Wednesday 7 January 2015

තාරකා කිසි දෙයක් කීවේ නැත

ඊයේ රාත්‍රියේ අහස හොඳින් පැහැදිලිව තිබුණි. හේතුව උෂ්ණත්වය සෙන්ටිග්ග්‍රේඩ් 0 ත් 1ත් අතර දෝලනය වුනු නිසාය. රාත්‍රී නමය වනවිට උෂ්ණත්වය සෘණ දෙකක් පමණ විය.
මගේ සෙලෙස්ට්‍රෝන් ටෙලස්කෝපය එලියට රැගෙන තාරකා  නිරීක්ෂණය කරන්නට තීරණය කලෙමි. ඔරායන් තාරකා  මණ්ඩලය පැහැදිලිව දකුණු අහසේ පෙනුණු අතර බ්‍රහස්පති ග්‍රහයා චන්ද්‍රයා අසල විසල් ලෙසින් දිළිසුනේය. සඳේ අපැහැදිලි පින්තුරයක් දෙකක් ගැනීමට හැකි විනි. 

සඳ සහ බ්‍රහස්පති දෙස සැහෙන වෙලාවක් බල සිටියෙමි. තාරකා දෙසත් බලා සිටියෙමි. බිටල්ජූස් , බෙලට්‍රික්ස් , මින්ටක , රීගල් යන ඔරායන් මණ්ඩලයේ තාරකාත්  සීරියස් තරුවත් සීරියස් ලෙසින්මා  දෙස බලා සිනහ වෙන සෙයක් හැඟිනි.

නමුත් කිසිම තාරකාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය දිනන්නේ කවුදැයි කිවේ නැත.

නක්ෂත්‍රකරුවන් තාරකාවලට කතා කරන භාෂාව ඉගෙන නොගැනීම ගැන ඇත්තේ බලවත් කනගාටුවකි.

ප.ලි.
හොඳ කොමෙන්ටුවක් ලැබුණු නිසා එය ඇතුලත් කලෙමි.

නක්‌ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
කිං කරිස්‌සන්ති තාරකා"

අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.- බුදුන් වහන්සේ 

http://buddharashmi.blogspot.com/2013/04/thiryak-79.html

- අජිත් 

15 comments:

  1. කිං කරිස්සන්ති තාරකා?

    ReplyDelete
    Replies
    1. මෙන්න සම්පුර්ණ එක

      නක්‌ඛත්තං පතිමානෙත්තං
      අත්ථෝ බාලං උපච්ජගා
      අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
      කිං කරිස්‌සන්ති තාරකා"

      අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.

      http://buddharashmi.blogspot.com/2013/04/thiryak-79.html

      Delete
    2. ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලව දේශනා කරලා තියෙන දෙයක්නේ නේද?

      Delete
    3. මධුගේ කොමෙන්ටුවෙන් මක්සි දාපු ගතව ඇතුලත් කලා ලිපියට. හොඳට ගැලපෙනවා. ඒක දාල තිබෙනවා මකසිගේ බ්ලොග් ලින්ක් එක එක්ක.
      http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15218-2015-01-07-11-23-41

      Delete
    4. Sinhalese translation is not satisfactory

      Delete
  2. ඒ මොකක්දැ බොළ ඒ හරුපේ තේරුම?

    ReplyDelete
    Replies
    1. තාරකාවෝ කුමක් කෙරෙත්ද? - ගෞතම බුදුන්

      Delete
    2. බුදුන් නක්ෂත්‍රය ගැන මෙසේ කියා ඇතිබව දැන සිටියත් මේ වදන දැන සිටියේ නැත. ස්තුතියි.

      Delete
  3. ජොතිශය හරි කියලා හිතනවා නම් නැකත් හා කේන්දර ගණනය කරන්න ඕන දැන් තියන ග්‍රහ පිහීටීම් අරගෙන. precession of equinox කියන ආචරණය අත හැරලා තමයි අපේ උන් නැකත් හදන්නේ.

    ReplyDelete
    Replies
    1. අපිත් තාරකා වලින හැදිලා තියෙන නිසා හරි වෙන්නත් පුළුවන්. ගණනය කරලා බලන්න. හේ හේ

      Delete
  4. පුංචිම කාලෙ ඉඳන් සමාජයෙන් අහන්න දකින්න ලැබෙන ඇදහිලි, විශ්වාස හිත ඇතුළට කිඳා බැස්සට පස්සේ ඒවයින් මිදෙන්න අමාරුයි කොයිතරම් වයසෙන්, දැනුමෙන් මුහුකුරා ගියත්. උපරිම පැහැදිලිව විද්‍යාත්මකව, තර්කානුකූලව මේවයෙ තියෙන අසත්‍යතාවය පෙන්වලා දුන්නත් යටිහිත කැමති නෑ තමන්ගෙ ඇස් පනාපිට ඔප්පු වෙන දේ පිළිගන්න. අන්තිමට වෙන්නේ පැහැදිලි කරන්න ගිය කෙනා "අපේ රටේ අපේ දේට ගරහල, බටහිරට ආවඩන පරගැතියා" කියල නමක් හදාගැනීමයි. පැහැදිලිවම අපි අපේ දේ අගය කළ යුතුයි ඒක ගැන විවාදයක් නෑ. නමුත් ඒ නිවැරදි දේ පමණයි. අපේය කියල වැරදි නිවැරදි සියල්ල බදාගන්න ඕනද?

    මේක රන්ජන් රාමනායකට ඔස්කාර් සම්මානයක් ලැබෙනව කියල කියපු, 2013 වසර අගදී අනිවාර්යයෙන්ම පෘථිවියට පිටසක්වළ ආක්‍රමණයක් එල්ල වෙනව කියල කියපු "ආධ්‍යාත්මවේදියො" කිසිම ප්‍රශ්න කිරීමකට ලක් නොවී තවමත් මිනිස්සු අතරෙ ඉහළින්ම වැජඹෙන රටක්...
    "ජ්‍යෝතිර් විද්‍යාව", "වාස්තු විද්‍යාව" කියල "විද්‍යා ජාති" රජයේ විශ්ව විද්‍යාලවලින් හදාරල උපාධි ගන්න පුළුවන් රටක්...

    ReplyDelete
  5. what is the model of you telescope. can you give us a bit of review of it :-). good and bad both

    ReplyDelete
    Replies
    1. Celestron nexStar. I will write some articles about telescopes next.

      Delete
  6. මේ ලිපිය මට මිස් වෙලා ... ඔය ටෙලෙස්කෝප් එක ගැන තව විස්තර ලියන්න ...ෆොටෝ එක ගත්තෙත් ටෙලෙස්කෝප් එකෙන් මද ?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .