Wednesday 29 April 2015

ඩලස්ලාට ගම්මන්පිලලාට තොත්ත බබා වුන පොලිසිය අන්තරේට ඇර සොයිසා වෙලා

මම මේ ඊයේ පෙරේද දැක්ක අපේ හිටපු ආණ්ඩුවේ ඇමැත්තෝ රැලක් විරෝධතාවයක් ද මොකක්ද කරනවා. පොලිසියෙන් හැබැයි ඒකට තහනම් නියෝගයකුත් දීලයි තිබුනේ. තහනම ගණන්  ගන්නෙත් නැතුව කට්ටිය විරෝධතාවයට ගිහිල්ල තිබ්බ. ඒ කියන්නේ නීතියට පිටු පාල පාර්ලිමේන්තුව අසල තමා විරෝධතාවය් ගියේ.



පොලිසියත් කීකරුව මෙතන ඉන්නවා.

 තව විරෝධතාවයක ඒ මදිවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික කොඩියට වෙනුවට සිංහලේ කොඩිය කියල වෙන කොඩියකුත් උස්සල එතනත් නීතියක් කැඩුවලු . ඒ කියන්නේ නීති දෙකක් ම කඩලා. මේ දෙතැන. නමුත් අනේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පොලෝසිය මුකුත්ම කලේ නැහැ. නීති කැඩුවත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනේ නේ.
අනිත් එක ඉතින් දැන් ඊළඟට චන්දෙකුත් එනවා. ඕක මොන පැත්තට පෙරෙලෙයිද දන්නේ නැහැ. මහින්ද මහත්තයා අගමැති වෙලා එන්න ඕන තරම් ඉඩ කඩ තියෙනවා.  ගෝට මහත්තය ආයේ  ලේකම් වෙයි. මොකට බෙල්ල දෙනවද. යාපනේට නං ට්‍රාන්සර් කොලාට දැන් කමක් නැහැ. ප්‍රභකරන් ගොයියා සෙත්ත පෝච්චි නිසා දැන් අවුලක් නැහැ. එත් ඉතින් යුඑන් එකේ ටීම් එකට එහෙම වැටෙන්නේ නැති වෙයි නේ. අනික මේ අවුරුද්දේ ප්‍රොමෝෂන් සීන් එකත් එනවා.

අහ්හ්හ් මේ ඉන්නේ අන්තරේ පිස්සු ඩබල් ටික. දෙමු වතුර කඳුළු ගෑස් පාර නැවෙන්නම.  මුන්ට ගැහුවට කවුරුත් මුකුත් කියන්නෙත් නෑ. ඕනනම් ඔය ගූ පත්තර කඩමලු දෙකකුයි අර ඒ දවස් වල පැත්ත පළාතේ එන්න නොදීපු වෙබ් කාරයෝ ටිකකුයි කෑ ගහයි. අපට මොකද කවුරුත් කියවනවය ඕව. අනික ආණ්ඩුවට පේන්න මොකක් හරි කොරන්නත් එපාය, නැත්නම් අපි තවම ගිය ආණ්ඩුවටම සපෝර්ට් කියල කියයි. අපි නේ දන්නේ මොකා ආවත් පිස්තෝල අරන් පොලිසි ඇතුලට ඇවිත් කෑ ගහන කොට අපට දෙකට නැවෙන්න වෙනවා කියල. ඔව් සර්. ඉයස් සර්. නෑ  සර්. හරි සර්.

අන්තරේ ට බොහොම ස්තුතියි තවත් වාරයක් ලබා දුන්නට.

ශ්‍රී  ලංකා පොලිසියට ජය වේවා.  (අන්තරේ )

අන්තරේට ජය වේවා . (පොලිසියේ බෙල්ල බේරුවට - පොලිසිය)

අන්තරේ මේ පාරත් පෙත්සමක් අරන් ආවේ නැහැ. බලෙන් ඇතුලට රිංගන්න හැදුව - (අග්‍රාමාත්‍ය කාර්යාලය)




29 comments:

  1. පහත් තැනින් යයි ගලා ජලේ වේගයේනී.
    Easy target for police.

    ReplyDelete
    Replies
    1. ඒක තමා වෙන්නේ නේද.

      Delete
  2. මුන්ට පිස්සු.....?උන්ට පිස්සු.....?අපිට පිස්සු....?

    ReplyDelete
    Replies
    1. මට පිස්සූ. කටුස්සාට හොඳටම පිස්සු.

      Delete
  3. මුන්ට නම් කෙලින්නම ඕන. පාරේ මිනිහෙකුට යන්න නෑ.. මාර ජාතික ප්‍රශ්ණයක්.. කැම්පස් වලට හාන්දුරුවරු අඩුවෙන් ගත්තය කියලා.. කැම්පස් හාන්දුරුවරු ගැන මම මෙතන ලියන්න ඕන නෑ නේ..

    ReplyDelete
    Replies
    1. මචන් යුරේකා . මේක තමා උඹයි සරසයි එකතු වෙන එකම මාතෘකාව.

      Delete
    2. @ Maathalan මෙතන අජිත් සහෝදරයා මෙම ලිපියෙන් කතිකාවට බදුන් කරන්නේ අන්තරේ,පොලෝසියේ හෝ දෙකයි පනහේ දේශප්‍රේමින්ගේ මැටි වැඩ ගැන වලටත් වඩා සමාජයේ බලවත් සහ ‘වැදගත් ’ යයි සලකන පිරිස් කෙරෙහි නීතිය දක්වන ප‍්‍රවේශය සහ සමාජයේ අද්දරට තල්ලු වී සිටින ජනයා කෙරෙහි එය දක්වන ප‍්‍රවේශය අතර වන මෙම වෙනසයි.වෙනතක් තබා නිර්ප‍්‍රභූ ගැහැනුන් සහ පිරිමින් සම්බන්ධයෙන් අධිකරන පද්ධතිය තුල පවතින ආකල්පය මේ අනුව පූර්ව නිගමන සහ ආකෘතීන්ගෙන් ස්වාධීන වූවක් නොවේ.(මෙය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධ නඩුවලදීද මෙය ප‍්‍රකටව දැකිය හැක.) මට මෙහිදී සිහි වන්නේ වරක් comrade ලෙනින් ගෙන් යමෙක් නිදහස ගැන ඔහුගේ අදහස ගැන ඇසු විට ඔහු දුන් උත්තරය වන්නේ "නිදහස" කාටද කුමක් සදහාද කියාය.ඉන් ඔහු ගම්‍ය කරවුයේ පහළ පන්ති වලට නිදහස එක් අකාරයකිනුත් ඉහළ පන්තියට නිදහස වෙනත් අකාරයකිනුත් අර්ථ දැක්වෙන බවයි(එහි පවතින දේශපාලනයයි ).මෙහිදීද ‘නීතිය ඉදිරියේ සමානතාවය’ ගැන නීතිපොත් වල ලියා තිබුනත් යථාර්ථයේ දී නීතියේ බැල්ම හා ක්‍රියාත්මක වීමෙදී බලපවත්නා දේශපාලනික අර්ථිකය මත එය නිර්නය වේ යන්නයි.

      Delete
    3. සමිත් I am impressed.

      Delete
    4. ස්තුතියි!!!

      Delete
  4. මහින්ද මහත්ත්යා නොකරපු, එහෙත් කල යුතුව තිබූ පින්කමකි....

    අන්තරේ ට කුඩු වෙන්නම බඩු ලැබේවා...

    ReplyDelete
    Replies
    1. බලාගෙන හෙට අනිද්දට මරාගේ ඇට(දෙක) කුඩු වෙනකොට ඔයාගෙත් ..............

      Delete
    2. සරසා , කොහෙද විස්ස විජ්ජාලේ ගියේ? සැපට රැගක් වත් වැදුනද මන්ද මෙච්චර ක්‍රෝධේ . නහි වෙරෙන වේරානි කියල ඕවට සමාව දීපන් බන්. ඔය කොල්ලන්ට වතුර ගහන එකෙන් ආණ්ඩුවලට මුකුත් ලැබෙන්නෙත් නැහැ. පොලිසිය හොඳක් අහන්නෙත් නැහැ.

      Delete
    3. මොන විස විජ්ජාලද මෙයා? දන්න දා හිටන් පොලිටික්කන් ගෙ පස්සෙ යෑම තමා මගෙ උසස් අද්යාපනය....

      මොකක් කිව්වා? නහි වෙරෙන වේරානි ?

      මතක නැතෙයි අපෙ විමල් මල්ලි කිවුවා නයින් ගෙ විස දල ඉවත් කරල ගැරඬියෝ කලා කියලා?

      Delete
    4. නහී වේරේන වේරානී කියන එකේ තේරුම වෛරයෙන් වෛරය නොසින්දොත් නහින්න වෙනවා කියන එකයි.. තව ටිකක් ඉඩ දුන්නා නම් මුන් එත නිළධාරින්ගේ ඇටත් මිරිකයි..

      Delete
    5. සා රසා එක්කෝ ඩොකෙක්. එහෙම නැත්නම් දන්ත ඩොකෙක්. නැත්නම් අඩුම ගන්නේ බයෝ පැත්තට සම්බන්ධ බුවෙක්. අර ගයත්‍රී එක්ක සාකච්චා දැක්කම හිතා ගන්න පුළුවන්.
      නහි වේරේන වේරානි කිවේ ස රසා ට මාතා.
      විමල් මල්ලිත් අන්තරේට සැප දුන් එකෙක්නෙ ඒ කාලේ . එකනේ අපි කියන්නේ අන්තරේ කියන්නෙත් උද එන්න හොඳ මගක් කියල.

      Delete
  5. මේ පාර නෑ නේද පස්සට පයිං ගහන අස්පයො එහෙම?

    ReplyDelete
  6. මට නම් අර පරන ලිපි තරම් ගතියක් නැත
    සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ප්‍රරන ලිපි හොඳයි කිව්වට.
      මේක බලල ආයි බලන්න.
      http://sinhala.lankanewsweb.net/news/16771-2015-04-29-16-24-53

      Delete
  7. කවුරු කලත් පාරවල් වහගෙන පෙළපාලි යන එක මිනිස්සුන්ට කරදරයක්
    එක එකාට එක එක සයිස් එකේ හැඳි වලින් බෙදන එක අපේ රටේ ක්‍රමයක්නේ
    ඕක වෙනස් වෙන්න සෑහෙන කාලයක් යයි...

    ReplyDelete
    Replies
    1. පෙළපාලි යන එක නම් කරදරයක්. අනිත් මාර්ග වැහුනම තමා මිනිස්සු පෙළපාලි යන්න ඕනේ.

      Delete
  8. පොලීසිය ගැන දුක හිතුන එකම දවස අර විමලෙයගේ උද්ඝෝශණේ ලඟට ගිය DIG ට ගෝඨා බල්ලෙකුට වගේ ෆෝන් එකෙන් බැන්නට පස්සේ විමලේගේ ගෝලයෝ ටික DIG යාට අල්ලගෙන ගහනව දැක්ක දවසේ. අනිත් හැමදාම වගේ පොලීසිය ගූ නානවා මහ එවුන්ට දෙන්නයි පොඩි උන්ට අරින්නයි ගිහින්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පොලිසිය එතන කිච කරපු එක වැරදියි.

      Delete
  9. මේ කරුණාකරලා උන්ගේ ආතල් උන්ට ගන්න දෙන්න
    ඕක තියෙන්නේ ඕක ඇතුලේ ඉන්නකම් විතරයි
    ගුටි කපු එවුන් වීරයෝ වනවා අනිත් එවුන් හල්පරුවෝ වෙනවා
    අන්තිමට වෙන්නේ එච්චරයි

    ReplyDelete
    Replies
    1. එකත් ඉතින් ඇත්ත තමා. මේ කියල තියෙන්නේ ඒක තම. මන් උඹේ පිට කාසන්නම්. උඹ මගේ පිට කසපන්.

      Delete
  10. ලංකාවේ පොලීසිය නම් තූ නොදකින්!

    ReplyDelete
    Replies
    1. ඒයි ඒයි කට කට. හොඳ පොලිස් කාරයොත් ඉන්නවා. ආණ්ඩුවේ හැටියට තමා පොලිසියත්. ඇමෙරිකාවේ පෙන්නේ නැත්ද? කළු මිනිහෙක් පේන්න බැහැ.

      Delete
  11. nailed it !!! ගෞරවනීය ආචාරය (Y) :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මල්ලි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .