Wednesday 14 October 2015

නෙළුම් යාය බිනර මස ත්‍යාගය

බිනර (සැප්තැම්බර්) මස ත්‍යාගය තෝරා ගැනීමට ඉතාමත් අපහසු කරුණක් වුන බව කිව යුතුයි. දේශකයා  විසින් අම්මා  කියා ලස්සන කවි පෙළක් නිර්මාණය කරලා තිබුන. උපේක්ෂා  ගේ බ්ලොගයේ ඉතාම සුන්දර කෙටි කතාවක්  (කවදාද ඒ වැහි වහින්නේ නොදනිමි) මාස දෙකක් තිස්සේ ඇදී යනවා. ඒක  නම්  තවම ඉවර නැහැ.  නිදහස් සිතුවිලි බ්ලොගයේ පටන් ගත්තොත් දිගටම නොනවත්වා කියවන්න හිතෙන පරිවර්තනයක් යනවා.  වෙලාවක් තියෙනවා නම් ගිහින් බලන්න. අනිකුත් බ්ලොග් වලත් ඉතාමත් හොඳ නිර්මාණ රාශියක් පලවෙන බව කිව යුතුයි.


අපි හිතුව පසුගිය මාසය සඳහා මේ කවි පෙළ  තෝරා ගන්නට.  එම කවි පෙළ තිබෙන්නේ මෙතන.
http://madhumadhavi135.blogspot.co.uk/2015/09/blog-post_8.html

අපි කවුරුත් දන්නා මධු මාධවී රස සරණියේ. අපි හැමෝම කියවෙලා හිනා වෙන උපහාසාත්මක කොමෙන්ටු  පල කරමින් හොඳ සුහදතාවයකින් වඩා බර නැති සාකච්චා යන මේ බ්ලොගයේ මෙවැනි සවේදී කවි පෙලකුත් පල වුනා. අවස්ථා දෙකක් සංසන්දනය කරමින් විවාදයට තුඩු දෙන මාතෘකාවක් සාකච්චා කරන කවි පෙළක්. පටන් ගන්නේ මෙහෙමයි.


එදා...

අපිනම් හැඬුවෙමු....
මුළු හදවතින්ම
තෙත් නොවූවත් දෑස
තෙත් බැවින් හදවත


ඒ සිඟිති සිරුරට
දැනුන කිසිදා නොදැනුණු
ගිනියම් ඊයමක රිදුමන්
අපේ සිතටත් දැණුනි

ඒ වගේම මේ බ්ලොගයේ තව දුරටත් උපහාසය සහ විනෝදය පිරි කවි පෙළවල් ලියවෙනවා. මධු මාධවී තවත් බ්ලොගයකුත් පටන් ගෙන තිබෙනවා. මට පෙනෙන හැටි  කියා පළවෙන්නේ එම බ්ලොගයේ යන ජීවන් අත්දැකීම් ටිකක්. ඉතින් අපි  හිතනවා  නෙළුම්  යායේ  බිනර මස ත්‍යාගය හිමි වන්නේ එම අඩවියට කියා.

එසේම කෙටි දැන්වීමකුත් කරන්න කැමතියි. වැඩ අධික කම නිසා මාතලන් සහ කල්‍යාණ මිත්‍ර (සුමිත්) බ්ලොග් සංසදයේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහභාගී වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ මැදින්  මස  පැවැත් වෙන  සම්මාන  උලෙළ සංවිධානය කිරීමට උදව් කරන බව දන්වා  තිබෙනවා. මේ සඳහා  බ්ලොග් සංසදයේ සභාපති හා ලේකම් මෙන්ම කාරක සභාවක් ලෙස කටයුතු කිරීමට කැමති බ්ලොග් කරුවන්ට ආරාධනා කරන්න කැමතියි. මේවා වැටුපක් ලැබෙන තනතුරු නම් නොවේ. එකතුවී සම්මාන උළෙල සංවිධානය කිරිමට මෙන්ම අනෙකුත් වැඩ කීපයක් සඳහා කිසියම් සංවිධානයක් අවශ්‍ය වීම නිසා තමා  මේ ආයාචනය කරන්නේ. කැමති අය මේ ලිපිනයට දන්වන්න.

editor@nelumyaya.com
editor@lankanewsweb.con

ඉහත නම් සඳහන් කල බ්ලොග් සහ මධු මාධවී බ්ලොගය 2016 සම්මාන උළෙල සඳහා නිර්දේශ කර තිබෙන බවද දන්වමු. 

28 comments:

  1. ඕයේ...
    මදාවී... හරියප් බෝයිස්.. මෙන්න මෙහෙ ටෑග්ගක් හම්බුවෙලෝ...
    ඉක්මණට එන්ඩෝ ටෑගි බලම්න එන්ඩෝ...
    වර යකූ කියපුවාම...

    අජිත් අය්ය ඔය වගේ වැඩකට බැහැලම කරන්න ඕන නේද.. ඒ කියන්නෙ කොළඹ අවට ජනපදිකයන්ට ම්ස අපි වගේ ප්‍ර්‍රත්‍යන්ත ජනපද වල උං නෙන් වැඩි උදව්වක් වෙයිද. කොලොම්බුවෙ වෙ ඉක්මණට වාඩි වෙන්න පුලුවන් වුණාට කොළොම්බො එන්න පැය දෙකාමාරක් වත් යනව.
    එහෙව්වෙකේ අපි බ්ලා බ්ලා බ්ලා... වෙලා යනව ..

    කවුරු හරි බොක්කෙංම වැඩේට බහීවි ක්යල හිතනව...

    මදාවියා සහ අජිත් ඇතුලු නෙළුම්යාය ට ජයෙන් ජයම වේවා

    (කොමෙන්තුවට අනුග්‍රහය රෑ බදුල්ලාස් ඇන්ඩ් ටුවර්ස්)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි රෑ වැඩ වගේ

    ReplyDelete
  3. බිලොග් අවකාශයේ හිතහොද මිත්‍රයා විදියට මධූව හදුන්වන්න පුලුවන්.හැමෝම සමග ඉතා ඉක්මනින් සුහද වෙන කිසිදු බේදයකින් තොරව හැමෝම එකවගේ ඇසුරු කරන කොටින්ම කියනවනම් "බොක්ක" වගේ කොල්ලෙක් මධූ.ඒ වගේම හොද දක්ෂයෙක්..

    මධුට අපෙන් සුභ පැතුම්...!!!



    ReplyDelete
  4. ඕකට අපේ බස්සිව දාහං. ඒ ගොං කෙල්ලට මොලේ නැති උනාට අවුලක් නෑ. හැක්..

    මධුව මං මේ ටිකේම කියෙව්වේ නැහැ... ජය වේවා. අජි්ත් අයියා මේක හොද දෙයක්. අමතක වෙලා තිබුනේ එක පාරටම සම්මාන කිව්වමයි මතක් උනෙත් මට. මං බොට මේලක් දාන්නං..

    ReplyDelete
    Replies
    1. ඉහත නම් සඳහන් කල බ්ලොග් (දේශකයා , නුවර කුමාරි , නිදහස් සිතුවිලි ) සහ මධු මාධවී බ්ලොගය 2016 සම්මාන උළෙල සඳහා නිර්දේශ කර තිබෙන බවද දන්වමු.

      Delete
  5. යෙස් යෙස්.. අපි ඉතිං වවුල් පරම්පරාවෙනෙ.
    රෑට ඇහැරල දවල්ට නිදි හැක්

    ReplyDelete
  6. මදාවියා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්... ඒ වගේම සුන්දර චරිතයක්.. ඌට මේ සම්මාණය ලැබීම මාතලන්ටත් ළොකු සතුටක්..

    වෙල් ඩන් මදාවියා ... ඔහොමම යමන්...

    ReplyDelete
  7. මධුවාධවී බ්ලොගයට හදවතින් ම සුභ පැතුම්.... ජයවේවා මධුවෝ...........

    අජිත් අයියේ බොහොම අගෙයි වැඩේ.................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු

      Delete
    2. දැන් මේක ලිව්වේ මොන කුරුටුද කියන එකත් ප්‍රශ්නයක්? හා හා :)

      Delete
    3. ඔය කොයි කුරැට්ටත් හොදයි අර අසමඡ්ඡාතියෝ දෙන්නා නැතුව

      Delete
  8. මදුමාධවී ට සුභ පැතුම්! නෙළුම්යයා දිනේවා!

    ReplyDelete
    Replies
    1. නෙලුම්යයා කිව්වේ කාටද ? තව නමක් හැදුවද? හඃ

      Delete
  9. මදාවියාට හදවතින්ම සුබ පතමි.

    ReplyDelete
  10. මදාවියාට හදවතින්ම සුබ පතමි.

    ReplyDelete
  11. මමත් බොහොම රස විඳින රස සරනියක් මදුමාදවී.
    ඔහුට මේ ත්‍යාගය ලැබීම ගැන මගේ සතුට සහ මදුට මගේ සුබපැතුම්.

    ReplyDelete
  12. මධාවියාට සුබ පැතුම්....!

    ReplyDelete
  13. මදාවියයියටයි බ්ලොග් එකටයි අපෙනුත් අවංක සුබ පැතුම්......!

    ReplyDelete
    Replies
    1. අවංක නැති ආර්යයන් ඉන්නවද?

      Delete
    2. http://new.modernrationalist.com/2012/05/the-myth-of-the-aryan-invasion-of-india-ii/

      Delete
    3. ///වැඩ අධික කම නිසා මාතලන් සහ කල්‍යාණ මිත්‍ර (සුමිත්) බ්ලොග් සංසදයේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහභාගී වෙන්නේ නැහැ.///

      මං මේ නිකම් අද කියවපු තව බ්ලොගයක තිබුන එකක් පේස්ට් කලා මට කියන්න තරම් දෙයක් නැති නිසා : -

      // ඕනම දේකින් හීන් නූලෙන් ලිස්සලා යන උන්ට කියන්නේ ආඳා කියලයා. ගල් ආඳා කියන්නේ ඒකේ හොඳම එකය.//

      ආඳා මාලු ලෝකයේ සේෆ්ටි මෙශර්ස් ගැන විශේෂඥයෙක් කියල බෝට්ටුවල (නැව්, ඩ්වෝරා ආදී ) යන අය කියනව

      තවත් මහාචාර්ය මතයක් තියනව ලිස්සා යාම ජනාධිපතිකමට සුදුසුකම කියල, සභාපතිකමට වුනත්.......

      (මට බනින්න එපා. බැන්නොත් ඉතින් හා මචං තමයි )

      Delete
    4. ආඳා ආඳා කියන්න ඕනැය ඕකට. ගල් ආඳා නම් හරි ඉතින්.

      Delete
  14. මෙවැනි මදාවි බ්ලොගකට තෑගී දීම හෙලා දකිමු. කන්ග්‍රජුලේෂන්ස් මදාවියා

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ චාමර මේවා රට්ටු හිනස්සන වැඩ..සුඡි ඔ්ක දිපන් ළමයෙකුට..

      Delete
  15. මාධවී...සුබ පැතුම්!!

    අජිත්...ස්තූතියි!!

    ReplyDelete
  16. හැමෝටම බොහෝම ස්තූතියි සුභ පැතුවාට. අරහෙන් මෙහෙන් පැනලා තැනින් තැන කමෙන්ට් දදා, යනවා මිසක් තාම ගොනුවක් වුණේ නෑ අප්පා.
    අජියයියා, බොහොම පිං! චිරං ජයතු නෙළුම් යාය !

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .