Thursday 3 July 2014

දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්

මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ  තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ  කියල තිබෙනවා මා  වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං  ප්‍රගතිශීලි ද කියල) රනිල්ට සහයෝගය දක්වනවා කියලා . ඒ කියන්නේ මෙහෙම දෙයක්. 

"3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම යුගයේ ප්‍රගතිශීලීම කටයුත්ත බවය. මාගේද දේශපාලන ස්ථාවරය එය වේ."

මගේ ලිපි වලින් වත් කොමෙන්ටු වලින් වත් එහෙම දෙයක් කොහෙවත් ලියවිලා තිබෙනවද කියල මම කල්පනා කලා  ඇත්තටම? මම දන්නා විධිහට නම් නැහැ. මේ කොමෙන්ටුවෙන්  ගම්‍ය වෙන්නේ මෙහෙම දෙයක්. එක්කෝ මේ ලියන තැනැත්තා එජාපය ට ලැදී කෙනෙක්. එහම නැත්නම් වෙන මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයෙක් පොඩි ටෙස්ට් එකකට ලියපු දෙයක්.
 
මගේ යහළුවෙක් ඉන්නවා බොබ් චැප්මන් කියල ඇමෙරිකානු ජාතික විශ්‍රාම ලත් ඉංජිනේරුවෙක්. ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එක මගේ ඉංග්‍රීසි බ්ලොගයේ තිබෙනවා. මිනිහ උග්‍ර දෙවියන් අදහන  ක්‍රිස්තියානි ආගමිකයෙක්. ඒ වගේම අමෙරිකන් තේ පක්ෂයේ  "tea party movement " http://en.wikipedia.org/wiki/Tea_Party_movement   අනුගාමිකයෙක්. මාත් එක්ක ගිය ඊමේල සංවාදයකදී මිනිහ කිව්වා:
 අජිත් මම ඔබේ අදේව වාදය හා මාක්ස් වාදය පිළිගන්නේ  නැහැ කියල. මන් කිව්වා බොබ් ප්‍රශ්නයක් නැහැ.
 මට මේ ටික කියන්න. ඔබට මිනිස්සුන්ට රස්සා  දෙන්න ඕනේ නේද? ඔව් .  
ඔබේ දෙවියෝ මිනිසුන් වහලුන්  කර ගන්න  එකට සූරා කන එකට විරුද්දයි නේද? ඔව්
ඔබට ඔබම ගත්ත නය ගෙවන්න ඕනේ නේද? ඔව් 
ඇමෙරිකාවේ මිනිස්සු හැමෝම නය වෙලා නේද? ඔව් . 
ධනපතියෝ තව පෝසත් වෙනවා නේද?  ඔව්
ධනපතියෝ ඔයිට වැඩිය අඩුම ගානේ   දෙවියෝ කිව විධිහටවත්  ඉන්න ඕනේ නේද? ඔව්. 
ඔබට ඇමෙරිකන් රාජ්‍ය මැදිහත්වීම අඩු කරන්න ඕනේ නේද? ඔව්
නය අඩු කරන්න ඕනේ නේද? ඔව් 
රජය අහෝසි වෙලා යනවට ඔබ කැමති නේද ? ඔව් 
ඔබේ පළාතේ මිනිස්සු පළාතේ වැඩ තම තමන් විසඳ ගන්න හදනවා  නේද?  ඔව් . 
ඉතින් බොබ් මාක්ස් කියන්නෙත් ඕකමනේ? ...බොබ්   බොබ්..
.සුමානෙකට පස්සේ බොබ් ලියනවා  අජිත් ඒ වුනාට මම නිදහස් ආයෝජනයට, නිදහස් වෙළදාමට  කැමතියි. දියුණුවෙන්න පුළුවන් ඒකෙන් විතරයි
බොබ් යුරෝපේ හෙම නය වෙලා නිසා ආයෝජනය කරන්න එන්නේ අදේවවාදී චීන කොමියුනිස්ට් කාරයොයි රුස්සෝ ටිකයි නේද? ඔව්--

බොබ් දැනට ඇමෙරිකාවේ ඔත්තු සංවිධාන මාක්ස්වාදීන් හොරෙන් ඝාතනය කරලා (බොබ් ඔබේ යහලුවත් එතනට ඇතුලත්) , නැති කරලා දාන නිසා අඩුම ගානේ  අන්ත දක්ෂිණාංශික බවක් පෙනුනත් රජය අහෝසි කරන්න කැප වෙලා ඉන්න නිසාත් , ඔබ හොඳ  පුද්ගලයෙකු නිසාත්  ඔය පක්ෂෙන් හරි ඇමෙරිකාවේ ඔය ක්‍රමයට හා ඔබාමාට විරුද්ධව සටන් කරන එකට මගේ වචනෙන් හරි සහයෝගය දෙනවා. අජිත් බොහොම ස්තුතියි. අදේවවාදියෙක් වුනත් ඔබ හිතන්නෙත් අපි හිතන විධිහට

පිස්සුද බොබ් මම කල්පනා කරන්නේ ඔබේ පවතින තත්වයට සාපේක්ෂව. ....

දැන් රනිල් ඇතුළු විපක්ෂේ ඔය කියන තරම්ම හොඳ නැහැ. පුබුදු ජයගොඩ කියනවා වගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව රනිල් ගේනවා මටත් මතකයි. එහෙම කෙනෙක් මැරිලා උපදින්න විධිහක් නැහැ. රනිල් කවදාවත් පන්ති අරගලයකට සහයෝගය දෙන්නෙත් නැහැ. ඒ නිසා මම එජාපය බලයට ගෙන ඒම  හෝ රනිල් සජිත් බලයට ගෙන ඒම  ප්‍රගතිශීලි කියල කවදාවත් හිතන්නේ නැහැ.නමුත් පවතින අසාමාන්‍ය ලෙස බෙලහීන විපක්ෂයේ බෙල්ලට පොලුපාරවල්  දෙන්නත් මට ඕන කමක් නැහැ. ගහ මරා  ගන්නේ නැතුව ඕන දේශපාලනයක්. 
ත්‍රිමාණ යේ කොමෙන්ටුව: http://3mana.com/%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D/#comment-6748

19 comments:

  1. රනිල් ,සජිත් දෙන්න හරියට ජේ ආර් සහ ප්‍රේමදාස වගෙයි.දෙන්නම බොහොම දරුණුවට කම්කරුවො මර්ධනය කරාවි.රනිල්ගෙ තියනව දරදඩු ගතියක්.ඒක සමහරු අවංක කම කියලත් කියනව.ඔහු බොරුවටවත් කම්කරු හිතෛෂී බවක් පෙන්වන්නෙ නෑ.බලය ගත් දිනක ඔහුට පුළුවන් බය නැතිව කියන්න මම කම්කරුවගෙ නියෝජිතයෙක් නොවේ කියල.ඔහුට රෝයල් මිත්‍ර සමාගම ගැනත් බය නැතිවම කියන්න පුලුවන්.
    රනිල් ආවොත් නිදහස් සෞඛ්‍ය ,නිදහස් අධ්‍යාපනය නැති කරනවමයි.ඔහුගෙ ඉලක්කය සේවකයන් අඩුකර ආර්ථික වර්ධනය පෙන්වීමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. රනිල් වඩා හොඳට ලිබරල් ධනවාදය හසුරුවන්න දන්නවා. හැබැයි ඒ එක්කම ඒක මිත්‍යාවක්.

      Delete
  2. අජිත් මට නොතේරෙන දෙයක් තියනව.මට හිතෙන්නෙ ආර්ථිකයේ මැවීමක් හෝ නැසීමක් නැති බවයි.ඒ කියන්නෙ කිසියම් නිශ්චිත ඉලක්කයක් කරා ආර්ථිකය වර්ධනය වෙනව.ඉන්පසු එය නතර වෙනව.දැන් යුරෝපයේ සිදුවී ඇත්තේ එයයි.ලොව පුරාම විශාල ආර්ථිකයන්ගේ ආර්ථික වර්ධනය ඉතා අඩුයි.තවමත් වැඩෙන කුඩා ආර්ථිකයන්ගේ වර්ධනය ඉහල වුනත් ප්‍රමානයෙන් කුඩායි.
    මෙතන සරලව වෙන්නෙ එක තැනක තියන එකක් තව තැනකට ගලා යාමක් විතරයි නේද.අනවරතව වර්ධනය වෙන්නෙ නෑ නේද?
    ආර්ථිකයට පමනක් නොවෙයි.මේ නිශ්චිත බව හැම විටම දැකිය හැකියි නේද?
    කාලය ගත්තොත් එය නිශ්චිතයි.අප විනෝදයට බ්ලොග් ලියනව කියන්නෙ වෙන විනෝදාංශයකට හෝ වෙන වැඩකට තිබුන වෙලාවයි ගන්නෙ.බ්ලොග් ලියන්න ගත්ත කියල දවස දික් වෙන්නෙ නෑනෙ.
    හැම දෙයක්ම යම් සීමිත බවකින් කෙළවර වෙනවා නේද
    වියදම් කිරීමේ හැකියාව.අවශ්‍යතාවන් මේ හැම එකක්ම අසීමිත නෑ නේද?

    ReplyDelete
  3. මාර ප්‍රශ්නයක් නේ . වෙනම බ්ලොග් ලිපියක් ලීවොත් නරකද. ටික දුරකට කල්පනා කරන්න වෙනවා මේකට පිළිතුරක් දෙන්න. මම විනෝදයකට නෙමේ බ්ලොග් ලියන්නේ. ඉංග්‍රීසි එක නම් මන් ඉගෙන ගත්ත දේ ලියන්න හැදුවේ. සිංහල එක එක්තරා කණ්ඩායමක් සමග ප්‍රාග්ධනය සාකච්චා කරන්න ලියුවේ. තේරෙන විදියට. නමුත් එගොල්ලට ඒක වැඩක් නැහැ කියල තේරුණ නිසා දැන් මන් කැමති මාතෘකා වලට ලියනවා.

    ReplyDelete
  4. මම දන්නා විධිහට ආර්ථික වර්ධනය මනින්නේ මෙහෙම. පරණ අවුරුද්දක දල ජාතික නිෂ්පාදනය 1 (GDP 1) හා දෙවෙන අවුරුද්දේ දෙක 2 කියල ගත්තොත් (GDP2-GDP1)/GDP1 තම වර්ධනය. ඕක සින් වැඩි කලාම ප්‍රතිශතය එනවා. බ්‍රෙශ්නෙව් ගේ කාලේ සෝවියට් දේශයේ ආර්ථික වර්ධනය 0. චන්ද්‍රිකාගේ කාලේ ලංකාවේ ඕක - සෘණ වුණා. ආර්ථිකය වර්ධනය වීම නතර වෙන්නේ උධ්ද්මනය වැඩි වෙන කොට . එතකොට එනවා අවපාතය . මේක නැති කරන්න නම් ක්‍රමයක් ඕනේ. එහෙම එක ක්‍රමයක් තමයි යුද්ධයක් ඇති කිරීම. (ශපිරෝ නම් මේකට නැහැ කියයි. බිල් ගේට්ස් ල ජොබ්ස් ලා රස්සා දීල මුදල් හොයනවා කියයි. ) නමුත් ඇත්ත වෙනස් දෙයක්. කවුරු හරි වෙනම ලිපියක් ලිවියයුතු හොඳ ප්‍රශ්නයක්. අනවරතව වර්ධනය වෙනවද කියල කල්පනා කරලා බලමු.

    ReplyDelete
  5. කිසියම් පාරිභෝගිකයන් පිරිසක් සබන් පාවිච්චි කරනව කියල හිතන්න.ඊට පස්සෙ රෙදි සෝදන කුඩු වෙළදපොළට එනව.මේ රෙදි සෝදන කුඩු ගන්නෙත් සබන් ගත්ත අයම තමයි.රෙදි සෝදන කුඩු ගන්න අලුතෙන් පිරිසක් එන්නෙ නෑ.සබන් ගත්ත පිරිස අඩුවෙනව.ඒ අය තමයි රෙදි සෝදන කුඩු වලට හුරු වෙන්නෙ.
    මේ විදියට කිසියම් නිශ්චිත ආර්ථිකයක් තමයි ලෝකයේ තියෙන්නෙ.මට හිතෙන විදියට.එකම දේ දියවැල් වගෙ එක තැනකින් තව තැනකට සංසරණය වෙනව.

    ReplyDelete
    Replies
    1. දැන් ඔබ මගේ අන්තිම ලිපිය බලන්න ප්‍රාග්ධනය ගැන. මාක්ස් මුලින්ම කිව්වේ ඕකනේ . C -M -C කියල. භාණ්ඩ - මුදල් - භාණ්ඩ වශයෙන්. මම ඊළඟ ක්ලොටසත් දැම්මහම ඉතුරු ටික තේරෙනවා.

      Delete
    2. ඉතින් ඕකනේ මාක්ස් කිවේ. මගේ මෙන්න මේ ලිපිය බලන්න. http://kolambagamaya.blogspot.co.uk/2014/07/blog-post.html
      මාක්ස් C -M -C හෙවත් භාණ්ඩ- මුදල් - භාණ්ඩ කියල කිවේ ඔය සරල තත්වය.

      Delete
  6. බිල් ගේට්ස් ලට සල්ලි මවන්න බෑ.ඒ අය රස්සා දෙන්නෙ ඒ අයගෙ නිෂ්පාදන විකුනල ලැබෙන මුදලින්.ඒ මුදල් කොහෙන්ද? ඒ මුදල් වල කලින් අයිතිකාරයන් බිල් ගේට්ස් ට ඒව දුන්නෙ ඒ අය වෙනත් දෙයකට වියදම් නොකරයි.අමුතුවෙන් සල්ලි මැවුනෙ නෑ.එකම දෙයක් සමාජයෙ සංසරනය වෙනව.
    සමාජයම ගත්තොත් යම් නිෂ්පාදනයක් මිලදී ගන්නෙ තමන්ගෙ නිෂ්පාදනය අලෙවි කරලයි.කායික හෝ මානසික ශ්‍රමය විය හැකියි.එක් නිෂ්පාදකයෙකුගෙ නිෂ්පාදන ගන්න වෙනත් නිෂ්පාදකයෙකු ලඟ වැඩ කරන්න වෙනව.ඒ අනුව මිලදී ගැනීමේ සීමාවක් තිබෙනව.
    තමන් නිශ්පාදනය කරල ඒක විකුනල ඒ සල්ලි වලින් තව නිෂ්පාදනයක් මිළදී ගන්නව.මේක ප්‍රස්තාරයක සරල රේඛාවක් නොවෙයි.මම කියපු එක තේරුනාද මන්ද

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔය ටික ඔය විධිහටම ප්‍රාග්ධනය පොතේ පලවන පරිචේද හතරේ තියෙනෙව. අමුතුවෙන් ත්රෙන්න දෙයක් නැහැ. මන් හිතන්නේ මම ප්‍රග්ධනයේ ඉතිරි වැදගත් ටිකත් ලියන එක හොඳයි, අඩුම ගැනේ අපි දෙන්නවත් සාකච්චා කරමු.

      Delete
    2. ප්‍රාග්ධනය ගැන ලියන්න.අපි සාකච්ඡා කරමු.මා හිතන විදියට තවම ප්‍රාග්ධනය පොත සරල සිංහලට දාල නෑ. ඔබ කරන්නෙ ලොකු මෙහෙයක්.

      Delete
    3. මට තියන ප්‍රශ්නෙ තත්වය ඕක නම් කොහොමද ලාභය අනවරත ව වර්ධනය වෙන්න කිසිම විදියක් නෑ.එක නිෂ්පාදකයෙකුට ආදායමක් ලැබෙන්නෙ එයාගෙ නිෂ්පාදන විකුනලයි.ඒ නිෂ්පාදන මිලට ගන්න අය ට සල්ලි ලැබෙන්නෙත් වෙනත් නිෂ්පාදකයකු ලඟ සේවය කරලයි.එහෙමනම් ලාභ ලැබීමේ වේගය වැඩි වෙන්න බෑ.කිසියම් අවස්ථාවකදි මේක හිර වෙන්න ඕන නේද?පොදුවෙ ගත්තම ලාභ ලැබීම නතර වෙන්න ඕන.මට හිතෙන්නෙ යුරෝපයෙ දැන් ඒක වෙලා කියල.ප්‍රාග්ධනය ගැන ඔයාට හොඳ දැනුමක් තියන හින්ද ඔයාට කොහොමද ඒක හිතෙන්නෙ.මම නම් ප්‍රාග්ධනය පොත කියවල නෑ.ඔය වටින් ගොඩින් අහපු දැනගත්ත දෙයක් මිස.
      මට දැන් හිතෙනව ඒක විධිමත්ව හදාරන්න.

      Delete
  7. ඒක හින්ද තමයි මාක්ස්වාදයේ කියන්නේ ලාභය කෘතිමව වැඩි කරනවා කියල. මේ ලාභය තම ධනපති පන්තිය බිහි කරන්නේ. ලාභ ලැබීමේ වේගයත් කෘතිමව තමා වෙන්නේ. මාක්ස් මේකට පලවෙනි කොටසේ ලිව්වා එකට බොහෙර්ම් බෝවෙර්ක් විරුද්ධව ලිව. පස්සේ මාක්ස් දෙවෙනි වොලියුම් එකේ අයි පැහැදිලි කලා . අරුණි ශපිරෝ දඟලන්නේ බෝවෙර්ක් ගේ පලවෙනි කොටස අල්ල ගෙන. යුරෝපයේ හැම භාණ්ඩයකම සංයුක්තව ගත්තම ලාභ ලැබීම නතර වෙලා නැහැ. එයට හේතුව යුරෝපයේ නිෂ්පාදකය පාවිචිචි කරන්නේ අඩු ශ්‍රමය. එංගලන්තයේ මාර්කස් ඇන්ඩ් ස්පෙන්සර් කම්හල තියෙන්නේ ලංකාවේ හොරණ. iphone කම්හල් තියෙන්නේ චීනයේ (අඩු පඩිය) ඒ වගේ. එල්නගට යුරෝපයේ හොඳ වාහන වැඩි ගානට විකිනෙන්නේ දුප්පත් රටවල් වල හා චීනයේ, රුසියාවේ. එනිසා ඒ ලාභ එහෙමමම්යි. නමුත් මදි. මේ ක හදන්න නම් යුද්ධයක් ඕනේ. ඔයාට ඔය තේරෙන හැටි හරි. දැන් උක්රයිනය අවුලන්නේ ඒකයි . ඔය ඉරාකේ ගහන අයිඑසයිඑස් එකට මුලින් ආයුධ දුන්නේ කවුද සිරියාවේ ගහන්න ?

    ReplyDelete
  8. ඔබ හරි. ඔය දේ තමයි වෙන්නෙ. දැනට යුරෝපයෙ නිෂ්පාදන වල ලාභය ක් ඇති.ඒ ආසියානු අප්‍රිකානු රටවලින් ලාභ ශ්‍රමය ගන්න නිසා. ඒත් මේ වැඩේ හැමදාම කරන්න බෑ. අපේ රටේ වුනත් ගාමන්ට් වල වේකන්සි පුරවන්න බෑ. මොකද මේ පඩියට කට්ටිය එන්නෙ නෑ.අපි දන්නව ගාමන්ට් වල උපරිම ශ්‍රම සූරාකෑමක් වෙනව .මෙහෙම සූරාකන එකෙත් සීමාවක් තියනව.පුටුවෙ වාඩිවෙන එක තහනම් කරල,මුත්‍රා කරන එකට කාඩ් ක්‍රම හදුන්වල දීල කරන්න පුළුවන් උපරිම වධ දීලත් සූරාකන්න පුළුවන් උපරිමයටම සූරා කාල දැන් ඉතිරිවෙලා තියෙන්න කස පහර දෙන එක විතරයි.

    ජීවන වියදම ඉහල යාමත් එක්ක මේ පඩි මදි.අපේ වගෙ රටවල ආර්ථික වර්ධනය වෙන කොට ජීවන වියදම වැඩි වෙනව.තව දුරටත් ලාභ ශ්‍රමය සොයාගෙන ආසියාවට අප්‍රිකාවට යන්න බැරි වෙනව.වැඩි පඩි ගෙව්වොත් ලාභයක් නැතිවෙනව කියමු.එහෙම වුනොත් ඉදිරියෙදි ආසියාවෙයි යුරෝපයෙයි නුපුහුණු කම්කරු වැටුප් සමාන වෙයි.
    ලාභ ශ්‍රමය ගැන කියනවනම් ඔය කම්හල් ලඟදිම වැහෙනව.දැනටත් ගාමන්ට් වැහීගෙනනෙ යන්නෙ.ආසියාවට අප්‍රිකාවට අලුත් කර්මාන්ත ඉදිරි දශාක්යෙදි එයි කියල හිතන්න අමාරුයි.

    මේක කාලය පිළිබද ප්‍රශ්නයක්.කවදහරි ලාභය වර්ධනය වෙන එක නතර වෙනව. ධනපති පන්තියෙ අවසානය උදා වෙන්නෙ එදාටයි.මේක ස්වාභාවික ක්‍රියාවලියක්.
    මට හිතෙන විදියට ලංකාවෙ ශ්‍රමිකයකුගෙ වැටුප වගෙ දහ ගුණයක් දියුණු යැයි කියන රටක ශ්‍රමිකයෙකුගෙ වැටුප. අපේ රටවල වැටුප් වැඩි වුනාට ඒ වේගයෙන් අර රටවල වැටුප් වැඩි වෙන්නෙ නෑ.අපේ රටවල වැටුප් අර මට්ටමට එනව මිස.
    ග්‍රීසිය,ස්පාඥය වගෙ දකුණු යුරෝපීය රටවල ආර්ථිකය ඍන වෙනව.මේ දෙරටත් කඩා වැටෙන එක පටන් අරන්ද මන්ද.යන්තම් අල්ලගෙන ඉන්නෙ බ්‍රිතාන්‍යයයි ජර්මනියයි විතරයි.මම හිතනව සමස්තයක් වශයෙන් චීනය හැර ලෝකෙ හැම ආර්ථිකයකම වර්ධන වේගය 2.0 ට අඩු වෙලා.දැනටම ඒක වෙලා හුඟක් රටවල. මේක මෙහෙම වෙලා අද හෙටම ආර්ථික වර්ධනය 0 වෙනව. ධනපති ක්‍රමය නතර වෙන්නෙ අන්න ඒ වෙලාවෙ.
    මම හරිද මන්ද

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මෙතන. ධනපති ක්‍රමය මෙතැනින නතර නොවීම සනහා කරන දේ ලිපියකින් දාමු . ඔබගේ කොමෙන්ටුවත් ඇතුළුව.

      Delete
  9. ලෝක ආර්ථිකය පීක් එකට අද හෙටම එයි.ඊට පස්සෙ කඩා වැටෙයි.

    ධනපති ක්‍රමය පවත්වාගෙන යන්න කෘතිමව යුද්ධ ඇති කරනව කියන එක බොහොම පැහැදිලියි.ඉරාකෙ යුද්ධ කරන අයි .එස් .අයි.එස් කියන එක පිටුපස ඉන්නෙ ඇමරිකාවයි,ඊශ්‍රායලයයි,සවුදියයි බව ඕන කෙනෙකුට පේනව.ඇමරි කාව මැදපෙරදිග අවුල් ඇති කරන විදිය නොතේරෙන සමහරු මේක ආගමික ගැටුමක් ලෙස විග්‍රහ කරනව.

    ලාභය වැඩි කරගන්නත් ඒ ලාබහ්යෙන් රැකියා උපදවන්නත් ඇමරිකාව නොකරන දෙයක් නෑ. ඒ සදහා තාක්ෂණය උපකාරි කරගන්නව .ඒත් මේ කඩා වැටීම නම් නවත්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වෙනේ විධිහක් ඒගොල්ල උත්සහ කරනවා.

      Delete
  10. මට දැනගන්න දෙයක් තියනව.කෘතිම බුද්ධිය නිසා ඉදිරියෙදි මිනිස් ශ්‍රමය අවශ්‍ය නොවන තත්වයක් උදා වෙයිද? එවිට විශාල රැකියා හිඟයක් ඇතිවෙනවනෙ.
    එහෙම වුනොත් ඒත් නිෂ්පාදන මිලදී ගන්න මිනිසුන්ට සල්ලි නැති නිසා එක පාරටම ක්‍රමය කඩා වැටෙනව නේද?
    කොහොමටත් ලාභය වැඩිවෙන වේගය ක්‍රමයෙන් අඩුවෙලා නතර වෙනව.දැන් වෙමින් පවතින්නෙ ඒකයි එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. දැන් ඔබ ඔය නියමෙට කියන්නේ ධනවාදය කඩා වැටෙන්නේ ඇයි කියන එක. ධනවාදී රටක ඕක වඩාත් පැහැදිලිව පේනවා. නමුත් ක්‍රම කීපයකින් ඕක වලක්වා ගන්න පුළුවන්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .