Friday 24 March 2017

හොඳම බ්ලොග් අඩවිය සඳහා තේරීම් 2016

පහත සඳහන් බ්ලොග් අඩවි 2016 වසර සඳහා වූ සම්මාන සඳහා තේරී තිබෙන බව සංවිධායකයින් දන්වා ඇත.  මේ ඇත්තේ තේරුණු අනු පිළිවෙලට නොවන බව කරුණාවෙන් සලකන්න.

එකොනොමට්ටා

අනිත් කොන 



ට්රාන්සිල්වෙනියා

සොඳුරු සිත 

මෙහිදී බ්ලොග් අඩවි  බොහෝ ගණනක් පළමු වටයේදී නිර්දේශ වී තිබුණු අතර   දෙවන වටයේදී තේරුණු බ්ලොග් අඩවි දෙකක් අවසන්  වටයට සහභාගී වීමෙන් ඉවත් විය. ඒ තරුරසී ගේ බ්ලොගය සහ අජිත් පැරකුම් මහතාගේ w3ලංකා බ්ලොගයයි. ඔවුන් දෙදෙනාම අවසන් වටයේ මුල් පෙලට ලකුණු අනුව තේරී තිබුන මුත් තරු රසි මහත්මිය නාට්‍යය සම්බන්ධ කටයුතු වල යෙදෙන බැවින් ඉවත් වීමට තීරණය කළාය . අජිත් පැරකුම් මහතා නෙළුම්  යාය  පදනම වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වීම කරුණු කොට ගෙන  නිර්දේශ වලින් ඉවත් වෙන බව කාරුණිකව දන්වා   තිබේ.

38 comments:

  1. අජිත්ඕකට ඉතින් අර කැනඩාවේ ඉන්න ඩොක්ටර් මැන්ටල් ට්‍රාන්සිල්වෙනියා ලියන්නා ව තොරාගෙන ඇති බව ප්‍රසිද්ද රහසක් හැටියට තිබුනේ එකටනේ එයා දිනපතා සමහර වෙලාවට එකම දේ වමාරා වමාරා ලිව්වේ දැන් ඉතින් ලියපුපොටික ව්කුනගන්නත් ලෙසිනේ

    ReplyDelete
  2. අජිත් ඔබ සිංහල බ්ලොග් වල පරණම සාමාජිකයෙක්. එ වගේම බ්ලොග් සම්මාන උළෙලේ සංවිධයකවරයෙක්. එහි ඇති ඇතැම් දෑ ගැන ඔබගේ අදහස් දැනගන්න කැමතියි.

    ඒ තමයි සාරස කියන පුද්ගලයා ඔහුගේ බ්ලොග් අඩවියෙන් අනෙකුත් බ්ලොග්කරුවන්ට, ඔවුන්ගේ පවුල්වල උදවියට ඉතාම පහත් අන්දමින් අමතමින් ලිපි කොමෙන්ටු දමනවා. එහි ඇති ඇනෝ කොමෙන්ටුත් ඔහුම දමනා ඒවා විය යුතුයි. මන්ද එහි කොමෙන්ටු 100 ක් වැටී ඇත්තම් අනෙකුත් බ්ලොග්කරුවන් දමනා ප්‍රොෆයිල් කොමෙන්ටු ඇත්තේ 10-12 ක්. ඉතිරිවා ඇනෝ කොමෙන්ටු සහ සාරස කියන පුද්ගලයාගේ කොමෙන්ටු.

    ඊයේ පෙරේදා මම දැක්කා රසිකගේ දුවගේ ජයාරූපත් බෙදා ගනිමින් ඉතා පහත් අන්දමට අදහස් පල කරලා තියෙනවා.

    මෙවැනි දෑ සිංහල බ්ලොග් තුල නොවීමට වග බලාගැනීම පැරණි බ්ලොග්කරුවන්ගේ යුතුමක්‌ නොවේද? බොහෝ දෙනෙක් මේ සිද්ධිය ගැන නිහඩව ඉන්නේ ඔවුන් සාරසට එරහිව අදහස් පලකලොත් ඔවුන්ටත් පහත් අන්දමින් අමතමින් ලිපි, කොමෙන්ටු පල කරයි යන බය නිසාද? මගේ අදහස් නම් ඔහුගේ බ්ලොග් අඩවිය සින්ඩි වලින් සහ අනෙකුත් බ්ලොග් රෝල් වල ඇත්තම් ඉවත්කළ යුතුයි. අජිත් මොකද හිතන්නේ මේ ගැන. මොකද බ්ලොග් සම්මාන උළෙල ඉලක්ක කරගෙනයි මේ සියලු ප්‍රහාර එල්ල වන්නේ. ඔබට එම නිසා වගකීමක් තිබෙනවා.

    අනික් දේ නම් මෙහි ඉහල ඇති වෙබ් අඩවි සියල්ලටම වඩා සඳරුගේ හිස් අහස හොදයි. ඒක නැත්තේ ඇයි? කලින් වතාවල සම්මාන ලැබුණු මාතලන්ගේ බ්ලොග් අඩවිය මෙවර තරග කරන්නේ නැද්ද? වෛද්‍ය රුවන්ගේ බ්ලොග් අඩවියේ නම් බොහෝ විට තිබෙන්නේ අසම්පූර්ණ ලිපි. එ ගැන ප්‍රශ්න කරාම අපිට දොස් නගන එකනි කරන්නේ නිවටයා, බියගුල්ලා කියමින්.

    ReplyDelete
    Replies
    1. පවුලේ උදවියට පහර ගැහීම ට මමත් විරුද්ධයි. සරසා තියා කවුරු කලත්. හැබැයි සරසට විරුද්ධව වත් පවුලේ කටහ්වල් වගයක් කවුද ලියල තිබුන. දෙකම වැරදියි මම හිතන්නේ. බ්ලොග් සම්මාන උළෙල ඉලක්ක අක්රගෙන පහර දුන්නට වැඩක් නැහැ කියල ඔබට පේන්න ඇතිනේ. අපි සාර්ථක ලෙස ඒක කලා.

      Delete
  3. ඉහත ලැයිස්තුව අනුව මා තෝරන හොදම බ්ලොග් මෙසේය. (ඉහත ලැයිස්තුව ඇසුරින් පමණි)

    1) යාන් හෑල්ල
    2) එකොනොමට්ටා
    3) අනිත් කොන
    4) නිදහස් සිතුවිලි
    5) සොඳුරු සිත
    6) ට්‍රාන්සිල්වෙනියා

    ReplyDelete
  4. කෝ අපේ හැලපගේ හැලපකඩේ බ්ලොග් එක? ඒක සුපිරි බ්ලොග් එකක්. යකෝ අන්තිම 6 ටවත් ඒක ආවේ නැති වෙන්න බැහැනි.

    ReplyDelete
    Replies
    1. හැලපයා ඉදිරිපත් වෙන්නේ නැහැ කිව්වා.

      Delete
  5. අවසන් වටයට නිර්දේශ වී ඇති මාගේ ආදරණීය සහෘද සැමටම සුබ පැතුම්!!!

    ReplyDelete
  6. සම්මාන උත්සවයේදී විචාරක මහතා වෙනුවෙන් යමක් කරනවද අජිත්? මොකද සිංහල බ්ලොග් වලින් එතුමා තරම් කැපවීමෙන් බ්ලොග් ලියපු කෙනෙක් තවත් නැහැ. එතුමාගේ කාර්යභාරය අගයා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් ලබාදිය හැකිනම් එය තමයි සම්මාන උළෙලේ කරන උත්කර්ෂවත්ම දෙය.

    ReplyDelete
    Replies
    1. ඔහුට විශේෂ සම්මානය පුද කලා.

      Delete
  7. සම්මාන ලැබෙන ඔක්කොම නොදා ඉන්නේ මොකැ අනිත්වත් දාහං

    ReplyDelete
  8. අජිත්,

    ඇත්තටම බ්ලොග් සම්මාන ගැන විවිද අදහස් අතර මම නම් ඔබ ඔය සම්මාන උළල පටන්ගනිමටත් ඉස්සර මගේ අදහස නම් බ්ලොග් ලියන්නන් පුද්ගලිකව ප්‍රසිද්ධ නොවියයුතු බවයි, මිට හේතුව අද වනවිට යහපාලනය ඉතා හික්මීමකින් වැඩ කලත් අනාගතයේ ඇතිවන විවිද ගට්ටන නිසා මේ පුද්ගලයන්නේ ස්වාදීන බව වගේම ජිවිත වලටත් අවදානමක් ඇති වීමයි.

    මෙනිසා මගේ පුද්ගලික අදස නම් නොසුදුසු බවයි, නමුත් මෙය බාරගන්න බ්ලොග් කරුවන් කැමතිනම් සහ ඔබල සම්මාන සීමට කැමතිනම් එය ඔබේ පුද්ගලික අයිතියක්.

    නමුත් නිදහස ගැන කතාකරන පුරවැසියන්ට නිදහසේ අදහස් ඉදිරිපත් කිරීම ගැන කතාකරන එම නිදහස කිරීමට කැමති වන ඔබගෙනුත් මෙය සංවිදානය කරන මහත්ම මහත්මීන් ගෙන් මම එක ප්‍ප්‍රශ්නයක් අහන්න කැමතියි.

    පසුගිය වතාවේ කරු ජයසුරියව ආරාදනා කිරීමට හේතුව තොරතුරු පනත ඉදිරිපත් කිරීමට ඔහු සහබාගිවු නිසා බව සදහන් කල ඔබලාට රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න ගෙන්වනේ ඔසුන් මොනවගේ දායකත්වයක් දැක්වුව නිසාද ?

    අනෙක් කරුණ මාද්‍ය නිදහස ලොකුවට ලැබෙනවා කියන ඔය තොරතුරු ලබාගැනීමේ පනතෙන පාවිච්චි කරලා තොරතුරු සහ සංනිවේදන නියෝජිත ආයතනයේ ප්‍රදානියාගේ වැටුප කොපමණදැයි කියල අහපුවහම එවැනි දෙයක් වත් කරන්න බැරිවෙලා තියෙනවා
    ඔබේ වෙලාව ඉතුරු කිරීමට කරුනාකර https://www.youtube.com/watch?v=jnLsiipDRJA
    හි විනාඩි 15 තප්පර 30 සිට බලන්න.

    දැන් ඔය රාජිතත් චටුරත් මහලොකුවට යුගපුරුශයෝ ලෙස ගෙන්වන නිසා කරුනාකර අඩුගානේ මේකටවත් උත්තරය ගාන්න.

    ReplyDelete
    Replies
    1. //මේ පුද්ගලයන්නේ ස්වාදීන බව වගේම ජිවිත වලටත් අවදානමක් ඇති වීමයි.// මම හිතන්නේ ඔබ බ්ලොග් ගැන හරියට නොදන්නා බවයි. අවශ්‍ය වෙලාවට අන්ඩර්ග්රවුන්ඩ් යෑමට ඕන කෙනෙකුට පුළුවන්. චතුර ආවේ නැහැ. රාජිත ගෙන්වීම මගේ අදහසක් නෙමෙයි. ලංකානිව්ස්වෙබ් මාධ්‍ය ජලයේ චන්දිම විතාන ආරච්චි ගේ අදහසක්.
      //අනෙක් කරුණ මාද්‍ය නිදහස ලොකුවට ලැබෙනවා කියන ඔය තොරතුරු ලබාගැනීමේ පනතෙන පාවිච්චි කරලා තොරතුරු සහ සංනිවේදන නියෝජිත ආයතනයේ ප්‍රදානියාගේ වැටුප කොපමණදැයි කියල අහපුවහම එවැනි දෙයක් වත් කරන්න බැරිවෙලා තියෙනවා // වැටුප් ගැන තොරතුරු හොයන්න් පුලුවන්ද දන්නේ නැහැ. අහල බලන්නම්.

      Delete
  9. හොඳ තේරීම්. ජයවේවා.

    ReplyDelete
  10. අජිත්, රුවන් ජයතුංග නමැති රුසියානු වෛද්‍ය උපාධියක් ඇති වෛද්‍යවරයා ඔහුගේ බ්ලොග් අඩවිය ඔස්සේ විවිද පුද්ගලයන්ගේ මානසික තත්වය ගැන අදහස් පල කරයි. පසුගිය දිනක ෆොන්සේකා මහතා ගැනද එසේ කියා තිබුනේ කමල් ගුණරත්නගේ පොතේ එන කොටසක් අල්ලා ගෙනයි.
    මේ අයුරින් සත්‍යදැයි කියාවත් නොදන්නා තොරතරු ආශ්‍රයන් විවිද ප්‍රකට පුද්ගලයන්ගේ මානසික තත්වය අසමබරතාවයි ලෙස සදහන් කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි කියා එම වෛද්‍යවරයාගෙන් විමසු විට ඔහු කරන්නේ අප නිවටයන්, බියසුල්ලන් ලෙස නම් කරමින් ඔහුව ප්‍රශ්න කරනා කොමෙන්ටු ඉවත් කිරීමයි.

    ඔහුට අන් අයගේ මානසික තත්වය ගැන ප්‍රසිද්දියේ වෛද්‍ය ආචාරධර්ම වලටත් පටහැනි ලෙස සදහන් කල හැකිනම් අනික් අයට ඒවා ප්‍රශ්න කිරීමට නොහැකිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ජිවත් වන පුද්ගලයන්ගේ මානසික අසමබරතාවයන් ගැන ලිව්ව හොත් ඔවුන්ට රුවන් ට එරෙහිව අධිකරණයට යා හැකියි. එසේම ජිවත නොසිටින අය ගැන ලිව්වොත් ඥාතීන්ට එය කළ හැකියි. රුවන් ඒ පිලිබඳ දැනුවත්ව ඇතැයි සිතනවා.

      Delete
  11. හැමෝටම සුභ පැතුම්!

    ReplyDelete
  12. සුබ පතමි හැමෝටම.

    ReplyDelete
  13. මේ නිර්දේශවලින් ඉදිරියෙන්ම ඉන්නෙ ඉකොනොමැට්ටා. ඉකොනොමැට්ටාගේ හැම ලිපියක්ම පාහේ දැනුම බෙදන කරුණු අඩංගුයි. ජනප්‍රියම නොවේ..හොඳම..හොඳේ..

    ReplyDelete
    Replies
    1. ++++++++++
      He is the most deserved guy.

      Delete
    2. agree 100��

      Delete
    3. අපි ලකුණු ලබා දෙන්නේ ජනප්‍රියතාවය මතම නොවේ.

      Delete
  14. හදපිරි සුබ පැතුම්..

    ReplyDelete
  15. අජිත්,
    රූපවාහිනියෙන් සම්මාන උළෙල ගැන දුටුවා.

    මෙවරත් ඔබට සහ අනෙකුත් සංවිධායකයින්ට නොයෙකුත් විවේචන ඒවි, නමුත් ඔබ ඇතුළු සියළු දෙනාට බොහොම ස්තුතියි!

    ReplyDelete
  16. Wishes for every nominee

    Rotiyaa

    ReplyDelete
  17. අතින් වියදම් කරගෙන, පෞද්ගලික විවේක කාළය වැයකරගෙන ලෝකෙට යමක් දෙන්න වෑයම් කරන අපි වගේ මිනිස්සුන්ට යම් වටිනාකමක් දෙන්නට මහන්සිගත් නෙළුම් යාය සංවිධායක මඩුල්ලට වගේම අනුග්‍රාහකයින්ටත් බොහෝම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. වියදම් ගැන නම් දන්නේ නැහැ මෙන්ඩ. මගේ වියදම් ගැන නම් දන්නවා . මුකුත් ලියන්න බැරි ඒවා අරගෙන වෙන තැන්වල මඩ ගහන නිසා.

      Delete
  18. දෙපාරක් හිස නමා උබට ආචාර කරනවා අයියන්ඩි .....උබ දිනුම් හැම අතින්ම සාර්ථක සම්මාන උත්සවයක්

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ ව හඳුනා ගන්න ලැබීම ලොකු සතුටක්.

      Delete
  19. අජිත් ඔබලාගේ මහන්සිය ප්‍රථිපල දක්වමින් සම්මාන උලෙල සාර්ථකව පැවැත්වූ බවක් දැක්කා. ඒ ගැන සතුටුයි.
    දේශපාලනමය මත පදනම් කරගෙන මිනිසුන් හෙලා දැකීම ඉතාමත් අප්‍රිය කරන සිදු වීමක් වන නිසා මා මේ සඳහා සහභාගී වීමට තිබූ කැමැත්ත යටපත් කර ගත්තා,
    ඉදිරියේදීත් හරවත් බ්ලොග් ලිපි තුලින් හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. හමුවෙමු.
      මෙය තේරෙන්නේ නැහැ.
      /දේශපාලනමය මත පදනම් කරගෙන මිනිසුන් හෙලා දැකීම ඉතාමත් අප්‍රිය කරන සිදු වීමක්// අපේ කවුරු හරි එහෙම කලාද ?

      Delete
    2. අජිත් ඔබ හොඳින්ම දන්නවා මා එසේ තීරණය කලේ ඇයි කියා.
      එවිට ඔබම කීවා මෙයට දේශපාලකයින්ගේ හෝ දේශපාලනයේ සම්බන්දයක් නැති වගත් මහින්ද දේශප්‍රිය මහතා එහි ප්‍රධාන ආරාධිතයා වන වගත් එහෙත් අවසානයේ කවුරුන්ද එතැන සිටියේ.

      කෙසේ වෙතත් මට දේශපාලන කථා අප්‍රියයි ඊටත් වඩා අනුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් විසින් මා දක්කන වග දැකීමට මා ඉතාම අකැමැතියි.
      ඉතින් මේ බ්ලොග් වලට නවකයෙකු වුවත්, මා පරිසරය ගැන සැලකිලිමත් වූවා. එපමණයි.

      එදා කවුද ඇත්ත කියන්නේ තුලින් මා ඔබව දුටු විට ඇත්තෙන්ම සතුටට පත්වූවා. ඒ මගේ පාසැලෙ එකම පන්ති වල සිටි නාලක දැකීමෙන් නොවෙයි.

      ඔබට ඉඩ ඇති විටෙක මගේ බ්ලොගයට ගොස් බලන්න. අප අතර වූ මා අතරමගින් හැර ගිය ගන්ධබ්බයා කථාවේ මා දකින හැටි ගැන පැහැදිලි විස්තරයක් මා ලියා තිබෙනවා.

      Delete
    3. //අවසානයේ කවුරුන්ද එතැන සිටියේ.//ඔබට එසේ කි මුල් දවස් වල එහෙම වෙනත් අය එන බවක් මම දැනගෙන හිටියේ නැහැ. ඔබේ බ්ලොගයට යන්නම්. තවම බිසී.

      Delete
    4. ඔබ දැනුවත්ව මා මුලා කිරීමට තැත් කල බවක් නොවෙයි මම කිවේ. සංවිධානයට සම්බන්ධ ඔබත් ඒ ගැන නොදැනුවත් නම්, සැබැවින් සිදු වන දෙය කිසිවෙකුට කල් තියා දැන ගැනීමට නොහැකි අබිරහස් නම්!
      එහි යම් කිසි යටි අරමුණක් යටි අරුතක් තිබේ යැයි යමෙකු සැක කිරීම අසාධාරණද?

      Delete
    5. මේ ගැන අප තව දුරටත් කථා නොකර සිටිමු.
      ඔබ වැන්නෙකු හා කථා කිරීමට ඊට වඩා වටිනා බොහෝ කරුණු ඇති බව මට වැටහෙනවා. අපි එයට ඉඩ තබා ගනිමු.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .