මම හුඟක් කාලෙකට කලින් කියවපු පොතක් තමා බිල් බ්‍රයිසන් ගේ "A short history of nearly everything" කියන පොත. මෙහි එක තැනක මෙන්න මෙහෙම තිබෙනවා. මේ අපි දන්නා දේවල් හැබැයි.
පරමාණුවක් ඉතා කුඩායි කියල අපි දන්නවා. මිලි මීටරයක් කියන්නේ මේ - ඉර වගේ භාගයක්. මේක දාහකට බෙදුවාම තමා මයික්‍රෝන් කියන්නේ. තනි සෛලයේ පැරමිසියම් එකක් මයික්‍රෝන් දෙකක් දිගයි.
මයික්‍රෝන් සෛලයක් |
පරමාණුවේ න්‍යෂ්ටිය සංයුක්ත වන්නේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන වලින් බව අපි දන්නවා. මේ න්‍යෂ්ටිය ඉතාමත් කුඩායි කියාත් අප දන්නවා. ඒ කියන්නේ මුලු පරමාණුවේ පරිමාවෙන් බිලියනයකින් එකක්. දැන් මේකයි පැරමිසියම් සෛලයයි සංසන්දනය කරන්න කොපමණ අමාරුද කියා වැටහෙනවා ඇති. ඉතාමත් දැඩි හා ඝන න්‍යෂ්ටිය මුළු පරමාණුවේම බර හා අතිවිශාල ශක්තියක් (energy) දරා සිටිනවා. අපි පරමාණුව විශාල පන්සලක දාන ශාලාවක් හෝ පල්ලියක් තරම් විශාල කළොත් එහි න්‍යෂ්ටිය මැස්සෙකුගේ තරම් ඉඩ ප්‍රමාණයක් තමා ගන්නේ. නමුත් මේ කුඩා මැස්සා පල්ලිය හෝ පන්සල මෙන් දහස් ගුණයක් බරයි.
මට කිවීමට අවශ්‍ය දේ තිබෙන්නේ මෙතැනයි. එනම් පරමාණුවක් තුල අති විශාල අවකාශයක් තිබෙන බව. එහි න්‍යෂ්ටියේ සිට ඉලෙක්ට්‍රෝන් වලාකුළ දක්වා ඇති හිඩස එනම් මුළු පරමාණුවේ පරිධිය හා න්‍යෂ්ටිය අතර අවකාශය ගැන කල්පනා කල හොත් අප අවටත් ඇති දෘඪතර බව මායාවක් (illusion) බව වැටහෙනු ඇත.
(සත්තාව පිලිබඳ ප්‍රශ්නය - ontology) එනම් අප දකින දේ සහ ඒ කියන්නේ කිසියම් ද්‍රව්‍ය දෙකක් එකට එකතු වන විට හෝ ගැටීමේදී (බිලියර්ඩ් බෝල දෙකක් හෝ කැරම් ඉත්තන් දෙකක් ගැටීම ගැන කල්පනා කරන්න ) මේ දෙක එකිනෙකට ඇත්තටම වදින්නේ නැත. සිදු වන්නේ ද්‍රව්‍ය දෙකේ (බිලියඩ් බෝල හෝ ඉත්තන් දෙකේ ) සෘණ ආරෝපිත ක්ෂේත්‍ර එකිනෙක විකර්ෂණය (repel ) කිරීමයි.
අප පුටුවක හිඳ ගන්නා විට අප ඇත්තටම හිඳ ගන්නේ නැත. වන්නේ අප පුටුව උඩ පාවීමකි. අප පාවෙන්නේ එක අන්ග්ස්ට්‍රොම් (angstrom) එකක උසකිනි. (හෙවත් මිලියන් සීයකට බෙදූ සෙන්ටිමීටරයකින් එක කොටසකිනි). මෙය ඉතා කුඩා අගයක් නිසා අප පුටුව උඩ පාවෙන ගතියක් අපට දැනෙන්නේ නැත.
(ඔබ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය වැළඳ ගන්නා විට ඔබ ඔහු හෝ ඇය සැබවින් ම ස්පර්ශ කරන්නේද , නැතහොත් දෙදෙනාගේ සෘණ ආරෝපිත ක්ෂේත්‍රයන් එකිනෙකා ප්‍රතික්ෂේප කරන්නේද?)
මා මෙය උපුටා දැක්වුයේ අප දකින දේ හා සැබෑව අතර වෙනසක් ඇති බව කීමටයි. අප මෙය හොදින් දනිමු. හේගල් ගේ දයලෙක්තිකය ඉදිරිපත් කරන විට විශ්වයේ උපත මෙන්ම මුලද්‍රව්‍ය ගැන ඇති දැනුම ඉතා සීමා සහිත එකකි. මාක්ස් එන්ගල්ස්ට ස්වභාව ධර්මයේ දයලෙක්තිකය ලියන්නට කීවේ ඇයි ? එම සටහන් වලත් බොහොමයක් වැරදි කරුණු (උදා: විශ්වය ගැන) තිබේ. ඒ කාලයේ මන්දාකිණිය විශ්වය ලෙස සැලකිණි.
මම අංශු ක්ෂය වීම හා ඇති වීම, න්‍යෂ්ටික සහවාදය (particle decay and nuclear synthesis ) එකට දයලෙක්තිකය අදාල කලේ එහි සමානත්වයක් දුටු නිසයි. නමුත් මේ පිළිබඳව මගේ අදහස දක්වා ලියන ලිපියට තව මාසයක් වත් ගත වේවි. අර පොත කියවා නිම කරන තුරු.
(සමිත රත්නායක අහල පහලක ඉන්නවා නම්)
සමිත රත්නායක ජිජැක් කතාවට විසන්යෝජනයක් ලිපියට පහත දැක්වෙන කොමෙන්ටුව දමා තිබුණා.
// හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනුව දයලික්ත්කය ත්‍රිත්ව ආකෘතියෙන් ප්‍රකාශ කල නොහැකමෙහි සහවාදය නොමග යවන සුළු යෙදූමකි.හෙගල් ට අනුව අවසන් සහවාදයකට පැම්නිය නොහැක.ඔනම සහවාදයක් තුල කලින් අවදියේ සංගටක මෙන්ම ඒවා ඉක්මවා යන ගුනාංගද අඩංගුය.දයලික්තකය ඉදිරියට තල්ලුකරන්නේ ප්‍රතිවිරෝධතා හරහාය.අතිරේකයන් හරහාය.මේ අනුව සහ වාදයක් ඇති තැනක දයලික්තිකයක් නැත.දයලික්තිකයට රූපික සූත්‍රයක් නැත.ප්‍රතිවිරෝධතා ඉක්මවා යන රූපික ක්‍රමයක් එක් සහවාදයකට ගත හැකිවිදියක් නැත.දයලික්තිකය විධික්‍රමයකට හෝ ආකෘතික ව්‍යුහයකට කොට කර නොහැකමෙහි සෑබෑ රූපය නීශේදනය විනා ත්‍රිත්ව රූපික ව්‍යුහයක් නොවේ,හැමවිටම ඉඩ දෙන්නේ අසම්පූර්නත්වයටය,පරිපූර්න ත්‍රිත්ව රූපයකට ඉඩ නොදෙයි.මෙය සියලු රූපකායන් ඉක්මවා යන අතර වෙනත් අතිරේක කරනයක් ඉල්ලා සිටී.
ඊළගට බලමු හෙගල් විසින්ම මල් පොහොට්ටුවේ මලක් වීමේ කතාව දයලික්තකයට කොහමද අදාලකරගත්තේ කියලා.මෙතන්දි හෙගල් කතා කරන දේ සහ විද්‍යාවේ කතා කරන දේ දෙකක්.විද්‍යාවේ අර්තයෙන් මේ ක්‍රියාවලිය ගැන කතා කරනවා නම් ඒකට කියන්න පුලුවන් බව වාදය(ඔන්ටික්).නමුත් හෙගල් කතා කරන්නේ මෙහි ඇති සත්වාදයයි.හෙගල් කතා කරන්නේ ස්භවධර්මයේ මේ දේවල් ගැන අධ්‍යනය කරද්දි චින්තනයේ වෙනස් වන්නේ කොහමදයි කියාය.ඔහු කතාකරේ මෙහි ඇති ontology එක සම්බන්දයෙන්ය.එමෙන්ම මෙය ඔහු එක් එක් අවස්ථාව ලෙසින් ගත නොහැකි බව පෙන්නුවා.(මලේ කතාවට අදාලව ).මේ ඇසුරෙනුයි මම ස්භවධර්මයට අදාලව දයලික්තය යෙදීමට විරුද්ද වුනේ.ඉතින් අපට particle decay එකකට දයලික්තක්යට දාන්න පුලුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා//
//මවිසින් එදා දුන් පිළිතුර වූයේ :
හෙගලියන් දයලෙක්තිකය එය බව මම පිලි ගන්නවා. නමුත් දයලේක්තික භෞතික වාදය හා ඓතිහාසික භෞතික වාදය සම්බන්ධ පසු සංවාද වලදී ස්වභාව ධර්මය හා විද්‍යාව දයලෙක්තිකය ඇසුරෙන් පැහැදිලි කර ගත හැකිබවට පිළිගැනීමක් තිබෙනවා. පරණ මාක්ස්වාදීන් හා පරණ වාමාංශිකයන් ඔබ කියන සිමාවේ සිට ක්වන්ටම් භෞතිකය ඉදිරියට එනවිට ඇතිවන ඔන්ටෝලොජිකල් ප්‍රශ්නයට පිළිතුර සොයා ගත නොහැකිව ආසියානු ආගම් දෙසට හැරුන. හෝ හැරෙනවා. (උදා: ජී අයි ඩී ධර්මසේකර , සෝමවංශ අමරසිංහ )
http://www.thenorthstar.info/?p=3783
මෙන්න මේ ලින්ක් එකේ පොතක් තිබෙනවා. http://m.friendfeed-media.com/2ea002becccc8cc99691a12b53cc7bcdf766b04b
The Dimensions of Hegel's dialectic. එහි Ontology and Dialectic in Hegel’s Thought කියා හොඳ ලිපියක් තිබෙනවා. මම හිතනවා මෙහිදී අපි එකඟ නොවී සිටීමට එකඟ වෙමු. මගේ ඊළඟ ලිපියට පසු ලිපියක් ලියනවා ක්වන්ටම් භෞතිකයේ නවතම සොයා ගැනීම ගැන. එතැනදී මෙය තව දුරටත් සාකච්චා කරමු. මේ පිළිබඳව තව ටිකක් නිදහසේ කියවීමක් හා සිතීමක් අවශ්‍ය වෙනවා මට. දැනට ඒ වෙලාව නැහැ.//
මේ යොමුවේ http://www.thenorthstar.info/?p=3783 මා අවධාරණය කරන්නේ මේ කොටසයි: (හෙලේනා ශීහන් සමග සාකච්චාව)
මාක්ස් එංගල්ස් ට සොබා දහමේ දයලෙක්තිකය ලියන්නට කිව්වේ ඇයි යන ප්‍රශ්නය හා එංගල්ස් කොතෙක් දුරට එය කලාද කියන එක. අනික තමා ඩාවින්ට හා ඩාවින්වාදයට (පරිණාමවාදය) මාක්ස් හා එංගල්ස් කොතරම් සමීපව සිටියාද කියන එක.
අපි හෙගල්වාදය අත් හරින්න ඕනේ මෙතන තමයි.
ප්‍රශ්නය: Engels also wrote extensively on science, particularly in his manuscript Dialectics of Nature, unfinished and unpublished during his lifetime. What is it about this document, and Engels more generally, that has been so controversial in the history of Marxism’s relation to science?
HS: There is a tension in Marxist philosophy between its roots in the history of philosophy and its commitment to empirical knowledge. For the best Marxist thinkers, certainly for Marx and Engels themselves, it has been a creative interaction. However, some of those pulling toward German idealist philosophy, particularly that of Kant and Hegel, have brought into Marxism a hostility to the natural sciences, influenced by the Methodenstreit, an antagonistic conceptualization of the humanities versus the sciences, which has played out in various forms over the decades.
The critique of positivism has been bloated to an anti-science stance. The tendency of some to counterpose a humanistic Marx to a positivist Engels is not supported by historical evidence, as I have demonstrated at some length in my book.
මේ පිළිබඳව වඩා හොඳ පිළිතුරක් දීම සඳහා ලිපියක් පටන් ගත්තත් මගේ දැනීම යම් ප්‍රමාණයකින් මදි බව වැටහුණු නිසා මම එය අත් හැරලා පොතක් මිලදී ගත්තා කියවන්න මම ලියන්න හිතන් ඉන්න දේට අදාළව . පොතේ නම "The Quantum Universe: Everything that can happen does happen" - by Prof. Brian Cox and Jeff Forshaw" තවම කියවල ඉවර නැහැ. ලිපිය ලියන්න වෙන්නේ පොත කියවල ඉවර වෙලයි. මේ පෝස්ටුව ලියන්නේ ඉහත කොමෙන්ටුවට පිළිතුරක් ලිවිම ගැන අමතක වී නැත කියන්නයි.
ස්තුතියි.
මුලාශ්‍ර: A short history of nearly everything - Bill Bryson
http://www.thenorthstar.info/?p=3783