Monday 21 March 2016

පොල්කට්ටෙන් එපිටට - කොළඹ ගමයාගේ පොත පෙරලීම හෙවත් දොරට වැඩුම

ඉලෙක්ට්‍රොනික් පොතක් හෙවත් ඊ බුක් එකක් ගහන්නේ නැතිව කොළඹ ගමයා ඇයි පොතක් ගහන්නේ කියල දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊ බුක් එක නම් කලකට පෙර ලියල තියෙන්නේ. නමුත් යථාර්තය නම් පොතක් රාක්කයෙන් අරන් කියවීම තුල තවම කිසියම් සුන්දරත්වයක් ගැබ් වෙලා තිබෙනවා යන්න මත ගත් තීරණයක් ඒක. අනික තිලක සිත, හෙන්රි, රුවන් ,රසික , බෝධිනී, බස්සි ඇතුළු මෙකි නොකී බ්ලොග් කරුවන්ගේ නාම ලේඛනයට එකතු වීමත් ප්‍රීතියක්.


අවුරුදු ගාණක (1998 විතර)ඉඳන් එම්එස්එන් ගෘප් එකකුයි, ගූගල් ගෘප් එකකුයි කරගෙන ඔය පරණ බ්ලොග් කියව කියව හිටි වෙලේ බ්ලොග් ලිපියක් පල කරන්න හිතුනේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ මගේ දීර්ඝ කොමෙන්ටුවක් එම වෙබ් අඩවියේම පල වුනාට පස්සේ. ඊට පස්සේ මගේ ලිපි යැව්වොත් ඒවා පල කරන තරමට ත්‍රිමාණ වෙබ් අඩවිය කාරුණික වුණා. ඒ අතරේදී තමා චන්දිම විතානආරච්චි මහතා මම යවන ලිපි ලංකා නිව්ස් වෙබ් එකේ නෙලුම් යායේ දාන්න ගත්තේ. ඒකෙ ඉඳල හිටලා සුනිලා අබේසේකර ගේ ලිපි වගේම නාලක ගුණවර්ධනගේ බ්ලොග් ලිපිත් පළ වුනා.

ඔය අතරේදී මම චන්දිමට යෝජනා කළා අපි අනිත් බ්ලොග් කරුවන් ගේ ලිපිත් දාමු කියල. පළවෙනියට තේරුවේ අරූගේ අඩවිය. මොකද මම කාලෙක ඉඳන් කියවපු බ්ලොගයක් නිසා. ඊට පස්සේ එතනින් මාතලන්, දේශකයා, බස්සි ඇතුළු අනිත් අයගේ ලිපිත් පල කරන්න පටන් ගත්ත. ඒ වැඩේම දිගුවක් හැටියට අපට හිතුන මේ හොඳට ලියන බ්ලොග් කරුවන්ට සම්මානයක් දෙමු මේ කරන නිර්මාණශීලි වැඩේ දිරිමත් කරන්න කියල. අනික අපි හිතුව මේකෙන් අනිත් බ්ලොග් කරුවන් දිරිමත් වෙනවා වගේම තව නිර්මාණශීලි අය ලියන්න පෙලෙඹෙයි කියලත්. සමහර ප්‍රවීණ බ්ලොග්කරුවන් ඉවත් වෙලා ඉන්න අතරේ ආධුනිකයන්ටත් වඩා හොඳ තැනකුත් නිර්මාණය කරන අතරේම බ්ලොග් සම්බන්ධ කතිකාව වඩා පුළුල්ව සමාජයට යාවි කියලත් හිතුන. ඉතින් නෙළුම් යායේ දෙවන සම්මාන උළෙල මෙම 26 වනද අපට සුපුරුදු ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.

ඉතින් ඒ අතරේ ප්‍රවීණ පරිවර්තක චුලානන්ද සමරනායක මිතුරා ලන්ඩනයේදී හමු වුනු වෙලේ මගේ ලිපි ගැන කතා බහක් ඇතිවුණා. දැන් ඇත්තටම මිතුරෙකු ලෙස නිතර කතා කරන නිසාම, අදහස් හුවමාරු වෙන නිසාම සුමිතුරෙකු බවට පත් වුනු ඔහු "අජිත් අපි පොතක් ගහමු. මම ලංකාවට ගියහම උදව් කරන්නම් " කියල පොරොන්දු වුනා විතරක් නෙමෙයි ඒ වගේම නිශාන්ත පරණගම මල්ලි එක්ක එකතු වෙලා අකුරු අමුණුවල ඒ වැඩේ කරලත් දුන්න. පොතේ පිට කවරේ ඇන්දේ මගේ ලොකු දුව ශනායා. උඩ තිබෙන්නේ ඒ පින්තූරේ. දුවට කියල පින්තුරේ ඇඳගන්න අදහස ආවේ තිලකසිත ගෙන්. තිලකගේ දියණිය පියකරු සිත්තම් වලින් බ්ලොග් පිටු සරසන බව දුටු නිසා මමත් දුවල දෙන්නට අදහස කිව්වා. දුවටත් ඇත්තටම අඳින්නත් පුළුවන්. තරඟ හතර පහකින්ම ජය අරගෙනත් තිබෙනවා,  පොඩි දුව අන්තර්ජාලයෙන් සොයාගත් පින්තුර එකතු කර හැදු පින්තුරය තමා මෙතන තිබෙන්නේ.

එයාලාට මගේ අදහස සහ පොත ගැන කිව්වම නිවසේ ඇති වුණා සංවාදයක්. පොල්කට්ටෙන් එපිටට කියන නම ආවේ එහෙම. පොල් කටුවක හිරවුණු කෙනෙක් නොව ඉන් එලියට ඇවිත් හිතෙන කෙනෙක් ගේ අදහස්. "out of the box " කියන අදහස. පොල් කට්ටක වඩා සමීප ගතියක් තිබෙනවා කියල හිතුන. ඒ අතරේ ඇතුල සුදු හෙවත් ඇතුල ඉංග්‍රීසි විධිහට හිතන පිට සම පමණක් දුඹුරු මිනිසුන්ට කොකනට් හෙවත් පොල් ගෙඩියක් කියල කියනවා. එක්තරා විධිහකට බැලුවොත් මම යුරෝපීය විධිහට මෙන්ම පෙරදිග විධිහටත් හිතන කෙනෙක්. සෝවියට් දේශයේ ගත කරපු කාලය මෙන්ම දියුණු බටහිර රටක ගත කරන ජිවිතයෙනුත් උකහා ගත් අත්දැකීම් සමුදායක් සමග නිතර දෙවේලේ සිත තුල ඇති කෙරෙන ද්වි ඝටනාත්මක සිතුවිලි සමුහය බ්ලොගය හරහා අකුරුවී දැන් පොතක් වශයෙන් එලියට එනවා.

පොතේ දොරට වැඩුම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ රාජගිරියේ තිබෙන "ත්‍රිකෝණය " ශාලාවේ මේ මස 29 අඟහරුවාදා සවස 3.00 ට පවත්වන්න කටයුතු යොදා තිබෙන්නේ. ඒ මහතා චූලා කියූ පරිදි මට එම ස්ථානය නොමිලයේම ලබා දුන්න. මා උසස් පෙළ කරන අවධියේ සිට ඔහුගේ විශිෂ්ට සිනමා කෘති නරඹපු ඔහුගේ දේශන, ලිපි කියවපු අයෙක්. ඉතින් එවන් ප්‍රසිද්ධ කලාකරුවෙක් මෙවැනි උදව්වක් කරනවා කියන්නෙත් සිත සතුටු කරවන්නක්. පොත එලි දක්වන්නට උදව් වුන සියලූම හිත මිතුරන්ට ස්තුති කරන අතරේ ඒ සඳහා සහභාගිවෙන්න කියල සැමට ආරධනය කරනවා.

නෙලුම් යාය උත්සවයෙන් පසුව එළඹෙන අඟහරුවාදා සවස 3.00 ට "ත්‍රිකෝණයේදීත් " හමු වෙමු. - කොළඹ ගමයා

ලිපිනය : ධර්මසිරි බණ්ඩාරනායක ත්‍රිකෝණ සංස්කෘතික මධ්‍යස්ථානය නො 1003 පාර්ක් විදිය රාජගිරිය Address of the Trikone center is as follows.
Dharmasiri Bandaranayake
Trikone Cultural Center
No 1003/04
Park Lane, Rajagiriya.


When driving towards Battaramulla from Rajagiriya junction you see Park Lane  just opposite the petrol shed.

73 comments:

  1. නියමයි!
    එළ!!
    අපූරුයි!!!
    සතුටුයි!!!!
    පොත කියවා අදහස් දක්වන්නම්.

    ReplyDelete
  2. සුබ පැතුම් තවරිෂ්! එකෙන් නතර නොවී පොත් පෙළක්ම ලියවෙවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා තවරිෂ්

      Delete
  3. මම දකින විදිහට බ්ලොග් කරුවෙක් පොතක් ලියනව කියන්නෙ ගොඩක් සාර්තක දෙයක්....මොකද කෙලින්ම පොතක් එහෙම නැත්තන් ඉස් ඉස් ලම පොතක් ලියන කෙනෙක්ට වැඩිය ගොඩක් සාර්ථකතා ලියල පුරුද්දක් තියන කෙනෙක් ගෙන් දැක ගන්ඩ පුලුව කියල මම විශ්වාස කරනව...කොහොම හරි අජිත් අයිය පොල්කට්ටක ජීවත්වන අපේ මිනිස්සු දකින්නෙ පොල් කට්ටෙ ඇතුලෙ සුදු පාට විතරයි....එයියෙ තියන කට්ට ගැන උන්ට දැනීමක් නෑ...දවසක් පොල් ගෙඩියෙ පැලපිය එන්නෙ ඇතුලෙ ඉන්න උන් ඔක්කොම විනාශ වෙන්ඩ කියල උන් දන්න්නෑ...හදවතිම සුබ පතමි අජිත් අයිය....බ්ලොග් ලේඛකයෙක් ලෙස මේ යන ගමන හා පොත් රචකයෙකු ලෙස ඇරබියා වූ ගමන වඩ වඩා සාර්ථක වන ලෙසට....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි. පොල්කට්ටෙන් එළිපිට බැලීමට නොව පැලපිය එනවිට එලියට පැනීම ...නියම සංසන්දනය

      Delete
  4. මගේ සුභ පැතුම්... විදේශගතව සිටින නිසා එන්න ලැබෙන්නේ නෑ...

    ReplyDelete
  5. අජියා පොතක් දානවා කිව්වම පොඩ්ඩක් අවුල් වගේ.... ඒත් පත්තරයක් නෙමේ නේ.... පොත් දාන එකට එන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. මාතලන් පොත දැම්මේ නැත්නම් පොත පෙරලන්න බැහැනේ. පත්තරේ වැහෙන්නේ නැත්නම් පත්තරේට දාපන්.

      Delete
  6. Replies
    1. ස්තූතියි සඳ වියමන්.

      Delete
  7. අපිත් එහෙනම් පොල් කට්ටෙන් එලියට එමු.

    ReplyDelete
  8. අජිත් අයියා............

    හදවතින් ම සුභ පැතුම්. ඇත්තට ම සතුටුයි මේ විස්තරය දැකලා. මං හිතන්නේ අජිත් අයියා ලංකාවේ ඉන්නෙත් ටික දවසයි. ඒ අතරේ වටිනා වැඩ කීපයක් ම සිද්ධ වෙනවා. මේකයි වටිනාකම. අපේ හැකියාව අනුව කවුරුන් හෝ සහභාගී වීමට උත්සහ කරනවා. ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු. ලැබෙන පුංචි කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න තමයි වෙන්නේ නේද.

      Delete
  9. සුභ ආරංචියක්..!!
    ජයවේවා..!!

    ReplyDelete
  10. සුබ පැතුම් අජිත්.පොත එළිදැක්වීම සාර්ථක වේවා!!

    ReplyDelete
  11. සුබ පැතුම් ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාලිත මල්ලි.

      Delete
  12. සුබ පැතුම්...

    ReplyDelete
  13. All the best and good luck!!!!!Aru.

    ReplyDelete
  14. සුභ පැතුම්. කටයුතු ද්විත්වයම සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදු පූසා. බ්ලොගයට ආවට ස්තූතියි .

      Delete
  15. අජිත් එන්නනං ලැබෙනකකක් නෑ..
    නමුත් උණුසුම් සුභපැතුම් පිලිගන්න..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විදානේ

      Delete
  16. මුද්‍රිත මාධ්‍යය තුළින් අනාගත ලේඛකයකු බිහිවීමේ පළමු පියවර මෙය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක . ලොකු බලා පොරොත්තු නැහැ.

      Delete
  17. වලාමේ....එහෙනං ඔහෙත් පොතක් පෙරලන්නයි සූජානම... හොඳා... හොඳා......

    ReplyDelete
  18. Replies
    1. තෑන්ක්ස් එහෙනම්.

      Delete
  19. වැඩේ නියමයි!!! සුබ පැතුම් අජිත් .දියණියටත් සුබ පැතුවා කියන්න . දැන් අපට පොත් ප්‍රදර්ශනයේදී බ්ලොග්කරුවන්ගේ පොත්වලට වෙනම කුටියක් ගන්න පුළුවන් වේවි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක සිත, පොත් ප්‍රදර්ශනයේදී බ්ලොග් කුටියක් දාමු.

      Delete
  20. ඉස්සරලාම
    සුභ පැතුම් අජිත් අයියා.. සන්තෝසයක් ඒක ඇත්තටම තවත් බ්ලොගර් කෙනෙක් පොතක් ලියනව කියන එක.
    ඒත් ඇත්තටම හරිම අපහසුයි නිවාඩු ගන්න එක. නෙළුම් යායටත් එන්න ට්‍රයි එකක් දෙන්න හදන්නෙ මාර කට්ටක් කාල. එනවම කියල පොරොන්දු වෙන්න අමාරුයි ඒත් එන්න හැකියාවක් ලැබුණොත් එන්න අනිවා එතන ඇති.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. නෙලුම් යායට එන්න.

      Delete
  21. ගහකුත් හිටවලා ඇතිනේ...දැන් පොතකුත් හරි...."පිරිමියාට" හදවතින්ම සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. පිරිමියෙක් වුනහම පුතෙක් හදන්නම ඕනේ නැහැ කටුස්සෝ . ටයික්වොන්ඩෝ දන්නා දුවල දෙන්නෙක්ම ඉන්නවා.

      Delete
  22. සුබපැතුම් සහොදරයා .ජයවේවා.!!
    හේශාන්.(ලන්ඩන්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෂෙහාන්

      Delete
  23. Replies
    1. ස්තූතියි නිරන්ජන්.

      Delete
  24. මං කලින්ම කිව්වෙ 26 වෙනිදටම මේක ගත්තනම් හොඳයි කියලා . එහෙනම් එන්න තිබුනා. එන්න බැරිවුණා කියලා නෑ පොත කියවන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. 26 වෙනිදා අපහසුයි අනිත් වැඩේ තියෙද්දී. මේ දෙක දෙකක්, නෙලුම් යායට සම්බන්ධයක්. නැහැ.

      Delete
  25. මේ දවස් වල පොල් වලට මාර ඉල්ලුමක් තියන්නේ.

    සුබ පැතුම් අජිත් අයියා.අපිත් කැමත්තෙන් ඉන්නවා ඔය පොත පෙරලන්න.

    ReplyDelete
    Replies
    1. පෙරලලා බලමු. ස්තූතියි මල්ලි.

      Delete
  26. සුබ පැතුම් මිත්‍රයා !!!

    ReplyDelete
  27. සුබ පැතුම් අයියේ.. වෙලාවටම එන්න නොහැකි වුණත් අන්තිම මොහොතට හරි එනවා...
    කෙටි නිවාඩු දෙක දැන්මම ඉවර වෙලානෙ... මක් කරන්නෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි පුළුවන් නම් එන්න.

      Delete
  28. //පොතක් රාක්කයෙන් අරන් කියවීම තුල තවම කිසියම් සුන්දරත්වයක් ගැබ් වෙලා තිබෙනවා // මේක ඇත්ත කතාවක්. මොකද පොතක් අතට අරගෙන කියවනව වගේ අත්දැකීමක් ටැබ්ලට් එකකින්, ලැප් එකකින් තියා කින්ඩල්(ඩිජිටල් පොත් කියවන එකක්) එකකින් වත් ගන්න බෑ... ඒක අමුතුම දෙයක්.... සුපිරි වැඩක්.... තව තව අලුත් නිර්මාණ බිහි කරන්න හදවතින්ම සුභ පතනවා....! මේ දේවල් සාර්ථක වෙන්න බ්ලොග් ලියන අයට කරන මෙහෙයම ඇති...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොහාන් කින්ඩල් එක කෝච්චියේදී ඇරෙන්න පාවිච්චි වෙන්නෙම නැහැ. පොතක් අරගෙන තේ කොප්පෙ ලඟින් තියාගෙන ජනෙල ගාව ඉඳගෙන කියවන්න පටන් ගන්න කොට ...........

      Delete
  29. ආෆ්ටර් ඉවෙන්ට් රා කට්ටෙන්?

    ReplyDelete
    Replies
    1. හ්ම් රා ටිකක් හොයා ගන්න බලමු.

      Delete
  30. සුපිරි අදහසක්!
    ජය පතමි!!
    පොල් කට්ටෙන්
    එපිට ඇවිත්!!!
    විශ්ව ගමන
    පියමනින්න!!!
    අසිරි පතමි
    තව තව දෑ
    මේ අයුරින්
    ගොඩනගන්න!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසමාලි
      කට්ටෙන් එලියට
      ඇවිල්ල
      එන්න ගමන එකට යන්න

      Delete
  31. ජය වේවා අජිත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා

      Delete
  32. බුවාගොඩ

    ReplyDelete
  33. සුභපැතුම් අජිත් අයියේ! එදාට අනිවාර්යයෙන්ම එනවා!!

    ReplyDelete
  34. මගේ හෘදයාංගම සුබ පැතුම් අජිත්!!!

    ReplyDelete
  35. උණුසුම් සුභපැතුම්!!!

    ReplyDelete
  36. Congratulations!!

    Read this


    Paradox of our age


    Today we have bigger houses yet smaller families
    More convenience, but less time

    We have more degrees, but less common sense
    More knowledge, but less judgment

    We have more experts, but more problems
    More medicine, but less good health

    We spend too recklessly
    Laugh too little
    Drive too fast
    Get too angry too quickly
    Stay up too late
    Read too little
    Watch TV too much
    And are less considerate

    We have multiplied our possessions, but have reduced our values
    We talk too much, love too little and lie too often

    We have learned how to make a living, but not a life
    We have added years to life, but not life to years

    We have taller buildings, but shorter tempers
    Wider roads, but narrower viewpoints

    We spend more, but have less
    We buy more, yet enjoy it less

    We have been all the way to the moon and back
    But have trouble crossing the road to meet our neighbours.

    We've conquered our outer space, But not our inner space

    We've split the atom
    But not our prejudice

    We write more, learn less, plan more, but accomplish less
    We have learned to rush, but not to wait,
    We have higher incomes , but lower morals

    We build more computers to hold more information, to produce more copies
    But have less personal communication

    We are long on quantity,
    But less in quality

    These are the times of fast foods and slow digestion
    Tall men and short character

    More leisure but less fun - more kinds of food - but less nutrition
    Steep profits but shallow relationships.
    Two incomes - but more divorce
    nicer houses - but broken homes
    These are days of quick trips, disposable diapers, throwaway morality, one-night stands, and pills that do everything from cheer, to quiet, to kill.
    It is a time when there is much in the show window,
    and nothing in the stockroom.

    - unknown

    J Ovitige

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .