Sunday 11 June 2017

නෙළුම් යාය පදනම සහ සමාජ සත්කාරක වැඩ

නෙළුම් යාය සමාජ සත්කාරක ව්‍යාපෘති 
පසුගිය 2017  මාර්තු මාසයේ පැවති  සම්මාන උළෙලින් පසුව නෙලුම් යාය පදනම නියෝජනය කරමින් රූපවාහිනී සාකච්ඡාවකදී රාධා කෝදාගොඩ මෙනෙවිය පළ කළ අදහස් ගැන කිසියම් පැහැදිලි කිරීමක් සිදු කිරීම  අවශ්‍ය යයි සිතමි.  ඇය එම සාකච්ඡාවේදී සැළකිල්ලට ගත්  උදාහරණය නම් නෙළුම් යාය වෙබ් අඩවිය සංවිධානය කළ මොණරාගල මියාගල විදුහලට ජලය ලබා දීමේ ව්‍යාපෘතියයි. නෙළුම් යාය කියා කීවේ ඉන්දික කොඩිතුවක්කු මහතාගේ ඔත්තුවකට ඔවුන්ට ඇති මුදල් ප්‍රමාණය මදි නිසා නෙළුම් යායෙන් කරන්නට පුළුවන් දි විමසා බැලීමක්  කළ බව සුමිත් කලණසිරි මහතා විසින් කළ  දැන්වීම හේතුවෙනි. ඒ ඊමේල් මා  සතුව තිබේ.  ඒ පිලිබඳ සියලු විස්තර සුමිත් හෙවත් කල්‍යාණ මිත්‍ර ලියු මේ බ්ලොග් ලිපි වල ඇත. "වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්... මොණරාගල වතුර project grand finale"

ඉතින් මේ ව්‍යාපෘතිය කලාහිතේ සුමිත් කලණසිරි, කටුසු හදවත, ප්‍රසන්න, ලංකා නිව්ස් වෙබ් හි  උපුල් ආදී සියල්ලගේ සහයෝගයෙන් කල බවත් මතක ඇති. එහි වැඩිම මුදල් ප්‍රමාණය ඉන්දික හා ඉයන් විසින් සපයා ඇති බවත් ඉන්පසු නෙළුම් යාය (චන්දිම) විසින් සපයා ඇති බවත් දැන  ගතිමි. ඒ අතරේ  මාද ඇතුළුව  රසික, භාග්‍යා,  තිලක සිත, සිත් ආර , සජ්ජා , කවිඳු, මෙත්මා, සඳ වියමන් ආදී බොහෝ අයද උදව් කළ අය අතර විය.

 රාධා කෝදාගොඩ මෙනෙවිය එදා පැවසුවේ අපි CSR ව්‍යපෘති නෙළුම් යායපදනම  හරහා කරනවා යන්නය. CSR  හෙවත් corporate social responsibility යනු සමාගම් විසින් තම ව්‍යාපාර මගින්  සමාජ වලට හා පාරිසරික පද්ධතීන්  වලට වන බලපෑම්  වන හානිය අඩු කිරීමට සමාජ සත්කාරක ව්‍යාපාර මගින් දායක වීමකි.  එසේම තම ව්‍යාපාරයේ දියුණුවත් සමග ව්‍යාපාරයේ අඩිතාලම දමා ඇති සමාජයේ දියුණුවටද ආයෝජනය කිරීම  හා අදාල ජන කණ්ඩායම් වල හිතසුව සඳහා දායක වීමද එසේ හැඳින්විය හැකිය. ඒ සඳහා උදාහරණයකට ගත්තේ මියාගල පාසැලට  ජලය ලබා දීමයි.

දේශපාලකයකු වන නන්දන ගුණතිලක මහතා ඒවා දේශපාලකයන්ට භාර නොදෙන්නේ ඇයි දැයි අසා තිබුණි. මගේ පෞද්ගලික අදහස නම් දේශපාලකයන් ට පොල් ගගා  නොසිට  මෙවැනි දේ කිරීමට පසුගිය අවුරුදු 66 කාලයක්ම තිබුණාය යන්නය. ඔවුන් නොකර සිට ඇත්තේද ඒවාය.

නෙළුම් යාය විසින් කඳුකරයේ  පාසැල් වල ව්‍යාපෘතීන් කිහිපයක් ද ක්‍රියාත්මක කර තිබුණි. සමහර ඒවාට බ්ලොග්කරුවන් ද දායක වී තිබුණි. (නෙළුම් යායෙන් තලවකැලේ ට නෑගම් යාම)
 මේ ලඟදි සිරාගේ කාමරේ බ්ලොගය ලියන  මහත්මයා ඇතුළු කණ්ඩායම  ඉතා සාර්ථක ව්‍යාපෘතියක් කිසිවකුගේ බාහිර උපකාරයක් නොමැතිව ස්වාධීනව ක්‍රියාත්මක කර තිබුණි.

පදනමේ අදහස නම් ප්‍රශ්න ඇති තැන් ආදිය  බ්ලොග්කරුවන් මගින් හඳුනාගෙන ඒ ස්ථාන වලට ආධාර දීමේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී බ්ලොග්කරුවන්ගේ මුදල් දායකත්වයක්  බලාපොරොත්තු වන්නේ නැත. ඒ වෙනුවට ඒ සඳහා කැමැත්ත පල කරන ව්‍යාපාරික ස්ථාන වලට දන්වා සමාජ සත්කාරක වැඩ සටහන් වලට  සංවිධානාත්මක ලෙස මැදිහත්වීමක් කිරීමක් පදනම මගින් කරනු ලැබේ.

මෙහිදී පැහැදිලි කිරීමක් කල යුතුය. අප මුලින් රත්නපුරයේ, බදුල්ලේ හා ඉහත කි මොණරාගල ආදියේ  කල සුළු ආධාර ව්‍යපෘති මා ඇතුළු බ්ලොග්කරුවන් ගෙන්   මුදල් එකතු කර කළ ඒවාය. නෙළුම් යාය පදනමෙන් කරන්නේ වෙනස් දෙයකි. බ්ලොග්කරුවන්ගෙන් එවන් ආධාර අවශ්‍ය තැන් ගැන විස්තර ලබාගෙන ඒ සඳහා  උදව් කිරීමට කැමැත්ත පළ කර ඇති සමාගම් වලට දන්වා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ඔවුන්ගේ අදහසයි.

ලංකා බ්ලොග් සංසදය නම් සංවිධානයක් (පදනමක්)  ගැන කතා කළද එය පිහිටුවා නැත. එයට මාතලන් සහ කල්‍යාණ මිත්‍ර ආදී බ්ලොග්කරුවන් සම්බන්ධ කරවීම සඳහා ආරාධනා කර තිබු මුත්ඔවුන් ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා ඒ වෙනුවට නෙළුම් යාය පදනම පිහිටුවීමට සංවිධායකයන් තීරණය කරන ලද බව අනුමාන කරමි.

නෙළුම් යාය පදනම ක්‍රියාත්මක වන්නේ ලංකානිව්ස්වෙබ් කාර්යාලය හරහාය. මට දන්වා  ඇත්තේ ලංකානිව්ස්වෙබ් කර්තෘ වරුන් එහි විධායක සාමාජිකයන් බවයි.  මට මෙම පදනමේ මුල්‍ය කටයුතු ගැන අවබෝධයක් නැති අතර එසේම එයත් අනිකුත් දායක සමාගම් අතර ඇති සම්බන්ධයන් ගැන අදහසක්ද නැත. මා  පසුගිය කාලයේ කලේ කිසියම් බ්ලොග්කරුවන් සමුහයක් ආධාර අවශ්‍ය  තැනක් ගැන සඳහන් කල විට එය නෙලුම් යායේ පළකර ඔවුන්ගේ අවධානයට යොමු කිරීම හෝ ඒ සම්බන්ධව විද්‍යුත් තැපෑලක් යැවීම  පමණකි. 


මා දන්නා පරිදි මිළඟ 2018 සම්මාන උළෙලද නෙළුම් යාය පදනමින් සංවිධානය වනු ඇත.  සම්මාන සඳහා තෝරා ගන්නා  බ්ලොග් බොහෝවිට නෙළුම් යාය වෙබ් අඩවියේ පල කරන ලද ඒවා විය හැක.  වෙනත් පෞද්ගලික කටයුතු කිහිපයක යෙදී ඇති බැවින් මගේ සහභාගී වීම බොහෝවිට අවම විය හැකිය. සම්මාන  උළෙලේ සංවිධාන කටයුතු වලට  සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත දක්වා ඇති ඊමේල් ලිපිනයන් හරහා එය කළ හැකිය.

එසේම මීලඟ නෙලුම් යාය සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලංකාවේ ඩෙංගු උවදුර මර්දනය කිරීම  සඳහා කරන සටනට බැඳී තිබේ. බොහෝ සමාගම් මෙයට අනුග්‍රහ දැක්වීමට කැමැත්ත පල කර ඇතැයි පදනම දන්වා තිබේ.  බ්ලොග්කරුවන්ගේ ද සහය ලබා ගැනීමට එහි සංවිධායක නෙලුම් යාය පදනම අපේක්ෂා කරන බව දන්වා තිබේ.  ඒ සඳහා සහයෝගය දීමට කැමැති අය  පහත ඊමේල් ලිපිනයන් වලට දන්වන්න.

editor@nelumyaya.com,
deputyeditor@lankanewsweb.net
editor@lankanewsweb.com>
editor@lankanewsweb.net

ස්තූතියි

35 comments:

  1. පැතුම් පුබුදුවා රටකට වැඩක් ඇතී
    කෙරුම් දුටුවිටදි සතුටින් පිනායතී
    උතුම් උදව් සමාජයට ඕන වෙතී
    නෙලුම් පදනමට සුපැතුම් පුදමි බැතී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය දැමුවේ පැහැදිලි කිරීමක් ලෙස. පදනම වේය කියා මමත් ප්‍රර්ථනා කරනවා.

      Delete
  2. ගලුත් එනව මලුත් එනව ඒව සමසිතින් ඉවසා කරන කාර්යය අවුලක් නැතිව කරගැනීමයි වැදගත්.
    අනුරාධා ගැන නං හුඟ අයට ප්‍රශ්න තිබෙනවා දුටුවා. ඒවත් අවම වෙන්න තිබ්බ ක්ලොස් ගතිය අවම කරල තව ටිකක් ඕපන් වුණා නම් මට හිතුණ හැටියට
    නමුත් මං කියනනෙ කවුරු මොනව කිව්වත් මල් පුදන අයට තුති පුදන්නවත් ගල් ගහන අයට ගල් ගහන්නවත් නොයා තවලම ඉදිරියට යා යුතුයි කියල පමණයි

    ReplyDelete
    Replies
    1. මම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා මදකට විරාමයක් ගන්නවා. උපුල් අය කරගෙන යාවි කියල බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. බොහෝ අය සම්මාන දීමේ ක්‍රියාවලියට කැමති බව පේනවා. දෙවෙනි තුන්වෙනි සම්මාන උළෙලේදී ඒ බව පෙනුන. එසේම එවැන්නක් කරනන් යන මහන්සිය වියදම ගැන කියුවාම ඒ ගැන හිනා වෙන එකත් එහෙනම් නොකර ඉන්න කියන එකත් ප්‍රශ්නයක් හැබැයි. ගත්ත උදවියත් පසේ ඒ ගැන හෑල්ලු කරලා කතා කරනවා සමහර වෙලාවට. ඕවගේ ප්‍රශ්න තියනවා නේද

      Delete
    3. ගත්ත උදවියත් පසේ ඒ ගැන හෑල්ලු කරලා කතා කරනවා සමහර වෙලාවට. ඕවගේ ප්‍රශ්න තියනවා නේද///
      ඒ කුහකකමකට වඩා ආත්මීය වශයෙන් කෙනෙකුට දැනෙන හීන මානය
      අනුකම්පා කට යුතුයි

      Delete
  3. සමාවෙන්න මේක මෙතන ලියනවට. මං අකමැති දෙයක් තමයි පොල්ලෙං ගහන්නා වගේ කොමෙන්ට් ලියන එක. මං කැමති කාටත් විහිලුවක් කරගෙන ජොලියෙන් මේ බ්ලොග් ලෝකෙ ඉන්නයි. නමුත් මේක මෙතන ලියන්න වෙනවා. ඒකයි මුලිම්ම සමාවෙන්න කිව්වෙ. මෙතන ඔබ නන්දන ගුණතිලකට දීල තියෙන උත්තරේ එදා සජීවී සාකච්ඡාවෙදි දෙන්න කෙනෙක් හිටියෙ නෑ. ඒකට උත්තරේ දෙන්න තිබ්බෙ එතැනදි. එදා උත්තරේ දෙන්න පුළුවන් මට්ටමේ කෙනෙක් හිටියෙ ඔබ විතරයි. මොකද මීයාගලට වතුර දෙන්න ගිය ව්යානපෘතිය ගැන දන්නෙ එතන හිටි අයගෙන් ඔබ විතරයි. එදා ඒ වැඩසටහනට සහභාගි වුනු පිරිසගෙන් ඔබ හැර අනෙක් තුන්දෙනාම බ්ලොග් ප්රිවර්ධනයට නම් වැඩකට නැහැ. බ්ලොග් ගැන කතා කරන්න එතැන හිටිය සක්රීැය බ්ලොග් කරුවො දෙන්නයි. එයිනුත් බහුතරයක් බ්ලොග් ලියන්නො එක්ක මුහුවෙන තරමෙ හිටියෙ ඔබ විතරයි. අජිත් පැරකුම් කියන්නෙ අනුංගෙ බ්ලොග් අතරට නොයන ඒවයෙ තියෙන ඒවා කලුද සුදුදැයි නොදන්න යාවත්කාල නොවූ ලියන්නෙක්. නාලක ගුණවර්ධන කියන්නෙ පැන්ෂන් ගිය බ්ලොග්කරුවෙක්. අනුරාධා කෝදාගොඩ කියන්නෙ බ්ලොග් එකක අග මුල නොදන්න කෙනෙක්. ඒක ඇයම පැහැදිලි කලා. එතකොට ඒ වැඩසටහන ෆේල්. ඒක පැත්තකට දාමු.

    අනුරාධා කියන විදිහට එයාලා බ්ලොග්කරුවන්ගෙන් තොරතුරු ලබාගෙන ඒ අනුව ව්යා්පෘති කරනවනං බ්ලොග්කරුවො ලියන එවැනි උපකාර අවශ්යතතා ගැන විස්තර වලට සංවේදී වෙන්න ඕනැ. ඒ කාලෙ රටේ අසරණ වූ අය ගැන අවශ්යනතා ගැන බ්ලොග්කරුවන් අතරින් මතුවුනා. ඒ අතරින් කිසිවකට නෙළුම්යාය පදනම සංවේදී වුනාද කියන ගැටළුව තියෙනවා. ගියවර සම්මානලාභී සොඳුරුසිත ලියන උපමාලි පවා ගංවතුරෙන් පීඩාවට පත්වුනා. නෙලුම්යායට ඇයව මතක්වුනාද? බ්ලොග්කරුවො අතර ඉන්න බැහැලම වැඩ වර්ගෙ සමාජ සේවකයො අයෙක්වත් මෙතැනට එක්කහු කරගෙන නැහැ. විපතට පත්වූ අයට වියලි ආහාර සලාක බෙදීමට වඩා එහා ගිය කටයුත්තක් කරන්න සමාජයට වඩා සංවේදී පිරිසක් විදිහට බ්ලොග්කරුවන්ව සම්බන්ධ කරගන්න තිබුණා. අපේ බ්ලොග්කරුවො සමහර දේවල්වලට උදව් ඉල්ලල තිබුනා. නමුත් ඒ එකක්වත් නෙළුම් යාය දැක්කෙ නැහැ. එහෙම වුනානම් කන්ටේනරයක් පුරවලා ගෙනියන්න ද්රනව්යඑ රැස් කරන්න පුළුවන් වෙන්න තිබුණා.

    පුංචි උදාහරණයකට කිව්වොත් එක පැය බාගයක් ඇතුළත කාරෙකේ ඩිකියෙත්, පිටිපස්සෙ සීට් එකෙත් පුරවලා දෙපාරකට අදින්න වෙන තරම් බඩුගොඩක් එක්කහු කරගන්න යන්තම් ලියන්නෙක් වන මට එක වචනෙන් පුළුවන් උණා. එයිට වඩා හැකියාව ඇත්තෝ බ්ලොග් ඇතුලෙ ඉන්නවා. නෙළුම්යාය නමත් එක්ක විශාල මෙහෙවරක් කරන්න පුළුවන් විශාල බ්ලොග් ලියන්නො වගේම කියවන්නො රැසක් ඉන්නවා. නමුත් ඒ කිසිවෙක් මේ කියන නෙළුම්යායෙ සහනාධාර කටයුතුවලට එකතු වෙලා නැහැ. ඒ ගැන බලද්දි නෙළුම්යායට ගොඩක් දෙනෙක් අහිමිවෙලා. රටේ අස්සක් මුල්ලක් ගානෙ දන්න බ්ලොග්කරුවන්ගෙ මගපෙන්වීමෙන් තව බොහෝ දේවල් කරන්න පුළුවන් කම තිබුණා. කොටිම්ම නෙළුම්යාය බ්ලොග්කරුවො එක්ක හිටියනම් වියළි ආධාර වුනත් කන්ටේනර් දෙකක පුරවන්න තිවුනා.

    කොච්චර සල්ලි එක්කහු වුනත් සංවිධානය දුර්වල නම් එතන ගැටළුවක් වෙනවා. බ්ලොග් ඇතුලෙ මම දන්න හොඳම සංවිධායකයො රැසක් ඉන්නව. ඒ අතරින් කලණසිරි විශේෂයි. තමුන්ගෙ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙදිත් ඔහුට ලැබුණු නිවාඩුවෙදි සිය දරුපවුල බලන්න ගෙදර නොගිහින් ඒ වෙනුවට ඔහු මීයාගලට වතුර අරන් දෙන්න යනව. ලක්ෂ ගණනක් සල්ලි කිසිම නාහෙං ඇඬිල්ලක් නැතුව නැතිවීමක් නැතුව සංසරණය වෙනව. දේශපාලනඥයින්ට බැරි වැඩ කරන්න මේ මිනිස්සුන්ට පුළුවන් වෙනව. වැඩක් කරලා හිතේ සතුට විතරක් ඉතුරු කරගෙන කරපු වැඩේට අපරිමිත අගයක් ලබාදෙන්න එදා ඒ පිරිසට පුළුවන් වෙනව.

    ඒ හින්දා ඔබේ වචනයෙන් කියතොත් /අප මුලින් රත්නපුරයේ, බදුල්ලේ හා ඉහත කි මොණරාගල ආදියේ කල සුළු ආධාර ව්ය පෘති මා ඇතුළු බ්ලොග්කරුවන් ගෙන් මුදල් එකතු කර කළ ඒවාය./ කියන කොටසේ තියෙන සුළු ආධාර ව්යායපෘති මට නම් මහා සමාජ සේවා ව්යාඇපෘති. මහා කැපකිරීම්.

    දරුණු විදිහට ආබාධ වෙලා හිටියත් පහුගිය කාලෙ ගස්ලබ්බා ගෙවල් හදපු හැටිත් මතකයි නේද? ඒ වගේම තමයි තව නොයෙක් විදිහට බ්ලොග්කරුවො “නෙලුම්යාය” කියන නම සමාජය අතරට ගෙනගියා. එහෙව් නෙලුම් යායක නම අර සිංගල් වීල් ලොරි බාගෙ දෙපැත්තෙ ගහල තියෙන හැටි දැක්කම මට දුක හිතුනා. අජිත් මහත්තයෝ නෙලුම්යාය අනුරාධා කෝදාගොඩ ප්රගධාන පිරිස අතට යද්දි මානව සම්පත හැලුනා. නෙලුම් යායට අතගහල බාරගත්ත පිරිස බ්ලොග් ලියන්නො සහ කියවන්නො දෙගොල්ලම අමතක කරලා. ඔබට පුළුවන්නම් නෙලුම්යායේ නව භාරකරුවන්ට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න මේක. ඔවුන්ට අතහැරුණු කොටසක් තියෙනවා. ආයෙ අල්ලගන්න බැරි වෙන්නම.

    ReplyDelete
    Replies
    1. සුරංග මහතා මම ඔබ කියන සියල්ලට සම්පුර්ණයෙන්ම එකඟයි. මට විරුද්ධ වෙන්න තරම් දෙයක් ඔබ කියල නැහැ.
      //එයිට වඩා හැකියාව ඇත්තෝ බ්ලොග් ඇතුලෙ ඉන්නවා. නෙළුම්යාය නමත් එක්ක විශාල මෙහෙවරක් කරන්න පුළුවන් විශාල බ්ලොග් ලියන්නො වගේම කියවන්නො රැසක් ඉන්නවා// බොරු කියන්න ඕනේ නැහැ ගංවතුර වෙලාවේ උදව් කරන්න බ්ලොග් කරුවෝ හිටිය. මම ඒ බව දෙතුන් දෙනෙකුට දැන්වුවා. නමුත් හැමෝම නිහඬ තාවයක් රැක්ක. මම නිහඬ වුනේ මම මුදල් වංචා කලා කියල චෝදනා අහන්න කැමති නැති නිසා. ඒ චෝදනාව පැතිරිලද කොහෙද මම පෞද්ගලිකව මෙහෙයවන පදනම හරහා ළමයිට ශිෂ්‍යත්ව දෙන කෙනෙක් (ලන්ඩනයේ ) එම ශිෂ්‍යත්ව නවත්වල තිබුන. මට පෞද්ගලිකව පාඩුවක් නැහැ. නමුත් අර ළමයි තුන් හතර දෙනාට මාසෙට ලැබෙන ශිෂ්‍යත්ව මුදල නවත්වන්නැ සිදු වුණා . එපමණයි. නෙළුම් යාය පදනම කරන්නේ කොහොමද කියා බලා සිටිමු. මගේ කෙලින්ම සම්බන්ධයක් නැති වුනත් උදව්වක් ඉල්ලුවොත් දෙනවා හොඳ වැඩක් නම්. මම මගේ බ්ලොගයේ දිගටම රැඳී සිටිනවා.

      Delete
    2. තව පිළිතුරු ටිකක්. // අනුරාධා කෝදාගොඩ කියන්නෙ බ්ලොග් එකක අග මුල නොදන්න කෙනෙක්. ඒක ඇයම පැහැදිලි කලා. එතකොට ඒ වැඩසටහන ෆේල්. ඒක පැත්තකට දාමු.
      // ඕකට යවන්න මම යෝජනා කරේ අටමා, සුමිත් සහ අනුරාධව. අනුරාධව යවන්න මම යෝජනා කලේ පදනම ගැන පිළිතුරු දෙන්න මම අකැමැත්ත පල කල නිසා. අටමට කියල නැහැ මම හිතන්නේ. සුමිත් බහ කිව්වා නිසා මම ගියේ මට මතක විධිහට.

      Delete
    3. // ගියවර සම්මානලාභී සොඳුරුසිත ලියන උපමාලි පවා ගංවතුරෙන් පීඩාවට පත්වුනා. නෙලුම්යායට ඇයව මතක්වුනාද? බ්ලොග්කරුවො අතර ඉන්න බැහැලම වැඩ වර්ගෙ සමාජ සේවකයො අයෙක්වත් මෙතැනට එක්කහු කරගෙන නැහැ. විපතට පත්වූ අයට වියලි ආහාර සලාක බෙදීමට වඩා එහා ගිය කටයුත්තක් කරන්න සමාජයට වඩා සංවේදී පිරිසක් විදිහට බ්ලොග්කරුවන්ව සම්බන්ධ කරගන්න තිබුණා. අපේ බ්ලොග්කරුවො සමහර දේවල්වලට උදව් ඉල්ලල තිබුනා. නමුත් ඒ එකක්වත් නෙළුම් යාය දැක්කෙ නැහැ. එහෙම වුනානම් කන්ටේනරයක් පුරවලා ගෙනියන්න ද්රනව්යඑ රැස් කරන්න පුළුවන් වෙන්න තිබුණා. //
      මතන නෙළුම් යාය කියන්නේ කවුද සුරංග? මමද චන්දීමද? බ්ලොග් කරුවන්ද? මට අවශ්යේ වුනේ බ්ලොග් කරුවන්ගේ එකක් බවට පත් කරන්න. නමුත් පදනමත් එතනට ආව නිසා ඕක ටිකක් වෙනස් වුණා. නෙමුම් යාය දැක්කේ නැහැ කියන්නේ මම දැක්කේ නැහැ කියන එක නම් ඒක අසාධාරණයි. මොකද නෙළුම් යාය මම නොවන නිසා. ඇත්තම කියනවා නම් නෙළුම් යායට හිතවත් බ්ලොග් කරුවෝ දෙතුන් දෙනෙක් ඇහුවත් එක්ක. මම කැමතියි නෙලුම් යායෙන් කියල කරන්න. නමුත් පදනම තියෙද්දී මම ඇඟිලි ගහන්න යන එකේ තේරුමක් නැහැනේ.

      Delete
  4. නෙළුම්‍ යායේ ඉදිරි වැඩකටයුතු වලට මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම ලෙහෙසියෙන් මාරු වෙන්න දෙන එකක් නැහැ නෙලුම් පදනමේ කස්ටිය.

      Delete
  5. අජිත් බැනර් ගහගෙන ලවුස් පිකර් බැඳගෙන උපරියෙන්ම මොන දේ කලත් වැඩක් නැ! කරන දේ ගැන බජට් එකක් දෙන්න බැරිනම්.
    පැහැදිලිව කියනවා නම් කියවන ඕනෑම කෙනෙකුට සිතෙනවා මොකක් හෝ හොරයක් තියනවා කියලා බජට් ගැන අහපු ගමන් අදාල නැ කියලා මග අරින නිසා . ඉතින් කොහොමද විශ්වාස කරලා යමක් කරන්නේ කිසිම සැලෝලයිට් පාර්ක් නැතිව

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඇති වෙලා. ඕක අපි හිතමු සංවිධායකවරු වන මුදල් වියදම් කරන අයගෙන් ඇහුවම කියන්නේ මොකක්ද කියල? සරසවි සම්මාන , රජත පුස්තකද මොකක්ද සම්මාන, මුද්‍රණාල හිමි කරුවෝ පොත් ප්‍රකාශකයෝ දෙන පොත් සම්මාන - ඒවලත් බජට් ඉල්ලනවද මිනිස්සු කියල අහනවා? ඇයි මේකට විතරක් ඉල්ලන්නේ? එතකොට ඒ ගොල්ලන්ගේ යහළුවන් හෙම වියදම් කරලා මේවා කරනවා නම් ඇයි කරන්නේ කියන ප්‍රශ්නය එනවා. දේශපාලකයෝ එන්නේ එතන. සමහරවිට යම් දේශපාලක මහතුනට expose එකක් දෙන්න භාවිතා කරන්න පුළුවන්. අර මුල් උළෙලේ තොරතුරු දැන ගැනීමේ පනත ගැන කතා කරා වගේ. ඇයි මම විරුද්ධ නොවුනේ. සම්මාන උළෙල සංවිධානය වෙනවා නම් බ්ලොග් කරුවන්ට සම්මානත් ලැබෙනවනම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ කියලයි මම හිතුවේ. හැබැයි ඉදිරියට එහෙම හිතනවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. යහළුවෝ තරහ කර ගන්නත් බැරි නිසා.
      බ්ලොග් කරුවෝ විකුණලයි කියල කියන චෝදනාවට පිළිතුර තමයි - මේක ලංකානිව්ස්වෙබ් බ්ලොග්කරුවෝ විකුණලා කරානම් ඇයි අනිත් අයත් බ්ලොග් කරුවෝ විකුණලා මෙහෙම සංවිධානය කරන්නේ නැත්තේ කියල? එහෙම හිතනවා නම් ඒ ගොල්ලෝ වර්ජනය කරාවි . එහෙම දෙයක් පෙනෙන්න නැත කියල. අනික ඒ ගොල්ලෝ අහන්නේ බජට් ඉල්ලන අයට කෙලින්ම එයාලව සම්බන්ධ කර ගන්න කියල. ඔය උඩ තියෙන්නේ ඊමේල්. මම බජට් දෙන්නේ නැත්තේ මම එතනට සම්බන්ධ නැති නිසා. පළමු සම්මාන උළෙලේදී මට යම් හැඟීමක් තිබ්බ වියදම් ගැන ලක්ෂ පහකටත් අඩු සුළු වියදමක් ගියේ මම හිතන්නේ. දෙවැනි තුන්වැනි ඒවාදී මට වත් සුමිත් ටත් අටමටත් එහෙම වෙලාවක් තිබ්බේ නැහැ. අපි කලේ බ්ලොග් තේරීම. ඕකට මම තර්ක කරන්න යන්නේ නැහැ. මොකද මම සල්ලි හම්බ කරන්න සම්මාන උළෙලක් පටන් ගත්තේ නැති නිසා. බෝලේ තියෙන්නේ නෙළුම් යාය පදනමේ. ඒ ගොල්ලට ඕන නම් ගහයි. මට ඕන වෙලාවක අයින් වෙන්න ලේසිත් ඒකයි. මම දන්නේ නැති දේ ගැන මට කතා කරන්න බැහැනේ. නෙළුම් යාය පදනමට මම චෝදනා කරන්නේ නැහැ. ඔවුන් හොඳ වැඩකට දායක වුණා කියලයි මම හිතන්නේ.

      Delete
  6. අගය කළයුතු ක්‍රියාවක්.++++++

    ReplyDelete
  7. බ්ලොග් සම්මාණ දෙන එක නම් විශාල දෙයක්

    ඒත් අර ඩිමෝ බට්ටගේ වතුර බෙදුවට වඩා හොඳයි නිකන්ම උන්නා නම්

    ReplyDelete
  8. ලොරියයි බැනර් එකයි දැක්කම මුලින් හිනාගියා පස්සේ ඇඩූනා...

    ReplyDelete
  9. ලංකාවේ ළමුන්ට දුන් ශිෂ්‍යත්ව කිහිපයක් නතර වීම ගැන අසා කණගාටු වුනෙමි.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඉවත් කළාට සමාවෙන්න. ඔය විකාරයට එකතු වෙන්න කැමැත්තක් නැහැ.

      Delete
  11. සමූහයක් විසින් මුදල් සම්බන්දව කටයුතු කිරීමේදී අය වැය වාර්තාවක් ඉදිරිපත් කිරීම සමූහයේ විස්වාසය සදහා වැදගත් වෙනවා

    ReplyDelete
    Replies
    1. මෙතැන සමූහයක් හිටියද කියන ප්‍රශ්නය එනවා. පළමුවෙනි එකේදී මමයි තව දෙතුන් දෙනෙක් ගෙයි වැඩක් වුනේ. ස්පොන්සර් තමා ලංකානිව්ස්වෙබ් අඩවිය. අවශ්‍ය මුදල , හෝල් එක හෙම හෙව්වේ ඒ අය. දෙවැනි එකේදී සුමිත් කලනසිරි එකතු වුණා . ගොඩක් බ්ලොග්කරුවන්ගේ අදහස් එහෙම ගත්ත මේල් ත්‍රෙඩ් තවම් තියනවා ඒවායේ. නමුත් මුදල් පැත්තෙන් ගත්තම අවශ්‍ය තැන් වලට කතා කරලා වියදම් කරලා අපහු සංවිධායක/ස්පොන්සර් වුනේ ලංකානිව්ස්වෙබ් . මමත් මම වැඩ කරන ආයතනයට , මගේ යාළුවන්ට කතා කරලා පොඩි දැන්වීම් දෙක තුනක් ලබා දුන්න. තුන්වැනි වතාවේදී මම හිතන් හිටියේ වෙන තැනක තියන්න. නමුත් ලංකානිව්ස්වෙබ් සහ නෙළුම් යාය පදනම මේ අවස්ථාවේත් ගත්ත සංවිධානය කිරීම . බ්ලොග් තෝරපු වැඩේ තමා මමයි සුමිත් කලනසිරියි කලේ. මුදල් හොයාගත්තේ ඒ අය. මුදල්ද නැත්නම් තැන ආදිය ලැබුනද කියන එක පොඩ්ඩක් uncertain. ඉතින් කොහෙද ඔය සමූහය?
      අර දෙවෙනි අවස්ථාවේ පස්සේ දාපු පාටියට අපි දෙතුන් දෙනෙක් සල්ලි දැම්ම. ඒකේ ඉතුරුවා දුන්න ඔය රත්නපුර ස්කොලෙක වැඩකට. නලුම් යාය පදනමින් ඊට පස්සෙත් ඉතිරි මුදල් වලින් කඳුකරයේ දෙමලපාසලක දෙකක පන්ති කාමර හදා දුන් බව දන්නවා . ඒවාට වැඩි ප්‍රසිද්ධියක් දුන්නේ නම් නැහැ. කාට හරි ඕනේ නම් ඔය අයවැය ඉල්ලන්න පුළුවන්. නැත්නම් ඒ අය කරන විධිහටම කරලා ඔය විධිහට බ්ලොග් විකුනනවානම් එහෙම විකුණලා උත්සව කරා නම් හරි. ලංකාවේ පෞද්ගලික ආයතන ගැන දැනගත්ත දෙයක් තමයි අහවල් ඇමැති අහවල් ලොකු කෙනා එනවා කිව්වහම ඔවුන් දැන්වීම් දෙන්න කැමතියි. නැතිනම් අර ස්වර්ණා ට පවා ස්පොන්සර් කරන්නේ මොකටද වගේ ප්‍රශ්න අහන අයනේ.

      Delete
  12. අර ළමයින්ට ශිෂ්‍යතව අහිමි වීම අතිශය කණගාටුවක්.
    වැඩක් කරද්දී සංවාද සහ විසංවාද පැවතීම මන් දකින්නෙ හොද ලක්ෂණයක්
    කාගෙවත් කතා අදාලම නෑ කරන වැඩේ හරිනම් දිගටම කරන් යන්න. කතා වලින් ගන්න ඕන දෙයක් තියේනම් විතරක් ගන්න. නැත්තම් ඉතින් අදාලම නෑ කියලා කරන්න

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කටකතා විශ්වාස කරනවා වැඩියි. ෆේස්බුක් නිව්ස් එහෙමත් ගොඩක් ජනප්‍රිය එකනේ.
      සංවාද සහ විසංවාද හොන්ඩ දෙයක්. මමත් හරි කැමතියි. නමුත් ඉතින් බ්ලොග්කරයන්ගේ සල්ලි අරං නිවාඩු යනවා වගේ කතා අහනවට වැඩිය හැබැයි තමන්ගේ පාඩුවේ වැඩක් පලක් බලාගෙන ඉන්න එක හොඳයි. ඕන තරම් වැඩ තියනවනේ කරන්න. පොතක් පතක් කියවන්න වුනත් වෙලාව ඉතුරු වෙනවනේ . නැත්ද? :)

      Delete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මහත්මයා පෞද්ගලික කාරණා අලලා පහරගැසීම් මගේ බ්ලොගයේ නොකරමි. ඔබ කියන කතාවේ හරි වැරැද්දක් මා දන්නේ නැත. එනිසා ඔබේ ප්‍රතිචාරය ඉවත් කරමි. එනිසා අමනාප නොවන්න.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .