Thursday 20 November 2014

මං නන්-දන්-නෑ තිලක ගුණා

මුලදී දන්නේ නැති වුනත් පස්සේ දැන  ගත්  දෙයක් තමා  මං නන්-දන්-නෑ තිලක ගුණා මැති සඳ මම ඒ කාලේ ජිවත් වෙලා හිටි පැත්තේ ආව ගිය වග. මේ බව දැන ගත්තේ එතුමා අර පලා බබාවකටද කොහෙද මේ ලඟදි  ඉල්ලපු වෙලේ මා  දන්නා යෙහෙළියක විසින් චන්ද ඉල්ලන පත්‍රිකාවක් බුකියේ ශෙයාර්  කලාට පස්සේ. මම එය ෂෙයාර් කිරීම ප්‍රතික්ෂේප කලත් (මගේ ප්‍රතිපත්තියට අනුව )  ඒ පැත්තේ මගේ යාලු නෑදෑ පරපුරට පත්‍රිකාව යැව්වා. ඒ ගොල්ලොත් චන්දෙ දැම්මද දන්නේ නැහැ. මොකෝ ඉල්ලලා පැරදුනා, හෙවත් මඃ ජනයා විසින් තෝරා ගත්තේ නැති නිසා. මඃ ජනයා පලා බබා ලා හැටියට තෝරා ගන්නේ බබාහුකුම් ලා හා ලොකු බබාලා බව  තිලක ගුණා නොදැන සිටියාද යන්නත් ප්‍රශ්නයක්.
දැනගෙන හිටියා නම් ඉල්ලුවේ මොකද කියන එකත් ප්‍රශ්නයක්? ඉල්ලලා පැරදුන නිසා දැන් ආණ්ඩුවෙන් බල්ටියක් ගහල නැවෙන් පැන්නාද කියන එකත් ප්‍රශ්නයක්? යකෝ ප්‍රශ්න ගොඩක් නේ. ( බ්ලොග් කරන යකාට  කරන ඇමතුමක්  නොවේ. සමාවන්න :) )
ලංකාවේ පවුල්වාදය ශතවර්ෂයකට වැඩිය ඉඳල  ක්‍රියාත්මක වෙන එකක් බව දන්නෙත් නැහැ එතුමා . අනේ පව්. ඕක පවුල් මාෆියා හතර පහක් ඒ කාලේ ඉඳන්ම  ෆුට්බෝල් ගහපු රටක්.

ඉතින් මාත් ඒ තුමා පැන්න  දවසේ බුකියේ ශෙයාර්  වෙච්ච අර ෆේමස්  කතාව ඇහුව. මසුරන් වටින කතා ටිකක් කිව්වා.  පාදඩ ධනපති පන්තියක් බිහි වෙලා තිබෙනවා. අරක කරනවා  මේක කරනවා. කොමිස්  ගහනවා ආදී වශයෙන්. කතාව ඇත්ත තමා . හැබැයි ඉතින් ඉස්සරහ පේලියේ කතාව අහගෙන හිටිය ඔය කොමිස් කතාවලට නඩුවක් ඈඳී තිබෙන නායක රවියා ත්. අර අවුරුදු දෙකක් තිබ්බ ලංකාවේ කෙටිම දුෂිත  ආණ්ඩුව කාලේ. එයා  මොන පන්තියේද කියල මන් මේ කල්පොනා  කොලේ.

ඉතින් මේ පාදඩ ධනපති පන්තිය ඉස්සර ඉඳන්ම තිබුණ  එකක්නේ. ඒ කියන්නේ 77 කාලේ නගින්න ඉඩ දුන්නේ ඒ ගොල්ලටනේ. ඔන්න ඇමෙරිකාවේ නම් ඒ රටේ ජනාධිපතිවරු FBI එක දාල වැඩේ නැවැත්තුව. අර අල් කැපෝනයගේ පටන් ඔක්කොමල අල්ලලා දැම්මා ඇතුලට. දැන් තවම තිබ්බත් ගානට කොන්ට්‍රෝල් කරන ඉන්නේ . (ඒ ජනාධිපතිවරු රටට ටිකක් හරි ආදරේ ඇති. නැත්නම් තමන්ගේ ඔය හොඳයි කියන ධනපති පන්තිය වර්ධනය කරන්නේ නැහැනේ ) ජපානේ යකුස එකත් තියෙනවා. හැබැයි රටට බලපාන තීරණ උන්ට ගන්න බැහැ. අගමැති මාරු කරලා හරි යකුස කාරයන්ව නවත් වන්න ජැප්පො දන්නවා. යෙල්ට්සින් හිටි කාලේ රුසියාවේ ඔය හොර පන්තියට කිවේ ක්‍රීශා  එක නැත්නම සිංහලෙන් "වහල" කියල. වහල නැත්නම් ක්‍රීශා එකට මාස් පතා   ගාන  දුන්නේ නැත්නම් බිස්නස් කරනවා බොරු.  පුටින් කාරයා ආපු ගමන් කලේ (පොර පරණ කේජිබි කාරයා  නිසා ගේම දන්නවා) ක්‍රීශා එකට වැඩේ දුන්න එක. කොටින්ම තමන්ට අවනත කර ගත්ත. බැරි වුන් ටික හිරේට දැම්ම. උන් ඒකට  මාර  බයයි.  රුසියාවේ හිරේට යනවට වඩා ලංකාවේ  පොලිසියෙන් ආයුධ පෙන්වන්න ගිහින් වතුරේ බලෙන් පැනල මැරෙන එක ඊට සැපයිලු.  අර අවීචි මහා නරකාදියට වඩා ටිකයිලු හොඳ.
දැන් තිලක ගුණ කියන්නේ  " කුඩු කාරයෝ ධනපති වෙලා, ජාවාරම් කාරයෝ ධනපති වෙලා, කැසිනෝ කාරයෝ ධනපති වෙලා, නංගිලා රැජිනිලා  වෙලා " කියලනේ. 
මෙන්න  ඒ අය.
.

මුන්නැහේ  අර අහවල් පක්සේ ඉන්දැද්දී ඕව කියල දුන්නේ නැත්ද මන්ද. ප්‍රාග්ධනය හොයා ගන්නේ කොහොමද නැත්නම්. ප්‍රාග්ධනය හොයා ගත්තට පස්සේ නිත්‍යානුකුලව  ආයෝජනය කරන එකනේ තියෙන්නේ. 

අර සරච්චන්ද්‍රට කාණුවේ දාගෙන නෙලපු දවස් වලම අපි දැනගත්ත හැමදාම හිටිය පාදඩ නිර්ධන පන්තිය හෙවත් ලුම්පන් නිර්ධනයෝ ටික ෆෝම් කරලා අරගෙන කියල  ඒ  කට්ටියට පාන අල්ලන්න. දැන් ඕක වැඩි ඇති. නමුත් වෙන්නේ එකම සීන් එකනේ. දැන් තිලක ගුණගේ  ඉස්සෙල්ල පෙරමුණ කියන පක්සේ බලය එයාට නැතිව ගිහින් දැන් නැවත ඇල්ලුවලුනේ. අර අධිරාජ්‍ය විරෝධී "වැරදුනු දීපාගේ රාජපස්ස " හිත හොඳ කොලූ (එයාගේ යාලුවෝ කියන්නේ එහෙමයි) කොළ පාට  වෙන්න කලින් එක්කහු කර  ගෙන දෙතුන් දෙනාම  ගිහිල්ල විපස්සයේ ඉන්න පාදඩ  ධනපති පන්තිය සුද්ධ කලා  නම් හරි.  ඕකට එක්කහු කර ගන්න ටිකක් හරි හොඳ මනුස්සයෙකුට ඉන්නේ අර පින්වන්ත සිරි වීර සමරේ විතරයි. මෑන්ටත් අර පාදඩ  ධනපති පන්තිය ෆෝම් කරපු ආලයට දාසයෙක් වුනු එතුමාගේ පුතා ලෙඩේ දානවනේ. මිනිහගේ තාත්තල ඇතුළු අයනේ ඔය පෙළපාලියවලට එහෙම  ගල් වලින්, වැලි බෝතල් වලින්, පොලු වලින්,   කුන්  ෆු වලින් ගහන ලුම්පන් පන්තිය අදුන්වල දුන්නේ.  දැන් ඒක වඩා හොඳට ක්‍රියාත්මක වෙන එකනේ වෙන්නේ.

ඉතින් ඔය අව් අස්සේ අර සුද්දන්ට බනින පස්සේ රතු අලියෙ අතන සෙට් එකත් පැන්න නොපැන්න වගේ නැව් බඳේ එල්ලිලා ඉන්නවා.
(මෙන්න ආණ්ඩුවේ නැව. පුරවා ගත්ත බඩු  වැඩි වෙලා නැව  නිකන් බත්තල වෙලා. අමාරුවෙන් යනවා වගේ. )

හැබැයි ඒ කස්ටිය තවම අන්ධානෙලු. ෆස්ට් ඔෆිසර් , ගබඩා පාලක වගේ තනතුරු විතරක් අත  ඇරළලු. මට නම් හිතෙන්නේ හොඳ ශක්තිමත් පොදු අපෙස්සක නැවක් එනකන් එල්ලි එල්ලී ඉන්නවද කොහෙද? අනේ ඒ අතින්නම් අපරාදේ කියන්න බැහැ  මං නන්-දන්-නෑ තිලක ගුණා  භය නැතුව පැනලා පීන පීන ඉන්නවා.
පොදු අපෙස්සක නැව  දැනට පේන  විධිහට මේ වගේ.  ටිකක් කෙලින් කරලා ගන්න වෙයි.
ඔය අව්වස්සේ රතු බෝට්ටු ටිකකුත් යනවා (හෝ එනවා). හරි ඩිරෙක්ෂන් (දිසාවක්) එකක් තියා  කොම්පස් එකක් වත් තියනවද කියල ෂුවර් නැහැ.  ඉස්සර වමේ නායකයෝ දොස්තරලා , අධි නීතිඥයෝ නේ. ඒ ගොල්ලෝ ඉතින් කොහොමත් අන්තිමට අර ඉහල පන්තිය එක්කම ශේප් එකක්  දා ගන්නවා කියල පහල පන්තියේ අය  කියන්නේ. හැබැයි දැන් ගොඩක් වමේ වගේ අලුත්  නායකයෝ නම් ගුණාලා. ඒ කියන්නේ  තිලක ගුණා , කුමා  ගුණා , දීපාගේ ගුණා වගේ. අර ස්වයං නිර්නනේ දෙන්නේ නැති එවුන් ඔක්කොම  මාක්ස් ගේ දරුවෝ නෙමේ කියන නැතිවුන  සසපේ ගොඩේ කොත්තු මහත්තයා ඉන්ටවිව් දේශනයක් කොරල (ඒ ජාතියේ එකක් දැක්කමයි.) කුමා ගුණාට දෑත බදලා ස්වයං නිර්නේ හබලෙනුයි ජාතිය හබලෙනුයි දෙකෙන්ම ගහල.
දීපාගේ ගුණා බණ්ඩා හබලෙන් හා තක්කඩි හබලෙන් ගහල. හබල්  ලොකු වැඩි නිසා, දරා  ගන්න බැරුව කොත්තියගෙයි  දිපගුණා ගෙයි බෝට්ටු එක තැන කැරකෙනවා. මෙන්න ඒවා.
පසුගාමී වාද සමාජ එකේ කුමා ගුණා ගේ බෝට්ටුව තව පොඩි බෝට්ටු ටිකක්  ඇදන් යන්න හදනවා. කොහේ යනවද කියල මටත් ෂුවර් නැහැ. මෙන්න ඒවා. ඒවල එන්ජින් ටිකක් හොරයි. දුම් දානවා වැඩියි. භාවිතාව වැඩියි නේ. න්‍යාය වතුරේ. 
ඉතින් ඕක තමයි කතන්දරේ.  අපිලට යි ස්වයං නිර්නනේ ඉල්ලන්න ගිහින් අන්තවාදේට  කොටු වෙලා කුඩු පට්ටම් වුන අර වර්ධන වෙඩිය කිව්වා වගේ කුවන්නගේ නෑයෝ ටිකටයි, පස්සේ ආපු  නෑයෝ ටිකටයි තියෙන්නේ පොඩ්ඩක් පීනන්න  පුරුදු වෙන්න. මේ නායකයෝ ටික බෝට්ටු හදාගෙන  ගෙන, නැව් කෙලින් කොරාගෙන , කොම්පස් හොයාගෙන එන අතරේ පීනලා  හරි ගොඩ බිමට යන්න. 

ප.ලි.-මොනවා වුනත්  දුෂණයට  මර්දනයකට එරෙහිව යන ඕනෑම ගමනකට අපේ සුභ පැතුම්.

පින්තුර මුලාශ්‍ර: http://digital-art-gallery.com/picture/gallery/mafia

14 comments:

  1. තනියෙන් නැගිටින මිනිස්සු ගොඩ යයි. මේ සිස්ට්ම් එක ඇතුලේ එහෙම ව්හෑන්ස් එකක් තියෙනවා නේ. මට දුක නොමිළේ කන්න බලාගෙන ඉන්න ගොන් හැත්ත ගැන. ඒත් ඉතින් රාජ්‍ය සේවය මෙහෙම පුම්බන්න ගියොත්. අපිත් අමාරුවේ. ඇයි යකෝ මාර හිඟන්නෝ ගොඩක් නේ ඉන්නේ.

    පාදඩ පන්තිය නම් ළෝකේ කොයි රටෙත් තියෙනවා. ඒත් උන් රට පාළණයට එන්නේ නෑ. නමුත් මෙහේ වෙලා තියෙන්නේ පාදඩ පන්තියයි රට පාළණය කරන්නේ. මේ ර ගොන් බන්ඩගෙ වැඩ වල ප්‍රතිඵලේ තමයි. අද ඌගේ ළමයි තමයි ඌ කරපු පව් විඳවන්නේ. ඇයි අපි. අපිත් පවු.

    ReplyDelete
    Replies
    1. මයිත්‍රී එනේ එක ගැන දල තියෙන එක හොඳයි. ඔක්කොම එකයි සීන් එක තම අන්තිමට.

      Delete
    2. NEGOMBO SEAFOOD

      මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
      http://negomboseafood.blogspot.com/2014/11/kaha-paraw.html

      අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.

      Delete
  2. NEGOMBO SEAFOOD

    මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
    http://negomboseafood.blogspot.com/2014/11/mussels-promotion-mussels-are-growing.html

    අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.

    ReplyDelete
  3. ස්තුතියි. හොඳ බ්ලොග් එකක්.

    ReplyDelete
  4. අජිත් අයියා දිව උළුක් උනා කියවන්න ගිහිල්ලා.. :P ඒත් ඔක්කොම ටික කියෙව්වා.. ඒ තරමට වටිනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
  5. ස්තුතියි මල්ලි. දිව උලුක්වුනා නම් අනිවාර්යයෙන්ම කියවල තියනවා. අපි බලන් ඉඳිමු නේද මොකද වෙන්නේ කියල. උපන් රටට හොඳක් වෙනවා නම් අපි කවුරුත් කැමතියි.

    ReplyDelete
  6. ඇත්තටම මචං මේ මිලිටරි පාලනයක හැඩරුව කොළේ වහලා පෙන්නන මේ සෙට් එකට තිත තියන්න ඕන. ඔය ගුණාලා සෙට් එක තැන් තැන් වල පදින ඔරු එක තැනකට හරස් කරලා පෙරලෙන නැව පෙරලෙන්නම දෙන්න ඕන කියන එකයි මගේ අදහස. නැත්නම් ගුණාලා සෙට් එකට තියා ආලදාසලාට, අනිල්ලාටවත් ඔරු තියා පාරු පදින්නවත් ඇලක්වත් ඉතිරිවෙන්නේ නැහැ. මේ සෙට් එක යන්නේ ඒ පාරේ. කුමා ගුණාලා කපන්න හදන ඇල දැන්ම කපන්න බැහැ. කුමා ගුණාලා තියා ඒගොල්ලෝ හිටපු තැන්වල අයටවත් ඒ වැඩේ කරන්න අපේ රටේ එහෙම ඉඩක් නැහැ. අනු කුමා ලොක්කාලත් මේ පාර ජෝගි නටන්නේ නැතුව එක බෝට්ටුවක නගින්න තමයි තියෙන්නේ.

    ReplyDelete
  7. කට්ටිය එක බෝට්ටුවකට සෙට් නොවුනත් අඩුම ගානේ එක පෙලට තියගත්තොත් හරි වගේ මචන් .

    ReplyDelete
    Replies
    1. හරියටම හරි....ඒක තමයි හරිම වාක්‍යය.

      අජිත් ට්‍රයි කරපන් කමෙන්ට් බොක්ස් එක යට Reply එක ක්ලික්කරාම ඇරෙන බොක්ස් එකේ රිප්ලයි එක දාන්න. ඒක වඩාත් ක්‍රමවත්.

      Delete
  8. පවුල්වාදය කියන්නේ අපේ ජානවලටම සෙට් වෙච්ච දෙයක්වත්ද කියල හිතෙනවා. මොකද ඉස්සර ඉදල අපිව පාලනය කලේ රජ පවුලනේ. සුද්දා මේක බාගෙට අනිත් පැත්ත හැරව්වත් උන් පස්සේ සේනානායකටම වැඩේ බාර දීලා ගෙදර ගියා. අජිත් පොදු අපේක්ෂකය උනොත් මම කරන්නේ ඔයාට ගොට්ට අල්ලාගෙන ඉදල ලංකාවේ මාධ්‍ය ඇමති කමට ට්‍රයි එකක් දෙනව. අපේ ජහමනයගේ පවුල්වාදය, ගෝත්‍රවාදය වැඩ කරන්නේ එහෙමයි.

    පොළොන්නරුවෙ සිරිසේනලාට 'සාලයේ බලය' දෙන්න බණ්ඩාරනායකවරු, රාජපක්ෂවරු හා වික්රමසිංහ වරු ඉඩ දෙයිද කියන එක තමයි ප්‍රශ්නය. අනෙක් අතට සිම්පල් සිරිසේනල හැමදාම රගපැවේ ආනන්ද රහතන්වහන්සේගේ චරිතය නේද ? කුස්සියේ බලය ලබාගෙන ඉන්න අයට නිදන කාමරයක බලය ලැබුනම එගොලන්ගේ දේශපාලනය එතනින් අවසන් වෙනව.

    සිස්ටම් එකේ දතිරෝද බුරුල් වෙනකොට අපිට පුංචි ආතල් එකක් හම්බවෙනවා. ඒක හරියට අයිස්ක්‍රීම් කෝන් එකක් කනවා වගේ ආතල් එකක්. start එකේ හොදට අයිස්ක්‍රීම් තියනව. මැදට යනකොට අයිස්ක්‍රීම් අඩු වෙනවා. කොන් එකේ උල හරියට එනකොට අයිස්ක්‍රීම් ඉවර වෙලා බිස්කට් එක විතරයි. එතකොට අපිට තද වෙනව. අයිස්ක්‍රීම් තෝන්තුවත් එක්ක ආපසු හැරී බලන කොට වීරයෝ සහ දුෂ්ටයෝ දේශසීමා කඩාගෙන පතිමාරු කරගෙන.

    ලංකාවේ දේශපාලන මාර්කට් එකේ හොල්සෙල් ට්‍රෙන්ඩ්ස් දෙකයි තියෙන්නේ. එකක් දේශප්‍රේමි. අනෙක විජාතික බලවේග. කලින් කලට මිනිස්සු මේවා ඉස්සරහ හිටගන්නව. කලින් රනිල්-චන්ද්‍රිකා, මාරා- චන්ද්‍රිකා, මාරා-රනිල්, මාරා- ෆොන්සේකා හිටිය. දැන් මාරා-සිරිසේන !

    දීප්ති වරක් කිවුව ලංකාවේ අපි රවුමක ගමන්කරනව. ඒකනිසා කලින් මුණගැසුණු දේවල් අපිට ආයෙත් මුණගැසෙනව කියල.

    ඔහොම යං

    ReplyDelete
  9. //පවුල්වාදය කියන්නේ අපේ ජානවලටම සෙට් වෙච්ච දෙයක්වත්ද කියල හිතෙනවා.// මේකට ලියන්න නියම එකක් මතක් වුණා . කතාව ඇත්ත. ඕක තම අපි කරන්නේ. පවුලට ලැදි කම ඉස්සරහට එනවා.
    //පොළොන්නරුවෙ සිරිසේනලාට 'සාලයේ බලය' දෙන්න බණ්ඩාරනායකවරු, රාජපක්ෂවරු හා වික්රමසිංහ වරු ඉඩ දෙයිද කියන එක තමයි ප්‍රශ්නය.// ඒකනේ සිරියට කියල තියෙන්නේ බලය ආවාට පස්සේ රනිලයට අගමැතිකම දෙන්න කියල. දීප්ති එහෙම කිව්වනම් ඒක හරි. නමුත් දයලෙක්තිකය වැඩ කරන්නේ සර්පිලාකාරව කියල තමා මම ඉගෙන ගෙන තිබෙන්නේ. රවුමේ ඊළඟ අවධිය තියෙන්නේ වෙන තලයක.

    ReplyDelete
  10. ඉන්දියාවෙ සහ පාකිස්ථාන දේශපාලනයේ පවුල් වාදය තියෙනවා නමුත් ලංකාවෙ දේශපාලනයේ මේ වෙනකොට පවුඅල් වාදයක් නෑ තියෙන්නේ පවුල් මාෆියාවක් (ඒක පවුල් වාදයට වඩා දියුනු තත්වයක්)
    චන්ද්‍රිකාට වැරදුනේ, එයා හිතුවා ලංකාවේ පවුල් වාදයක් තියෙනවා කියලා ඒ කියන්නේ සිංහල මිනිස්සු බණ්ඩාරණායක පවුලට වඳිනවා කියලා ඒ වැරදි නිගමනිය නිසා බණ්ඩාරණායක පවුල ඉවර වුනා

    ReplyDelete
  11. සමහරව්ට ආයේ එයි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .