Wednesday 5 August 2015

කියුබාව ගැන කීමට ප්‍රථම - නැගෙනහිර ජර්මනියේ නිවෙස්

කියුබාව ගැන ප්‍රථම ලිපියෙන් මා  කීමට උත්සාහ  කලේ කියුබාවේ වෙනස්වීම සඳහා පදනම වැටුනේ මින් අවුරුදු ගණනකට  පෙර මිස දයාන් ජයතිලක හෝ වත්පොතේ (මෙය රසිකලොජි ගෙන් උපුටා ගත් වචනයකි,  ෆේස්බුක් යන්න මින් අදහස් වේ.) තිබූ  කළු ඇමෙරිකානු ජනපති කෙනකු හා ලතින් ඇමෙරිකානු පාප්  තුමෙකු හිටියාට නොවන බවයි.  වෙරෝනාහි දී හමුවූ යහළුවෙකු කිවේ කැස්ත්‍රෝ දැන් රාජකීය දෛවඥයා කර ඇති බවයි.
රාවුල්  කස්ත්‍රෝ වසරකට පමණ පෙර සිට කියුබානුවන්ට තමන්ගේ නිවෙස් මිලට ගැනීමට, විකිණිමට, බදු දීමට මෙන්ම කුලියට දීමටද අවස්ථාව උදා කර දුනි. මින් උදම් වැටුණු එක්තරා  බීබීසී  (සිංහල අංශය නොවේ.) වාර්තාකාරයෙකු ලීවේ කියුබාව ප්‍රාග්ධනය එකතු කිරීමට ඉඩදී ධනවාදයේ අඩිතාලම දමා ඇති  බවයි.  මේ අතර මගේ තවත් මිතුරෙකු  මම "සමාජවාදී ගම " ගැන ලීයූ  ලිපිය ගැන විමසමින් නැගෙනහිර ජර්මනියේ එවැනි නිවෙස් තිබුනා දැයි  විමසීය.  බොහෝ අය  සිතා  සිටින්නේ නැගෙනහිර ජර්මනිය සමාජවාදය යටතේ ෆ්ලැට් හෙවත් තට්ටු නිවාස  සමුහයක් පමණක් තිබූ  රටක්  ලෙසය. මෙය යම් පමණකට සත්‍ය මුත් එම තට්ටු නිවාස බොහොමයක් ඇත්තේ නගර බදවය. ඒවා  සමාජවාදී හෝ ධනවාදී ඕනෑම රටක ඇත.

පහත පින්තුර බෙන්ස්හවුසන් නමැති තුරින්ගියා ප්‍රදේශය ඇති ගමක නිවාසය. දැන් ජර්මනියේ වුවත් වසර 25 කට කලින් මෙය නැගෙනහිර ජර්මන් ගමකි. මේ නිවෙස්  අලුතින් තීන්ත ගා  පිළිසකර කර තිබෙන මුත් (ජර්මන්වරු මෙය නිතර කරති ) සාදා  තිබෙන්නේ බොහෝ කලකට පෙරය. මේවා සමාජවාදී (යයි කිවූ) නැගෙනහිර ජර්මනිය තිබූ  කාලයේ සිටම පැවත එයි. සමහර නිවෙස් ඊටත් වඩා  පරණය. සමාජවාදී ජර්මන් රජය ඒවා රජයට පවරා  ගත්තේ නැත.  ඒවායේ මුල් අයිතිකරුවන් හෝ ඔවුන්ගේ දරුවන් තවමත් මේ නිවෙස් වල  ජිවත් වෙති.
මා  පින්තූර  රාශියක් ගත්තේ මේ බොහෝ වැසියන්ට තමන්ගේ ම නිවෙස්  තිබූ  බව කියන්නටය. සමාජවාදී හංගේරියාවේ, යුගෝස්ලාවියාවේ (ස්ලවේනියා - ජිජැක්  , සර්බියා , බොස්නියා ආදී රටවල් ) චෝකොස්ලවේකියාවේ මේ තත්වයම පැවතුනි. අයිතිකරුවන් මියගිය හෝ සොයා ගත නොහැකි නිවෙස්  රජයට පවරා  ගැනුනි.
මේ අනුව කල්පනා කලයුතු වන්නේ කස්ත්‍රෝ මෙය නොකළේ මන්ද යන්න හා රවුල් කස්ත්‍රෝ තමන්ට බලය ලැබූ ගමන් මෙවන් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලේ ඇයිද යන්නත්ය.




















මෙය දෙවන ලෝක යුද්ධයට කලින් තිබු නිවසකි. (පැරණිතම නිවසක් ) 









28 comments:

  1. ලස්සන ගෙවල්, නිහඩ පරිසරයත් එක්ක හරිම සුන්දර බවක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක සෑහෙන සුන්දර ගමක්. මිටියාවතක.

      Delete
  2. දෙවන ලෝක යුද්ධය කාලේ තිබ්බ ගෙවල් පස්සේ කාලේ එව්වාට වඩා හොඳයි වගේනේ. සමාජවාදය කියන්නේ හැමදේම රජයට පවරා ගැනීමද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අදහසක් තියෙනෙව නේද ලංකාවේ?

      Delete
  3. හිම වැටීමට ඔරොත්තු දෙන විදිහට වහලවල් හදලා තියෙන විදිහෙන් අපූරු ලස්සනක් එනවා ගෙවල් ටිකට. පරිසරයත් එක්ක හරි ලස්සනයි.
    සමාජවාදය ඇතුලෙ සෑම දෙයක්ම රජය සතුයි කියනවා නේද...?

    ReplyDelete
    Replies
    1. එහෙම නැති රටවල් තිබුන කියන්නයි මට ඕන කලේ . සමාජවාදී කියන රාමුව ඇතුලේ.

      Delete
  4. ලංකාවෙ සමාජවාදය මොකක්ද කියල සමාජවාදින්ටම වුණත් පැහැදිලි අදහසක් ඇති කියල හිතන්න අමාරුයි.. කොහොම වුණත් රටට සංස්කෘතියට කාලයට ගැළපෙන විදියට සමාජවාදය වුණත් හැඩගැහීමේ වරදක් නැහැ.

    වඩා වැදගත් ඒ ගැන සමාජය තුළ පැහැදිලි කතිකාවක් ඇති කරල හැමදෙනාවම නිරවුල් තැනකට ගේන එක..

    ReplyDelete
    Replies
    1. එහෙම කතිකාවක් හදන්න තමා මම නම් ලියන්නේ. අඩුම ගානේ අපේ අත්දැකීම් ටිකවත් දාල බලන්න.

      Delete
  5. පින්තූර ටික ලස්සනයි.. ඒ වගේම මේ ලිපියත් වැදගත් අජිත්... තුති...

    ReplyDelete
  6. අන්න මෙඅ වගේ පොස්ට් දානවනම් අපිටත් තේරෙනවනේ.. හැක හැක.. පට්ට ගෙවල් ටික.. සමාජවදේ නම් නොට් අන්ඩස්ටුඩ් නේ..

    ReplyDelete
    Replies
    1. නිකම් බොරු කියන්ඩ එපා අනේ හැක හැක ......නොතේරෙනවා වගේ බබා පාට් ඔය දාන්නේ

      Delete
    2. මටත් කියන්න තියෙන්නෙ ඕකමයි...... ඒ ගෙවල් ටික දැක්කම් ආසයි. ස්තුතියි මේ වගේ දෙයක් බෙදාගත්තට

      Delete
  7. නියම ගෙවල්ස් ටික අජිත් අයියා. මේ අඳුරු ගතිය ස්වභාවිකවමද නැත්තං ඒ වෙලාවෙ හැටිද? මේවාට ලා හිරු එළියක් වැටුනානම් කොහොමට හිටීද? මම චිත්‍රපටියක වුණත් කැමති මේ වගේ දර්ශන ආලෝකමත්ව තියෙනවා දකින්න.

    ReplyDelete
    Replies
    1. නැහැ මේ සඳුදා හවස මාමණ්ඩිය ඇදගෙන පැය එකහමාරක් විතර කෝබර්ග් කියන ජර්මන් නගරයේ ඉඳන් ගියේ මෙතනට. කෝබර්ග් පරණ බටහිර ජර්මන් හා නැගෙනහිර ජර්මන් රටවල් දෙක අතර දේශ සිමාවේ පිහිටි පරණ බටහිර ජර්මන් බැවේරියා ප්‍රාන්තයේ නගරයක්. දැන් අවුරුදු 25 තිස්සේ දේශ සිමා නැති එක රටක්නේ. එයාගේ නෑදුරුස් කෙනෙක් ඉන්නවා මෙතන.

      Delete
  8. ඒකාලේ (1987) අපි නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනියට යනකොට නිවාස , වාහන , මිනිසුන් ගේ අැඳුම් වල වෙනස කැපිලා පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. බටහිර වෛර්ණයි. ඊස්ට්මන් කලර්ස් හින්දි චිත්‍රපටියක් වගේ. අඩ නිරුවත් නිරූපිකාවන්ගේ දැන්වීම්, පාට පාට ලයිට්, කෑම බීම ආදිය. දේශ සිමාවෙන් පැන්න ගමන් බෞද්ධ රාජ්‍යය. එහෙම නැත්නම් මොනස්ටරිය වගේ නැගෙනහිර ජර්මනිය. එක ජාතියේ කාර් සෙට් එක. ඒකාකාරියි. හැම පැත්තේම අළු පාට ග්‍රේ. කෑම ලාභයි. මතකද බටහිරින් බඩු අරන් නැගෙනහිරට එනවා කන්න ලාබෙට.

      Delete
  9. මම ප්‍රංශ සවාරිය බලන්නේ රේස් එක බලනවට වඩා ආතල් එකක් ඒ සුන්දර පරිසරය නිවාස හා ගොඩනැගිලි වලින් ලබන නිසයි... ඒ දේ උන් අපූරුවට මාකට් කරනවා...

    ReplyDelete
    Replies
    1. ටුවරිසම් ප්‍රොමෝෂන්. අන්න වැඩේ පටන් ගන්න.

      Delete
  10. ලස්සන ගෙවල් ටික... පරිසරයත් හරිම අපූරුයි අජිත් අයියා...

    ReplyDelete
    Replies
    1. ලස්සනට තියන් ඉන්නවා. පිරිසිදුකමයි පිළිවෙලයි හරියට තියෙනවා.

      Delete
  11. අනේ අප්පා මේවා දකිනකොට යන්නමයි හිතෙන්නේ (කවදා හරි). බොහොම පින් මේවා දැකගන්න සැලැස්සුවාට.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයා, ඔය පළාත් වල ඉංගිරිසි විතරක් කතා කරන කෙනෙකුට ගිහින් රවුමක් දාල එන්න පුළුවන් වෙයි ද? මම අහල තියනවා යුරෝපයේ ගොඩක් රටවල් වල ඉංගිරිසි වලින් විතරක් ලොකු දෙයක් කරගන්න අමාරුයි කියල. ඇත්තද දන්නේ නෑ ඉතින්...

      Delete
    2. පාර දිගේ මහත්තයා , ජර්මන් දැන ගන්න අවශ්‍යම නැහැ. වැඩි දෙනෙකුට යන්තමට හරි ඉංග්‍රීසි පුළුවන්.

      Delete
    3. එහෙම කිව්ව හින්දා නිකමට බැලුවා යන්න පුලුවන්ද කියල. ලෝකෙන් උතුම් රටේ පාස්පෝට් එකත් එක්ක වැඩේ ටිකක් අමාරුයි වගේ.

      Delete
  12. අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.
     

    සුබ දවසක්, සර් / ma am.

    අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්රතිපාදන ය: අද්දර / ව්යාපාර පුළුල් තරගකාරිත්වය.

    අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

    අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
    වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
    skyworldloanfirm@gmail.com
    skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete
  13. අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.
     

    සුබ දවසක්, සර් / ma am.

    අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්රතිපාදන ය: අද්දර / ව්යාපාර පුළුල් තරගකාරිත්වය.

    අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

    අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
    වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
    skyworldloanfirm@gmail.com
    skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .