Saturday 26 November 2016

කස්ත්‍රෝ සහ කියුබානුවන්ගේ නිදහස

ඉහත  පින්තුරය අරගත්තේ නාලක ගුණවර්ධන ෆේස්බුක් එකේ  දාල තිබ්බ පෝස්ට්   එකකින්.  අන්තර්ජාලයේ මේ වගේ පින්තුර ගොඩක් සැරි සරනවා. ෆිදෙල් කස්ත්‍රෝ ට මම ගෞරව කරන එක හේතුවක් මේක. ලෝකයේ බලවත්ම රටෙන් සිය ගණනකට වැඩිය මරණ තර්ජන, කුමන්ත්‍රණ ආවත් තමන්ගේ ආයු කාලය ගෙවා ගත්ත.

කියුබානුවන්ගේ නිදහස ගැන ලියන්න හිතුනේ මාතලන් "දැන් අන්තිමට  කියුබානුවන්ට නිදහස ලැබෙයි" කියල බුකියේ දාපු කොමෙන්ටුව දැකල. එනිසා මම ඔහුට ගෞරව කරන දෙවන හේතුව කියන්න කලින් මගේ පරණ ලිපි දෙක ඉස්මතු කරන්න ඕනේ. කියුබාව සමාජවාදිද කියල මම ලිපි දෙකක් ලිව්වා කාලෙකට කලින්.  කියුබාව සමාජවාදිද 1,  සහ කියුබාව සමාජවාදී ද 2  කියල.

ෆිදෙල් ගේ සහෝදරයා රාවුල් කස්ත්‍රෝ ජනාධිපති වුනාට පස්සේ කියුබාවේ පෞද්ගලික නිවාස අයිති කර ගන්න ඉඩ දීල තිබෙනවා. තමන්ට තමන්ගේ ගේ විකුණා ගන්නත් තව එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම යුගෝස්ලාවියාවේ ටිටෝ කලා වගේ පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට  රැකියා දෙන කර්මාන්ත හා ව්‍යාපාර අරඹන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධනය එකතු කරන්න දෙනවා.  කියුබානු ආර්ථිකය දියුණු වෙනවා කියල කියනවා.  ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙක තුල  GDP එක දෙගුණයකින්  වැඩි වෙලා. ෆිදෙල් දන්නවා මල්ලි මේකට ඉඩ දීල තිබෙනවා කියල.

මගේ ඔය දෙවැනි ලිපියේ කියා තිබෙන විධිහට මම ඉගෙන ගත්තේ කියුබන් උන් රංචුවක් එක්ක.  මාත් එක්ක වාද කරන හැම වෙලාවෙම මට පෙනිච්ච දේ තමයි උන් චේ ට කැමති බව. ඒ එක්කම උන්ගේ මොකක්දෝ ආදරයක්, ගෞරවයක් ෆිදෙල් ගැන තියෙන බව.

එනිසා මාතලන් කියුබානුන්ගේ නිදහස ගැන කියන කොට මට හිනා යන්නේ ඒකයි. උන් අපි හිරගේ කියල හිටිය එකේ හිටියේ කැමැත්තෙන්. ලංකාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන ලංකාවේ උන් වගේ ඇමෙරිකාවට පැනල යන එවුන් ඉන්නවා තමයි. හැම රජයක් යටතේ ලංකාවේ උනා  වගේ තුන්වන ලෝකෙට ටිකක් උඩින් තියන නිසා කියුබවෙත් ඒක එහෙම වුනා. වෙනවා.

මම කියුබන් ශිෂ්‍යයන්ගෙන් ඉගෙන ගත්ත දේ තමයි බැටිස්ටා කියන්නේ අන්ත දුර්දාන්ත පාලකයෙක් වග. මාතලන් වගේ අයත්  බැටිස්ටාට විරුද්ධව මිසක් පක්ෂව යන එකක් නැහැ එතන හිටිය නම්.  බැටිස්ටා තමන්ට අකමැති පෙම්වතියන් විතරක් නෙමේ තමන්ගේ විරුද්ධ කාරයොත් උගේ මාලිගාව ඉස්සරහ තටාකයක කිඹුලන්ට කන්න දීපු එකෙක්. ඒ රටේ ධනය විතරක් නෙමේ, තරුණ තරුණියෝ දෙගොල්ලම උගේ සහ යාලුවන්ගේ පෞද්ගලික බුදලයක් කියල සලකපු අත්තනෝමතික රජෙක් වගේ පාලකයෙක්.

කස්ත්‍රෝ , චේ ගුවේරා කලේ  ඒ වයසේ තරුණයන්ට කරන්න තිබුන එකම දේ. බැටිස්ටා ගේ ආණ්ඩුව පෙරලීම.  පළවෙනි පාර වැරදුන. දෙවෙනි පාර හරි ගියා. දෙවෙනි පාර මුළු රටෙන්ම තුනෙන් දෙකකටත් වැඩිය ජනතාව  හා කියුබන් හමුදාවේ කොටසකත් සහයෝගය තිබුන.   ඒක ජනතාවගේ  විප්ලවයක්.

මුල් අවුරුදු දෙක තුල කියුබාව සමාජවාදී වත් කොමියුනිස්ට් රටක් වත් නෙමේ. චේ සහ කස්ත්‍රෝ දෙන්නම ඇමෙරිකාවට තමයි උදව් ඉල්ලා ගෙන ඉස්සෙල්ලම ගියේ. තමන්ගේ ළඳරු නිදහස්  කියුබානු රජයට ලෝකයේ නිදහස ගැන කෑ ගහන ඇමෙරිකානු රජය උදව් කරාවි කියල හිතාගෙන. නමුත් ඇමෙරිකාවට ඕන වුනේ සමාගම් වල පාලනය බැටිස්ටා හා ඔහු අනුගමනය කරන කෙනෙකුට දෙන්න මිසක් කියුබානු මිනිසුන් ගේ නිදහස නෙමේ. එනිසා එක්සත් ජනපදය කලේ ආර්ථික සම්බාධක පනවපු එක. කියුබන් බැංකු වල සල්ලි තහනම් කරපු එක. රට එක රැයෙන්  දුප්පත් වුණා ඒ කරපු වැඩෙන්.

අන්තිමට කස්ත්‍රෝට  සිදුවුනේ සෝවියට් දේශයේ සහය පතන්න. නමුත් ඒ සහය ගන්න නම් කස්ත්‍රෝ සෝවියට් ක්‍රමයට රට හදන්න ඕනේ. ඒක තමයි කොන්දේසිය. කස්ත්‍රෝ සහ චේ සෝවියට් දේශයට ආවේ එහෙම. ඒ ක්‍රමය බලන්න. ඉන් පස්සේ කස්ත්‍රෝ නිවේදනය කළා තමන් හදන්නේ සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුවක් කියල.

බැටිස්ටා ගේ රජය පෙරලා නව ආණ්ඩුව හැදුවේ 1959 ජනවාරි පළමු වෙනිදා.  ඇමෙරිකානු සම්බාධක නිසා රට සොවියට්  ක්‍රමයට තල්ලු වුනාට පස්සේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය පිහිටවන්නේ 1965 ඔක්තෝබර් 13.  ඒ කාලයේ තිබුන ලෝක දේශපාලන තත්වය අනුව කැස්ත්‍රෝ  ගත්ත තීරණයක් ඒක.

කියුබන් එවුන් දුප්පත් බව ඇත්ත. නමුත් උන්ට මාර ආත්ම  අභිමානයක් තියනවා. උන් දන්නවා ඇමෙරිකානු සම්බාධක නිසා තමන්ගේ රටට ඉදිරියට යන්න බැරිවුනා  කියල. ඒ නිසා රටෙන් වැඩි කොටසක් කස්ත්‍රෝ කියන විධිහට ජිවත් වුණා මිසක් කස්ත්‍රෝට බැන්නේ නැහැ. වර්ෂ 1991 සෝවියට් දේශය බිඳ වැටුනයින් පස්සේ මාත් එක්ක ඉගෙන ගත්තු කියුබන් කාරයන්ට ඕනේ නම් පනින්න තිබ්බ බටහිර රටකට. රුසියන් කෙල්ලෙක් බැඳලා හිටිය එකෙක් රුසියාවේ නැවතුන ඇරෙන්න අනිත් එවුන් ඔක්කොම ආපහු ගියා.

දැන් ඇමෙරිකාවේ, එංගලන්තේ, ලංකාවේ පත්තර කියනවා තමයි කැස්ත්‍රෝ  මිනිස්සු හිරකරගෙන හිටිය. ඒක සිර කඳවුරක් කියල. නමුත් තමන්ට තියෙන පොඩි දෙයින් සැනහිලා , සුරුට්ටුවක් පත්තු කරගෙන, ගිටාරයක් ගහගෙන, කෙල්ලෝ කොල්ලෝ ඉන්න සොමිය දැක්කම මට නම් හිතෙන්නේ ඕකේ  අනිත් පැත්ත. කොටින්ම  හොර බිස්නස් එකක් කරන එඑකාට  වුනත් ඕන තරම් අපේ ඉස්සරහ කැස්ත්‍රෝ ට  බනින්න තිබ්බ. මොකද අපිත් විදේශික ශිෂ්‍යයෝ නිසා. නමුත් උන් කවදාවත් එහෙම කලේ නැහැ.

හුඟක් වෙලාවට කියුබානු ආර්ථිකය නිදහස් වෙයි.  මම හිතන්නේ රාවුල්ට  රජය භාර දෙන කොටම  කස්ත්‍රෝ දැනගෙන හිටිය ආර්ථිකය වෙනස් කරයි කියල.  රවුල් කස්ත්‍රෝ කියන්නේ චේ වගේම කස්ත්‍රෝ එක්ක මුල ඉඳන්ම සටන් කරපු සටන් සගයෙක්. සහෝදරයා වුනත්. පැරචුට්ටෙක් නෙමෙයි.

අපි කැමති වුනත් නැතත් කස්ත්‍රෝ කියන්නේ අති විශාල රටක බලපෑම් වලට භය නොවී තීරණ ගත්ත නායකයෙක්. ඒ රටෙන් එල්ල කරපු ජිවිත තර්ජන සියල්ල  පරාජය කළ කෙනෙක්.

මම ඇමෙරිකාවේ දියුණුවට වගේම ඒ රටේ නිදහසටත් කැමති කෙනෙක්. නමුත් ඇමෙරිකාව අනිත් රටවල ආණ්ඩු වෙනස් කරන්න බලය යෙදෙව්වා කියන එක, පිනොචෙ , මාර්කෝස් වගේ ඒකාධිපතියන්ට ඒ කාලෙ උදව් කලා කියන එකත් අමතක කරන්න  බැහැ. ඇමෙරිකාව පස්සෙයි වෙනස් වුනේ.  ඒ කාලේ ඒකාධිපතියෙකුට විරුද්ධව සටන් කලේ කස්ත්‍රෝ වගේ එවුන්.

කස්ත්‍රෝ කියන්නේ යුග පුරුෂයෙක්. එහෙම එවුන් මේ ලෝකේ වැඩිය හිටියේ  නැහැ.

කස්ත්‍රෝ ඔබට සුභ ගමන්.
කැස්ත්‍රෝ, රාවුල් සහ චේ 






64 comments:

  1. චේ කියන්නේ මගේ හිතෙත් වීරයෙක්....... හැබැයි ගැට්ටට මේ මොකාද නොදැන ත්‍රීවිල් වල රූපේ ගහගෙන ඉන්න උන්ට වඩා මං වෙනස්. චේ ගැන හොයන්න ගිහින් තමා මං ෆිදෙල් ව හොයාගත්තේ. මං එදා දැනගත්ත දේ තමා චේ පොරක් වුණාට ෆිදෙල් කියන්නේ පොරත්වයක් කියන එක......

    ෆිදෙල් දැන් ගියාට කමක් නැහැ අජිත් අයියා. මොකද ෆිදෙල්ට තවත් දිනන්න දෙයක් නැහැ........ ඒ මිනිහා හැබෑවට ම ගොඩක් දේවල් දිනාගත්තා..... වෙන එකක් තියා ඔබාමත් කියුබාවට ආවා......... තවත් මොනවද??????

    ෆිදෙන් ඔබට සුභ ගමන්........

    ReplyDelete
    Replies
    1. කස්ත්‍රෝ වීරයාණෙනි ඔබ මීට වසර 20-30 කට පෙර මියගියානම් මීට වඩා සෙතක් මිලියන 10-11 වන කූබා වැසියන්ට අත්වීමට ඉඩ තිබුණි. අදින් පසුවවත් ඔවුන් නිදහසේ ඉන්නවානම් ඒ පින ඔබට අත්වේවි. ඔබ යන්න ඇත්තේ බැටිස්ටා ගියා දිහාවටම නිසා එයාව හම්බුවුණොත් මතක් කලා කියන්න.

      Delete
    2. ඉයන් අයියා.............

      අපිට මතවාදයන් තියෙන්න පුළුවන්. ඒත් අපි ඒවා අනවශ්‍ය විදිහට කරේ එල්ලා ගත්තා ම අපිට හැමදේම පේන්නේ ඒ කොණයෙන් විතරයි. ඉස්සර ආණ්ඩුව තිබ්බ කාලේ විමල් මහත්තයා නිතරම අපි සහ උන් කියලා බෙදුවේ මේ දෘෂ්ඨිය කරේ එල්ලා ගෙන තමයි. ඉතින් අපි යමක් දැක්ක ගමන් ඒවා අපේ දෘෂ්ඨියට දාගෙන හංවඩු ගැහීම හරි දෙයක් නෙමෙයි කියලයි මං නං දකින්නේ... අපි ඒදේ ස්වාධීනව බැලිය යුතුයි. ඒක තමා අපි බොහෝ දෙනෙක් නොකරන දේ.........

      Delete
    3. ඉයන් මේ ලිපිය තේරුම් අරන් තියෙන්නේ වැරදි කෝණයෙන්. කියුබන් මිනිසුන්ගෙන් භාගයකට වඩා දනන් හිටිය මොකක්ද වුනේ කියල. සෝවියට් පැත්තට යන්න වුනේ ඇයි කියල. එක තමයි ඇත්ත. කියුබාව දුප්පත් නැත කියල මම කොහෙවත් කියල නැහැ.

      Delete
  2. ස්තූතියි අජිත්. බැටිස්ටා ගැන ඔබ කියල තියෙන දේ ඇත්ත. මාක්ස්වාදීන් හෝ ධනවාදයට විරෝධී අය ගෙනෙන තර්කයක් තමයි ඔබත් කියල තියෙන්නේ. 1956 මැතිවරණ කාලෙදී බණ්ඩාරණායක කරපු චෝදනාවක් තමයි අගමැති කොතලාවල මුවෙක් මරල පුළුස්සන් කනව කියන එක. කොතලාවල කෑවේ බිව්වේ එයාගේ සල්ලිවලින්. වෙන එකක් තියා මැරෙනකොට පරම්පරාගත ඉඩම සහ වූ කඳවල වත්ත ආරක්ෂක පාසැලක් හදන්න රජය දුන්නා. බණ්ඩාරණායක වගේ ඔය කථා කියල මිනිසුන්ව රවට්ටල ඒගොල්ලො පත්කරගත්ත උදවිය කෑවෙ බීවේ මහජනතාවගේ සල්ලි වලින්. ජාතිවාදය ඇවිස්සීම, ධනය ඇති අය කෙරෙහි වෛරය ඇතිකිරීම කරල බලය අරගත්ත මාක්ස්වාදීන් කලේ මහජන නිදහස නැතිකරල, හොරා කාලා, තමන්ගේ ළමයින්ව ධනවාදී රටවලට යවල උගන්නලා, නොමිලෙ විශ්වවිද්‍යාල දාල රටේ ළමයි උසස් අධ්‍යාපනය ලබා ගැනීම සීමා කරපු එක.

    චේගුවේරා, කස්ත්‍රෝ එකතුවෙලා රටේ පෞද්ගලික දේපල පවරා ගැනීම උගතුන් සහ නගර වැසියන් සීනි හදන්න උක් වගා කරන්න කැලවල් වලට ඇරපු එක කලේ රුසියාව කියපු හින්දද? බණ්ඩාරණායක වතු ජනසතුකරලා හොඳට තිබ්බ වැවිලි ආර්ථිකය නැතිකලේ කවුරු කියපු හින්දද? සිංහල ධනපතියන් නැති කලෙත් ඔය වතු පවරා ගැනීම නිසා කියල ඔබ දන්නව ඇති.

    කස්ත්‍රෝ එක්ක යුධ වැදුණු වමේ වුන්ගේ අනික් වීරයා චේ ගුවේරා. ආණ්ඩු අල්ලගත්ත කැරලි කරුවන්ට දස වධ දුන්න එකට විරුද්ධ චේගුවේරා අල්ලගත්ත හිර කරුවන්ට කලේ මොකද්ද?

    ඕන රටක බයියෝ ඉන්නවා. අර ස්ටොක් හෝම් සින්ඩ්‍රොම් එකේ තියෙන තත්ත්වය වගේ. සිරිසේන වහළුන් කිව්වෙ ඒගොල්ලන්ට තමන්ගේ නිදහස නැතිකරන අයට වඳින්න පුරුදු වෙච්ච අය. අනික ඒකාලෙ රුසියාවෙ අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යත්ව ලැබුණේ මාක්ස්වාදී පක්ෂවල සාමාජිකයින්ට. අනික අයට නොලැබෙන වරප්‍රසාද අරගෙන රුසියාවට ආව කියුබානුවන්ගේ අදහස සාමාන්‍ය කියුබානුවන්ගේ අදහස කියල ගන්න පුළුවන්ද?

    ඇමෙරිකාව කස්ත්‍රෝ බලය ගත්තාට පසු සහයෝගය නොදුන්නේ ඔහු ඇමෙරිකානුවන්ට සහ ඇමෙරිකානු ආයතන වලට අයත් දේපල රාජසන්තක කල නිසා. ඊට පසුව තමයි කියුබානු නිශ්පාදන මිලදී ගැනීම ඇමෙරිකාව නතර කලේ. කියුබාවට විරුද්ධ ආර්ථික සම්බාධක පැනෙව්වේ 1962 දී.

    1962 ඇතිවූ කියුබානු මිසයිල් අර්බුධයේදී කස්ත්‍රෝ රුසියාවෙන් ඉල්ලා සිටියා ඇමෙරිකාවට පරමාණු අවිවලින් පහර දෙන ලෙස. එවිට ඇමෙරිකානුවන් කියුබාවත් පරමාණු බෝම්බයක් හෙලලා විනාශ කරයි කියල කිව්වම එයා කියලා තියෙන්නේ ඒ පරිත්‍යාගය කරන්න කියුබානු ජනතාව සූදානම් කියලා. කස්ත්‍රෝ සහ හිටපු ආරක්ෂක ලේකම් රොබට් එස් මැක්නමාරා ගේ සංවාදය ගැන සොයා බලන්න. ඒවගේ තමන්ගේ අදහස් වලට ජනතාව බිල්ලට දෙන්න කථා කරන්නේ ඉහලම මට්ටමේ ආර්ත්මාර්ථකාමී මානසික ලෙඩ්ඩු. බැටිස්ටා කියුබාවට හානි දහයක් කලා නම් කස්ත්‍රෝ කරපු හානිය මිලියනයකට සමානයි.

    කස්ත්‍රෝට විරුද්ධ වීම බැටිස්ටා හෝ ඔහුගේ ආරක්ෂකයන් වූ ඇමෙරිකාවට පක්ෂ වීමක් නෙවෙයි. බැටිස්ටාගෙන් බලය ගත් පසුව මාක්ස්වාදී ව්‍යාපාර පවරාගැනීම් නොකලා නම් අද කියුබාව දියුණු රටක්. කස්ත්‍රො සොවියට් දේශය පැත්තට හැරුණේ ඇමෙරිකානු විරෝධී ආකල්ප නිසා ඇමෙරිකාව එය ආක්‍රමණය කරයි කියන බියට. අර අපේ එකෙක් ඉන්දියාව බයකරගන්න චීනෙට ඇල්ලුවා වගේ.

    ReplyDelete
    Replies
    1. When applied to countries like Cuba, the American popular perception of “culture” was also homogeneous and unchanging, resulting in a distorted, caricatured image of Cubans. The complexities of Cuban society were reduced in the American popular media to cultural clichés and subsumed into an undifferentiated whole.
      Cubans living on the island in the 1950s were not just dancers and fun people with a good sense of humor, but were also, for most of the time they were awake, working very hard either at ruling over the country (all the way down from dictators, capitalists, and landlords to soldiers and policemen) or, as for the great majority, at surviving as workers, peasants, public employees, students, professionals, shopkeepers, or intellectuals.
      Whatever cultural behavior these various Cuban groupings may have shared, they were also substantially different from each other, sometimes even having more in common with their occupational and class counterparts in the United States than with other Cubans. After all, oppressed people in all countries act on the basis of the same drives and aspirations, trying to defend their standard of living, meet certain nutritional requirements, and limit if not eliminate their oppression.
      This view of pre-revolutionary Cuba as a culturally homogeneous society so “exotic,” so far away from any similarity to a “developed” society, and fatally afflicted with the ills of gambling and Mafia control, suggested the image of an exhausted lumpenized society devoid of any political, moral, and spiritual resources and thus — unable to engage and conduct its own struggle for self-emancipation — dependent on saviors from above.
      In the very early stages of the successful revolution, before it adopted the Soviet model, the Mafiosi were unceremoniously kicked out of the country, casino gambling was abolished (after some initial difficulties addressing the problem of substantial numbers of casino employees who would be left unemployed.) In February 1959 the national lottery was converted into the INAV (National Institute of Savings and Housing) — a transitional measure channeling the proceeds remaining from pre-revolutionary gambling into a savings fund dedicated to housing.

      Delete
    2. several Mafia families entertained the idea of taking their business to Cuba both as a means to expand their enterprises and to escape the reach of the FBI and the IRS, among other US government agencies. In December 1946, Havana’s classic Hotel Nacional hosted an important gathering of the Mafia attended by the heads of the most powerful families and organized by Lucky Luciano, who had been residing in the island since October of that year. But under heavy American pressure, the Cuban government deported Luciano in February of 1947.
      Some other gangsters, such as Meyer Lansky and Tampa’s Santo Trafficante Jr, had a much longer stay on the island and were closely connected to casino gambling. Ironically, part of Lansky’s task was to eliminate the petty trickery of fast-paced games, such as the one called “razzle-dazzle” (a casino equivalent of the “two-card monte”) used to trick gullible tourists. Even Richard Nixon had complained to the US Embassy in Havana about the victimization of one of his rich and influential friends.
      According to historian Rosalie Schwartz, in response to the threat that these games posed to the Havana casinos, Lansky opened a school to train and screen casino employees. Only trained and trustworthy individuals were to gain access to the world of blackjack dealers, croupiers, and roulette stickmen. Eliminating the petty chiselers from his casinos, Lansky ran an efficient operation that attracted big-time professional players to his crap tables, and gamblers who could trust the fairness of the games.
      At Lansky’s Montmartre nightclub, businesslike table crews conducted the game; dealers dealt blackjack from a box, not from the hand, and floormen watched the action for any sign of impropriety. The big crooks were not going to let the small crooks discredit and ruin their business.

      Delete
    3. There were undoubtedly strong links between the Mafia and the Batista regime, but some observers have greatly magnified and distorted the nature of those links. Journalist T. J. English, for example — the author of an earlier book on the Westies, Manhattan’s Hells Kitchen’s gang — claims in his 2007 book, Havana Nocturne: How the Mob owned Cuba and then Lost it to the Revolution, that the mob “had infiltrated a sovereign nation and taken control of financial institutions and the levers of power from top to bottom.” According to English, Batista had embraced the dictates of the American mobsters and had become the muscle behind the Havana mob.
      English may have taken his cue from Cuban writer Enrique Cirules‘s book El Imperio de la Habana. Cirules, who later accused English of plagiarism, argued that the power of the Mafia, in a permanent alliance with the US intelligence services, had taken over every level of power in Cuba. Batista’s 1952 military coup, which brought the retired general back to power, was not the cause of the power that the Mafia had amassed, but the coronation of its power, and led to a power triangle formed by the dominant financial groups, the Mafia, and US intelligence.
      Cirules also makes the fantastic claim that the gains from the Mafia’s cocaine trade were even bigger than those of the sugar industry. However, the Mafia in Cuba was only one, albeit highly corrupt, interest group. The Mafia had no interest whatsoever in running Cuba; it just wanted a place to pursue their interests, primarily in gambling, and also in the drug trade, unmolested by the US or the Cuban government. Rather than trying to control the government and the political and economic life of the island, these mobsters focused their efforts on preventing other criminals from invading their turf.
      That’s how, for example, internal mob disputes about gambling interests in Cuba led to the murder of gangster Albert Anastasia in a New York hotel barbershop in October 1957. The Mafia’s association with Batista fit the needs and requirements of the mob, but it is wrong to claim that its power in the island was greater than that of Batista and his military forces — just as the power of the mob in the United States of the twenties was not greater than that of the largest corporations, the Pentagon, and the Democratic and Republican parties.

      Delete
    4. ඇමෙරිකාව සම්බාධක පැමිනුවේ නැත්නම් අද කියුබාව දියුණු රටක්.

      Delete
    5. ඇයි ඇමරිකාවට බනින්නේ... මෙයාට බැරිද තනියෙන් හැදෙන්න.. මොකටද ඇමරිකාව ඒකට.. රුසියාව තිබ්බනේ, චිනය තිබුනනේ.. මොකටද ඇමරිකාව..

      Delete
    6. Socialist heaven fantasy & just another dream merchant. The irony is most of theses merchants are living in the West :)

      Delete
    7. මචං ඔය ඇනෝ දාල ලියන්නේ නැතුව ඉන්න රට කියපන් . එතකොට මම කියන්නම් ඇයි මම වෙස්ට් එකේ ඉන්නේ කියල. ඒ පලවෙනි එක. මාතලන් ඇමෙරිකාව කියන්නේ ලෝකේ බලවත්ම රට. අමෙරිකාව කියන රටට විරුද්ධව ගිහින් survive වෙන්නේ බොහොම අමාරුයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් වුනත් ඊබේ එක කියුබන් සුරුට්ටුවක් විකුනන්න බලපන්. බැහැ. රුසියාවට අම්බානක කෙලවෙලා තතියෙන්නේ ඇමෙරිකන් සම්බාධක නිසා. මම ඊයේ පෙරේද ගිහින් ආවනේ. පුටින් ගෙනියන්නේ තනිකර තෙල් විකුණලා ඉතුරු කරපු සල්ලි වලින්.

      Delete
    8. උඹල දෙන්නම් බටිස්ටට හොන්ඩ අකියනවා. නමුත් පොර ඇමෙරිකන් මාෆියා එක එක්ක (ඉතාලියානු) එකතු වෙලා තම රට පාලනය කලේ. මම හිතන්නේ උඹ ඒ ටික කියවල නැහැ. කැස්ත්‍රෝ නොකලා නම් වෙන එකෙක් කරන්න තිබ්බ ඔය වැඩේ. මෙන්න බැටිස්ට ගැන. මෙහෙම බැලුවොත් බැටිස්ට වගේ හමුදා බලයෙන් රට පහර ගත්තු එකා මාෆියා කරය හොඳයි උඹල දෙන්නට චන්දෙ තියල පැරදිලා ගෙදර ගිය මහින්ද රාජපක්ෂ නරකයි. මහින්ද හා ගුණයක් හොඳයිනේ බං බටිස්ටට වැඩිය.

      Delete
    9. //Back in power, Batista suspended the 1940 Constitution and revoked most political liberties, including the right to strike. He then aligned with the wealthiest landowners who owned the largest sugar plantations, and presided over a stagnating economy that widened the gap between rich and poor Cubans.[4] Batista's increasingly corrupt and repressive government then began to systematically profit from the exploitation of Cuba's commercial interests, by negotiating lucrative relationships with the American Mafia, who controlled the drug, gambling, and prostitution businesses in Havana, and with large US-based multinationals who were awarded lucrative contracts.[4][5] To quell the growing discontent amongst the populace—which was subsequently displayed through frequent student riots and demonstrations—Batista established tighter censorship of the media, while also utilizing his Bureau for the Repression of Communist Activities to carry out wide-scale violence, torture and public executions; ultimately killing anywhere from hundreds to 20,000 people.[6][7][8] For several years until 1959, the Batista government received financial, military, and logistical support from the United States.[// විකිපිඩිය

      Delete
    10. ඉයන් හා මාතලන්ට මම තව උදාහරණයක් දෙන්නම් ඇමෙරිකන් සම්බාධක ගැන. ලංකා රජය යාපනේට සම්බාධක දාල තියෙන වෙලාවේ ප්‍රභාකරන්ට තිබ්බ සහයෝගය වැඩියි. සෙනග වැඩියි කොටින්ට බැඳෙන. රනිල් ආපු ගමන් සම්බාධක නැති කරා .බඩු , බෙහෙත් යැව්වා යාපනේ ම්නිසුන්ට. නිදහස දුන්න බඩු විකුනන්න . කොටින්ට එන්න දුන්න. මොකද වුනේ අරක දෙකට කැඩුන. සාම වැඩෙත් ඇදගෙන රනිල්ගේ ක්‍රමය අරන් ගියා නම් තව අවුරුද්දක් දෙකක් ඔය යුද්දේ කරන්නේ වෙන්නේ නැතුව ප්‍රභාකරන් ට කෙල වෙනවා. ඒක හින්දම තමයි ප්‍රභා ඔය දේ කලේ. රනිල්ට එන්න නොදී හිටියෙත් ඒකයි. ඇමෙරිකාව සම්බාධක පැනවුයේ නැත්නම් ඔය දයලේක්තික ප්‍රතිවිරෝධය කියන එක නැහැ. කියුබානු මිනිසුන්ට අවශේ දේ තිබුන නම් හුඟක් වෙලාවට කස්ත්‍රෝ අවුරුදු 5-6 කට වඩා නොඉඳ යන්නත් තිබුන.

      Delete
    11. //කස්ත්‍රෝට විරුද්ධ වීම බැටිස්ටා හෝ ඔහුගේ ආරක්ෂකයන් වූ ඇමෙරිකාවට පක්ෂ වීමක් නෙවෙයි. බැටිස්ටාගෙන් බලය ගත් පසුව මාක්ස්වාදී ව්‍යාපාර පවරාගැනීම් නොකලා නම් අද කියුබාව දියුණු රටක්. කස්ත්‍රො සොවියට් දේශය පැත්තට හැරුණේ ඇමෙරිකානු විරෝධී ආකල්ප නිසා ඇමෙරිකාව එය ආක්‍රමණය කරයි කියන බියට// මේකට එකඟ වෙන්න පුළුවන්. ඔය රාජ්‍ය ධනවාදය කියල මම හඳුනන්නේ ඒක. එතන ඒ කේස් එක තමා පොල්ලට ඉටියේ. නමුත් සම්බාධක පැනවීමෙන් තමා දරුණුම පහර වැදුනේ. එතකොට ඒ කාලේ චීනයට හැරෙන්න බහ ඔය ඔය කියනවා වගේ. චිනෙත් දුප්පත් ඒ දවස් වල.

      Delete
    12. ඉයන්ට ත්වාඩ් එයක් කියන්න කැමතියි. ඔය සෝවියට් දේශයට ඔච්චර අකමැති යුඇන්පී එකේ ඇමතිවරුන්ගේ ආධාරකරුවන්ගේ ළමයි එහෙ ගියේ මොකද? ඔය කියන කොමියුනිස්ට් පක්ෂේ විතරක් නෙමේ මට ඕන තරම් යුඇන්පී කට්ටියගේ ළමයි හමුවෙලා තිබෙනවා. ප්‍රෙමිලා රණරාජා මාත් එක්ක එක ෆ්ලයිට් එකේ ගියේ. එය හිටියේ diplomat ලට උගන්වන කෝස් එකක. නංගිත් එහෙමයි . දෙන්නම් දැන් විදේශ අමාත්යන්ශේ. උදයන්ගල එනකොටත් මහින්ද හෙම රටේ දන්නා දේශපාලනඥයෙක්. මුස්ලිම් යුඇන්පී දේශපාලකයෙක්ගේ කට්ටිය හුඟක් හිටිය. හමීඩ් එම්බසි එකට විතරක් නෙමේ රුසියාවට කියලම යුඇන්පී එකට ශිෂ්‍යත්ව කිහිපයක් වෙන් කරගෙන හිටිය. මේවා මම හොඳට දන්නා දේවල්.

      Delete
    13. අජිත් ඇමෙරිකානු වත්කම් රාජසන්තක කිරීමෙන් ප්‍රශ්ණය පටන් ගත්තේ කස්ත්‍රෝ කියා ඔබ පිලිගෙන තිබෙනවා. ඔබ අසා ඇති දෙවෙනි ප්‍රශ්ණය. ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වෙන්න බැරි අයට තිබ්බ ලාභදායී විකල්පයක් තමයි සෝවියට් ශිෂ්‍යත්ව. ඒ නිසා යූ එන් පී බලය තියෙන අය යම් බලපෑම් වලඉන් තම දරුවන්ට එම ශිෂ්‍යත්ව ලබා ගන්න ඇති. මගේ තර්කය ඒක නෙමෙයි. ඔබ කියුබානුවන් කස්ත්‍රෝට පක්ෂව බවට උදාහරණයක් ලෙස සෝවියට් දේශයේ ශිෂ්‍යත්ව ලබා පැමිණි අයගේ කස්ත්‍රෝ පිළිබඳ අදහස ගෙන හැර දැක්වීම වැරදියි කියන එකයි. ඒ එම ශිෂ්‍යත්ව ලබා දීමේදී මාක්ස්වාදී ශිෂ්‍යන්ට වැඩි අවස්ථා තිබුණ නිසා.

      Delete
    14. 1990 ගණන් වල සෝවියට් ආධිපත්‍යයේ මිඳ වැටීමත් එක්කල මාක්ස්වාදය අනුගමනය කල සෝවියට් ගැති ඉන්දියාව වෙලඳපොල ආර්ථික ක්‍රමයට ගියා. අද ඔවුන් එයින් විශාල දියුණුවක් ලබාගෙන තියෙනවා. කොමියුනිස්ට් චීනය තම දේශපාලන ක්‍රමය වෙනස් නොකට වෙලඳපොල ආර්ථිකය හරහා ලෙඔක ආර්ථිකයට අනුබද්ධ වෙලා විශාල් දියුණුවක් අත්කරගත්තා. ඔය මාක්ස්වාදීන්ට බලය තිබ්බ රටවල සෝවියට් දේශයේවත් නොතිබ්බ වැරැද්දක් තිබ්බා. ඒතමයි බලයට පත්වූ පසු බලය තම පවුල තුල තබා ගැනීමට උත්සාහ කිරීම. කියුබාව, ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ඔව් එක්සත් ජාතික පක්ෂයෙත් එක පාරක් පමණක්), වුනා. කියුබාවට 1990 ගණන් වල වෙනස් වෙන්න ඕන තරම් අවස්ථා තිබුණා. ඔවුන් ඒ වෙනස කලේ තමන්ගේ බලය තබා ගණිමින්. එයට කස්තෝට ලෝකයේ මාක්ස්වාදීන් ලබා දී තිබූ වීරත්වය බලපාන්න ඇති. සෝවියට් බිඳ වැටීමෙන් පසු කස්ත්‍රෝ දේශපාලනයෙන් ඉවත් වුණානම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී වුණානම් ඔවුන් මෙලහකට ගොඩ ඇවිත්. කස්ත්‍රෝ අවුරුදු 20 කට පෙර ඉවත්වුණානම් හෝ මියගියා නම් කියුබානුවන්ට එය යහපතක් වෙන්න තිබා යන මගේ තර්කය එම හේතුව නිසා.

      Delete
    15. This comment has been removed by the author.

      Delete
    16. බැටිස්ටා පමණක් නොවේ ඉන්දුනීසියාවේ සුහර්තෝ, චිලී රටේ පිනෝශේ , ලංකාවේ ජේ ආර්, ප්‍රේමදාස ආදීනුත් ඒකාධිපතියන් ඔවුන්ගේ ඒකාධිපතිත්වයෙන් මානව හිමිකම් උල්ලංඝනය වුණා. නමුත් ඔවුන් පෞඩ්ගලික අංශයට ප්‍රමුඛත්වය දී වෙලඳපොල ආර්ථිකය අනුගමනය කරමින් එම රටවල් දියුණු කලා. (ලංකාවේ යුද්ධය තිබුණත් රැකියා ඇතිවුණා) චීනයේ අදත් තියෙන්නෙත් මානව හිමිකම් අඩු හෝ නැති කොමියුනිස්ට් පක්ෂයේ ඒකාධිපතිවාදයක්. නමුත් එම එකාධිපතියන් රට දියුණු කලා. මහින්දගේ ඒකාධිපති පාලනයට රට දියුණු කිරීම දියුනු සුදු අලි වරායවල් සාදීම ආදියයි. ඔහුට පෞද්ගලික අංශය හරහා රට දියුණු කිරීමට රැකියා ඇතිකිරීමට අවශ්‍ය වුණේ නැහැ. ඔහු ලක්ෂ හතක් රැකියා දුන්නේ මහජනයාගෙන් නඩත්තු වෙන රාජ්‍ය අංශයේ. ඔහු කල ව්‍යාපෘති නඩත්තු වන්නේත් මහජනයාගේ මුදල් වලින්. යුද්ධය දිනීම හැරුණු කොට ඔහුගෙන් රටට වෙච්ච සෙතක් නැහැ. ඒ වුණාට මානව හිමිකම් නැතිවුණා. එක අතකින් ඔහු කස්ත්‍රෝට සමානය. නමුත් ඔහු බැටිස්ටා කෙනෙක්වත් සුහර්තෝ කෙනෙක් වත් නෙමෙයි.

      Delete
    17. If not for the implacable enmity US showed towards Castro and Cuba, Cuban may very well have chucked Castro out years ago. Castro played the US paranoia about a Communist country on their doorstep and the resultant aggression shown by US very cleverly to his advantage and retained popularity.
      If US had been a little more flexible and developed friendly relations with Cuba, Castro would not have lasted much longer after the Collapse of USSR.
      US played in to Castro's hands right from the start, beginning with the Bay of Pigs debacle.

      Delete
  3. ෆිඩෙල් කස්ත්‍රෝ මිය ගිහින්. ඔහු ගැන කෙටි සටහනක් ලියන්න හිතුනෙ ඔහු සැබවින් ම යුග පුරුෂයෙක් නිසා. මා කියන්ෙැන් නැහැ ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු කියලා. ඔහු කියුබාවට අති මහත් ශක්තියක් ගෙන දුන්න අයෙකු වුනා. ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු නොවුනත් ඔහුගෙන් ලෝකයට ඉගෙන ගන්න පුළුවන් පාඩම් රාශියක් තිබුණා. ඔහු චේ ගෙවාරා මෙන් නොව පොළොවෙ පය ගහ ගෙන හිටපු අයකු වූවා. චේ ගෙවාරාගේ කැප කිරීම ප්‍රතිඵලයක් ගෙන දුන්නෙ කියුබාවෙ දි විතරයි. ඒ කස්ත්‍රෝගේ නායකත්වය නිසා. අනෙක් රටවල දී ඔහුට දර්ශනයක් දීමට නායකයකු හිටියෙ නැහැ.

    කස්ත්‍රෝ බැටිස්ටාගේ කෘර පාලනයට එරෙහිව අරගල කරා. කස්ත්‍රෝ මාක්ස්වාදියකුවත් සමාජවාදියකුවත් වූයේ නැහැ. ඔහුට වුවමනා වූයේ බැටිස්ටාගේ රජය පෙරළා දැමීමටයි. බැටිස්ටා ඇමරිකානු එක්සත් රාජ්‍යවල වුවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටි ඒකාධිපති පාලකයෙක්. ඔහුට ඒ රාජ්‍යවල ආධාරය හා අනුග්‍රහය ලැබුණා. කස්ත්‍රෝට අවශ්‍ය වූයේ කියුබාව බැටිස්ටාගේ ඒකාධිපති හස්තයෙන් මුදා ගැනීමට. ඔහු වාසනාවකට මාක්ස්ගේ ඩාස් කපිටාල් කියවා තිබුණේ නැහැ. ලෙනින් කම්කරු පංති විඥානය ගැන ලියා තිබූ දේ් කියවා තිබුණෙත් නැහැ. ඔහු කම්කරු පංතියේ විප්ලවීය පක්‍ෂය ගොඩ නැගීමට මහන්සි වූයේත් නැහැ. ඔහු ධනේශ්වරය පෙරළා දමා ඊනියා කම්කරු පංතියේ ආඥාදායකත්වය පිහිටුවූයේත් නැහැ.
    නලීන් ද සිල්වා

    ReplyDelete
    Replies
    1. කස්ත්‍රෝ මාක්ස්වාදියෙක් නෙමෙයි ඔය අරගලය කරන කොට. පොරට ඕන වුනේ බැටිස්ට එලවන්න. පස්සේ තමා සීන් එක වෙනස් වුනේ.

      Delete
  4. සමාජවාදය තිබූ බෝහෝ රටවල ඇමරිකන් බිල්ලෙක් මවා පෙන්නුවා හොරාකෑම වහගන්න, මිනිසුන් දුක්විඳින්නේ ඇමරිකාවේ හතුරුකම් නිසා කීවා, කියුබාවට ඇත්තම ඇමරිකන් බිල්ලෙක් හිටියා.

    ඉයන් කියා තිබුනා, /ඒකාලෙ රුසියාවෙ අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යත්ව ලැබුණේ මාක්ස්වාදී පක්ෂවල සාමාජිකයින්ට. අනික අයට නොලැබෙන වරප්‍රසාද අරගෙන රුසියාවට ආව කියුබානුවන්ගේ අදහස සාමාන්‍ය කියුබානුවන්ගේ අදහස කියල ගන්න පුළුවන්ද?/ කියා, මා දන්න විදිහට ඒ කාලේ කියුබාවෙන් ආවේ එහේ පාසල් වලින් උපරිම දක්ෂතා දක්වපු අය,සුපිරි කෑලි. කියුබාවේ ඉස්කෝලත් එයාලගේ සෞබ්‍ය සේවේ වගේම සුපිරිම සේවයක්, එ ඉස්කෝල අර පැරා කියන සමාජවාදේ තියන තැනක් කාට වත් පොෂ් කාර් ගන්න සහ ළමය දොස්තර කෙනෙක් කරල ජීවිතේ සැප විඳින්න වගේ ඔප්ෂන්ස් එයාලට තිබ්බේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. කියුබාව එහෙම උනාට අනෙක් ලැටින් ඇමරිකන් රටවලින් සෝවියට් රුසියාවට ඉගෙන ගන්න ආවේ ඉයන් කියන විදිහේ කසඩ කෑලි, චේ ගේ පාරේ ගිය අයගේ දරුවෝ.

      Delete
    2. //මා දන්න විදිහට ඒ කාලේ කියුබාවෙන් ආවේ එහේ පාසල් වලින් උපරිම දක්ෂතා දක්වපු අය,සුපිරි කෑලි// මාත් දන්නේ එහමයි. උන් යුඇන්පී සිරි ලංකා, කොමියුනිස්ට් පක්ෂේ වගේ ආවේ නැහැ.

      Delete
  5. කැස්ත්‍රො මලාට වඩා හිනා ගියා මේක කියෝලා...

    කියුබාවේ උන් මොක්කුද අප්පා. අපේ රටේ ඉන්න උන් තාමත් හිතාගෙන ඉන්නවා සිරිමගේ කාළේ දිගටම හෙනිච්චා නම් රට මාරයි කියලා. එහෙනම් ඉතින් කියුබාවට වඩා කොච්චර ඉදිරෙය්න් ඉන්නවද උතුරු කොරියාව. උන්ට න්‍යශ්ටික බලයත් තියෙනවා. ඒත් වැඩක් තියෙනවද මිනිස්සු අපා දුක් විඳිනවා. ඔය සමාජවාදී කාරයන්ගේ හොඳම ඇන්දිල්ල තමයි අඩුවට බොන්න දීම. රිසියානූ සමූහ ආන්ඩුවෙත්, කියුබාවෙත්, උතුරු කොරියාවෙත්, මේතක් වෙනකන් චීනයෙත් කලේ ඒ දේ. සිරිමාවොන්ට මෙහේ ඒ දේ කරන්න බැරි උනා. ඒත් ඒයාගේ දුව ඒ දේ කළා. ඒකයි ආර්ථිකය රින අගයක් ගනිද්දිත්, චන්දිකා කිසි අවුලක් නතිව උන්නේ.

    ළිං මැඩියට ඒක දිව්‍ය විමානයක්. මිනිස්සුන්ගේ මොල හේදුවාම ඉට පස්සෙ ඒකට ඕන ගූ ගොඩක් රිංගුවත් උන් හිතන්නේ අපේ ඔළුවේ තියෙන්නේ මාරම දේවල් කියලා.

    ඕක බොහෝම සිම්පල් විදියට කියනවා නම් මෙහෙමයි. අපි කොච්චර හොඳට කාළා බීලා උන්නත් වැඩක් තියෙනවද, දෙමව්පියෝ, සහෝදර සහෝද්‍රොයෝ හිඟන්නෝ නම්. උන්ට කිසි දෙයක් නොදෙනවා නම්. ඒක උන්ගේ කරුමය කියලා ආතල් එකේ ඉන්නවා නම්.

    රාඋල්ට ඒවා තේරෙන් කොට කල් වඩියි.. ජෙනරේSඔන් දෙකක් විතර අපා දුක් විඳලා එතකොට.

    දැන් තමයි කියුබාවට නිදහස ලැබෙන්නේ. ඒක මම යලිත් කියනවා.

    අමහක කරන්න එපා ෆිදෙල් යටතේ කියුබානුවන් සතුටෙන් උන්නා වගේම. මහින්ද යටතෙත් මෙහේ පිරිසක් සතුටින් උන්න වග. ඒක එදාට වඩා අද ගොඩාක් පැහැදිලියි. අජිත් ඉන්නෙ ඒ තර්කයේ නම් මට කිසි අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනික් දේ තමයි කියුබාව හා එහි ජනතාවගේ සඟිස්කුරුතිය නොදැන කරන කතාව. ඔය මිනිස්සු සතුටින් ඉන්නේ කස්ත්‍රෝ හින්දා නෙමෙයි. ඒ මිනිස්සු ස්පාඥ්ඥ සම්බවයක් සහිත මිනිස්සු නිසා. කස්ත්‍රෝ එන්න කලින් තිබුන ජීවන රටාවම තමයි කස්ත්‍රො මැරෙණ තුරා තිබුනේ. ස්පාඥ්ඥ සඟිස්කුරුතියේ තමයි හොඳට කාලා බීලා බයිලයක් ගහලා ඩාන්ස් එකක් දාල, හෙට මැරුනත් හිතට සැමප්යි ද ජොලි කරලා කියන සඟිස්කුරුතිය. ඒ සඟිස්කුරුතිය කැස්ත්‍රෝ නැතත් අනෙක් ලතින් ඇමරිකාණු රටවලත් තියෙනවා. බටහිර කොදෙව් දූපත් වලත් තියෙනවා. එහෙම නැතිව ඒක මේ ෆිදෙල්ගේ කල්ට් එකක් කියලා කියනවා නම්. කියුබානු හා ලතින් ඇමරිකානු ඉතිහාසය නොදැන කරන කතාවක් කියලා තමයි කියන්න වෙන්නේ. ක්‍රීඩාවේ හා අජ්ජාපනයේ හැකියාවන් ඒ ජාන වලින් එන දේවල් සහ පැවතින දේවල්. එහෙම නැතිව කැස්ත්‍රෝ කරපු මඟුලක් නෑ..

      Delete
    2. අපරාදෙනේ ෆිදෙල්ලා කියුබානු විප්ලවය කරේ නේද බං......... යකෝ මෙහෙම බැලුවා ම බැටිස්ටා මරලා මාර අපරාදයක් නේ කරලා තියෙන්නේ...... බැටිස්ටා පව්.....

      Delete
    3. මචන් මාතලන් උඹ හිතනවද මම ලතින් ඇමෙරිකන් සංස්කෘතිය ගැන දන්නේ නැහැ කියල. අනේ බං උමබල. මම ඕක ෆිඩෙල් කල්ට් එක කියල නෙමේ කිව්වේ. මම කිව්වේ උන් සතුටින් ඉන්නවා මොන ප්‍රශ්න දුප්පත්කම තිබුනත් කියල. උන් දනනවා උන් දුප්පත් කියල. . මට මුලින් කෙටි සම්බන්ධයක් තිබුනේ මරියා ඉසබෙල් කියන පේරු කෙල්ලක් එක්ක. ඊට පස්සේ ඒකි යාලු වුනේ එචිවරිය කියල කියුබන් කොල්ලෙක් එක්ක. ලැට්ටෝ කියල අපි කිව්වේ. ලට්ටෝ සොමි පොරවල් . නමුත් ගොඩක් එවුන් ආවේ ඔය කොමියුනිස්ට් පක්ෂ වගේ එව්වයින්. කියුබාවේ හුඟක් වෙලාවට ආවේ පක්ෂයේ එවුන්ම නෙමෙයි. එකයි දෙන්නයි පක්ෂ සම්බන්ධකම් තිබුනේ. ඉගෙන ගන්න පුළුවන් එවුන් උන් එව්වේ. මේ ලිපියේ කියල තියෙන්නේ රට දුප්පත් වුන හේතුවට උන් ෆිදෙල් ට බන්නේ නැහැ කියන්න.

      Delete
    4. මහින්දට බනින්නේ නැති උනුත් ඉන්නෙ බං

      Delete
    5. අන්න අර ජේ ආර් ගිය වෙලේ ගිය වාර්තාකරුවෙක් ඔය ප්‍රශ්නේ අහල කස්ත්‍රෝ දුන්න උත්තරේ දැක්කද? ස්පාඤ්ඤ කාරයෝ සොමියේ ඉන්න ජාතිය. ඕක නවත්වන් ගියානම් මටත් කෙලවෙලා නවතින්නේ කියල , කියල තිබුනේ. කස්ත්‍රෝ අල්ලාගෙන ඉටිය වගේම රටේ මිනිස්සුත් දැනන් හිටිය ඇයි කස්ත්‍රෝ ඔහොම අල්ලාගෙන ඉන්නේ කියල.

      Delete
  6. කියුබාවට ගිය යාලුවෙක් කීවා මතකයි කියුබාව එයා දැකපු ලස්සනම රටක් ඒ වගේම මිනිසුන් සතුටින් ඉන්න රටක් කියන එක. ඒ විදියට බලපුවාම කස්ත්‍රෝ ඒ රටේ මිනිසුන්ගේ ජීවිතවලට මොනවා හරි දෙයක් දීලා තියෙන බව නම් පේනවා.

    තරුන කාලේ මාර හැන්ඩි එක්කෙනෙක් නේ? :D

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කස්ත්‍රෝට වෛර කලේ නැහැ. දුප්පත්ව හිටියත්.

      Delete
    2. That is because they had an external enemy - US of A.

      Delete
  7. මා මිත්‍ර ඇන්ඩි වාර්ශිකව ඇඳුම් , භාණ්ඩ කන්්ට්නර් පිටින් කියුබාවට ගෙන ගොස් දුගී ජනයාට බෙදයි. කියුබාව අධ්‍යාපනය , සව්ක්‍ය පැත්තෙන් ලංකාවට
    වඩා ප්‍රගතියක් ලබා තිබෙන බව ඇත්ත​. එහෙත් කූපන් යටතේ භාන්ඩ මිලදී ගනිමින් මිනිසුන් කල් ගෙවති අපගේ 1970 -77 සමුපකාර ක්‍රමය වගේය​. අපගේ සමහර සමාජවාදීන් ලංකාව කියුබාවක් කිරීමට කතා කරති. ඔවුන් කිසි දින කියුබාවට ගොස් නැත

    ReplyDelete
    Replies
    1. මචන් ඔන්න මාව එතනට දාන්න එපා. ලංකාවේ වෙන රටක් කියුබාව කිරීමට මම කිසි දිනෙක කතා කර නැත. මේ ලිපියේ පරමාර්ථය වත් එය නොවේ.

      Delete
  8. ඔබ ලියා තිබෙනවා සෝවියට් දේශය වර්ෂ 1991 බිඳ වැටුනායින් පසු ''නමුත් සෝවියට් දේශය ඊට අවුරුදු ගනනකට පෙර කඩා වැටුනේ,ඇමරිකාව අතගැසූ බොහෝ රටවල් හිඟන තත්වයට පත්වී තිබෙනවා.
    කියුබාව රටේ හැඩය නිසා රටේ සම්පත් වල ගුණ ජනතාව ට හඳුනා දෙන්න වාසනාවට පහලවූ 'පිදෙල් කාස්ත්‍රො'ගේ ආදර්ශය ලොවටම සුභ පණිවුඩයක් සේම අප කුමණ' වාද' වලින් කතා කලත් ප්‍රායෝගික තැනට එන්න ඔබලා පවත් වන ලිඛිත සංවාද එක පොකුරට සිංහළ සමාජය අතරට පත් කරන්නේ නම් දැනුවත් වීම සහ සිතීමට පෙලඹීම කිසි තර්කයක් නැත.සුභ

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාවක් ගාවගන්නෙ මොකටද? වෙලඳපොල ආර්ථිකය ක්‍රියාත්මක කරපු බටහිර රටවල් සහ සිංගපූරුව, දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වගේ ආසියානු රටවල් අද තීයෙන තත්ත්වය බලන්න. ඉන්දියාව කොටි හරහා කරදර නොකරන්න ලංකාවත් එතන. ඒ සමඟ කියුබාව වැනි සමාජවාදය තියාගෙන හිටපු රටවලට මොකද වුණේ. බැටිස්ටා කියුබාවෙ ප්‍රශ්ණ තිබුණා. ඒවා විසඳන්න කස්ත්‍රෝ / චේ ගෙනාපු පොතේ ලස්සනට ලියන්න පුළුවන් ප්‍රායෝගික නොවන ව්‍යාපෘති තමයි මහා පරිමාණ සීනි නිශ්පාදනය වගේ දේවල්. ඒව කරන්න යොදාගත්තෙ නගරයේ ජීවත් වන අය. එතන තිබුණෙ සාර්ථක ජීවිත ගෙවන අය ගැන තිබ්බ වෛරයක් මිසක් දුප්පතුන් ගැන දුකක් නෙමෙයි. වෙලඳපොල ආර්ථිකය තරඟකාරී වුවත් දක්ෂ දුප්පතුන්ට ඉහලට එන්න පුළුවන්. එහෙම නොකර පෝසතුන් ගේ වස්තුව ජනසතු කරලා ඒඅයව දුප්පතුන් ගාණට දාන එක තමයි සමාජවාදය කියල බොහෝ තැන් වල වුණේ.

      Delete
    2. කස්ත්‍රෝ කියන්නේ පෝසත් තාත්ත කෙනෙක් ගේ පුතෙක්. උන්ට අක්කර 3000 කට වැඩ ඉඩම් තිබුන. ලොකු සහෝදරයා අන්තිම කාලේ වෙනකන් රෑන්ච් එකක හිටියේ. ඒ කලේ තිබ්බ තත්වය අනුව ගත්ත තීරණයක්. ඔය ඉයන් කියන අර්හික කොටි බිහිවුනේ 1975 නුත් පස්සේ. ජේ ආර් තමා එක මුලිකයෙක්. 1959 කියුබන් විප්ලවේ වෙන කාලේ ඔය තත්වේ නෙමේ ලෝකේ තිබුනේ. කියුබාව දැනගෙන හිටිය ජේ ආර් ගේ ප්‍රොජෙක්ට් එක. ඒ දවස් වල ග්‍රන්මා වල ලිපියක් තිබ්බ. අපි ආර්ථිකය විවෘත කලාම මොකද වෙන්නේ කියල බලන් ඉන්නවා කියල.

      Delete
    3. ඔව් ඔහු බලාගෙන හිටියට එය නොකල එකයි ප්‍රශ්ණය. ඊට අමතරව ලෝකයට ඔහුගේ 'වටිනාකම' 1990 සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් අවසන් වුණා. ඊට පසු ඔහුට තිබුණේ මාක්ස්වාදයේ මන්ස ගිලී තිබූ අය ඔහුට ආරූඪ කල වීරත්වය පමණයි. එය පෞද්ගලික දෙයක්. ඔහු බලයෙන් ඉවත්වුණානම්, ප්‍රජාතන්ත්‍රවාදී වුනානම්, පෞද්ගලික අංශය ප්‍රමුඛ වෙලඳපොලා ආර්ථිකයකට ගියානම් ආදී දේවල් කියුබාව අද දියුණු රාජ්‍යයක් වීමට ඉඩ තිබීම යන දේට සම්බන්ධයි.

      Delete
    4. ඔහුගේ පවුලට ඉඩම් තිබීම ඔහු වෙලඳපොල ආර්ථිකය පිළිගත් කෙනෙක් කරන්නේ නැහැ. ලංකාවේ සමාජවාදී ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් බණ්ඩාරණායක පවුලටත් අක්කර 3-4,000 ක් ඉඩම් තිබුණා.

      Delete
    5. තව එකක් අජිත් ආසියානු කොටි ආර්ථික බිහිවෙන්න (Asian Tiger Economies) පටන්ගත්තේ 1975 නෙමෙයි. 1965 සිංගප්පූරුව තමයි ආර්ම්භය. එකේ කියන්නේ නැහැ වෙලඳපොල ආර්ථිකය ලෝකේ තිබුණේ නැහැ කියලා. සෝවියට් දේශයට අයත්වූ 'රටවල්', ඉන්දියාව ප්‍රමුඛ සමාජවාදී ආර්ථික ක්‍රම අනුගමනය කරපු රටවල් සහ කොමියුනිස්ට් චීනය හැරුණු කොට ලංකාව ඇතුළු අනික් රටවල තිබුණේ වෙලඳපොල ආර්ථිකය. 1956 ට පෙර ලංකාව ආසියාවේ දුප්පත් නොවූ රටක්. කියුබාව 1959 සිටත් ලංකාව 1956 සිටත් පටන්ගත්ත පෞද්ගලික ව්‍යාපර ජනසතු කිරීම්, ආර්ථිකයේ මධ්‍යගත පාලන ක්‍රම ආදිය තමයි ජනජීවිතයට දේශපාලය කඩා වදිමින් රටවල් ආර්ථික වශයෙන් කඩා වැටුණේ. බණ්ඩාරණායක යූ එන් පිය ධනවතුන් කියමින් ජාතිවාදය ඇතිකරමින් බලය අරගෙන රට කාබාසිනියා කිරීම ආර්ම්භකලා, කස්ත්‍රෝ පෞද්ගලික දේපල ජනසතු කරමින් සීනි කර්මාන්තය රජයේ පාලනය හරහා කරමින් පොතේ ලස්සන සමාජවාදයට ගිහි එම රටවල් විනාස කලා.

      Delete
  9. "මගේ ඔය දෙවැනි ලිපියේ කියා තිබෙන විධිහට මම ඉගෙන ගත්තේ කියුබන් උන් රංචුවක් එක්ක. මාත් එක්ක වාද කරන හැම වෙලාවෙම මට පෙනිච්ච දේ තමයි උන් චේ ට කැමති බව"

    පක්ෂේ කොල්ලෝ සෙට් එකක් වෙන්න ඇති උඹ හිටියේ. උන් love කරන එක අහන්න දෙයක්ද.
    කියබවේ දුප්පත් කමට අමෙරිචාවට බනින එක නම් ගොන් කමක්. ජපානේ, ජර්මනිය දියුණු උන වගේ, ඇමෙරිකාව එක්ක සෙට් උන නම් මෙලහට කියුබාව ගොඩක් හොඳ තැනක් වෙන්න තිබුන. මෝඩ සමාජවාදියෝ කතාව විතරයි බඩේ හුලන්.

    ReplyDelete
    Replies
    1. නැහැ මචන්. එක නිසා නෙවේ. මම හිතන්නේ. බැටිස්ටා අප්සෙට් නිසා. දැන් ඔය මහින්ද රාජපක්ෂ ට අකමැති වුන් ටික බලමු. රනිල්ව ගේනවා බලයට. රනිල් පිස්සු කෙලින කොට මාතලන් වගේ එකෙක් බාන්නට ගොඩක් එවුන් තවම ආදරෙයි රනිල්ට. කොහොම හරි කරයි කියල හිතන් ඉන්නවා. එහෙම සීන් එකක් තම කියුබාවේ තිබුනේ. මට පෙනුන විධිහට.
      //ඇමෙරිකාව එක්ක සෙට් උන නම් මෙලහට කියුබාව ගොඩක් හොඳ තැනක් වෙන්න තිබුන. // එක ඇත්ත. සම්බාධක තිබුනේ නැත්නම් උන් සැහෙන්න දියුණුයි කියල මම කියන්නේ එකයි. ඇමෙරිකාව කලේ මෝඩ වැඩක්.

      Delete
  10. ස ර ස තුමා නම් වඩාත් කැමති ෆිඩෙල් කැස්ට්‍රෝ තුමා ලියාපු "කියුබාවේ ප්‍රොබෝදය" නැමති වාක්ය රචනාවට...

    අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ එම වාක්ය රචනාව මාර හිට් හිටන්!

    ReplyDelete
    Replies
    1. එකනම් මටත් මතකයි :)

      Delete
  11. හෙලිදරවු වූ ඝාතන කුමන්ත්‍රණ 628කට මුහුණදී යහතින් දිවි ගෙවන්න බෑ ජනතා ආදරය නොමැතිව.කස්ත්‍රෝ 'පොරක්.'
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕක තමා මාත් කියන්නේ. මිනිස්සු අකැමැති නම් කාටවත් ඉන්න අමාරුයි. උතුරු කොරියාව ළඟ තියෙන්නේ චිනේ. චීනෙට කොරියාව ඒ විධිහට ඉන්න එක හොඳයි. ජපානේ එක්ක තරඟය නිසා. කියුබාව ඇමෙරිකාව ළඟ තිබ්බේ. ඒ තියාගෙන ඔහොම ඉන්න මිනිසුන්ගේ සහය නැතුව බහ. අනික ඇමෙරිකන් රේඩියෝ වැඩ කරනවත් එක්ක.

      Delete
  12. ගෙදර පොඩි ප්‍රශ්නයක් නිසා පිළිතුරු ලියන්න විධිහක් නැහැ. මම කිහිපයක් ලියල යනව. ආයේ එන්නේ වෙන්නේ දවස් කිහිපයකට පස්සේ. ඒ ගැන කමත්වා.

    ReplyDelete
  13. මෙන්න මේ ලිපිය සෑහෙන මැදහත් එකක්.
    https://www.theguardian.com/world/2016/nov/27/fidel-castro-dead-revolutionary-history
    මේ ටික බලන්න. සමාවෙන්න පරිවර්තනය කරන්න වෙලාවක් නැහැ.
    But behind the photogenic image, there was deadly serious intent. During the cynical, paranoid years of the post-war era, Castro brought the passion of a true believer to the ideological contest between east and west. He defied the all-powerful United States and encouraged Soviet dreams of world domination. He became a symbol of resistance and an inspirational figure to leftwing insurgents across Africa and Latin America, aiding and abetting their anti-colonial independence movements. Isolated, abused and furiously plotted against, he played the part of political underdog to perfection, an eternal martyr to the cause of global liberation.

    Yet Castro was also a manipulative demagogue, an oppressor and a relentless persecutor of those who dared challenge his will. Once in power in Cuba, he brooked no opposition. Violent abuses of accepted legal standards and human rights, initially excused as a revolutionary necessity, became the regime-sustaining norm. Over more than 50 years following his successful 1959 coup d’etat, he proved remarkably inflexible, doctrinaire, choleric and long-winded. He was unwilling to learn from obvious policy mistakes that, by degrees, turned Cuba into the relatively impoverished, illiberal and closed society it still is today.

    Although there were significant achievements, notably in healthcare and education, Castro’s idealistic brand of state socialism, anti-capitalist collectivism and emancipatory struggle ultimately foundered. Yet the triumph of the west’s rival neoliberal, free market model may be shortlived, too. Castro survived just long enough to witness a dawning ultra-nationalist, materialist, post-ideological counter-revolution, personified by Donald Trump. He might, with justice, say: “I told you so.”

    ReplyDelete
  14. කැස්ත්‍රෝ විරෝධීන්ට ළය විරේකයක් මෙන්න.
    https://youtu.be/WApT5wYHSCg

    ReplyDelete
  15. Ian, අජිත් & others,
    හිතන්නෙ නැද්ද කැස්ත්‍රෝට බලය පවත්වාගෙන යන්න තිබුන ලොකුම හයිය (සෝවියට් බිඳ වැටීමෙන් පසු ) ඇමරිකාවේ කැස්ත්‍රෝ විරෝධය කියල?
    විදේශ විරෝධය පෙන්වා බලය රැක ගැනීම ආඥාදායකයන්ගේ හොඳ උපක්‍රමයක්නේ. ඇමරිකාවත් එක්ක යාලුවෙලා හිටියානම් ඔහු තවත් එක ජනාධිපතිවරයෙක් විතරයි. ඇමරිකාවේ පරම සතුරෙක් වීම නිසා සහ ඇමරිකාවත් ඔහුට සතුරු වීම නිසා ඔහු වීරයෙක් වෙලා ආර්ථික වශයෙන් දිලිඳු රටවැසියන්ටත් අපි ඇමරිකාවට උගන්නන්න කොමියුනිස්ට්වෙලාම ඉඳිමු කියලා ඒත්තු ගන්නන්න පුලුවන් වුනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේගෙ තර්කය සමඟ පාර්ශිකව එකඟ වෙනවා. ඇමරිකන් විරෝධය කැස්ත්‍රෝට වාසියට හිටියා.

      එත් කැස්ත්‍රෝ ගැන මගේ තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. බැටිස්ටාව එලවපු එක හරි. නැත්නම් අදටත් කියුබාව, තවත් මෙක්සිකෝවක්. අපි අමතක කරන්න නරකයි, ඇමරිකාව කොච්චර හොඳ දේවල් ලෝකෙට දුන්නත්, ඔවුන් අසල්වැසියන්ට සලකන නරක විදිහ.

      කැස්ත්‍රෝ ඒකාධිපතියෙක්ද? ඔව්,අසීමිත බලයක්, අසීමිත කාලයක් ලැබුනාම ඕනම හොඳ කෙනෙක් ඔය තත්ත්වයට පත්වෙනවා. අපි ඒක හැම සමාජවාදී රටකම දැක්කා.ඒත් කැස්ත්‍රෝ,අර නීලකාස හොරා- උතුරු කොරියාවෙ එකා, තරම් නරක නෑ. සමහරවිට, කවදාහෝ කියුබාවෙ ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිවුනොත්, එය මෙක්සිකෝවට වඩා වෙනස්, එයිට වඩා හොඳ එකක් වේවි,. එහෙම වුනොත් ඒකට අවශ්‍ය අඩිතාලම දාපු කැස්ත්‍රෝව අපිට ආයෙම මතක් වේවි

      Delete
  16. මම Che Guevara ට කැමතියි එයාගේ පින්තුරය නිසා. ඒ දර්ශනය ගැනවත් ෆිදෙල් කස්ත්‍රෝ ගේ දර්ශනය ගැනවත් ඒ හැටි අවබෝධයක් නෑ. හැබැයි ඔය සමාජවාදී සංකල්ප ගැන නම් කිසි පැහැදීමක් නෑ. ලෝකේ දියුණු වෙන්නේ සහ මිනිස්සුන්ගේ පරිණාමය සිද්ද වෙන්නේ ධනවාදී අදහස් නිසා. ඔහේ වැටිල ආතල් එකේ ඉන්න එක හොඳයි. හැබැයි ලෝකෙටත් යමක් කරලා සතුටින් ආතල් එකෙ ඉන්නත් පුළුවන් කියන දේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ.

    ෆිදෙල් කස්ත්‍රෝ කියන්නේ අපි දන්නා ඉතිහාසයේ හිටපු මිනිස්සු ගරු කරපු චරිතයක්.

    ReplyDelete
    Replies
    1. නායකයින්ගේ නරක ගැන පිට ඉන්නා අයට දැනගන්න ලැබෙන්නේ ඔවුන් බලයෙන් පහවී විරුද්ධවාදීන් බලයට ආ පසුය.
      දැනට ඇත්තේ කැස්ත්‍රෝගේ සෑදූ ඉමේජ් එක හා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරණය මගින් පිම්බූ ඔහුගේ හොඳ හා ඇමරිකාව ප්‍රචාරණය කල ඔහුගේ නරකය.
      කවදා හෝ කියුබාවේ විරුද්ධ පක්ෂයක් බලයට ආවිට කැස්ත්‍රෝගේ කාලයේ වූ වැරදි (සමහරවිට අතිශයෝක්තියෙන් ) එලියට එනු ඇත.
      එවිට පිට ඉන්නා අපිට සමබර අදහසක් ගත හැක

      Delete
    2. [නායකයින්ගේ නරක ගැන පිට ඉන්නා අයට දැනගන්න ලැබෙන්නේ ඔවුන් බලයෙන් පහවී විරුද්ධවාදීන් බලයට ආ පසුය. ]

      මේක සම්පුර්ණ ඇත්ත.

      තව කාලෙකින් සියල්ල එලියට එයි.. :)

      Delete
  17. දේශපාලන බලය, දේශපාලනය, පාලනය, යහපාලනය
    ඕවා ඔක්කොම ප්‍ර හේලිකා.
    කවදාවත් සියල්ලන් සතුටුවෙන පාලකයෙක්වත් පාලනයක්වත් බිහිකරන්න බැරිවෙයි.
    ක්‍රසතෝ කියන්නෙත් ඔය ප්‍ර හේලිකාවේ කොටසක්

    ReplyDelete
  18. මට මහින්ද වීරයෙක් පසු කාලීනව බල ලෝභියෙක් වුණාට , ඒ වගේම ක්‍රැස්තොත් වීරයෙක් පසු කාලීනව ඒකාධිපතියෙක් වුනාට. වීරයෝ පසු කාලීනව එපා කරපු චරිත වෙන්නෙ ඔහුන්ගෙම වරදෙන්

    මොනව වුණත් චේ කියන්නෙ මට තුන් කල්හිම වීරයෙක් ආගමක්,ජාතියක්, රටක් තකන්නෙ නැතිව තනතුරු ප්‍රතික්ෂේප කරමින් නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී ඉදපු

    ReplyDelete
  19. අැත්තටම ෙහාද ලිපියක්..ස්තුතියි

    ReplyDelete
  20. බැලන්ස් කරලා ලියපු පෝස්ට් එකක්. මට කැස්ත්‍රෝ ගැන විරුද්ධත්වයක් නැහැ ..එකම අවුල අපේ සමාජවාදීන් උඩ පනින හැටි දැක්කම ඇති වන අප්පිරියාව

    ReplyDelete
  21. කොපමණ උත්සාහ කලත් කොමියුනිස්ට් ක්‍රමයට රටක් සංවෘතව තබාගන්න බැහැ. අන්ත ධනවාදී වෙන්නත් බැහැ. ධනවාදී රාජ්‍යවල ගැත්තන් වෙන්නත් බැහැ. මිශ්‍ර ආර්ථික ක්‍රමයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත ස්වාධීන ව්‍යවස්ථාවකින් පාලනය කිරීමයි සුදුසු.

    ReplyDelete
  22. කිසිම අඩු පාඩුවක් පෙන්නන අමාරු ,,සර්ව සම්පුර්න නායකයෝ ඉන්නවාද කොහෙවත් ..අඩු ගානේ ඉඳලාවත් තියෙනවද ...මම දැක්ක සමහරු කස්ත්‍රෝ හැම ගහලා තිබ්බා නිකන් පරම්පරාවෙන්ම කියුබන් කාරයෝ වගේ ...කියුබන් කාරයොත් දන්නේ නැතුව ඇති උන් දන්නා ඒවා ...විවේචනයක් කරනකොට පුද්ගලික මත ඔලුවේ තියාගෙන සාහසික වෙන එක ඒ තරම් ශිෂ්ට නෑ ..කස්ත්‍රෝ නිකන් සෝවාන් වෙච්ච පොරක් කියලා නෙමෙයි මම කියන්නේ ,,,හැබැයි මිනිහා ඉතිහාසය වෙනස් කරපු කෙනෙක් ...

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .