Friday 24 July 2015

මාසයේ හොඳම බ්ලොගයට රුපියල් දහසක්

නෙළුම්  යාය  සහෘද සමුහය විසින් සෑම  මසක් අවසානයේම එම මාසයේ හොඳම  ලියවිල්ල පල කරන බ්ලොග අඩවියට රුපියල් දහසක් පිරි නමනු ලැබේ.  රුපියල් දහසේ ත්‍යාගය පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ජිවත්වන අයට පමණි.  ඔබ බ්ලොග් ලියන්නෙකු සහ ජිවත් වන්නේ ලංකාවෙන් පිටත නම් ත්‍යාගය සඳහා  ඔබ කැමති අයෙකු නම් කල හැකිය.

ත්‍යාගය පිරි නමනු ලබන්නේ නෙළුම්  යායේ  සියලුම අංශයන්හි එනම් www.nelumyaya.com හි සියලුම මාතෘකා යටතේ සහ  ලංකානිව්ස්වෙබ් (lankanewsweb.net) හි නෙලුම් යාය  අංශයේ හෝ සයිබර් පවුරේ පලවන බ්ලොග් ලිපි හා නිසඳැස් වලින් තේරීමෙනි. ඔබේ බ්ලොග් අඩවිය www.blogpower.info හි ලියා  පදිංචි කිරීමෙන් හෝ    editor@nelumyaya.com යන ලිපිනයට ඊමේලයක් එවීමෙන් ඔබටද සහභාගී විය හැක. ලංකානිව්ස්වෙබ් කර්තෘ සහ  නෙලුම් යාය සංස්කාරක ගේ  තීරණය අවසාන තීරණය වේ.

- නෙලුම් යාය සංස්කාරක

සටහන - අප මුදල් ත්‍යාගයක් දෙන්නේ සහතිකයක් පිළියෙළ කිරීමටත් එවැනි මුදලක්  යන බැවින් ඊට වඩා  මුදලක් දීම හොඳ යයි සිතන  නිසාය. සමහරුන්ට මෙය ඉතා අඩු මුදලක් විය හැක. ශ්‍රී ලංකාවෙත් වෙනත් රටවලත් පරිගණක රැකියා වල දී සිටින්නන් ආදීන් මෙන්ම වෙනත් හොඳ රැකියා කරන අයට  මෙය ඉතා සුළු මුදලක් විය හැකිය. එසේ නම් ඔවුන්ට ඒ සඳහා අපට දායක වී ත්‍යාගය වැඩි කල හැක.  නැත්නම් තමන් සංවිධානය වී වඩාත් හොඳ තෑග්ගක් දිය හැකිය.
මුදලට බ්ලොග් නොලියනවා කියන අයට  මෙය ප්‍රතික්ෂේප කල හැකිය. නැත්නම් මේ සුළු ත්‍යාගය අරගෙන දුප්පත් ළමයෙකුට පොත් දෙක තුනක් පැන්සල් පෙට්ටියක් අරන් දිය හැකිය. නැත්නම් අර ඒ කාලේ ගල් ඉබේ ඔළුවට  වැටී මියගිය තාලේ  හිඟන්නෙකුට දිය හැකිය.
බටහිර රටවල බ්ලොග් ලියන්නන්ට දැන්වීම් ආදියෙන්  අමතර ආදායමක් ලැබේ. ලංකාවේ තවමත් එය ප්‍රචලිතව නැත. එවැනි දවසක අප මෙවැනි ත්‍යාග නතර කරන්නෙමු. බ්ලොග් ලියන අපහසුවෙන් ජිවත් වෙන  විශ්ව විද්‍යාල සිසුන් වැනි අය  මෙයින් ප්‍රයෝජනයක් ගනු ඇතැයි අපේ විශ්වාසයයි. 

72 comments:

  1. බ්ලොග්කරුවන් කාලයක් තිස්සේ ලියනවා..... අනික් දේවල් කියවනවා..... සංවාදයන් හැදෙනවා.... ඒත් ඔබ සහ පිරිස මේ කරන්නාවූ දේ තුළින් බ්ලොග් ලෝකය වෙනදාට වඩා ශක්තිමත් කරනවා කියලා හිතෙනවා..... කොහොම වුණත් හොද වැඩක් නිසා අපිත් කැමතියි මේ වැඩේට ස්තූතියි කියන්න.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
  2. බ්ලොග් අවකාශය වඩාත් ප්‍රචලිත කිරීමට අතහිත මෙන්ම දිරි දෙන ඔබට මගේ ප්‍රණාමය....!

    ReplyDelete
  3. මෙය නම් ඉතා හොඳ වැඩක්. හොඳ බ්ලොග් ලියන්නට ශක්තියක්.

    ReplyDelete
  4. හොඳ වැඩක්. විකසිත සින්ඩියෙනුත් සුභපැතුම්. බ්ලොග් කරුවන්ට දිරි දෙන කටයුතුවලට අපේ සහය. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. විකසිත සින්ඩියේ ලිපිනය මොකක්ද

      Delete
  5. අඩුමගාණෙ ලියන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න අය මේ ක හරි වෙනුවෙන් වත් ලීවොත් ඒ තරං වටින වැඩක් නෑ
    ජයෙන් ජයමවේවා

    ReplyDelete
  6. ඔන්න ඔහේ ඕක ශ්‍රංගයටම දීල දාමු...

    ReplyDelete
    Replies
    1. ශ්‍රන්ගය සල්ලි කාරය නිසා ඔය දාහක් මට මොකටද කියල බනියි.

      Delete
  7. මම හැමමාසෙම කොළඹ ගමයාව නම් කරනවා.. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. තව කතාවක් පටන් ගන්න වෙයි වගේ.

      Delete
  8. වැලි වැලි ගූඩ්!

    ReplyDelete
  9. සිංහල බ්ලොග් අවකාශය ප්‍රචලිත කිරීමටත්, නිර්මාණ කරුවන් දිරිමත් කිරීමටත් ඔබ මේ ලබාදෙන අනුපමේය සහයෝගයට ස්තූති කරන්න වචන නෑ අයියණ්ඩී...

    ReplyDelete
  10. කොමන්ට් වලටත් එකසිය පණහක් හරි දියංකො අයියෙ :D

    ReplyDelete
    Replies
    1. සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි ..
      කවුරු කොහොම මැව්වද සල්ලි ..
      අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි
      දෙයියෝ දුන්න බලගතු සල්ලි .....//

      සල්ලි පිරුන දාට අතේ
      මන්දිර වල සැප ලබතේ
      නැති නෑයොත් ලං වෙයි මල්ලි ....
      නැති උනාම සල්ලි අතේ
      කොයි කවුරුත් අයින් වෙතේ
      අනේ අපොයි තව තැනකට යනවනේ සල්ලි ...

      සල්ලි සල්ලි .....

      මුළු ලෝකෙම පිස්සු කරයි
      හැමදේටම ඉස්සර වෙයි
      කුල මල ගැන නොදන්න සල්ලි....
      මිතුරු වෙසින් ළඟටම එයි
      හතුරු උනොත් දිවි නැතිවෙයි
      සත්තකින්ම අමුතුම ජාතියක්නේ සල්ලි ..

      සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි ..//

      ගායනය - නිහාල් නෙල්සන්

      Delete
    2. සරසා ටයි ෆේක් සරසාටයි , ප්‍රා ජේ ටයි ඇනෝ ටයි ගේමක් දෙන්න පුලුවන්ද

      Delete
  11. මට ටිකක් අවුල්. සමහරවිට මට නොතේරෙනවා ඇති.
    රුපියල් දාහකට මොනවද කරන්න පුළුවන් ඇත්තෙන්ම?

    සම්මානයක් හරි ඕන බම්බුවක් හරි අගය කිරීමක් වෙන එක අතරයි, මේ රුපියල් ශත කාසියකට දෙකකට විකිණෙන මිනිස්සු ගැන මට දැනෙන්නේ අම්බානක දුකක්.

    අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි. නැත්නම් විස්කි බෝතලයකට සිගරට් පැකට් එකකටනේ.
    ලැජ්ජයි-

    ReplyDelete
    Replies
    1. ඔයාට සල්ලි තියනවනම් තියන් ඉන්න. අපි කාටවත් කඩේ යන්න කියල නැහැ.

      Delete
    2. මේක ගන්න ඕනේ නැති කට්ටිය එපා කිව්වම ඉවරයි. අපි කාටවත් බල කරලා නැහැනේ.

      Delete
    3. රුපියල් දාහ අපට දෙන්න පුළුවන් ගාන. ඔයාට ඊට වැඩිය දෙන්න ඕනේ නම් දෙන්න. රුපියල් දාහෙන් මුකුත් කර ගන්න බැරිය කියල ඔයා කියනවනම් ළමයෙකුට පන්සල් පෙට්ටියක් කියාද කියල බලල කතා කරන්න. අපි දෙන්න හදන්නේ නැති කෙනෙකුට මිසක ඔයාල වගේ තියන අයට නෙමේ. දැන් මෙන්න මේ චැරිටියෙන් දෙන්නත් රුපියල් 2000 මාසෙට. www.shareandcare.org.uk

      Delete
    4. //සම්මානයක් හරි ඕන බම්බුවක් හරි අගය කිරීමක් වෙන එක අතරයි, මේ රුපියල් ශත කාසියකට දෙකකට විකිණෙන මිනිස්සු ගැන මට දැනෙන්නේ අම්බානක දුකක්.// කවුද එහෙම විකිණෙන මිනිස්සු? දැන් ඔයා ජිවත් වෙන්නේ රුපියල් ශත නැති ලෝකෙකද?

      Delete
    5. //අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි// ගූගල් ල ඒවා හැදුවේ නැත්නම් බුරු දෙනවල් ඉන්නවා කියල අපි දැන ගන්නේ කොහොමෙයි? අපි කොහෙවත් යන එවුන් වෙන්නට ඔය යන තැන දන්නා මාර පොෂ් කෙනෙක්ද?

      Delete
    6. අජිත් සාමාන්‍යයෙන් මම මම ගැන මහ ලොකුවට කියන්න යන්නේ නෑ.
      මම කාන්තාවක්.
      ඉන්නේ යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන්.
      අද තව වෙනකම් රුපියල් ශත හෝ ඊට එහා කිසිම දේකටවත් විකිණිලා නෑ. පොඩ්ඩක් අහල බලන්නකෝ ඔය වටේ පිටේ ඉන්න බ්ලොගර්ස් ලගෙන්.

      මම කොන්දක් තියෙන ගැහැණියක්... ඉන් එහාට ඔයාට මම උත්තර දෙන්නේ නෑ. මේක ඔයාගේ තැන.
      අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ.
      හැබැයි අපි හැමදාම වගේ කාටවත් කඩේ යන්නේ නෑ.....
      එච්චරයි.
      මනුස්සකමට, ආදරේට එකෙක් මරන්න හරි යයි. එන් එහාට රුපියල් ශත අපි ඩීල් කරන එක නතර කලේ ඉපදෙනකොටමයි-

      Delete
    7. ඔයා ඔයා ගැන මහා ලොකුවට හිතන් ඉන්නවා කියල මම වෙන කොමෙන්ට්ය් වලිනුත් දැකල තියනවා. මම ඉන්නෙත් අවුරුදු 32 විතර යුරෝපයේ.
      //අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. // මේකට කියන්නේ prejudice කියල හැබැයි. අද ඊයේ ඉන්ටනෙට් ආපු කියල මට කියන්න ඔයා දන්නේ කොහොමොයි. මට ඉන්ටනෙට් ඉස්සෙල්ලම හම්බ වුනේ මින් අවුරුදු 16 කට විතර කලින්. එතකොට බ්ලොග් ගැන දන්නේ ඔයා විතරද? ඔය දන්නවද මම වෙන නම් වලින් බ්ලොග් ලියල තියනවා කියල. දන්නේ නැති දේවල් ගැන කතා නොකර ඉන්න. ඔයාට කඩේ යන්න කවුරුත් කීවෙත් නැහැ. යන්නත් එපා.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. අනික ඔයාගේ කොමෙන්ට් වලින් මම දැකල තියනව යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන් හිටියයි කියල ඔයාගේ මහා ඇම්මක් තියනවා කියල. ඔයට ඒ කොමෙන්ට් වලදී ඇනෝ මහත්වරු ඇති වෙන්න දීලා තියනවා මම දැකල තියෙන නිසා මම එතනට යන්නේ නැහැ. අපි අපේ වැඩේ කරන්නම්. ඔය ඔයාගේ වැඩේ කරගෙන යන්න. එංගලන්තේ කොම්පැනි හවුස් එකේ බලන්න චිප්ස් ඇන්ඩ් බයිට්ස් කියන කොම්පියුටර් කොම්පැනියේ ඩිරෙක්ටර කවුද කියල 1994. දැන් ඒක dissolve කරලා තියෙන්නේ.

      Delete
    10. අජිත් බොස්.. පුද්ගලිකත්වය මෙතනට අවශ්‍ය නෑ නේද . ඇයි එතනට වැටෙන්නෙ ??

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. මෙන්න මේ කතා දෙක නිසා පත්තර මල්ලි.
      //අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි//
      //අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. // ඔය යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන් හිටිය අය ඇමෙරිකා එක්සත් ජනපදයේ අවුරුදු දෙකක් විතර ඉඳන් ඉන්න අයගේ ටිකක් වෙන්න ඇම්මක් මම දැකල තියනවා. අනිත් අයට කලින් ඒ ගොල්ල කොම්පියුටර දිහා බලන්න ඇති කියල. බූරු බේබ් ගේ කොමෙන්ට් මම කියවා තියනවා සමහර බ්ලොග් වල. . මගේ පලවෙනි ඊමේල් එක මට ලැබුනේ අනූ ගණන් වල. මම හාර්ඩ් ඩිස්ක් එක 20MB තියන මැෂින් වල වැඩ කරලා තියෙනවා 88-91 විතර . මෙයාල තමා බ්ලොග් ඔස්තාර් ලා. මේ නෙලුම් යාය කියල පල කරලා බ්ලොග් කට්ටියට තැන දෙන්න හිතුනෙත් මේ ඔස්තාර් ලා නිසාම තමා . අනික මට ලොකු අමාරුවක් නැහැ අතේ තියන සල්ලි විසි කරන්න. මේකට ගොඩක් අය විරුද්ධ නම් නොකර ඉන්න වුනත් පුළුවන්. නමුත් මොකක් හරි පටන් ගන්නයි මම හදන්නේ.

      Delete
    13. ඔයා වෙනයි ලංකා නිව්ස් වෙබ් වෙනයිනෙ බොස්..

      Delete
    14. My personal view,

      Ajith is narrow minded and have to learn more to mix with us. Buru has everything to express her view. its not wrong. She used "Oi" as a closer friend. Calm down always be prepared for negative ideas (in your point of view) dont angry with me Ajith. I am with Buru

      Delete
    15. machan Desha, Di don't mind you are siding with Buru. You are someone who always comes here and leave a comment or footprint. So You can criticize somewhat more harsher and I can take that in.However/අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි// when people think Google did certain tings just for them to enjoy then that is privileged few are talking.
      And let me know how you would to reply to this if I am narrow minded?
      //අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා//. isn't that a person who tings really high of themselves? Did I ever come to any of your blogs and say something like that?

      Delete
    16. @පත්තර මල්ලි. ලංකා නිස්වෙබ් එකට අනිත් බ්ලොග් නුත් දාන්න කියල යෝජනාව ගෙනාවේ මන්. ඊට කලින් ඒ ගොල්ල දදා හිටියේ ඉතාම කුඩා කොටසකගේ විතරයි. එක තීරුවයි දීල තිබුනේ. තීරු 15 කට වැඩි වුනේ මම කතා කරලා. රුපියල් දාහේ යෝජනාවත් මම ගෙනාවේ. මගේ අතින් දෙන්නම් කියල කිව්වහම ඒ ගොල්ල කැමති වුනා දෙන්න. නමුත් ඔයා දකින්න තිනේ අපි එක පක්ෂෙක එක දේශපාලනයක නෙමේ හැමෝගෙම හොඳ ඒවා දාන්න උත්සාහ කරනවා කියල.

      Delete
    17. අහ් පත්තර මල්ලි.මම තමා නෙළුම් යායේ සංස්කාරක. --www.nelumyaya.com ,
      www.blogpower.info එක මගේ වෙබ් අඩවියක්. මම තමා ඇඩ්මින්.

      Delete
    18. මේ අනවශ්‍ය අවුලකි.

      මා රංගිව නමින් දන්නේ 2005 පමණ කාලයේ සිට ය. අජිත්ව නමින් දන්නේ මෑතක සිට වුනත් මේ දෙදෙනා ම යහපත් පුද්ගලයින් බව ඔවුන්ගේ ලියුම් කියුම් සහ කතා බහවලින් වටහාගෙන ඇත්තෙමි.

      රංගි ගේ අව්‍යාජ අදහස් දැක්වීමට අජිත් දී ඇති පිළිතුරු පමණ ඉක්මවා ගොස් ඇති යැයි සිතේ. මා අජිත් නම් කියන්නේ මෙ පමණයි.

      මෙහි කඩේ යාමක් නැත. මම හැකි අයුරින් මේ කර්තව්‍යය කරමි. ඔබ ඔබට හැකි අයූරින් ඔබේ ව්‍යාපෘති කරන්න.

      ස්තුතියි.

      Delete
    19. Perhaps Rasika . I would like very much to agree with you and deshakaya. If she had said like the way how rupe said I will leave it. But she said humiliating other person. I live in Europe kade yana evun . Came to internet yesterday . Those are from person thinking themselves very high and looking down on others . You can live wherever you are you can go to any college you can have presidents as your parents but stay on the ground . Thanks a lot . Sorry I have to type in English . I am at the airport stansted .

      Delete
    20. Ajith, I also think that you have gone too far here!

      Delete
    21. Raigama can you explain how and where ? There are people who opposed to this idea like Mathalan , sumith rupe etc. but there is a way of telling that to the people . I will write a blog post about this . My foot firmly on the ground however I don't take kindly to the people who think they are somewhat above everyone else . To be honest I get rid of my other blogs and started this blog with my real name just because some like that talked to me that way. i don't have hard feelings towards any of you anyway .

      Delete
    22. Oh my god....WTF...ajith...what is wrong with you....i just went through the comments....you have crossed the line man.....
      Just do not insult these people...rangi has not said anything for you to go this far...
      May be you are much much distanced from the ground reality of srilanka today.....a roast chicken is Rs. 1000/- mate....
      Think again....find a more realistic method to give recognition to talent.....

      Delete
    23. First chef-architect machan read the ones I highlighted. I emphasised on every comment අපරාදේ part that Buru babe says that kohevath Yana evun and second someone only found internet yesterday and blogs and also emphasised that someone lives in Europe - leave here the 1000 rupees problem. Are you agree to her comments or not? I may ask the same from deshakaya Rasika and Raigama who I reckoned good blog friends . Do you agree with those comments ? Now let's come to 1000 argument . Rupe,Matha, aru from the beginning and sumith are opposed to that on the point that don't give the money argument on which I kind of can agree to. However not the argument Buru babe earlier whiskey and cigar talk and your roast chicken arguement . I think differently.. Let's see the ground reality of Sri Lanka . Mahapola students want at least 1000 rupees to add to their monthly grant. Oh no sorry they want one whiskey bottle or roast chicken . Or let us see recently I ordered some Sinhala books from my friend journalist Alawatta. I am very good reader. I read at least 10 blogs a day whether I comment or not in order to post to nelumyaya. Then I read Sinhala book and English book alternatively, Liyanage amarakeerthi kurulu had agatha 350 rupees - quarter chicken , Mage adaraniya yakshani wediiwardhana 3/4 chicken around 800 rupees. Anura Wickramasinghe books range from 200 to 500 percent rupees. Thilakasiri Ekanayake own blog book less than thousand.

      Delete
    24. Continuing the arguement. First of all I am not at my computer and really about the grammer. I slipped in few mistakes hope you understood the main point of my arguement. I suggested to Mathalan we can give 2 books perhaps buy that book bassi recommended pepper yaya or something. All of them are less than thousand. Here I am naively thinking if I give thousand rupees bloggers would buy few books.

      Delete
    25. Btw I translated Buru babe as Buru dena but it should be Buru baba. If your friend is upset with that I am sorry. I only wanted to print her own handle Buru babe.

      Delete
    26. Damn ... I wanted to say I am sorry about the grammer in above comments. :) struggling to post here. My wife is giving hard time here "why are you in your blog even on holiday" I said replying to chief architect . She asked who is that. I said one I am going to meet next time in Sri Lanka with roast chicken ...he he

      Delete
    27. Hehehehe.....
      Ajith it is not the giving, it is not even the amount....as we know everyone has a price...
      Shit happens mate...
      Next time better consult your blog friends before you come up with ideas which effect the lot....
      Island mentality is the biggest bich so when we do stuff for masses Shit always happens....
      Cheers mate...
      Next time not roast chicken but pub stuff ......at my place down rathnapura....

      Delete
    28. සිදුවී නම් වරදක් කොතැනක කොයි කවර කලෙක හෝ
      එය නිවැරදි කර ගනිමු යාළුවේ ..........
      පින් ඇති මහත්වරුන් ගෙනියන්ඩ කරපිටින්
      අපි අපේ කමයි බිල්ලට දුන්නේ
      අල්ලපු වැටේ එවුන් පිල් බෙදී වෛරයෙන්
      මඟුලට මරණෙට වත් නැහැ එන්නේ
      සිදුවී නම් වරදක්...
      දෝලාව ගෙන කරෙන් අපි ගියෙමු දුර ගමන්
      රජවරු දෙසටයි නෙත් යොමු වන්නේ
      සතුරන්ට බැට දෙමින් යුද කලෙමු මියැදෙමින්
      කවුරුද සතුටට ජයපැන් බොන්නේ
      සිදුවී නම් වරදක්...

      ගායනය - සුනිල් එදිරිසිංහ
      පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ
      සංගීතය: රෝහණ වීරසිංහ

      Delete
    29. Let me to be brutally honest here Machan. I do NOT agree with that comment and the subsequent reply. Frankly, I condemn such bulling in this Blogosphere. And I am with you on this too; I don't take kindly to the people who think they are somewhat above everyone else.

      At the same time, your wording such as Buru Dena is unnecessary and demeaning too. I do regard you as the mature one here. Otherwise wouldn’t have bothered to put forward my view.
      не сердись на меня
      :)

      Delete
    30. {\rtf1\ansi\ansicpg1252
      {\fonttbl\f0\fnil\fcharset0 ArialMT;}
      {\colortbl;\red255\green255\blue255;\red34\green34\blue34;\red255\green255\blue255;}
      \deftab720
      \pard\pardeftab720\partightenfactor0

      \f0\fs26 \cf2 \cb3 \expnd0\expndtw0\kerning0
      \outl0\strokewidth0 \strokec2 He cerdilsya macho. Babe in uk means chick. Translate that to Sinhalese would be 'baduwa' which is kind of sexist. So dena would have been more appropriate given the circumstances. Dena is the ganu satha isn't it. So you all picked up that word and missed the elephant in the room. He he :) }

      Delete
    31. If it is demeaning why to use such a name as Google name in the first place.

      Delete
  12. බ්ලොග් කලාවට මුදල් ගා ගැනීම අනුමත නොකරමි!

    ReplyDelete
    Replies
    1. සටහන - අප මුදල් ත්‍යාගයක් දෙන්නේ සහතිකයක් පිළියෙළ කිරීමටත් එවැනි මුදලක් යන බැවින් ඊට වඩා මුදලක් දීම හොඳ යයි සිතන නිසාය. සමහරුන්ට මෙය ඉතා අඩු මුදලක් විය හැක. ශ්‍රී ලංකාවෙත් වෙනත් රටවලත් පරිගණක රැකියා වල දී සිටින්නන් ආදීන් මෙන්ම වෙනත් හොඳ රැකියා කරන අයට මෙය ඉතා සුළු මුදලක් විය හැකිය. එසේ නම් ඔවුන්ට ඒ සඳහා අපට දායක වී ත්‍යාගය වැඩි කල හැක. නැත්නම් තමන් සංවිධානය වී වඩාත් හොඳ තෑග්ගක් දිය හැකිය.
      මුදලට බ්ලොග් නොලියනවා කියන අයට මෙය ප්‍රතික්ෂේප කල හැකිය. නැත්නම් මේ සුළු ත්‍යාගය අරගෙන දුප්පත් ළමයෙකුට පොත් දෙක තුනක් පැන්සල් පෙට්ටියක් අරන් දිය හැකිය. නැත්නම් අර ඒ කාලේ ගල් ඉබේ ඔළුවට වැටී මියගිය තාලේ හිඟන්නෙකුට දිය හැකිය.
      බටහිර රටවල බ්ලොග් ලියන්නන්ට දැන්වීම් අදින් අමතර ආදායමක් ලැබේ. ලංකාවේ තවමත් එය ප්‍රචලිතව නැත. එවැනි දවසක අප මෙවැනි ත්‍යාග නතර කරන්නෙමු. බ්ලොග් ලියන අපහසුවෙන් ජිවත් වෙන විශ්ව විද්‍යාල සිසුන් වැනි අය මෙයින් ප්‍රයෝජනයක් ගනු ඇතැයි අපේ විශ්වාසයයි.

      Delete
    2. මම රූපේ සහ බුරු දෙන කියන ඒවත් කල්පනා කරලා හිතුව රුපියල් දාහ නැත්නම් පොතක් දෙන්න. එතකොට කගේ හරි අපේ කතුවරයෙකුගේ පොතක් වත් විකිණෙන වනේ.

      Delete
  13. බ්ලොග් වලට පොඩි උත්තේජනයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
    (වලියකුත් ගිහිල්ල තියෙන්නෙ, උඹලා දෙන්නටම බුනියෙන් අමතන්න බලාපොරොත්තු වෙනව)

    ReplyDelete
  14. බුරු, රූපේ & බ්ලොග් කලාවට මුදල්.... සියල්ලන්ටම,

    1.අජිත් මෙතන යෝජන‍ා කරන්නෙ "තෝරාගත් බ්ලොග් වලට ත්‍යාගයක් වශයෙන් මුදලක් දීම" මිසක් "මුදලක් දීල බ්ලොග් ලියපං" කියල නෙවේ. ඒ නිසා "මුදලට ලිවීම" කියන එක නිවැරදි නෑ.
    2.මුදල පොඩියි තමයි. ඒත් පොඩි ගනනකින් හරි ආරම්භ කිරීම අගය කරන්න බැරි ඇයි?
    3.රුපියල් දාහක් දෙන එකට විරුද්ධ වෙන්නෙ, මුදල් සම්බන්ධව "තමන්ට තමන් ෂුවර් නැද්ද?
    4.වැදගත්ම දේ, බ්ලොග් කියන නිදහස් අවකාශය ඇතුලෙ කරන්න පුළුවන් "නිදහස් කටයුත්තක්" තමයි මේ වගේ දේවල්. "නිදහස" නැතිවෙයි කියල බයෙන් "නිදහසේ කරන දේවල් පාලනය" කරන්න ඕන කියල හිතන එකත් නිදහස නැතිකිරීමක් තමයි.

    ReplyDelete
    Replies
    1. Exactly raj . Sorry I can't type in Sinhalese .. In Rome today fricking hot 34 degrees. I am not paying any body to write. And also I am thinking I will suggest to Chandima as well that we will give a book or two . That way we can help a writer too. This. Just an appreciation. Ok we don't have to consider Rasika or Raigama who are living in Australia . They have enough money. We can only tell they are good. Deshakaya Mathalan are Ankura bloggers so they and Dumia they are rich and the best. So leaving them alone we nominate upcoming bloggers only if they like. That's all. I would never think to give this money to indica for example. Instead I like to ask them to contribute. We can increase this amount if every one contributes including Buru babe.

      Delete
    2. Raj +++++++++++++++++++++++++++++++++

      Delete
  15. මුදල්වලට වඩා හොඳ පොත් කිහිපයක් හරි අදාළ කෙනාගේ කැමැත්ත අනුව චිත්‍රපටයක්, ගීත තැටියක් වගේ දුන්න නම් හොඳයි... පොත් සාප්පුවලින්, වයිබ්‍රේෂන්, ටොරානා වගේ ආයතනවලින් ගිෆ්ට් වවුචර් ගන්න හැකි වේවි...

    මුදලට වඩා එවැනි තිළිණයක් හොඳ ඇගයීමක් වගේම, සොඳුරු මතක සටහනකුත් වේවි..

    ReplyDelete
    Replies
    1. Math me yojanawata kamathi. I like this too. I will change the heading and we can do that.

      Delete
    2. Sending a gift voucher from a bookshop costs more than 250 Rs. That is more than half the cost of a book.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .