Friday 9 January 2015

ජාතිවාදය අවුස්සන්න එපා

නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය බොහෝ දෙනාට ආශ්වාදයක් ගෙන දී තිබේ. ඔහුට උතුරු නැගෙනහිරින් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්ද බහුතර චන්ද ප්‍රමානයක් වැටී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බොහොමයක් දකුණේ පිරිස් චන්දය දී ඇත. මෙම චන්ද දුන් සිතියම් ඇසුරු කරගෙන ජාතිවාදී අදහස් වැපිරවීමට  හා ශ්‍රී ලංකාව යලි අස්ථාවර  කිරීමට ෆේස්බුක් සමාජ ජාලයේ ඇතැම් පිරිසක් කටයුතු කරනු දැකිය හැකිය. මේ අය බොහෝ විට දැන් අක්‍රිය වී ඇති ලන්කාසීනිව්ස් රසිකයන් විය හැක. මේ අදහස සමපාත  වන්නේ දැනට සොයා ගත නොහැකි විමල් වීරවංශ මහතාගේ දේශනා වලට හෙයිනි. පහත ඇත්තේ මෙසේ ප්‍රචලිත කරන එක්  ඡායාරූපයකි.
ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය විසින් ප්‍රසිද්ධ කරන ලද ඊලාමයේ සිතියම සිරිසේන මහතා දිනු දිස්ත්‍රික්ක වලට සම කර තිබේ. මින් අදහස් කරන්නේ මේ පළාත්වල ජනතාව දෙමල ඊළමක් සඳහා චන්දය දුන් බවකි. මෙය සහමුලින්ම වැරදියට අර්ථකථනය කිරීමකි. ඇත්ත වශයෙන්ම මේ චන්ද ප්‍රථිපලය  සතුටු විය හැකි කාරණාවකි. මේ පළාත්වල දෙමල ජනතාව සිංහල අපේක්ෂකයකුට, ජාතික හෙළ උරුමය පවා සහයෝගය දෙන සිංහල අපේක්ෂකයෙකුට චන්දය දමා  තිබේ.  තවද මේ පළාත්වල දෙමල ජනතාව හා මුස්ලිම් ජනතාවද සෑහෙන ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට චන්දය දී තිබේ. ඒ සියල්ලෝමත් හෙළ උරුමය හා ජනරාල් ෆොන්සේකා සහය දුන් මෛත්‍රිපාල සිරිසේනට චන්දය දුන් අයත් ඊළමට සහයෝගය දෙන්නන් ලෙස සැලකීම එක්කෝ මෝඩ කමකි. නැත්නම් කෛරාටික කමකි. මට සිතෙන්නේ දෙවැන්නයි.
මේ අනිත් පින්තුරයයි.
මෙහි ඉතා වංචනික ලෙස සිරිසේන මහතාට චන්දය දුන් අය ලෙස කතා කරමින් ඉහත කී  කෛරාටික වංචාවම  කරති. මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගත්තේ ඉහත කහ පාටට පෙනෙන චන්ද වලින් පමණක් නොවේ. ඔහුට දකුණේ නිල් පාටට පෙනෙන පැතිවල 35% සිට 45% දක්වා ප්‍රමාණයක් චන්දය දුන්හ.  මොවුන් කියන්නේ මේවා බොහොමයක වෙසෙන සිංහල චන්දදායකයන් ඊළමට චන්දය දුන් බවද?

දැන් අපි ඊළම සඳහා යම් චන්ද පදනමක් තිබුනේ දැයි බලමු. ටැමිල්නෙට් හා වෙනත් LTTE ව්‍යාපාරයට සහය දෙන වෙබ් අඩවි කියා සිටියේ චන්දය වර්ජනය කරන ලෙසය.  ආනන්දී සශිධරන්  මහත්මියගේ සැමියා එම සංවිධානයේ සිටි නිසා ඇයවත් එතනට දමමු. ඇයද කිවේ චන්දය දෙන්නට එපා කියාය. (වෙනත් හේතුන් මත) එතකොට ප්‍රතික්ෂේපවූ චන්ද ගණන යාපනය 495ක් හා වන්නියේ 895 කි. ස්වයං නිර්නන අයිතියට  සහයෝගය දෙන වමේ අපේක්ෂකයන් සිටියේ දෙදෙනෙකි. ඒ  පානි සිරිවර්ධන (63ක්, 57 ) හා සිරිතුංග ජයසුරියයි (34ක්, 100) . මෙය අසාධාරණ යයි සිතුනත් ඔවුන්ට  උතුරේ දැමු චන්දත් එතනට දමමු. (වරහන් තුල ඇත)   හොඳයි නැගෙනහිරත් එකතු කරමු. එය ප්‍රතික්ෂේප කල චන්ද 442 + පානිට  44+ හා සිරිට 18 වේ. දැන් මේ සියල්ල එකතු කරමු. සියල්ල 2014කි.  එය 0.1%ටත් අඩු සංඛ්‍යාවකි. 
අප වලංගු චන්ද සංඛ්‍යාවෙන්  ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව  අඩු කලත් ඉන් ලැබෙන්නෙත් ලක්ෂයකට අඩු සංඛ්‍යාවකි. අප්‍රකාශිත චන්ද වලින් බොහොමයක් රටේ නැති අයගේ හෝ මියගිය එහෙත් මරණය ලියා  පදිංචි  නොකළ චන්දය. 

මේ නිසා ඉහත පළාත්වල බහුතර චන්ද ප්‍රමාණයක් ඊළමට දුන්  ඒවා යයි සැලකීම මිත්‍යාවකි. මේ නිසා මෙය  චන්ද පැරදුනු ජාතිවාදීන් දුකට කරන දෙයක් ලෙස නොසැලකිය යුතුය.  මේ නැවත ජාතිවාදය ඇවිලවීමට ගන්නා  පහත්  උත්සාහයකි. ශ්‍රී ලංකාව ජාතිවාදී යුදයෙන් හා කෝලාහල වලින් ඇති පදම්  බැට  කෑ රටකි. අපේ පවුල් හා නෑදෑයන් ජිවත් වන මේ සුන්දර රට මේ  ජාතිවාදී කුහකයන්ට නැවතත් ඇවිලවීමට  ඉඩ නොදෙමු.
ප.ලි.
නිවැරදි සිතියමක්:


63 comments:

  1. මේ විවේචනය ඉතා හොඳ දෙයකි. විවේචනයට පිළිතුරු දිය යුත්තේ ක්‍රියාවෙනි. එවිට ඔවුන්ගේ සේදු මොළවලට බෙහෙත් ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. බෙහෙත් දෙන්න වෙනවා. බ්ලොග් වලින් වෙන මාධ්‍ය වලින්.

      Delete
  2. ඒගොල්ලො කතාකරන්නෙ ඔය නිල් පාට තියෙන පැති වලින් එක ඡන්දයක්වත් මහින්ද දින්නෙ නැති ගානට.
    ඔය දිස්ත්‍රික්ක අනුව පාට කිරීම වෙනස් කරලා ආසන අනුව පාට කරොත් කියාවි පේනවා නේද මුළු රටේම කොටියා වගේ පුල්ලි පුල්ලි කියලා.

    ReplyDelete
    Replies
    1. ///ඔය දිස්ත්‍රික්ක අනුව පාට කිරීම වෙනස් කරලා ආසන අනුව පාට කරොත් කියාවි පේනවා නේද මුළු රටේම කොටියා වගේ පුල්ලි පුල්ලි කියලා///

      +++++++++++++++

      Delete
    2. //ඒගොල්ලො කතාකරන්නෙ ඔය නිල් පාට තියෙන පැති වලින් එක ඡන්දයක්වත් මහින්ද දින්නෙ නැති ගානට. //
      මෝඩ තර්ක දාන්න එපා හරී.
      පොදු අපේක්ෂකට චන්දෙ දීපු විවිද අයට විවිද අරමුණු තිබුනා. ඔවුන් තුල මේ අරමුණු එකක් හෝ කිහිපයක් තිබුනා
      -දුෂණය ට විරුද්දව.
      -මහින්ද පරාජය කිරීමට
      -රනිල් අගමැති කිරීමට
      -රජ රට කෙනා හෝ තමන්ට ජොබ් දුන් සිරිසේන මහතා දිනවීම.
      -තමන්ට අනාගතයේ ලැබීමට පුළුවන් තනතුරු හෝ වෙනත් වාසි උදෙසා.
      -මහින්දට හිතවත් තම ආවට සිටින මැර දේශපාලකයන්ට හෝ වෙනත් අයට විරුද්දව.
      -තම පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටීම
      -සොබිත හමුදුරුවේ රතන හාමුදුරුවෝසහ චම්පික රණවක පොදු අපේක්ෂක සමග සිටීම
      -TNA සමග එකඟවීම
      -හකීම් සමග එකඟ වීම
      මෙතනින් සිංහල අය තුල අවසාන අරමුණු දෙක හැර අනෙක් අරමුණු යටතේ පොදු අපේක්ෂකට සහය වුනා. මුස්ලිම් සහ ද්දෙමල අය 7 වන කරුණ හැර අනෙක් කරුණු අනුව සහය පලකලා. පොදු අපේක්ෂක ජය තුල පැහැදිලිව ජාතිවාදී ඉල්ලීම තියෙනවා නැහැ කියන්න බැහැ.

      මොළ ගෙඩියට හෙන ගහලද සින්හලුනේ

      Delete
    3. //පොදු අපේක්ෂක ජය තුල පැහැදිලිව ජාතිවාදී ඉල්ලීම තියෙනවා නැහැ කියන්න බැහැ.// හරි තර්කකයක් වශයෙන් ඒක පිලිගමු. නමුත් පොදු අපේක්ෂකයාට ලැබුණු හැම චන්දයක්ම හැම දිස්ත්‍රික්කයක්ම බෙදුම වදයට අනුගත කරලා තමා සිතියම් හදලා තියෙන්නේ. ඒක වැරදියි. ඔබේ කොමෙන්ටුවේ ඉහත කොටසේ එය පිලි අරන් තියෙන්නේ. //පොදු අපේක්ෂකට චන්දෙ දීපු විවිද අයට විවිද අරමුණු තිබුනා. ඔවුන් තුල මේ අරමුණු එකක් හෝ කිහිපයක් තිබුනා
      -දුෂණය ට විරුද්දව.
      -මහින්ද පරාජය කිරීමට
      -රනිල් අගමැති කිරීමට
      -රජ රට කෙනා හෝ තමන්ට ජොබ් දුන් සිරිසේන මහතා දිනවීම.
      -තමන්ට අනාගතයේ ලැබීමට පුළුවන් තනතුරු හෝ වෙනත් වාසි උදෙසා.
      -මහින්දට හිතවත් තම ආවට සිටින මැර දේශපාලකයන්ට හෝ වෙනත් අයට විරුද්දව.
      -තම පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටීම //

      Delete
    4. //හැම දිස්ත්‍රික්කයක්ම බෙදුම වදයට අනුගත කරලා තමා සිතියම් හදලා තියෙන්නේ. ඒක වැරදියි// එහෙම නම් හරි විදියට ඇඳලා පෙන්වන්න

      Delete
    5. ඔබ සඳහාම සිතියමක් ඇතුලත් කෙළෙමි.

      Delete
    6. දැන් ඔබගේ සිතියමට අනුව ඔබගේ අදහස නිගමනය කරන අයුරු මෙහි හෝ වෙන ලිපියක පැහැදිලි කරන්න. එවිට මගේ අදහස කියන්නම්.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. මගේ ලිපියේ කියා ඇත්තේ මෙයයි. තව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. යාපනයේ චන්ද සංඛ්‍යා රැගෙන පවා පෙන්වා දී ඇත්තේ මෙයයි. මගේ පාසල් මිතුරෙකු වන නේෂන් පුවත් පතේ කර්තෘ මාලින්ද සෙනෙවිරත්න ලියු ලිපිය බලන්න. ඔහු අවසන් මොහොත දක්වාත් , තවම මරාට සහය පල කරන කෙනෙකි. https://www.colombotelegraph.com/index.php/the-quick-ethnicization-of-the-result/

      Delete
    9. තවරණය වෙනස් වීම අධ්‍යනය කිරීමට විස්තාපන කාල ප්‍රස්තාර් වලට නොහැක කියා ඔබ දනී. ඔබ වැනි උගතෙක් ඔය සිතියම පෙන්වන්නේ ඔබ ඉහත කරුණ නොදන්නා නිසාද නැත්නම් ඔබගේ මතය වෙනුවෙන් අපිව අන්දවීමටද?

      දත්ත විශ්ලේෂණය කරන විට ඒවා විෂුවලයිස් කිරීමට ප්‍රස්තාර් වගු සිතියම් භාවිතා කරයි. ඒවාට ගන්නා දත්ත අනුව සමහර රාශීන් සැඟවෙන බවත් සමහර රාශීන් මතුවෙන බවත් ඔබ දන්නා කරුණකි. ලබාගත් සමස්ත චන්ද ප්‍රමාණය අනුව එක් එක් ප්‍රදේශයේ ප්‍රතිශත අගය සිතියම් ගත් කිරීම මගින් සිදුවන්නේ සමස්ත චන්ද දායකයන් ප්‍රමාණයට එක් එක් ප්‍රදේශයේ චන්දදායකයන්ගේ අනුපාතය ට ආසන්න ප්‍රතිශතයක් නිරූපිත සිතියමකි. සෑම ප්‍රදේශයකම ජන සංඛ්‍යා ආසන්න ලෙස හෝ සමාන නම් ඔබගේ සිතියම මගින් සාධාරණ විශ්ලේස්නයක් කකළ හැකි නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශාල ලෙස ජන ප්‍රමාණ වෙනස් විට ඔබගේ සිතියම මගින් ගත හැකි තීරණයක් නැත. ඔබගේ සිතියමට එක් එක් ප්‍රදේශයේ ජනසන්ක්‍යා වෙනස නිසා ඇතිවන ප්‍රතිපලය සාධාරනී කරණය කිරීමට නම් එක් එක් ප්‍රදේශයේ ජන සංඛ්‍යා ප්‍රතිශතයෙන් ඉහත අගයන් බෙදිය යුතුය. එවිට එන්නේ ඔබ වැරදිය කියන ඊළාම් සිතියමට සමරුපී සිතියම මිස වෙන දෙයක් නොවේ.

      පිළිගත් දත්ත විශ්ලේෂණයට ක්‍රමවේද වලට පටහැනිව තම මතය සාධාරනී කිරීමට ලජ්ජා නැති ගණිත විද්‍යා පෙන්වන්න එපා.

      Delete
    10. //ලබාගත් සමස්ත චන්ද ප්‍රමාණය අනුව එක් එක් ප්‍රදේශයේ ප්‍රතිශත අගය සිතියම් ගත් කිරීම මගින් සිදුවන්නේ සමස්ත චන්ද දායකයන් ප්‍රමාණයට එක් එක් ප්‍රදේශයේ චන්දදායකයන්ගේ අනුපාතය ට ආසන්න ප්‍රතිශතයක් නිරූපිත සිතියමකි. සෑම ප්‍රදේශයකම ජන සංඛ්‍යා ආසන්න ලෙස හෝ සමාන නම් ඔබගේ සිතියම මගින් සාධාරණ විශ්ලේස්නයක් කකළ හැකි නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශාල ලෙස ජන ප්‍රමාණ වෙනස් විට ඔබගේ සිතියම මගින් ගත හැකි තීරණයක් නැත. ඔබගේ සිතියමට එක් එක් ප්‍රදේශයේ ජනසන්ක්‍යා වෙනස නිසා ඇතිවන ප්‍රතිපලය සාධාරනී කරණය කිරීමට නම් එක් එක් ප්‍රදේශයේ ජන සංඛ්‍යා ප්‍රතිශතයෙන් ඉහත අගයන් බෙදිය යුතුය. // ඔබේ ඔය කියන ඊලාම් වාදීන් මෛ ට චන්ද දුන්නාය යන තර්කය ඔබේම තර්කයෙන් බිඳ වැටෙන බව පෙනෙන්නේ නැත්ද? ඔබ ඊලම් මැප් එකේ ජන රාශිය දන්නේ කොහොමොද? ඔබට ඒ ගැන දත්ත තිබෙනවද? උදාහරණයක් වශයෙන් ඔබලාගේ මේ ඊලම් මැප් එකේ (LTTE මාප එකේ ) හලාවතට එනකන් තිබෙන හරිය බලන්න. මගේ සොහොයුරිය ජිවත් වන්නේ එහිය. ඇයගේ ස්වාමියාගේ පවුලේ සමහරු මහින්දට චන්දය දුන් අතර බොහොමයක් මෛත්‍රීට චන්දය දුන්හ. ඔබේ ජන රාශි කතාව එතැනින්ම බිඳ වටේ. අනික ඔබලා මේ පාවිච්චි කරන්නේ LTTE මැප් එකයි. එය අපත් විරුද්ධ වුන මැප් එකකි. එයට හේතුව ලෙස අපි LTTE එකට කිවේ මුළු නැගෙනහිරම හම්බන්තොට දක්වා ඔවුන් ඊළමයයි කියන්නේ මොන පදනමින්ද කියයි? ඔබලගෙන්ද ඇසීමට ඇත්තේ ද ඒ ප්‍රශ්නයි. ඒ පැතිවල ජන රාශිය ඊළම් වාදීන් කියනවනම් ගිහින් බලන්න.

      Delete
    11. මුලින්ම ඔබට සිතියමට නැගු තර්කය වැරදි බව පිළිගන්න. මගේ ඉහලම කමෙන්ට් එකේ හේතු පැහැදිලිව කියුවා. ඒ අනුව දෙමල අයට සහ මුස්ලිම් අයට මහින්ද පරාජය ක්කිරීමට අමතර හේතු තියෙනවා සිංහලයාට නැති. ඒ වගේම සිංහල බහුතරය අඩු ප්‍රදේශ වල(දිස්ත්‍රක් මට්ටමට නොව ආසන මට්ටමට අධ්‍යනය කරන්න) මහින්ද ලබාගත් චන්ද ප්‍රමාණය අඩුයි. ලබාගත් මනාප ප්‍රතිශතය අඩු නිසා පැහැදිලිවම ජාතිවාදී අවශ්‍යතා උඩ චන්දය දීම නිරුපනය කරනවා. පුත්තලම දිස්ත්‍රීක්කය ගත් විට මහින්ද පැරදුනේ සුළු ප්‍රමාණයකින් ඒ වගේම එහි දෙමල බහුතරයක් නැහැ. ඔය වගේ දිස්ත්‍රීක්ක වලට මගේ තර්කය යොදාගන්න අමාරුයි.නමුත් දෙමල සහ මුස්ලිම් ජනයා 80% වඩා ඉන්න ප්‍රදේශ වල පැහැදිලිවම විශාල ප්‍රතිශතයකින් මහින්ද දිනලා. කොලබට උනත් මම කියන විදිය හරියන්නේ නැහැ. කොලබ unp චන්ද කොහොමත් වැඩියි. මම කියන ජාතිවාදේ ඉල්ලීම් වල තර්කය දාන්න පුළුවන් උතුරු නැගෙනහිරට විතරයි.

      Delete
    12. බොහොම කණගාටුයි මට ඒක පිළිගන්න බැහැ. මගේ තර්කය වැරදියි කියල. ඔබ එය ඔප්පු කරලා නැහැ. මුලදී මුළු කොටෝ සිතියමම ගත්තත් දැන් ඔබ මෙහෙම කියන නිසා //පුත්තලම දිස්ත්‍රීක්කය ගත් විට මහින්ද පැරදුනේ සුළු ප්‍රමාණයකින් ඒ වගේම එහි දෙමල බහුතරයක් නැහැ. ඔය වගේ දිස්ත්‍රීක්ක වලට මගේ තර්කය යොදාගන්න අමාරුයි.නමුත් දෙමල සහ මුස්ලිම් ජනයා 80% වඩා ඉන්න ප්‍රදේශ වල පැහැදිලිවම විශාල ප්‍රතිශතයකින් මහින්ද දිනලා. කොලබට උනත් මම කියන විදිය හරියන්නේ නැහැ. කොලබ unp චන්ද කොහොමත් වැඩියි. මම කියන ජාතිවාදේ ඉල්ලීම් වල තර්කය දාන්න පුළුවන් උතුරු නැගෙනහිරට විතරයි.// මම කිව දේ ගැන හොඳ තර්කයක් ඔබට දාන්න අපහසුයි කියලා තේරෙනවා. අපි එකඟ නොවී සිටීමට එකඟ වෙමු.

      Delete
    13. ඔබේ තර්කය වැරදිය කියන්න ඕන ඒවා කියලා තියෙනවා ඔබට නොතේරුනාට. මම මෙවර රසිකට විරුද්දව ලියපු ලිපිය ඔබටත් ගැලපෙනවා. වෙනසකට තියෙන්නේ ඔබ උසස් අද්‍යාපනය ලංකාවේ මුදල් වලින් ලබා නොගැනීම විතරයි එක නිසා ඔබ රසික තරම් අපිට ණය නැහැ.

      අපි එකඟ වුනත් නැතත් ජාතිවාදී දෙමල මුස්ලිම් චන්ද සම්පුර්ණයෙන් ම වගේ සිරිසේනට ගියා කියන කතාව බොරු වෙන්නේ නැහැ.

      Delete
    14. This comment has been removed by the author.

      Delete
    15. මම ඔයාට කොහෙත්ම නය නැහැ. මගේ අම්මට තාත්තට නම් නයයි. මව මේ ලෝකෙට ගෙනාවට. ඔයාගේ සල්ලි වලින් මම ඉගෙන ගත්තේ නැහැ. මට නිදහස් අධ්‍යාපනය දුන්න සල්ලි මගේ තාත්තා අම්මා වැඩ කරලා බදු ගෙවලා තියෙන්නේ . ජාතිවාදීන්ට අපි නය නැහැ. මට ලංකාවේ උගන්වන්න දුන්න සල්ලිවලට වඩා දහ ගුණයක් මං යවල තිබෙනවා. අනික මගේ ලිපියක් තිබෙනවා බලන්න පෝලන්ත ආර්ථිකය ගැන. එහි ඇති පරිදි තේ, නිමි ඇඳුම් සහ පිටරට සිට අය එවන මුදල් නැත්නම් ලංකාවට චීන ණය හම්බවෙන්නෙත් නැහැ. මගේ තර්කය වැරදියි කියන්න ඔබ කිසි දෙයක් කියල නැහැ. ඔබ කියනවනම් ජන රාශීන් ගැන බලලයි කියන්න ඔනේ කියල ඔබේ තර්කයත් එතැනින්ම බිඳ වැටෙනවා. ජාතිවාදීන් ඉන්න ඇති පොඩ්ඩක් ඔය දුන්න චන්දවල. නමුත් උතුරු නැගෙනහිර වැසියන් චන්දය දුන්නේ ඒකීය රාජ්‍යක සිංහලයෝ එක්ක ඉන්න බලාගෙන. ඒ තර්කය ඔබට බිඳින්න බැහැ .
      අනික මහින්ද 2005 දිනුවේ කොටි චන්ද වර්ජනය කල නිසා. එහෙම තර්ක කරනවානම් මහින්දගේ 2005 දිනිමම නිත්‍යානුකුල නැහැ. රනිල් මේක එලියට දාන්නේ නැත්තේ හොර කමට. එයාගේ යාලුවෙකුත් අහුවෙන නිසා.

      Delete
    16. කොටි මේ පාර කීවෙත් වර්ජනය කරන්න කියල. නමුත් ඒ වැසියන්ට නිදහස අවශ්‍යයි. ඔවුන් මහින්දට විරුද්ධ වුනේ ඒ නිසා. මන් හෙට මේ නිසාම කේපී ගැන ලිපියක් දානවා. ටිකක් විස්තර දාල. ඔබ සිංහලයන්ට ආදරේ නම් අර මාරුවිය ඉන්න පැත්තේ අනාථ නිවසෙක ළමයින්ට කරදරයි. මේකා නැවත ආණ්ඩුවට ගියොත් ඒ ළමයින්ට නිවනක් නැහැ. පුලුවන්නම් නවත්වන්න. කුඩු කාරයන්ව නවත්වල සින්හල ළමයි බේරා ගන්න.

      Delete
    17. මගේ ඒ ලිපියේ අරමුණක් තමයි. යම් ණයකාරයෙක් ඉන්නවා නම් ඔහුට ඔහු ගැනම කලකිරී රටට යමක් දෙන්න පෙළඹවීමට. ඔබ කියන දේ ඇත්ත නම් ඔබ රටට ණය නැති දෙමාපිය ගුරුවරයන්ට නම්බුව ගෙනෙන පුතෙක්. මගේ උපහාරය ඔබට.

      //මගේ තර්කය වැරදියි කියන්න ඔබ කිසි දෙයක් කියල නැහැ. ඔබ කියනවනම් ජන රාශීන් ගැන බලලයි කියන්න ඔනේ කියල ඔබේ තර්කයත් එතැනින්ම බිඳ වැටෙනවා. // නැවත හිතා බලන්න මේ කරුණ වෙනුවෙන් ලිපියක් ලියන්න මට හිතෙන්නේ නැහැ.

      //උතුරු නැගෙනහිර වැසියන් චන්දය දුන්නේ ඒකීය රාජ්‍යක සිංහලයෝ එක්ක ඉන්න බලාගෙන// කොහොමද එහෙම කියන්නේ.එහෙම වනවා නම් මම සතුටු වෙනවා.

      //අනික මහින්ද 2005 දිනුවේ කොටි චන්ද වර්ජනය කල නිසා. එහෙම තර්ක කරනවානම් මහින්දගේ 2005 දිනිමම නිත්‍යානුකුල නැහැ. රනිල් මේක එලියට දාන්නේ නැත්තේ හොර කමට. එයාගේ යාලුවෙකුත් අහුවෙන නිසා..// සාම ගිවිසුමේ ඉඳපු නිසා නීති ප්‍රශ්න ඇද්දොත් කිහිප පැත්තකට කැරකෙන්න පුළුවන්. රනිල් කොහොමත් අවස්ථා වාදියා.

      //කොටි මේ පාර කීවෙත් වර්ජනය කරන්න කියල. නමුත් ඒ වැසියන්ට නිදහස අවශ්‍යයි. ඔවුන් මහින්දට විරුද්ධ වුනේ ඒ නිසා.//කාලය තීරණය කරාවි කාගේ කතාවද හරි කියා.

      KP ගැන ඔබගේ ලිපිය ලියන්න. අපි බලමු කල යුතු දේ.
      ඔබට ජය

      Delete
  3. අනාගතයේ රජයේ ක්‍රියාකලාපය අනුව සියල්ල තීරණය වනු ඇත.

    ReplyDelete
    Replies
    1. වැඩි දෙයක් බලා පොරොත්තු වෙන්න බහ. අර හොර අබේකොන්ට දීල තියෙන්නේ තනතුරක්.

      Delete
    2. මාත් විරුද්ධයි.

      Delete
  4. ඉතිං මේකේ නරක මොකක්ද ? දෙමල සහ මුස්ලිම් ජනතාව සිංහල ජනාධිපති කෙනෙක් කෙරෙහි විශ්වාසය තියලා , එහෙම කරලා තියෙන්නේ මුස්ලිම් දෙන්නෙක් සහ දෙමල ජාතිකයෙක් ජනාධිපතිවරනෙට ඉල්ලලා තියෙද්දිනෙ . දෙමල මුස්ලිම් ජනයා සිංහල මිනිහෙක්ව ඔවුන්ගේ මිනිහාට වඩා විශ්වාස කිරීම නිසා ඔවුන් සියලු දෙනා ඒ ඒ ජාතීන්වල ජාති ද්‍රෝහීන් හැටියට නම් කරන්න ඕනේ .. :P

    ReplyDelete
    Replies
    1. //දෙමල සහ මුස්ලිම් ජනතාව සිංහල ජනාධිපති කෙනෙක් කෙරෙහි විශ්වාසය තියලා , එහෙම කරලා තියෙන්නේ මුස්ලිම් දෙන්නෙක් සහ දෙමල ජාතිකයෙක් ජනාධිපතිවරනෙට ඉල්ලලා තියෙද්දිනෙ// ඔබලා වැනි බහුතර සිංහලුන් මෙන් මතුපිටින් පෙනෙන දේ දෙස බලා චන්දය දීම ඔවුන්ගේ ලක්ෂණය නොවේ. මුස්ලිම් දෙදෙනෙක් සහ දෙමල ජාතිකයෙක් චන්දය ඉල්ලුවාට ඔවුන් ජනප්‍රිය ජාතිවාදී දෙමල සහ මුස්ලිම් පක්ෂ වල අය නොවේ. එම පක්ෂ පොදු අපේක්ෂකයාට සහය පල කළේය. එසේ කලේ යම් කොන්දේසි මත සිටය. එබැවින් දෙමල සහ මුස්ලිම් ජනතාවගේ අරමුණු ඉටු කිරීමට නම් ඔවුන් චන්දය දිය යුතු වන්නේ බහුතර සිංහල චන්ද හමුවේ දිනීමට ඉඩක් නොමැති තම ජාතියේ අපේක්ෂකයන්ට නොව.තම ජාතීන් නියෝජනය කරන ජාතිවාදේ පක්ෂ සමග කොන්දේසි ගැසූ පොදු අපේක්ෂකයාට මේ. ඔබට මෙන්ම බහුතරයකට මෙය නොතේරීම ගැන මම කනගාටු වෙමි.

      Delete
    2. //''' තම ජාතීන් නියෝජනය කරන ජාතිවාදේ පක්ෂ සමග කොන්දේසි ගැසූ පොදු අපේක්ෂකයාට වේ""// එම ගිවිසුම් ඔබ දැක ඇති බවක් මට හැඟෙ , ඔබම කියන පරිදි සාක්ෂි සහිතව පහරදිය යුතුයි නේද ?

      //""ඔබලා වැනි බහුතර සිංහලුන් මෙන් මතුපිටින් පෙනෙන දේ දෙස බලා චන්දය දීම ඔවුන්ගේ ලක්ෂණය නොවේ""// ඒ කියන්නේ බහුතරයක් සිංහලුන් රට ඕන එකක් වුනාවේ කියන ජාතියේ නිවටුන් කියාද ? එහෙම නැත්තම් මේ රටට ආදරයක් ඇත්තේ මහින්දට ඡන්දය දුන් අයට පමණක් කියාද ?

      ජාතියක් ගැන හැගීමක් ආදරයක් ඇත්තේ කැපුවත් සන්ධානයට ඡන්දය දෙන පිරිසට පමණයි කියා සිතනවානම් පිළිතුරු බැඳීමෙන් පලක් නැත .

      හොඳයි හදිසියෙවත් මහින්ද රාජපක්ෂ මහතා මිය ගියානම් (දැන් අවුරුදු 70 නේ )ඉන් පසු සිංහල ජාතියට අබ සරණයි ද ?

      Delete
    3. //එම ගිවිසුම් ඔබ දැක ඇති බවක් මට හැඟෙ , ඔබම කියන පරිදි සාක්ෂි සහිතව පහරදිය යුතුයි නේද ?// ගිවිසුම් ඇත්ද නැද්ද දන්නේ ගැසූ උන් පමණි. කෙසේ වෙතත් ඔවුන් කියන පරිදි සකච්කා කර එකඟ විය. එකඟ වන්නේ කොන්දේසි වලටය. මම කතා කරන්නේ ඒ කොන්දේසි ගැනය. වෙනම පාලන ප්‍රදේශ ඉල්ලන උන්ගේ එකඟතා වලට එම ඉල්ලීම් නැත කියා ඔබ අදහස් ක්කරන්නේ කුමන පදනමකින්ද? සටන් විරාම ගිවිසුම ඇමති මණ්ඩයට තබා ජනපතිටව්ත් නොපෙන්වා අත්සන් කල උන් ගේ මේ එකඟතා අපිට කියාවිද? ඔබ හිතනවාට වඩා යාන්ත්රණය සංකීර්ණය.

      //ඒ කියන්නේ බහුතරයක් සිංහලුන් රට ඕන එකක් වුනාවේ කියන ජාතියේ නිවටුන් කියාද ? එහෙම නැත්තම් මේ රටට ආදරයක් ඇත්තේ මහින්දට ඡන්දය දුන් අයට පමණක් කියාද ?// මතුපිටින් පෙනෙන දේ බලා චන්දය දීම යන ප්‍රකශ්හයෙන් රටට ආදරයක් නැත කියා ගම්‍ය වීමක් ඔබ දකින්නේ කෙසේද? රටට ආදරය යනු වෙනම කරුණකි මතුපිටින් බැලීම ඒවත් විමර්ශනයකින් තොර වීම වෙනස් කරුණකි. ඉතින් මෙවැනි කරුණු මත පදනම්ව නගන තර්ක වලට පිළිතුරු දෙන්නේ කෙසේද?

      //ජාතියක් ගැන හැගීමක් ආදරයක් ඇත්තේ කැපුවත් සන්ධානයට ඡන්දය දෙන පිරිසට පමණයි කියා සිතනවානම් පිළිතුරු බැඳීමෙන් පලක් නැත . // රටට ඇති ආදරය අනුව චන්දය දෙන පිරිසක් වුනත් විමර්ශනයයක් නොකරනවා නම් රට බෙදන මතයක් වුවත් රටට ආදරේ ලෙස පෙන්න පුළුවන්.නැත්නම් උඩින් පෙන වෙන කරුණකට රැවටෙන්න පුළුවන්.

      //හොඳයි හදිසියෙවත් මහින්ද රාජපක්ෂ මහතා මිය ගියානම් (දැන් අවුරුදු 70 නේ )ඉන් පසු සිංහල ජාතියට අබ සරණයි ද ?// මම ඇතුළු බොහෝ දෙනෙක් මහින්දට චන්දය දුන්නේ රට බෙදන මතයක් සහිත TNA සහ හකීම් ඇතුළු නඩය පොදු පෙක්ෂකට සහය දීම නිසා වෙනි. මහින්දගේ වැරදි ලංකාවේ පොදු දේශපාලකයා සතුය එබැවින් රට වෙනුවෙන් මහින්දට සහය වුයෙමි. පොදු අපේක්ෂකට වෙන කෙනෙක් සිට මහින්ද වෙනුවට සිරිසේන හිටියානම් අපි දෙන්නේ සිරිසේනටය. රටට වැඩක් කල හැකි එකම නායකයා මහින්ද පමණක් නොවේ.නමුත් ඔහු නිදහසෙන් පසු සිටි අසහාය නායකයාය. සිරිසේන මහතාද එවැනි කෙනෙක් වේ කියා මම බලාපොරොත්තු වේ. චන්දය අනුව සාපේක්ෂව හොඳ පිල සලකා රට වෙනුවෙන් චන්දය දීම හැර ප්‍රතිපත්තියක් මට නැත.

      සියලු දේ විමර්ශනය කරන මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.

      Delete
    4. අපි හැමෝමත් රට වෙනුවෙනි. රට කෑවේ පහත ජාතිවාදය බව මම නැවතත් කියමි. යුඇන්පී වරුද මේ ජාතිවාදයෙන් රට කෑහා.. ඒ 1977 හා 1983 දිය. ඒ නිසා මෙය නැවැත්විය යුතුය. කොටුවේ පන්සල ළඟ බෝම්බයෙන් දිවි ගලවාගත් එකම තැනැත්තා මගේ මල්ලියා. ඔහු කකුලක් කඩාගෙන බේරුනි. ඔහුට උදව් කරන්නේ මමයි. ඔහු මහින්දට චන්දය දුන්නේ ඒ නිසාය. නමුත් ම දුෂණයටවිරුද්ධ ශ්‍රී ලංකාවට ආදරය කරන අයෙකු නිසා මහින්දට මේ අවස්ථාවේ විරුද්ද වුනෙමි. නැවත ජාතිවාදය එපා කියන්නේ මගේ මල්ලි බේරුනත් එතන මැරුණු අනිත් අය ගැනමා දන්නා නිසාය.

      Delete
    5. උන්ට ජාතිවාදී වෙන්න හොඳයි. අපි ජාති වාදී නොවුනත් ඔවුන්ගේ ජාතිවාදය අපි දැකලා ඒවා කොහේ හරි ලියුවොත් කෙලින්ම අපි තමයි ජාතිවාදියා කියා සලකන ඔබලා වැරදිය

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. නැහැ එය වැරදියි. උන්ගේ ජාතිවාදය කියා එකක් පරාජය කල හමාරය. සුළු ජාතීන්ගේ ජාතිවාදය ගැන කතා කරන හැම වෙලේම එයට විරුද්ධව මම ලියා තිබේ. (ඉංග්‍රීසියෙන් වෙබ් අඩවි වල ) හැම ජාතිවාදයක්ම වැරදිය. හොඳ ජාතිවාදයක් කියා එකක් මා දන්නේ නැත

      Delete
    8. //. උන්ගේ ජාතිවාදය කියා එකක් පරාජය කල හමාරය.// ඒ ගැනත් විස්තරයක් කරන්න. අපිට නම් පෙන්නේ නැත.

      Delete
    9. ඔබ දෙමල ජාතිවාදයට විරුද්ධව කතා කරන විට ඔවුන්ගේ අවිගත් ජාතිවාදය පරාජය කල කිව්වේ ඔබ දැන් පක්ෂව කතා කරන මරා ම නොවේද. පිටරටවල සිටින අයට ලංකාවට පැමිණ නැවත බෙදුම්වාදය දියත් කිරීම අපහසුය. මට ලන්ඩනයේදී හමුවී අසු ගණන්වල වලකඩින් පැනගිය දෙමල ක්‍රියාකාරිකයෙකු පැහැදිලිවම ඔහු වෙනම දේශයක් ප්‍රතික්ෂේප කරන බව පැවසිය. එමයට සහය දෙන අය සිටින්නේ ඉතා සුළු පිරිසකි, ඒ මුස්ලිම් ජාතිවාදීන් , ජර්මන් ජාතිවාදීන් , ඉංග්‍රීසි ජාතිවාදීන් හා සිංහල , මුස්ලිම් ජාතිවාදීන් වශයෙන් හැම රටකම සුළු පිරිසක් සිටිති. ඔබ වැනි අයෙක් එතනට වැටීම සුදුසු නැත. ඔබට ඊට වඩා කල්පනා කිරීමේ ශක්තිය තිබේ.

      Delete
    10. දෙමල ජාතිවාදය පරාජය වුයේ නැත පරාජය වුයේ කොටි සංවිධානයයි. දෙමල ජාතිවාදය තවමත් පවතී. යුධ හමුදාව අඩු කිරීම, උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට, පළාත්සභා වලට ඉඩම් හා පොලිස් බලතල ගැනීමට වැනි මෙකී නොකී දෑ කිරීමට ඔවුන් වලි කන්නේ ඇයි. දෙමල ජාතිවාදය පවතී නමුත් දැන් එය අඩුවී ඇත කොහොම වුනත් ඔවුන් අතරින් අඩුම තරමින් 40% වත් ජාතිවාදීන් සිටී. සිරිසේනට සහය චන්දය දුන් දෙමල සියල්ල ජාතිවාදීන් නොවේ.නමුත් කිසිම දෙමල ජාතිවාදියෙක් මහින්දට චන්දය දෙන්නේ නැත.

      ජාතිවාදීන්ගේ ක්‍රියා හෙලා දකින මම ජාතිවාදයෙක් නොවේ.

      Delete
    11. දෙමල ජාතිවාදීහු මහින්දගෙන්මුදල් අරගෙන උතුරු චන්ද 2005දී වර්ජනය කළහ. ඔබ දෙමල ජාතිවාදීන් මෙන්ම අනිත් ජාතිවාදීන්ගේ කතාද හෙලා දකින්න. මා කරන්නේ එයයි.

      Delete
    12. 2005 චන්දෙට සහභාගී වුනා නම් වෙන් කරගත් බිම ලංකාවට අයිති කියන එක කොටි පිළිගත්තා වෙනවා එම නිසා ඔවුන් චන්දය වරණය කලා නමුත් එයම ඔවුන්ට විනාශය වුනා. ඔවුන් බලාපොරොත්තු වුනේ මහින්ද ආවත් ජාත්‍යන්තර ප්‍රතිවිරෝධ නිසා සාමගිවිසුම දිගටම යාවි කියා නමුත් අතුරලියේ රතනලාගේ ක්‍රියාකාරීත්වය සහ මාවිල් ආරු නිසා යුද්දය පටන් ගෙන කොටි ඉවර උනා. අජිත් ප්‍රතාමික තර්ක දාන්න එපා. අපි මේ සිදුවීම ගැන කතා කරමු.

      Delete
    13. //"අතුරලියේ රතනලාගේ ක්‍රියාකාරීත්වය සහ මාවිල් ආරු නිසා යුද්දය පටන් ගෙන කොටි ඉවර උනා"// ඇත්තද බං , මම හිතන් හිටියේ මහින්ද තනියම හිතලා යුද්ධ කළා කියලා :P,

      Delete
  5. මගේ අදහස හරීට සහ ඉවාන්ට දුන් පිළිතුරු වල පවතී. එතන නොකියු කොටස මෙසේ ලියමි
    මෙතනදේ අප සිතන දේට වඩා දෙයක් පවතී දෙමල ඩයස් පෝරාව මහින්ද රාජපක්ෂට විරුද්දව විදේශ වල ගෙන ගිය ප්‍රචාර වලට කැපෙන්න ප්‍රසිදිදීයේ කියනවා චන්දෙ වර්ජනය කරන්න කියලා. ඒ අතරේ පොකට් මීටීන් සහ ගෙන් ගෙට ගොස් කියනවා TNA මතය නියෝජනය කරන පොදු අපේක්ෂකකට දෙන්න කියා. මෙතන බහුතර සුළුජාතීන් පොදු අපේක්ෂකට චන්දෙ දුන්නේ ඔහු ගැන විශ්වාසෙන් නොවේ TNA සහ හකීම්ලාගේ මතය නිසා.

    TNA සහ හකීම්ලාගේ කීම නොඅසා මහින්දට ලැබුණු සුළු ජාතික චන්ද නම් අනිවාර්යෙන්ම ඔහු ගැන විශ්වාසයෙන් දුන් චන්ද වේ. වැඩි විය යුත්තේ එවැනි චන්ද වේ.මහින්ද යුද්දය නිම කිරීම සහ උතුරු නැගෙන හිර සංවර්දනය සලකා එවැනි විස්වාසයක් මහින්ද වෙනුවෙන් පැවතිය හැකි නමුත් ඇත්තටම සිරිසෙනට වෙනුවෙන් එවැනි විශ්වාසයක් ඇති වීමට ඉඩ අඩුය එබැවින් සිරිසේන මහතාට එවැනි චන්ද ලැබුනේ සුළු ප්‍රමාණයකි. මහින්ද ඉතුරු වසර දෙක සිටියා නම් එවැනි චන්ද ඔහුට ලැබෙන ප්‍රමාණය අනිවාර්ය ලෙස වැඩි වේ.

    ජාතීන් නියෝජනය කරන දේශ පාලනයක් ඇති රටේ ජාති වාදයක් පවතී ජාති වාදය නැති කෙරුමට ජාතීන් ලෙස නියෝජනය නැති විය යුතුය. ලංකාවට අවශ්‍ය ජාති ලෙස බෙදීම නැති සමාජයකි.

    ඇත්තටම යහ පාලනයක් නම් රටට සුභ අනාගතයක්.
    මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
    Replies
    1. මහින්ද තව අවුරුදු දෙකක් සිටියානම් මීටත් වඩා දරුණු ලෙස පරාජය වනු ඇත. ඔහු දෙකකට කලින් ඉල්ලුවේ එබැවිනි.

      Delete
    2. මම ඉහත කමෙන්ට් එකේ කියා ඇත්තේ මෙසේය
      //මහින්ද ඉතුරු වසර දෙක සිටියා නම් එවැනි චන්ද ඔහුට ලැබෙන ප්‍රමාණය අනිවාර්ය ලෙස වැඩි වේ.//
      මෙහි එවැනි චන්ද යනු ජාතිවාදී නොවන දෙමල චන්ද වේ. තව වසර දෙකක් සිටියා නම් ජාතිවාදී නොවන දෙමල චන්ද වැඩිවේ නමුත් මහින්ද පරදී.

      Delete
    3. එය සමහරවිට වෙන්න පුළුවන් ඇති. නමුත් ඇයි නොහිටියේ?

      Delete
    4. //""එය සමහරවිට වෙන්න පුළුවන් ඇති. නමුත් ඇයි නොහිටියේ?""//
      ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. ජාතිවාදී නොවන දෙමල චන්ද වැඩි වුවද සමස්තය එසේ නොවේ පරාජය අනිවාර්යය

      Delete
    6. @මහා කළු සිංහලයා

      ම.ක.සි ලා සිoහල චන්ද ගෑන කතාකරද්දී හරි අපූරුවට අමතකකරන කාරනය තමයි මහින්දගේ සහයට තොන්ඩාගේ ලoකා කම්කරු කොග්‍රසය(cwc) හිටියා කියන ඵක.තොන්ඩමන්ගේ ලoකා කම්කරු කොග්‍රසය සිoහල නෙවෙයි නේ.දෙමළ නේ.
      මේක තමා ලoකාවේ වතු කම්කරු ප්‍රජාවගෙන් පරනම ශක්තිමත්ම වතු දෙමල ජනතාවගේ පක්ශය.
      ලකාවේ අසන්න වශයෙන් ලක්ශ9ක් වතු දෙමල ජනතාව ඉන්නවා.ඵ් කියන්නේ ඔකෙන්3න් 2ක් චන්දදායකයින් කියලා ගත්තත් ලක්ශ 6යි.
      ලoකාවේ වතු දෙමල ජනතාවගේ ප්‍රදානම නායකයා තොන්ඩමන්.දිගම්බරම් ල වගේ පොඩි උන් ඈරෙන්න වතුකරයේ තොන්ඩාගේ බලයට අබියෝග කරන්න කවුරුත් නෑ.....
      ඔය චන්ද ලක්ශ 6න් චන්ද ලක්ශ 4ක් වත් CWC චන්ද.ඵ්ක තමා වතු දෙමල සම්ප්‍රදාය.ඔබට අවශ්‍ය නම් පරන චන්ද වල ඉතිහාසය අරන් පෙන්වන්නම් !

      ඵතකොට උතුරු නෑගෙනහිරට පරිබාහිරව මහින්දට හම්බ වුනු චන්ද වලින් චන්ද ලක්ශ 4ක් වත් අඩුකරන්න ඔනෑ.මොකද මේවා තොන්ඩමන්ගේ දෙමළ චන්ද.
      ඵතකොට මහින්දට පොදුවේ දකුනෙන්(ඵ් කියන්නේ උතුරයි නෑගෙනහිරයි හෑර රටේ අනිත් කොටසින් චන්ද ලක්ශ 4වත් අඩු වෙනවා.මොකද මේවා සිoහල චන්ද නෙවෙයිතොන්ඩා ගේ දෙමල චන්ද.)

      ඵතකොට සිoහල පමනක් තවත් වෑඩි චන්ද 150000ක් මෛත්‍රි ට තියනවා !

      මේ මම ගනන් හෑදුවෙ CWC අඩුම ලoසුව දාල.මේක හරියට විස්ලේශනය කලොත් විශාල වතු දෙමල චන්ද සoචිතයක් තියාගෙන තමා මහින්ද සටන් කරලා තියෙන්නේ.ඵ්ක හරියට කපලා කොටලා ගත්තොත් මහින්දට ලෑබුනු ''ඔයාලා කියන පිරිසිදු සිoහල චන්ද'' ගාන තවත් අඩු වෙනවා.මොකද ඔයාලා සිoහල චන්ද කන්දක් පෙන්නුවාට ඵක යට තියන වතු දෙමල චන්ද මල්ල හගලයි ගහලා තියෙන්නේ.අපි ඉස්සරහට ඵ් ගෑන කතා කරමු !

      Delete
    7. @ම.ක.සි

      ඊට අමතරව දෙවන කරුන

      උබේ තර්කය අනුව මහින්ද 2005 ජනාදිපති වෙලා තියෙන්නේ දෙමල්ලුන්ගේ උදව්වෙන්!ඈයි....දෙමල්ලු චන්දය නොදාපු නිසා.

      මේ අපි අමතක කරන හරිය..... හම්බන්තොට ,ගාල්ල මාතර කලුතර ප්‍රකාශිත චන්ද සoඛ්‍යාව 85%ට ආසන්නයි?
      මේ ඈමරිකාවද?මේ ලoකාව කවදාවත් මේ රටේ මේ තරම් චන්දේ දාලා නෑ.
      මේ අවු 2ක් පරන චන්ද ලිස්ට්.
      මේකේ මෑරෙන උන්,රට යන උන්,අසනීප වෙන උන් ගම අතාඈරලා ගිහින් නම මාරු නොකරපු උන් ජීවිතේටම චන්දේ නොදාන උන් ඔක්කොම ඉන්නවා.
      මේ ඔක්කොම අඩු කරත් කීයටවත් 85%ක් නම් ඵන්නේ නෑ.ම්ට කලින් කිසිම චන්දෙකදී ඈවිල්ලත් නෑ.

      ඉතිහාසේ කොයිම දිනයකවත් 85%ක් චන්දේ දාලා නෑ අපේ රටේ උපරිම 75-78%.
      ගාල්ල මාතර හම්බන්තොට චන්ද මහින්ද හොර කලාකියන ප්‍රසිද්ද චෝදනාව ගෑන හිතන්න වෙනවා.ඵක තමා ඵයාගේ සෑලෑස්ම උනේ.කරුමේට මෑකො,පොලිස්පති තුමා ලා නිසා ඵක ගෑස්සුනා.ඵහෙන නෑති උනානම් මහින්ද දකුනත් පරාදයි.
      ඵ් නිසා ඔය ගනනය කිරීම ඵතනින් පටන්ගමු.....ඵ් කියන්නේ සාමාන්‍යයෙන් 65-70% චන්දේ දාන විශේශ මෑතිවරන වල 75%ක් චන්දෙ දාන අපේ රටේ මහින්ද දිනපු දිස්ත්‍රික්ක වල විතරක් 85% චන්දේ වෑටුනේ කොහොමද?

      දෑනට ඵපමනයි ඉතිරිය පසුවට......

      Delete
  6. මහින්ද ඉතුරු වසර දෙක සිටියා නම් එවැනි චන්ද ඔහුට ලැබෙන ප්‍රමාණය අනිවාර්ය ලෙස වැඩි වේ.

    ReplyDelete
  7. සින්හළ හෝ වේවා,මුස්ලිම් හෝ දමිළ හෝ වේවා,ඔවුන් මේ රටේ පුරවැසියන්මය.ඔවුන්ගේ ඡන්ද වලන්ගු පිළිගත් ඡන්දමය.පැහැදිලිවම මෙතන සිදුවී තිබෙන්නේ රාජපක්ශ පාළනයේ තිබූ ප්‍රධාන දුර්වලතා වන දූශනයට හා ජාතිවාදයට විරුද්ධව මිනිසුන් ඒකරාශී වීම පමණි.එතනදී පාළන කලාපයන් වෙන්කරගැනීම උදෙසා දුන් ඡන්ද්යැයි කවරෙකු හෝ ලඝු කිරීම් පිළිගත නොහැකි තකතීරු කමකි.මේ රටේ පාළන කලාප හෝ වෙනම රාජ්‍යන් සදහා වය්‍යවස්ථාවෙන් ඉඩක් ලබාදී නොමැත.ඒ සදහාද 5/6 බලයක් අවශ්‍ය වේ.මෙවන් තත්වයක් උඩ ඒ කරුණ උදෙසා එය දිනා ගැනීමට කිසිම අවස්තාවක් ලාන්කීය දේශපාළන පක්ශයකට ලබා ගත නොහැක.කොරහේ කිබුල්ළු දැක උදාවී ඇති අවස්තාව හෑල්ලු නොකරන්න.
    ප්‍රශ්නය වන්නේ ජාතිය කුමක් වූවත් සියළු දෙනා විඳවන ගැටළුව, දරිද්‍රතාවය බව තේරුම් නොගනීමය.කවුරුන් කුමක් කීවත් දිනෙන් දින වැඩිවන තරුණ අසහනය,විරැකියාව,ක්‍රය ශක්තියේ පහත වැටීම යනාදී කරුණු බලපෑවේ ජාතිය හෝ ආගම බලා නොවන බව තේරුම්ගැනීමට තරම් හැකියාවක් නොමැතිව තවමත් කොදෙවු මානසිකත්වයේ හිරකරුවන් වී සිටිනා පිරිස් දුටු විට ඇතිවන්නේ අනුකම්පාවක්ම පමණි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිනිස්සු චන්ද දුන්නේ ඒ ප්‍රශ්න නිසා හා ඉහවහ ගිය දුෂණය හා රටේ නිතිය නොමැති කම කියා මම හිතන්නේ.

      Delete
  8. බොහොම කාලීන ලිපියක්.
    මමනම් ඔය මෝඩ තර්ක දාන හරක් එක්ක තර්ක කිරීම නවත්තලා ඉන්නෙ. අද එකෙක් එෆ්.බී. දාපු ස්ටේටස් එකක් මෙන්න.

    //මතක තියා ගනිල්ලා අද අපි හඬනවා... උඹලා හිනාවෙනවා
    එත් රටේ බොම්බයක් පිපිරෙච්ච දවසකට....
    අන්න එදාට...
    අපි හිනාවෙනවා,තොපි හඬනවා....//

    පේනවනෙ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ඌ නම් අමනුස්සයෙක්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාගේ සහෝදරයා කොටුවේ සම්බුධද්ධාලෝකේ පන්සල ගාව බෝම්බෙන් කකුල කඩාගෙන නමුත් ජිවිතේ බේරගත්ත එතන ඉස්සරහ හිටිය පොලිස් නිලධාරීන් හැමෝම මැරුණා. ඊට පස්සේ අවුරුද්දේ අපි සින්හරාජේ යනකොට එයාගේ පුංචි පුතා තාත්තා ගෙන් වඩා ගන්න කියල අඬනවා. මල්ලිට වඩා ගන්න බැහැ. පොඩ්ඩ මට වඩා ගන්න දෙන්නෙත් නැහැ . එයාට ඕනේ තාත්තාමයි. මට කඳුළු ආවා. පොඩි එකාට තේරෙන්නේ නැහැනේ.

      Delete
  9. දෙමළ වේවා මුස්ලිම් වේවා මේ චන්දත් මේ රටේ පුරවැසියන්ගෙ. චන්ද හිමියන්ගෙ වලංගු චන්ද. මේ රටේ ජාතික සමගිය කියන වචනය වහකදුරු වෙච්ච කාලකන්නින්ගේ දෙනෙත් හැරේවා.

    ReplyDelete
    Replies
    1. ජාතික සමගිය - ඕක තම අවශ්‍ය. මේ බ්‍රිතාන්‍ය , ඇමෙරික දියුණු වෙන්නේ ඇත්තටම ඕක තිබෙන නිසා. ජර්මනියත් එහෙමයි.

      Delete
  10. ඡන්දෙ දිනල ජයපැන් බීල දවස් 5කින් මේ පැත්තෙ ගොඩ උනේ.. ආපහු යුද්දයක් (දේශපාලන) කරන්න කරුණු යෙදෙන හැඩයි..

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. MRට දෙමල යයි කියන කොට්ඨාශවල මුස්ලිම් ප්‍රදේශවලට වඩා ප්‍රතිශතයක් ලැබුනා. ජාතිවාදයකට වඩා ඒකට බලපෑවෙ නානසාර නිසා මුස්ලිම්වරුන්ට තමන්ගේ හා පවුලේ පෞද්ගලික ආරක්ෂාව ගැන බය හිතීම.

    ජාතිවාදයක් සංවර්ධනය වීමට හා බලවත්වීමට එක් ප්‍රධාන හේතුවක් වෙන්නේ ප්‍රතිවිරුද්ධ ජාතිවාදයක් කියන එක ඔවුන්ට රැවටෙන මහජනතාවට නොතේරුනාට ජාතිවාදීන් දෙපැත්තටම තේරෙනව. තම සතුරන් ඇවිස්සීමෙන් උන් හා තමන් දෙගොල්ලම ශක්තිවත්වී දෙගොල්ලන්ගේම පැවැත්ම තහවුරුවෙන එක උන්ගේ සැලැස්ම.
    බෝම්බ පිපිරවීම වාගේම අලුත්ගම සිද්ධියත් ඔක්කොම ජාතිවාදීන් ( කරන එවුන්ගේ ජාතියේ මෙන්ම හානියට පත්වන ජාතියේ යන දෙගොල්ලම ) හරි ආස දේවල්

    ReplyDelete
  13. ගොඩක් මුස්ලිම් චන්ද අනිත් පැත්තට යන්න හේතුව ඒක. බොබසේ. දිලන්ත විතානගේ කියන්නේ මගේ යාළුවෙක්. ඔහුට මම පෞද්ගලිකව මේ ගැන කියල තිබෙනවා. ඔබ කියන අනිත් කරුණත හරි. LTTE එක සිංහල මිනිසුන්ට අහිංනසක මිනිසුන්ට බෝම්බ තිබ්බෙම ජාතිවාදය අවුස්සන්න. ඔවුන්ගේ පැවැත්මත් එතනමයි. මන් හිතනවා හෙළ උරුමය බිහි වුනේ දෙමල හා මුස්ලිම් ජාතිවාදය දැඩි ලෙසින් ඉස්මතු වුන නිසා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මම ඒකට එකඟයි කියල.

    ReplyDelete
  14. කවුරු කොහොම දේවල් කීවත් දැන් අළුත් පාලනයක් ඇවිත් ඉවරයි. දැන් බුද්ධිමත්ව ඔවුන් කරන කියන කටයුතු සහ ඔවුන් දුන් පොරොන්දු නිසි පරිදි ක්‍රියාත්මක කරනවද යන්න බලා සිටිය යුතුයි. ඔවුන් අතින් නිවැරදි හොඳ දෙයක් සිදු වන විට හොඳයි කියල උපරිම සහයෝගය දෙන්නත්, වැරදි දෙයක් සිදු වන විට වැරදියි කියල කෙලින්ම කියල ඊට විරුද්ධ වීමටත් පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ටම කොන්ද පණ තිබිය යුතුයි. එහෙම නැතුව ජාති ආගම් විදිහට වෙන් වෙලා සිටිනතාක් කල් මේ රට දියුණු කරන්න සහ යහපත් සමාජයක් ගොඩ නගන්න වෙන්නේ නැහැ කියන එක තමා මම විශ්වාස කරනනෙ. හැම අතින්ම බෙදී වෙන් වී සිටීමේ වාසිය හිමි වෙන්නේ අප කාටවත් නොවේ, අයහපත් දේශපාලකයින්ට සහ පිරිවරටයි. එය බුද්ධිමත්ව දැකීමට සියල්ලන්ටම හැකි වෙන්න ඕනෙ. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැන් අපි මේක විවේචනය කරමු.

      Delete
  15. අජිත්, සමාජවාදී සමානතා පක්ෂය ස්වයං නිර්න අයිතිය පිලිගන්නා පක්ෂයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. මම දැනගෙන හිටියේ නම් ඒ ගොල්ල ඒක ප්‍රතිපත්තියක් වශයෙන් පිලිගන්නවා නමුත් LTTE එකේ බෙදුම්වාදයට විරුද්ධයි කියල.

      Delete
  16. Hmm is anyone else experiencing problems with the
    pictures on this blog loading? I'm trying to determine
    if its a problem on my end or if it's the blog. Any responses would be greatly
    appreciated.

    best ionizer air purifier
    best air purifier for smoke best rated Hepa air purifier best ionizer air purifier

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .