Tuesday 14 June 2016

නන්දන මාරසිංහ ගේ මරණය

ලඟකදී මාද  සම්බන්ධ වූ කතා බහකදී 1989 දී රජයට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසින් මරා දමා  හිස පමණක් වැටක  ගසා තිබු ඉතා අනුවේදනීය සිද්ධියක් ගැන සිහිපත් වීමක් කෙරුණි. එම කතාව  ඉතා ශෝකජනකය. කතාව පැවසූ මිතුරා ද හැඟුම්  බර වුනු බව පෙනුනි.

ඒ  එසේ වුවද 1987-1990 කාලය තුල ජවිපෙ නැවතත් කලේ නරෝද්නික් වාදී දේශපාලන ත්‍රස්තවාදයක් බව මම එදත් අදත් දැරූ  මතයයි. මෙය ජවිපෙ සාමාජිකයන්ගේ මුහුණටම පැවසීම ට 1987 දී මට ශක්තියක් තිබුණි.  නරෝද්නිකවාදී ත්‍රස්ත කියා හා ජනතා අරගල යනු එකක් නොව දෙකක් බව මුලින්ම කියා දුන්නේ ඔවුන් අනුගමනය කරනවා යයි කියන ලෙනින් මය. ලෙනින් තමන්ගේ සහෝදරයා විසින් කරන ලද සාර්  රජුට බෝම්බ ගැසීම වෙනුවට නරෝද්නික් වාදයේ තිබු ජනතා විරෝධතා පමණක් තෝරා ගත්තේ ඇයිද යන්න සුළු කාලයක් පමණක් රුසියාවේ සිටි විජේවීර නොදැන සිටියා වත්ද?

මට මෙය සිහිවුනේ  සමහරුන් තමන්ව මිනීමරුවන් ලෙස හඳුන්වන්නේ ඇයිදැයි ජවිපෙ හා ඉන් ඉවත්ව ගිය හිතවතුන්ට අදත් ප්‍රශ්නයක් වන හෙයිනි.

කලාත්මක මෙන්ම නිර්භීත  චරිතයක් වූ නන්දන මාරසිංහ ගේ මරණය මට ඉමහත් ශෝකයක් දැනවූ සිදුවීමක් විය. මේ වැරැද්ද නිවැරදි කිරීමක් ගැන මම ජවිපෙන් වෙන්වී ගිය පක්ෂයක සාමාජිකයෙකු ගෙන් වරක් විමසුවෙමි. ඔහු නන්දන මාරසිංහ කරන ලදැයි කියන ද්‍රෝහී ක්‍රියා කිහිපයක් ගැන මට පැවසීය. ආණ්ඩුවට ඔත්තු සැපයීමේ චෝදනාවක්ද ඒ අතර විය. මා ඔහුගෙන් ඇසුවේ ඒවා ඔප්පු කිරීමට ඔහුට හැකිද සහ ඒවා මිනිසකු මරා දැමීමට තරම් බරපතල ඒවා ද කියායි. සමහරවිට මරා නොදැමිය යුතුව තිබූ බව පමණක් ඔහු කිසියම් උදාසීන බවකින්  පැවසිය.

මේ සියල්ල නැවත මතක් වුයේ මේ ලිපිය නිසාය. 71 කැරැල්ලේ කළු රන්ජි කියන කතාවක් මෙහි ඇත.

ඒ සංවේදී මිනිසා  ගැන රන්ජි  කියන්නේ මෙසේය.

"නන්දනව මරන්නෙ ඇයි?
87 විතර කාලේ මාරෙව කෙලීව අපි ඔක්කොම මරන්න ජේ.වී.පී. එක තීරණය කරලා තිබුණේ. අපිට එළියේ යම් හයියක් තිබුණු එක ජේ.වී.පී. එකට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒකෙනුත් මාරෙ විශේෂයි. මාරෙට අනතුරක් තියෙනවා කියලා දැනගත්තම කෙලීයි මමයි මාරෙව කොළඹ ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට මාරෙ අනුරාධපුරේ හිටියෙ. මම අනුරාධපුරේ ගිහින් මාරෙ හම්බවෙලා කියනවා කොහොමහරි උඹව රට යවන්නම් කියලා. මම එතකොට මැලිබන් හන්දියේ කඩයක් කළා ඉලෙක්ට්‍රික්  බඩු විකුණන. මම ඒ බඩු ටික ඔක්කොම විකුණලා මාරෙව රට යවන්න හැදුවේ. මාරෙ ඒකට කැමැති වුණේ නෑ. එතකොට මාරෙ සෙරෙප්පු බිස්නස් එකක් කළා. මාරෙ කිව්වා සුමාන දෙකකින් විතර කොළඹ එන්නම් කියලා. හරියටම මාරෙ කොළඹ එනවා කියපු දවසෙ තමයි අනුරාධපුර පොළේදී වෙඩි තියලා මැරුවේ.

මාරෙ මට දවසක් කියනවා, ගාල්ලේ ගුරුවරයෙක් ඉන්නවා. එයා කොළඹ ගෙන්නලා කාමරයක් දීලා එයාට ලියන්න කියන්න පහසුකම් හදලා දෙන්න ඕන කියලා. පඩියක් දෙන්න විදියකුත් ලෑස්ති කරන්න ඕන කියලා කියනවා. මොකද එයා කවි සින්දු එහෙම ලියන කෙනෙක් කියලා මාරෙ මට කියනවා. මාත් ඒක බාරගන්නවා කරමු කියලා. ඒත් මාරෙ ඊට කලින් මැරෙනවා. ඒ ගාල්ලෙ ඉඳලා කොළඹ ගෙන්නමු කියපු කවි සින්දු ලියපු ගුරුවරයා තමයි රත්න ශ්‍රී විජේසිංහ. මාරෙ මැරුණට පස්සෙ මම මේක රත්නශ්‍රීට කිව්වම රත්නෙ ඇඬුවා. මාරෙ ඒ වගේ තමයි මිනිස්සුන්ට ආදරේ කළේ."

නන්දන මාරසිංහ ගැන ලියූ බ්ලොග් පොස්ටුවක් මෙහි ඇත. මේ බ්ලොගය කිසියම් හේතුවකින් දැන් ලියැවෙන්නේ නැත.

ඉහත රත්න ශ්‍රී විජේසිංහ ගේ කව උපුටා ගත්තේ මේ බ්ලොග් අඩවියෙනි.

එදවස කලාව ගැන කෙරුණු සංවාද සඳහා මුලිකයෙකු වූයේ නන්දන වීරරත්නයි. නන්දන වීරරත්නලා  මහජන පුස්තකාලයේ සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයේ රැස්වීම්  වලට මා සහභාගී වුයෙමි. 1985 වැනි කාලයක නන්දන වීරරත්න  ජවිපෙන් ඉවත් වුනු බව මට පැවසීය.

මට නැවතත් නන්දන මුණ ගැසුනේ ලන්ඩනයේ අගෝරා කලා කවයේ රැස්වීමකදීය.   පසුගිය දිනෙක ඔහුත් සමග නැවතත් කල දීර්ඝ කතා බහකදී අපට නැවතත් නන්දන මාරසිංහ සිහියට නැගුණි.

"මේ වගේ මිනිස්සු මරා කල හැකි විප්ලවය කුමක්දැයි " විජය කුමාරතුංග මාරසිංහගේ අවමගුල දා  විමසූ  බව ඉහත බ්ලොගයේ සඳහන් වේ. විජය කුමාරතුංග ද කිහිප දිනකින් ජිවිතයට සමු දුන්නේය.

අසූවේ වර්ජනයට සහභාගී වුන ගුරු මහතෙකු විය. ඔහු නව සම සමාජ පක්ෂයට සම්බන්ධව දේශපාලනය කළේය. ජවිපෙට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා  එවකට පැවති  රජය ආයුධ  බෙදා දුන් අවස්ථාවේ ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය.   කිසිදා දුෂිතයෙකු නොවූ සැබෑ මානව හිතවාදියෙකු වූ මේ ගුරු මහතාගේ පුත්‍රයා  මගේ හා නන්දන වීරරත්න ගේ යහළුවෙකි. ඔහුගේ පියා මරා  දැමුනු  පසු අවමගුලට සහභාගී වීමට ඔහු මොස්කව් පැමිණ  ශ්‍රී ලංකාවට  ගිය දිනයේ මමද ශේරෙමිතොවා   ගුවන් තොටුපලට ගියෙමි. පියතුමාගේ ගේ දෙන පොළොවෙන් අඩි කිහිපයකට වඩා උසට ගෙන නොයෑමට නීතියක් ද පනවා තිබුණි. මා දන්නා පරිදි මගේ මිත්‍රයා   එය නොසලකා හැර තම පියාගේ දෙන ඉහළින් ඔසවාගෙන ගියේය. පියාගේ මරණයෙන් පසු ඔහු දැඩි ලෙසින් මත්පැන් පානය කරන වෙනස්ම චරිතයක් ඇත්තෙකු විය.

 ඕනෑම ගැටුමකදී මිනිසුන් මිය යති. මිනිසුන් දිවි දෙති. විප්ලවීය අවස්ථාවක මිනිසුන් මිය යෑම නොවැලැක්විය හැකි දෙයකි. කිසිවකු බලය ලෙහෙසියන් අත් නොහරින බැවිනි.  එහෙත් හිතා මතා  සැලසුම් කර මිනිසෙකුගේ දිවි තොර කිරීම මිනී මැරුමකි. එය කරන්නේ දේශපාලන අරමුණක් උදෙසා නම් එය දේශපාලන ත්‍රස්තවාදයකි. මේ ක්‍රම දෙකෙන්ම වන්නේ මිනිසුන්ගේ විමුක්තිය පිලිබඳ සිතුම් පැතුම්  අගරු කොට ඒවා විනාශ කර දැමීමයි.

මෙහිදී කිසිවිටෙක ඒ සමයේ සිදුවුනු  පැහැරගැනීම්, අහිංසකයන්ගේ ඝාතන හෝ  මුදා හැරුණු රාජ්‍ය භිෂණය සාධාරනීකරණයක් නොකෙරේ. බොහෝ තරුණ තරුණියන්  වධකාගාර වල දරුණු වධ විඳි බවත් මරා  දැමුණු බවත්  මම දනිමි. ඒ දරුණු මර්දනයට ද සමාවක් දිය නොහැකිය. එහෙත්  ඒ රාජ්‍ය භීෂණයට කලින් ආ පක්ෂ භිෂණය බොහෝ විට අමතක කෙරේ.

  දෙමළ  විමුක්ති ව්‍යාපාරය තමන් සතු කරගත් වේළු පිල්ලේ  ප්‍රභාකරන් වරක් තමන්ගේ සහෝදරයන් මෙන් සිටි වෙනත් සන්නද්ධ ව්‍යාපාරයක (TELO)  සගයන් එක් දිනකදී පන්සීයකට වැඩි ප්‍රමාණයක් මරා  දැම්මුවේය.

ප්‍රභාකරන් ගේ ඉරණම එලෙසින්ම විසඳෙන බව මම වරක් කොටි සංවිධානයට හිතැති නීතිඥ මහතෙකුට  පැවසුවෙමි. ඒ කොටි  සංවිධානය ලන්ඩනයේ සැණකෙළි  කෙළි කාලයකය. ඔහු මා සමග එදා එකඟ නොවුනත් පසුගිය අවුරුද්දේ ඔහු නැවත  හමුවූ වෙලේ ඔහු එය සිහිපත් කළේය.  මා  අනාවැකි කියන්නෙක් යයි ඔහුගේ බිරිය පැවසුවාය.  දේශපාලනය ගැන ඉගෙනීම හා කියවීම්  වැදගත් වන්නේ ඒ නිසා යැයි මා ඇයට පැවසුවෙමි. ඒවා අනාවැකි නොවේ.


ලංකානිව්ස්වෙබ් ලිපිය:  http://sinhala.lankanewsweb.net/interviews/item/4296-71
කවිය උපුටා ගැනීම: nandana-marasinghe-fallen-bird

36 comments:

  1. ඔබලා ඇයි නන්දන මාරසින්හ මහත්තයා මැරුවේ යැයි රට කිරි වලින් ස්වයන්පෝසිත කරන්න හදන ජ වි පෙ කස්ටිය ගෙන් අසන්න කැමතියි ....

    ReplyDelete
    Replies
    1. සරසයාට මාරගේ ගූ කමින් තමන්ගේ කරුමෙට පහලවූ දත් දොස්තර කමට වත් නොගැලපෙන ගොන් ලියුම් ලියන්න හිතක් පහලවුනේ ඇයි දැයි තවත් කස්ටියක් අසයි ...

      Delete
    2. සරස කියන්නේ මේ ගැන වෙන්න ඇති. http://duishengeadawiya.blogspot.com.au/2016/06/blog-post.html

      ඔබ අවුරුදු ගණනාවක් තුලලබා ගත් හිට්ස් ගණන සති දෙකක් තුල ලැබූ බ්ලොග් එකකි මෙය ...

      Delete
    3. මා දන්නා විධිහට අනුර දිසානායක සහෝදරයා කිසියම් apology එකක් කලා . කුමාර් ගුණරත්නම් වගේම දීප්ති කුමාර ගගුණරත්නත් ඒක විවේචනය කළා කියලයි මම හිතන්නේ. මම හිතන්නේ දේශපාලන ත්‍රස්තවාදය පිලිබඳ ප්‍රශ්නයකදී අනුරට ඒකෙ වගකීම අරගෙන සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ. එහම නම් යුඇන්පී එකත් රනිල් නුත් එහෙම කරන්න ඕනේ. මෙතැන් කුමක් හෝ යුක්තිය සඳහා කොමිසමක් පත් කර මිනීමැරුම් සියල්ල ගවේෂණය කර පවුල් වල අයට වන්දි ගෙවා කිසියම් සාධාරණත්වයක් ඉටු කල යුතුයි./ ඒ ගැන කතා කල යුතුයි. නව පරපුරට කිව යුතුයි. ස්වයං විශ්ලේෂණයකින් ඉදිරි වැරදි හදා ගත යුතුයි. අපි හිතුවා පෙසපේ කරයි කියල. ඔවුනුත් මග හරිනවා.

      Delete
    4. // නොගැලපෙන ගොන් ලියුම් ලියන්න හිතක් පහලවුනේ ඇයි දැයි තවත් කස්ටියක් අසයි ... //

      අසන්නේ අපකීර්තිමත් ඇනෝ කෙනෙකි, ඉරකි තිතකි!


      // ඔබ අවුරුදු ගණනාවක් තුලලබා ගත් හිට්ස් ගණන සති දෙකක් තුල ලැබූ බ්ලොග් එකකි මෙය ... //

      අපි හිට් මෑන් ලා නොවෙමු!

      ඔහෙලාට හිට් මෑන් ලා ලොකු උනාට අපට එහෙම නැත.... කරුනාකර අපෙන් අරන් ගිය හැඳුනුම්පත් නැවත ලැබෙන්න සලස්වන්න

      Delete
    5. // මෙතැන් කුමක් හෝ යුක්තිය සඳහා කොමිසමක් පත් කර මිනීමැරුම් සියල්ල ගවේෂණය කර පවුල් වල අයට වන්දි ගෙවා කිසියම් සාධාරණත්වයක් ඉටු කල යුතුයි./ ඒ ගැන කතා කල යුතුයි. නව පරපුරට කිව යුතුයි. ස්වයං විශ්ලේෂණයකින් ඉදිරි වැරදි හදා ගත යුතුයි. අපි හිතුවා පෙසපේ කරයි කියල. ඔවුනුත් මග හරිනවා. //

      වැදගත් අදහසක් අජිත්!

      Delete
  2. /////"මේ වගේ මිනිස්සු මරා කල හැකි විප්ලවය කුමක්දැයි /////
    මටත් අහන්න තියෙන්නේ ඒක තමයි... මේ වගේ රටට, ලෝකයට අවශ්‍ය කරන මිනිස්සු කීදෙනෙක් ඒ කාලේ නැති වෙන්න ඇද්ද??? දෙපැත්තෙන්ම කළේ සංහාරයක් විතරයි...

    ඒ විතරක් ද මව්වරුන්ට පුතුන්, දියණියන්, බිරිදකට සැමියා, දරුවන්ට පියා, තව සහෝදර සහෝදරියෝ කොයිතරම් නැති උනාද????

    ඒ කාලේ කිසිම දේකට සම්බන්ධ නැති මගේ පියත් අල්ලන් ගිහින් තිබුනා... ඇදිරි නීතිය දාලා තිබුණු වෙලාවක ඒ ගැන දන්නැතුව ටවුන් එකට ගියා කියලා... එයා ගිහින් තියෙන්නේ බෙහෙත් වගයක් ගේන්න.. අම්මට මාව ලැබෙන්න ඉදලා තියෙන්නේ... ඒත් පෙර පිනකට එයාව බේරගන්න පුලුවන් උනා.... ඒත්??????

    ReplyDelete
    Replies
    1. එහම අහිංසක මිනිසුන් කුදලා ගිහින් අතුරුදන් කරපු අවස්ථාත් නිමක් නැහැ.

      Delete
  3. ජවිපෙ කියන්නේ අද්භූත සත්වයෙක්. ඒ දේශපාලනය නිසා විනාශ නො වෙච්ච ජවිපෙ සාමාජිකයෙක් නැති තරම්. ඒත්, හැමදාමත් ඒ මොහොතට බස් එකේ ඉන්න කට්ටියට ඊට වඩා ආතල් එකක් නැහැ. ඒකට පය තියලා වෙන මොකකට හරි ගොඩ වුණ අය හැර අනෙක් අය ඔක්කොම මාරෙලා තමයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවට මිනිසුන් බොහොමයක් අහිමි වීම තමා ප්‍රතිඵලය. දෙපැත්තෙන්ම.

      Delete
  4. නන්දන මාරසිංහ ගේ බිරිඳ මගේ පොතකට ඉන්ටවිව් එකක් දුන්නා. එහිදී ඇය කියා සිටියා ඇය නන්දන මාරසිංහ මරා දමපු ජවිපෙ ඝාතකයන් දෙදෙනා රිමාන්ඩ් බන්ධනාගාරේදී හමු වූ වග​.

    ReplyDelete
    Replies
    1. මොකක්ද පොතේ නම? ලැබුනොත් කියවන්න.

      Delete
  5. Sudath Kumarasinghe14 June 2016 at 22:31

    සුප්‍රකට විමුක්ති ගී  නිර්මාතෲ ඔහුයි. ඒ වගේම කපුගේ සමග කම්පන නමින් කළ ප්‍රසංගය මට තාම මතකයි. මෙවන් ඝාතන සාධරනීකරණය කළ නොහැකියි කිසිවෙකුටවත් කිසිකලෙකවත්.

    ReplyDelete
    Replies
    1. මාරසිංහ අන්තිම කාලේ පොලිස් ඔත්තුකරුවෙක් වගේ හිටිය කියල ඊයේ කෙනෙක් කිව්වා. මම හිතනවා ඒවා නිකම් නිදහසට කියන කාරණා කියල.

      Delete
  6. මං නොදන්න මාතෘකාවක් අජිත් අයියෙ. ඒ හින්දමයි ඔබ ලියන ලිපි මං අතනෑර කියවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියෙව්වාට.

      Delete
  7. ඇයි ප්‍රේමකීරිති ද අල්විස්... අන්තීම අහිංසක මනුස්සයෙක් වෙච්චි තේවිස් ගුරුගේ... සාගරිකා ගෝමස්.. ඕක ජවිපෙට ඉතරක් තියෙන ලෙඩක් කියලා එතනට ලඝු කරන්න මම නම් කැමති නෑ.. මහින්ද, සටත් ෆොන්සේකට කළේ මොකක්ද.. ලසන්ත වික්‍රමතුංගට කළේ මොකක්ද...? තව කීයක් උදාහරණ දෙන්න පුළුවන්ද.. අපේ ඔක්කෝම මිනිස්සු ඉන්නේ ඔය මානසිකත්වයේ... මහ ළොකු උගත්තු කියන උන් පවා... තම මතය පිලිගන්න අකමැති එකා නැති කරන්න ඕන මානසිකත්වයේ තමයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. /තම මතය පිලිගන්න අකමැති එකා නැති කරන්න ඕන මානසිකත්වයේ තමයි ඉන්නේ.// ඕක තමයි ප්‍රධානම හේතුව.

      Delete
    2. සාගරිකා ගෝමෙස් මරපු අය මට හමූවී තිබෙනවා. ඔවුන් දන්නෙත් න ඇය මැරුවෙ ඇයි කීයා . ඔවුන් සියලු දෙනාම ජේවීපී සම්බන්ද අය

      Delete
  8. මේකත් ප්‍රේමකීර්තිගේ ඝාතනය වගේ එකක් නොවන්නේනම් ඔබගේ මෙම ලිපිය කෙරෙහි මම සපුරා එකඟ වෙමි...

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකිර්තිගේ ඝාතනය ගැන තියන චෝදනාව තවම ඔප්පු කරලා නැහැ නේද? හම දෙයක්ම එතනට ලඝු කරන්නේ ඇයි? වැරැද්දක් වුන කියල අනිත් අය චෝදනා කරනවා නම් එක හොයල ඇත්ත එලි කරානම් ඉවරයිනේ.

      Delete
  9. හැම රටේමවගේ ඉතිහාසය පුරාම සන්නද්ධ අරගල වලදී අහිංසක සහ/හෝ නොමැරියයුතු මිනිසුන් මරා දමා තිබෙනවා. එය සාධාරණීකරනය කරන්නේ වටිනාකමක් ඇති එයින් දීර්ඝකාලීන හෝ කෙටිකාලීන හොඳ ප්‍රතිපලයක් ලැබුන අරගල කිරීමේදී එවැනි දේ අතුරු විපාක ලෙස වීම වැලකීමට අපහසු දෙයක් කියලයි.
    අසාර්ථක අරගලවලිනුත් පසුකාලීන සාර්ථක ඒවට පන්නරය ලැබුනයි කියනව. ඒවාගේ හොඳ හා නරක විවිධ ප්‍රතිශතවලින් තියනව.

    89 කැරල්ලේ කිසිම හොඳක් හෝ ඉන්පසු හොඳ විපාකයක් මානම් දැක නෑ. 71 ගැන මං දන්නෙ නෑ. 89 නම් වටිනාකමක්වත් හොඳ ප්‍රතිපලයක්වත් ලැබුන අරගලයක් නෙවෙයි. මට තේරුන විදිහට කිසිම තේරුමක් නැති නාස්තිකාර විනාශයක්

    ReplyDelete
    Replies
    1. // 89 කැරල්ලේ කිසිම හොඳක් හෝ ඉන්පසු හොඳ විපාකයක් මානම් දැක නෑ. //

      ශ්‍රී ලාන්කීය දේසපාලුවන් ට ඉස් ඉසෙල්ලාම බැක් අප් විහිකල් සහ ආරක්සක බට්ටෝ දුසිම් ගනන් ලැබුනේ ඔයි කියනා 88/89 වසන්තයට පින්සිද්දවෙන්නයි කියලා උගත් මහත්තයෙක් මා එක්ක කිවුව නේ....ඔන්න වෙච්චි හොඳ...

      Delete
  10. Mage diviyath sasala kala mohothak vije mara dameema. Divaiana eka gana kiya thibune wije wedi kaa maray kiyala. Mama hithana hatiyata Me ghathanawalata sunil ariyarathna saha nanda malaniyath waga kiya uthuya.

    ReplyDelete
    Replies
    1. කිසියම් ප්‍රමාණයකට හුඟක් අය තරුණයන්ට හරි දේශපාලනය අධ්‍යාපනය දුන්නේ නැහැ කියන එකයි මගේ මතය. විජය ඝාතනය කළ යුතුව තිබු දේශපාලනඥයෙක් නොවෙයි.

      Delete
    2. Sudath Kumarasinghe15 June 2016 at 11:00

      විජය කියන්නෙ වාමාංශික නැඹුරුවක් සහිත උග්‍ර මානව හිතවාදියෙක් කියලයි මම හිතන්නෙ. එවන් අය ලංකා දේශපාලනයේ ඉතා විරලයි. 

      Delete
  11. ඔය පක්ෂ වල සමාජිකත්වයේ ඉඳලා පසුව ඉවත්ව ගිය අය දෙස ඔය වගේ පක්ෂ බලන්නේ වපර ඇසෙන්.පවා දුන්නා,නොදුන්නා තමන්ගේ මතවාදය ප්‍රතික්ෂේප කරන උන් ද්‍රෝහියෝ.එක නන්දනටත් එහෙමයි,කුමාර් ගුණරත්නම්ටත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. කුමාර් ගුණරත්නම් ඒ පක්ෂේ ඉඳල නැහැනේ. නැසී ගිය සෝමවංශත් එහෙම කිව්වා නේද?

      Delete
  12. මම 71 දි මාරසිංහ සමග යාපනය හිරගදෙරට පහරදීමට ගියා. "මාරසිංහ අන්තිම කාලේ පොලිස් ඔත්තුකරුවෙක් වගේ හිටිය" මේව මඩ. 71 අපේ අත්දැකීම් ගැන මා ලිව් "බක්මහ කඳුළු" 1සහ2 කියවී මෙන් ජ:වි:පෙ: ගමන එක්තරා පමනකට වටහා ගත හැක.
    රංජිත් හේනායක ආරච්චි

    ReplyDelete
    Replies
    1. ඒ පොත හොයා ගන්න තියනවද? කියවිය යුතු පොතක්. ඒ මඩ ප්‍රහාර එන්නේ මාරුව එක ප්‍රශ්නයක්ම නෙමේ කියන්න වෙන්න ඇති.

      Delete
    2. "බක්මහ කඳුළු"1 තුන්වක මුද්‍රණය විදර්ශන ප්‍රකාශන, 33, පන්සල පාර,කළුබෝවිල.
      "දුම්බරකඳුමත පෙරදිග සුලඟ" "බක්මහ කඳුළු"2 දෙවනමුද්‍රණය.
      Simple Publishers, No 296,Borella Road, Panagoda, Homagama

      Delete
    3. බොහොම ස්තූතියි රන්ජිත් අයියා. මම ඔබ ගැන අසා තිබෙනවා. මම ගෙන්න ගන්න බලන්නම් ලංකාවෙන්.

      Delete
    4. කෑගල්ලේ සහ පසුව අම්පාරේ පදින්චිව සිටි රන්ජිත් පීරිස් නම් අයෙකු ගේ බල්ලෙකු ගේ කතාව කියා පොතක අත් පිටපතක් විදේශයකදී මට ලැබුනා... කුමක්දෝ හේතුවකට ඒක අස්තානගත වෙලා... ඒකේ තියෙන්නෙත් එලියට ආ ජ වි පෙ කාඩරයෙකු ගේ සෝචනීය කතාව...

      Delete
  13. මේ කුරිරු ඝාතන නිසා රටට එක්තරා වයස් කොට්ඨාශයක බුද්ධිමතුන් ප්‍රමානයක් එකවර නැති උනා.දැන් අපිට මේ තදබලව දැනෙන්නෙ ඒ අඩුව.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේක මම වෙන තැනකුත් කිව්ව. ඒ කාලයෙන් ඉතරි වුන අයත් සෑහෙන්න දක්ෂයෝ ඉන්නවා හැම ක්ෂේත්‍රයේම. ඉතින් ඒ නැතිවුන හමොමං හිටියනම්. හ්ම්

      Delete
  14. මේ ලිපියේ අදහස ජවිපෙ හෝ වෙන කාටවත් වරදක් පැවරීම නොවේ. ස්ටාලින් ගේ කාලයේ ද්‍රෝහීන් යැයි නම් කල අය පසුව පුනරුත්තාපනය කළා. වුණා. එහෙම දෙයක් ජවිපෙ වත් පෙසපේ වත් කලේ නැහැ. ඒ වෙනුවට දේශපාලන හේතුන් මත විරි සමරු කලා විතරයි. ඕකයි මහින්ද බටලන්ද අදින එකෙත් රනිල් තව මොකක් හරි අදින එකෙත් අතර වැඩි වෙනසක් නැහැ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .