Thursday 16 June 2016

තාරකා ඡායාරූපකරණය

තාරකා නිරීක්ෂණය ඡායාරුප ගැනීම සඳහා  හොඳ වෙබ් අඩවියක්  තිබෙනවා. එය නිර්මාණය කර ඇත්තේ නිශාන්ත කරුණාරත්නයි. මගේ බ්ලොගයට ඔහු ප්‍රතිචාරයක්  මිට බොහෝ දිනකට කලින් දමා තිබුනත් මට එහි යන්නට හැකි වුනේ නැහැ නෙළුම් යාය සම්මාන උලෙළේ කටයුතු නිසා. මේ දින ටිකේ මගේ අනිත් විනෝදාංශය වන තාරකා නිරීක්ෂණය පිලිබඳ ටිකක් හිත යොමු කලා නැවතත්.

 ඒ නිසාම මම නැවතත් නිශාන්තගේ වෙබ් අඩවියට ගියා.  එහි ආධුනිකයෙකුට අවශ්‍ය  බොහෝ විස්තර සමුහයක් තිබෙන අතර ඉහත පින්තුරය රැගෙන තිබෙන්නේත් නිශාන්ත විසින්මයි.  ඔහුගේ ඡායාරූප බොහොමයක් උසස් තත්වයේ.  බ්‍රහස්පති ග්‍රහයාගේ ඡායාරුප රැගෙන තිබෙන්නේ අඟල් අටේ  සෙලස්ට්‍රෝන් දුරදක්නයකින්.

ඔහුගේ වෙබ් අඩවියේ තාරක නිරීක්ෂණය හා ඡායාරුප ගැනීමට වැඩිදුර විස්තර සඳහා වෙනත් වෙබ් අඩවිවල විස්තරද බොහොමයක් සඳහන් වෙනවා.

මෙහි දක්වා ඇති සඳේ ඡායාරුපය විශිෂ්ටයි කියා මට සිතේ.

එසේම ඔහු ආධුනිකයන් සඳහා මුදල් අය කරන පන්තිද  පවත්වනවා.

ඔහුගේ වෙබ් අඩවියට   යොමුව  මෙතැනිනි.

48 comments:

  1. තරු වලට කැමතියි මාත්. ඉස්සර "තරුලොව" කියලා මාසික සඟරාවක් තිබ්බා (දැන් නිකුත් වෙනවද කියලා දන්නේ නෑ).මං අනිවාර්යයෙන්ම ගන්නවා හැම මාසෙම. ඒකෙන් හුඟක් දේ ඉගෙන ගත්තා. පැහැදිලි වර්ණවත් ඡායාරූප අඩංගු වෙලා තිබ්බ ඒ සඟරා තාමත් මං ළඟ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මං ළඟ ටෙලස්කෝප් එකක් තිබෙනවා. මේවා කරනන් ටිකක් වෙලාව මදි දැන්.

      Delete
  2. //එසේම ඔහු ආධුනිකයන් සඳහා මුදල් අය කරන පන්තිද පවත්වනවා. //

    ඔයාට කොමිශන් කීයක් හම්බවෙනවද මේ වගේ ඇඩ් එකක් දැම්මාම.......

    ReplyDelete
    Replies
    1. මම මේක කරන කෙනා කවුද කියලවත් දන්නේ නැහැ. මම අභ්‍යවකාශ තාරකා විද්‍යාව සඳහා MSc එකක් කටපු කෙනෙක් ආසාවට. බ්‍රිතාන්‍යයේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයෙක්. තාරක විද්‍යාව ගැන ජනතාවගේ අවධානය වැඩි කරන්න නොයෙක් දේ ඒ සංගමයෙන් කරනවා. කවුරු හරි පටන් ගන්නවා නම් හොඳ දෙයක් ඒකට උදව් කරන්න කියල හැම සාමාජිකයකුටම කියනවා සංගමයෙන්. මම කරන්නෙත් ඒ වගේ දෙයක්. මේ මම පල කරපු ලිපි. මේ වගේ කතා කියන්න කලින් එව්වත් කියවල බලන්න. මේ මනුස්සය ගානක් හොයා ගණන් එක පන්ති පවත්වල මට ප්‍රශ්නයක් නෙමේ. ඒකෙන් හොඳක් වෙනවා නම්. එයාගේ වෙබ් අඩවියේ පින්තූර ගැන මට සැකයක් තිබුන නිසා මම මුලින් මුකුත් කිව්වේ නැහැ. නමුත් පස්සේ ඒවා එයාම අරගෙන කියල හිතුන නිසයි මේක ලිව්වේ. https://kolambagamaya.blogspot.co.uk/2015/10/blog-post.html
      https://kolambagamaya.blogspot.co.uk/2015/01/binoculars.html
      https://kolambagamaya.blogspot.co.uk/2015/02/blog-post.html
      https://kolambagamaya.blogspot.co.uk/2014/10/blog-post_19.html
      https://kolambagamaya.blogspot.co.uk/2014/10/blog-post_18.html

      Delete
    2. ඔය තියෙන්නේ මම ලියපුවා තාරකා විද්‍යාව ගැන. බිග් බැන් එක ගැන.
      https://kolambagamaya.blogspot.co.uk/2014/10/big-bang-cmb.html

      Delete
    3. https://kolambagamaya.blogspot.co.uk/2014/10/bigbang.html

      Delete
    4. අනේ අජිත් මහත්මයා, ඔය වගේ නරින්ට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා. ඔබ කරන හොඳ වැඩ හා වැදගත් ලිවීම් ඒ විදිහටම කරගෙන යන්න.

      Delete
    5. ස්තූතියි ඔබේ සහයෝගයට.

      Delete
    6. අනේ අම්මපල්ල මේ අජිත්ලටයි පිස්සු.. හැක්..

      Delete
    7. ඒ ලින්ක්ස් දැමීම වැදගත්.
      නමුත් ඒවා ක්ලික් කළාම වැඩ කරන්න දැම්මා නම් ෂෝයි.

      Delete
    8. මම දැම්මට ඒක වැඩ කරන්නේ නැහැ.
      බිග්බැන්

      Delete
    9. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න... හැක්

      Delete
  3. කාලෙකට පස්සේ තරකා විද්‍යව ගැන අජිත් අයියාගේ සටහනක් දැක්කේ.
    ඉස්සර නම් අහසේ තරු රටා කියවන්න යම්තම් වගේ දැනන් හිටියා.හැබැයි දැන්නම් ඒ එකක්වත් මතක නැහැ.
    අනික අපේ ගම් පළාත් වලට ලස්සන තරු පිරුනු අහසවල් පෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. //අනික අපේ ගම් පළාත් වලට ලස්සන තරු පිරුනු අහසවල් පෙන්නෙත් නැහැ.// වලාකුළු වැඩිද ? ආලෝකය වැඩිද?

      Delete
    2. ආලෝකය වැඩි නිසා වෙන්න ඇති.මම ගල්කිස්සේදී තරු පිරුණු ලස්සන අහසවල් දැකලා නැහැ.හැබැයි කොළඹට පිට ගියාම ඔය අනුරාධපුර වගේ පැතිවල අහස නම් හරිම ලස්සනයි මේ අපි නිතර දෙවේලේ දකින අහසට වඩා.

      Delete
    3. මම ගියා කළුතර උග්ගල්බඩට. ඒ හරියේ විදුලි එලිය අඩුයි. හරිම ලස්සනට තරු පිරුන අහස දැක්කා.

      Delete
    4. //මම ගියා කළුතර උග්ගල්බඩට //

      මගේ පාසැලේ එක පන්තියේ මිතුරෙකු වූ චරිත දිසානායක හිටියෙත් උග්ගල්බඩ...

      Delete
    5. එස් ඒ දිසානායක (මිහිරේ යෝධයා ) මහත ගේ පුතා . ඉහත යොමුවට යන්න. ඔහුගේ සම්මුඛ සාකච්චාවක්

      Delete
    6. අපේ රටේ Light pollution වැඩියි මනෝජ් අයියෙ, අනිත් රටවලට සාපේක්ෂව.(ඉන්දියාව නෙවේ). තරු නොපෙනෙන්න එක හේතුවක් ඒක. අපි හරි ඉන්ජිනියරින් මෙතඩ් පාවිච්චි කරන්නෑ... තරු නෙවේ, හුඟක් නිශාචර සත්තුන්ට මේක ලොකු ප්‍රශ්නයක් දැන්

      Delete
  4. අජිත් මහත්මයා, ඔබගේ අර "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " ලිපි මාලාවට මොකද උනේ? ඉතිරි කොටස් ලියවෙන්නේ කවදාද? මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. එය රුසියාවේ ඉගෙන ගත අපේ තරුණයන් ගැන ලියවුනු ඉතා රසවත් කතාන්තරයක්.

    ReplyDelete
    Replies
    1. ළඟදීම පටන් ගන්නවා. ස්තූතියි

      Delete
  5. තරු... මාත් හරි කැමති මාතෘකාවක්...

    ReplyDelete
    Replies
    1. සඳ නැති රැ යක තරු විතරක් අහසේ තියන කොට....

      Delete
  6. Amazing photos. Thanks for the link. -Economatta

    ReplyDelete
  7. මම මේ බ්ලොග් එකේ දාන පළමු කමෙන්ට් එක, සියාමා එහෙම කියෙව්වා. ස්තූතියි. මේකත් මගේ කැමතිම විෂයක්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකට ස්තූතියි.

      Delete
  8. මාත් ඒ සයිට් එක බැලුවා. ඒත් ඉතිං පොටෝ ගහන්න අර පෙට්ටි කෑලි තියෙන එකක්යැ.. නිකා හිටියා..

    ReplyDelete
    Replies
    1. කැමරාවේ exposure එක වැඩි කරලා උත්සාහ කරාද?

      Delete
    2. කැමරාවක් නෑනේ හිටං.. හැක්

      Delete
  9. ටෙලස්කෝප් පරිස්සමින් භාවිතා කලයුතුයි

    ReplyDelete
    Replies
    1. ප්‍රා අල්ලපු ගෙවල් වලට aim කරලා බලන්න ගියහම එන ප්‍රශ්න වලට අපිට වග කියන්නට බැරිය.

      Delete
  10. ඉතා වටිනා වැඩිපුර කතා නොවෙන විෂයක් ගැන සටහන් කිරීමට ස්තුතියි. අපේ රටේ නක්ෂස්ත්‍රයට ලැබෙන සැලකීමවත් තාරකාවිද්‍යාවට නොලැබෙන බවයි මම හිතන්නේ.

    අවුරුදු 10 පමණ වයසේදී ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතාගේ 2001 අභ්‍යවකාශ වීර චාරිකාව කියවීමෙන් මේ ගැන මට ඉතාම උනන්දුවක් ඇතිවුනා. 2010, 2061 වැනි ඉතාමත් රසවත් කෘතිද එසේමයි. තාරක විද්‍යාව ගැන මම වැඩිදුර ඉගෙනගෙන නැතිවුවත් මා ඊට ඉතා කැමතියි. Astronomy යනු මම දැනටද නිතර කියවන විෂයක්.

    ඉහත සබැඳියේ සඳහන් වෙබ් අඩවියට ගොස් බැලුවා. ඔහු උපාධිය ලබාගත්තා යයි සඳහන් කරන ආකාරයේ පීඨයක් තවම මොරටුව විශ්විද්‍යාලයේ ස්ථාපිත කර නැහැ. එය (බරපතල) වැරදීමක් වෙන්නත් පුළුවන්. කෙසේවුවත්, ඊට සහභාගීවන්නට එපා කීමට මට අයිතියක් නොමැති අතර ඊට වඩා සුදුසු යයි සිතන ක්‍රමයක් මම පහතින් යෝජනා කරනවා.

    ශ්‍රීලංකාවේ කෙනෙකුට තාරකා ඡායාරූපකරණය හෝ තාරකා විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ක්ෂේස්ත්රයේ වඩාත් විශ්වසනීයම පුරෝගාමියා වන මොරටුව කටුබැද්දේ ඇති නවීන තාක්ෂනය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයට සම්බන්ධ වීම වඩා සුදුසුයි මම සිතන්නේ. ඒවගේම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය කේ. පී. චන්දන ජයරත්න හා සම්බන්ධ වීමද +94 11 215 8357 හරහා කල හැකියි. ඔවුන්ගේ සමහර නිරීක්ෂණ කඳවුරුවලට සහ පුහුණු සැසි නොමිලේ මෙන්ම ඉතා අඩුමුදලක් ගෙවීමෙන්ද සහභාගී විය හැකියි. මේ සබැඳිය මගින් ඔවුන් හා සම්බන්ධ වී එම තොරතුරු සොයා ගත හැකියි. http://www.accimt.ac.lk/accimt/?page_id=446

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ තාරකා විද්‍යාව සම්බන්ධ අය කවුරුද කියා වැඩිපුර දන්නේ නැහැ. මා මිතුරු නාලක ගුණවර්ධන ලිපි ලිය තිබෙනවා කියල දන්නවා. මේ වෙබ් අඩවිය කරන මහතා එසේ ඉගෙන ගත්තද යන්න මම දන්නේ නැහැ. එය මගේ බ්ලොග් අඩවියට දැමුණු යොමුවක්. එම වෙබ් අඩවිය හොඳයි විස්තර සඳහා. ලංකාවේ මුදලට හරි කරනවා නම් හොඳයි කියන මතයේ මම ඉන්නේ. නිකන් දෙනකොට අහන බැනුම් බැලුවහම.
      ඔබේ යොමුවන්ට ස්තූතියි. එංගලන්තයේ තාරක විද්‍යාව පිලිබඳ සම්මන්ත්‍රණ නොමිලයේ තියෙන්නේ. නමුත් අනිත් බොහෝ දේවලට ගෙවිය යුතුයි. බ්‍රිතාන්‍ය තාරක සංගමය මෙවැනි දේ කරනවා නොමිලයේ. මමත් අවුරුදු ගනනක් ඉඳල ඉවත් වුණා වෙලාව මද කමින්. දැනට RAS එකේ විතරයි ඉන්නේ.
      නක්ෂත්‍රය ගැන ඔබ කී කතාවට එකඟයි. මෙන්න මම ලියපු එකක්.
      "තාරකා කිසි දෙයක් කීවේ නැත."
      https://kolambagamaya.blogspot.co.uk/2015/01/blog-post_93.html

      Delete
  11. මගේ නවකතා දෙක කියවලා අදහසක් කියන්නම් කිව්වා වගේ මතකයි. පට්ට යන්න බැන්නත් කමක් නෑ. ගමයාගේ අදහස් දැන ගන්න බලා ඉන්නවා. ඒ වුණාට බිසි වගේ නේද... ?

    ReplyDelete
    Replies
    1. අපරාදෙ මං ගිහිල්ල දුන්නෙ ඉක්මනටම.හොඳවෙලාවට මං කියවල ඉවරවෙලා දුන්නෙ :-D
      මෑන් තරු ( සහ තව මොනවද දන්නෙ නෑ ) බලනව

      Delete
    2. ඒ ගැන බලා ඉන්නවා කීවහම මට නිකම් සතුටක් දැනුන . මේ බැනුම් අහල ඉන්නේ අර "ගුරු ගීතය" විචාරය ලියල. අමාරුවෙන් නවකයෙක් එලියට එනකොට පහර ගහනවා කියල. ඒ අධ්‍යක්ෂකට මම වැරැද්දක් නෙමයි කියුවේ. මට අවංකවම හැඟුණ දේ. ප්‍රා බොහොම ස්තූතියි ගෙනාවට පොත් දෙක. හැබැයි මට තේරුණා කියවල කියල. වැඩේ වැරදියි කියන්නත් බහ.ප්‍රා සල්ලි ගත්තේ නැහැනේ.
      @නොකී - දැනට ලියල තියෙන්නේ. පොත් දෙක ආයෙත් උඩින් පල්ලෙන් බලනවා මම හරියටම කියන දේ කියනවද බලන්න? පොත් දෙකක් ගැන ලියන්න ලෙහෙසි නැහැ. ඒ ලිපිය මේ මාස දෙකක් තිස්සේ ලියන එකක්. අද හෙටම දාන්නම්. ස්තූතියි.

      Delete
    3. තරු පේන්න ලිව්වත් අවුලක් නෑ. ගමයලගේ අදහස් ඉදිරි වැඩ වලදි ප්‍රයෝජනවත්.
      Pra Jay කියෙව්ව එක හොඳයි. නැත්නං ආයෙ ඉල්ලන් කියවන්න කියලයෑ.

      Delete
    4. ඒ පොත් දෙකම හොඳයි. අර දිවයිනේ ලිපිය කියවනං විධිහක් නැහැ. එයා මොකක්ද කියල තිබුනේ.

      Delete
  12. මට අහසේ තරු ගොඩක් පායලා තියෙනවා දුටුවිට සමහර වෙලාවට බය හිතෙනවා. එහෙම ෆෝබියාවක් තියෙනබව අසා තිබෙනවා.
    ඒ වගේම මල් මෝස්තර තියෙන පිඟන් ගඩොල් ඇල්ලූ කාමරයටවී තනිව සිටිනවිටත් ඒ වගේම අපහසුතාවයක් ඇතිවෙනවා. (ඒ ෆෝබියාව තියෙන්නේ මට විතරක් වෙන්න ඇති)

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ astrophobia කියල.
      http://www.phobiasource.com/astrophobia-fear-of-stars-or-celestial-space/
      http://www.phobiasource.com/siderophobia-fear-of-stars/
      To be clinically diagnosed as having a fear of stars is called Siderophobia. While some celebrate the immense size of the universe the same cannot be said for others who view the size of the universe as a threat to their own safety and comfort.

      A separate core fear that is often associated with Siderophobia is simply the fear of being exposed or out of control. People like to have control over the things around them, yet in comparison to the stars and universe we have no control at all.

      Delete
    2. monophobia එකක් වගේ දෙවෙනි එක. ඒකට නම් කවුරු හරි හමු වෙන්න යනවා නම් හොඳයි. ඒ කියන්නේ counsellor කෙනෙක් හරි මනෝ වෛද්‍ය වරයෙක් හරි. anxiety එකටත් ඒ වගේ වෙන්න පුළුවන් නිසා. ඒක වෙන ප්‍රශ්නයක සිම්ප්ටම් එකක් වගේ මටනම්.

      Delete
  13. ලංකාවෙ ලස්සනම අහස දැක්කෙ යාල බ්ලොක් 2 වලදි ...
    පොටෝ 200ක් විතර ගැහුවා ... ඒත් ට්ර්යිපෝඩ් එකක් තිබ්බ නැති හිංද ඔක්කොම හෙල්ලිලා ....
    ආයෙ යන්ඩ ඕනෙ ට්‍රයිපෝඩ් එකත් අරං කැමරාව ගත්ත කාලෙට ...

    ReplyDelete
    Replies
    1. අපරාදේ. මදුරුවන්ට තමා අහස හොඳටම පේන්නේ. රෑ වැඩ නේ. :)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .