Wednesday 9 March 2016

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015

පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 වසරේ මැදින් මස 26 වනදා සවස 2.30 සිට සවස 5.30 දක්වා පැවැත්වෙයි.

ඉවාන් පව්ලුෂා (ප්‍රගීත් අනුරාධ) ගේ මෙයවිමෙන් නෙලුම්යාය සංස්කාරකවරයාගේ (කොළඹ ගමයා) විසින් "2015 බ්ලොග් සම්මාන උළෙල දක්වා නෙලුම් යාය ආ මඟ" පිලිබඳ හැඳින්වීමකින් හා මෙතෙක් කරන ලද ප්‍රජා සත්කාර වැඩ පිලිබඳ හැදින්විමකින් ආරම්භ වන මෙවර උළෙල ගිය වසර ට වඩා ගුණාත්මක ලෙස වෙනස්ව සංවිධානය කිරමට සහෘද බ්ලොග්කරුවන් විසින්ම සංවාද කොට අනුමැත කරගත් වැඩ පිළිවෙලක් තුලින් කටයුතු යොදා ඇත.

නෙලුම් යායේ තේමා ගීතය මෙවරද "මනාගේ ගේ පින්තුරය" බ්ලොගයේ මනෝජ් පෙරේරා විසින් ගයනු ලබයි.

ප්‍රවීන විද්‍යා ලේඛකයෙකු හා "සිව් මංසල කොලු ගැටයා " බ්ලොගය ලියන නාලක ගුණවර්ධන මහතාත් W3ලංකා බ්ලොගය ලියන ප්‍රවීන හා වෘත්තීය බ්ලොග් කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතාත් මෙවර ප්‍රධාන දේශනය ඔවුනතර සංවාදයක් ලෙස බ්ලොග් පිලිබඳ කතිකාවක් සේ ඉදිරිපත් කරනු ඇත.

Unnamed theatre group කණ්ඩායම විසින් ඉදිරිපත් කරන "ආණ්ඩුවේ රස්සාවක්" නාට්‍යය හා රන්ජිත් සායක්කාර ඉදිරිපත් කරන "පුවක් එෂනින් " හා "18 ප්ලස්" අංගයකින් සභාව රස ගැන්වෙනු ඇත.

සභාව සංගීතයෙන් රසවත් කිරීමට බ්ලොග් කරුවන්ගෙන්ම සමන්විත සංගීත කණ්ඩායමක් මෙවර ඉදිරිපත් වෙයි. මේ සඳහා මනාගේ පින්තරුවේ මනෝජ් , ද සහන් බ්ලොගයේ සහන් පද්මසංඛ සහ තවත් බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු ගායනයෙන් සහ වාදනයෙන් සහය දක්වනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු විසින්ම ලියන ලද ආධුනික ගීත ගායනා කිරමට තෝරා ගැනීමයි.

සම්මාන සඳහා තෝරාගත් බ්ලොග් අඩවි එදිනට හෙළි කරනු ලබන අතර සම්මාන සඳහා ත්‍යාග මුදල් පිරිනමනු ලබන්නේ ප්‍රවීන බ්ලොග් කරුවෙකු හා ද නේෂන් බිල්ඩින්ග් සොසයිටි සමාගම විසිනි. එක්සත් ජාතින් ගේ සංවිධානය විසින් බ්ලොග් කරුවන්ට තෑගි පාර්සලයක් ද ලබා දෙනු ඇත.

සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

~~~~~~~~~~ඔබ සැමට කරන සුහද ආරාධනයි මේ.~~~~~~~~~~~

ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරය
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
නො 163, කිරුලපන මාවත, කොළඹ 5
දිනය - මාර්තු 26 වන සෙනසුරාදා 2016 ​
​අසුන් ගැනීම ප.ව. 2.00 සිට
ආරම්භය - ප.ව. 2.30 pm ​

58 comments:

  1. ජයසූරිය ලොක්කා වරදක් නෑ ඔය වැඩේට.

    යූඇම්පියේ සිට දෑත ශක්තිමත් කරන්නට ජොන්ස්ටන්ලා වගේ ගිය පොරක් වුනත්, දූෂණයට සම්බන්ධ වූ බවක් අහන්න ලැබුණේ නෑ නේ.

    සිංහල බ්ලොග් ලියූ පරණවිතාන, අජිත් පී පෙරේරා හෙම එන්නේ නැද්ද?

    අපිට ඉතිං වීඩියෝ ක්ලිප් සරණ තමයි. ගියා පාර නං නෙලුම් අජිත් ගේ මයිමින් විතරයි දැක්කේ!

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. පරණවිතාන මහත් එදාට බිසී වී ඇත. නැත්නම් එන්නට සිටි අයෙකි. අජිත් පෙර්ර ගැන දන්නේ නැත.

      Delete
  2. බ්ලොග් ලියන අය එක් රැස් කිරීමත් ධිරිමත් කිරීමත් අගේ කළයුතු කටයුත්තකි. දායක වෙන හැමෝටම මාගේ ප්‍රණාමය

    ReplyDelete
  3. අජිත් අයියෙ අපිත් එනවාමයි.....

    ReplyDelete
  4. අගෙ වැඩක් . සුබ පැතුම් .

    ReplyDelete
  5. ගියසරේ කිරුල පාර එක්ක පැටලුනා , මෙසැරේ නම් දන්න නිසා අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. දේශකයා යි හිමශියි දෙන්න තමයි වැඩේ කෑවේ.. :) කිරුලපනයි කිරුල පාරයි පටලවලා.. :p

      Delete
    2. ඉතිං බං කිරුල පාර කියල තියෙද්දි අහවල් එකයැ කියන්නේ.. එක්කෝ අහපු වෙලාවේ කියන්ඩ ඕන කිරුලපනය කියලා.. හැක්.. මොකද අර ඇනෝ කිව්ව විදියට අපි එංගලන්තේ ඉදල නෙව එන්නේ..

      Delete
  6. ඕයේ...
    සියලු වැඩ සරුවප්‍රකාරයෙන් සාර්ථක වෙන කවුරුවත් නෑ බෑ නොකියන දවසක් වේවා...
    නොළුම් යායට ජයෙන් ජයම වේවා...

    ReplyDelete
  7. බ්ලොග් සම්මාන උළෙල සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරමි! එන්න බලාපොරොත්තුවෙන් හිටියත් හදිසියේ යෙදුනු පවුලේ කාර්යයක් නිසා පැමිණීම අවිනිශ්චිතයි. Nandamma’s command, can't face the consequences by missing it :)

    හැකිනම් සම්මාන උළෙල වීඩියෝ ගත කර youtube/facebook දමන්න.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. නැන්දම්මල ශේප් කර තියා ගැනීම හිතටත් ඇඟටත් ගුණය. ස්තුතියි. උත්සාහයක් දරන්නම්.

      Delete
  8. මේ ගමනත් uk වලින් අවසන් වන බ්ලොග් ලිපිනවලට සම්මාන ටික ඔක්කොම යයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. uk වලින් අවසන් වන බ්ලොග් ලිපින යනුවෙන් අදහස් කරන්නේ co.uk නම් මෙතන ඇත්තේ වැරදි වැටහීමක්. මෙතැනදී සිදුවන්නේ පරිශීලිකයා සිටිනා රට අනුව අදාල බ්ලොග් ලිපිනය රීඩිරෙකට් වීමක් පමණයි.

      උදාහරණයක් වශයෙන් පහත ලිපින දෙක උත්සහාකර බලන්න.
      http://kolambagamaya.blogspot.com
      http://kolambagamaya.blogspot.co.uk

      Delete
    2. ඇනෝ බ්ලොග් ලියන ඔක්කොම කට්ටිය ඉන්නේ ඒ UK වලනේ . මම මොනවා කරන්නද ඒකට. වෙන රටකට යන්න කිව්වට අහන්නේ නෑ. ඉතින් මේ පාරත් uk කට්ටිය ඔක්කොටම දෙනවා සම්මාන.

      Delete
    3. UK ඇනෝවෙක් කියලා මාට්ටු...

      Delete
    4. @තිසර
      නෑ, නෑ, මෙයා UK ඇනෝවෙකු නොවෙයි. කොළඹ ගමයා ගේ කලින් වසරේ සම්මාන ලිපියේ යොදා තිබුණු URL දැක නොදත් කම නිසා නොමග ගිය කෙනෙකු පමණයි.

      Delete
  9. පුහ්....මෙයා ප්‍රොෆෙශනල් වෙලා තියන තරම......
    අජිත් අයියේ...අර තාන්යා කෙලී එහෙම ආවේ නැතැයි ලඟදී ඔය පැත්තේ....?

    ReplyDelete
    Replies
    1. මට වැල ලියනවා කියල චෝදනාවක් දැක්කා . නවතැහැ කල්පනා කරලා ලියන්න වෙන්නේ. තාන්යා ට කිව්වා ටිකක් ඉවසන්න කියල.

      Delete
  10. ජය අජිත් අයියා ජය................ සින්ඩිගත කරා....... නෙලුම්යායෙත් දුටුවා...... වැඩේට අපෙනුත් සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබලා නිතර දෙන සහයෝගයට.

      Delete
  11. ඔබේ මුලිකත්වයෙන් පවත්වන මේ සත්කාර්යය සම්පුර්ණයෙන්ම සාර්ථක වේවායි සුබ පතමි.පැමිණීමට නොහැකිවීම කණගාටුවකි.

    ReplyDelete
    Replies
    1. හැලපේ ලංකාවට එන සැරේ බලලා ඊළඟ එක කරමු. ස්තූතියි .

      Delete
  12. ඔය ඉස්ටේජ් එක හොඳට පේන හරියකින් මටත් ෂීට් එකක් තිබ්බනම් තමා හොඳ. එහෙනම් එදාට 2ට හම්බෙමු.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අත හොල්ල හොල්ල එන්න එපා බං..... දන්නවානේ හවස් වෙද්දි ම්.... ම්...... ම්.........

      Delete
    2. ලයිට් අඩු කරන්ඩ කියලත් කියහං කසුනා

      Delete
    3. හුහ්. ලයිට් අඩු නොකලොත් අර කමිය කියන්නැහේ ගහන එක ගහනවමයි ගල් පාරක්.

      Delete
    4. කරු ජයසුරිය කතානායක තුමා ගාව සීට් එක හිස්

      Delete
  13. වැඩේ ඇති සාර්ථක වේවා කියා බොක්කෙන්ම පතනවා.(රට පිට නිසා එන්ඩනම් වෙන්නෑ )
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. රට පිටින් ගෙනෙල්ල මෙහෙ හයි කරානම්

      Delete
  14. පැමිණිය නොහැකි අයට පසුව හෝ බලා ගැනීමට, පටිගත කර තබන්න..

    ReplyDelete
    Replies
    1. උත්සාහ කර බලන්නෙමු. ස්තූතියි.

      Delete
  15. ජය වේවා! අපිටත් එන්න පුලුවන්ද බලන්න?

    ReplyDelete
    Replies
    1. උඹ බලන්න යනවනම් මාවත් එක්ක පලයන්

      Delete
    2. අර ආමි උණෙන් ලියන්නත් එදාට එනවානේද එයා එන්නේ නැත්නම් අපි එන්නේ නෑ ඔන්න

      Delete
    3. එන්න එපා . මට වලි බේරන්න බැහැ ඔතන.

      Delete
  16. වැඩේ ඇති සාර්ථක වේවා

    ReplyDelete
  17. සියලුම කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.. මුළු උත්සවේම වීඩියෝ කරලා යූ ටියුබ් දැම්මනම් අපිටත් බලන්න තිබුන ඉතින්.. එහෙම කරන්න පුලුවනිනම් ලොකු පිනක්..

    ReplyDelete
  18. වැදගත් ම දේ ගැන කියලා නෑනේ? කන්ඩ දෙනවාද?

    ReplyDelete
  19. බස්සී බුල්ටො දෙනව කියල තිබ්බ හින්ද ඇව්ත් බැලුවෙ කතාව ඇත්තද කියල...කෝ ඒ ගැන මොකුත් කියල නෑනෙ.
    වැඩේ සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් ඉන්නවා අපි කියන්නේ බුල්ටෝ කියල මෙහෙ. එයාගේ තාත්ත තමා බුල්ටෝ හදල තියෙන්නේ ලංකාවේ. දැන් නැහැනේ බුල්ටෝ.

      Delete
  20. බස්සි කියල තිබ්බ පාර දිගේ තමා මමත් මේ පීරිසිය අරං ආවේ. වැඩේ අගෙයි. හැබැයි, 26 වෙනිදා මට විභාගයක් තියනවා. ඒ නිසා එන්න ලැබෙන්නේ නෑ. වැඩේට සුභ පතනවා!!

    ReplyDelete
    Replies
    1. විභාගේ කැන්සල් කරන්න එපා. අපි ස්ට්‍රයික් කරලා යුනි එක වහමු.

      Delete
  21. එන්න උත්සාහ කරමි

    ReplyDelete
  22. මේ සද්තාරයයට මුළු හිතෙන්ම සුබපතමි.සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවා ! - sugv.wordpress.com වෙනුවෙනි

    ReplyDelete
  23. එන්න අනේ 'නෙලුම් විලට' කේක් කවන්ට
    බ්ලොග් කරුවනි මේක අහන්ඩ
    චාටර් වුනු පාන්ඩුවට සපෝර්ට් කරන්ඩ
    සම්මානත් අරගෙන් යන්ට

    මාතලන් ඉන්නවා කේන්දරෙත් බලනවා
    අජිය ගොට්ට ගහනවා රිලවා වගේ නටනවා
    බස්සි බුල්ටෝ බෙදනවා ගස් ලබ්බත් එනවා
    තවත් එවුන් බෝතලේට දෙකට නැවෙනවා

    එන්න මෙයා 'නෙලුම් විලට' තේත් පොවන්ඩ
    මෙයාලගේ මොළ හෝදන්ඩ
    කරු ලොක්ක එනවානේ තෑගි බෙදන්න
    අනේ එපා ලයිට් කපන්න

    පැරා අල්ටෝවේ වඩියි දැන්
    ප්‍රොෆෙෂනල් වී ඉදියි
    නගෝ සල්ලිවලට අත්මේම පුදයි
    සිඩිනි සළු සම්මානෙට දෙකොනෙන්ම හලයි

    වරෙන් මචන් 'නෙලුම් විලට' ඩෝප් දාන්ඩ
    හුරුල්ලොන්ව බයිට් කරන්ඩ
    ආණ්ඩුවේ සල්ලි වලින් බිල වැනෙන්න
    ණය උගුලෙන් රට ගලවන්න

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .