කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Saturday, 25 December 2021
සුභ නත්තලක් කියනවද සුභ නිවාඩුවක් කියනවද
Saturday, 18 December 2021
දේශපාලන තේරීම
Tuesday, 30 November 2021
වොල්තම්ස්ටෝ පොම්පාගාරය ට ගමනක්
සාමාන්‍යයෙන් සති අන්තයේ කිලෝමීටර දහයක් දොළහක් කොහේ හරි ළඟ ලස්සන තැනක ඇවිදීමට යාම අපේ සිරිතය. ඉතින් අපි ඉස්සර කොල්ලා, කෙල්ල කාලයේ නිතර ඇවිද්ද ලේටන් පැත්තේ ලී වැලි පාක් එකට ගියෙමු. එහි තවමත් බිල් සහ නුරායි නමින් යුත් තුර්කි සම්භවයක් ඇති අපේ යහළු පවුලක් වෙසෙති. ඔවුන්ද හමුවීම අපේ බලාපොරොත්තුව විය. ඉතින් ඔය වටේ පිටේ ඇවිදිං ගමන් බිල් ගේ ගෙවල් පැත්තේ තිබු පුංචි කෞතුකාගාරය කටත් ගියෙමු. මම සාමන්‍යයෙන් මෙවැනි තැන්වලට යාමට කැමතිය. එම පොම්පාගාරය පිහිටුවා තිබෙන්නේ 1896 වැනි වසරකය. නගරයේ මෙමෙ පෙදෙසේ අපද්‍රව්‍ය සහිත ජලය එක් රැස් කර පිරිසිදු කරන තැනකට යැවීමට මෙය පිහිටුවා තිබේ. ඒ සඳහා භාවිතා කල ජල පොම්ප යනාදිය මෙමෙ කෞතුකාගාරයේ එක් රැස් කර ඇත.
මුල් කාලයේ බයිසිකලයක්
වාෂ්ප බලයෙන් වැඩ කරන මුල් කාලයේ පොම්පයක්
එයා කොම්ප්‍රෙසර්
Friday, 26 November 2021
බ්‍රිතාන්‍ය පුස්තකාලයට තවත් ගමනක්
පහුගිය කෝවිඩ් වසංගතේ උග්‍ර කාලේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිහින් හිරවෙලා රාවණා හෙම හම්බ වෙලා වෙච්ච් ඇබැද්දිය කට්ටියට මතක ඇති. ඒකෙ දෙවෙනි ලිපිය මේ යොමුවේ. ඊට පස්සේ උනේ මේකයි. ඔය කට්ටකාඩු වේ ලොකු මලය හොයන පුස්කොල පොත කෞතුකාගාරයේ නැහැලු. ඒ ගොල්ලෝ කීව බ්‍රිතාන්‍ය පුස්තකාලයට යන්න කියල. ඒක මේ කෝවිඩ් අස්සේ ලෙහෙසි වුනේ නැහැ. ඔන්ලයින් ගිහින් වෙලාවක් දාගෙන විතරයි යන්න දෙන්නේ. ඒවත් ඉතින් මාස ගානකට බුක් වෙලා ඉවරයි. ඉතින් මමයි පොඩි දුවයි ඉඳල ඉඳල යන්න අපොයින්ට්මන්ට් එකක් දාගත්ත. මෙන්න මෙයාල කියනවා රීඩර්ස් කාඩ් එක නැතිව යන්න බැහැ කියල. (ඉස්සර පුළුවන්) ඒ ගමන තව මාස දෙකක් බලන් ඉඳල වෙලාවක් දාගෙන අපි දෙන්න ගියා.
Friday, 19 November 2021
සියළුම වීඩියෝ යූටියුබ් චැනලයේ
Monday, 15 November 2021
මතකයේ රැඳුනු සැඳෑව
මතකයේ රැඳුනු සැඳෑව
ලන්ඩනයේ දී, 2019 ලංකාවේදී එලි දක්වපු පොත සමාප්ත කරන සැන්දෑව එන්න කලින් බාධා කිහිපයක්ම ආව. අනුර හෑගොඩ කිවිවර ගේ නිවසේ ප්‍රශ්නයක් නිසා ඔහුට ඒමට නොහැකි වීමත් හිතවත්ම මිතුරෙකුට කෝවිඩ් ප්‍රශ්නයක් නිසා ඔහුට ඒමට නොහැකි වීමත්. ඒ අතරේ එන්නට පොරොන්දු වුනු තවත් මිතුරන් දෙදෙනෙකුටම පවුලේ හදිසි ප්‍රශ්න වගක් මතුවෙලා තිබුන. මුදල් ගෙවා ලබාගත් ශාලාව නිසාම කෝවිඩ් වසංගතය නිසා කිහිප වරක් කල් දැමුණු මේ හමුව තව දුරටත් කල් දැමීමට නොහැකි අවස්ථාවත් ආව. එක මොහොතක මට හිතුන නොවැම්බර් 13 ඇත්තටම අවාසනාවන්ත දවසක් ද කියලත්. නමුත් අපි ඒවාට සැලෙන්නේ නැහැනේ.
මගේ යහළුවෝ පිරිසක් එහෙම සැලෙන්න ඉඩ දුන්නෙත් නැහැ.සෝවියට් දේශයේ කීව් නගරයේ උගත් සරෝජ් ගේ ළඟම ඥාතියෙකු ගේ පවුලේ ප්‍රශ්නයක් වුනත් ඔහු පැමිණියේ ගයානිගේ මාළු ව්‍යන්ජනයත් අරගෙන. සරෝජ රැගෙන ආවේ නන්දන සහ යමුනා. මොකද සරෝජ ගේ වහනය ඒ වෙලාවේ වෙන කාර්යයක. යමුනා, ඉනෙස් සහ රෝහිත සමග ශාලාවේ උෂ්ණත්ව පාලනය, ලයිට් සෙටින් ආදිය භාර ගත්ත. මේ ශීතල කාලෙනේ. මගේ දයාබර බිරිඳ ඉනෙස් තමා කෑම බිම තිබුණු මේසය සකස් කළේ මට අනිත් වැඩ කරන්න ඉඩ දීල. එයාට උදව් වුනේ ශීලා. ශීලා බටහිර ලන්ඩනයේ ඉඳල දුම්රියේ එන ගමන්ම පරිප්පු එකක් හදාගෙන ආව, මම සම්බෝලේ හැදුව. ඔන්න ඒ දෙකම තිබුන හරිද? ඇත්තම කියනවා නම් ඉනෙස් නැතිව මට මේ මුකුත් කර ගන්න වෙන්නේ නැහැ. කීව් වලම උගත් කුමාර,එහෙම ඉගෙන ගත්ත රෝහිත, බන්දුල සහ ධම්මික සමග ආවහම මට හිතුනේ මේක "කීව් සන්ධ්‍යාවක්" වේවි කියල. එහෙම වුනේ නැහැ අපි මොස්කව් වලම නතර වුනා. ලැප්ටොප් එක ප්‍රොජෙක්ටරයක දාගෙන සෙට් කරන එකේ ඉඳල වීඩියෝ එකත් කරුණාවෙන් කරල දුන්නේ කුමාර.
ඉනෙස් සහ ශීලා තමයි පුටු පේලියට තියන්න පටන් ගත්තේ. පස්සේ හැමෝම තමන්ගේ පුටුත් ඇදගෙන වාඩි වුනා. ඒ කෙසේ වෙතත් සම්ප්‍රදායට ගරු කරලා විනාඩි හතළිහක් විතර ප්‍රමාද කරලා, මම ඉවෙන්ට් පටන් ගන්න කියල සරෝජ් ට කීව. සරෝජ් තමන්ගේ සුපුරුදු ශෛලියෙන් වැඩේ හොඳට කරගෙන ගියා. ආයේ දෝෂයක් කියන්න බැරිවෙන්නම. මොස්කව් මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ හෙවත් ප්‍රසිද්ධ ලුමුම්බා එකේ උගත් මිතුරු අතුල පැමිණියේ හොඳ ප්‍රංශ ෂැම්පේන් බෝතලේකුත් අරගෙන, පැය ගාණක් මග ගෙවාගෙන වොල්වර්හැම්ප්ටන් ඉඳන්.(මේකේ සෝවියට් ෂැම්පේන් වගේම මිහිරි රසයක් තියනවා. අපි ඉතින් ඔරිජිනල් හැටියට සළකන්නේ ජිවිතේ පළමු වතාවට බීපු සෝවියට් ෂැම්පේන් එකනේ). ඊළඟට ඈත ඉඳන් ආවේ බ්‍රෙන්ට්වුඩ් ඉඳන් ආපු සුබෝධ. සුබෝධව දැක්කේ අවුරුදු ගාණකට පස්සේ වගෙයි මතක. දෙන්නම උගත්තේ සෝවියට් දේශයේ. දැන් එන් එච් එස් එකේ වැඩ. අතුල පොතේ පිටුවක් කියවන්න පටන් ගත්තේ වටිනා මතකයන් රැසක් අවදි කරමින්. මෙහෙම වැඩකදී අනිවාර්යෙන්ම එන අකාලයේ අප අතරින් සමුගත් සොඳුරු මිතුරෙකුගේ අඩුවත් අපට දැනුන කීවොත් නිවැරදියි.
මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ උගත් ආශා, පේරාදෙණියේ නිෂ්පාදනයක් වන විපුලි සහ ප්‍රසිද්ධ බ්ලොග් මිතුරෙකු වන මාකස් ඉන්පසු විටින් විට පොතේ පරිච්ඡේද කියවමින් සහභාගී වුනා පමණක් නොවෙයි. ආශා තමන්ගේ මතකයන් කියන අතරේ විපුලි ඇගේ සෝවියට් පොත් කියැවීමේ ලැදියාවත් මතක් කළා. මාකස් ගේ කතාවේ විශේෂත්වය වුනේ ඔහු සෝවියට් දේශයට කිසිම සම්බන්ධයක් නොමැති වීමත් රුසියාවට කිසිම සම්බන්ධයක් නොවීමත් තුල. එනිසා ඔහුගේ ගැඹුරු විශ්ලේෂණය සිතන්නට යමක් ඉතිරි කරා.
ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න ස්වීඩනයේ සිට සාකච්චාවට සහභාගී වුනේ පොත ලියන විට ඔහු මාහට දුන් උපදෙස් ද මතක් කරමින්. ඔහුට සහයට නුවන් ජේ ද අදහස් පළ කළා , සරෝජ් සහ අතුල සමග. එතන බිහි වුනේ සජීවී සංවාදයක්.
අයුමිණි කියන්නේ මගේ දියණියන් සමග මගෙන් භෞතික විද්‍යාව අමතරව උගත් දියණියක්. ඉංජිනේරු සිසුවියක් වන ඇගේ සංගීතය පිලිබඳ දැනුම අතිමහත්. ඇගේ සංගීතඥ පියතුමන් වන නිස්සංක වික්‍රමරත්න සමග ඔවුන්ගේ මධුර හඬින් සභාව ප්‍රමෝදවත් කළා. නිස්සංක ගේ පිය බිරිඳ ඉන්දු තමයි සින්දු පුරුදු වෙනකොට තේ සහ කැවිලි සපයමින් අපිව දිරිමත් කළේ. ඩිලානි එන්න බැරි වුනත් රස නහර පිනවන බුරියානි එකක් හදල දුන්න. ආශා බුරියානි එක්ක කන්න හදන රසවත් රයිටා එකක් ගෙනාව . ඉනෙස් හොඳටම හොඳ සලාදයක් හදල තිබුන. මේ හැමෝටම ස්තූති වෙන්න සන්ධ්‍යාව ප්‍රබෝධමත් ජයග්‍රහණයක් වුනා.
සෝවියට් සම්ප්‍රදාය අනුවම සන්ධ්‍යාව ඉවර වුනේ අතුල ගෙනාපු ෂැම්පේන් එකෙන් සහ මගේ රුසියානුමිතුරකු වන ලියෝනිඩ් ප්‍රදානය කල බෙලුගා වොඩ්කා එකෙන් (බෙළුගා කියන්නේ රුසියාවේ මිල අධිකම මාළු බිත්තර ගන්න මත්ස්‍ය ජාතියක් -බෙළුගා කැවියාර්). ඒක හුඟක් මෘදු ලෙස දිවට දැනෙන ප්‍රණීත රසයක් දෙන එකක් නිසා ඇරපු හැටියේම වගේ ඉවර වුනාද කොහෙද?😉 අන්තිමට අපි කට්ටියක් අපේ නිවසේ එක්රැස් වුනේ සම්ප්‍රදායික විධිහට වැඩේ නිම කිරීමේ සහ කෝපි බීමේ පාටියට. බන්දුල සැපයූ කියුබාවෙන් ගෙනා හවානා සිගාර් නිසා ඒකත් රසවත් වුනා, වැඩේ වැඩියත්ම රසවත් වුනු හේතුව යටම තිබෙන පින්තුරයකින් පෙනේවි.
පැමිණි හැමෝටම ස්තූතියි, සුභ පැතූ හැමෝටමත් ස්තූතියි. සිය පවුල සහ යහළුවන් ඇති තැන තව දෙයක් කුමටද?
කතාව අවසන් කරන්නම් තව කරුණක් එක්ක. මේක බ්ලොගයක ප්‍රතිචාරයකට දාපු ජපානය පිලිබඳ යූටියුබ් වීඩියෝවක් ගැන. එහි සමහර තරුණ වැසියන් ගේ තනිකම ගැන. ඔවුන් සයිබර් කැෆේ වල ඉතා කුඩා කාමර වල දවස පුරාම ගත කරමින් එහිම නිදාගන්නවා. ජිවිතයේ සන්තකව තියෙන වස්තුව අඩුයි. ලොකු ගෙවල් නැහැ. ඉතාම සරල ජිවිතයක් කියල හිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් දරුණු තනිකමකින් පීඩා විඳිනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. අපි අවුරුදු ගණන් දියුණු ධනවාදී රටවල ජිවත් වුනත් මේ රටවල සැප පහසුව මැද සමහර තනිකමේ ගෙවන ජිවිත හුඟක් තිබෙනවා. අපි ඒක සෝවියට් දේශයේ දැක්කේ නැහැ. පාලනය කෙතරම් සීමා තිබුණු එකක් වුනත් මිනිසුන් සාමූහිකවමුණ ගැහුණා. (තම තමන්ගේ නිවෙස් වල ජිවත්වුනත් එළියේ දී එක්වී වැඩ කරන ගතියක් තිබුන) වනයේ ඇවිදින්න ගිහින් ගිනිමැල ගහගෙන වරු ගණන් කවිවල සිට නවකතා, චිත්‍රපට සහ විහිළු කතා දක්වා කතා කරමින් කාලය ගත කිරීමේ පුරුද්දක් තිබුන.අපි කැමති වෙන්න ඇත්තේ එකට වෙන්න ඕනේ.
Ajith