Saturday 6 February 2016

ව්‍යවස්ථාවට යෝජනා - නිතිය හා සාමය

ව්‍යවස්ථාව පිලිබඳ යෝජනා කිහිපයක්ම තිබුනත් මේ අවස්ථාවේ වඩාත් වැදගත් යයි සිතෙන මාතෘකාවක් ගැන මගේ අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුනි. එනම් පොලිස් බල තල පිළිබඳවයි. පොලිසිය විසින් කරන ලද පහර දීම්, මිනි මැරීම් කිහිපයක් ගැන මෙන්ම අල්ලස් ගැනීම් පිලිබඳවද ලිපි කිහිපයක්ම පසුගිය කාලයේ පලවිය. එසේම ඉතාම කලාතුරකින් පොලිසියේ හොඳ වැඩ ගැනද වත්පොතේ පුවත් කිහිපයක් දුටුවෙමි.

නීතිය රැකීම මෙන්ම නීතියට යටත් වීමද, නීතියට ගරු කිරීමද එක සේ වැදගත් වන බව බොහෝ දෙනා නොසිතති. අප ධනවාදී නීතියට ගරු කරන්නේ නැතියයි කියන විප්ලව වාදීන්ට ඇත්තේ දේශපාලන හේතුවකි හෝ හේතූන්ය. ඔවුන් නීතිය කඩන්නේ දේශපාලනික හේතු මතය. නමුත් ඔවුහුද පවත්නා නිතිය යටතේ අත් අඩංගුවට ගත හැකිය. ඔවුන් සිර ගෙයට යන්නේද පවතින නිතිය යටතේ එසේ වන බව දැනගෙනය. මෙහිදී ඇත්තටම කෙරෙන්නේ පවතින සමාජ ක්‍රමයටම එල්ල කරන අභියෝගයක් නිසා ව්‍යවස්ථා වෙනස්කම් වලින් මෙයට පිළිතුරක් ලැබෙන්නේ නැත. එනිසා මෙතනදී එවන් තත්වයන් සාකච්චා කෙරෙන්නේ නැත.

 පොලිස් බලතල පළාත් වලට ලබා දීම

 1. පළාතේ ජනතාවගේ චන්දයෙන් පළාත් පොලිස් කොමසාරිස්වරයෙකු පත් කල යුතුය. ඔහු වග කියන්නේ මහා ජනතාවටය. පළාත් සභාවෙන් හෝ මධ්‍යම රජයෙන් පළාතට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ද පත්වෙන අතර ඔහුත්, පොලිස් කොමසාරිස් හා පළාත් සභාවේ මහා ඇමති හෝ නිතිය සාමය පිලිබඳ ඇමති එකතුව තම පළාතේ පොලිස් ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාවට වග කිව යුතුය.

2.මිනිසුන් විසින් පොලිසියට අල්ලස් දීම ආදී ක්‍රියා පිළිබඳව තදින් සිටිය යුතු අතර පොලිසියට බලපෑම් කරන දේශපාලනඥයන් අල්ලා සිර කල යුතුය. .

3. මධ්‍යම රජයෙන් ගෙවන දීමනාවට අමතරව පොලිස් නිලධාරීන්ට විශේෂයෙන් සුළු පොලිස් නිලධාරීන්ට පළාත් සභාවෙන් ද දීමනාවක්ද ලබා දිය යුතුය. වඩා පොහොසත් පළාත් සභා වලට දීමනාව වැඩි කල හැකිය.

3. ආයුධ පරිහරණය කරන පොලිස් නිලධාරීන් සඳහා වෙනම අංශයක් පිහිටුවිය යුතුය. ඔවුන්ද ඉහත කි පොලිස් කොමසාරිස්, පළාත් සභාවේ මහා ඇමති සහ නියෝජ්‍ය පොලිස්පති යන තිදෙනාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක විය යුතුය.

4. සන්නද්ධ හා සන්නද්ධ නොවන භටයන් හා නිලධාරීන් ගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ පාලනයට යටත්ව ක්‍රියාත්මක විය යුතුය.

5. පළාත් නමයේම මහජන චන්දයෙන් පත්වන කොමසාරිස් වරුන් විසින් ස්වාධින පොලිස් කොමිසම සමන්විය යුතුය. ජනාධිපති, අගමැති හෝ පාර්ලිමේන්තුවට ඔවුන් පත් කිරමේ බලයක් නැත. නමුත් ඔවුන් නිසියාකාරව ක්‍රියා නොකරන්නේ නම් නීතියේ ආධිපත්‍යයට ඔවුන් යටත් අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පාරිලිමේන්තුවේ වැඩි චන්දයකින් කල හැකි විය යුතුය. නොඑසේ නම් පළාත් සභාවට තමන්ගේ කොමසාරිස් ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන් ඒමෙන් ඉවත් කල හැක. නමුත් ඒ සඳහා නැවත අයෙක් තෝරා පත් කර ගත යුත්තේ මහජන චන්දයෙන් පමණි.

6. වඩා ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අතුරෙන් විනිසුරු වරුන් පත් කල යුතු අතර එම විනිසුරු වරුන්ගේ චන්දයෙන් හා ජේෂ්ඨත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් පත් කල යුතුය.

7. අග විනිසුරු පත් කල යුතු වන්නේ ජෙෂ්ඨත්වය , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගේ චන්දය හා අගමැති ගේ තීරක චන්දයෙනි.

මා මෙය ලිව්වේ ප්‍රවේශයක් ලෙස පමණි. වෙනත් අදහස් ද ඉදිරිපත් කර සංශෝධනයන් ට අදාලව ඉදිරිපත් කල හැකිය. (ගුගල් බ්‍රවසරයේ ප්‍රශ්නයක් නිසා කියවීම අපහසු විය හැකිය . අනිත් බ්‍රව්සර වල මේ ප්‍රශ්නය නැත.)  

31 comments:

  1. පලාත් සභාවට පොලිස් බලතල පවරන එක හොදයි. මධ්‍යම රජයෙන් හරියට ප්‍රතිපත්ති රකින්නේ නැතිකොට පලාත් සභා වලට හැකිද පොලිස්සිය පාලනය කරන්න. උතුරු පලාත් සභාව එක එක කාලෙට එක එක නාඩගම් නටනවා. සමහර පලාත් සභා ආන්ඩුට විරුද්ද ඒවා
    සමහර ඒවා පක්ෂයි. ඒ නිසා පක්ෂ ඒවා හා විපක්ෂ ඒවා දෙවිදියකට පොලීසිය පාලනය කරාවිද???
    තව ටිකක් බලතල පොලීසියට බලතල ලබා දී ස්වාධීන තත්වයෙන්ම තැබුවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. මේක එක පාරටම වෙනේ දෙයක් නොවේ නේ. ස්වාධින කොමිසම තව කල් තිබේවි. නමුත් මම කැමති නැහැ ස්වාධින කොමිසම ආණ්ඩුව පත් කරනවට. ජනතාවගේ චන්දෙන් එන කොමසාරිස් වග කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට.

      Delete
  2. පොලීසිය ෆොනීට දුන්නා නම් ඕක හදාගන්න තිබුනා.. රජයේ දූෂිතම ආයතනය තමයි පොලීසිය.

    අනික ප්‍රාදේශියේ ඉන්න මැම්බරයෙකුට තියෙන බලයවත් ඕ අයි සීට නෑ.. ඉතින් එහෙම පොලෝසියකින් මක්කා කොරන්නද.

    ඔය මහින්දයා ඕන කියන ප්‍රාදේශීය සභා පොරවල් ඔක්කෝම අමු හොඋර්, කසිප්පු කාරයෝ, බඩු පොට් කාරයෝ, කුළියට මිනී මරණ උන්, කොටින්ම පාතාලේ උන්. උන්ට මේ ආන්ඩුවත් එක්ක උන්ගේ වැඩ කර ගැනීමේ අපහසුව හින්දා තමයි ඔය පොල් ගහන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රාදේශීය සභා එවුන්ගේ බලය තමා මටත් පෙන්නන්න බැරි. පොලිසිය අනිවාර්යයෙන්ම ඊට උඩින් සිටිය යුතුයි.

      Delete
    2. මාතලන් සමග එකඟයි. අපේ පැත්තේ හිටපු ප්රාදේශීය සභා ලොක්කෙක් කියනවා ඉස්සරනම් කොළඹ ගිහින් ලොක්කාගෙන් ඇතිවෙන්න සල්ලි අරන් ඇවිත් ප්‍රදේශය සංවර්ධනය කරනවලු. දැන් එහෙම බැරිලු. එතකොට ලොක්කා ඒ කාලේ ඒ සල්ලි දුන්නේ උගේ මෝගේ බූදලෙන්ද? හොරකම් කරපුවාද?

      Delete
  3. පොලිසියේ මහත්වරුන් හට ආන්ඩුවෙන් වැටුප් නොගෙවියයුතු අතර පගාව කෑමෙන් ඔවුන් ගේ මාසික වියදම් සොයා ගත යුතුය. එසේ කන පගාවෙන් සීයට විසිපහක් මද්යම ආන්ඩුවටද සීයට පාලාහක් පලාත් ආන්ඩුවට ද අය කර ගත යුතුය.

    මීට වෙන්ඩ් වියවස්තා විසාරද ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පගා කන ගොඩක් එවුන් ඉන්නවා. විවාහ සහතිකය ඉන්ග්රිසියට පරිවර්තනය කරන්න පගා දෙන්න වුණා. පැන්ෂන් එක හදල දෙන්න පගා දෙන්න වුණා.

      Delete
    2. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය.

      Delete
    3. ව්‍යවස්ථා සංශෝධනය හා අදාළව සෘජුව යෝජනා ඉදිරිපත් කිරීමට මගේ බලාපොරොත්තුවක් නැත. මා ලියන දෙයක කිසියම් හෝ ගත යුත්තක් ඇත්නම් අවශ්‍ය කෙනෙක් එවැන්නක් කැමති පරිදි ප්‍රයෝජනයට ගැනීම ගැන මගේ විරුද්ධත්වයක් නැත. ඔබ මේ වැඩේට අත ගැසීමේදී නීතිය හා සාමය රැකීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආයතනය වන පොලිසියෙන් පටන් ගැනීම මගේ අදහස පරිදි හොඳ දෙයකි.

      1. ප්‍රාදේශීය මට්ටමේදී ප්‍රධාන සිවිල් නිලධාරීන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු මහජන ඡන්දයන් පත් කිරීම හොඳ අදහසකි. මෙසේම පළාතට ඔඩිටර් වරයෙකුද අවශ්‍යනම් මහජන ඡන්දයෙන් පත් කර ගත හැකිය.
      2. මෙය ඉතා පැහැදිලි අවශ්‍යතාවයක් වුවත් ව්‍යවස්ථාව හා නීතිය පිලිබඳ කරුණක් නොවේ. භාවිතය පිලිබඳ ප්‍රශ්නයකි.
      3. මෙහි වරදක් නැත. ආදායම වැඩි පළාත් වල සාමාන්‍යයෙන් ජීවන වියදමද වැඩි නිසා වඩා සාධාරණ වන්නේ එකම වැටුප ගෙවීම නොව වෙනස් වැටුප් ගෙවීමයි. (දැනටනම් කිසිම පළාත් සභාවක් ලාභ ලබන්නේ නැත. පළාත් සභා සියල්ලම මධ්‍යම රජයට හා ජනතාවට බරකි. පළාත් සභා වලට වෙන් කළ යුතු ආකාරය වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි.)
      4. ආයුධ පරිහරණය කරන පොලිස් නිලධාරීන් ලෙස කරන බෙදීම වැදගත් දෙයකි. යම් හෙයකින් පළාත් පොලිසියකට ආයුධ පරිහරණයට ඉඩ නොදිය යුතුයයි රටේ ජනතාව සිතන්නේනම් ආයුධ පරිහරණය කිරීම අවශ්‍ය නොවන අපරාධ නොවන වැරදි (උදාහරණ: රථවාහන, නීති විරෝධී මත්පැන් වෙළඳාම) සම්බන්ධව කටයුතු කිරීම සහ දඩමුදල් අය කර ගැනීම මුල් අදියරේදී පැවරිය හැකිය.
      5-7. වරදක් නොපෙනේ.

      Delete
    4. ඔබේ අදහස් වලට එකඟයි. දෙවැන්න නීතියටම දාන්න හදන්නේ ප්‍රාදේශීය සභා හා පළාත් සභා වලින් එන බලපෑම නවත්වන්න.

      Delete
    5. සරසයා මරාගේ ගෝලයෙක් බව උගේ කමෙන්ට් එකෙන් පේනවා.

      Delete
  4. පොලිසියට ස්වාධින ආයතනයක් ලෙස ක්‍රියාකරන්න හැකියාවක් නැති කම ලොකු ප්‍රශ්නයක්.ප්‍රාදේශීය බලවතුන් ඉදිරියේ පොලිසිය අසරණයි.මට හිතෙන්නේ ඔවුන් තමන්ගේ රුකියාව වෘත්තිය තෘප්තිමත් බවක් නැතිව.ඒ වගේම ඔවුන් ඉන්නේ පීඩාවෙන්.ඒ පීඩාව පිට කරන්නේ සාමාන්‍ය ජනතාව පිටින්.

    ReplyDelete
    Replies
    1. පීඩාව තියෙන හැම කෙනාම කරන්නේ ඕකනේ. එක නිසා නීතියෙන්ම දඬුවම් කරන්න ඕනේ. පග දෙන එකයි පගා ගණන් එකයි දෙන්නම යවන්න ඕනේ හිරේ.

      Delete
  5. පොලිසියේ මහත්තුරු සේම මහත්හොරු ත් ඉන්නව නෙ
    ඉතිං පළාත් සභා වලට පොලිස් බලතල ලැබුණාම ඒකද වැඩි වෙන්නත් සමහරක් විට අඩු වෙන්නත් පුලුවං
    අර දීමනා කතාව නං හොද දෙයක්. මොකද පගා ගහන්නෙ පඩි මදි හින්ද වෙන්න ඇති නෙ
    ඒත් ඕකෙ මෙහෙම එක්කුත් තියේ දිමනා ගන්නම කියල මිනිස්සුන්ට වද දෙන ජාතියෙ උං ඇති වෙන්නත් පුලුවං

    ReplyDelete
    Replies
    1. මහත්හොරු තමා වැඩි. දීමනා දෙන්න ඕනේ හොරු අල්ලන්න මිසක් වද දෙන්න නෙමෙයි. වද දෙනවට දැඩි දඬුවම් දෙන්න ඕනේ.

      Delete
  6. 1. පළාත් සභා සදහා ඇති පොලිස් කොමිෂන් සභා මගින් සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් පහලට සිටින නිලධාරින් බදවා ගැනීම කල යුතුයි. (මේ සදහා වන බදවාා ගැනිමේ පරිපාටිය පළාත් කොමිෂම විසින් අනුමත කල යුතුය) පළාත් සභාවකට බදවාගත හැකි උපරිම පොලිස් නිලධාරින් සංඛ්‍යාව ජාතික පොලිස් කොමිෂම සහ භාණ්ඩාගාරය මගින් තිරණය කල යුතුයි.

    2. සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහලට ඇති තනතුරු සදහා බදවා ගැනීම උසස් කිරීම, විනය පාලනය ජාතික පොලිස් කොමිෂමෙන් කල යුතුයි. එම නිලධාරින් තනතුරුවලට පත් කිරීම පළාත් කොමිෂන් මගින් කල යුතුයි.

    3. විශේෂ අපරාධ පරික්ෂණ ඒකකයන් කිහිපයක් (මත්ද්‍රව්‍ය වැටලිම්, අල්ලස් හා දුෂණ, මුල්‍ය අපරාධ, විශේෂ ගණයේ අපරාධ, විශේෂ කාර්ය බලකාය, ....) සියලුම පළාත්වලට පොදුවේ වන පරිදි මධ්‍යම ආණ්ඩුව විසින් පවත්වා ගෙන යා යුතුයි.

    4. පළාත් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂමෙන් නිර්දේශ කරන නිලධාරින් තුන් (03) දෙනෙකු අතරින් පළාත් සභාවේ චන්ද විමසිමකින් තොරාගත යුතුයි.

    5. කොමිෂන් සභාවලට පත්කරන පුද්ගලයින් අවු 20කට වැඩි පලපුරුද්දක් ඇති රජයේ නිලධාරින්, නිතිඥයින් , වෘත්තිය සමිති නියෝජිතයෙක් වන පරිදි තොරාගතයුතු අතර උපරිම සංඛ්‍යාව පහකි (05)මහජන චන්දයකින් තොරාගැනීම අවශ්‍ය නැත. (ඒ වෙනුවට මා කලින් යොජනාකර ඇති සංවර්ධන කමිටු සකස් කරන්නේනම් එම කමිටුවල සාමාජිකයින්ගේ චන්දයකින් කොමිෂම සදහා යම් නියෝජිතයින් සංඛ්‍යාවක් පත් කර ගැනීම උචිතය). (මහජන චන්දයකින් කොමිෂන් සභා නියෝජිතයකු තොරාගැනීම ඉතාමත් වියදම් සහිත ක්‍රියාවකි. කොමිෂන් සභා නියෝජිතයින්ට සිදු කිරීමට ඇති කාර්යයන් පිලිබදව සැලකිමේදි එතරම් මිලක් ගෙවිය යුතුයැයි මම විශ්වාස නොකරමි)

    6. පළාත් සභාවකට මධ්‍යම ආණ්ඩුව පනවා ඇති නීතී වලට අමතරව මාර්ග නීතී සම්බන්ධයෙන් නීතී පැනවීමට හෝ පනවා ඇති සමහර නීතී ඉවත් කිරීමට බලය පළාත් සභාවට ලබාදිය යුතුය.

    7. පොලිසියේ ගැටුම් සමතකරණය (පුද්ගලයින් අතර ඇතිවන ඉතා කුඩා ප්‍රමාණයේ ගැටුම් සමතකිරීම), උපදේශනය (පවුල් ආරවුල්,මත්ද්‍රව්‍ය භාවිතාවෙන් ඇතිවන ගැටලු....), මහජන සබදතා පැවැත්වීම(ජනතාවට අවශ්‍ය ලිපි ලේඛන සැපයීම, ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම,...) යන අංශ සදහා එම ක්ෂෙත්‍රයේ විශේෂ පුහුණුවක් සහිත නිලධාරින් පත්කල යුතුය.

    ReplyDelete
    Replies
    1. අංක 4 මම වඩාත් කැමති පළාතේ ජනතාවගේ චන්දෙන් පත් වෙන කෙනෙකුට බල තල දෙන්න.

      Delete
  7. අජිත් අයියාගේ අදහස් වලට මගේ යෝජනා මෙන්න.

    1) පළාත් වලට පොලිස් බලතල ලබා දුන්නොත් පළාතේ සේවය සඳහා යොදවන්නේ එම පළාතේම ස්ත්‍ර පදිංචි පොලිස් නිලධාරීන්ද ? උදාහරණයක් විදියට දකුණු පළාතේ අය දකුණු පළාතේ පමණයි වගේ.එහෙම නැතිනම් පළාත් අතරේ පොලිස් නිලධාරීන් මාරු කර ගැනීමේ ක්‍රියාවලියක් තබා යුතුද ?

    මගේ අදහස පොලිස් බලතල මධ්‍යම රජය යටතේම තබා ගත යුතු බවයි.

    2) අල්ලස් ගැනීම සහා දීම යන වැරදි සඳහා මහාධිකරණයේ නඩු පැවරිය යුතු වන අතර ඒ සඳහා වන දඬුවම්ද වැඩි කල යුතුය.

    3) අනිවාර්යෙන්ම එය එසේ සිදුවිය යුතුයි.ආයුධ පරිහරණය කරන පොලිස් නිලධාරීන් සහා ආයුධ භාවිතයෙන් තොර පොලිස් නිලධාරීන් ලෙස කොටස් දෙක තිබිය යුතු වන අතර ආයුධ භාවිතා පොලිස් නිලධාරීන් සය මසකට වරක් හෝ මානසික වෛද්‍ය උපදේශන සායන සඳහා සභාගි කරවිය යුතුය.

    4) සහා 5 ) යන යෝජනා සම්බන්ධව පොලිස් බලතල මධ්‍යම රජය යටතේම තබා ගත යුතු බව මගේ අදහසයි.

    6) සහා 7) යෝජනා සමගින් එකඟයි.

    ReplyDelete
    Replies
    1. දැනට පළාත් සභා සදහා ගුරුවරුන් බදවා ගැනීමේදි ගුරුවරුන් (අනෙකුත් බොහෝමයක් පළාත් රාජ්‍ය නිලධාරින්ද)බදවා ගනු ලබන්නේ අදාල පළාතේ ජිවත්වන ජනතාවගෙන්ය. ඔවුන්ට සේවා අවශ්‍යතාවයන් හා පළාත් 2 එකගතාවය අනුව ස්ථානමාරුවිය හැකිය.

      පොලිසියට එරෙහි අල්ලස් නඩු විමර්ශනය කරන්නේද පොලිසිය විසින්මය. එබැවින් සිදුකල යුත්තේ අල්ලස් ගැනීමට ඇති අවස්ථාවන් සීමා කිරීමය. දඩුවම් වැඩි කිරීම මගින් වැරදි අඩුවන්නේනම් සෞදිය අඩුවෙන්ම වැරදි සිදුවන තැනක් විය යුතුය

      Delete
    2. අංක 1 - හෙම නැතිනම් පළාත් අතරේ පොලිස් නිලධාරීන් මාරු කර ගැනීමේ ක්‍රියාවලියක් තබා යුතුද? මම මේකට කැමතියි.

      Delete
    3. //දඩුවම් වැඩි කිරීම මගින් වැරදි අඩුවන්නේනම් සෞදිය අඩුවෙන්ම වැරදි සිදුවන තැනක් විය යුතුය.//
      එකඟයි මම එතන අදහස් කරන්න හැදුවේ අල්ලස සාමාන්‍ය දෙයක් කියන ආකල්පය නැති වෙන්න ඕනේ කියන එකයි.අපි දන්නවා දැඩි දඬුවම් දෙන්නේ උසාවියකින් බරපතල වරදකරුවන්ට.අන්න ඒ විදියේ බරපතල අපරාධ ගණයේ ලා අල්ලස කියන එක සලකන්න ඕනේ.

      Delete
  8. පොලිස් බලය පළාත්සභාවලට පැවරුවොත් වෙන්නේ පැමිනිල්ලක් දාන්න අඩුමගානේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීකෙනෙක්ගෙන්වත් ලියුමක් අරගන යන්න වෙනතැනට වැඩේ සෙට්වෙන එකයි. මෙච්චරම සුභ සිහින දකින්න තරම් ලංකාව තාම ලෑස්ති නෑ අජිත් අයියේ.

    ReplyDelete
    Replies
    1. කොමසාරිස් කෙනෙක් දාන්නේ එකයි. ලියුම් දෙන එවුන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ කොටස නීතිය හා සාමය යටතට වැටෙන්නේ නැහැ නේද?

      Delete
    2. මෙය නීතීය හා සාමය යන කොටසට අදාල නැත. හැකියාවක් තිබේනම් කොටස් දෙකම මෙම ස්ථානයෙන් ඉවත්කර වෙනත් ස්ථානයක (නෙලුම්යායේ සුදුසු ස්ථානයක ) පළකරන ලෙසද ඉල්ලා සිටිමි.

      දැනට බොහෝ දෙනෙකු රටේ පවතින රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවත් ඒවාට බදවා ගැනීම් සිදුකරන ආකාරය විනිවිද පෙනෙන ආකාරයක් නෙවන බවත්, අවශ්‍ය තරමට වඩා සමහර ස්ථාන වල සේවකයින් සිටින බවත් (සමහර ස්ථානවලට ප්‍රමාණවත් තරම් නිලධාරින් නැත)සියලු දෙනාම පිලිගන්නා කරුණුය.

      එබැවින් පවතින තත්වයට වඩා හොද ජනතාවට කාර්යක්ෂම සේවයක් සපයන රාජ්‍ය සේවයක් ඇතිකරවා ගැනීම සදහා අවශ්‍ය කරන යෝජනා ඉදිරිපත් කරමින් කතිකාවක් ඇතිකරවිම සදහා මම මෙය ලියන ලදි.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙම කොටස් නෙලුම් යායේ පලකර ඇති බැවින්ද, නීතීය හා සාමය යටතේ මෙය අදාල නොවන බැවින්ද ඉවත්කර ගන්නා ලදි

      මාගේ අදහස් දැක්වීම නෙලුම්යායේ පලකිරීම සම්බන්ධව ඔබට මාගේ කෘතඥතාවය පලකරමි...

      Delete
  11. පොලිසිය නං සෝවාන් වෙච්ච එකෙක්ට දුන්නත් මම නං හිතන්නෙ නෑ හදන්න පුළුවන් කියල.. එහෙම වෙන්න නං ඉන්න ඔක්කොම එවුං ඇස කරලා අලුතෙන්ම පොලිසියට ගන්නෝන.. අර කව්දෝ කිව්ව හොඳ පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නවලු.. එකෙක් මැරිලලු. අනික ඉපදිලා නෑ ලු...

    ReplyDelete
    Replies
    1. සජ්ජා උඹලට තේරෙන්නේ නැත්තේ ඕක ඒකෙ ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්නයක් නොවන බව. ඔතනට ගියොත් ඔයාට වුනත් එහෙම වෙන්න පුළුවන්. නැත්නම් උසස් වීම නොලැබී දුෂ්කර ප්‍රදේශ වල සේවය කරලා මැරිලා යන්න පුළුවන්.මුළු සමාජයක්ම එකට හදන්න ඕනේ වෙලාවක ආයතනයක වැඩ කරන එවුන්ට බැනල පලක් නැහැ.

      Delete
  12. අනිවාර්යයෙන් වැදගත් අදහස් දැක්විමක් ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන අයෙකුට බලය පැවරිම ඉතාමත් හොදයි,හැබයි මේ වගේ වෙනසක් භාර ගන්න ලංකාව තාම සුදානම්ද කියලත් මෙතනදි ප්‍රශ්නයක් එනවා,

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .