Friday, 23 May 2014

සංසරණ මාධ්‍යය - ප්‍රාග්ධනය - අංක 7


සංසරණ මාධ්‍යය 
භාණ්ඩ වල රූපාන්තරණය (වෙනස්වීම /  පරිණාමය)

හුවමාරුව සම්පුර්ණ වන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ  රුපාන්තරණයන් දෙකක්  වන භාණ්ඩ හා  මුදල් එකිනෙකට  පරිවර්තනය වීමය නිසයි. මේ දෙක එකින් පූර්ණත්වයට පත් කරනවා කියල මාක්ස් කියනවා. එතකොට කරන කාර්යය අවස්ථා දෙකකින් සිද්ධ වෙනවා.   රෙදි මහන්නා  එය විකිණීම - එහෙම නැත්නම් භාණ්ඩය මුදල් නමැති භාණ්ඩයට මාරු කිරීම - අනිත් පැත්තෙන් මිලදී ගැනීම - එනම් මුදල් නමැති භාණ්ඩය රෙදි නමැති භාණ්ඩයට හුවමාරු කර ගැනීම. ඇත්තටම මේ දෙකම එකක්.
මේක මාක්ස් ලිව්වේ මෙහෙම.
භාණ්ඩ - Commodity - මුදල්-  Money
Commodity – Money – Commodity. C–––––– M ––––––C.
භාණ්ඩ - මුදල් - භාණ්ඩ : භා - මු - භා , ඉදිරියේදී ලේසියට මේක ඉංග්‍රීසි අකුරෙන්ම ගමු. 
C–––––– M ––––––C. - (අංක 1)

කල්පනා කරලා බලන්න මේක අතරට තව මොනවහරි දාන්න  පුලුවන්ද කියල? 


එතකොට මෙතැන  භාණ්ඩය හැටියට ශ්‍රමය අරගන්න.  එහෙම අරගත්තොත් ශ්‍රමයට තියෙන්නෙත් හුවමාරු වටිනාකමක්. මේක කම්කරුවෙකුගේ වෙන්නම ඕනේ නැහැ. ඕන කෙනෙකුගේ ඉන්ජිනේරුවෙකුගේ, දොස්තර කෙනෙකුගේ , ගුරුවරියකගේ හෝ ගොවියෙකුගේ, කම්කරුවෙකුගේ (මෙහිදී  අත පය  වෙහෙසා  වැඩ කරන යන අරුතින්)
එතකොට අර ඉහල අංක 1 නමැති සමීකරණය මෙහමත් ලියන්න පුලුවන්.
L - M -..................? මෙතන කම්කරුවා තමන්ගේ ශ්‍රමය විකුනුවට පස්සේ ඒ මුදල නැවත භාණ්ඩ වලට හැරෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මුදල විශ්වීය හුවමාරු අගයක් (හෝ ලෝකය පුරාම කියමුකෝ) ගත්තට ශ්‍රමයට ඒක එන්නේ නැහැ නේද?
මෙන්න මේක තම මාක්ස් කියන්නේ. ශ්‍රමය අපි විකුනුවට එකට අර මුදලට තියෙන පොදු (විශ්වීය ?) අගය නැහැ කියල. 

ඊළඟට මේ පෙනුමට තිබෙන තනි ක්‍රියාවලිය ඇත්තටම දෙකක් බව මාක්ස් කියනවා. එනම් භාණ්ඩය අයිතිකාර තැනැත්තා ගේ පැත්තෙන් ඒක  විකිණීමක්  sale , මුදල් අයිතිකාර  තැනැත්තාගේ පැත්තෙන් ඒක  මිලදී ගැනීමක්. හැබැයි විකිණීම තමා  මිලදි ගැනීමත්.   C–M is also M–C.
ඊළඟට මේ C–––––– M ––––––C. එක වෘත්තාකාර හැඩයක් ගන්නවා කියල මාක්ස් කියනවා. "The two phases, each inverse to the other, that make up the metamorphosis of a commodity constitute together a circular movement, a circuit: commodity-form, stripping off of this form, and return to the commodity-form."
භාණ්ඩමය ආකාරය - මුදල්මය ආකාරය හා නැවත භාණ්ඩමය ආකාරය - නැවත එය විකිණීමෙන් මුදල් බවට හැරීම  ඒ වගේ.   අනික මෙහිදී මුදල් කාගේ  හරි අතේ හැම වෙලාවෙම තියෙනෙව. නමුත් භාණ්ඩය  මේ වෘත්තයෙන් ගැලවී යන්න පුළුවන්. මහන්නා  රෙද්දක් විකුණලා සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් පොතක්  ගන්නවා කියා හිතමු.  ඔහු/ඇය පොත නොවිකුනුවා  කියා හිතමු. නමුත් පොතට ගෙවූ මුදල සංසරණයේ තව දුරත් පවතිනවා. පොත අයින් වෙනවා. 
අපි හිතමු යකාගම කියන ටිකක් ආදිවාසී ගමක කම්මල් කරුවෙක් ඉන්නවා කියල. ඔහු යකඩ තලා හදන භාණ්ඩ ගොවියෙකුගේ කිරි හෝ හාල් වලට හුවමාරු කර ගත්තොත් වෙන්නේ C -C වගේ ක්‍රියාවක්. (commodity -commodity ) . හැබැයි ඔහුට අර භාණ්ඩ අවශ්‍ය නැත්නම් ඔහු මුදල් (රන් කාසියක් වගේ) ගන්නවා කියා හිතමු. ඔහු ඒ මුදල පාවිච්චි කරලා වඩුවා  ගෙන් පුටුවක් ගත්ත කියා හිතමු. මෙහිදී සුරකෑමක් සිදු වෙන්නේ නැහැ. වෙන්නේ C–––––– M ––––––C එක. එතකොට කම්මල් කරුවාගේ හෝ වඩුවාගේ පුද්ගලික ව්‍යාපාර යකාගමේ මිනිසුන්ගේ ආධිපත්‍යට ගන්න ඕනේ නැහැ. ගොවියාගේ කුඹුර හෝ ඉඩම් ගන්න ඕනෙත් නැහැ. ඔවුන් සුරාකෑමක් කරන්නේ නැහැ. (අවාසනාවකට වගේ මාඕගේ චීනයේ හා සෝවියට් රුසියාවේ ඈත  පළාත්වල ඕනෑවට වඩා උද්යෝගී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් මේ වගේ වැඩත්  කලා. සපත්තු කාරයාගේ කම්මල් කාරයාගේ පුංචි ව්‍යාපාරත් ජනසතුයි කියල ආණ්ඩුවට අරන් රාජ්‍ය ඒකාධිකාරයක් හදන්න. නොදැන කරපු ඒ වැඩ වලින් කලේ ලොකු හානියක් ) 
ඊළඟ ලිපිවලින් සුරාකෑම  හා ප්‍රාග්ධනය ගැන කතා කරන්න බලා  පොරොතු වෙනවා. 



Tuesday, 20 May 2014

මාක්ස්ට වැරදුන තැනක්ද?

මේ මාක්ස්ට වැරදුන තැනක්  කියල විවේචන  මම තැන් තැන්  වල කියවල තිබෙනවා . සමහර අය බොර්ම් බෝවෙර්ක් හෙම උපුටල කියල තිබ්බ මේ කාරණය . මේක තියෙන්නේ ප්‍රග්ධනයේ 10 වන පරිච්චේදය හරියේ. මම තවම එතනට ආවේ නැහැ මේ ලිපි පෙලේ. දවසේ වැඩ මුර ගැන මාක්ස් කතා කරනවා ඒ කොටසේ. නමුත් මේ ගැන  මන් පොඩ්ඩක් කතා කරන්න අදහස් කලා.

මාක්ස් විසින්  ධනපතියන් කම්කරුවන්  සූරා  කෑම ගැන ලියු දේ හුඟක් ම බලගතුයි ඒ වගේම ඓතිහාසික වශයෙන් ගත්තම සාධක සහිතව ඔප්පු වෙනවා.   මාක්ස් කිවේ මේ සූරා  කෑම  කියන එක ධනවාදී ආර්ථික ක්‍රමයට ඔබ්බවල තිබෙන නිසා ඇතිවෙන සමාජීය ප්‍රතිවිරෝධතාවය හේතුවෙන් ධනපති ක්‍රමය අභාවයට යන බව ( කඩා වැටෙන බව).  මාක්ස් මේ පරාරෝපනය හෙවත් කලකිරීම පිලිබඳ මතය , ධනවාදී සූරාකෑම නිසා  කම්කරුවා ඔහුගේ මානුෂික භාවයෙන් දුරස්ථ  වීම ආදිය පැහැදිලි කිරීම සඳහා හේගල් ගේ  අතීත ලේඛන උපයෝගී කර ගත් තා . සූරා  කෑම පිලිබඳ නියමය සහ අතිරික්ත වටිනාකම තුලින් ඔහු දර්ශනවාදී දෘෂ්ටි කෝණයෙන් මිදී ආර්ථික ක්‍රමය පිලිබඳ දෘෂ්ටි කෝණයෙන් මේක විමසා බැලුව. ඒ නිසා  තමයි ඔහු කිවේ ධනවාදී නිෂ්පාදන ක්‍රමය නිසාම ධනවාදය කඩා  වැටෙනවා කියල.  
මාක්ස් එංගලන්තයට පිටුවහල්ව සිටියදී ඔහුට එවකට  ලෝකයේ තිබු කාර්මික දියුණුව ඉහලම රට ගැන හොඳින් විමර්ශනය කරන්නට ඉඩ  ලැබුන. ඔහු දුටුවා ටෙක්ස්ටයිල් (රෙදි නිෂ්පාදන කරන) කම්කරුවන් විඳින අන්ත දුක. ඔවුන්ගේ දරුණු දුප්පත් කම. යන්තම් කන්නට දෙයක් ඇතිව පන නල ගැට ගහ ගන්න හැටි. ඔහු පාවිච්චි කලා මෙය හඳුන්වන්න  විලියම් බ්ලේක් කවියාගේ කවියක සඳහනක්  "disturbing images of “dark satanic mills,” යනුවෙන්. එනම් යක්ෂයාගේ අඳුරු රෙදි මෝල  වල හිත කලම්බවන  පින්තුර  වශයෙන්.
කවිය කියවන්න  මෙතනින් යන්න;
http://en.wikipedia.org/wiki/And_did_those_feet_in_ancient_time#.22Dark_Satanic_Mills.22
අපි ලඟදි පීක් දිස්ත්‍රික්කයට ගිය වෙලේ පතල් කීපයකට ගියා . (පින්තුරය 1 හා 2 බලන්න.) මේවායේ නම් "යක්ෂයාගේ ගුහාව devil's cavern , treak cliff ගුහාව ආදී වශයෙන්. මේවා දැන් සංචාරකයන් ට බලන්න හොඳට හදල තියෙනවා පඩිපෙළවල් ඇතුළුව.
පින්තුරය 1
පලවන පින්තුරයේ තියෙන්නේ පුංචි ගුහාව. දෙවැන්න මහා පතල.
පින්තුරය 2
දෙවෙනි එකෙන් හැමෝම ඇතුලට යනවා ඊයම් කඩන්න.  පලවන එක තියෙන්නේ  ලොකු මිනිස්සුන්ට යන්න බැරි නිසා පුංචි ළමයි යවන්න. පුංචි ළමයි නුත් මේවල වැඩ කලා . මේ ළමයි සහ ගැහැණු පතල් වල මැරුන. නොයෙකුත් අතවර වලට ලක්වුණා. සමහර විට මුළු පවුලම. ඔවුන්ට ලැබුනේ සතියකට ශිලින් 3ක් - අද මුදලින් පවුම් 10 ක (රුපියල් 2000) ක වගේ මුදලක්. රුපියල් දෙදහකින් ජිවත් වෙන්න පුලුවන්ද සතියක්. එංගලන්තයේ දැන් සතියක් ජිවත් වන්න කෑමට  විතරක් සතියකට පවුම් 70ක් වත් ඕනේ. යන්තන්කාල ඉන්න. අනිත් වියදම් නැතුව. එතකොට පවුම් දහයකින් පාන් පෙත්තක් දවසකට කාල  ඉන්න පුළුවන් වෙයි . හිතා  ගන්න පුලුවන්ද දරිද්‍රතාවය. මුළු  පවුලම වැඩ කලේ ඒකයි පතල් වල. රෙදි කම්හල් වල. යන්තම් ජිවත් වෙන්න. එංගලන්තය එතකොට ලංකාව යටත් කර ගෙනනේ  හිටියේ. (කොටසක්). ලංකාවේ මිනිස්සු ඊට වැඩිය  හොඳට ජිවත් වුණා  එහෙම බැලුවොත්.
 පින්තුරය 3 - පතල් කම්කරුවන්ගේ මෙවලම්
 මාක්ස් පෙන්වන්න හැදුවේ මේ දරුණු දුප්පත් කම ධනවාදයේ නියත සලකුනක බව සහ ධනවාදයේ දියුණුව සමග මේ පීඩනය සහ දුප්පත්කම වැඩි වන බව. තමන් රැක  ගැනීම සඳහා කිසිම ආරක්ෂණ යාන්ත්‍රණයක් නැති නිර්ධන පන්තියේ   ආර්ථික දියුණුව ධනපතියාගේ අනුකම්පාව මත රඳා  පවතින බව.  නමුත් ධනපතියට වෙළෙඳපොලේ තරඟ කාරිත්වය එක්ක හැප්පෙන්න නම් තමන්ගේ ව්‍යාපාරය දුර්වල කර ගන්නේ  නැතුව තමන්ගේ ව්‍යාපාරය අවදානමකට ලක් කර ගන්නේ නැතුව මේ නිර්ධන කම්කරු පන්තියට  අනුකම්පාව දක්වන්න බැහැ කියල මාක්ස් කිව්වා .

 මේ ප්‍රතිවිරෝධතාවය තුල පන්තිය වර්ධනය වීමත් පන්ති විඥානය (පන්ති හැඟීම) වර්ධනය වීමත් තුල එම පන්තීන් විසින්ම තම ආර්ථික  අවශ්‍යතාවයන් නිරුවත් කරනවා. (expose - පෙන්වනවා යන තේරුම ). මෙහිදී ධනපති පංතිය  තමන් සතු සියලු  බලතල - රාජ්‍ය බලය (පොලිසිය, හමුදාව, අධිකරණය, සිවිල් නිලධාරීන් සතු බලතල) සහ ආගම පවා උපයෝගී කර ගන්නවා මේ කම්කරු හා වැඩ කරන පන්තිය පිලිබඳ තමන්ගේ ඒකාධිකාරී අයිතිය රැක  ගන්න. නමුත් වැඩ කරන පන්තිය තමන්ගේ පොදු පීඩනය විනාශ කරන්න ස්වභාවයෙන්ම එකතු වෙන බවත් ධනපතියන් ඉවතට තල්ලු කරන්නට සමත් වෙන බවත් මාක්ස් අනාවැකි පලකලා . එසේම  මේ  ප්‍රතිවිරෝධය පුපුරා  යන අවසන් පන්ති අරගලයක් තුලින් සමාජවාදය බිහි වෙනවා කියලත් ඔහු අදහස් කලා .
මේක මෙහෙම වුනාද?  මාක්ස් මෙතන වැරදිද?
 සිද්ධ වුනා  මෙහෙම දෙයක් බ්‍රිතාන්‍ය රැජින මුහුදු මංකොල්ලකරුවන් මගින් ප්‍රාග්ධනයක් ගොඩ නගා  ගත්ත ඉස්සෙල්ල . ඊට පස්සේ හොඳ නාවික හමුදාවක් හැදුවා ඉන්පසු බ්‍රිතාන්‍ය රජය අධිරාජ්යක් ගොඩ නැගුවාමේ ගොඩ නගන අධිරාජ්‍යය  තුල රටවල් පාලනය කරන්න තම රට වැසියාව  යවන්න පුළුවන් වුණා. ඒවගේම හමුදාවට මිනිස්සු ඕන වුනා . ඉතින් අර කම්හල් වල වැඩ කරනවට වඩා  මිනිස්සු යුද භටයන් වශයෙන් හා වෙන රටවල වැඩි පඩියට පදිංචියට යන්න පෙළඹුන. මේ පතල් වැහුනා. එහෙම නැත්නම් ධනපති පතල් අයිතිකරුවන්ට වෙන පතල් අයිති වුණා . රෝදෙශියාවේ (සිම්බාබ්වේ), දකුණු අප්‍රිකාවේ , ඇමෙරිකාවේ වගේ. ඒවා වල වැඩ කරන්න තවත්  අඩු පඩියට දේශීය කම්කරුවන් හිටිය. 

ඊට අමතරව එංගලන්තයේ කම්කරුවන් වෙනුවෙන් සංවිධාන ගොඩ නැගුන. ඒ කියන්නේ ඉහල පන්තිවලට අයව දැනුවත් කරන්න ගත්ත මේ දරිද්‍රතාවයන් ගැන. ඒ නිසා ගොඩක් මේ කම්හල් වැහුන. එහෙම නැත්නම් කම්කරුවන් ආරක්ෂා කරන්න නීති ගෙනාව . ඇමෙරිකාවේ වගේ මැයි  පළවෙනිදා කම්කරුවෙකුට වෙඩි තැබුවාට පස්සේ තත්වය තවත් වෙනස් වුණා. කම්කරුවන් හා වැඩ කරන ජනතාව යුරෝපයේ රටවල් වල පැය අටේ වැඩ මුරය ලබා ගත්ත . වැඩි පඩි ලබා ගත්ත. අයි අඩු පඩියට වැඩ කරන කම්කරුවෝ  යටත් විජිත වල ඉන්නවනේ. (ඊළඟට පසු කාලයකදී සෝවියට් දේශය වගේ රටවල් ඇති වුන නිසා ඒ තර්ජනය වළක්වන්නත් එංගලන්තය වගේ රටවල් කම්කරු වන්ගේ මාසික අදායම වැඩි කලා . වැඩි වුණා) . අර මාක්ස් කිව්ව දෙය වුනේ නැහැ.
උනේ නැත්තේ ධනපති අධිරාජ්‍යවාදය මේ ප්‍රතිවිරෝධතාවන් ඇතිවූ ප්‍රශ්නය වෙන ක්‍රමයකින් තරමක්  සමනය කරපු නිසා.

නමුත් මොවුන්ට හැමදාම මෙය කල හැකි වෙයිද? දැන් නැවත ආර්ථික ප්‍රශ්න මතු වෙමින් තිබෙනවා. නව වෙළඳ අධිරාජ්‍යවාදී  රටවල් ගැටෙනවා. ඉන්දියාව, චීනය , ඇමෙරික එක්සත් ජනපදය , යුරෝපා සංගමය , රුසියාව අමුද්‍රව්‍ය, ඉන්ධන, වෙළඳපොල බෙදා ගන්න සටනේ. මේ නිසා අලුත්  උත්තරය තියෙන්නේ space exploration හෙවත් අභ්‍යවකාශය ජය ගැනීම හා වෙනත් ග්‍රහ ලෝක මත. අර අධිරාජ්‍ය පිහිටෙව්ව  වගේ කම්කරු හා අනිකුත් පන්තීන්  ඒවාට පටවන එක. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ නාසා ආයතනය උල්කාපාත (asteroid ) වල පතල් හාරන්න බලා  පොරොත්තු වෙනවා.   අඟහරු ග්‍රහයා ගවේෂණය කරලා ජනාවාස පිහිටුවල ලෝහ හාරන්න බල පොරොත්තු වෙනවා. අර යටත් විජිත ක්‍රියාවලිය වගේමයි. අර එන ලෝක විප්ලවයක් හෝ සමාජවාදී අරගලයක් මේ මගින් නැති කරන්න පුළුවන් ආයෙත්.

මේ පින්තුර වල පෙන්වන්නේ මැන්චෙස්ටර් නගරය විද්‍යා කෞතුකාගාරයේ තිබෙන කාර්මික විප්ලවයේ ජයග්‍රහණ පෙන්වන යන්ත්‍රෝපකරණ.





මේ පල්ලහ පින්තුරය ඒ ළඟ  තියෙන versace සාප්පුව තියෙන බිල්ඩිම. ඒකට  විකුණන නිමි ඇඳුම් වැනි දේ එන්නේ රුමේනියාව වගේ තවම නැගී එන යුරෝපේ රටවල් හා දකුණු ආසියාතික රටවලින්. එංගලන්තේ පහල පන්තීන් වලටත් ඒවා මිලදී ගන්න පුළුවන්. අනික් මිනිස්සුන්ගේ බදු වලින් ගෙවන සහනාධාර මුදල් වලින් මේ සමහර පහල පන්ති වල මිනිස්සු කරන්නේ ඒවා මිලදී ගන්න එක.



ඉතින් මාක්ස්ට වැරදුනාද කියල තීරණය කරන්න.

Monday, 19 May 2014

තරාතිරම්වාදය 1- සමාජ සුභ සාධකගේ කොමෙන්ටුවට තව කතාවක්

මම රුසියාවේ නව වෙනස හා පුටින් යන්නේ කොයිබටද යන්න ගැන ලියපු ලිපියට සමාජ සුභ සාධක කියල කොමෙන්ට් කරන බ්ලොග් යාලුව කොමෙන්ටුවක් දාල  තිබුන ලංකාවේ තරාතිරම් පිළිබඳව හා  නිලධාරිවාදය ගැන. එයාගේ එපා වීම මට හිතා ගන්න පුළුවන්. මට තිබෙන අත්  දැකීම්  කීපයක් එතකොට මතක් වුණා.
පලවෙනි එක තමා මගේ විදුලි ඉංජිනේරු උපාදිය අවසන් කාලේ වෙච්ච දෙයක්. මම ශිෂ්‍යත්වයක් ලැබී සෝවියට්  දේශයට (ඒ කාලේ සල්ලි ගෙව්වේ නැහැ පෞද්ගලික උපාධි නෙමේ )  ගියත් ලංකාවේ විශ්ව විද්යාලයකට යන්න අවස්ථාවත් ලැබිල තිබුනේ.  ඒ දවස් වලත් රුසියන් උපාධිය ඉවර කරලා ආවහම ලංකාවේ සැහෙන කැපිලි තිබෙනවා රස්සාවකට ගියාම. හුඟක් ඒවා එන්නේ මොරටුවේ ඉවර කරපු අය  ගෙන්. මේ අපේම යාලුවන්ගෙන් එකට A/L  කරපු.
ඉතින් අපේ විදුලි  ඉංජිනේරු උපාදිය අවසන් කරලා Msc එකට නිබන්ධනය ලියන්න කලින් ප්‍රයෝගික පුහුණු ගොඩක් කරන්න ඕනේ. ඉතින්  ලංකාවේ මාසයක් විතර දාගත්ත  විදුලි බලාගාර (power stations ) බලන්න එහෙම.. ඉන් එකක වුනු දෙයක් මේ. ඉතින් අපි රුසියාවේ ඉඳල ආවහම ලංකාවේ කෑම කන්න පුදුම ආසාවක් නේ තියෙන්නේ . ලංකාවේ තරම් රහ කෑම  කොහෙවත් නැහැ කියලත් හිතෙනවා වෙලාවක. ඉතින් අපි ඔය මාළු පාන් , රොටි, කට්ලට් චයිනිස් රෝල්ස් කන්න පෙරේතයෝ. ඉතින් අපි දවස්  කීපයක්  බලාගාරයේ කැන්ටිමෙන් ඕව කෑව.  මෙන්න හතරවෙනි දවසේ වගේ අපි බලාගත්ත ඉංජිනේරු උතුමාණෝ අපව කැඳෙව්වා  office  එකට. එයා  අපට පොඩි සද්දයක් දැම්ම? "මට පැමිණිල්ලක් ලැබිල තිබෙනවා (අනිත් ඉන්ජන්ගෙන් වෙන්න ඕනේ) ඕගොල්ලෝ අර common (පොදු) කැන්ටිමෙන් කනවා කියල. ඔයාල ඉංජීනේරු  ශිෂ්‍යයෝ  තව මාස  කීපයකින් ඉංජිනේරු වරු හැටියට එලියට එනවා. පොදුවේ අනිත් කම්කරුවන්ටයි අනිත් අයටයි තියෙන කැන්ටිමෙන් කන්න එපා. sandwich එකක් ගෙනත් office එකේ ඉඳන් කන්න" ඊට අමතරව කීව  - ඔය රුසියාවේ පුරුදු මෙහෙට  කොහොමත් අවශ්‍ය නැහැ කියල. "
ඉතින් අපි කැන්ටිමෙන් කෑවම ඔය ලංකාවේ ඉන්ජන්ගෙන් අඩු වෙන්නේ මොකක්ද ? ............(මේ සිද්ධියට මුහුන පාපු එක යාළුවෙක් වත් මන් ඇතුළුව දැන් ලංකාවේ නැහැ).


සමාජ සුබසාධක බ්ලොග් අඩවිය ----සමාජ සුබසාධක දර්ශනය යනු ප්‍රතිගාමීත්වය භංගවීමෙන් ඇතිවන සම සාධාරණ මානව හිතවාදීත්වයකි.සුබසාධනය අවශ්‍ය වන්නේ පීඩිතයන්ටය.මෙය වෛරය වැපිරවීමක් නොවේ. ප්‍රභූ ලෝකයේ නිර්ප්‍රභූ නියෝජනයක් ඉල්ලා සිටීමේ අහිංසකත්වය පමණි - 
උපුටා ගත්තේ - 
http://subasadhaka.blogspot.co.uk/





Friday, 9 May 2014

රුසියාව ඔවුන්ගේම සමාජවාදයකට ආයෙත් යයිද? - ජයග්‍රහණයේ පෙළපාලිය 2014 මැයි 9

දැන් ටිකකට කලින් හැම මැයි  9 දාකම  යන රුසියාවේ (මුලින් සෝවියට් දේශයේ ) යුධ හමුදා ආචාර පෙළපාලිය නැරඹුවා. එහි සම්පුර්ණ පැයක  වීඩියෝවක් යු ටියුබ් එකේ බැලුව  හැකි ඉහල ඇති යොමුවෙන්.

අද දවසේ පෙළපාලියේ සුවිශේෂත්වයක් තිබෙනවා. එකක් තමයි ක්‍රිමියාව  දැන් රුසියාවට ලැබී තිබීම. 1964 යුක්‍රෙනියන්  ජාතික නිකිතා  කෘෂෙව් ජනාධිපති (කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ) යුක්රනියාවට ලබා දුන් රුසියානු ප්‍රදේශය නැවත පුටින් ලබා ගැනීම රුසියානුවන් බොහොමයකගේ ජාතිකාභිමානය වඩවන්නක් වෙලා තිබෙන්නේ. පුටින් වුනත් කිව්වේ වෙච්ච අසාධාරණය සාධාරණ කලා  කියල. ඒ වගේම බොහොම ඇමෙරිකානුවන් ප්‍රමාණයක් නොදන්නා දෙයක් තමයි ඇලස්කාව දැන් නිත්‍යානුකුලව අයිති රුසියාවට බව. අවුරුදු 100 බද්ද ඉවර වෙලා තියෙන්නේ.  ගන්න ගියොත් යුද්දේ තමයි.

මම කියන්න හදන කාරණාව එක නෙමෙයි. මේ වීඩියෝව බලන විට මට සිහියට නැගුනේ 1984 සිට මම සෝවියට් දේශයේ සිටියදී මැයි  9 නැරඹු යුධ හමුදා ජයග්‍රහණ පෙළපාලි වලට බොහෝ සමාන කමක් මේ පෙළපාලියේ තිබු බව. 1991 රුසියාව කැඩුනට පස්සේ පහල දුප්පත් වගේ මිනිස්සු ඇරෙන්න අනිත් අය  මහත්වරු (රුසියානු වචනය ගස්පදින් -sir ) වෙලා තිබුනේ යෙල්ට්සින් ගේ කාලයේ.

නමුත් අද තිබුන පෙළපාලියේ අණදෙන නිලධාරී ජෙනරාල්වරයා සොල්දාදුවන්ව හැඳින්වුයේ තවරිෂ් සොල්දාත්  කියල. ඒකෙ තේරුම සොල්දාදු සහෝදරයා. ඉංග්‍රීසියෙන් නම් comrade soldier. ඒගොල්ලත් ජෙනරල්වරයට උත්තර දුන්නේ හැමෝම එකපාර තවරිෂ් ජෙනරාල් පොල්කොව්නික් එහෙම නැත්නම් අණදෙන නිලධාරී ජෙනරාල් සහෝදරයා කියල. ඒ විතරක් නෙමේ ජෙනරල් ඊට පස්සේ මුණ ගැහෙනවා මැදදී ආරක්ෂක ඇමතිව. (ඒකට  වාහන දෙක රතු චතුරශ්‍රය මැදදී මුණ ගස්සවනවා) රුසියාවේ ආරක්ෂක ඇමති හැම වෙලාම තරු පහේ ජෙනරාල් කෙනෙක්. එයට අණදෙන නිලධාරී ජෙනරාල් කිවේ ආරක්ෂක ඇමති සහෝදරයා කියල. ඇමති තමන්ගේ පහල නිලධාරියට කිවේ ජෙනරාල් සහෝදරයා කියල. මේක මෙතනින් ඉවර වුනේ නැහැ.  ආරක්ෂක ඇමති ත්‍රිවිධ හමුදාව පෙළපාලියට ලෑස්තියි කියල කියන්න පුටින් ගාවට යනවනේ. එතැනදී කිවේ යෙල්ට්සින්ට වගේ ඇති උත්තම ජනාධිපති උතුමාණෙනි නෙමේ. තවරිෂ් ව්ලදීමිර් පුටින් හෙවත් ව්ලැඩිමීර්  පුටින් සහෝදරයා කියල. පුටින් නිවේදනය  පිලි අරගෙන කතාව පටන් ගත්තේ . ඇරඹුවේ කොහොමද? තවරිෂ් සොල්දාත් හෙවත් සොල්දාදු සහෝදරවරුනි කියල.
දැන් මේක තේරුම් ගන්නේ කොහොමොද?
 ක්‍රේම්ලිනයේ මේ එල්ලලා තිබෙන හමුදා ධජ දෙකේ තිබෙන දෑකැත්තයි  මිටියයි දැක්කද? එතකොට ලං වෙලා බලන්න අනිත් ධජයේ CCCP  අකුරු ටික.  CCCP  කියන්නේ රුසියානු භාෂාවෙන් USSR කියන එක. පුටින් කියන්නේ පරණ රහස් ඔත්තු සේවා නිලධාරියෙක්. ඔවුන්ට අපට ඉගැන්වුවා වගේම කොමියුනිස්ට්වාදී දර්ශනය හා මාක්ස්වාදය උගන්වා තිබෙනවා. එතකොට මේ පුටින් යන්න හදන්නේ චීන මාර්ගයේද? ධනවාදී නිෂ්පාදන හා සේවා ක්‍රම එක්ක තනි රටක සමාජවාදයක් ආයෙත් ?

Saturday, 3 May 2014

ජනරලේ වමේ සංවාදය හෙවත් විමුක්ති දේශපාලනයේ කතිකාමය අවකාශයට පිළිතුරක්

ජනරලේ වමේ සංවාදය හෙවත් විමුක්ති දේශපාලනයේ කතිකාමය අවකාශයට පිළිතුරක් 
*******************************************************************
ජන රැලේ යනවා වමේ සංවාදයක්. වැඩේ සැහෙන්න හොඳයි. ඒක  කියන්න එපයි ඉස්සෙල්ල. සුමිත් චාමින්ද කියල මහත්මයෙක් මහා පතරංග ජාතකයක් ලියා  තිබුන වමේ එක්සත්භාවයක අවශ්‍ය කම ගැන. පලවෙනි කොටස දාල  තිබුන 2014 මාර්තු 30 පත්තරේ. තියෙන  වැඩ අස්සේ කියවන්න සෑහෙන කාලයක් ගියා. දෙවන  කොටස එනකන් හිටිය උත්තරයක් ලියන්න. නමුත් මගේ "නිර්මාණශීලි ශක්‍යතාවයන් හා මානුෂ  ශක්තින් පිලිබඳ එතුමා කියන්න වගේ අත  හැර  දමා දෙවියන්ට යාඥා  කරන්නේ නැති නිසා අර්නෙස්ටෝ ලැක්ලව්  කියන්නේ මොකක්ද කියල හෙව්වා.  හැබැයි ඒ මහත්මය මේ කියන්න මොනවද කියල  මම තවම තේරුම් ගන්න උත්සාහ  කරනවා. (උපුටාගැනීම  ජනරළ පත්තරෙන්) 

"පශ්චාත් පෙරේස්ත්රෝයිකානු සහ පශ්චාත් තෘෂ්නි යුද කාලින විමුක්ති දේශ පාලනය මුහණ දී තිබෙන්නේ ද ඉහත කි ආකාරයේ භාව සත්තවාදී  නිමේෂයකටය. " - මේ කියන්නේ ලිපියේ මුලින් තියෙන දෙයියෝ හොයන්  යන්න එපා කියන එකද  නැති එකද?
ඊළඟට එයා  කියනවා මෙහෙම. "ධනවාදී භාණ්ඩ හුවමාරුකරණයේ ක්‍රියාවලිය හුදු ආර්ථික අර්බුදයකින්  ඔබ්බට ගොස් සමස්ත ශිෂ්ටාචාරය අර්බුදයක් කර ඉමහත් විනාශකාරී ලෙස ගමන් කිරීම අනිත් අතින්  දිස් වෙමින් පවතී."  මේ නම් කියන්නේ අර කොල්වින්ගේ කේනමන් ගේ ඉඳන් සෝමවංශ අමරසින්හ දක්වා කියන මේ කුණු ගඳ ගසන ධනවාදී සමාජය විනාශයට යනවා කියලනේ.  ප්‍රශ්නේ ඒක  නෙමේ. ඒක තවම උනේ නැති නිසා ධනවාදය , යුද්ධ කරමින්, යුද්ධ අවුලවමින් තවම වැජඹෙන නිසා ඒකට උත්තර හොයන එක නෙමෙයිද?

එතකොට ඊට පස්සේ කියනවා "හොර්කයිමර් සහ අඩනෝ පසුගිය  සියවසේ  මැද භාගයේදී විශිෂ්ට ලෙස විශ්ලේෂණය කල පරිදි බටහිර ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියෙහි නිශේධනීය තර්කනයවූ අධිපතිවාදය එහිම සාධනීය තර්කනය වූ මානව විමුක්තිවාදය යටපත් කරලමින් පෙරට එමින් පවතී."  හෝක්හයිමර් ගේ විවේචනාත්මක ප්‍රමේය? (critical theory) එක මෙතනට අදාල වෙන්නේ කොහොමද කියල පැහැදිලි කලා  නම් හොඳයි. නැත්නම් මෙතන සුමිත් චාමින්ද කියන්න හදන්නේ මොකක්ද කියන එකට අර්ථ කතන දහයක් විතර දෙන්න පුළුවන්.

ඊට පස්සේ ඒ ලිපියේ එන ඊළඟ කරුණු ටික සංයුක්ත කරලා ගත්තම මෙහෙම දෙයක් වැටහෙනවා.
1. වමට ප්‍රජාතාන්ත්‍රික බහු විධාත්වයක් අවශ්‍ය බව.
2. ඒ පිළිබඳව චාමින්දගේ  පක්ෂය හා පෙසපේ සංවාද කල බව.
3. වම නැවත එකතු කල යුතු බව.
4. තමන් x (එක්ස්)  "x  සාමාජිකයෙක් වෙලා හිටි බව."

දැන් මෙතන පොඩි විමසුමක් කලොත් මං  අර කලින් "පිචන් ඇමෙරිකන් " ලිපියේ කිව්වා වගේ , මන්  රෝයල්, මං  ආනන්දේ , මන් තර්ස්ටන් , මන් ගුරු  කුලේ , මන් කටුබැද්දේ වගේ මන් හිටියේ එක්ස් කණ්ඩායමේ ටයිටල් එක එනවා.  දැන් වම එකතු වෙනවා කියන්නේ පශ්චාත් එක්ස් දේශපාලනයේ කඩා  ගත්ත ඒවා ආයි  හදා  ගන්නද? මොකද අවසානයේ මෙහෙම කියුමක් තිබෙනවා. - ත්‍රිමාණ වෙබ් අඩවියේ පලවූ විශිෂ්ට දේශපාලන විශ්ලේෂණයක් (මේකට මම එකඟයි ඒකෙ  හොඳ ලිපි  යනවා)  මගින් අවධාරණය කර තිබු කරුණක් එනම් -"ප්‍රජාතාන්ත්‍රික අරගලයන් තුලට ඇතුල්වී ඒවා නව- ලිබරල් ධනවාදී හෙජමොනික සැකැසුමකට එරෙහි ගෝලීය ප්‍රති-හෙජමොනික ව්‍යාපාරයන් බවට පරිවර්තනය කිරීමේ උපාය මාර්ගය පිළිබඳව " අවධානය යොමු කරන බව.  මං  ත්‍රිමානේ  හොයල බැලුව මේ ලිපිය.  දැක්කොත් දැක්ක කෙනෙක් ලින්ක් එක දාන්න.

එතකොට හෙජෙමොනි කියන්නේ කණ්ඩායමක් මගින් කිසියම් ක්‍රියාවලියක් පාලනය කිරීමක් : leadership or dominance, especially by one state or social group over others.  දැන් එතකොට අපිව ධනවාදී සමාජ කොටසකින් කරන සැකැස්මට  එරෙහිව ඒවා  ප්‍රති හෙජෙමොනික ව්‍යාපාර කිරීම. කාටවත් තේරෙනවද  මේ මොකක්ද කියල. දන්නවනම් කොමෙන්ටුවක් දාන්න.

මේ දීර්ඝ ලිපියේ  දෙවන කොටස පලවෙලා තිබෙනව ජනරල අප්‍රේල් 13 කලාපයේ.  ලිපියේ මුල හරියේ  x කණ්ඩායමේ ඇතිවුන  ප්‍රශ්න හා x -men  සහ x -women  සමග දීප්ති කුමාර ඇති කර ගෙන  තිබෙන (වෙබ් අඩවිවල රඟ  දැක්වෙන) ප්‍රශ්නත් සාකච්චා කරන අතර පුද්ගලිකව පහර දෙනවට වඩා න්‍යායික සංවාදයකට එළඹෙන ලෙස කරන ඉල්ලීමක් තිබෙනවා. ඒක  දැනට අපට අදාල නැති x -men ලා  බේරා  ගත යුතු දෙයක් නිසා ලිපියේ අගට යමු. 

මෙහි වැදගත්ම කරුණක් හැටියට සාකච්චා කරන්නේ ලැක්ලාව් 'On Populist Reason " පොතේ ඉදිරිපත් කරන ලද තර්කයකුයි. අවශ්‍ය කෙනෙකුට මේ පොතේ pdf කොපියක් මෙතනින් බාගන්න පුළුවන්.
 http://doublesession.net/indexhibitv070e/files/laclau-on-populist-reason.pdf
මෙහි සුමිත් චමින්ද මහතා කරන පැහැදිලි කිරීමට අනුව D  යනු සමාජයීය ඉල්ලීම්ය. ඒවා අභ්‍යන්තරිකව  බෙදී ඇති බව ග්‍රීක් අක්ෂරයක් වන තේටා 
 වලින් පෙන්වයි. Tයනු පසමිතුරු බලවේගයයි. ඉල්ලීම් ඉදිරිපත්වන්නේ මෙම බලවේගයට එරෙහිවයි.  ලැක්ලාව් විසින් ඉදිරිපත් කල රූප සටහන්  ලිපියේ 1 සහ 2 යනුවෙන් පලවී ඇත. ඒවා පහත දැක්වේ.
 රූප සටහන  1
 රූප  සටහන 2

සාර්වාදය නමැති Tනමැති පසමිතුරු බලවේගයට එරෙහිව D1, D2, D3,, D4
යන ඉල්ලීම් යම් සාම්‍යතා දාමයකට එක්ව ඇති බව චමින්ද කියයි. (ලැක්ලාව්  මෙහිදී කියන්නේ මේ හැම D1, D2  යන්නක්ම එක හා සමාන බවයි.) "All of them, however, are equivalent to each other in their common opposition to the oppressive regime (this is what the upper semicircle represents -Ernesto Laklav ).  "නමුත් මෙවැනි සාම්‍යතා දාමයක් යම්කිසි හෙජමොනික දේශපාලනික මැදිහත්වීමකින් තොරව ඉබේම නිර්මාණය විය නොහැකි බව චාමින්දගේ අදහසයි.  ලැක්ලාව් කියන්නෙ මෙසේයි ? 

"In that case, the same democratic demands receive the structural pressure of rival hegemonic projects" එනම් මෙවැනි තත්වයකදී ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් ඊට ප්‍රතිවාදී  සංවිධිත හෙජමොනික ව්‍යාපාරයන්ට මුහුණ දෙන බවයි.  චාමින්ද මෙය වර්තමාන රාජ්‍ය බලාධිකාරයට සමාන කරමින්  එම බලාධිකරයේ එහිමවූ හෙජමොනික  තර්කනයක් ඇති බව වටහා ගත යුතු බවක් කියයි. මෙවැනි බලාධිකාරයක් පවතින බව සත්‍යයකි. 

මෙහි දෙවැනි රූපය පිලිබඳ චාමින්දගේ විස්තරය බලමු. චාමින්ද කියන්නේ Dඉල්ලීම, a , b ,c  යන විකල්ප සාම්‍යතා දාමයට සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නයක් පෙනෙන බවත්, ඒ අනුව Dකුමන සාම්‍යතා  දාමයට සුසම්බන්ධ කරගත හැකිවේදැයි යන්න නිශ්චය වනු ඇත්තේ සංයුක්ත හෙජමොනික අරගලය මගින් බවත්ය.  එසේම එකිනෙකට පසමිතුරු සාම්‍යතා  දාමයන්  දෙකක  පවතින බව කෙටි ඉරි මඟීන් පෙන්වන බවත් එහි පිඩනයට ලක්වීමට D1 හට සිඳුවන බවත් ඔහු පවසයි.  (ලැක්ලාව් පවසන්නේත් මෙයයි.) චාමින්ද කියන්නේ  මෙසේ සුසම්බන්ධිය තර්කනයන් දෙකක්  අතර අස්ථාවර තත්වයකට පත්වූ හැඟවුම්කාරකයක්  (signifier ) ලැක්වියානු  අරුතින් පාවෙන හැඟවුම්කාරකයක්  වේ.   

ලැක්ලාව් පවසන්නේ I shall call signifiers whose meaning is 'suspended' in that way 'floating signifiers'. මට තේරෙන විධිහට හිස් හැඟවුම්කාරක හෙවත් "අර්ථය  තාවකාලිකව අත් හිටවූ "හැඟවුම්කාරක පාවෙන හැඟවුම්කාරක වෙන බවයි. 

සුමිත් චාමින්ද ඉන්පසු මෙසේ කියයි. එනම් ඔහු කලින් ඉදිරිපත් කල න්‍යායික පසුබිම තුල (ලැක්ලාව් ඇතුළුව) දීප්ති කුමාර ගුණරත්නගේ විශ්ලේෂණය කල පරිදි , ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කාරණය  ගෝලීයවත් දේශීයවත් පාවෙන හැඟවුම්කාරකයක් බවට පරිවර්තනය වී ඇති බවයි.  

දීප්ති කුමාර  ගුණරත්නගේ මුල් ලිපිය මා  කියවා  නැති නිසා චමින්ද කියන දේ ( දීප්ති ලියු බව කියන ) හරි කියා පිලි ගනිමු.  හැබැයි ලැක්වියානු  අරුතින් එතකොට මේ ප්‍රජතන්ත්‍රවාදය අර්ථය අත්  හිටවා  ඇති හිස් හැඟවුම්කාරකයකි.  

ඊළඟට ඔහු ප්‍රශ්න දෙකක්  අසයි.
1. මෙවන් තත්වයක් තුල වාමාංශික බලවේග විසින් කල යුත්තේ හුදෙක් ධනපති අධිරාජ්‍යවාදි බලවේගයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බැවින් එය මුලුමන්න්ම ඉවත දමා වඩා  පිරිසිදු වාමාංශික සටන් පාඨ  තේරීමද ?
2. නොඑසේ නම් සැබෑ හෙජමොනික අරගලය තුලට නොබියව ඇතුළුවී ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක්  සඳහා  සටන් කිරීමද?
අංක එකට එකඟ වුනොත්  සුම්ත් චාමින්දට අනුව මේ සංයුක්ත අරගලය නිර්දේශපාලනීකරණය කරා  යයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ එයින් රතුපස්වල, තුන්නන ආදී "සැබෑ  සමාජ අරගල අවකාශය" මග හැර යාමක්  වන බවයි. 

ලක්වියානු අර්ථයෙන් ගත කල මෙය මෙසේ විය හැකියි. එහෙත් සෑම ප්‍රජාතන්ත්‍ර අරගලයකටම වාමාංශික පක්ෂ වලට සහභාගී විය නොහැකියි. සුමිත් චාමින්ද මේ පවසන්නේ ධනවාදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන ඊනියා සටන් වලටත් වාමාංශික පක්ෂ සහභාගී විය යුතු බවද? ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් කල යුතුයි? ජනතාවගේ ප්‍රශ්න - එදිනෙදා  ප්‍රශ්න - වතුරට සටන් කිරීම, කුණු ඉවත් කිරීම ගැන , ඩෙංගු ගැන ඉදිරිපත් විය යුතුයි. ඒ ගැන විවාදයක් නැත. නමුත් ඉන් එහාට යාමෙන් වික්‍රමබාහු වගේ රනිල් සමග එකම වේදිකාවකට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නගින්නට හේතුවක් නැත. 

ඉහත කොටස් දෙක මා ලියුවේ එර්නෙස්ටෝ ලැක්ලාව් ගේ රූප  සටහන් දෙක ඇසුරින් සුමිත් චාමින්ද මහතා වාමාංශික පක්ෂ එක්සත් වී අරගල වලට මුහුණ දිය යුතු බව නිගමනය කල බව පැහැදිලි කරන්නයි. මගේ අදහස නම් මේ රූප සටහන් දෙකෙන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් හා සමාජවාදය පිලිබඳ අරගල පැහැදිලිව නොපෙන්වන බවයි. එයට හේතුව මේ හැම අරගලයක්ම සැලසුම් සහගත ඒවා නොවෙන නිසා සහ සෑම  අරගලයකම තීව්‍රතාවයන් එකිනෙකට වෙනස් නිසයි. මේක වෙනත් විධිහකට කියනවනම් විශ්වයේ පරිණාමය ගත්තත් ජීවීන්ගේ පරිණාමය ගත්තත් සමාජ පරිණාමය ගත්තත් හුඟක් දේ සිදුවන්නේ අවිධිමත් ආකාරයට (chaotic ). අපි නොයෙකුත් ගණිතමය සමීකරණ, තර්කන ආදියෙන්  මේවා පැහැදිලි කර ගන්නවා පමණයි.  

 තාරකාවල ඇතුලේ අංශුන් වල අසංවිධිත ගමන වගේම තමා  අරගලත්. ඒවා සැලසුමකට කොතන හරි ඇති වන්නේ නැහැ. ඇති වන හේතූන්  තිබෙනවා. ඇතිවුනාට  පස්සේ නොයෙකුත් ක්‍රමවලින් එහි තීව්‍රතාවය වැඩි කර ගන්න පුලුවන්. උදාහරණයක් වශයෙන් යුක්රණයේ මයිඩන්  වල ඇතිවුන යනුකොවිච් විරෝධී රැලි මුලදී සුළු විරෝධතාවයක් ලෙස පටන් ගත්තත් පසුව වෙනත් EU  හා ඇ.එ .ජනපදයේ මුදල් ආධාර හා මීඩියා  අනුග්‍රහයෙන් එය වැඩි කරගෙන යනුකොවිච්  එලවා  දැමීම.  (මෙහි හරි වැරැද්ද මෙතැනදී සාකච්චා නොකෙරේ).  දැන් නැවත සුමිත් චාමින්ද මහතා  ඉදිරිපත් කල ලක්ලාව්  ගේ පින්තුර විග්‍රහයට යමු. එහි D1, Dආදී අරගල සාම්‍යතා දාමයක තිබුනත් එහි  තීව්‍රතාවයන්  වෙනස්.  (ප්‍රස්ථාරය 2  බලන්න)

ඒ හැම අරගලයක්ම  මේ මුදුනට එන්නේ නැහැ. ලංකාවේ අධ්‍යාපන කප්පාදුවට හා %6 ක පඩි වැඩි වීම සඳහා ගිය අරගලය බලන්න. එය ශක්තිය මුලදී එකතු කර ගත්තත් මුදුනට එන්න බැරිව මිය ගියා . අනික් හැම අරගලයක්මත් එහෙමයි. එසේ නම් කල යුත්තේ චාමින්ද කියන ආකාරයේ හැම ප්‍රජාතන්ත්‍රවාදී හෝ අනිකුත් මෙකි නොකී ආකාරයේ අරගල වලට  ධනපති හෝ වෙන ඕනෑම පක්ෂයක් සමග එකතුවීතිබෙන ශක්තියත් වැය කිරීමද? එසේ නැත්නම් කල යුත්තේ අසංවිධිත ආකාරයෙන් ඇතිවන අරගල තෝරා බේරා අකාලයේ අවසන් වෙන ඒවාට සාපේක්ෂ මැදිහත් වීමක් කර නිශ්චිත වාස්තවික තත්වයන් තුල ඇතිවන අරගල වලට වාමාංශය එකතුවීම නොවේද ? එහිදී දයලේක්තික වාදී  ලෙස වඩාත් ඉදිරියෙන් සිටින පක්ෂයට හෝ  පක්ෂ සමුහයට ගන්නා  නිවැරදි ක්‍රියාමාර්ග තුල  බාධකයෙන් අනිත් පැත්තට යාමට හැකි වෙනු ඇත.

(මම මේ ලිපියේ මුල හරියේ චාමින්ද මහතාගේ ලිපිය පතරංග ජාතකයක් ලෙස හැඳින්වුවත් මගේ පිළිතුරත් ඒ ආකාරයටම දික් වීම ගැන කණගාටුයි.)

මුලාශ්‍ර: 'On Populist Reason' - Ernesto Laclau

දීප්ති කුමාර ගුණරත්න මහතාගේ  ලිපිය: http://3mana.com/%E0%B7%83%E0%B7%91%E0%B6%B8-%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%BA/



Friday, 2 May 2014

දෑකැත්තයි මිටියයි හලන්න කල් හරිද? රතු කටුස්සෙක් පින්තුරේට දාමුද?

මේක ලියන්නේ 2014 මැයි 1 වෙනිදා. ලංකාවේ හා ලෝකයේ රටවල පෙළපාලි යන වෙලාවක. කොළ අයත් නිල්  අයත් කොටින්ම රජයේ හමුදාවක ඉහලම නිලයක් දැරූ යුද්ධයක් මෙහෙයවූ අයෙකුත් මැයි රැළියක් කරන නිසා (එහෙම කරන්න බැහැ  කියනවා නෙමේ. ඕන කෙනෙකුට වෙනස් වෙන්න අයිතියක් තිබෙන බව මම පිලි ගන්නවා.) මේ මැයි  පෙළපාලි දිනය  සුවිශේෂයි. අවාසනාවකට  වගේ ඊයේ වැඩ අධික නිසා මේ ලිපිය ඉවර කර ගන්න බැරිවුනා. අද දෙවෙනිදා. අනික් සුවිශේෂ කාරණය තම පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම. නොයෙකුත් සමගාමී පක්ෂවල නායකයන් කතා කලා  මේ හමුවීම් වල. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සම්ප්‍රදායෙන් එලියට ගිය "හොඳ" කතාවක් කරලා තිබුන. මේ කතාවට නොයෙකුත් විවේචන තියෙනවා. ඒවාට උත්තර ඒ ගොල්ලෝ දෙයි. නමුත් ඒක  හොඳ කතාවක්. අනික් කතාව චමීර කොස්වත්තගේ කතාව තුල පන්තිය සංවිධානය කරන්න ඕනේ කියන එක තමයි අවධාරණය කලේ.  සාධාරණ කතාවක්. නමුත් මේ හැම දේම හොඳ වුනත් ඇත්තටම අපි මැයි රැලි වලට යන්න ඕනෙද කියන ප්‍රශ්නය මතු වෙනවා.

අප සෝවියට් දේශයේ මැයි රැලි දැක්කා . සමාජවාදී ජයග්‍රහණ සංකේතවත් කරන රැලි හැටියට තම ඒවා දැක්කේ. මුලින් ම අභ්‍යවකාශයට ගිය යානය අරන් ගිය , යුරි ගගාරින් වගේ අය ගිය. ඒවා හොඳයි කියමු. නමුත් ලෙනින් ගෙන් පස්සේ බොහොමයක් මැයි  රැලි වලට යාම අනිවාර්ය කරලා තිබුන. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා කමිටු අනිවාර්යයෙන් සහභාගී විය යුතුමයි.  සහභාගී වුනේ නැත්නම් ජොබ් එකටත් කෙල වෙනවා. ප්‍රොමෝෂන් එකක ලැබෙන්න තිබ්බ නම් ඒකත්  නැති වෙනවා.
බ්‍රෙශ්නෙව් (සෝවියට් ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ ලේකම් ලියොනිඩ් බ්‍රෙශ්නෙව්) ගේ කාලේ  අර සමුහ ගොවි පොලේ අස්වැන්න අර කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අතිරික්තය , ඔන්න ඔය වගේ බොරු දත්ත දාපු බොරු ප්‍රදර්ශන රථ අරන් ගියා . මේවා කරපු නිලධාරීන් බ්‍රෙශ්නෙව්ව අම්බානක ඇන්දුවා. මුළු මධ්‍යම කාරක සභාවම වගේ රැවට්ටුව. ඕවට අහුවුනේ නැත්තේ මධ්‍යම කාරක සභාවේ දෙන්නයි. එක අයෙක්  යුරි අන්ද්රෝපොව්. මෑන් ආපු  ගමන් අර හොර නිලධාරි  කීප දෙනෙකුට  දීගෙන දීගෙන ගියා , නමුත් මිනිහ හදිසියේ මැරුණා. ඊට පස්සේ ආවේ (චෙර්නේන්කෝ ගෙන් පස්සේ) ගොර්බචෙව්. මිනිහ මුළු සෝවියට් දේශයම විසිරුවල දැම්ම.
නැගෙනහිර ජර්මනියේ සමාජවාදය තිබ්බ කාලේ  හිටපු කාට  හරි මැයි  පෙළපාලියට එනවද කියල ඇහුවොත්  දුවයි. එහෙම නැත්නම් පිස්සුද කියල අහයි. මැයි පෙළපාලියට ගියේ නැත්නම්  (අඬ  ගහල) ස්ටාසි (ජර්මන් රහස් පොලිසිය ) පිටිපස්සෙන්. අනික ඉතින් නැති දේවල් මවා  පෑමක් තමා  කෙරුනේ.

ඉතින් මැයි රැලියකට තම කැමැත්තෙන් යන්නේ නැතුව , යන්න කියා කියා කියනවනම් එතන පුංචි පහේ නිලධාරිවාදයක් තිබෙනවා කියල හිතෙනවා. ඉතින් මේ මැයි  රැලි වලට වනාගෙන තම කැමැත්තෙන් යන්නේ කවුද? නිල්පාට කොලපාට ඒවා වල නම් ලොක්කගේ හිත දිනා  ගන්න , තමන් තමයි වැඩි පුරාම සෙනග ඇද්දේ කියා ගන්න කරන වැඩක් නිසා ඒවා ගැන කතා කරලත් වැඩක් නැහැ. වචන නාස්ති කරන්න ඕනේ නැහැ පොලු සෙල්ලම් කෙලි සෙල්ලම් වලට.
ඉතින් මැයි  දිනයෙන් නම් ඊළඟ විප්ලවය තීරණය වෙන්නේ හරි, තම සංවිධාන ශක්තිය පෙන්වන්නේ හරි නම් , හොඳම පෙළපාලිය හා රැලිය වමේ පැත්තෙන් කලේ ජවිපෙ. ඒකෙ ගිය කතා නම් මම වැඩිය ඇහුවේ නැහැ. නමුත් මෙන්න මෙහෙම දෙයක් නිරීක්ෂණය වුණා. දැන් මේ පහල පින්තුරේ ලස්සනට ඇඳ  ගත්ත නාගරික තරුණ තරුණියෝ ටිකක් නේද ඉන්නේ. ටිකක් අලුත් රුසියාව වගේ. නැහැ . අලුත් චිනේ වගේ. ඒත් .... නැහැ.  මේකන් ගම්‍ය වෙනවද ජවිපෙ දැන් අලුත් මාවතක යන්නේ කියල.
 
එංගලන්තේ කම්කරු පක්ෂය පරදින කොට නීල්  කිනොක් ඉවත් කරලා ටෝනි බ්ලෙයාර් ආවහම  මේ වගේ වෙනසක් වුණා . ටෝනි ඇවිල්ල පින්ක්  (රෝස පාට ) වාමන්ශිකයෙක් රත්තෙක් නෙමේ කියල තම පිලි ගැනීම . ඇත්තටම මධ්‍යස්ත දක්ෂිනන්ශිකයෙක් කම්කරු පක්ෂෙන් ආපු .
 මේ දෙවන පින්තුරේ ජවිපෙ පෙළපාලිය. මේක  දැක්කම ගොඩක් ආඩම්බරයි හා. නමුත් මේක නිකම් මේ පෙබරවාරි 4 නිදහස දවසේ යන මාච්  එකක්  වගේ නැද්ද? එහෙම නැත්නම්  කිම් ජෝන් උන් ගේ උතුරු කොරියාවේ හෝ චීනයේ මැයි  පෙළපාලි වගේ නැත්ද? ශ්‍රී ලංකාවට අභිමානයෙන් ගෙන එන ඊළඟ මනස්කාන්ත නිලධාරිවාදී රාජ්‍යයේ පෙර ගමන් පෙළපාලිය නේද ? ඔය පෙළ පාලියේ යන හැමෝටම අණක්  දීල  ඇති සහභාගී වෙන්න. ඕකේ  ගීය අයට  හරියටම  පවරලා  ඇති වැඩේ . හා ඔයා  චේගේ ප්‍රදර්ශන  කෑල්ලේ  බර අදින්න. ඔයා  මොටෝ බයිසිකලේ ඉන්න ඔය වගේ. අර ඒ කාලේ නිදහසේ වරප්‍රසාද ඉල්ලා පෙළපාලි ගිය කම්කරුවට ශ්‍රමිකයට මොකද වුනේ.  ජවිපෙ නාගරික පන්තිය හරහා චන්දෙ ඉල්ලන බලා  පොරොත්තුවක් තියෙනවා කියල තමා  පෙනෙන්නේ. එතනින් බලය ගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ?
ඊළඟට බලමු පෙරටුගාමී සමාජවාදී පක්ෂේ පින්තුරයක් දිහා. 
 දැකත්ත මිටිය ගත්ත සම්ප්‍රදායික දෙන්නෙක් ඉන්නවා. ගොවි ගැහැණිය. ගමේ කම්මල් කරු . ක්ලැසික් පින්තුරේ. හැබැයි මන් ඔට්ටුවක් අල්ලනවා ඔය දෙන්නම එදා මැයි  රැලියේ හිටියේ නැහැ කියල. ගමේ ගොවි ගැහැණිය දැන් ඉන්නේ මැද  පෙරදිග. ගමේ කම්මල් කාරය ගෑනිව මැද  පෙරදිග යවලා කොහේ හරි කට ගොන්නක් බිල හොර ගෑණි  ගාව  හරි ගෙදර හරි නිදි.  ඉතින් මට නම් හිතෙන්නේ මිටිය වෙනුවට ඉස්ක්රුප්පු නියනක්, ව්රෙන්ච් එකක් (පින්තුරය බලන්න) 
 නැත්නම් වතුර බාල්දියක් හා මොප් කරන බුරුසුවක්  තිබ්බ නම් හරි කියලා . එහෙම නැත්නම අර අව්වේ ටයි පොල්ලක් ගහගෙන කඩවල් ගානේ  යන සේල්ස් රෙපාල  මතක් වෙන්න ටයි පොල්ලක් හරි අඩුම ගානේ . දැන් කතා කරන්න ඕනේ දුක් විදින්නේ ගාර්මන්ට් වල වැඩ කරන කාන්තාවෝ නේද? ඊළඟට තේ කඩන කට්ටිය. හැබැයි පෙසපේ එක පින්තුරයක පොඩි උත්සහයක් ගන්නවා හැමෝම ඇතුළු කර ගන්න. . මෙන්න ඒක.
. චමීර කොස්වත්තගේ කතාව ඉවර වෙනකම් අහන්න බැරි වුණා. මොකද හඬ පටය එතනින් ඉවරයි. පුබුදු ජයගොඩගේ කතාවේ යන්තමට මතක් කරනවා මෙහෙම. "අපනයනය කරන ශ‍්‍රමිකයන් වැඩි කරනව කියන්නේ ඇණ ගහගෙන ලංකාවට එන ප‍්‍රමාණය වැඩි වෙනව කියන එක. ඇගලූම් කර්මාන්තයට වැඩියෙන් බර තියෙනව කියන්නෙ සූරාකෑම තවත් වැඩි කරනව කියන එක" 

ලාල්  කාන්තගේ කතාවත් හොඳයි. ඇත්තටම ප්‍රශ්න ගැන කතා කරනවා. නමුත් දන්නවද දන්නේ නැහැ ස්වීඩනය මේ දවස් වල පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා පැය  7 හා පැය  හයේ වැඩ මුරයකට. හැබැයි ඵලදායිතාවය වැඩි කරන්න. මෙන්න යොමුව.  http://www.allvoices.com/contributed-news/16850616-sweden-to-try-6-hour-workweek-is-america-next . 

හුටා තමයි. සමාජවාදය එනකන් ඉන්න ඕනේ නෑනේ  එතකොට. 

 මේ ලිපියේදී පින්තුර ටික බා ගත්තේ http://www.lankatruth.com/ එකෙන් හා 
http://www.lankaviews.com/ එකෙන්. එකට ස්තුතියි.