Saturday 22 August 2015

දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ ) විරුද්ධ පක්ෂය නොවිය යුත්තේ ඇයි

අසුව දශකයේ දී ජවිපෙන්  ඉවත්වූ (මට මතක විධිහට 1982 දී)  බෝපගේ සහෝදරයා ගේ මතවාදය  මෙන්ම සුචරිත් ගම්ලත් මහතා ගේ මතයද අනුගමනය කරමින් වාමාංශික විප්ලවවාදීන් වශයෙන් මා සැලකූ උමා  මහේෂ්වරන්, පද්මනාභ ආදීන්ට ඊළම්  සමාජවාදී රජයක් උතුරේ පිහිටවීමට දකුණේ වාමාංශිකයන් වශයෙන් අප සහයෝගය දිය යුතුය යන ස්ථාවරයේ සිටියෙමි. එසේම උතුරේ ස්වයං නිර්ණන අයිතිය ටද  මගේ සහයෝගයක් ද විය. මට හැම විටම ප්‍රශ්නය වුයේ නැගෙනහිරය.  මගේ අදහස වුයේ පෘතුගීසින් එනවිට නැගෙනහිර අයත්ව තිබුනේ කන්ද උඩරට රාජධානියට හෙයින් නැගෙනහිර කවම දාක වත් උතුරේ පාලනයට යටත් නොවිය යුතු බවයි. උතුරේ   රජතුමාට අයත් වුයේ වන්නි දිස්ත්‍රික්කය හා යාපනය දිස්ත්‍රික්කයයි.

කෝට්ටේ පාලනයට කප්පම් ගෙවුවද යාපනයේ රජු ස්වාධීනව  උතුර පාලනය  කළේය. රටේ රජයන් කීපයක් (උතුර, කන්ද උඩරට, කෝට්ටේ, සීතාවක ආදී වශයෙන්) . ඒකීය රාජ්‍ය පාලනය හයවන පරාක්‍රමභාහු රජුගෙන් පසු අවසන් විනි. ඉන්පසු රට ඒකීය රජයක් බවට පත් කර පාලනය කලේ ඉංග්‍රීසින් ය. ඒ 1815න්  පසුවය.

මේ අනුව ඉංග්‍රීසින් රට එක්සත් කිරීමට කලින් තිබූ පාලනය ස්ථාපිත කිරීමට නම් උතුරේ සමාජවාදී පාලනයකුත් දකුණු පළාතේ සමාජවාදී පාලනයකුත් අවශ්‍ය යයි කල්පනා කලෙමි. ඉන්පසු උතුරේ මහේෂ්වරන් ලා සමාජවාදී පාලනයක් පිහිටවූ පසු එහි ආධාරයෙන් දකුණේ හම්බන්තොට තංගල්ල සිට ගාල්ල දක්වා සමාජවාදී රජයක් පිහිටු වීමටත් ඒ ආධාරයෙන් පසුව කොළඹ හා කන්ද උඩරට සමාජවාදී රජයන්ද පිහිටවිය හැකි වෙතැ යි සිතුවෙමි. ඉන්පසු සෝවියට් සමුහාණ්ඩුව මෙන් ශ්‍රී ලංකා සමාජවාදී සමුහාණ්ඩුවක් පිහිටවිය හැකි යයි සිතුවෙමි.  මේ සෝවියට් දේශයට ඉගෙනීමට යාමට ප්‍රථම යන්තම් අවුරදු 18 ඉක්මවූ තරුණයකුගේ අදහස් විය.

ඒ වනවිට ජෝන් රීඩ් ගේ "ලොව හෙල්ලූ දස දවස " මෙන්ම ගෝර්කි ගේ අම්මා වැනි පොත්, එසේම "වානේ පන්නරය ලැබූ හැටි" ආදී පොත් ද කියවා ඔක්තෝබර විප්ලවය ගැන යම් අදහසක් ද ඇති කරගෙන සිටියෙමි.

සෝවියට් දේශයේ පළමු වසර අවසන් කරමින් දෙවන වසරට යනවිට මේ ස්‌වයං  නිර්ණය අයිතිය පිලිබඳ අදහස  තදබල ප්‍රශ්න කිරීමකට භාජනය කලෙමි. ස්වයං නිර්ණයට පක්ෂපාත ලංකාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ තිබුනද 1917 විප්ලවයෙන් පසුව ලෙනින් හා ට්‍රොට්ස්කි ස්වයං නිර්ණය අයිතිය පිළිගත්තේ  ළඳරු සෝවියට් දේශයට වඩා දියුණු ආර්ථිකයක් තිබු පින්ලන්තයට අදාලව පමණක් බව වැටහිණි. එයපිළිගත්තේත් පින්ලන්තය ස්වාධීන රටක්  වශයෙන් පැවතීමේ ඉතිහාසයක් තිබු නිසා මෙන්ම රුසියන් අධිරාජ්‍යයෙන් පීඩා විඳි  නිසා යන්න බවද මගේ වැටහීම විය.

පෝලන්ත ස්වයං නිර්ණනයට ලෙනින් ගේ සහය පල කල ලිපියක් ද තිබෙන නමුත් සත්‍ය වශයෙන් ම සිදුවුයේ වෙනත් දෙයකි. සෝවියට් රතු හමුදා ට්‍රොට්ස්කි (war commissar) ගේ නායකත්වයෙන් සෝවියට් උක්රයිනයේ දෙනිකින්ගේ සුදු හමුදා සමග සටන් වැදුණු අතර පෝලන්තයේ කොටස් (ල්වොව් වැනි නගර) අල්ලා ගන්නා  ලදී.  කොල්චාක් ගේ හමුදා පරාජය කර සයිබීරියාව හා ඈත පෙරදිග පෙදෙස් ද යටත් කර ගත්හ. මෙහිදී තමන්ගේම  හමුදා පිහිටුවා ගත් රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ ලත්වියාව, ලිතුවේනියාව හා එස්තෝනියාව තමන්ගේ ස්වාධීන  රාජ්‍ය පිහිටුවා ගත්හ. සිය ප්‍රදේශ රතු හමුදාවට අහිමි වූ  වර්තමාන පෝලන්තය නිදහස් වුයේ එංගලන්ත හා  ප්‍රංශ රාජ්‍යයන්ගේ මිලිටරි උදව්වෙනි. රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ යුරෝපිය හා ආසියානු රාජ්‍යයන් (ආර්මේනියාව, ජෝර්ජියාව, අසර්බයිජානය, කසාක්ස්ථානය, තුර්ක්මෙනිස්ථානය  ආදිය) සියල්ල රතු හමුදා විසින් යටත් කර ගන්නා  ලදී. මේ අනුව පැහැදිලිවම පෙනී යන්නේ ලෙනින් සහ ට්‍රොට්ස්කි ස්වයං නිර්ණන තියරිය, සෝවියට් සමාජවාදී රුසියාව පිහිටවූ පසු පෙට්‍රොග්‍රාඩ් හි (පසුව ලෙනින්ග්‍රාද් හා සාන්ත පිතර්බුර්ග් ) පක්ෂ කාර්යාලයේ ජනේලයෙන් එලියට විසි  කල බවය.

රුසියාවේ අවුරුදු තුනකට වැඩි කාලයක් සිටි විජේවීරද මෙය දැන නොසිටීමට විධිහක් නැත. බෝපගේ ගේ තීරණය කුමක් වුවත් විජේවීර ශ්‍රී ලංකාවේදී 1982 දී ගත් තීරණය මේ අනුව නිවැරදිද? විජේවීර තමන්ගේ ස්වයං නිර්ණන අයිතිය පිලිබඳ ලියවිල්ලේ මේ කිසිවක් සඳහන් නොකළේ ඇයි?

1940 අගෝස්තු 20 ස්ටාලින් එවූ අපරාධකරුවෙකු ගෙන් හිසට වැදුණු පහරකින් අගෝස්තු 22 ට්‍රොට්ස්කි මිය ගියේය."රතු සහ සුදු අතර " නමැති පොතේ  හයවන පරිච්චේදය ට්‍රොට්ස්කි වෙන් කරන්නේ ස්වයං නිර්ණය අයිතිය සඳහායි. ළඳරු සෝවියට් රාජ්‍යයට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රංශ ආක්‍රමණය, සුළු ජාතීන් ගේ ධනපති ස්වයංනිර්ණන අයිතිය පිලිබඳ තර්කය අනිසි ලෙස උපයෝගී කරගන්නා  බව බ්‍රිතාන්‍ය සෙන්පති වෝකර් ගේ වදන් උපුටා දක්වමින් පවසන ඔහු ජාතීන් එක්ව සටන් කරන රතු හමුදාවක් තුල ජෝර්ජියන්, උක්රේනියන්, මුස්ලිම් එකතුවක්, සහජීවනයක් තිබෙන  බව අවධාරණය කරයි.

1977  තිබු මැතිවරණයෙන් රටේ චන්ද වලින් මිලියන  එකහමාරක් (1,855,331) ලබා ගත්  ශ්‍රී ලනිපය ආසන 8ක් ලබා තුන්වන තැන ගත් අතර  චන්ද 421,488 (ලක්ෂ 4ක් පමණ) ලැබූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන  18ක් ලබා විපක්ෂය විය. මෙහි අවාසනාවන්ත කරුණ වන්නේ එජාප හා ශ්‍රීලනිප ජාතික පක්ෂ වන අතර ද්‍ර.එ.වි. පෙරමුණ දෙමල ජනතාවට පමණක් සීමා වුන වාර්ගික පක්ෂයක් වීමය. එංගලන්තයට 1983 න් පසු පැමිණි බොහෝ දෙමළ  ජනතාව දේශපාලන අනාථයන් ය. 1977 හා 1983 එල්ලවූ සිංහල වර්ගවාදී ප්‍රහාර වලට පසු පැමිණි මේ ජනතාව ගෙන් බොහෝ දෙනෙක් සාමකාමී වුවද ඔවුන් අතුරෙන් සිංහල වර්ගවාදීන් තරමටම අන්තවාදී වූ පිරිස පැතිරවූ කාරණය වන්නේ 1977 දෙමල ජාතිකයන් පක්ෂය ප්‍රධාන විපක්ෂය වීමයි. දෙමල ජාතිය දෙවන විශාලතම ජාතිය වන අතර ඊළඟට බලය ලබා ගැනීමට නියමිත ප්‍රධාන විපක්ෂයට රට දෙකඩ කර බලය ලබා දිය යුතුය යන්න ඉතා සාධාරණ ඉල්ලීමක් සේ යුරෝපිය ප්‍රජාවට පෙනුනේද මේ නිසාය.

වෙන  ඕනෑම රටක ප්‍රධාන විපක්ෂය වන්නේ එම රටේම ප්‍රධාන ජාතියේ හා සුළු ජාතීන්ගෙන් ලැබුණු චන්ද වලින් පාර්ලිමේන්තුවට පත්වන ජාතික  පක්ෂයි. (ජර්මනියේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්,  එංගලන්තයේ ලේබර් වැනි). ලංකාවේ සිදුවූ සුවිශේෂී තත්වය පිරටවලට පැමිණි දෙමල ජාතිකයන් අතරින් වාමාංශික නොවූ, වඩා  අන්තවාදී කොටස් භාවිතා කලේ දෙමල ජනගහනය අති  විශාල බව පෙන්වමිනි. බොහෝ විට ඉතාමත් තදින් සොයා බලන්නෙකු හැර අනිකුත් උදවිය නිසි සංඛ්‍යා ලේඛන දන්නේ නැත. එංගලන්තයේ සමහර  වාමාංශික සගයින්ට වුව මට මෙය පැහැදිලි කිරීම ඉතා අසීරු විය.

උතුරේ ස්වයං නිර්ණය යනු තමන්ගේ පාලනයට ඉඩ දීම පමණක් වන බවත් එය වෙනම රටක් ලෙස වෙන්වීම නොවන බවත් මට පැහැදිලි  වුයේ මෙහිදීය.  එසේම සමහරක් දෙමල මිතුරන් නැගෙනහිර උතුරේ පාලනයකට යටත් නොවිය යුතුය යන අදහස දැරුහ. ප්‍රභාකරන් හා විමුක්ති කොටි සංවිධානය  බොහෝ ලෙස 1977 ද්‍රවිඩ පක්ෂය විපක්ෂය වීම තමන්ගේ කරුණු දැක්වීම් වලට යොදා ගත්හ. ඔවුන් සිංහල ජාතිවාදීන් තරමටම ජාතිවාදී බව මට වැටහී ගියේ එංගලන්තයේදීය.  ( සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව නොවේ.) ඔවුන් චෝල මහා රාජයා ගැන,  දෙමල අධිරාජ්‍ය ගැනද කතා කරන බව මට වැටහින. කොටින්ම  සිංහල ජාතිවාදීන් අතීතය භාවිතා කර මිනිසුන් අවුස්සන ආකාරයටම ඔවුන්ද අතීත විභූතිය උපයෝගී කර ගත්හ.

ප්‍රභාකරන් ප්‍රමුඛ විමුක්ති කොටි සංවිධානය කිසිම විසඳුමකට අකමැති වීම පිටුපස සිටියේ ද මේ තමන් මෙතරම් බලවත් යයි අධි තක්සේරුවෙන් සිටි කණ්ඩායමයි. මේ බව පවසමින් දැඩි ලෙස කළකිරුණු එරික් සොල්හෙයිම් ඇන්ටන් බාලසිංහම් ට (අවසන් සාකච්චා බිඳ වැටුණු අවස්ථාවේ )  බැන වැදුන බවට එතන සිටි ජනමාධ්‍යවේදී මිතුරක් පැවසුවේය.

මෙවර මැතිවරණයේදී ජවිපෙ 4.86% චන්ද ලබා අසන 6 ගනිද්දී ද්‍රවිඩ සන්ධානය 4.62% ආසන  16 ලබා ගෙන තිබේ,. ශ්‍රීලනිප , එජාප හවුල් ආණ්ඩුවක් තුල ඔවුන්ට විපක්ෂ නායක කම දීමට හෝ ප්‍රධාන විපක්ෂය කිරීමට යෝජනාවක් පවතී.

ද්‍රවිඩ සන්ධානය වාමාංශික සන්ධානයක් නොවේ.  එය එක ජාතියකට  පමණක් සිමා වන වර්ග වාදී පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ එක ජාතියක් සඳහා පමණකි. පොදු ප්‍රශ්න පිරි රටක විපක්ෂයේ කාර්යය ලැබිය යුත්තේ ජාතික පක්ෂයකට මිස වාර්ගික පක්ෂයකට නොවේ.

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂද තමන්ට හැකි බොහෝ අවස්ථා වල අන්ත ජාතිවාදී හා වර්ගවාදී ලෙස හැසිරෙයි. පසුගිය චන්දයේ දීද එය දක්නට ලැබුණි. මෙයට සැමවිටම දැඩි ලෙස විරුද්ධව පෙනී සිටියෙමි.

කෙසේ හෝ වේවා 1977 කල වැරැද්ද නැවත කිරීම නොකළ යුත්තකි.

ස්වයං නිර්ණය මට නම් ජිවත් වීමේ නිදහස තහවුරු කිරීමයි. ඉගෙනීමට, දරුවන්ට යහපත් ජිවිතයක් දීමට , රැකියාවකට ඇති අයිතිය, නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය සෑම ජනතාවකටම තිබිය යුතුය.

ඉතිහාසය නැවතත් පුනරාවර්තනය වන්නේ පළමු වර ඛේදවාචකයක් ලෙසින් හා දෙවන වර විකාරයක් ලෙසින් යයි මාක්ස්  කියා තිබේ.



48 comments:

  1. නිවැරදියි. මම ඔබ සමග 100% එකඟයි.

    ReplyDelete
  2. //"ද්‍රවිඩ සන්ධානය වාමාංශික සන්ධානයක් නොවේ. එය එක ජාතියකට පමණක් සිමා වන වර්ග වාදී පක්ෂයකි. ඔවුන් පෙනී සිඉන්නේ එක ජාතියක් සඳහා පමණකි. පොදු ප්‍රශ්න පිරි රටක විපක්ෂයේ කාර්යය ලැබිය යුත්තේ ජාතික පක්ෂයකට මිස වාර්ගික පක්ෂයකට නොවේ."//
    ඇත්ත , වාරිග පදනම යටතේ දේශපාලනය කරන පක්ෂ රටේ දෙසහ්පන ප්‍රවාහය තුල සිටීම පවා අනර්ථකාරී වෙයි

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂද තමන්ට හැකි බොහෝ අවසතවල අන්ත ජාතිවාදී හා වර්ගවාදී ලෙස හැසිරෙයි. පසුගිය චන්දයේ දීද එය දක්නට ලැබුණි. මෙයට සැමවිටම දැඩි ලෙස විරුද්ධව පෙනී සිටියෙමි.

      Delete
  3. ද්විපක්ෂ ක්‍රමයකට පුරුදුවෙලා ඉන්න ගොඩක් බටහිර රටවල් විපක්ෂ නායක තනතුර දිහා බලන්නේ ඔය විදිහට කියන එක සම්පූර්ණ ඇත්ත. මේක මම කලින් නොහිතපු පැත්තක්. ගොඩක් රටවල ඉන්න ශ්‍රී ලාංකික දෙමළ සංක්‍රමණිකයින්ගේ අනුපාතය රටේ ඒ අයගේ අනුපාතයට වඩා ගොඩක් වැඩි නිසා ලංකාවේ තියෙන ප්‍රශ්නය සිංහල සුළුතරය විසින් දෙමළ බහුතරයක් යටත් කර ගෙන සිටීම කියලා හිතන අයත් මට හමු වෙලා තියෙනවා. එහෙම තැනුත් ලෝකේ තියෙනවානේ.

    ReplyDelete
    Replies
    1. එහම කටහ්වක් තම මෙහෙ වපුරලා තිබ්බෙත්. මගේ කිසි විරුධ්ධත්වයක් නැහැ දෙමල අයගේ අයිතීන් වලට. නමුත් ඔවුන් ගේ කොටසක් අරන් ගිය බොරුව තුල ඔවුන් ම ගිලිලා හිටිය.

      Delete
  4. මුලින්ම කරන්න ඕන ජාතිවාදී හා ආගම්වාදී සියළුම පක්ෂ තහනම් කරන එක. එහෙම කරලා සම්පන්තන්ට ඕනේ එකක් දුන්නට වුලක් නෑ. මම හිතන්නේ නෑ මේ ආන්ඩුවට ඉස්මූත් ගමනක් තියේය කියලා... වසවර්ති මාරයා දිවුරුම් දීමට ගේන්න තරම් මුන් හරක්.. යහ පාලනේ පටන් ගත්තේ කාළකන්නි සෝමරත්න දිසානායක කියන ගූ ගොඩක් රූපවාහිනියට දාලා... මේ සැරේ කරපු දේ ඊට වඩා විකාරයක්..

    මම ඒකයි කිව්වේ මුන් ඔක්කෝම එකයි. මුන් ඔක්කෝටම චීනෙන් පේමන්ට්ස් එනවා. එහෙම දෙනකොට. උන් කියන විදියට නටන්නේ නැතිව, වෙන විදියකට නටන්න බෑ....

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන්. දෙමල මිනිසුන්ට හා සුළු ජාතීන්ට මේ ක්‍රමය තුල අසාධාරණයක් හා පීඩනයක් එල්ල වෙනවා. එයට පිළිතුරු දිය යුතුයි. නමුත් විපක්ෂ නායක කම දීල ඇන ගන්නේ නැතුව.

      Delete
    2. අශීලාචාර ලෙස පහර ගස්සන්නේ නම් නෑ..අපහස කරන්නෙත් නෑ...හැබැයි ඇත්ත අහන්නේ....ලංකාවේ විප්ලවේ කොරන්න ගිහින් අහිංසක කොල්ලෝ මරලා උබලත් කෙලවාගෙන පස්සේ යුකේ පැනල, ජුනියර් හයි ස්කූල් එකේ ඉදල සෙක්ස් කරපු සුද්දියෙක් බැදගෙන ඉන්න ඔයාට අපිට බ්ලොග් ලියලා කියල දෙන්න පුළුවන් මොකක්ද ? රටක හැංගිලා ජීවත් වෙන්න වෛශාවක් වුනත් බැදගන්න කියලද ඊට වෙනස් දෙයක් ද ? ඔයා වගේ මුල ඉදන්ම වරදද්දගත්තිපු අවලම් සුද්දියෙක් බැදගෙන යන්තම් ගොඩ ගියපු අයද සිංහල බ්ලොග් කලාවේ නෙලුම් මල් පුබුදන්න හදන්නේ ?

      Delete
    3. පාහර පඟර නැට්ටෙක් ඇනොනිමස් ඇවිත් මෙතන ලියපු දේට උත්තරේ. මගේ බ්ලොගයේ මගේ පවුලට දරුණු ලෙස අපහාස කල නිසා දාන්නේ නැහැ. නමුත් මම උඹට උත්තරයක් දෙනවා කොන්දක් නැති නමක් නැතිව එන පාහරයට.
      පඟර නැට්ටා මුලින්ම කියනවා මෙහෙම: //අශීලාචාර ලෙස පහර ගස්සන්නේ නම් නෑ..අපහස කරන්නෙත් නෑ...හැබැයි ඇත්ත අහන්නේ..// එතකොට උඹ පස්සේ කිව්වේ ශිලාචාර කතාවක්ද අසමජ්ජාතියෝ ....//
      //ලංකාවේ විප්ලවේ කොරන්න ගිහින් අහිංසක කොල්ලෝ මරලා උබලත් කෙලවාගෙන පස්සේ යුකේ පැනල, // මැට්ටෝ 1971 මට අවුරුදු හයයි. කියවපන් මගේ බ්ලොගේ හොයා ගන්න. 1984-91 මම හිටියේ රුසියාවේ. ඊට කලිනුත් ඒ අතරත් හැම වෙලාවෙම මගේ යාළුවන්ට කිව්වේ තොපි වගේ ලංකාවේ පඟර නට්ටන් සහ ඔළු බක්කන් වෙනුඑන් තමන්ගේ ජිවිතේ දෙන්න එපා කියල. දැනුත් ඒකයි කියන්නේ. ලංකාවේ තොපි වගේ එවුන් ඒකට සුදුසු නැහැ. පුළුවන් තරම් කලේ ජිවිත බේරා ගන්න හදපු එක. අනික මම යූකේ පැනල නැහැ. මම ආවෙ නිත්‍යානුකුලව වීසා එකකින්.
      //ජුනියර් හයි ස්කූල් එකේ ඉදල සෙක්ස් කරපු සුද්දියෙක් බැදගෙන ඉන්න ඔයාට අපිට බ්ලොග් ලියලා කියල දෙන්න පුළුවන් මොකක්ද ?//ජුනියර් හයි ස්කූල් තියෙන්නේ ඇමෙරිකාවේ පගර නාට්ටෝ. මම උපාධිය කලේ රුසියාවේ. රුසියාවේ සෙක්ස් කරපු කට්ටිය බඳින්න බැරි වුණා. සෙක්ස් විතරයි කොලේ.

      Delete
    4. පඟර නාට්ටෝ : මේ අශිලාචාර ටික නොකෙරුවත් උත්තරයක් දෙන්නම්. මට මොනවා කිව්වත් මගේ පවුලට මේ වගේ කතා කරන්න තොපිට බැහැ. කොන්දක් තියෙනවා නම් මුනට වරෙන්.
      //රටක හැංගිලා ජීවත් වෙන්න ....... වුනත් බැදගන්න කියලද ඊට වෙනස් දෙයක් ද ?// යූකේ වෙලා හැංගිලා ජිවත් වෙච්ච එකෙක් නෙමේ.
      //ඔයා වගේ මුල ඉදන්ම ......................සුද්දියෙක් බැදගෙන //නැට්ටෝ මේ අපහාසය මගේ මුනට කරපන්. මං එකට උත්තර දෙන්නම්. පිරිමි කම කියන්නේ ඒකට.
      //යන්තම් ගොඩ ගියපු අයද සිංහල බ්ලොග් කලාවේ නෙලුම් මල් පුබුදන්න හදන්නේ // යන්තම් කොහෙද නාට්ටෝ ගොඩ අගියේ. මම ගිලිලා හිටියද. ඔය ඇමෙරිකාවට යන උන්ගේ මාන්නෙත් එක්ක එන එකාක් නේ ඕක. අනිත් එවුන් ගිලිලා කියල හිතන එක. සින්හල බ්ලොග් කලාවේ නෙමේ - බ්ලොග් කලාවේ. අපි සිංහල කියල කොහෙවත් කියල නැහැ. සින්හල එකක් තියනවා. තමරෛ කුලම් කියල දෙමල එකක් තිබෙනවා, beyond the borders කියල ඉංග්‍රීසි එකක් තියෙනවා. අහ් තව මම රුසියානු ඒවටත් ලියනවා. ඔය ඔක්කොම මට එක සමානයි. උඹට අපේ තැන් වලට එන්න බැරිනම් නෑවිත් ඉඳපන්. බලෙන් එන්න කියල නැහැ. අපහස කරනවා නම් මුනට ඇවිත් කරපන්. වඩා හොඳ උත්තරයක් දෙන්නම්.

      Delete
  5. අනික ඔවුන් පැහැදිලිවම නියෝජනය කරන්නේ දිස්ත්‍රික් තුනක් පමණයි.නමුත් ජාතික පක්ෂ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක පාහේ නියෝජනය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තම ධනපති ජාතියකට සීමාවූ පක්ෂයකට එහෙම විපක්ෂ නායක කම දීම කල යුතු නැහැ.

      Delete
    2. මටත් තියෙන ප්‍රශ්නෙ අනික් දිස්ත්‍රික්ක වල නැද්ද ඔය තමන් නියෝජනය කරන ජනතාව?

      Delete
    3. එහෙම .ඉන්නවා තමා . නමුත් විපක්ෂය එක ජනතාවකට ට සීමා විය යුතු නැහැ නේද ?

      Delete
  6. බොහෝ දුරට එකඟය...

    ///ස්වයං නිර්ණය මට නම් ජිවත් වීමේ නිදහස තහවුරු කිරීමයි =. ඉගෙනීමට, දරුවන්ට යහපත් ජිවිතයක් දීමට , රැකියාවකට ඇති අයිතිය, නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය සෑම ජනතාවකටම තිබිය යුතුය.///
    මේ වනවිට ඔවුන්ට මේ සියල්ල නොතිබේද.
    මාගේ අදහස වන්නේ ඔවුනට කියා අනන්‍ය වූ ගැටළුවක් ඔවුන් යුද්ධයට අර ඇඳි සමයේදී පවා මේ රටේ නොතිබුන බවය.
    එකල පමණක් නොව, යුද්ධයෙන් පසු මෙකලද ඔවුන්ටද ඇත්තේ රටේ අනෙකුත් මිනිසුන්ටද තිබෙන පොදු ප්‍රශ්න බවය.

    ReplyDelete
    Replies
    1. //මේ වනවිට ඔවුන්ට මේ සියල්ල නොතිබේද.// මන් හිතන්නේ නැහැ කියල. කොළඹ තිබෙනවා. වන්නියට යන්න යන්න අමාරුයි. මේ පක්ෂ වශයෙන් විතරක් නෙමේ ඉගෙන ගත්ත විදුහල, විශ්ව විද්‍යාලය, පවුල කුලය බලල වෙනස් කම් කරන රටක් නේ.

      Delete
  7. ඇත්තෙන්ම පසුගිය කාලයේ දෙමල සංවිධානය කිසි ලෙසකින් ජාතික ප්‍රශ්ණවලදි ඉදිරියට පැමින ඒ සම්භන්ධව වැඩ කර නෑ...ඔවුන් යමකට අත ගැසුවා නම් එය තමන්ගේ වාර්ගිකත්වයට බලපාන කාරණයකදී පමණයි....

    සරලම උදාහරණයක් මතක් කලහොත් මීරීයබැද්ද අනතුර වෙලාවෙදී දෙමල සංවිධාන නියෝජිතයන් ඒ තැන්වලට ගියේ අනතුරට පත් වූවන් දෙමල ජාතිකයන් වීම නිසයි.

    ඔබ කියන අයුරින්ම ජාතික තලයේ විරුද්ධ පක්ශයක කාර්‍යභාර්‍ය කිරීමට ඔවුන් කිසිදු සුදුසුකමකට හිමි කියන්නේ නෑ,,..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා. සිංහල වර්ගවාදය තුල ඔය කියන වර්ගවාදයත් තිබෙනවා. එය වැඩි කිරීමට උත්තේජනයක් දෙන්නේ මොකටද නේද?

      Delete
  8. /* අසුව දශකයේ දී ජවිපෙන් ඉවත්වූ (මට මතක විධිහට 1982 දී) බෝපගේ */

    මං හිතන්නේ ඒ 1984 දී!

    ReplyDelete
  9. /* වාමාංශික විප්ලවවාදීන් වශයෙන් මා සැලකූ උමා මහේෂ්වරන්, පද්මනාභ ආදීන්ට ඊළම් සමාජවාදී රජයක් උතුරේ පිහිටවීමට දකුණේ වාමාංශිකයන් වශයෙන් අප සහයෝගය දිය යුතුය යන ස්ථාවරයේ */

    ඒ ස්ථාවරයේ තවත් අය හිටියා. කැමිලස් නමැති මොරටුව උපාධි අපේක්‍ෂකයා ඒ සඳහා සටන් කිරීමට ගොස් මිය ගිය බවයි අපට ආරංචි වු

    ReplyDelete
    Replies
    1. ඇත්තද? කැමිලස් මරුනේ නැහැ කියල ජේඩී එස් එකේ අයෙකු කිව. දයාන් එක්ක පසුව එකතු වුනා කියල. දන්නේ නැහැ හරියටම.

      Delete
  10. /* මෙවර මැතිවරණයේදී ජවිපෙ 4.86% චන්ද ලබා අසන 6 ගනිද්දී ද්‍රවිඩ සන්ධානය 4.62% ආසන 16 ලබා ගෙන තිබේ */

    මේ කතාව බැලු බැල්මට හරි වගේ පෙනෙන තනිකරම වැරදි ස්පින් එකක්.

    දුවිඩ සංධානය ඒ ඒ මැතිවරණ දිස්ත්‍රික්කවල පාවිච්චි කළ ඡන්දවලින් ලබාගත් ප්‍රතිශත සහ ජවිපේ ප්‍රතිශත අහසට පොළොව වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඒක හරි. නමුත් මේක ස්පින් එකක් වගේ පේන ඇත්ත කතාවක් . ද්‍රවිඩ එක්සත් පෙරමුණ හා කොටි සංවිධානය කියූ කතාව තමා අපේ ප්‍රදේශ වල අපි දිනලා ප්‍රධාන විපක්ෂය වීමෙන් පේනවා අපි ට රජයක් අපේ පළාතේ පිහිටුවා වෙන්විය හැකි බව. මේ ස්ථාවරය ඔවුන් වෙනස් කලේ නැහැ අන්තිම මොහොත දක්වා. මට මතකයි මම 2005 ට කලින් මෙහිදී ගිය කතාවකදී මම කිව්වා රජයේ හමුදාවලට අවශ්‍ය නම් කොටින්ට පහර දී සමුලඝාතන කල හැකි බව. ඉතා දැන උගත් ජන මාධ්‍ය වේදීන් දෙදෙනෙකුම මට කීවේ මම ජාතිවාදියෙක් නිසා එය කියන බවයි. . කොටි ඉතාම බල සම්පන්නයි කියා, ආණ්ඩුවට පහර දී එළවන් පුළුවන් කියා. මම එයට එකඟ වුයේ නැහැ. . මම කීවේ නැහැ ඒක අධි තක්සේරුවක්. ඔවුන් මේ දැඩි ස්ථාවරය අත් හරිය යුතුයි. තමන් ගේ මිනිසුන් සිදින දුක ඔවුන් නිසා දී වෙලා කියල. යුද්දේ භාගයක් ඉවර වෙන කොට අර දෙදෙනාගෙන් එක අයෙක් පිලි ගත්ත මම කිව කතාව හරි කියල. දැන් ඉතින් වෙලා ඉවරයි. මම ජෝන් රයන් ට ඔය කටහ්ව කියන්න ගිහින් ඇන ගත්ත.

      Delete
  11. සුළු ජන කොටස් තමන් ගේ පක්‍ෂ ඇති කර ගැනීම ස්වභාවිකයි, මොකද, ඉතිහාසය පුරා සුළු ජන කොටසක අයෙකුට ප්‍රධාන පක්‍ෂයක නායකත්වය ළමඟටවත් එන්න බැරි වුනා! කදිරහාමර්ට නොදී අගමැතිකම මහින්දට දුන්නේ?

    මගේ අදහස සුළු ජන කොටස් නියෝජනය කරන පක්‍ෂ හැමවිටම ආණ්ඩුව පැත්තේ සිටීම ඔවුනාට වාසිදායකයි කියලායි. මේක තේරුම් ගත් අය තමයි තොණ්ඩමාන් සහ අශ්රොෆ්.

    ReplyDelete
    Replies
    1. සුළු ජන කොටසක නායකයෙකුට රටේ අගමැති කම දෙනවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. විපක්ෂ නායක කම දුන්නත් කමක් නැහැ. වර්ගවාදී පක්ෂවලට එන්න හොඳ නැහැ. .

      Delete
  12. ඔබත් සමග එකඟයි.

    මගේ මතය නම් ඔය සුළු ජාතීන්ගේ ස්ව්‍යන්තීරණ අයිතිය කියන එක යෙදවෙන්නේ කිසියම් පෙදෙසක උන්ට මහා ජාතියක් වී වෙනත් මහා ජාති රටේ මට්ටමින් කරන කාලකන්නි වැඩ ටික එලෙසටම ඒ පළාතේ කරගෙන යන්න. ලංකාවේ සිංහල ජනතාව ජාතික මට්ටමෙන් අසාධාරන ලෙස බලය භුක්ති විඳින්නේ නම් ඊට විසඳුම දෙමල හෝ මුස්ලිම් අයටත් ඒක කරන්න පොඩි කෑලි කීපයක් කඩලා දීම නොවේ. රටේ සියලු දෙනාට සමානව ජීවත් වන අවකාශය ලබා දීම.

    දැනට දන්නා ඉතිහාසය අනුව කාලිංග මාඝ ආක්‍රමණයෙන් පස්සෙත් උතුරු පළාතෙ ප්‍රමුඛ ද්‍රවිඩ පාලනයක් තිබ්බේ යාපන අර්ධද්වීපයේ පමණයි නේද? වන්නිය බොහෝ සෙයින් ජන ශුන්‍ය විවිධ කාලවල විවිධ පාර්ශ්ව වලට යටත් වූ පෙදෙසක්. නැගෙනහිර නම් අවසාන මොහොතේ ඉන්ග්රීසින්ට යටත් වෙනතුරුම කන්ද උඩරටට තිබ්බේ. මේ ඉතිහාස පින්තුරයත් මහා ලොකුවට බලන්න ඕනේ කියා මම හිතන්නේ නැහැ. හැමෝටම සමානව ඉන්න මිසක් එත්නික් එන්ක්ලෙව්, සුප්‍රිමසි ආදිය සුළු මහා කිසිම වාර්ගිකයෙකුට එන්න ඕනේ නැහැ.

    දෙමල සන්ධානයට විපක්ෂනායක කම දීමෙන් ඔබ කියන්නා සේම දෙමල බෙදුම්වාදයට එක කඩඉම් ජයක් ලැබෙනවා. එක තමයි මේ "යහපාලන" අත්තනෝමතික පාලනයේ කරගන්න ලොකුම වැරදීම. එජාපය හා සිරිසේනගේ මිතුරන්ට රජය දීලා, ශ්‍රීලනිපයේ එන්න අකමැති මිනිසුන්ට හා සන්ධානේ සෙසු අයට විපක්ෂය ලෙස ඉන්න දුන්නනම් එය සාධාරනයි. දැන් ලක්ෂ 47 ක මිනිසුන්ට කිසිම නියෝජනයක් නැති කරන්නයි යන්නේ . මෙය ප්‍රජාතන්ත්‍රවාදය නම් නොවේ.

    ඔබ කියන්නා සේම මෙහෙම වුනේ 1977 තමා. දමිල පක්ෂයකට විපක්ෂ නායකකම ගිහින් ආණ්ඩුවට 5/6 ගියේ එජාපයට 50% ක චන්ද ලැබිලා. එතකොට එජාපයට චන්දෙ නොදුන්නා මිනිසුන්ට රටේ කිසිම නියෝජනයක් නැතිවෙනවා. 80 දශකයේ අප මුහුණ දුන් බොහේ අභාග්‍යසම්පන්න සිද්ධි වලට හේතු වෙන්නේ ඒ මිනිස්සු වෙනත් නියෝජන සොයා යාම. 88 ජවිපෙ කේඩරය එක්ක හරිහරියට හිටියේ ශ්‍රීලනිප චන්ද දායක පිරිස. මොකද ඔවුන්ට වෙනත් නියෝජනයක් තිබ්බේ නැති නිසා.

    මෙවර පාර්ලිමේන්තු ආසන 95 ක් ලැබිලත් එක කොල්ල කාපු හැටි නම් බෙහෙවින්ම කනගාටුදායකයි. දීර්ඝ කාලීනව ඒ මිනිස්සු වඩාත් අන්තවාදී විකල්ප දිහාට තල්ලු වේවි.

    ReplyDelete
    Replies
    1. //රටේ සියලු දෙනාට සමානව ජීවත් වන අවකාශය ලබා දීම// උත්සහ කල යුත්තේ එයට කියා මාත් සිතනවා.
      //බ කියන්නා සේම මෙහෙම වුනේ 1977 තමා. දමිල පක්ෂයකට විපක්ෂ නායකකම ගිහින් ආණ්ඩුවට 5/6 ගියේ එජාපයට 50% ක චන්ද ලැබිලා. එතකොට එජාපයට චන්දෙ නොදුන්නා මිනිසුන්ට රටේ කිසිම නියෝජනයක් නැතිවෙනවා.// ඔව් . මගේ මුලික තර්කය මෙයයි. අප සිටින ධනවාදී රාමුව තුල රටෙන් භාගයකට ආසන්න චන්ද දායක කොටසගේ නියෝජනය තිබිය යුතුයි.

      Delete
  13. ඔබ මෙහිදී මතු කරන්නා වූ වැදගත් කරුණ වන්නේ අනාගත ඡන්ද ක්‍රමය පිළිබද අදහස යි. (මා දකින අාකාරයට) අැත්තට ම අජිත් අයියේ අපි දැන් සංවාදයට ගත යුතු වැදගත් ම මාතෘකා වලින් ඒකක් වන්නේ මෙයයි.... පත් වූ අාණ්ඩුව හරි පාරේ ගෙන යෑමට අපි සංවාදය දියුණු කළ යුතුය... ඒය අතීතය්ෙ ජනතාව සමග අැති කරගත් සම්මුතිය පිළිබද ව ජනතාවට විමසා සිටීමට සහ පසුවිපරම් කිරීමට අැති අයිතිය පිළිබද සංවාදයයි..... නමුත් දෙවැන්න වන්නේ අනාගත දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු සහ සකස් විය යුතු අාකාරය ගැන කරන්නා වූ සංවාදයයි... ඒය අනාගතය උදෙසා ජනතාව විසින් දේශපාලකයා කෙරෙහි අැති කරන්නා වූ පීඩනයක් වෙයි....

    මේ සංවාද ද්විත්වය තුළ වැදගත් මාතෘකාවන් රැසක් තිබේ.... අප විශ්වාස කරන අාකාරයට මේ අනාගත සංවාදය දැන් ඒළියට ගත යුතුයිි.... පළමු සංවාදය කවදාවත් නොනවතින සංවාදයකි.... ඒය දිගට ම පවත්වා ගත යුතුයි... ඒය බස් තුළ.. හංදිවල... කඩවල් වල අාදී පොදු ස්ථානයන් හී සංවාදයට ගැනීමට හැකිය.. නමුත් අනාගත සංවාද යන්න බුද්ධිමතුන් තුළින් සංවාදයට බදුන් කොට සමාජයට කාන්දු කළ යුත්තකි... පසුව ඒය මහජන මතය ලෙසින් දේශපාලනඥයා ඉදිරියට යාවි.......

    ReplyDelete
    Replies
    1. මම ඔබත් සමග එකඟයි . මම හුඟක් කැමතියි අපහාස කරන්නේ නැතුව මම මෙතන කියන්නේ ජාතිවාදී කටහ්වක් නම් ඒක පෙන්වල දෙනවට. දැන් ආපු රජය ජාතිවාදය පරාජය කරලා නම් ආවේ විපක්ෂ නායක කම දෙමල හෝ මුස්ලිම් හෝ මැලේ හෝ බර්ගර් ජාතිකයෙකුට ගියාට ම්ගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් වර්ගවාදී පක්ෂ වලට නොවේ . අප මෙයත් ඔබ කියන ආකාරයේ සංවාදයකට ගෙනි යමු. රටේ අනිත් ප්‍රශ්නත් එතනට ගමු. ඔබේ අදහස ඉතා අගෙයි. ඔබ ඇත්තටම ඔබේ බ්ලොගයේ මෙවැනි රචනා (මේ කොමෙන්ටුව වැනි) කල යුතුයි කියා මම හිතනවා.

      Delete
  14. ජන වර්ගයක / ආගමක නමින් තියෙන සියළුම දේශපාලන පක්ෂ තහනම් කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත දෙකම උස්සල සහයෝගය දෙනවා.

      Delete
    2. අත් දෙකම ..මාධාවියෝ ..:)

      Delete
    3. එතකොට බස්නාහිර ජනතා පෙරමුණ

      Delete
    4. සෑම දෙනාටම ආර්ථික දියුණුවක් ලැබෙනකොට ජාතිවාදය සෑහෙන දුරට යටපත්වෙනවා නේද?
      ඒත් ආර්ථිකව දියුණුවුනත් ටිකකලක් යනකොට ජාතිවාදය විනෝදාංශයක් ලෙස හෝ අවුස්සන අය එනවා. මනුෂ්‍ය ස්වාභාවය.
      කොහොමවෙතත් ජාතිවාදයට බිම් මට්ටමෙන් සපොර්ට් එක ලැබෙන එකනම් ආර්ථික දියුණුවත් එක්ක අඩුවෙනවා

      Delete
    5. බස්නාහිර ජනතා පෙරමුණ කියල නැහැනේ ඒ ගොල්ල පෙනී හිටින්නේ එක ජාතියක් වෙනුවෙන් කියල. සිංහල උරුමය වගේ පක්ෂ වුණත අවශ්‍ය නැහැ කියල මම හිතන්නේ. ඒවා දේශපාලකයන්ට චන්දෙ දින ගන්න හදපුවනේ. මිනිස්සු අවුස්සලා.

      Delete
    6. ප්‍රා ඒක ඇත්ත. දැන් එංගලන්තේ ජාතිවාදය නාග එමින් තිබෙන්නේ විරැකියාව එක්ක. ධනවාදී රටවල් ඒවා ඕන කමින් අවුස්සන්නෙත් ඒක නිසාමයි. ආර්ථික ප්‍රශ්න රැකියා ප්‍රශ්න අඩු රටවල මේව අඩු ඇයි. නොර්වේ , ඩෙන්මාර්ක් වගේ රටවල. ඔබ කියනවා වගේ සම්ප්රුනයෙන්ම නැති වෙන්නේ නැහැ තමා.

      Delete
  15. දෙමළ ජාතිකයෙක්ට විපක්‍ෂ නායක කම ලැබීම ගැන මගේ අමනාපයක් නැහැ.ඔබ කියන්නාසේ ගැටලුව වන්නේ දෙමළ ජාතික සන්ධානයේ තිබෙන වර්ගවාදී ක්‍රියා පිළිවෙතයි.කුමන ජාතියක වුවත් "වර්ගවාදය"හෙලා දැමිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මමත් මතු කරන්නේ දෙමල ජාතිකයෙකුට එතන දීම නොවේ. දෙමල ජනාධිපතිවරයෙකුට වුවද මට චන්දය දීමට පුළුවන්.

      Delete
  16. ඇමෙරිකාවේ සිට පාහර කතාවක් ලියු ඇනොනිමස් පඟර නැට්ටාගේ දැන ගැනිම පිණිසයි . පුළුවන් කමක් තියෙනවා නම් ඔය කියපු පාහර කතාව මගේ මුනට කියපන්. මම ලෑස්තියි. මගේ නම අජිත් ධර්මකීර්ති, රුසියාවේදී කිව්වේ පොඩි අජිත් හෝ පොඩි අජ්ජා කියල.මම බැන්නොත් බනින ගැහුවොත් ගහන එකෙක්. ඒ නිසා කොළඹදී හරි යුරෝපයේදී හරි මට මුණ ගැහිලා මූණට කියපන්. එතකොට මම උඹට උත්තර දෙන්නම්.

    ReplyDelete
  17. දෙමළ සන්ධානයට විපක්ෂ නායක කම ලබා දෙනවාට වඩා වැඩි බරක් ඔවුන්ට ආණ්ඩුවේ ඇමතිපට්ටම් කීපයක් ලබා දී ආණ්ඩුවට එකතු කරගැනීමෙන් ලැබෙන බව මගේ මතයයි.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට එකතු කර ගන්නවනම් සමහරවිට තමන්ගේ ආධාරකරුවන්ට යමක් කර දීමට, කොන්ත්‍රාත්තුවක් භාර දීමට හැකි වේවි. විපක්ෂ නායක කම දුන්නම පිටරටවලින් සල්ලි එකතු කකරන්න ලේසි වේවි. එක පක්ෂයට නොදී පුද්ගලයෙකු විධිහට දෙන්න බැහැ නේද. ශ්‍රී ලනිපයේ දෙමල නායකයෙක් නැහැ නේ.

      Delete
    2. ඒ නිසාම තමා ඇමති මණ්ඩලයට ඔවුන්ගෙන් කිහිප දෙනෙක් එකතු කරගත යුතු යැයි මා සිතන්නේ. විපක්ෂ නායක කම භාවිත කරමින් මුදල් එකතු කිරීමට නම් වර්ගවාදය වැපිරිය යුතුයි. ඇමතිකම් ලබාගත් පසු විපක්ෂ නායක කමේ සිටිනවාට වඩා වැඩි ස්වයං පාලනයක් ඇතිව සිටීමට ඔවුන්ට සිදුවෙයි. ඇමතිකම් ලබාගන්නන් ඒ මගින් ලැබෙන පෞද්ගලික වාසි සහ බලය රස වැටුන පසු ඔවුනුත් ප්‍රධාන දහරාවේ දේශපාලුවන් අතරත් වෙනසක් නැතිවේවි.

      Delete
    3. අර කරුණාවකැඩුව වගේද ?

      Delete
  18. බොහොම හොඳ කාරණයක් උඹ මතු කරන්නෙ අජිත්. ‍හැබැයි මේ ගැන මට තියෙන්නෙ මිශ්‍ර අදහසක්.

    බලය බෙදීම සම්බන්ධව දෙමළ ජනතාවගේ ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කරන්න යොදාගන්නා හේතුව තමයි, "බලය ජනතාවට ලැබියයුතුයි, මුං ඉල්ලන්නෙ උන්ගේ ලාභය වෙනුවෙන් වැඩි බලතල සහිත පාලනයක්" කියන එක. හැබැයි ඉතිං ඔය තර්කයම ආපස්සට බැලුවම, සාමාන්‍ය දෙමළ මිනිහට නොලැබෙන විශේෂ යමක් අපිට ලැබෙනවද? නෑනේ!
    ඒ ඔස්සේ ගියාම මට කියන්න තියෙන්නෙ ඉහලින් ප්‍රා ජේ කියපු කතාව තමයි. සියල්ලන්ටම සමාන ආර්ථික දියුණුවක් ලැබෙන තාක් මේ වගේ සිල්ලර කාරණා මතුවීම වලක්වන්න බෑ. අන්න එතකොට ඒකට වගකියන්න ඕන සිංහල පාලකයන්.

    මම ලංකාවේ වෙනම රාජ්‍යක් ඇතිවීම අනුමත කරන්නෙ නෑ(වෙන්වීමේ අයිතිය පිලිගන්නෙත් නෑ). නමුත් මේ ඔක්කොම අවුල් වලට හේතුව අපේ සිංහල දේශපාලකයන්ගේ ක්‍රියාවන්. රට ගැන තීරණ ගන්න සිංහල දේශපාලන නායකත්වය පිස්සු කෙලින තාක් කල් වාර්ගික අවුල් නවත්වන්න බෑ.

    අර ඡන්ද ප්‍රතිශත අනුව මන්ත්‍රී ආසන බෙදීම කියන අවුල එන්නෙ (ජවිපෙ 6 TNA 16) සමස්ත රට ගැන නොසිතා දිස්ත්‍රික් මට්ටමින් සමානුපාතික ක්‍රමය යොදාගැනීම නිසා. එ්ක එච්චර සීරියස් ගන්න දෙයක් නෙවේ. කොයි ක්‍රමයේත් එක එක අවුල් තියනව. මේකත් එකක් විතරයි.

    ReplyDelete
  19. //මම ලංකාවේ වෙනම රාජ්‍යක් ඇතිවීම අනුමත කරන්නෙ නෑ(වෙන්වීමේ අයිතිය පිලිගන්නෙත් නෑ). නමුත් මේ ඔක්කොම අවුල් වලට හේතුව අපේ සිංහල දේශපාලකයන්ගේ ක්‍රියාවන්. රට ගැන තීරණ ගන්න සිංහල දේශපාලන නායකත්වය පිස්සු කෙලින තාක් කල් වාර්ගික අවුල් නවත්වන්න බෑ.// සම්පුර්ණයෙන් ම එකඟයි. අපේ ජාතික පක්ෂ නොයෙක් වතාවල ඉතාම වර්ග වාදී විධිහට ක්‍රියා කරලා තියනවා. නමුත් වර්තමානයේ ජනවාරි 8 හා 17 චන්ද වලදී දිනු පක්ෂය ජාතිවාදය ප්‍රතික්ෂේප කරල දිනුවේ. ඒ නිසා ඒ තත්වය දිගටම ගෙනි යන්න නම් අපි දෙමල වර්ග වාදය හා මුස්ලිම් වර්ග වාදයත් ප්‍රතික්ෂේප කරනන් ඕනේ. ඉන්පසු මේක ප්‍රා හා උඹ කියනව වගේ ගෙනි යන්න පුළුවන්. සමාන නැති වෙතත් මිනිසුන්ට කරදරයකින් තොරව අවස්ථව ලැබෙනවා නම් වැඩේ ගොඩ. අපි ජාතිවාදයට විරුද්ධව බැනුම් අහගෙන හරි ලිව්වනේ. ඒකම ඉදිරියට ගෙනියමු.

    ReplyDelete
  20. දෙමල ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙල උරුමය, නානසාරගේ බොදුබල සේනාව වැනි කණ්ඩායම් වනාහී රටේ ඇති පොදු මහ ජනතාවට බලපාන ප්‍රශ්න පිලිබද කිසිදු කතිකාවකට සහභාගී නොවී “අහවල් ජාතියේ අයිතිවාසිකම්“ යන කාරණය සිය කණ්ඩායම් වල මුඛ්‍ය සටන් පාඨය බවට පත්කර ගෙන සිටින ගෝත්‍රවාදී ගෝත්‍රික කණ්ඩායම්ය. උදාහරණයක් ලෙස, මේ දින වල බරපතල ප්‍රශ්නයක්ව පවතින වී මිලදී ගැනීම පිලිබද ප්‍රශ්නය පිලිබදව මේ ගෝත්‍රිකයන් මීක් ගාන්නේ නැත. ඒ ගැන යම්කිසි හෝ දෙයක් කතාකලේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. වී වගා කරන දෙමල හා මුස්ලිම් ජනතාව නැද්ද? මන්නාරම හා නැගෙනහිර වී වගා කරනුයේ දෙමල/ මුස්ලිම් ජනතාව නොවේද? වී මිලදී ගැනීමේදී ඇතිවන සහතික මිලක් නොමැතිකම, ගබඩා හිගය වැනි ගැටලු ඔවුන්ටද බලපායි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ගේ රාජකාරිය විය යුත්තේ රටක සමාජ ආර්ථික ප්‍රශ්න පිලිබද කතාකිරීම මිස අහවල් ගෝත්‍රයේ අයිතිවාසිකම් දියවු දියවු යනුවෙන් තප්පුලෑම නොවේ.

    අයිතිවාසිකම් යනු සෑම මිනිසාටම තියෙන්නා වූ දෙයක් විනා යම්කිසි ගෝත්‍රයක මිනිසුන්ට පමණක් තිබෙන දෙයක් නොවේ. සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගේ ඔලුගෙඩි ගාණ වැඩිවීම නිසා ඔවුන්ට හිමිවිය යුතු නමුත් දෙමල හා මුස්ලිම් ගෝත්‍රවල අයට හිමිවිය යුතු නැති ස්පෙශල් අයිතිවාසිකම් කියා දෙයක් නැත.

    අපි කතාකල යුත්තේ “මානව“ අයිතිවාසිකම් පිලිබදව විනා “මහගෝත්‍රයේ අයිතිවාසිකම්“ හා “සුලු ගෝත්‍රයේ අයිතිවාසිකම්“ වැනි තෝරාගත් ගෝත්‍රයක අයිතිවාසිකම් පිළිබදව නොවේ.

    -කුමාර සංකල්ප From Sri Lankan Atheists

    ReplyDelete
    Replies
    1. //// වී වගා කරන දෙමල හා මුස්ලිම් ජනතාව නැද්ද?//// මේ ප්‍රශ්නයම තමා මටත් .තිබෙන්නේ. මේක ගැන කතා කරන කොට මාවත් අර ජාතිවාදී නදයටම අපේම මිතුරන් විසින් ඇද දමන එක තමයි .කණගාටුව

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .