Saturday 5 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කවි හා නිසඳැස් අංශය හා හයිකු අංශය

කවි සහ නිසඳැස් ලියන බ්ලොග් අඩවි නිර්දේශ කිරීමට ප්‍රමාද වුනේ බ්ලොග් උළෙල සංවිධානය කිරීමේ කටයුතු මෙන්ම වෙනත් පරිබාහිර වැඩ යෙදුනු බැවිනි. මේ නිර්දේශ කිරීම වලදි පැන නැගුනු ප්‍රධානම ප්රශ්නයක් වූයේ වත් පොතේ හෙවත් බුකියේ තිබෙන කවිත්, ලංකා නිව්ස් වෙබ් ගී සයිබර් පවුරේ පලවන ඒවාත් මේ නිර්දේශ වලටම ඇතුලත් කර ගන්නවාද යන පැනයයි. බුකියේ කවි හා සයිබර් පවුර සඳහා වෙනම උළෙලක් පැවැත්වීමේ අදහස සිතේ තබාගෙන බ්ලොග් කවි පමණක් මෙම නිර්දේශ සඳහා සලකා බැලු බව සඳහන් කරමු.

මෙහිදී තවත් වැදගත් කරුණක් සාකච්චා කළ යුතු යැයි අපි සිතමු. බ්ලොග් උළෙල සංවිධානය කරන සංවාදයේදී "කුරුටු ගෑ ගී පවුර" අඩවියෙන් ආ එක් යෝජනාවක් වූයේ තමන්ගේ ලියු ලිපි, කවි ආදිය එනම් තම බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්නට අවස්ථාව දිය යුතුය යන්නය. තිබෙන අති විශාල බ්ලොග් සංඛ්‍යාව හා ඉනුත් කවි, නිසඳැස් සහිත බ්ලොග් අඩවිද රාශියක් ඇති බැවින් මේ යෝජනාව සාධනීය බව අපට වැටහී ඇත. මා මෙන්ම මාතලන් ද ඒ අදහසට මුලදී විරුද්ධ වූයේ ඉන් නිදහසේ බ්ලොග් තෝරා ගැනීමකට ඉඩ නොසැලසෙන බැවිනි. කෙසේ හෝ වේවා ලබන අවුරුද්දේ සිට ක්‍රම දෙකම භාවිතා කිරීමට තීරණය කළෙමු.

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.


හයිකු

හයිකු තේරීමේදී මේවා හයිකු නොවේ යයි චෝදනා එල්ලවිය හැකි වුනත් මේ නිර්දේශයන් ඒ සඳහා සුදුසු බව සිතමු. සම්ප්‍රදායික ජපාන හයිකු වල ඇත්තේ පේලි තුනක් පමණක් වන අතර මුලික අදහස වන්නේ ඉන් කැපීම/ කැපෙන (කිරු) කිරීම යන්නයි. මුලික අදහස හා අවසන් පේලියේ අදහස කැපෙන මැද වචනය කිරෙජි නම් වේ. මේවා ලියවෙන්නේ මාත්‍රා (syllables) 5 (මුල් පපේලිය ) -7 (දෙවන පේලිය) -5 (තුන්වන පේලිය ) වශයෙනි.

හයිකුවක උදාහරණයක් වශයෙන් කියෝ මුරකමි ගේ (1865-1938) මේ කවි පෙළ (නෙළුම් මල් ගැන කියැවෙන බැවින්ම ) මෙසේ සටහන් කරමි.

Murakami, Kijo. (1865-1938).

The moment two bubbles
are united, they both vanish.
A lotus blooms. (උපුටා ගත්තකි.)

පහත නිර්දේශ කෙරුණු කවි පෙළවල් ඉහත නිතිය නොසලකා ලියවුනු කෙටි කවි වූවත් හයිකු බ්ලොග් වලට ආරම්භයක් දීම සඳහා "ලඟින් යන" තේරීමක් කල බව කරුණාවෙන් සලකන්න.

නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - දේශපාලන

ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

17 comments:

  1. කොහෙ හරි තිබුනා ජපන් හයිකු 'මාත්‍රා' 17 ට සමාන් වන්නෙ ඉංග්‍රීසි භශාවේ syllables 12 ක් කියලා. ඒක සිංහලට 17 මද?

    ReplyDelete
    Replies
    1. ඒක මම හරියටම දන්නේ නැහැ ඉයන්. මට වඩා දන්නා අය ඇති මේ ගැන. ඉංග්‍රීසි භාෂාවේ තියන විධිහට තමා මම ලියුවේ. සදැන් ඉන්ෆර්නෝ කියන ඉංග්‍රීසි වචනේ සිලබල් 3යි. සිංහලටත් ඒක ශබ්ද වෙන්නේ එහෙම මනේ.

      Delete
    2. ලියන එක හරියටම දැනගෙන ලිව්වොත් කවුරුත් නොමග යෑම වලිකී.වටී.නමුත් ලියන්නෙ කියන්නෙ ලෝකෙම ඔලුව උඩ තියාගෙන ඉන්න අයෙක් ලෙස නම් මනාව පැහැදිලියි.නොදන්න දේ සොයාගෙන නිවැරදි ටෝක්ස් දෙන්නේ නම් මනුස්සකම ට වටී...

      Delete
  2. අපි කියපු දෙයක් ගැන අජිත් අයියා උඩින් කියලා තිබුණාට මට හිතෙන්නේ ඒක ටිකක් පැහැදිලි ව කියැවිලා නැහැ කියලා හිතෙනවා.

    මේ සටහනත් අපි සින්ඩියේ උපුටා දැක්වූවා....... ඕවාට අවසර ඉල්ලුවේ නැත්තං ඇනෝලා හරියට තරහා ගන්නවානේ.... ඔන්න ඇනෝලා අපි අවසර ඉල්ලුවා.......

    ReplyDelete
    Replies
    1. පැහැදිලිව ලියන්න. මම ඉකමනින් ලියා දාන්න ඕන නිසා කෙටියෙන් ලිව්වේ.

      Delete
    2. ඒ සංවාදය තුළ අපි බොහෝ දේ කතා කරා. ඇත්තට ම විවිධ ප්‍රෙව්ශයන් ගැන කතා කරා. ඒවාට විරුද්ධ වීම් සහ එකග වීම් මත අවසන් තීරණය නෙලුම්යාය විසින් ගන්නට ඇත. මොනවා වුණත් අපේ අදහස මෙතැන කියන්නම්.

      1. බ්ලොග්කරුවන්ට තමන්ගේ තේරීම අනුව සියලු ම අංශ (හෝ තමන් තෝරාගත් අංශ) වලට තමන්ගේ තේරීම් නෙලුම්යායට ඉදිරිපත් කිරීමට හැකි විය යුතුය. (මෙය ජයග්‍රාහී බ්ලොග් තෝරන කමිටුවට බලපෑමක් හැටියට නොව සහයක් හැටියට භාවිතා කිරීමක් විය යුතුය)

      2. (මේක මේ දැන් කරන යෝජනාවක් - හැකිනම් ඉදිරියේදී සලකා බලන්න) කවි බ්ලොග් තෝරාගෙන කමිටුව විසින් මෙන්න මේ බ්ලොග් 5 නිර්දේශිතයි කියලා කිව්වා ම එම බ්ලොග්කරුවන්ට තරගයට ඉදිරිපත් කරන තමන්ගේ නිර්මාණය ලබා දිය හැකි විය යුතුය. සමහර විට මෙය නෙලුම්යාය පැත්තෙන් එක කවියක් හා බ්ලොග්කරුවා පැත්තෙන් තවත් කවියක් විදිහට දෙකක් තරගයට ඉදිරිපත් කරන්නට හැකි නං තවත් හොදයි. කවි වලට පමණක් නොව අනික් අංශ වලටත් මේක යොදා ගත හැකිය.

      මේවා මාර්ගයෙන් බ්ලොග් සිය ගණනක් දෙස බලා බ්ලොග්තේරීමට කමිටුවට ඇති අපහසුතාවය මග හැරීමට මෙන් ම නවක බ්ලොග්කරුවන්ට සහ පොඩි ප්‍රමාණයක් ලියැවී ඇතත් නිර්මාණාත්මකබව අතින් දියුණු මට්ටමක පවතින අයට සාධාරණයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

      (කෙසේ වෙතත් මේ සියලු බ්ලොග් පිළිබද ව සලකා බලමින් නිවැරදි තේරීමක් සිදු කර ඇති වර්ථමාන නෙලුම්යාය බ්ලොග් තේරීම ගැන මෙයින් කිසිදු වරදක් නොකී බවත් එහි කටයුතු උපරිම වශයෙන් අගය කළ යුතු බවත් මෙහිදී සදහන් කළ යුතුමය.)

      Delete
  3. සම්මානයට නිර්දේශ වී ඇති සියලු දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්,
    ජයෙන් ජය

    ReplyDelete
  4. කවි තේරීම් වලටනම් 'උඩින්ම' කැමතියි. හයිකු ලියන්න පොළඹවන්න හොඳයි මේ වතාවේ ලඟින් යන ඒවාට හරි දෙන එක.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම කරමු. දැන් මෙතනින් 3ක් තෝරන්න කියහන්කෝ. ඔක්කොම එක වගේ හොඳයි. ඒ මදිවට තනි තරුවේ වගේම කුරුළු ආදී බොහෝ අයගේ කවිත් හොඳයි. ක්බෝහොම අමාරු වැඩක් මේ කවි තොරණ එක. එකකට එකක් හොඳයි.

      Delete
  5. සම්මාන ගත්ත සියලුදෙනාටම ජයවේවා සහ හද පිරි සුභපැතුම්. ලබන අවුරුද්දේ මටත් සම්මානයක් ගැනීමටත් සම්මාන උළෙලට සහබගිවිමට ශක්තිය දෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනමෙන් උබ සියලුදෙනාගෙන් ඉල්ලාසිටිමි.

    ReplyDelete
  6. සුභ පැතුම්..

    ජ ය වේව ා !!!

    ReplyDelete
  7. සම්මාන සදහා තේරුන බ්ලොග් සහෘදයන්ට සුභ පැතුම්

    ReplyDelete
  8. කුකුලගෙනුත් සුබපැතුම් සම්මාන උළෙලට.

    ReplyDelete
  9. සුබපැතුම් හැමෝටම.....

    විලිලජ්ජාවේ බැරුවා!

    ReplyDelete
  10. ලියන එක හරියටම දැනගෙන ලිව්වොත් කවුරුත් නොමග යෑම වලිකී.වටී.නමුත් ලියන්නෙ කියන්නෙ ලෝකෙම ඔලුව උඩ තියාගෙන ඉන්න අයෙක් ලෙස නම් මනාව පැහැදිලියි.නොදන්න දේ සොයාගෙන නිවැරදි ටෝක්ස් දෙන්නේ නම් මනුස්සකම ට වටී...

    ReplyDelete
  11. හොඳ වැඩක් යාලුවා. මමත් බ්ලොග් 1ක් කරගෙන යනවා හැබැයි බ්ලොගර් / වර්ඩ්ප්‍රෙස් නම් නෙමෙයි. බ්ලොගර් & වර්ඩ්ප්‍රෙස් අඩවිත් තියෙනවා මගේ. හැබැයි මගේ ප්‍රධානම අඩවිය වැප් අඩවියක්. මම ඒක බ්ලොග් 1ක් විදිහට පවත්වාගෙන යනවා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .