකඟ විය නොහැකියි. එසේ වුයේ සරත් පොන්සේකා පොදු අපේක්ෂකයා කල ජනාධිපතිවරණයේදී පමණි. එහිදීද සිටින ජනාධිපති පැරදවීමේ අභිලාෂය පමණක් වන දේශපාලන ස්ථාවරයක් පැවති අතර එයින් පසු කිසිම සන්ධානයක් පැවතුනේ නැත.
නව වමේ හැටියට මා සලකන පෙරටුගාමි සමාජවාදී පක්ෂය රජයට එරෙහි විරෝධතා වලදී සහ මැයි දින රැලි වලදී සමාජවාදී පක්ෂය (මහින්ද දේවගේ) එක්සත් සමාජවාදී පක්ෂය (සිරිතුංග) හා නව සම සමාජය සමග එකතු වුවත් සන්ධානයකට ගියේ නැත. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය හෝ සමජවාදී සමානතා පක්ෂය කිසිම සන්ධානයකට හෝ පොදු විරෝධතාවයකට එන්නේ නැත. ඔහු කියන මේ සන්ධාන ගොඩ නැගුනේ කොහේද?
එසේම සරත් පොන්සේකා මහතාට යාපනයේ අඩු චන්ද ප්‍රමාණයක් ලැබුණු පමණින් සෝභිත හාමුදුරුවන්ටත් එසේ වනු ඇතැයි පැවසීමත් වැරදිය. පොන්සේකා මහතා යුද්ධය මෙහෙයවූ හමුදාපති නිසා ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ අඩු චන්ද ප්රමාණයකි. ඒ නිසා සුළු ජාතික පක්ෂ නායකයන් සමග ඇති කර ගන්නා උපක්රමික සන්ධානයක් සුළුතර ජනවර්ගවල මුළු අපේක්ෂාවන් නියෝජනය කිරීමක්ම නොවුනත් ඔවුන්ගේ ආණ්ඩු විරෝධී චන්ද ලැබීමට ඉන් බාධාවක් නොමැත. එහිදී දේවසිරි මහතා නිවැරදිය.
රනිල් හා සෝභිත හිමි එක්ව විහාර හා දේවාලගම් පනතට එරෙහිව ව්‍යාපාරයක් ඇරඹීම හා එයින් විහාරස්ථාන කේන්ද්‍ර කොටගත් ගතානුගතික හා පීඩාකාරී ඉඩම් හිමිකම් රටාව ආරක්ෂා කර ගන්නට හා එනයින් වාර්ගික-ආගමික බහුතරවාදය ප්‍රතිස්ථාපනය කරන්නට පරිසරය සකසන බවද සඳහන් කරමින්චාමින්ද මහතා කරන විවේචනය අපට පිළිගැනීමට හැකිය.
මීළඟට අපට එකඟවිය හැකි නිගමනයක් වන්නේ රාමචන්ද්‍ර විසින් සැප්තැම්බර් 07 පත්‍රයට ලියන ලද ලිපියේ සඳහන් පරිදි, සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ වැඩ පිළිවෙල දේශපාලන හා ආණ්ඩුකරන තලයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් වැඩ පිළිවෙලක් යන්නයි.
නමුත් ඔහු ඊළඟට (රාමචන්ද්‍ර) එහි සමුළුවකට සහභාගිවූ පිරිස උපුටා දක්වමින් කියන්නේ ඔවුන් සාපේක්ෂව වරප්රසාදිත ස්තරයක් ලෙස සැලකිය හැකි උගත් මැද පන්තික සමාජ තීරුවේ බුද්ධිමතුන් ගෙන් සමන්විත ව්‍යාපාරයක් බවයි. මෙය විමුක්ති දේශපාලනයකට බාධාවක් වෙන්නේ කෙසේද යන්න රාමචන්ද්‍ර පැහැදිලි කල යුතුයි. ඔහු අයත් වන දේශපාලන තීරුවේ හැමෝම කම්කරු පන්තියේ හෝ නිර්ධන පන්තියේද? මා නම් සිතන්නේ එය එසේ නොවන බවයි. ඔහු හඳුන්වන හෝ අයත්වන නව වමේ එවැනි කම්කරු පන්ති බලයක් සහිත පක්ෂ කීයක් තිබේද?
රාමචන්ද්‍රගේ ඊළඟ චෝදනාව වන්නේ මේ ව්‍යාපාරය නව ලිබරල් ධනවාදය වැරැද්දක් හැටියට පෙනෙන්නේ නැති බවයි. මට නම් පෙනෙන්නේ මේ ව්‍යාපාරය තවම ආර්ථිකය හැසිරවීමේ පැත්ත ගැන සාකච්චා කොට නැති බවයි.
එසේම මෙහිදී රාමචන්ද්‍ර කොතරම අපහසු හා අසීරු කාර්යයක් වුවත් දිගු කාලින අරගල ක්‍රියාමාර්ගය ඇර වෙන විසඳුමක් නැති බව කියයි. එය එසේ වුවත් මෙය කරන්නේ කෙසේද යන්න ගැන ඔහු පැහැදිලි නොකරයි.
සැප්තැම්බර් 14 ජනරලේ, නිර්මාල් මහතා "මල් නෙලන්නේ" කෙසේදැයි පැහැදිලි කිරීමක් කරයි.
"ඒ සඳහා මම දැනට මම ක්‍රියාමාර්ග දෙකක් යෝජනා කරමි. එකක් නම් මා මේ ව්‍යාපාරය තුල ම දකින විමුක්ති විභවයන් විකසිත කර ගැනීමට තරම් ශක්තිමත් මැදිහත් වීමක් මේ ව්‍යාපාරය තුලට ඇතුල් කල හැකි පිරිස් වැඩි වැඩියෙන් මේ ව්‍යාපාරය තුලට ගෙන ඒමයි. මෙය සුමිත් හුදෙක් 'පුද්ගලයන්' පිලිබඳ ප්‍රශ්නයක් ලෙස දැක්කත් මා එසේ දකින්නේ නැත. 'ප්‍රමාණය ගුණය වීම' පිලිබඳ න්‍යාය අප සැම දන්නා දයලෙක්තික ක්රමයේ මුලික පිලි ගැනීමකි. " (උපුටා ගැනීම මගෙනි)
මෙහිදී මට සිතෙන විධිහට නිර්මාල් මහතා කියන්නේ මෙවැනි කතාවකි. එංගල්ස් ගේ ඇන්ටි-ධුරින් (1877) ප්රකාශනයේ ප්‍රමාණය හා ගුණය ගැන හයවන පරිච්චේදයේ මෙසේ දක්වා ඇත. එංගල්ස් organic chemistry වල මොලේකියුල කීපයක් රැගෙන උදාහරණ සපයන අතර පැරෆින් ගැන මෙසේ කියයි.
//සාමාන්‍ය පැරෆින් වල (CnH2n+2,) අඩුම මොලේකියුල සම්බන්ධය ඇත්තේ වායුවක් වන මීතේන් වලටයි. (CH4) වැඩිම එක හෙක්සඩිකෙන් ය ( C16H34), එය පාටක් නොමැති තද ක්‍රිස්ටල් වර්ගයකි. මෙම ශ්‍රේණි දෙකෙහිම අලුත් සාමාජිකයන් හැදෙන්නේ CH2 එකක් එකතු වීමෙනි. එනම් කාබන් පරමාණුවක් හා හයිඩ්රජන් පරමාණු දෙකක් පළමු මොලේකියුල සමීකරණයට එකතුවීමෙනි. මෙම ප්‍රමාණාත්මක වැඩිවීම සෑම අවස්ථාවකම ගුණාත්මක අගයෙන් වෙනස් ද්‍රව්‍යයක් නිපදවයි. -Anti-Dühring by Frederick Engels 1877//
එසේම මේ ප්රකාශනයේ අවසන් හරියේ එංගල්ස් මෙසේ ලියයි.
//මේ සටහන සමාප්ත කිරීමට අපි තව ප්‍රමාණය ගුණය බවට හැරීම පෙන්වීමට තව එක උදාහරණයක් ගමු. එනම් නැපෝලියන් ගැනයි. ධුරින් මමෙලුක් වරු හා ප්‍රංශ හමුදාව අතර සටනේදී නරක අශ්වරෝහකයන් වන මුත් විනය ගරුක ප්‍රංශ හමුදාව ප්‍රමාණයෙන් වැඩි හොඳ අශ්වාරෝහකයන් වන නමුත් විනයක් නැති මමෙලුක්වරු පරාජය කල බව කියයි. :“Two Mamelukes were undoubtedly more than a match for three Frenchmen; 100 Mamelukes were equal to 100 Frenchmen; 300 Frenchmen could generally beat 300 Mamelukes, and 1,000 Frenchmen invariably defeated 1,500 Mamelukes.”
මාක්ස් සමග බැලුවොත්, කිසියම් නිශ්චිත හා අවම හුවමාරු-අගයන් ( exchange-values) වල එකතුව එය ප්රාග්ධනය බවට පත්කරලීම සඳහා අත්‍යවශ්‍ය වන්නාසේ , නැපෝලියන් සමග බැලුවොත් කිසියම් නිශ්චිත (සංඛ්‍යාවක් ) භට කණ්ඩායමක් හොඳින් පුහුණු කර , විනය ගරුක කර , තමන්ට වඩා සංඛ්‍යාවෙන් වැඩි , අවිනීත හමුදාවක් (ඔවුන් වඩා හොඳ අශ්වාරෝහකයන් හා සටන්කාමීන් වුවත්) පරාජය කිරීමේ හැකියාවක් තිබෙන්නට පුළුවන්. නමුත් මෙය ධුරින් මහතා කියන දෙයට විරුද්ධව ඔප්පුවන්නේ කෙසේද? නැපෝලියන් යුරෝපයේදී පරාජය වුයේ නැත්ද? ව්‍යාකුල හා අපැහැදිලි ලෙස හේගල් ගේ සංකල්පනාව භාවිතා කිරීමේ ප්‍රතිඵලය නොවේද?//
Anti-Dühring by Frederick Engels 1877
මා ඉහත උපුටා ගැනීම කලේ නිර්මාල් දේවසිරි මහතා සමග මම එකඟවන බව කියන්නයි. නමුත් දැන් ප්රශ්නය වන්නේ මේ ව්‍යාපාරයට වැඩි වැඩියෙන් එකතුවීමෙන් එයට ලැබිය හැකි ගුණාත්මක වෙනස කුමක්ද යන්නයි. එය දේවසිරි මහතා පැහැදිලි කර නැත.
පසුගිය සතියේ ලැබුන අවසාන පුවත්පතේ ඥානසිරි උදම්මිට මහතා රාමචන්ද්‍ර මහතා ඉදිරිපත් කල අදහසම ඉදිරිපත් කල බව මගේ හැඟීමයි.
නමුත් මේ දේවසිරි මහතාගේ ගුණාත්මක වෙනස්විම පිලිබඳ පැහැදිලි කිරීමේ අඩුපාඩුව හා ඔහුගේ ව්‍යාපාරය දැනට තිබෙන දේශපාලනික හා සමාජ ප්‍රශ්න විසඳීමේ එකම මාර්ගය වන්නේද යන්න ඔහුගේ පැහැදිලි කිරීමක්ද නැත. එසේම සුමිත් චාමින්ද මහතා සහ රාමචන්ද්‍ර මහතාගේ ඉහත දැක්වූ මතයන්ට ම සහය දැක්වුවද ඔවුන් මේ ප්රශ්නය සාර්ථකව (tackle ) විසඳ ගන්න ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් නොකරයි.
මගේ යෝජනාව:
මා සිතන්නේ මෙය අවධි කීපයකින් යුතු දිගු ගමනක් වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ජනාධිපතිවරණය හා පොදු අපේක්ෂකයකු තෝරා ගැනීම යන ප්රශ්නයයි. මෙහිදී මේ වගුව ආධාරයෙන් මගේ පැහැදිලි කිරීම කරමි. කාලය y අක්ෂයේත් අරගල සහභාගිත්වයේ ප්‍රමාණාත්මක වැඩි වීම X අක්ෂයේත් පෙන්වා ඇත.
මේ සම්බන්ධ අවධීන් මෙසේ දක්වමි.
1. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය
ආචාර්ය දේවසිරි නිවැරදිව පවසන්නා සේ අප මෙහිදී ඇති හැකි පමණට මේ ව්‍යාපාරයේ ප්‍රමාණාත්මක වැඩිවීමට සහය දැක්වීමක් කල යුතුය. මෙම ව්‍යාපාරයේ ඉල්ලීම් ලක්ලැව් පාවෙන හැඟවුම් කාරක (floating signifier) පිළිබඳව හඳුන්වාදුන් පරිච්ඡේදයේ අරගල ක්‍රමය
2. පොදු පක්ෂ අරගල මෙහෙයුම් මධ්‍යස්ථානය - පසුගිය මාසයේ මට හමුවූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ (පෙරටුගාමී සමාජවාදී පක්ෂය නොවේ) සාමාජිකයකු ඇසුවේ මම වාමාංශික පක්ෂවල සරලම එකතුවක් අපේක්ෂා කරන්නේ ඇයි කියයි. (පෙසපේ එවැන්නකට සහයෝගය දෙන බව පෙනෙන්නට තිබේ) ඔහුට දිග පිළිතුරක් ඒ අවස්ථාවේ දීමට නොහැකි වුන අතර එයට පිළිතුර ඇත්තටම මෙයයි. පොදු පක්ෂවල අරගල මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවයයි. ඉතාම සරලව ගත්තොත් තම තමන් තුල ඇති න්‍යායික ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, සංවිධාන ප්‍රශ්න ආදී සියල්ල කාපට් එක යටට දමා එකතු විය යුතු වෙලාව මෙයයි. හැම පක්ෂයකම විවිධ අන්දමේ හැකියාවන් තිබෙන අය සිටිති. වාමාංශික පක්ෂවල මේ සංඛ්‍යාව වැඩිය.
ඒ අය එකතු කර පිහිටුවන මෙහෙයුම් මධ්‍යස්ථානය ඉහත ව්‍යාපාරයට ඉහලින් ඔසවා තැබිය යුතුය.
3. අරගල මෙහෙයවීමේ ක්‍රියාවලිය
මෙහිදී ධනවාදීන් තමන් සතු සියලු සම්පත් උපයෝගී කර ගන්නා සේ අපට ඇති සීමිත සම්පත් බොහොමයක් උපයෝගී කර ගත යුතුයි. සරල පක්ෂ එකතුවකට මෙය කල හැකිය. පවතින, සංවිධානය කරන සියලු අරගල නියමිත පරිදි විශ්ලේෂණය කල යුතුයි. ඒවාට සහබාගි වූ ජන සංඛ්‍යාව, පැවතුන කාලය, ඉල්ලීම් වර්ග ලේඛන (වැඩ හොඳින් පරිගණක ගත කොට) ගත කොට ප්‍රස්ථාර ගත කොට, අරගලය විහිදෙන ස්වභාවය හදාරමින් ඒවා මෙහෙයවිය යුතුයි. මෙය කල හැක්කේ එකතු වීමෙනි. අරගල මධ්‍යස්ථානයේ විශ්ලේෂකයන් අරගල වල සිට ඒවා සංඛ්‍යාගත කිරීම කල යුතුයි. විදෙස් වල සිටින අයට ඒවා විශ්ලේෂණය (analyse ) කිරීමෙන් උදව් කල හැක.
4. මෙසේ වන අතර සිදුවීම් ( event ) දෙකක් සිදුවිය හැක. එනම්,
a ) පොදු අපේක්ෂකයා ජය ගැනීම හෝ නොගැනීම හා
ජය ගත හොත් ඇතිවිය හැකි සමාජ ප්රජාතන්ත්රවාදී පන්නයේ ආණ්ඩුව
b ) ජය නොගතහොත් ඇති විය හැකි මර්දනකාරී ආණ්ඩුව
ඉහත අවස්ථා දෙකෙන් පලවන එකේදී සමාජ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවකට සියලු ප්‍රශ්න විසඳිය නොහැකිය. එහිදී නිර්මාල් කීවාක් මෙන් මෙන්ශේවික් පන්නයේ ආණ්ඩුවක් බිහිවීමට ඇති ඉඩකඩ වැඩිය.
දෙවැන්න විස්තර කිරීම අවශ්‍ය නැත.
5. අරගලය දිගටම මෙහෙයවීම - ඉහත අවස්ථා දෙකේදීම අරගලය දිගටම මෙහෙයවීමේ අවශ්‍යතාවය පැන නැගී. සුමිත් චාමින්ද, රාමචන්ද්‍ර හා උදම්මිට තිදෙනාම මෙතනට අති ධාවනකාරී පිම්මක් පනින්නට යන අතර මෙය කල හැක්කක් නොවේ.
6. වඩා ඉදිරියෙන් ඇති වාමාංශික පක්ෂ මුල් තැනට ඒම - අරගල අවස්ථාවන් වැඩි වීම ඒවායේ මෙහෙයවීම අනුව වඩා සංවිධිත , දැඩි විනයක් සහිත වාමාංශික පක්ෂයක් හෝ පක්ෂ දයලක්තික ප්රතිවිරෝධයන් වල විසඳීම හමුවේ බිහිවනු, හෝ විකාශනය වනු ඇත.
7. ජන අරගලයේ හැරවුම් ලක්ෂය - නිර්ධන පන්තියේ , හමුදාවල, ගොවීන්ගේ හා ශිෂ්‍යන්ගේ සහභාගිවීමේ ප්‍රමාණාත්මක වැඩිවීමේ ප්‍රතිපලය හා මෙහෙයුම් පක්ෂවල ක්ෂණික එකතුව (Fuse වීම) මගින් එන ගුණාත්මක වෙනස අරගලයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරනු ඇත.
මෙය තවදුරටත් සංවාද කර ගොඩ නැගිය යුතු තත්වයකි. ප්රශ්නය වාමාංශික පක්ෂ එවැන්නකට සුදානම්ද යන්නය.
(උපුටා ගැනීම (https://www.marxists.org/archive/marx/works/1877/anti-duhring/ch10.htm)

(මෙහි D 1.. ආදිය ඉල්ලීම් හෝ ඒ සඳහා වන අරගල)
මෙන් (දීප්තිගේ, සුමිත් චමින්දගේ ලිපි බලන්න. මෙයට මාද පිළිතුරක් මගේ බ්ලොගයේ සපයා ඇත. ) පවතින රාජ්‍ය බලාධිකාරයට එරෙහිව සාර්ථකව යොදා ගත හැක. 2. පොදු පක්ෂ අරගල මෙහෙයුම් මධ්‍යස්ථානය - පසුගිය මාසයේ මට හමුවූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ (පෙරටුගාමී සමාජවාදී පක්ෂය නොවේ) සාමාජිකයකු ඇසුවේ මම වාමාංශික පක්ෂවල සරලම එකතුවක් අපේක්ෂා කරන්නේ ඇයි කියයි. (පෙසපේ එවැන්නකට සහයෝගය දෙන බව පෙනෙන්නට තිබේ) ඔහුට දිග පිළිතුරක් ඒ අවස්ථාවේ දීමට නොහැකි වුන අතර එයට පිළිතුර ඇත්තටම මෙයයි. පොදු පක්ෂවල අරගල මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවයයි. ඉතාම සරලව ගත්තොත් තම තමන් තුල ඇති න්‍යායික ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, සංවිධාන ප්‍රශ්න ආදී සියල්ල කාපට් එක යටට දමා එකතු විය යුතු වෙලාව මෙයයි. හැම පක්ෂයකම විවිධ අන්දමේ හැකියාවන් තිබෙන අය සිටිති. වාමාංශික පක්ෂවල මේ සංඛ්‍යාව වැඩිය.