Friday 25 March 2016

දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 වසරේ මැදින් මස 26

පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 වසරේ මැදින් මස 26 වනදා සවස 2.30 සිට සවස 5.30 දක්වා පැවැත්වෙයි.

ඉවාන් පව්ලුෂා (ප්‍රගීත් අනුරාධ) ගේ මෙයවිමෙන් නෙලුම්යාය සංස්කාරකවරයාගේ (කොළඹ ගමයා) විසින් "2015 බ්ලොග් සම්මාන උළෙල දක්වා නෙලුම් යාය ආ මඟ" පිලිබඳ හැඳින්වීමකින් හා මෙතෙක් කරන ලද ප්‍රජා සත්කාර වැඩ පිලිබඳ හැදින්විමකින් ආරම්භ වන මෙවර උළෙල ගිය වසර ට වඩා ගුණාත්මක ලෙස වෙනස්ව සංවිධානය කිරමට සහෘද බ්ලොග්කරුවන් විසින්ම සංවාද කොට අනුමැත කරගත් වැඩ පිළිවෙලක් තුලින් කටයුතු යොදා ඇත.

නෙලුම් යායේ තේමා ගීතය මෙවරද "මනාගේ ගේ පින්තුරය" බ්ලොගයේ මනෝජ් පෙරේරා විසින් ගයනු ලබයි.

ප්‍රවීන විද්‍යා ලේඛකයෙකු හා "සිව් මංසල කොලු ගැටයා " බ්ලොගය ලියන නාලක ගුණවර්ධන මහතාත් W3ලංකා බ්ලොගය ලියන ප්‍රවීන හා වෘත්තීය බ්ලොග් කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතාත් මෙවර ප්‍රධාන දේශනය ඔවුනතර සංවාදයක් ලෙස බ්ලොග් පිලිබඳ කතිකාවක් සේ ඉදිරිපත් කරනු ඇත.

Unnamed theater group කණ්ඩායම විසින් ඉදිරිපත් කරන "ආණ්ඩුවේ රස්සාවක්" නාට්‍යය හා අසංග සායක්කාර ඉදිරිපත් කරන "පුවක් එෂනින් " අංගයකින් සභාව රස ගැන්වෙනු ඇත.

සභාව සංගීතයෙන් රසවත් කිරීමට බ්ලොග් කරුවන්ගෙන්ම සමන්විත සංගීත කණ්ඩායමක් මෙවර ඉදිරිපත් වෙයි. මේ සඳහා මනාගේ පින්තරුවේ මනෝජ් සහ සජ්ජා  ගායනයෙන් සහ වාදනයෙන් සහය දක්වනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු විසින්ම ලියන ලද ආධුනික ගීත ගායනා කිරමට තෝරා ගැනීමයි. අජන්තා පිරිස් ද ගීතයක් ගායනා කරනු ඇත.

සම්මාන සඳහා තෝරාගත් බ්ලොග් අඩවි එදිනට හෙළි කරනු ලබන අතර සම්මාන සඳහා ත්‍යාග මුදල් පිරිනමනු ලබන්නේ ප්‍රවීන බ්ලොග් කරුවෙකු ගේ පරිත්‍යාගයෙන් හා ද නේෂන් බිල්ඩින්ග් සොසයිටි සමාගම විසිනි. එක්සත් ජාතින් ගේ සංවිධානය විසින් බ්ලොග් කරුවන්ට තෑගි පාර්සලයක් ද ලබා දෙනු ඇත.

සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

~~~~~~~~~~ඔබ සැමට කරන සුහද ආරාධනයි මේ.~~~~~~~~~~~

ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරය
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
නො 163, කිරුලපන මාවත, කොළඹ 5
දිනය - මාර්තු 26 වන සෙනසුරාදා 2016 ​
​අසුන් ගැනීම ප.ව. 2.00 සිට

16 comments:

  1. සුභ පැතුම් කාර්යය සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ බ්ලොගයත් රසවත්. අද බිසී නිසා පසුව ඇවිත් යන්න එන්නම්.

      Delete
  2. hari '''''''''' hari''''''''''' api denatamath laga pathata awa.

    ReplyDelete
  3. මේ සත්කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!

    ReplyDelete
  4. සෑහෙන බ්ලොග් කරුවන් පිරිසක් රැස්වන සාර්ථක සම්මාන උළෙලක් දකින්නට ලැබේවා !!!

    ReplyDelete
  5. එහෙනම් හවස මුණ ගැහෙමු...

    ReplyDelete
  6. හම්මේ ඉතිම් නේ... තංතෝසයං තංතෝසයි..
    තට්ටයො කි දෙනෙක් ඉදියිද දන්නෑ නේහ්...
    හිහි...
    ජයවේවා

    ReplyDelete
  7. ප්‍රවීන බ්ලොග් කරුවෙකු ගේ පරිත්‍යාගයෙන් ? rasika

    ReplyDelete
  8. සුබ පැතුම් අජිත්!!!

    ReplyDelete
  9. සුබ පැතුම් සියලු කටයුතු හොඳින් සාර්ථක වේවා....!

    ReplyDelete
  10. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    ReplyDelete
  11. මේ පාරත් මිස් වුණා.. සුභ පැතුම්.. දිගටම කරමු.

    ReplyDelete
  12. සුබ පැතුම්
    ඉත සිතින්
    යළි යළිත්
    මෙවන් දේ
    කරන්නට
    ආරාධනා...

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .