Monday 28 March 2016

පොල්කට්ටෙන් එපිටට එන්න සුහද ආරාධනාවක්

"පොල්කට්ටෙන් එපිටට " කියන නම දැම්මේ මගේ අනිත් භාගෙ කියල මම නිතර හඳුන්වන මගේ පිය බිරිඳ ඉනෙස්. "ඔයා කියන්නේ ඔයා හැම වෙලේම කතා කරන්නේ බොක්ස් එකෙන් එලියට කියලනේ". එහෙම අදහසක් එන්න ලංකාවට ගැලපෙන්නේ පොල් ගෙඩිය හා පොල් කට්ට කියන එක තමයි එයා කිව්වේ. අනික මම නිතරම කියන දෙයක් තමයි විවේචනය කරන්න කලින් විවේචනයට භාජනය කරන තැනැත්තාගේ සපත්තු දෙක දාගෙන හැතැප්මක් ඇවිදින්න කියන එක. ඔය කාරනා දෙකම එකතු කරලා තමා මම මේ නමට එකඟ වුනේ.

දොරට වැඩුම ගැන ලිව්ව මුල් ලිපිය මෙතන. පොල්කට්ටෙන් එපිටට - කොළඹ ගමයාගේ පොත පෙරලීම හෙවත් දොරට වැඩුම

බ්ලොගයේ ලිපි මුලින්ම ත්රිමානයේ පලකළ පෙරවදන ලියා දුන් දීප්ති කුමාර ගුණරත්න මහතාට,



ශාලාව ලබාදෙන ප්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාට, දිගින් දිගටම උදව් කරන ප්‍රවීණ පරිවර්තක චුලානන්ද සමරනායක මිතුරාට වගේම සුභාවි ප්‍රකාශක නිශාන්ත පරණගම මල්ලි,  පිට කවරය ඇඳ දුන් මගේ ලොකු දුව ශනායා, චුටි දුව ශකිරා ටත් පිට කවරය සකස් කළ සංජය ඈපා සෙනෙවිරත්න මල්ලි ටත් ස්තුතියි.

මම මුලින්ම යුද්ධයට සක්‍රියව සහභාගී වුනු උස මහත නාවික හමුදා නිලධාරියෙකුගේ සංවේදී හා සුන්දර කම හා අනුන් වෙනුවෙන් කැපවීමට හැකිවෙන මහඟු ගුණාංගයන් දැන හඳුනා ගත්තේ අවුරදු කීපයකට කලින් පළවුණු බ්ලොග් පොස්ටුවකින්. වත්පොතේ පොතේ දොරට වැඩුම පිළිබඳව සුන්දර සටහනක් තැබුවාට සුමිත් යාපාට බොහොම ස්තූතියි .



තැන බලා ගන්නත් එක්ක ගියා ධර්මසිරි බණ්ඩාරනායක අයියා හමු වෙන්න.




මම දැනුයි දැක්කේ . පෙරේද බ්ලොග් තාරකාවිය වුන බස්සිත් ලස්සන පෝස්ට් එකක් දාල . ස්තූතියි බස්සි.
පොතේ දොරට වැඩුම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ රාජගිරියේ තිබෙන "ත්‍රිකෝණය " ශාලාවේ මේ මස 29 අඟහරුවාදා සවස 4.00 ට පවත්වන්න කටයුතු යොදා තිබෙන්නේ.පොත එලි දක්වන්නට උදව් වුන සියලූම හිත මිතුරන්ට ස්තුති කරන අතරේ ඒ සඳහා සහභාගිවෙන්න කියල සැමට ආරධනය කරනවා.

නෙලුම් යාය උත්සවයෙන් පසුව එළඹෙන අඟහරුවාදා සවස 4.00 ට "ත්‍රිකෝණයේදී " හමු වෙමු. - කොළඹ ගමයා

ලිපිනය : ධර්මසිරි බණ්ඩාරනායක ත්‍රිකෝණ සංස්කෘතික මධ්‍යස්ථානය නො 1003/4
පාර්ක් විදිය රාජගිරිය

 Address of the Trikone center is as follows.
Dharmasiri Bandaranayake
Trikone Cultural Center
No 1003/04
Park Lane, Rajagiriya.


When driving towards Battaramulla from Rajagiriya junction you see Park Lane  just opposite the petrol shed.

Why Shania did the picture: Her Reasoning:
Mummy and I both agreed on the fact that if the balloons are not there, the meaning behind the picture is too simplified.
Lifting the Earth by oneself is a strenuous task, especially when not standing on firm ground. This completely contradicts the little man's half smile, because as the viewer you then think, 'how can he smile when trying to lift the entire earth whilst balancing in a coconut shell?' It is challenging, if not impossible... too strenuous to see joy/satisfaction in.
        Now, you can relate the ridiculous impossibility of this to the way that you as the author are thinking "out of the box". However your book does not consist of ridiculous explanations and proclamations, despite the impossible depths you may go to express your views. 
        The point I am trying to make with this, is that the simplicity the picture is left with when there are NO balloons does not properly represent the vast content of the book, which you do, I presume want to somewhat ensure is not mislead by the picture on the front cover. From what you have previously described to me when talking about what you write about, your views are clearly somewhat out-of-the-box...an out-of-the-box interesting. Not everything you say is simple, and yet the design of the picture is SO simple. 
        Without the balloons, it is immediately identifiable as a struggle the little man is going through. A struggle. Your book does not describe the struggle of reaching such extensive thoughts, but the struggles that go on in the world and your views around them. You are standing in the coconut shell because although you look at everything from an outside view, you are still part of this world. You, however do not get along and agree with all that goes on around you. And so yes, it may have been a struggle collecting all your thoughts and putting them together, but your views concerning politics, people, feelings. They themselves are not one kind of struggle to get through.  With the balloons, the focus is not exactly on a specific struggle.
        The thing is, the world is not broken. But there are things wrong with it and so metaphorically you're are picking up the pieces that are. You're bringing them to attention. 
         
A man cannot just lift the earth of its orbit but the balloons represent outside forces (also political once) which lead our decisions and influence our actions.

THe balloons represent outside forces that affect the way we live, and without them it is as if you are only taking yourself into consideration. The balloons are vital in representing that this book is open-minded, yet in depth. Not just sullen thoughts in bringing problems of the world to attention, but joy in how your views can somewhat seek understanding in them. Without the balloons, the little man's smile is in vain.

55 comments:

  1. වැඩ කොච්චර හතරැස් වෙලා තිබ්බත් මුණ රවුම් කරන් හෙට තුන වෙනකොට මම ත්‍රිකෝණයට එනවා.. :)

    ReplyDelete
    Replies
    1. මේ විතරක් නොව ලියපු කෑල්ලටත් ස්තූතියි.

      Delete
    2. අජිත් අයියේ,
      ඌටනම් මොකද, අපි හිතාගෙන ඉන්නේ ඌ හෙඩ් ඔෆිස් එකේ වැඩ කියලා...
      හෙඩ් ඔෆිස් සයිට් එකෙන් හිතාගෙන ඉන්නේ ඌ මෙහෙ වැඩ කියලා...
      ඒ දෙකෙන්ම හොයල බැලුවම ඌ පේන්න නැත්තං දෙගොල්ලොම හිතාගෙන ඉන්නවා මු කැම්පස් එකේ කෝස් එකට ගිහින්ය කියලා...
      ඔන්න ඕකයි පෙරාපු ඇත්ත...

      Delete
    3. සත්‍යය කවද හෝ හෙළිවේ කියන්නේ ඕවට තමයි. නැහැ මලේ. ඒ සුමිත් නෙලුම් යායට නේ වැඩ කරන්නේ. අපි ගෙවන්නේ රූබල් වලින්.

      Delete
    4. ඕකට රූබල් වලින් නෙමෙයි මඩු වල්ග වලින් ගෙවන්න ඕන.. හැක්..

      Delete
    5. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
  2. සුබ පැතුම් අජිත් අයියා.දොරට වැඩුම හෙට වුනත් කලින්ම පොත පිටවෙලා වගේයි.කිහිප දෙනෙක්ම සම්මාන උළෙල දවසේදීම පොත අරන් ගිය බව පේනවා.
    හෙට වැඩෙත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!

    ReplyDelete
    Replies
    1. හොඳම නැකත් වෙලාව ඒ වෙලාව කියනවනේ මල්ලි.

      Delete
  3. වේලාසනින් පැනල ආපු හින්ද එදා පොත ගන්න බැරි උනානෙ... එතන තිබුන අනිත් පොත් නං ගත්ත... මට දොරට වැඩුමට නං එන්න වෙන්නෙ නෑ... එකපාරක් මායම් දාලා ගෙනත් බස්ස ගත්ත නිසා ආයිත් ඒ මායම පාවිච්චි කරන්න ටික කාලයක් ඉන්න වෙනව... හි හි....

    එදා වැඩේ වගේම මේ වැඩෙත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. පුළුවන් උන වෙලාවක පොත ගන්නව ෂුවර් එකටම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ලිපිනයක් කිවොත් එවන්නම්. එදා ආව එකටත් ස්තූතියි හිරු. දැන හඳුනා ගන්න ලැබීමත් සන්තෝසයි. හිනා වේගෙන වේදිකාවට එනකොට හිරු පෑයුව වගේ තමයි දැක්කේ .

      Delete
    2. ස්තූතියි. ලිපිනයක් කිවොත් එවන්නම්. එදා ආව එකටත් ස්තූතියි හිරු. දැන හඳුනා ගන්න ලැබීමත් සන්තෝසයි. හිනා වේගෙන වේදිකාවට එනකොට හිරු පෑයුව වගේ තමයි දැක්කේ .

      Delete
  4. සුභ පැතුම් අජිත් අයියා.............. ලංකාවට ආපු දවස් කීපය වුණත් හරිම වටිනා විදිහට ගෙවීම ගැන තවත් සතුටුයි.......

    ReplyDelete
    Replies
    1. ඒකනේ. පියකරු කුරුටු නංගිලා මල්ලිලා දැකලා හඳුනාගන්නට ලැබීම ගොඩක් සතුටක්. එදා කළ උදව් වලටත් ස්තූතියි.

      Delete
  5. මාත් එනව පොල් කට්ටෙන් එලියට. මට දැන් මේ පොල් කට්ට ඇති වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙරළේදී සන්තෝස වෙන කසුන් දැක්කහම නම් පොල් කට්ටෙන් එළියට ඇවිත් නැහැයි කියල හිතුනේ නැහැ.

      Delete
  6. පොල්කට්ටෙන් එළියට එන්න බැරි වෙනාට ඇත්තටම කණගාටුයි. ආයෙ හම්බෙන්න සමහර විට අවුරුද්දක් වත් යයි ද මංද.. සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. එන්න පුලුවන් කමක් තිබුණ නං නෑවිදින් ඉන්නෙම නෑ..
    සුභ පතමි. ජයෙන් ජයම වේවා. ත්‍රිකෝණය පිරී ඉතිරේවා...

    ReplyDelete
    Replies
    1. සුභ පැතුවට ගොඩක් ස්තුතියි. ඒ වගේම නැවත හමුවීමත් සතුටක්.

      Delete
  7. කරුණාබර හදවතක් ඇති, නිහතමානී ඔබ හමුවීම අප්‍රමාණ සතුටකි... වැඩේ සර් වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මටත් ඔබ වැනි බ්ලොග් ලියන මල්ලියෙක් (හුඟක් වෙලාවට පුතෙක් ) මුණ ගැසීමත් සතුටක්. සුභ අනාගතයක්.

      Delete
  8. එන්නට ලැබෙන්නේ නැතිවෙයි. පොත ගන්නම් නොවරදවාම.

    ඔබටත් නෙලුම් යායටත් බොහොම ස්තුතියි. සුබ පැතුම්!

    වෙනමම පොස්ට් එක අද ලියනවා මගේ අඩවියේ.

    ReplyDelete
    Replies
    1. විචාරකව දැක්කනේ දැන් . ඒ ඇති.

      Delete
    2. විචාරක වගේම කොමඩි පාට් ඇක්ට් කරන නළුවෙක් හිටියා එයා මේ ලඟදි කළුබෝවිල ඉස්පිරිත්ලේදී මලා අපි මලගමත් සහභාගිවුණා එයා හොඳ කොමඩි නළුවෙක් නිසා

      Delete
  9. එන්න වෙයිද ෂුවර් නැ

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ. ෂොට් එකක් ගත්තනේ එකට.

      Delete
  10. උත්සවේට එන්න කියලා හිතාගෙන ඉන්නේ ලොකු අයියේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයි පොඩි මල්ලි.

      Delete
  11. පොතක් ගන්න කියවන්න හරිම ආසයි.ඒත් ක්‍රමයක් නෑ කාටවත් කරදර කරන්නත් බෑ.
    ඔබේ සුබ කටයුත්ත සර්වප්‍රකාර්යයෙන්ම සාර්ථක වේවායි පතමි!!!

    ReplyDelete
    Replies
    1. ලිපිනය එව්වොත් එවන්න පුළුවන්. ලන්ඩන් වලින් ලොකු ගානක් යන්නේ නැහැ. ස්තූතියි.

      Delete
  12. සුබ පැතුම් මිතුර !

    ReplyDelete
  13. ඔක්කොටම කලින් සුබ පතන්නම්...
    මට අද එන්න වෙන්නේ නැහැ අජිත් අයියේ...
    බාරගෙන තියෙන බරපතල වැඩක් ඩිලේ වෙලා තියෙන නිසා කළින් පනින්න අමාරුයි...
    පොඩි ගේමක් දීල පැනගන්න පුළුවන්ද කියල බලන්නම්...
    නමුත් ෂුවර් කරන්න එපා,
    වැඩේ සාර්ථක වේවා කියල සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා . හැමෝටම හැම වෙලේම එහම එන්න අමාරුයි. ස්තූතියි සුභ පැතුමට.

      Delete
  14. අජිත් අය්යෙ උත්සවේට එන්න නම් හිත ..ඒත් 4 පටන් ගෙන ඉවරවෙද්දි රෑ වුනොත් ගෙදර යන්න කරදරයි. රෑ වෙලා ගෙදර ගියොත් ගෙදරින් නෝක්කාඩු කොහෙද චූටි ළමයින්ට තාමත් නිදහසේ එහෙ මෙහෙ යන්න ඉඩක් නෑනෙ :( එන්න බැරිඋනොත් පොත අරගන්න පුළුවන් තැනකුත් සඳහන් කරන්න. උත්සවේ සාර්ථක වෙන්න මගෙන් සුබපැතුම් :)

    ReplyDelete
    Replies
    1. 3.30 ට විතර තමා අපි එකතු වෙන්නේ. නමුත් සමහර යාළුවන්ට වැඩ කරන තැනින් එන්න පුළුවන් 4.00 විතර. හැබැයි හය වෙනකොට ඉවරයි. ඊට කලින් වුනත්.

      Delete
  15. සුබපැතුම්....
    එනවයි කියන්නෙත් නැහැ... එන්නේ නැහැ කියන්නෙත් නැහැ.. මොකටද ඉල්ලන් කන්නේ...

    ReplyDelete
  16. අපිට ඉතින් එන්න වෙන්නේ නෑ.. නමුත් පොත ගෙන්න ගන්න ක්‍රමයක් යොදන්නම්...

    ReplyDelete
    Replies
    1. හොඳයි. මමත් ලියන්නම ලිපියක් ඒ පිළිබඳව.

      Delete
  17. පොල්කටුව බිඳගන්න බැරි මම කොහොම එන්නද අජිත්. මොකට නාවත් උඹගේ වැඩේට එන්න නං උවමනායි.. ඒත් බැහැ.. ජය වේවා. පොත ගන්න හැකි තැනක් කියන්න. ඒ වගේම අද සපැමිණෙන බබී, රසික, කලණ ඇතුලු සැම සිහිපත් කලා කියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා . ගන්න තැන් ගැන ලිපියක් දාන්නම්

      Delete
  18. රොටියාගෙන් උණුසුම් සුබපැතුම් (නෙලුම් යායට උදව් කරන්නට හිතාගෙන බාරගත් වැඩේ අලවූ නිසා රෙදිද නැත)
    රොටියා ආවත් නැතත් ඔය උත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වන බව අහන්නත් දෙයක්ද. නවකයන්ට අත දීල උන්ව එලියට ඇදල ගන්න පිනම මදෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොටියා

      Delete
  19. හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
  20. සුබ පැතුම් අජිත්,මම අර දීප්තිගේ පෙරවදන කියවලා කරකවලා අතෑරියා වගේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි
      සුභ පැතුමට ස්තූතියි

      Delete
  21. ජයවේවා !!!
    පොතට ස්තුතියි අජිත් අය්යේ ...

    ReplyDelete
  22. ආව... කලින් යන්න උනාට සමාවෙන්න. ලස්සන කතාබහක් මග දාල එන්න උන එක ගැන දුකයි. පොතක් නම් ඕනෙමයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මම හිතන්නේ මම දැක්කේ ඔයා කියල. සයිඩ් එකෙන් ඉඳගෙන ඉන්නවා. පොත ගැන හෙට අනිද්දට දාන්නම් ලිපියක්.

      Delete
  23. Congratulations!!

    Read this


    Paradox of our age


    Today we have bigger houses yet smaller families
    More convenience, but less time

    We have more degrees, but less common sense
    More knowledge, but less judgment

    We have more experts, but more problems
    More medicine, but less good health

    We spend too recklessly
    Laugh too little
    Drive too fast
    Get too angry too quickly
    Stay up too late
    Read too little
    Watch TV too much
    And are less considerate

    We have multiplied our possessions, but have reduced our values
    We talk too much, love too little and lie too often

    We have learned how to make a living, but not a life
    We have added years to life, but not life to years

    We have taller buildings, but shorter tempers
    Wider roads, but narrower viewpoints

    We spend more, but have less
    We buy more, yet enjoy it less

    We have been all the way to the moon and back
    But have trouble crossing the road to meet our neighbours.

    We've conquered our outer space, But not our inner space

    We've split the atom
    But not our prejudice

    We write more, learn less, plan more, but accomplish less
    We have learned to rush, but not to wait,
    We have higher incomes , but lower morals

    We build more computers to hold more information, to produce more copies
    But have less personal communication

    We are long on quantity,
    But less in quality

    These are the times of fast foods and slow digestion
    Tall men and short character

    More leisure but less fun - more kinds of food - but less nutrition
    Steep profits but shallow relationships.
    Two incomes - but more divorce
    nicer houses - but broken homes
    These are days of quick trips, disposable diapers, throwaway morality, one-night stands, and pills that do everything from cheer, to quiet, to kill.
    It is a time when there is much in the show window,
    and nothing in the stockroom.

    - unknown

    J Ovitige

    ReplyDelete
  24. නෙලුම් යායේදී අජිත් අයියවැ මු වරට දැක්කම අඩේ අප්පට මේ රූපේ ඉන්න කෙනයි පෙන්න ඉන්න කෙනයි දෙන්නක් නේද කියලා හිතුනා :D අයියගේ පොතේ වැඩේට එන්න බැරි වෙන නිසාම නෙලුම් යායෙන් පොතාක් අරන ආව, කියවලා හිතට දැනුනු දේ කියන්නම්, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොමියා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .