Saturday, 28 March 2020

පූසි ද හදිස්සියේ කතා කලාය

පූස් දුව 
මම නිහඬව කොම්පියුටරය දෙස නෙත යොමාගෙන සිටියෙමි.  නිවසේ සිට වැඩ කරන්නට පටන් ගෙන දැන් දින තුන හතරකි. එක අතකට මෙය හොඳ අපේ  බොසාටමය. ඔෆිසියේදී මෙන් නොව මං දැන් ටිකක් වැඩිපුර වෙන්න වැඩ කරමි.  කෑම බීම මේසය ළඟටම  ලැබේ. දූලා දෙන්නාගේ පාසල් වහලාය.  දෙන්නාම මොබයිල් වල මුහුණ රුවාන ඉන්නවාට මම කිසිත් කියන්නේ නැති බව දනිති.  හැමෝම සතුටිනි.

හදිසියෙම කවුදෝ කතා කරන හඬක් ඇසුණේය. මම වට පිට බැලීමි. දුවල දෙන්නාද අහලක නැත.  උදේට ස්කයිප් එකේ උගන්වා අවසන් කරන බිරින්දෑ නිවී හැනහිල්ලේ රූපවාහිනිය නරඹන්නීය.

"මේ , මේ මම කතා කළේ ඩැඩී  " නැවතත් කොඳුරන හඬක්  ඇසේ.

දුවල දෙන්නා ගාඩ්න් එකේ දැයි බැලීමි නැත . අහලක වත් නැත.

"ඩැඩී මේ බිම බිම, මං කිකී ඔයාගේ පූස් දුව "

"මොකාක්" කලබල වූ මම වේගයෙන් පැමිණි කොරෝනා වයිරසයක්  වැදුනාක් මෙන් පුටුවෙන්  ඇද වැටුනෙමි. ඇදවුනු කට වමතින් හරි ගස්සා ගත් මම  බිම වැතිරී සිටි කිකී, අපේ පූසා දෙස බැලීමි.

"මට හරි සතුටුයි. " පූසි කීවාය.

මම මෝෆින් වැනි කිසිදු  දෙයක් නොගන්නා  නිසා බිරිඳ අන්තිමට හදා දුන් තේ කෝප්පයේ මොනවහරි බෙහතක් දැම්මා දැයි පුසුඹ අල්ලා බැලීමි. කිරි මිශ්‍ර තේ සුවඳ  පමණය.

"ඔයා මොකද බය වෙලා වගේ ඩැඩී, අද මට මමී චීස් කෑලිත් දුන්නා .ඔයා උදේ දුන්න හැම් කෑලි වලට පස්සේ. පූස් කෑම කාලම එපා වෙලා හිටියේ. හරි සතුටුයි." පූසි කියාගෙන ගියාය.

කතා කරන්නේ පූසි දැයි හරියටම නිශ්චිත කර ගැනීමට වැරෙන් හිසට ටොක්කක් ඇණ ගතිමි. හදිසියේම මට මතක් වුනේ උදේ කෑම ගනිද්දී  පූසිට හැම් කෑලි ටිකක් විසික් කළ බවය. කොරෝනා වසංගතයට කල් තබා ගන්නට ගෙනා ඒවා යේ දින ඉකුත් වෙන්නේ අද නිසා ඒවා ඉවර කල යුතුය. එනිසා කිකී සමග බෙදා ගතිමි.

"කොහොමද බොල මමී , ඩැඩී වුනේ.උඹේ අම්මයි තාත්තායි අල්ලපු ගෙදර නේ හිටියේ"

පූසි පුංචි කාලේ අපි බාර ගත්තේ අල්ලපු ගෙදර ලොකු පූසි හදිසියේ බිහි කළ පැටව් රොත්තෙනි.

"එහෙම කතා කරන්න එපා ඩැඩී, දැන් ඔයයි ඉනෙස් මමීයි  නේ මාව හදා ගත්තේ. හදා  ගත්ත දෙමාපියෝ තමයි මගේ අම්මයි තාත්තයි. මට සතුටු මොකද දන්නවද ? ඔයාල ඔක්කොමල  දැන් ඉන්නේ ගෙදර, මමී මාව හුරතල් කරනවත් වැඩියි. ඔයා මට  පූස් කෑම වෙනුවට වෙන කෑමත් දෙනවා. අඹ දුන්න ඊයෙ . පෙරේදා ගස්ලබු දුන්න. අද හැම්. "

ඇත්තටම මේ පිස්සු පූසි මම අඹ කෑල්ලක් කනවා ඇස් ලොකු කර බලා සිටි නිසා මම පොඩි අඹ කෑලි කිහිපයක් දුනිමි. ඇය ඒවා කෑවාය. පෙරේදා ගස්ලබු කෑවාය.
පූසන් පලතුරු කන බවක් මා දැන  සිටියේ නැත.

"පූසන් කොරෝනා වයිරසේ ගැන දැනගෙන ඇති. විටමින් සී තියෙන ඒවා කන්න කියල පූස් සෞඛ්‍ය සංවිධානෙන් කියන්න ඇති. "  පොඩි දුව බැරෑරුම් ලෙස කීවාය.

"දැන් බලන්න මගේ අක්කිලා දෙන්නම ගෙදර. වෙනද වගේ මාව කාමරෙන් එලවන්නෙත් නෑ. හෙට අනිද්දට පූස් කෑමත් දෙන්න පටන් ගනී "
පූසි හෙන ජොලියෙන් කීවාය.

"ඒකනම් මේ කපේට වෙන්නේ නැහැ. එයාලගේ මමී  තමයි වදෙන් පොරෙන් කෑම ටික බෙදල දෙන්නේ. නැත්නම් අර ක්‍රිස්ප් පැකට් නුයි පැණි රැළි යි කකා ඉඳී දවස පුරාම. අනික ඔහේගේ අක්කිලා උනේ කොහොමද?"

"මේ මේ මගෙත් මමී තමයි. ඔයා ඩැඩී නම් එයාලා අක්කිලා තමයි. හුහ්  " පූසි උරණවූ ලෙසින් කීවාය.

"හරි හරි ඒක අමතක වුනා. මේ කොරෝනා කෙහෙල් මලක් නිසා වෙච්ච දෙයක් අම්මපා හැබෑට, වැඩට යන්න  නෑ. පූසියෝ කතා කරනවා. හෙලිකොට්ටරෙන් පිරිත් පැන් ඉහිනවා. කුරුසේ වටේ ගෙනියනවා. පල්ලි වලින් සෙරෙප්පු දාල දුවනව. කවදා කෙළවරක් වෙයිද? " මම නුරුස්නා ලෙසින් කීවෙමි.

"එහෙම කියන්න එපා. කොරෝනා නිසා තමා ඔයාලා ගෙදර ඉන්නේ. මට හොඳ කෑම ලැබෙන්නේ. ඔක්කොමලා මාව හුරතල් කරන්නේ. මම කොරෝනට ආදරෙයි." පූසි කීවේ හෙන සැහැල්ලුවෙනි.

"ආ මෙන්න නිව්ස් එකක්. " හදිසියේ ස්කයි නිව්ස් එකෙන් පුවතක් දුටුවෙමි.

"මොකද්ද මොකද්ද " පූසි උඩ පැන්නාය.

"ගෙදර ඇත්තියෙක් ගෙන් එයාගේ පෙට් පූස් ට කොරෝනා බෝවෙලා."

"බුදාම්මෝ " කෑ ගැසූ පූසි ඇරී තිබුන දොරින් පැන දිව්වාය .

හොඳින් පුටුවේ ඇලවී නිදා සිටි මා  උඩගොස් ඇහැරුණේ මයික්‍රොසොෆ්ට් ප්‍රොජෙක්ට් ටීම් හරහා එන බොසාගේ කෝල් එකෙනි.
හොඳ වෙලාවට නින්ද ගිහින් තිබුණේ හෙඩ්ෆෝන් එක කනේ රුවාගෙනය.



    -කොළඹ ගමයා

Thursday, 26 March 2020

හිරු එළියෙන් වයිරසය නැති වෙනවද?

මේ කතාව ප්‍රචලිත වෙන්නේ සීත රටවල පැතිරෙන නිසා වෙන්න ඕනේ.
මේ කාලෙට ප්‍රතිශක්තිය කොහොමත් අඩුයි.

හැබැයි ඕකේ ඇත්ත  මේකයි කියල මම හිතන්නේ .මම සෝවියට් දේශයේ ජිවත් වුන නිසාත් පසුව බ්‍රිතාන්‍යයේ ජිවත් වන නිසාත් ජර්මනියට නිතර යන නිසාත් දැන  ගත්ත දෙයක්. දැන් මොස්කව් වල වැඩියෙන්ම බැක්ටීරියා, වයිරස් උණ  පැතිරෙන්නේ  ශීත  කාලය අවසන් වනකොට නැත්නම් ශිත සමය  අවසන් වෙමින් වසන්තය ට එනකොට. ඒ කියන්නේ අධික ශීතලට (මේක නිකන් මවා  ගන්න)බෝල වගේ ගුලිවෙලා ඉන්න වයිරස් එලියට එනවා යන්තම් උණුසුම් වෙනකොට.  (අපට කියලා දුන්නේ එහෙම පළමුවෙනි අවුරුද්දේ ගුරුතුමියක්) එතකොට ඒ කාලෙට වැඩියෙන් පැතිරෙනවා. ගිම්හානය වෙනකොට මිනිසුන්ට  සනීපයි. ප්‍රතිෂක්තියත් ඇවිල්ලා. එනිසා වයිරස් එක තිබ්බ කියල හැදෙන්නේ නැහැ. ඒ කාලෙට මිනිස්සු පලතුරු කනවත් වැඩයි. ව්‍යායාම කරනවත් වැඩියි.
  එනිසා  ජර්මනිය සහ ස්වීඩනය වගේ රටවල් පැත්තට  යනකොට දැඩි ශීත කාලයේ මේ වයිරස් සහ බැක්ටීරියා අඩුයි.

මම සෝවියට් දේශයේ ඉන්න කාලේ වඩා හොඳට උණුසුමට  ඇඳගෙන එලියට යන්න කිවේ හිම දියවෙන කාලේ (ටීචර්ස් ලා ). ඒ කාලෙට තමා ලෙඩ වැඩි. හෙම්බිරිස්ස කාරයොත් වැඩියි.

දැන් රුසියාවේ තවම පැතිරෙනවා අඩුයි මේ වයිරසය . ඒත් ඇයි පූටින් ලෑස්ති වෙන්නේ  ලොකු රෝහලක් හදාගෙන ? තව  ඉස්සරහට රස්නේ එද්දී.

උදාහරණයකට ගත්තොත් එංගලන්තයේ වයිරස් සහ බැක්ටීරියා ජාති 80 විතර තියනවලු. ඒකට හේතුව මෙහෙ ශීත සමය  දරුණු නැති නිසා.  එනිසා මෙහෙ මිනිසුන්ට සාමාන්‍යයක් වශයෙන් හෙම්බිරිස්සාව සහ නියුමෝනියා තත්ත්ව ස්වභාවයෙන්ම වැඩියි.
අනික මේ කාලෙට තමයි අපේ ප්‍රතිශක්තිය අඩුම. වැඩිපුර විටමින් සී තියෙන පලතුරු කන්නේ පෙති බොන්නේ මේ කාලෙට.

එංගලන්තයට සාපේක්ෂව උතුරු යුරෝපයේ රටවල ජර්මනිය, ෆින්ලන්තය , ස්විට්සර්ලන්තය් වගේ රටවල වයිරස් වර්ග සහ බැක්ටීරියා අඩුයි .  30ක් වගේ ලු තිබෙන්නේ. (මේවා ගූගල් කරලා හොයා ගන්න පුළුවන්.)නමුත් ආයි ස්පාඤ්ඤ ය වගේ මදක් උණුසුම් රටවල් පැත්තට  පැත්තට යනකොට මේ ප්‍රතිශතය වැඩි වෙනවා.

සාමාන්‍යයෙන් රස්නේ ඇති (අංශක 40 ට යන ) සයිප්‍රස් වල මේ බැක්ටීරියා හා වයිරස් අඩුයි. ඒ වගේම ඒ මිනිසුන් ගේ ප්‍රතිශක්තිය වැඩියි.

සයිබීරියාවේ තිබෙන්නේත් මේ තත්වයමයි.හීතල වෙනකොට සෘණ 40 ට 50 යනවා. රස්නේ වෙනකොට +50 ට යනවා. එනිසා බැක්ටීරියා හා වෛරස රඳන්නේ නැහැ. හැබැයි ඉතින් රස්නේ රටවල වෙන දරුණු වෛරස් තියෙනවා. එබෝලා වගේ.

දැඩි හිරු රශ්මියට අනාවරණය කලොත් ගොඩක් විෂ බීජ නැතිවෙනවා කියල අපි දන්නවනේ.  එනිසා වෛරසය පැතිරීමේ වේගය අඩුවෙන්න පුළුවනි. ඒත් මාරයා එන්නේ හැංගිලා.

Wednesday, 25 March 2020

ශ්‍රී ලංකාවේ කොරෝනාවයිරස් තත්වය

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසයේ පැතිරීම 
අද දින දක්වා ශ්‍රී ලංකාවේ කිසිදු කොරෝනාවයිරසය අනුබද්ධව ඇතිවූ අසනීප තත්වයන් නිසා සිදු වූ මරණ කිසිවක් වාර්තා වී නැත. ඉතා ඉක්මනින්  රෝගියා නිරීක්ෂණය කර   රෝහල්ගත කොට සුව වන තෙක් උපස්ථාන කිරීමේ ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාව අනුගමනය කරණ බව පෙනේ.  ශ්‍රී  ලංකාවේ ජාතික  සෞඛ්‍ය සේවය ට මල් කළඹක් පුද කිරීමට මෙය හොඳ අවස්ථාවක් යයි සිතමි.

එහෙත් ශ්‍රී ලංකාව තවමත් ඇත්තේ කොරෝනාවයිරස් වසංගතයේ මුල් අවධියේ බව නොකියා බැරිය.  එනම් මාර්තු පළමුවනදා සිට 25 දක්වා රෝගීන් 102 දෙනෙකි.
මෙයින් චීන කාන්තාවගෙන් කිසි කෙනකුට වෛරසය වැළඳුනු බවක් නොපෙන්වයි.  අනිකුත් චීන ජාතිකයන්ට රෝගය නොපෙන්වා වාහකයන් වීමේ අවස්ථාවක් තිබුනේ නැතිද?
නැත්නම් දවස් 14 ඇතුලත් ඊළඟ රෝගියා හමුවිය යුතුය. එසේ හමුවී ඇත. එනම් මාර්තු 14 රෝගීන් 6 දෙනෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එක් අයෙකු ගෙන් 2.2 ට පැතිරේ. එහෙත් දවස් 7 කදී හැත්තෑ දෙනෙකුට පැතිරී තිබුනේ නැත. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ගත් ක්‍රියා මාර්ග නිසා විය යුතුය.

නමුත් ඉතාලිය, ඇමෙරිකාව යන රටවලින් පැමිණි අයගෙන් රෝගය නැවත බෝවී තිබුණි. මේ නිසා 17දා වන විට 29 කුත් 21 දා වනවිට 59 කුත් හමුවී තිබේ. අද 25 දා වන විට 102 කි. ඒ අනුව දෙගුණයක් වීමේ ප්‍රවණතාවය එලෙසම තිබේ. මේ අනුව 30 දා වනවිට 230 පමණ හමුවිය හැකිය.
එය ඉහත  වගුවෙන් පෙනේ. රෝගීන් සංඛ්‍යාව වැඩිවන බව පැහැදිලිය.

යුරෝපයේ රෝගීන් සියයකට එක අයෙකුද දෙසීය වන විට දෙතුන් දෙනෙකුද මිය යාමේ ප්‍රවණතාවයක් තිබුණි.
මේ නිසා ශ්‍රී ලංකාවේ එකවරම රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇත්තේ අප්‍රේල් 2 හා 4 අතරය. එනම් බොහෝ විට රෝගීන් සංඛ්‍යාව  1126 සිට 4198 දක්වා වැඩිවිය  හැකිය.
මේ ගණනට  එනවිට හතළිහක පමණ පිරිසකට එය මාරාන්තික විය හැකිය.

මතක තබාගන්න මේවා ගණිතමය වශයෙන් එන සංඛ්‍යා මිස රටේ ඇඳිරි නිතිය පැවතීම වැනි සාධක සලකා බලා කරන පුරෝකථන  නොවේ.
ඒ කියන්නේ ශ්‍රී ලංකාව හා එහි වැසියන් ගන්නා ක්‍රියා මාර්ග මත වාසනාවන්ත ලෙස එසේ සිදු නොවීමට ඉඩකඩ තිබේ. 
බ්‍රිතාන්‍ය හෝ ඉතාලිය වැනි රටවල මෙන්  වසංගත තත්වය ගැන  නොසලකා හිටියොත් අවුරුදු සමය වනවිට මේ  රෝගීන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩිවිය හැකිය.  මරණ සංඛ්‍යාවද සීයත් දෙසීයත් අතර වනු ඇත.

ශ්‍රී ලංකා රජය ඇඳිරි නීතිය  පනවා ඇති අතර ජර්මනිය වැනි තත්වය පාලනය කර ඇති රටවල මෙන් දිස්ත්‍රික්ක අතර යෑම සීමා කර ඇත. සියලුම රෝගීන් තරයේ පරික්ෂා කරනු ලැබේ. මේවා සාධනීය තත්වයන්ය.එහෙත්  රෝගීන් ප්‍රමාණය වැඩිවුව හොත්  සෞඛ්‍ය සේවාවන්ට එය දරා ගැනීමට නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ වැසියන් එකිනෙකාට උදව් කරමින් අවබෝධයෙන් ක්‍රියා කරනු දැකීම සතුටකි.
 එනිසා තත්වය ගැන සීරුවෙන් කල්පනා කර බලා හැකි පමණ වෙන්ව සිටිමින් රෝගය පැතිරීම පාලනය කරගන්න.
අපේ ආදරණියයන්  වෙසෙන රට නිසා ඉහත අනාවැකි සිදු නොවන තරමට එය හිතට සහනයකි. 

වෙනත් ලිපි:
මුඛ ආවරණ පැළඳීම
චීනය මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි (කොරෝනා වෛරසය පැතිරී කාලය තුල)

Tuesday, 24 March 2020

චීනය මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි (කොරෝනා වෛරසය පැතිරී කාලය තුල)

මේ ලිපිය සම්බන්ධ මුල් ලිපිය පළමුව කියවන්න.

මුඛ ආවරණ පැළඳීම

රෝගය බෝවන අන්දම දළ වශයෙන් 
(කරුණාකර කලින් පෝස්ටුව කියවා මෙය කියවන්න)
සියලු දෙනාටම ප්‍රශ්නයක් වන්නේ මුඛ ආවරණ පැළඳීම සමහරු බල කරද්දී විශේෂන්ඥ වෛද්‍යවරු එසේ නොකියන්නේ ඇයිද යන්නය. ඔවුන් නිවැරදි බව කලින් දැමූ පොස්ටුවේ කියුවෙමි. එසේ නම් චීනය වූහාන් ප්‍රදේශයේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි?
එය මෙසේ පැහැදිලි කරමි.

ලෝක සෞඛ්‍ය ය සංවිධානයට අනුව එක් අයෙකුගෙන් දෙදෙනෙකුට වත් අවම වශයෙන් වයිරසය පැතිරේ. (හරි ගණන 2.2 කි) ඒ නිසා දෙදෙනෙකුට, ඉන්පසු හතර දෙනෙකුට , ඉන් තවත් අට දෙනෙකුට, ඉන් තවත් 16 දෙනෙකුට වශයෙන් රෝගය පැතිරේ. රෝගය පැතිරීම ඉතා ඉක්මන්ය. 

 වයිරසය ඔබේ සිරුරේ තිබුනද රෝග ලක්ෂණ මතු වන්නේ දින 2-14 අතර කාලයක් තුලදීය. මෙයට කියන්නේ බීජෞෂණ සමය  incubation period කියාය.  මේ කාලය තුල වයිරසය ඇති තැනැත්තා අවුරුදු  උත්සවයක "සැඟවුණු  අමුත්තා " වැන්නෙකි. ඔහු හෝ ඇයගෙන් රෝගය බෝ වුනද රෝගය ඇතැයි ඔවුන් දන්නේ නැත. මෙහි සාමාන්‍යය අගය (Average)   දින 5 කි. දින 5ත් 14ත් ඇතුලත රෝගය වැළඳී මුඛ ආවරණ පළඳින්නට පටන් ගන්නා  විටදී  වැළඳුනු තැනැත්තා  බොහෝ විට තව කිහිප දෙනෙකුට එය පතුරුවා තිබෙන්නට පුළුවන. 

එනිසා මුහුණ වැස්මක් හෝ මුඛ ආවරණයක් පැළඳීම රෝගය නැති අයෙකුට අවශ්‍ය නැත. නමුත් රෝගය පැතිරීම අතිශයින් වේගවත් වීම නිසාත් රෝග ලක්ෂණ ඇති අය ඒ ගැන නොදැනුවත් වූ නිසාත් චීන බලධාරීන් සැමටම මුඛ ආවරණ පළඳවන්නට නියෝග කරන ලද බව පෙනේ. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රෝගය වැළඳී එහෙත්  ඒ ගැන නොදත්ත වුන් ගෙන් රෝගය පැතිරීම වලක්වා ලීම විය හැක. 

බටහිර රටවල අවශ්‍ය ප්‍රමාණය ට මෙම මුඛ ආවරණ  නැති හෙයින් ඔවුන් එය පැළඳීම අනිවාර්ය කර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන අයට පමණකි. ඒත් මුළු මුහුණම වාගේ වැසෙන පරිදිය.
Shocking Videos Show Chinese Authorities Humiliating People For Not Wearing Masks
මුලාශ්‍ර Coronavirus Disease 2019 (COVID-19)

මුඛ ආවරණ පැළඳීම

මුඛ ආවරණ රතු තරුවෙන් හදල දෙන එක හොඳයි. ඒ සමගම ඇඳුම් කට්ටලත් දෙන නිසා. ඒක විශිෂ්ඨ වැඩක්. හොඳ දේට  හොඳයි කියමු.

ඒත් සමහර ජවිපෙ සම්බන්ධ අය   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියපු දේ ප්‍රශ්න කරලා තිබුන. මුඛ ආවරණ අනිවාර්ය නැහැ කියන එක. නමුත් ඒක ඇත්ත.

කවුරුහරි කිවිසුමක් ඇරියොත් ඔබ ගාව ඉඳන් මුඛ ආවරණයෙන් බේරෙන්නේ මුව විතරයි. කෙළ බින්දු ඇහැට වැටෙන්න පුළුවන් ඒ එන වේගෙට, මුහුණේ ඉතිරි පෙදෙසට වැටෙන්න පුළුවන්.  කිවිසුමක වේගය පැයට  හැතැප්ම 100. නැත්නම් කිලෝමීටර 160ක්. අනිත් කොටස් ඔබේ මුහුණේ සහ ඇඟේ අනිත් තැන්වලට විසිරෙනවා.  ලක්ෂයක් පමණ විෂබීජ විසිවෙන්න පුළුවන්. ඒ කියන්නේ මුඛ ආවරණයෙන් බේරෙන්නේ 10-30% ප්‍රමාණයක් විතරයි. (ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය බලන්න ).

එක මුඛ ආවරණයක් (surgical) වරකට වඩා පැළඳිය නොහැකියි. හෝදා පැළඳීම ද කළ නොහැකියි . සමහර විට සම්පුර්ණයෙන්තැම්බිය යුතුයි. එවිට සර්ජිකල් එකක් නම් කිවිසුම් හෝ කතාවෙන් එන බිඳිති  උරා ගන්න කොටස විනාශ වෙනවා.

ඊට පස්සේ අතින් මූණ   ඇල්ලුවොත්  හැදෙනවා. එනිසා එක්කෝ හෙල්මට් එකක් දාන්න ඕනේ. නැත්නම් හාර්ඩ් වෙයාර් කඩේකින් බාසුන්නැහේ ලා දාන ප්ලාස්ටික් ඇස් ආවරණයක් දාන්න ඕනේ.
 වානේ  පෘෂ්ඨ (stainless steel) මත පැය 9 කුත් ප්ලාස්ටික් මත පැය හයකුත්  අනිකුත් පෘෂ්ඨ මත  පැයක් පමණත් වෛරසය රඳන නිසා අත් වැසුම් පළඳින්න ඕනේ. විශේෂයෙන් සල්ලි අත ගාන සුපර්මාකට් වල අය. අත් දෙක හැම වෙලේම හෝදන්න කියන්නේ ඒකයි. පිහදාන්න ඩෙටොල් නැත්නම් දෙහි ගෙඩියක් කපල අතුල්ලන්න. එපමණම  හොඳ නැති  වුනත් යම් සහනයක් තිබෙනවා.


සබන් තමා හොඳම. ඒකෙනුත් ඔය හොඳ සුවඳ ඒවා නෙමේ රෙදි හෝදන සබන් වගේ ඒවා . එසේම දෙමල ජනතාව ඉහින කහ වතුරත්  ඉතා හොඳයි කියනවා පැතිරීම වලක්වන්න.

කහ වතුර  ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යනම් පහල යොමුවට යන්න.
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6509173/

Friday, 20 March 2020

කොරෝනාවෙන් සමාජවාදයට ??

ඩිමිට්‍රි අර්කාදියෙවිච් නල්බන්දියන් - "සමූහ ගොවිපලක තරුණියක් "
දක්ෂිණාංශික කොන්සර්වේටිව් පක්ෂයේ මුදල් ඇමති (චාන්සලර්0 ඍෂි සුනාක් ගේ අයවැය බොහෝ දුරට "වියදම්" කිරීමේ අයවැයක් විය. එනම් ඔහු කුඩා ව්‍යාපාර හිමියන්ට සහන රැසක් දුන් අතර රැකියා ලාභීන් ගේ බදු සහනයද ඉහල දැමීය. කම්කරු පක්ෂ නායක ජෙරෙමි කෝබින් ගේ සමහර ප්‍රතිපත්ති ණයට ගත්තේ යයි සමහර කම්කරු පක්ෂ මන්ත්‍රීවරු චෝදනා ද නැගූහ.

එසේම කොරෝනවයිරසය මැඩලීම සඳහා තවත් පවුම් බිලියන 300ක්  ඔහු වෙන් කල අතර සමස්ත වැඩ කරන ජනතාවට වැඩ කලත් නොකලත් අවම වේතනයක්  (universal basic income) ගෙවීමටද යෝජනා කළේය. මෙය කෝබින් ගේ චන්ද පොරොන්දුවකි. රිෂි  සුනාක් ට  ස්තුති කරන ගමන්ම අගමැති බොරිස් ජොන්සන් පාසැල් වැසීම  මෙතරම් ප්‍රමාද කරන්නේ ඇයිද යන්න මට කුකුසක් විය. එය පැහැදිලි වුනේ ඔහු අවසානයේ පාසැල් මේ සිකුරාදා (20/03/2020) සිට වැසීමට එකඟ වුනත් එසේ කළේ අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ දරුවන්ට පාසල් ඒමට ඉඩකඩ සලසමිනි. එනම් ගුරුවර ගුරුවරියන් ඒ ළමයින් සඳහා  පාසල් පැමිණිය යුතුය. එම රැකියා අතරට සෞඛ්‍ය සේවය, පොලිසිය, ඩිලිවරි රියදුරු මහතුන්, හමුදාව ආදිය  ඇතුලත්ය. එයට හේතුව ලංකාව වැනි ආසියානු රටවල මෙන් ළමයි බලා ගැනීමට වැඩිහිටි සීය ලා, කිරි අම්මලා  එතරම් නැති වීමත් තාවකාලික නැනී ලා වියදම් අධික වීමත්ය. 

ඉංග්‍රීසි ජාතික යහළුවකු සමග කතා බහ කරන අතරේ මා ඔහුට පැවසුවේ මෙයට පිළිතුර තිබෙන්න සෝවියට් දේශය දරුවන් බලා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමය බවයි. රැකියාවට යන දෙමාපියන් ගේ දරුවන් බලා ගැනීම සඳහා  වූ නිකේතන පාසල් ක්‍රමයට සකස් වී තුබුණු අතර කුඩා දරුවන්ට එහි නිදා ගැනීමටද ඉඩ කඩ සලසා තිබුණි. පසු කලෙක ජර්මනිය එක්වූ පසු නැගෙනහිර ඒවා එසේම පවත්වාගෙන ගිය බවද නිරීක්ෂණය කලෙමි. මේවායෙහි රැකියා කරන ලද්දේ උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ලත් ගුරුවර ගුරුවරියන්ය. එක්සත් රාජධානියේ එවන් උසස්  අධ්‍යාපනයක් අවශ්‍ය නැත. වසංගත අවස්ථාවක සෝවියට් රජයට මේ පාසල් වැසීමට අවශ්‍යතාවයක් නැත.  
සෝවියට් දේශයේ ප්‍රශ්න බොහෝ තිබු බව අපි දනිමු. එය බිඳ වැටීමට ඒවා හේතු වන්නට ඇත. නමුත් එහි පැවතුන සාධනීය දේ වර්තමාන සමාජ ප්‍රවර්ධනය සඳහා යොදා ගත හැකිය. මේ එවැන්නකි.  

ඊළඟ කතාව කුකුලන් ගැනය. මේ ලිපියේ මම ඒ ගැන කලින් කතා කලෙමි.  
සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්
 අපි එම "රජයේ" කුකුළු මස් කෑමට අකමැති වූයෙමු. ඒවා රබර් වගේ ඇදෙන ගං කුකුළු මස් ජරාව බව ඇතැමෙක් කීහ. මේ කුකුළු මස් න්‍යෂ්ටික යුද්ධයක් හෝ වංසගත තත්වයකට මුහුණ දීමට මාස  හය හත විශාල අධි ශීතකරණ වල බහා තබා ගෙන පසුව වෙළඳ පලට නිකුත්  කරන බව ඇතැම්හු පැවසූහ.  සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න කාලයේ හොලන්ඩ්  වලින් ගෙනා බ්‍රොයිලර් කුකුල්ලු ඊට වඩා රසවත් විය.  

නමුත් එම කුකුලන් දවස් 28 කුකුලන් බවත් , උන්ට කකුල් විහිදා කුකුල් හඬ නැගීමටවත්  අවසරයක් නැති බවත් ස්ටෙරොයිඩ් ගසා පුම්බා ඇති උන් කෑමට ගැනීම පිළිකා කාරක කෑමට ගැනීමක් බවත් දැන් අපි දන්නෙමු. අපි දැන් හොයන්නේ ගං කුකුලන් (organic) ය. 


රුසියානු ආච්චිගේ රිසයිකල් බෑගය 
තෙවැන්න නම් රුසියානු මිනිසෙකු හෝ බොහෝ දුරට බබුෂ්කා (මිත්තණියන්) සුපිරි වෙළඳ සැල් හෝ සාමාන්‍ය වෙළඳ සලකට, පොළට රැගෙන ගිය නැවත භාවිත කල හැකි (recycling ) බෑගයයි.  කිසිම නවීන පෙනුමක් නැති එම පරණ වුනු එම බෑග අපට සිනහ  උපදවන සුළු විය.  මා ඇතුළු ඇතැම් තරුණ සිසුන් ඒවාට සිනාසුනා මතකය.  අපි ඉතා ආඩම්බරයෙන් බටහිර රටවලින් බඩු මිලට ගත් විට දෙන විච්චුර්ණ පාට පාට ලස්සන විලාසිතාවන්ගේ මුහුණු පිරුණු ප්ලාස්ටික් බෑග ආඩම්බරයෙන් රැගෙන ගියෙමු. ඒ දවස් වල එය කූල් (cool) දෙයකි. (fashionable )

පියකරු රුසියානු යුවතියන්ද විදේශිකයන්ගෙන් ලත් එවන් ප්ලාස්ටික් බෑග් ආශාවෙන් රැගෙන ගියහ.

 දැන් මැදිවිය අවසන් කරමින් සිටින මා ලෝකය ප්ලාස්ටික් ව්‍යවසනයෙන් මුදා ගන්නට පරණ. නැවත  භාවිතා කළ හැකි බෑග වෙළඳ සලට යාමට භාවිතා කරමි.  දැන් කූල් බව එයයි.
මගේ මිතුරා නැවතත් ඈනුමක් අරී . ඔහු මගේ කතාවට  කැමති නැත.

"අජිත් ඔබ හැම වෙලේම සෝවියට් දේශයේ උදාහරණ ගේනවා. ඊට පස්සේ අපට දෝෂාරෝපණය කරනවා. අපිමොනවාද කළේ "

මම ඔහුට පිළිතුරු දෙමි.
"මුකුත් කළේ නැත" (Nothing)

මාද ඇතුළුව , අප කිසිවක් කලේ නැත.


ඒ රට බිඳී වැටීම කම්පනයක් ඇති කලද ඒ ගැන  සතුටු වුනෙමු. 
"දැන් රුස්සාට පිට රට යන්න පුළුවන්. පිටරට බඩු ගන්න පුළුවන් " අපට මෙන්ම බහුතරයක් සෝවියට් වැසියනටද  හිතුනේ එලෙසය. 

මට දැන් හැඟෙන්නේ සෝවියට් දේශය හිතුවක්කාරී තරුණ දරුවෙකු වශයෙනි.

හදා ගන්නට තිබුනා  නේද යයි සිතේ. 


පින්තූරය  The Collective Farm Girl

ඔබට සමාජවාදය ගැන  නව කියවීමක් අවශ්‍ය නම් පරණ වාමවාදී පක්ෂ වලින් එය ගත නොහැකිය. ඔවුන් ගේ යල්පැනගිය මතවාදයන්  ප්‍රතික්ෂේප වී ඇත. ඔවුන් ඔබට කියා දුන්නේ අප දුටු සමාජවාදය නොවේ. 
ඒ සඳහා ඔබ යා යුත්තේ මෙතනටය .


Monday, 16 March 2020

ජොන්සන් ට වැරදුනා ද ජොන්සන්

හර්බට් ස්පෙන්සර් 
මාර්තු 16 දා තත්වය WHOP

ශක්තිවන්තයා නොනැසී ජිවත් වනු ඇත  "Survival of the Fittest" යන අදහස මුලින්ම විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස පළ කලේ හර්බට් ස්පෙන්සර් නමැති දර්ශනවාදියා සහ විද්‍යාඥයා ය.  
ඔහුගේ එම අදහස ණයට  ඉල්ලා ගත් චාර්ල්ස් ඩාවින්  පරිණාමවාදය පිලිබඳ "සත්ව සම්භවය " පොතේ එම වාක්‍යය  ඇතුලත් කලේ "ස්වභාවික තෝරා ගැනීම " "Natural Selection" පිලිබඳ ඔහුගේ න්‍යාය වඩාත් පැහැදිලි කිරීම සඳහාය.  ස්වභාව ධර්මයාගේ වෙනස් වීමට අනුව හැඩ ගැසෙන ජීවී වර්ග පවතිනු ඇත යන්න පරිණාමවාදයේ මූලික ඉගැන්වීමකි. වෛරස හා බැක්ටීරියා වලට එරෙහිව අපගේ සිරුරේ ප්‍රතිශක්තිය ඇතිවීමද මේ හා සම්බන්ධය.

ඉතාලියේ සෞඛ්‍ය සේවාව පවසන්නේ ඔවුන්ට  තව දුරත් වැඩිහිටි වයස 80ට වැඩි ජනතාව මෙන්ම වෙනත් ලෙඩ රෝග වලින් පීඩා  විඳින්නන් සඳහා කටයුතු කිරීමට නොහැකි බවය. එනිසා ඔවුන්ට ඉතිරිව ඇත්තේ දන්නා දහමක පිහිටි ඉල්ලලා යාදිනි කීමට හෝ තම ඉරණම භාර ගැනීම පමණකි.
  කොරෝනවයිරසයෙන් එන තර්ජනය මිදීමට නොයෙකුත්  රටවල් මහජන චීනය අනුව යමින් පාසල් හා විශ්ව විද්‍යාල වසා දැමීම, මිනිසුන් ගැවසෙන උත්සව තහනම් කිරීම, ආපන ශාලා බිම හල් ආදිය වසා දැමීම වැනි  උපක්‍රම අනුගමනය  කරති. මදක් ඒකාධිකාරී බවක් පෙනුනද එම දැඩි නීති නිවා වයිරසය පැතිරීමේ වේගය පාලනය වෙතියි ඔවුහු සිතති. මහජන චීනයේ එය සාර්ථක වෙමින් පවතී.

 එහෙත් මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඒ වෙනුවට රැළේ ප්‍රතිශක්තිකරණය හෙවත් herd immunity ක්‍රමය අනුගමනය විද්‍යාත්මක උපදෙස් මත අනුගමනය කරන බව මහජනයාට දැනුම් දී තිබේ.


ඔහු එසේ දැනුම් දුන්නේ ඔබේ ආදරණියයන් මිය යනු   ඇත යන අනතුරු හැඟවීම සමගය.

මා ඒ පිළිබඳව බ්ලොග් පෝස්ටුවක් ලියුවෙමි. 

මා එහි ලියුවේ අගමැති තුමනි ඔබේ ආදිතමයන් කියූ දේ අකුරටම පිළිපැදීම අවශ්‍ය නැත යන්නයි. අපේ දෙමාපියන් අප කුඩා කාලයේ කම්මුල්ගාය, පැපොල වැනි වයිරස් මගින් බෝවෙන  රෝග වැළඳුන  දරුවන් අසලට ඕනා කමින් රැගෙන ගියේ රෝගය කුඩා කාලයේ බෝවුණු පසු නැවත නොවැළඳෙන බැවිනි. හේතුව එමගින් ඇතිවන ප්‍රතිශක්තිකරණය බව සැම  දෙනාම දනිති. 

නමුත් ඒ හැත්තෑව , අසූව දශකයන්හිදීය. මේ විසි එක්වැනි ශතවර්ශයයි.  එමනිසා මේ Herd immunity මතවාදය ළමයින්ට ගැලපුනත් වැඩිහිටියන්ට ගැලපෙන්නේ නැත.  

මා විසින් දත්ත රැගෙන කරන ලද ප්‍රස්ථාරයේ ලෝක මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල යන බව දැක්වෙයි. දත්ත ලබා ගත්තේ ලෝක සෞඛ්‍ය  සංවිධානයේ වෙබ් අඩවියෙනි. මේ ප්‍රතිශතය දැන් 3.7% පමණ වේ. එනම් මිනිසුන් ලක්ෂයක් ගත්තොත් මරණ සංඛ්‍යාව 3700 කි.
World wide death rate 



increase in UK
මා ගිය ඉරිදා LBC නමැති රේඩියෝව අසන විට එහි වැඩ සටහන් මෙහෙයවන්නා  "Survival of the Fittest"  සංකල්පය යුජෙනික්ස් (eugenics ) හෙවත් සුජනක ප්‍රවේනි විද්‍යාවට අයත් බව කියමින් බැණ වැදුනි. මදක් අසනවිට ඔහු කතා කරන්නේ මගේ පොස්ටුව ගැන මට වැටහුණි. මා කීවේ බ්‍රිතාන්‍ය රජයේ ප්‍රතිපත්තිය  "Survival of the Fittest" සංකල්පයට සමාන වන්නේ ඔවුන් රැලේ ප්‍රතිශක්තිකරණ අදහසට ඉඩ දුනහොත් බවය. එයට හේතුව මේ වෛරසය ක්‍රියාත්මක වන්නේ එලෙසින් බැවිනි. ඒ  දුර්වල මහලු අය හා ලෙඩ ඇති අය මියයමින් එක්තරා අන්දමකට කෙරෙන  "ශුද්ධය" නිසාය.  ඉන් බේරෙන තරුණ උදවියගේ පෙනහළු වලටද දැඩි හානි සිදුවේ.


චීනයේ මරණ සංඛ්‍යාව දහය දක්වා අඩුවී ඇත. නව රෝගින් සංඛ්‍යාව 27 කි. (මුළු රෝගීන් සංඛ්‍යාව තවම අසූ එක්දහසකි.  අද එක්සත් රාජධානියේ මරණ සංඛ්‍යාව 55 දක්වා (එනම් 20 කින්) වැඩිවී ඇත.

ඉංග්‍රීසියෙන් ලියූ ලිපියේ මා අදහස් කළේ  චීනයේ හෝ ඉතාලියේ මෙන් දැඩි තීරණයක් ගෙන මිනිසුන් වැඩිපුර  ගැවසෙන  ස්ථාන තහනම් කිරීම, පාසල් වැසීම යනාදිය  කල යුතු බවයි. 
අද බොරිස් ජොන්සන් කල පුවත්පත් සාකච්ඡාවෙන් පැහැදිලි වුයේ ඔහු එම ක්‍රියාමාර්ගයට කෙමෙන් එළඹෙමින් තිබෙන වගයි. තව දුරටත් රැලේ ප්‍රතිශක්තිකරණය වෙනුවට ඔහු නිවෙස් වලට වී හැකිනම් රැකියා කරන ලෙසටත් අනවශ්‍ය ගමන් නොයන් ලෙසටත් අවවාද කරයි. බොහෝවිට නගර වසා  දැමීමක් දක්වා මෙය ඉදිරියට යනු ඇත.

මූලාශ්‍ර : WHO Situation Report

  
උපුටා ගැනීමේදී කරුණාකර යොමුව ඇතුලත් කරන්න.

Friday, 13 March 2020

චීනයේ කොරෝනා ආසාදිතයන් හා චීනයේ මිය යන ප්‍රමාණය

චීනයේ කොරෝනා ආසාදිතයන් හා චීනයේ මිය යන ප්‍රමාණය



චීනයේ කොරෝන ආසාදිතයන් නැති යයි කීම තේරුමක් නැති දෙයකි. චීනයේ කොරෝනා  ආසාදිතයන් තවමත් සිටී .  එසේනම් ඔවුන් ජය ගත්තා යයි කියන්නේ ඇයි ?
ඔවුන් එසේ කියන්නේ රෝගයේ උච්චතම අවස්ථාවේ (peak ) තිබූ ආසාදිතයන්  ගේ ප්‍රමාණය හා මියගිය අද තත්වය හා සංසන්දනය  කරන විට සීග්‍රයෙන් අඩුවන නිසාය.
මාර්තු පල වනදා හා දෙවන නව මරණ 35 හා 42 තිබුනද 12 දා වන විට එය 11 දක්වා පහත බැස ඇත.

China  Sick Death New Deaths
01/03/2020 87137 2873 35
02/03/2020 80174 2915 42
03/03/2020 80304 2946 31
09/03/2020 80904 3123 23
10/03/2020 80924 3140 17
11/03/2020 80955 3162 22
12/03/2020 80981 3173 11


එසේම මාර්තු පළමු වනදා අසාදිත සංඛ්‍යාව 87137 වුවද මාර්තු 12 දා 80981 කි. හත් දහසකින් අඩුවී ඇත.
නමුත් නෝනා වරුනි මහත්වරුනි චීනයේ තවමත් ආසාදිතයන් සිටිති..
එසේම මේ සියල්ලෝම වුහාන් වල පමණකි යයිද  ඔවුන්ට එලියට එන්න දෙන්නේ නැති කිමද බොරුවකි. බෙයිජිං වල හාරසිය ගනනක් ආසාදිතයන් සිටිති. ඔවුන් සිටින්නේ රෝහල් වල විය හැකිය. එලියට එන්න නොදෙනවා විය හැකිය. නමුත් වුහාන් වලින් එළියේ ආසාදිතයන් සිටිති.

අවසන් වශයෙන් කිව යුතුව  ඇත්තේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය තවම අවදානම්  රටක් වශයෙන් නම් කර තබා තිබෙන බවයි..

මේ කියන්නේ මම හෝ 3%   නොවේ. ලෝක  සෞඛ්‍යය සංවිධානයයි.


මූලාශ්‍ර - ලෝක සෞඛ්‍ය ය සංවිධානය 


Thursday, 5 March 2020

කොරෝනාව ඩිසයිනර් වයිරසයක්ද

එක්තරා අන්දමකට මෙම COVID 19 නව කොරෝනා වයිරසය පැතිරෙන්නේ කිසියම්  දේශපාලන මතවාදයකට අනුකුලව බවක් පෙනීයයි . එනම් මිය යන්නේ ප්‍රථමයෙන්ම කිසියම් දීර්ඝ කාලින රෝගී තත්ත්ව   ඇති අය හෝ දියවැඩියාව වැනි රෝගී   තත්ව ඇති අයය. මේ රෝග ඇති අය ජිවත් කරවීමට හා ඖෂධ වලට යන වියදම අඩුවේ.  ඊළඟට මිය යන්නේ වැඩිහිටි වයස 60ට වැඩි අයය.  ඔවුන්ට ගෙවන විශ්‍රාම වැටුප එම රටවලට  ඉතිරි වේ. හිට්ලර් වැනි ඒකාධිපතියන් ට හරියන වයිරසයකි.

 ළමයින් හා තරුණ තරුණියන් ද වයස 45 ට අඩු අයද බොහෝ විට සුවපත්වේ. ඔවුන්ගේ රෝග ලක්ෂණ ද දරුණු නැත. හරියට ඩිසයිනර් (සැලසුම් කල ) වයිරසයක් මෙනි. වවුලෙක් හෝ වෙනත් සතෙකු ගෙන් මේ  වෛරසය බෝ වුනා  නම් ඒ සත්වයා   මැවුම් කරුටත් එහා දක්ෂයෙකි.

චීනයේ කර්මාන්තශාලා බොහොමයක් වසා  දමා ඇත. ඒවායින් සිදුවූ වායු ගෝල දුෂණය සම්පුර්ණයෙන්ම පාහේ නැවතී ඇත. ඇමරිකාවේ ට්‍රම්ප් , බ්‍රිතාන්‍යයේ ජොන්සන් ගේ පටන් ඉරානයේ  මුල්ලා  වරු දක්වා දක්ෂිනාන්ෂික දේශපාලනඥයන් කබලෙන් ලිපට වැටී ඇත .  ඉදිරියේදී ආර්ථික වර්ධන වේගය  අඩුවී රැකියා විරහිත භාවය වර්ධනය වනු ඇත. බ්‍රිතාන්‍ය ගුවන් යානා සමාගමක් දැනටමත් බංකොලොත් වී ඇතැයි කියති.

මෙය සමහරවිට කොමියුනිස්ට් කාරයන් ගේ කුමන්ත්‍රණයක් වන්නටද බැරි නැත.  මෙවැනි දෙයකින් කඩා වැටෙන ආර්ථිකය හමුවේ විප්ලවයක් වීමටද බැරි නැත.

දෙයියන්  වහන්සේ විසින් එවා ඇත්නම් මේ ඒවා ඇත්තේ අරුම පුදුම වයිරසයකි. පව්කාරයන් ද වයසක අයද ඉක්මනින්ම දෙව් තුරුලට ගනී.

පින්තූරය ගත්තේ මෙතැනිනි.
(උපහාසයට ලියූවකි.  වැඩිය ගණන් ගන්නට එපාය )

 කොරෝනා  වයිරසය සහ HIV සම්බන්ධය 

මුල් ලිපිය: නව කොරෝනා වයිරසය ගැන චීනය අවංකද?



බ්‍රිතාන්‍යයේ අසනීප සංඛ්‍යාව  අද 115 දක්වා ඉහල නැග ඇත. මුළු ලෝකයේම එම සංඛ්‍යාව 96440 පමණ වේ. මා විසින් හැදු එක්සෙල් පත්‍රයක මේ වගුව මෙසේ පෙන්විය හැකිය.

බ්‍රිතාන්‍යයේ 


මෙහි එය සීග්‍රයෙන් පැතිරෙන බවක් පෙන්නුම් කරයි. මරණ සංඛ්‍යාව 3.4% කි. හැබැයි මෙය තවම ඉතා ඉහල අගයක් නොවේ.
ලෝකයේ තත්වය 


පහත සඳහන්  HIV සම්බන්ධ කොටස මා ලීවේ සති දෙකකට පමණ පෙරදීය.

අළුත්ම පුවතකින් කියවෙන්නේ ස්පාඤ්ඤ යේ කොරෝන වයිරස් රෝගියෙකුට HIV රෝගයට දෙන බෙහතක් දීමෙන් සුවය ලබා ඇති බවය. මේ අනුව ඉන්දීය විද්‍යාඥයන් කළ පර්යේෂණ ලිපිය නිවැරදි වන්නට ඉඩක් නොමැතිද යන ප්‍රශ්නය  හට ගනී. (2020-03-05)

 Spanish coronavirus patient recovers after being treated with an HIV drug that stops the deadly virus replicating


දැනට ලැබෙන දත්ත අනුව මිය යන ප්‍රමාණය 3.42% පමනද සුව වන ප්‍රමාණය 96% පමනද වේ. 
ගිය මාසයේ පෙබරවාරි 10 වනදා ම ලියු ලිපියේ ඉතිරි කොටස මෙයයි.

දැන් මම ඊළඟට මේ   ලිපියට අවධානය  යොමු කරන්නට කැමතිය. ඒ   නව කොරෝනා වෛරසය ගැන පලකල නවතම අදහසටය. මේ පර්යේෂණාත්මක ලිපිය  ඉදිරිපත් කර තිබෙන්නේ  ඉන්දියානු ජීව විද්‍යාඥයන්  සමූහයක් විසිනි.  භෞතික විද්‍යා පර්යේෂණ ලිපි පල කරන අර්කයිව් (archive.org) වෙබ් අඩවියේ මෙන්ම ජිව විද්‍යාව සම්බන්ධ පර්යේෂණාත්මක ලිපි පලකරන https://www.biorxiv.org/  වෙබ් අඩවියේ මෙම පර්යේෂණ ලිපිය පළ කෙරුනේ ජනවාරි 10 දාය. (පින්තූරය බලන්න ) . කිසියම් ජිව විද්‍යා පර්යේෂකයෙකු වේනම් මෙම පර්යේෂණ විස්තර කියවා ඒවා නිවැරදිද යන්න පහදන්නේ නම් මැනවි. භෞතික විද්‍යාව මිස ජිව විද්‍යාව යනු මා වැඩිදුර දන්නා විෂයක් නොවේ. මේ පර්යේෂණාත්මක  ලිපියේ මුඛ්‍ය අදහස වන්නේ නව කොරෝනා වෛරසයේ 2019-nCov. ප්‍රෝටීන් බහළුම්  HIV -1 GP120 සහ HIV-1 GAG වෛරස වලට  සමාන බවය. ඒ කියන්නේ ඒඩ්ස් වෛරසයේ ප්‍රභේදයන් දෙකකට සමාන බවය. අවශ්‍ය කෙනෙකුට මා ළඟ තිබෙන මේ පර්යේෂණාත්මක ලිපිය එවිය හැකිය. නැත්නම් යොමුවෙන් බාගත හැකිය.




බ්‍රිතාන්‍යයේ 
ඕනෑම ශාස්ත්‍රීය පර්යේෂණ ලිපියක් අනිකුත් විද්‍යාඥයන් විසින් කියවා පර්යේෂණයේ දෝෂ සොයා බලා  අනුමත කල යුතුය.  මෙයට කියන්නේ peer review කියාය. මේ ලිපිය පර්යේෂණ දත්ත නිවැරදිව අධ්‍යනය කොට නිගමනයන් ඉදිරිපත් කර නැති  බව කියවේ. එනිසා ලිපිය ඉවත් කරගෙන ඇත.

එසේම නව කොරෝනා වෛරසය විද්‍යාගාර තත්වයන් යටතේ නිපදවන්නට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ.

ඒ අතරම මෙන්න මේ නිරීක්ෂණය ද  වැදගත් යයි සිතමි. පසුගිය අවුරුදු  දෙක තුල චීනය වැඩි වශයෙන්ම ආයෝජන කර ඇත්තේ ඖෂධ සමාගම් වලට හා ඖෂධ නිපදවීම් වලටය. ඇමෙරිකණු  එක්සත් ජනපද වෙළඳ පළ මෙන්ම  යුරෝපිය වෙළඳ පල සඳහාද  ප්‍රධාන වශයෙන් සටන් කරන රටවල් දෙක ඉන්දියාව  සහ චීනයයි. නව කොරෝනා වෛරසය ඒමට මසකට පෙර එකොනොමික්ස් සඟරාව  මේ ලිපිය පළ කර තිබුණි. චීනයේ ඖෂධ නිපදවීමේ කර්මාන්තය  දියුණු වෙමින් තිබේ.      එම වසරේම (2019) ඔක්තෝබර් මාසයේ පලවන මේ ලිපියේ චීනය විසින් "කෘතීම බුද්ධිමය දියුණුව " AI  artificial intelligence  ඖෂධ නිපදවීම සඳහා යොදා ගන්නා බවත් ඒ සඳහා ආයෝජන කරන බවත්  පළ කරයි. ඖෂධ නිපදවීමට ලෙඩද නිපදවිය යුතුය.

නව වෛරසය වැරදුණු කුරුමානමක්ද? අපට සත්‍යය හරියටම දැනගත හැකිද?

ඒ කෙසේ වෙතත් එම වෛරසයෙන් බේරීම ඉතා වැදගත්ය. එංගලන්තය පොලිසියට හදිසි බලතල ලබා දී තිබෙන්නේ රෝගීන් බලෙන් තබා ගැනීමටය. චීනයේ රෝගී අයට නිවෙස්  වලින් එලියට ඒමට බැරි පරිදි දොරවල් වෙල්ඩින් කර වසා දමන බව දුටිමි.



මූලාශ්‍ර :

What to know about coronaviruses

Where Coronaviruses Come From

Inside the Chinese lab poised to study world's most dangerous pathogens

The Wuhan Virus Is Not a Lab-Made Bioweapon

Uncanny similarity of unique inserts in the 2019-nCoV spike protein to HIV-1 gp120 and Gag

China investing heavily in AI to boost pharma sector, says analyst

China’s pharmaceuticals industry is growing up

WHO sees more evidence of civet role in SARS

Monday, 17 February 2020

තේ ප්‍රශ්නය විසඳුනා ද

තේ ප්‍රශ්නය විසඳුනා ද
+++++++++++++++++++
දවස් දෙකක විවේකයකින් පස්සේ ෆේස්බුක් ආව . හැමෝම කතා කරන්නේ තේ ගැන. එයා  බොන්නේ කෝපි . මම ඉතින් කෝපි  හදන්නේ නැති නිසා අපායට යන එකක් නම් නැතිවෙයි. දන්නේ නැති නිසා අහන්නේ චීනෙන් නේ තේ ආවේ තුන්වෙනි ශත වර්ෂයේ , ඉතින් බුදු හාමුදුරුවෝ තේ ගැන කියන්න විධිහක් නැහැ නේද?. හැබැයි ඉතින් අනාගතය දිවසින් බලල කිව්වද දන්නේ නැහැ මෙහෙම,

 "ශ්‍රී ලංකාද්වීපයට ඉංග්‍රීසින් නම් දරුණු යමයන් රැලක් එනු ඇත, ඔවුන් කුඩා ගස් ජාතියක කොළ වලින් හදන ලද තේ නම් දුෂ්ඨ පානයක් හඳුන්වා දෙනු ඇත.එබැවින් පින්වත්නි, කිසියම් බිරිඳක් තම ස්වාමි පුරුෂයා ලවා මේ තේ නම් පානය සාදවා ගන්නිද ඇය සතර තේ අපාවල බොහෝ අපා දුක් විඳ තේ හැළියේ කකෑරී පසු කලෙක තමන්ම තේ සාදා ගෙන බීමේ කර්මය ගෙවීම සඳහාම එංගලන්තය නම් රටක නැවත උපදිනු ඇත. "

එළවළු ගණන් බැහැලද? MCC එක අත්සන් කලාද ? සයින්දමරන්දු - ආ ඒක වැඩක් නැහැ. අරුන් දෙගොල්ල මරා ගන්නවනේ ඒකට . කෝ බන් විමල් 😀

Friday, 14 February 2020

වැලන්ටයින් ඕනෙද යාළුවෝ ගැන හිතන්න

වැලන්ටයින් ඕනෙද 


දූලා ඉන්නවා කියන්නේ 
හදවතේ කොනක පුංචි රිදුමක් 
හැමදාම තියෙනවා
පුංචි කාලේ තාත්තා ඕනෙමයි 
තාත්තා තමයි වීරයා 
වැටී වැටී දුවන් එන්නේ 
තාත්ත පස්සෙන් 
අම්ම කොහොමත් ගෙදර නේ 
තාත්ත කරන්නේ මොකද්ද 
හොයන එක 
ඒ ගොල්ලන්ගේ රාජකාරිය 
මම ගෙදර ආවහම  

දැන් කට්ටිය ලොකුයි නේ 
තරුණ වයසටත් ඇවිත් 
එක්කෙනෙක් වෙන රටක 
ශිෂ්‍ය හුවමාරුවක් එක්ක 
"මම හොඳින්"
එච්චරයි ටෙක්ස්ට් එක 
"තාත්ත විනෝද වෙන්න "
උඹ ගෙදර නැතිව පොඩ්ඩි 
අපි දෙන්නට  තනියි වගේ 

අනිත් එක්කෙනා,
"අද මගේ යාළුවෝ එක්ක, 
අද සිකුරාදා නේ ලබන සතිය නිවාඩු  "
"මමී එක්ක  එලියට යන්නේ නැත්ද "
"හොඳ ආපන ශාලා තියනවනේ "
"අද වැලන්ටයින්" 

බිරිඳයි මායි හැමදාම වගේ 
රූපවාහිනිය ඉස්සරහ
ඒකෙ හොඳ ප්‍රෝග්‍රෑම් යනවා 

මතකයි මගේ තාත්තත් දවසක් කීව 
හොඳ හින්දි  ෆිල්ම් යනවනේ 
දැන් ලංකාවේ ටීවී එකේ  

ඒ දෙන්නත් එහෙම ඉන්න ඇති 
අපි ඔක්කොම බැඳල ගිහින් 
තැන් තැන්වල 

වැලන්ටයින් උනත් නැතත් 
ඔයාට මාව ඉන්නවනේ 
මම එයාට කිව්වා 
යමු කන්න කොහාට හරි 
වියට්නාම් තැන නම් මරු 
කොරෝනාව ඔහේ තීච්ච දෙන්  
මෙහෙ නයි කන්නේ නැහැනේ 
මේ .....
ඔයගොල්ලෝ හිතනවා නම් 
ඔයාලා තනියි කියල 
එහෙම හිතන්න එපා 
ඔයාල ගැන මමත් හිතනවා  
තාත්තා නැති නිසා තනි වෙලා ඉන්න 
මගේ අම්ම 
වගේම ඔයාලත් මගේ හිතේ 
කොනක  ඉන්නවා 

වැලන්ටයින් ඕනෙද 
යාලුවෝ ගැන හිතන්න 


--අජිත් 

Monday, 10 February 2020

නව කොරෝනා වයිරසය ගැන චීනය අවංකද?

සාමාන්‍ය වෛරසයකට මෙසේ කරනවාද 


කොරෝනා වෛරසය  ගැන දැන්  හැමෝම කතා කරති. කොරෝනා වෛරසය  යනු නව වෛරසයක් නොවේ.  එය තිබූ, තිබෙන එකකි. එමගින් හැදෙන්නේ සාමාන්‍ය  සෙම් ප්‍රතිශ්‍යාවකි. ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ MUTATION (ජාන විකෘතියක්, විපර්යාසයක්) හෝ වෛරසයේ බෙදීමකින් ඇතිවූ නව strain එකක් හෙවත් නව ප්‍රභේදයක් නිසාය. මේ නව වෛරස් ප්‍රභේදය  හඳුන්වන්නේ 2019-nCov යනුවෙනි. අද 2020/02/11  ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම  නව කොරෝනා වෛරසයට නිල නාමය හඳුන්වා දෙන ලදී. ඒ  Covid-19 යන්නය.

දැනට මෙම නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ප්‍රමාණය 900 කට වැඩිය. ඒ කියන්නේ රෝහල් වල මියගිය වාර්තාගත දත්ත ප්‍රමාණයයි. ඊයේ දවසේ (09/10/2020) පමණක් චීනයේ මරණ 97 කි. වාර්තාගත නොවූ ප්‍රමාණය කීයක් දැයි කිසිවෙක් නොදනී. චීනය කියන්නේද නැත. කෙසේ වුවද ලෝකයට රෝගය යාම වැළැක්වීමට මහජන චීනය දැඩි වෙහෙසක් දරමින් සිටි. එය පැසසිය යුතු තත්වයකි. මිලියන් පනහකට වැඩි ජනගහනයක් වෙසෙන වුහාන්  ප්‍රාන්තය සම්පුර්ණයෙන්ම වෙන් කර තිබේ. ලෝකයේ සෞඛ්‍යය වෙනුවෙන් තම ප්‍රාන්තයක්ම බිල්ලට දීමට චීනය සැරසෙමින් සිටි. එක්  රෝහලක්  නිර්මාණය කර ඇති අතර තව රෝහල් නිමවේ. මේ නව වෛරසය සිඝ්‍රයෙන්  පැතිරී යාම එයට හේතුවයි.

මිනිසුන්ට වැළඳෙන මේ  කොරෝනා වෛරස  මුලින්ම හඳුනා ගන්නේ 1960 දීය. මේ සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යා දෙක OC43 සහ  229E ලෙස හැඳින්වේ.  මතුපිට ඔටුන්නක් වැනි නිසා ලතින් වචනයක් වන කොරෝනා (ඔටුන්න) නම ලැබී ඇත.  සාමාන්‍යයෙන් වැඩිපුර පැතිරෙන්නේ ශීත සෘතුවේ දීය.

සාමාන්‍ය කොරෝනා වයිරස යනු මේවාය. 229E (alpha coronavirus) - ඇල්ෆා,NL63 (alpha coronavirus) OC43 (beta coronavirus) - බේටා ,HKU1 (beta coronavirus)

මේ කොරෝනා වෛරස වලින් සෑදෙන    සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යාව  ඉඟුරු කොත්තමල්ලි පානය කර ඇඳකට වී විවේක ගෙන  දින කිහිපයකින් සුව අතට හැරෙනු ඇත. ශ්‍රී ලංකාවේ  නම් එවැනි ඕනෑම ලෙඩකට  ප්‍රතිජීවක ඖෂධ හිතේ හැටියට නිර්දේශ වන බව මගේ අත්දැකීමෙන් දනිමි. එංගලන්තයේ ප්‍රති ජීවක දෙන්නේ  අසීරුම තත්වයක් යටතේ පමණක් හෙයින් හෙයින් අවශ්‍යනම් පැනඩෝල් තිබෙන ලෙම්සිප් පැකට් කිහිපයක් ගෙන හිසේ රදයද එමගින් සමනය කරගෙන  විවේක ගත හැකිය. ලෙඩය සනීප වන්නේ විවේකයෙන් සිට කුකුළු මස් සුප් එකක් වැන්නක්,  එළවලු හා පලතුරු ආහාරයට ගෙන ප්‍රති ශක්තිය වැඩි කර ගැනීමෙනි.

දැන් මට ඇති  ප්‍රශ්න මෙන්න මේවාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්   2017 දී වුහාන් වල චීනය විසින් ගොඩ නගන  ජීවරසායන  විද්‍යාගරය නවත්වන ලෙසත් එය වෙනත් ස්ථානයක ගොඩ නගන ලෙසටත් ඉල්ලා සිටිති. ඔවුන් හේතු වශයෙන් දක්වන්නේ වුහාන් නගරය ජනාකීර්ණ වැඩිය යන හේතුවෙනි. හදිසි බැක්ටීරියා හෝ  වයිරස් කාන්දුවක් සිදුවුව හොත් තත්වය පාලනය කර ගැනීම අසීරු විය හැකි බැවිනි.  චීන විද්‍යා ඇකඩමිය පිළිතුරු දෙන්නේ ඔවුන් ගොඩ නගන විද්‍යාගාරය  BSL-4 තත්වයේ එකක් බවයි. ඒ කියන්නේ ආරක්‍ෂිත බැවින් ඉතා ඉහල ප්‍රමිතියක්  නිසා ප්‍රශ්නයක් ඇති නොවන්නේය යන්නයි. එසේම එවැනිම  ලැබ් දෙකක්   තායිවාන් වලද තිබෙන බව ඔවුහු පෙන්වා දුන්හ..   
 මෙම ජීවවිද්‍යා පර්යේෂණාගාරයේ  සාර්ස්  (SARS) නමැති  වෛරසය හා  MERS නමැති   වෛරසය ගැනද සෙවීමට චීන විද්‍යාඥයන් බලාපොරොත්තු වෙන නිසා ඒවා ගබඩා කර තැබිය යුතුය.   මේ වෛරස  "මැද  පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝම (ලක්ෂණය) "Middle East Respiratory Syndrome (MERS), "සහ ඉතා තද ශ්වසන අපහසුතා  සින්ද්‍රොමය severe acute respiratory syndrome (SARS-CoV)" යන වේගයෙන් පැතිරිය හැකි තරමක් භයානක වෛරස් දෙකකි. 
දැන් මේ එක්සත් ජනපදයේ ඉල්ලීමට හේතුවූ ලිපිය  හොයා ගැනීමට හැකි වන්නේ මෙතනය.  නේචර් (Nature ) සඟරාව යනු ලොව  සුපතල , වැදගත් විද්‍යාත්මක  ලිපි පල කරන සඟරාවකි. මේ ලිපියේ  ඔවුන් මේ නොබෝදා සඳහනක් ඇතුලත් කර තිබේ. ඒ චීනය විසින් හැදූ මේ විද්‍යාගාරය හා නව කොරෝනා වෛරසය අතර සම්බන්ධයක් නැත යනුවෙනි. නේචර් නමැති වැදගත් සඟරාව කියන නිසා මට එය පිලි ගැනීමට අකැමැත්තක්  නැත. මම ඒ සඟරාවේ පාඨකයෙක් නිසා ඔවුන් පල කරන ලිපි සොයා බලා  පල කරන බව දනිමි. එසේම එවැනි සඟරාවක් කවුරුත් කියු පලියට තම ලිපි ඉවත් කර ගන්නේද නැත. නමුත් අර සඳහන ඇතුලත් කරන ලද්දේ බොහෝ කටකතා වලට එය පාදක වන බව පවසමිනි.

 නමුත් ප්‍රශ්නය එය නොවේ.  ඒ හා සම්බන්ධ අනිකුත් මූලාශ්‍ර ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් ඉවත් වීමය. (හෝ කිරීමය) . මම සති  දෙක තුකට ප්‍රථම  ලෝක සෞඛ්‍ය  සංවිධානය (WHO) චීනයට කරන අනතුරු ඇඟවීම කියවූයෙමි. නමුත් දැන් එය සොයා ගැනීමට නොහැකිය. අන්තර්ජාලයෙන් ඉවත් කර ඇත.  ඇමෙරිකානු එක්සත් ජනපද  රජයේ නිවේදනයද සොයා ගත නොහැකිය.  ඒවා ගූගල් සහ අනිකුත් සර්ච් එන්ජින් වලින් ඉවත් කර තිබෙන්නේ ඇයි ? 
දැන් මේ නව කොරෝනා වෛරසය  2019 දී පැතිරෙන්නට  පටන් ගත්තේ  ඔය කියන විද්‍යාගාරය පැත්තේම තිබෙන  සතුන් කෑම සඳහා විකුණන පොළකින් බව කියවේ.

දැන් මගේ දෙවෙනි ප්‍රශ්නයට එමි.   ඒ මේ වෛරසය සත්තුන්ගෙන් බෝවෙන බවට ඇති අදහසයි.  ඒ කතාවේ තරමක් සත්‍යයක් නැත්තේ නොවේ. බල්ලන්ට හා පූසන්ට පවා සෙම් ප්‍රතිශ්‍යාව වැළඳේ. එසේම කොරෝනා වෛරස් වර්ග සතුන් තුල තිබී හමුවූ අවස්ථා සුලභය. එහි විවාදයක් නැත. සාර්ස් වෛරසය සිවෙට්  cat නමැති උගුඩුවන් (හෝ උරුලෑවා )  ගෙන් බෝවන බව පැවසූ  චීන විද්‍යා ඇකඩමිය එම සතුන් වුහන් ප්‍රදේශයේ මාකට් වලින් ඉවත් කිරීමට නියෝග කරන ලදී.  මේ සොයාගැනීම ලෝක සෞඛ්‍ය  සංවිධානය අනුමත කරන ලදී. ඉන්පසු  සාර්ස් වෛරසය බෝවීම නතර වුනු බවට චීනය කියයි. මේ විස්තර ගුගල් සෙවුම් යන්ත්‍රය හරහා සොයා ගත හැකිය.

නමුත් සමාජ ජාලා වල හදිසියේ  චීන්නු වවුල් සුප් බොන අන්දම , සර්පයන් , මි පැටවුන් කන අන්දම පෙන්වන පින්තූර , වීඩියෝ සංසරණය වීමට පටන් ගැනුණේය. සමහර ඒවා චීනුන් විසින්ම පටිගත කරණ ලද ඒවාය. එනිසා මේවායේ මූලය චීනය යයි සැලකිය හැකිය. එනිසා මේ නව වෛරස බෝවන්නේ සතුන්ගෙන්ය යන මතය පැතිරුණි. නමුත් කවුරුන් හෝ ඒ බව සොයාගෙන තිබේද? පිළිතුර නැත යන්නය.

අනිත් කාරණය නම් චීනුන් යන ශත වර්ෂ ගණනාවක  සිට  මේ සත්වමාංශ  ආහාරයට ගන්නා ජාතියක් වීමයි. අනික චීනය පමණක් නොව එම ප්‍රදේශයේ අනිත් රටවල කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය සහ  සමහර  පිලිපීන ජාතිකයන් පවා මේ සතුන් ආහාර කොට ගනිති. ඔවුනට මේ ලෙඩය බෝවූ වගක් තවම වාර්තා වී නොමැත.   මෙවැනි ලෙඩක් පැතිරෙනවා නම්  අර හොලිවුඩ් චිත්‍රපටයේ (contagion) පෙන්වූ ලෙසට  අත නොසේදූ කෝකියකු ගෙන්  මිස කෑම ආහාරයට ගන්නා  මිනිසුන් ගෙන් පැතිරීමේ සම්භාවතව අඩුය. ඔය සර්ප කෑම හා  වවුල් කෑම කාම්බෝජයේ ද තිබෙනවා මම දුටුවෙමි. සත්වයන්ගෙන් බෝවෙනවා යයි  චීන විද්‍යාඥයන්  පැවසුවද 
එය තවම අනුමත කළ සොයා ගැනීමක් නොවේ. මේ ලිපියේ  පීටර් දසුක් නමැති විද්‍යාඥයා ඒ අදහස පල කරන්නේ මෙසේය. ඔහු පවසන්නේ සාර්ස් වෛරසය වවුලන් තුල තිබෙන බවත් නව කොරෝනා වෛරසයද එම ගොනුවේම (cluster) එකක් බවත්ය. නමුත් මෙය තවම පර්යේෂණාත්මක ලෙස ඔප්පු කර ඇතිද? 

නමුත්  මම  බයලොජිකල් වෙපොන් (ජිව අවි) තියරිය පිළිගන්නේ නැත . එංගලන්තයේ පෝර්ටන් ඩවුන් නගරයේ මෙවැනි හමුදා ජිව විද්‍යා අවි පිළිබඳ පර්යේෂණාගාරයක්  තිබේ. සැලිස්බරි සිද්ධියේ  රුසියානු විකිරණ අවි භාවිතය හෙළිදරව් කළ ස්ථානය මෙයයි.  රුසියාවේ ද මෙවැනි ජිව විද්‍යා අවි පිලිබඳ පර්යේෂණාගාර ඇති මුත් ඒවා තිබෙන්නේ  මිනිසුන් ගැවසෙන ජිවත් වන පැති වල නොවේ.    කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරණ චීනයේ ද එය එසේ යයි  සිතමි. 
මේ  මූලාශ්‍ර ලිපියේ මෙසේ දැක්වේ. (මම කරන්නේ අනුවර්තනයකි)

සාමාන්‍ය කොරෝනා වයිරස වල රෝග ලක්ෂණ මේවාය.
කිවිසුම් යාම, නහයෙන් සෙම් සොටු වහනය, වෙහෙස, කැස්ස , උණ , උගුරේ වේදනාව , ඇදුම

වැළැක්වීම සඳහා කල යුත්තේ මේවාය.

වතුර හැකි පමණ බිම , දුම් පානය නොකිරීම, විවේක ගැනීම , එකම දෙය නැවත නැවතත් කළ වෙහෙසට පත් වීමෙන් වැළකීම , උණ වැළැක්වීමට අයිබෝප්රෝෆෙන් අසේටමිනොෆෙන් වැනි වේදනා  නාශක ඖෂධ ගැනීම

නව කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ හැටියට දැක්වෙන්නේ උණ , හුස්ම ගැනීමේ අපහසුව හා කැස්සය. දැනට මේ සඳහා වැක්සින් එකක්  නැත. නමුත් වැළඳුනු මුල් කාලයේදී සනීප කල හැකිය. ඔබේ වෛද්‍යවරුන් කෙරෙහි විශ්වාසය තබන්න. යායුතු එකම තැන වෛද්‍යවරයා හා රෝහලය. පිරිත් කිව්වාට කමක් නැත. එයින් කාටවත් හානියක් වන්නේ නැති අතර හිතට සුවයක් දැනෙනු ඇත. සමහර විට විවේකයට නිදාගෙන පිරිත් ඇසීම හොඳය.


අද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම  නව කොරෝනා වෛරසයට නිල නාමය හඳුන්වා දෙන ලදී. ඒ  Covid-19 යන්නය.

මූලාශ්‍ර :

What to know about coronaviruses

Where Coronaviruses Come From

Inside the Chinese lab poised to study world's most dangerous pathogens

The Wuhan Virus Is Not a Lab-Made Bioweapon

Uncanny similarity of unique inserts in the 2019-nCoV spike protein to HIV-1 gp120 and Gag

China investing heavily in AI to boost pharma sector, says analyst

China’s pharmaceuticals industry is growing up

WHO sees more evidence of civet role in SARS



Friday, 7 February 2020

ඇඳුම් ඇන්දවීමට හා ගැලවීමට යාම


මේ පින්තුරේ තියෙන්නේ ඉස්ලාමික රටක් වන මාල  දිවයිනේ බ්‍රිතාන්‍ය සංචාරක කාන්තාවක් ඇඳගෙන හිටිය වැරදි (බිකිනි ඇඳගෙන මුහුදු වෙරළේ යාම යුරෝපීය රටවල් සාමාන්‍ය  දෙයක් නිසා ඇය එසේ ගියා  වෙන්න පුළුවන්) ඇඳුම නිසා හිරිහැර කරමින් අත් අඩංගුවට ගන්න හැටි. මට මේ දෙය යි ලංකාවේ සිංහල මනුස්සයා බුර්කාව  ඇඳපු කාන්තාවට  හිරිහැර කරපු එකයි දෙකම එකයි. දෙතැනදීම පිරිමි යනවා ගෑනිට අඳින  හැටි කියල දෙන්න.  දැන් කියන්න එන්න එපාමාල දිවයින  ඉස්ලාමික රටක් නිසා සුදු ගෑනි වැරදි කියල.එයා නොදැන රිසෝට් එකෙන් එලියට යන්න ඇති. හිමින් සීරුවේ ඒ ගැන පැහැදිලි කරල ගිහින් දැම්මනම්  අහවරයි. නාඩගම් නටන්නේ නැතිව.

අනිත් එක  ලංකාව ඉස්ලාමික රටක් නෙමේ, ඒ වගේම අන්තවාදී රටකුත් නෙමේ. දෙතැනම ගෑනිට ඇඳුම් අන්දන්න යන එකයි ගලවන්න යන එකයි තමා වැරදි.

මෙතැන ලොකුම  ප්‍රශ්නේ අපේ වාමාංශික යාළුවන්ගෙන් . උන් ඔක්කොම හෙන විරුද්ධයි බුර්කාව  තහනම් කරනවට. මම නම් පක්ෂයි. ඇස්  දෙක සිදුරක් තුලින් යන්තම් පෙනෙන්න ඉඩ දීල තියෙන ඒ ඇඳුම මට නම් පීඩිත බවේ  සංකේතයක්. ගැහැණුන් ව අමුතු ජාතියක් කරලා  උන්ව හිර කරල තියෙන ඇඳුමක්. හැබැයි සමහර ගැහැණු කැමැත්තෙන් අඳිනවා වෙන්න පුළුවන්. එංගලන්තේ රැඩිකල් ඉස්ලාමික තරුණියෝ  අඳිනවා තමයි. නමුත් වැඩි හරියක් විඳින්නේ පීඩාව. මගේ ඉරාන ජාතික  යහළුවෝ නිතර ඒ ගැන කියල තියනවා. එනිසා මම හිතන්නේ නිජාබයට හා නිකාබයට  ඉඩ දුන්නත් අර මර්දනකාරී ඇඳුම තහනම් කරන්න ඕනේ කියල.

වාමාංශික යහළුවෝ හරියට "ගුරු ගීතය" ගැන කතා කරනවනේ. ගුරු ගීතයේ වෙන්නේ අර පීඩනයට පත්වෙලා ඉන්න ගැහැණු ලමයව  වාර්ගික පීඩිත භාවයෙන් මුදවා ගන්න එක. කට්ටියට ඒක ත් අමතකයි. දැන් ගුරු ගීතය හරිද බුර්කාව  හරිද?



https://metro.co.uk/2020/02/07/british-woman-grabbed-police-wearing-bikini-maldives-12197750/

Tuesday, 4 February 2020

කාගේදෝ පී එච් ඩි එක සහ දවල් තාරකා විද්‍යාඥයා

රාජපක්ෂ මහතාගේ පර්යේෂණ ලිපිය 
මතකනේ ඒ දවස් වල තිබ්බ අහවල් සම්මාන උළෙල. (ඒකට කිව්වේ නෙළුම් යාය උළෙල කියල) කතා අක්රන්නත් බයයි එච්චරට ප්‍රතිචාර එනවා බුකියේ. ඉතින් ඒකට අකමැති උන්නැහේලා ටිකක් මට එරෙහිව කරන ලද  බජට් ඉල්ලූ  විවේචන අස්සේ  තව අපහාස කිරීමේ නමකුත් දාල තිබ්බ, විශේෂයෙන්ම එක්තරා බ්ලොග් අඩවියක යන ප්‍රහාර තුල. ඒ බ්ලොග් අඩවිය දැන් නැහැ. බැදුම් කරේට හෙම සෑහෙන විරුද්ධව ලිව්වා එකක.  හැබැයි මම ඒ දවස් වලම ලිව්වා බැදුම් කර වගේ ගේම්  හැමෝම කලා (ඊට කලින් ආණ්ඩුවේ ඉඳන්ම). යහපාලන මෑන්ස් ලා මහා පරිමාණයෙන් කරන්න ගියා . කරලා අහුවුනා. උන්ට එහෙම එකක්වත් හරියට කර ගන්න තේරෙන්නේ නැහැ කියල.

 ඔය බැදුම්කර  සීන් එක මේ කොටස් වෙළඳපල ක්‍රමයේම එක අංගයක්. නිත්‍යානුකුල එකෙයි හොර වැඩෙයි අතර නූලක වෙනසක් තියෙන්නේ. ඔය පිරමීඩ ගහල සල්ලි හොයනවා නේද. ඒවත්  ඔය ධනවාදී සමාජයේ ම තියෙන කෙළිම තමයි. යාලුවන්ව පවා නොදැනුවත්ව අහු වෙනවා. මාත් තවත් යාළුවෙක් නිසා  යන්තන් අහුවෙන්න ගිහින් බේරුණා, කලින් කියවල  දැනගෙන හිටි නිසා ඔයවගේ ගේම් ගැන.
එංගලන්තයේ වගේ ධනවාදී සමාජයක ඔය හැම දේම කරන්න නිදහස තියනවා, නමුත් අහුවුනොත් හිරේ දානවා . අන්න  ඒකයි මේ ධනවාදී රටවල හොඳේ.

ඒ කෙසේ වෙතත් , මට අපහාස කිරීමේ චේතනාවෙන් "එයාල" දාපු  නම තමා දවල්  තාරකා විද්‍යාඥයා කියන එක. මොකක් හරි එහෙකට බ්ලොග් ලියූ පීඑච්ඩි ලාභී මහත්මයට මම කියූ දෙයකට තරහ ගිහින් දාපු නම කියල තමා ආරංචිය ආවේ. ඒක වුනේ හැබැයි මම මේ මම ගත්තේ  උපාධියක්  ගැන කියන්න ගිහින්.

අවුරුදු අටකට කලින් මම අභ්‍යවකාශ තාරකා විද්‍යාව (astrophysics) ගැන පශ්චාත් උපාධියක් කලා. MSc එකක්. ඒක කළේ ලන්ඩන් වල ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ.  පට්ට අමාරුයි. ඉතින්  ඒ නිසාම මුලින්ම "විශ්වය වැඩ කරන්නේ කෙසේද " ("How the universe works")  කියන විවෘත විශ්ව විද්‍යාලයේ  (ලන්ඩන්) පාඨමාලාව හැදෑරුවා 2009 දී . ඒක හොඳට පාස් වුනහම ඊට පස්සේ විවෘත විශ්ව විද්‍යාලයේම තව පාඨමාලාවක් තිබුන S 382 අභ්‍යවකාශ තාරකා විද්‍යාව කියල. ඒකෙ අන්තර්ගත වෙලා තිබුන ඉන්ටරෙස්ටින්ග් කොටසක්  තමා   "සූර්යයන් ගේ විකාශනය සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා  "Stellar evolution and Nucleo-synthesis " කියන කෝස් එක. ඒකත් කරල පාස් වුනා 2010 දී . ඉන්පස්සේ තමා ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ MSc එක කරන්න ගියේ. තනිකරම තිබ්බ ෆිසික්ස් පිස්සුවට හෙවත් තාරකා විද්‍යාව හදාරන්න තිබ්බ ඕන කමට තමා ඇතුළු වුනේ.  සෝවියට් දේශයේ විදුලි ඉංජිනේරු පාඨමාලාව ඉවර කලේ  1991 නිසා ගණිත විෂය අමතක ඇති  ඇති කියල හිතල ආපහු අන්තර්ජාලයෙන් බාගත්තු ගණන් කෝස්  දෙකකුත් රිවිෂන් කරා.

 හැබැයි පාට් ටයිම් ඉගෙන ගන්නවා  කියන්නේ පට්ට අමාරු දෙයක්. ඒත් ඉතින් කොහොම හරි  ඉවර කළා. සබ්ජෙක්ට් එකට ආසයිනේ. උපාධි නිබන්ධනයට  මෙරිට් එකක් හම්බ වුනා. මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ පොඩි ලිපි වගයක් තියනවා ඒ ගැන.

ඒ උපාධිය නිසා රාජකීය තාරකා  විද්‍යාඥ සංගමයේ සාමාජිකත්වය ලැබුණා. නමේ අගට අවශ්‍ය නම් FRAS (Fellow of Royal Astronomical Society ) කියල දාගන්නත්  පුළුවන් ඕනේ නම්.
හැබයි ඕව කියනවට ලංකාවේ යාලුවෝ, බ්ලොග් කාරයෝ කැමති නැහැ. උන්ට ඕක පේන්නේ නයා වගේ. අපට තියෙන්නේ පට්ට මහන්සි වෙලා ෆුල් ටයිම් රස්සාවකුත්  කරගෙන ඒ වගේ කෝස් එකක් ගොඩ දා ගැනීමේ සතුට. ඒක උන්ට තෙරෙනේ එකක්යැ නේද?  ඔය   දවල් තාරකා විද්‍යාඥයා නම් පට බැඳුණේ ඔන්න ඕකට.

ඉතින් දැන් මේ ටික ලිව්වේ ආචාර්ය  චන්දන රෝහිත රාජපක්ෂ කියා මහත්මයකුට ආචාර්ය උපාධියක් ලැබීම පිළිබඳව බුකියේ ඇති කලබලය දැකලා.  ඒ මහත්මයට ලැබිල තියෙන්නේ ගණිතය පිලිබඳ ආචාර්ය උපාධියක්. ප්‍රදානය කර  තිබෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. කොළඹ විශ්ව විද්‍යාලය නේද?

කොළඹ විශ්ව විද්‍යාලය ගැන මම මිට කලින් ලියූ ලිපියක එක්තරා මහාචාර්යවරයෙක් ගැන සඳහන් කළා . මට ඒ ලිපිය හොයා ගන්න බැරි නිසා නැවත පොඩ්ඩක්  ලියන්නම්. එතුමා දාස රජයට ඉතා දැඩි ලෙස පක්ෂපාතිව ඉඳල ඉන් පස්සේ ඉතාම ලෙහෙසියෙන් රාජ පක්ෂ රජයට හොරණෑව වයපු කෙනෙක්. මට හමුවුනේ ලන්ඩනයේ එක්තරා හෝටලයක වැඩ කළ කාලේ. මම පිලි ගැනීමේ නිලධාරී/මැනේජර් වගේ හිටියේ. බුද්ධි කියල සෝවියට් දේශයේ හිටි යාළුවෙකුත් එතනම  වැඩ කළා. ඕකට ඇවිත් නතර වෙලා  හිටිය විශ්ව විද්‍යාලයෙන් සබැටිකල් අරගෙන  ආපු මෙතුමා. දන්නවනේ ඔය කට්ටිය රිසර්ච් එක්ක දාගෙන අවුරුද්දක නිවාඩු අරගෙන ලන්ඩන් එන්නේ වැඩ කරලා කීයක් හරි හොයාන යන්න කියල. ඒකෙ අවුලක් නැහැ. ගියහම ලංකාණ්ඩු වෙන් ගෙවන පඩියත් ලැබෙන නිසා. වැටුප් ම දෙකක්. එකක් පවුම් වලින්. හෝටලයක වැඩ කරලා.

එතුමා වැඩ කරන ගමන් කොළඹ විශ්ව විද්‍යාලේ එතුමාගෙන් ඉගෙන ගන්න ගැහැණු ළමයින්ට ලකුණු දෙන හැටි ගැන මනා විස්තරයක් කළා. විශ්වාස කරන්න බැරි තරම්. නමුත් පසුව දැනගත් සිද්ධියක් නිසා ඒ කීව  ටික ඇත්ත බව දැන  ගත්ත. හැබැයි  මේ කතාවට අදාළ එක වෙන දෙයක්.

මම ලන්ඩන් ආවේත් වැඩ කරලා හොඳ වටින කොම්පියුටරයක් අරන් යන්න . සෝවියට් දේශය වැටුනට පස්සේ හැම කෙනෙක්ම ගෙවන්න ඕනේ නේ ඉගෙන ගන්න රුසියානු සමුහාණ්ඩුවේ නීතියට අනුව. දෙන ශිෂ්‍යත්ව සීමිතයි. ජල විදුලි හා පුනර්ජනනීය බල ශක්තිය පිලිබඳ පි එච් ඩි එකක් කරන්න මට විශ්ව විද්‍යාලේ අදාල දෙපාර්තමේන්තුව අවස්ථාවක් දුන්න. මුදල් වෙනුවට එයාල කීවේ එයාලගේ අවශ්‍යතාවයට  අනුව කොම්පියුටරයක් ගෙනත් දෙන්න කියල. ඒ දවස් වල (1991) ඒවා හුඟක් ගණන් නිසා තමයි එහෙම කිව්වේ. ඒ පිළිබඳව අත්සන් කරපු ගිවිසුම තවම මගේ ළඟ තිබෙනවා. මට වෙන ප්‍රශ්නයක් ඇවිත් යන්න බැරි වුනා. කොම්පියුටරයක් වසර තුනේ ගෙවීම වෙනුවට  දෙපාර්තමේන්තුවට දීල වෙන කෙනෙක් ඒ පී එච් ඩි එක කරල තිබුන කියල පස්සේ දැන ගත්ත.

ඉතින් ඔය කතාව අපේ අර මහාචාර්ය තුමා දැනන් හිටිය.
එය කියනව මට "අජිත් ඉතින් මම ඔයාට පී එච් ඩි එකක් අරන් දෙන්නම් කොළඹ විශ්ව විද්‍යාලයෙන් "
මට ඉතින් පුදුමයි . "ඩොක්ටර්  කලා විෂයන් ගෙන්".
"ඒකෙ අවුලක් නැහැ. කවුද හොයන්නේ ඩොක්ටර් සෝ ඇන්ඩ් සෝ කීවම මොනවටද ඕක අරන් තියෙන්නේ කියල." එතුමා කියපි.

"ඉතින් කොහොමද ගන්නේ."
"අය්යෝ මම දන්නා  ජර්නල් දෙක තුනකට ලියන්න ලිපි ටිකක් දෙන්නම්, ඒවා පල කර ගන්න ඕනේ. මම ඒක කරල  දෙන්නම්. ඔය අපේ ගැහැණු ළමයි කරන නිබන්ධන තියනවනේ. දෙක තුනකින් කොටස් ටිකක් අරගෙන ඩිසර්ටේෂන්  එකක්   හදල දෙන්නම් හොඳ මාතෘකාවක් එක්ක. ඔයාට කලාව සම්බන්ධ දැනුමක් තියනවා කියල මට පේනවනේ."
"ඒ වුනාට මම මුකුත් ලියල නැහැනේ. ඕනනම් ඔය කවියක් දෙකක් කරලා තියනවා. පොඩි සඟරාවක් කළා. ඒවා කලාව නෙමේනේ."
"ඕකනේ කියන්නේ පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැහැ  කියල . ඔයාට ඕනේ නම් කියන්න වැඩේ කරල දෙන්නම්. පොඩි වියදමක් යයි. ලන්ඩන් වලනේ ඉන්නේ වැඩි අමාරුවක් නැහැ නේ."

  දැන් මේ මනුස්සය ඕක ඇත්තට කීවද බොරුවට කීවද කියන්න මම අදටත් දන්නේ නැහැ. ඊට පස්සේ මට එයාව හම්බ වුනෙත් නැහැ.

හැබැයි කොළඹ විශ්ව විද්‍යාලයේ  ඉගෙන ගෙන කථිකාචාර්ය වෙලා පස්සේ ජපානයේ පීඑච්ඩි දෙකක් කරපු මගේ යාළුවෙක් ඉන්නවා. හොඳ දැනුමක් තියෙන ලංකාවේ උසස් රැකියාවන් කරලා දැන් ඕස්ට්‍රේලියාවේ ජිවත්ව ඉන්න කෙනෙක්. ඕ ලෙවල් ගණිත පේපර් එකට එන ගණනක් උදේ පාන්දර බස් හෝල්ට් එකට ඇවිල්ල කියල දුන්නේ ඒ ආදරණිය යාලුව තමයි.  මම ඒ දවස් වල විහිළුවට කියන්නෙත්  ප්‍රොෆෙසර් කියල.

තව යාළුවෙක් හිටිය මගේ පන්තියේම. කොළඹ වීවි ඉවර කරල ගුරු වෘත්තිය ටද  කොහෙද ගිහින් පස්සේ සිවිල් සේවය කරන්න ඇති. දැන් අමාත්‍යංශයක  ලේකම් වරයෙක්. ඉතින් ඒ විශ්ව විද්‍යාලය ගැන විවේචනයක් නැහැ. ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්නවා  කියන එකයි මගේ මතය.
ලිපියෙන් 

ආචාර්ය රෝහිත රාජපක්ෂ මහත්මයා සහ ආචාර්ය ජේ කේ විජේරත්න මහත්මය පල කරලා තිබෙන ලිපිය මම කියෙව්වා. ඉම්පීරියල් කොලේජ් එකේ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර දාල තිබ්බ යොමුවකින්  අන්තර්ජාලයෙන් ලිපිය බාගන්න පුළුවන්.  තාක්ෂණ සහ විද්‍යාව  පිලිබඳ ඉන්දියන් සඟරාවේ  (Indian  journal of Science and Technology)  පල කරලා තියෙන පර්යේෂණාත්මක  ලිපිය (research paper ), නමින්  "අභ්‍යවකාශ  අපද්‍රව්‍ය ඉවත්කිරීම  සඳහා ක්‍රමෝපායයන් සහ ඉඩ ප්‍රස්ථාවන්  Space debris removal strategies and their feasibility  " මම කියෙව්වා. ඇත්තටම ඒක හොඳයි. ඒකෙ තිබෙන ගණිතමය සමීකරණ එවැනි ලිපියක තිබෙන පරිදි හොඳින් ඉදිරිපත් කරලා තියනවා. වඩාත් පැහැදිලිව හැම පිටුවක්ම කියෙව්වේ නැහැ. වඩා සුව පහසු වෙලාවක නැවත බලන්න හිතන් ඉන්නවා.
අනිත් ලිපිය බාගන්න  විධිහක් නැහැ.ගෙවන්න ඕනේ. abstract එක මෙතන තිබෙනවා.

මට ප්‍රශ්න දෙකක් පැන නැගුන. එකක් තමයි ඇයි ගණිතය සම්බන්ධ ආචාර්ය උපධියක් අභ්‍යවකාශ තාරක විද්‍යාවට නේද දෙන්න ඕනේ කියල. ඊට පස්සේ දැක්කේ විශ්ව විද්‍යාලයේ අදාල දෙපාර්තමේන්තුව ගණිත අංශය කියල. පස්සේ මට මතක් වුනා. ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේත් මුලින් අභ්‍යවකාශ  විද්‍යාවන් තිබ්බේ ගණිත දෙපාර්තමේන්තුවට අනුයුක්තව කියල. පස්සේ දෙපාර්තමේන්තු දෙකක් කළා.

අනික තමයි හුඟක් රටවල් ඔය ප්‍රශ්නයට අත ගහන්නේ නැත්ත ආර්ථික වශයෙන් තවම වාසියක් නැති නිසා. තවමත් රුසියන් රොකට් තමයි ISS එකට බඩු ගෙනියන්න භාවිතා කරන්නේ. ආර්ථික පැත්ත ගැන වැඩි සඳහනක් ලිපියේ  තිබ්බේ නැහැ. ඒවා සුළු කාරනා. ත්‍රිශාන්ත  කියනවා වගේ ප්‍රශ්න තිබ්බත් මොරටු විශ්ව විද්‍යාලය පේරාදෙණිය හෙම ඉතා හොඳින් කටයුතු කරන බවයි මගේ හැඟීම.

නිසා මේ පී එච් ඩි එකට හිනා වෙන්න ඕනේ නැහැ කියන එකයි මම හිතන්නේ. ටයිමින් පොඩ්ඩක් අප්සෙට් තමයි. තාත්ත අගමැති , මාමා ජනාධිපති වුනහම මිනිසුන්ට සැක ඇතිවෙන එකත් සාධාරණයි. ඒ මහත්මයට තියෙන්නේ  තවත් හොඳින් මේ මාර්ගයේම ඉදිරියට යන්න. ඔතනින් නතර වෙන්නේ නැතිව. එතකොට ඔය කතා ඉබේම නවතීවි.

මේ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර බුකියේ ලියපු එක.:
ලංකාවෙ කෙනෙක් ලංකාවෙ ඉඳගෙන විද්‍යා ගවේෂණ කර, ඒවායේ ප්‍රතිපල අන්තර්ජාතික මට්ටමේ පල කරන්න ගන්න කුමන හෝ උත්සහයක් අපි අගය කරන්න ඕන. ඒවට කරන්න පුළුවන් උදවුවක් කරනව මිසක්, සසදන්න යන එක අපිටම කරගන්න පාඩුවක්. සමහර අංශ වලින් ලංකාව දැනටම ජ්‍යාත්‍යන්තර මට්ටමේ ඉහලින් ඉන්නෙ. රොබෝ තාක්‍ෂණය අංශයෙන් මොරටුව විශ්ව විද්‍යාලය පසුගිය වසර 10 තුල අත් කරගත් සීග්‍ර දියුණුව උදාහරණයක්. විදුලි ඉංජිනේරු අංශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් ඉතා ප්‍රසන්සනිය මට්ටමක ඉන්නව. අබ්යවකාශ තාක්ෂනය අංශයෙන් කොළඹ විශ්ව විද්‍යාලය ගන්න උත්සාහයත් අගය කරන්න ඕන. රෝහිත රාජපක්ෂ පල කරපු එක වාර්තාවක් ආසාවට කියෙවුව. අගය කල යුතු ප්‍රතිපල තියෙනව. රාජපක්‍ෂ පවුලෙ ඒ වගේ වැඩකට අත ගහන කෙනෙක් ඉන්න එකත් කොච්චර හොඳද?

රාජපක්ෂ මහතා පල කරණ ලද ලිපි දෙක :
Rajapaksa, C. R., & Wijerathna, J. K. (2014). Space Debris Removal Strategies and their Feasibility. Indian Journal of Science and Technology, 7(7), 991-1004.
Another paper:
Rajapaksa, C. R., & Wijerathna, J. K. (2017). Adaptation to space debris mitigation guidelines and space law. Astropolitics, 15(1), 65-76.