Saturday 4 August 2018

නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම - දයාපාල තිරාණගම

ගෝඨාභය හා විජයකලා සුසංයෝගය 
විජයකලා කල ප්‍රකාශය ගැන දයාපාල තිරාණගම මහතා පල කල අදහසක් මම බ්ලොග් ලිපියක් "විජයකලා සම්බෝලයට ගැනීම සහ ....දයාපාල තිරාණගම"  ලෙස පල කෙළෙමි.

එම ලිපිය කියවා  බොහෝ අය වරදවා වටහා ගත් දෙයක් විය. ඒ විජයකලා ගේ ප්‍රකාශයට අප සමාව දැක්වීමක් කරන බවකි. එසේත් නැතිනම් විජයකලා කීවට කමක් නැති වුවත් දකුණේ එසේ කීම වැරදි යයි අප අදහස් කරන බවකි. මෙම අදහස් දෙකම වැරදිය. විජයකලා යනු විගේනේශ්වරන් වැනිම තවත් අවස්ථාවාදී දේශපාලනයේ යෙදෙන චරිතයකි. යාපනයේ අපරාධ වැඩි වන විට ඇය තද පාලනයක් සහිත එල්ටීටිය ඉල්ලන්නේ එබැවිනි.

කොටින්ම ඇය කියන්නේ " මේ  බලන්න ආණ්ඩුවේ වත් මගේ වත් ප්‍රශ්නයක් නෙමේ මේක. මට ඔයාල චන්දෙ දෙන්න. එල්ටීටිය ගෙනල්ල හරි  මම ඔයාලට සේවය කරන්නම්"  නමුත් ප්‍රශ්නය ඇත්තේ විජයකලා නියෝජනය කරන  රජයේ පාලනය, ඊට කලින් පැවති  රජයේ පාලනය හා තවමත් නොවිසදුනු දෙමළ  ජාතික ප්‍රශ්නය, උතුරේ  ආර්ථික ප්‍රශ්න (මුළුරටේම  ඒවාට අමතරව) තුල බව ඇය සඟවයි. ඇගේ කතාව  මෙන්ම ගෝඨා ගෙනෙන ඝෝෂාව තුල ඇත්තේද මේ සත්‍යය වසන් කිරීමයි.
ගෝඨා ගෙන ඒමේ ඝෝෂාව  ඇත්තටම ජනාධිපති ප්‍රමුඛ රජයේ වැඩක්ද කියා සැකයක්    ඇති වන්නේ මේ වෙලාවටය.

නිර්මාල් දේවසිරි මහතා විසින් "අනිද්දා" නම් පත්‍රයකට ලියන ලද ලිපියකට දයාපාල තිරාණගම ලියු පිළිතුරක් එම පත්‍රයේ (අනිද්දා ) පල කර නොමැත. එම නිසා එම ලිපිය ඉහත කරුණට ද අදාල හෙයින් මෙහි පල කිරීමට තීරණය කලෙමි.

************************************************************
මා මිත්‍ර  නිර්මාල් රන්ජිත් දේවසිරි අප මුහුණු පොත හරහා කරන ලද විවාදයක් මුද්‍රිත  මාධ්‍යය  ට ගෙන ඒම ගැන මා සතුටුවෙමි.අනිද්දා පත්‍රයෙන් (28/ 7/29) ඔහු කල ප්‍රතිචාරයට පිළිතුරක් දීම අවශ්‍ය වන්නේ අද පවතින  අර්බුදයෙන් අප ගොඩ එන්නේ කෙසේද  යන්න ගැන සංවාදයක් අවශ්‍ය  වනබැවිනි.

අද පවතින අර්බුදය කෙතරම් දුරට  ජනතා  බලවේගයන් ආකුල ව්‍යාකුල  කර ඇත්දැයි කිව හොත් සියලුම පක්ෂ සහ
දේශපාලන උනන්දුවක් ඇති පුද්ගලයන් පවා නන් දෙඩ විලි කරුණු ලබන්නේ දේශපාලන ළදරුවන් මෙනි.

විජයකලා කොටි සංවිධානයට නැවත ගොඩ නැගීමට කරනලද අභිලාෂයත්,නිර්මාල් රන්ජිත් කලක සිට 2020 දී ගෝඨා  බලයට පත්කිරීම සඳහා කර ඇති කතිකාවත ද අයත් වන්නේ අද  මුහුණ දෙන අර්බුදයේ එක්මානයක් ලෙසයි.නමුත් මේ දෙදෙනාම කියා සිටින්නේ තමන් ඇත්තටම  අදහස් කලේ එය නොවන බවය.විශේෂයෙන් ම නිර්මාල් ගේ අනුගාමිකයන් කියා සිටින්නේ ගෝටා 2020 බලයට පත් කොට ජනතාවට ප්‍රජාතන්ත්‍ර වාදයේ  වටිනාකම කියා දීම මිස වෙන දේශපාලන පාඩමක් නැති වන්නේ ගෝඨා  නියෝජනය කරන බලවේගයන්  එතරම්ම ශක්තිමත් නිසාය.අප විසින් ඉදිරිපත්කරන  කිසියම් දේශපාලන ව්‍යාපෘතිය  ක් සහ අද ජනතා ව සිටින තැන අතර පියවිය නොහැකි විශාල පරතරයක් ඇති  බැවින් එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ගැන විශ්වාසයක්  නිර්මාල්  තුල නොමැති බව ඔහු පෙන්නුම් කරයි.

යම්කිසි සංවිධාන ව්‍යුහයකට  සම්බන්ධවන්නේ  හෝ සාමුහික  වගකීමක් නැතිව තනි පුද්ගලයන් වශයෙන් පැවතීම සහ තමන් වුවමනාවෙන්ම  තනිවීම නිසා බොහෝවිට සාමුහිකතත්වයට වඩා තම පෞද්ගලික දේශපාලන හැකියාව පිළිබඳව ඇතිකරගන්නා  අධිවිශ්වාසය දේශපාලන ක්‍රියාවලියක  දිග හැරීම ගැන බියකරු සිහින දැකීමෙන් අප ගැලවිය යුතුය.එසේ ගැලවීමට නොහැකිවීම ගෝඨා  ගේ 2020 යෝජනා ක්‍රමයට ආ  වැඩීමේ දේශපාලන වැරැද්ද කරනු ලැබීම ජාතිවාදී සහ ආගම් වාදී ප්‍රවණතාවයන් සුජාත කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කිරීමකි.

විමුක්තිකාමී දේශපාලන බලවේගයන්ගේ බෙලහීනතාවය දේශීයව සක්‍රීය  බලවේගයක් බවට පත්කිරීමට ගෝඨා  විසින් බලයට පැමිණ කරන මර්දනයෙන් සිදුවෙතැයි සිතීම ජනතාවට පාන්  බැරිනම් කේක් කාපල්ලා යයි කීමක් වැනිය.එය ජනතා වට කෝපාන්විතව කරන තරවටුවකි.අප වාමාංශය වෙනුවෙන් පෙනී සිටින්නේ එහි උරුමයේ පවතින පසුබැසීම් මෙන්ම ජයග්‍රහණයන්  ද නිසා උරුම කරගත් පාඩම් වලින් සන්නද්ධ වෙමිනි.දශක ගණනාවක දේශපාලන නිහඬ බව සති ගණනක්  ඇතුලත  ගිගුරුම් දෙමින් ජනතාව අවධිවීම ගැන හොඳ උදාහරණයන් ටියුනිසියාවේ සහ ඊජීප්තුවේ ජනතා නැගිටීම් වලින්  පෙන්වනු  ලැබිය.

නිර්මාල් විසින් සිය පිළිතුරු ගොනු කරද්දී මෙවන් අවස්ථාවල ලෙනින් කල ආකාරයටවෘත්තිමය  විප්ලවාදීන් ගොඩ නගමින් ගෙන ගිය ආකෘතිය යල් පැනගිය එකක් ලෙස මම සලකමි.ජනතාව පීඩාවිඳින සියලුම  ක්ෂේත්‍ර  වල,කම්කරු,ගොවි,  ස්ත්‍රී,  පීඩිත ජනතා සමුහයන්හි  හා  ශිෂ්‍ය බලවේග  වෙනම ඔවුනොවුන්ගේ පීඩිත දේශපාලන අවකාශයන් තුල සංවිධානය  කොට  ජනතා බලවේග ගොඩ නැගීමේ ව්යාපෘතියක් කෙරෙහි මේ යුගයේ දේශපාලන අවශ්‍යතාවයක් ලෙස මම දකිමි. 

ගෝඨා නියෝජනය කරන ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන් ප්‍රබල  වුවද එම බලවේගයන් නියෝජනය සඳහා ඔහුගේ  යෝග්‍ය   බව පිලිබඳ දැඩි විරෝධයන් එම කඳවුරේ සමහර නායකනයන් ගෙන් එල්ල වී ඇත.එමනිසා ගෝඨා ගේ යෝජනා ක්‍රමය  සිදුවිය හැක්කක් බව ට සහතික කල නොහැක.එය එසේ වුවහොත් ගෝඨා ගෙනවිත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ඉගැන්වීමේ නිර්මාල්ගේ සිහිනය සබැ නොවනු ඇත.මෙය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට සිදුවන පාඩුවක් ලෙස ඔහු දකින්නට පුලුඑවන් කම ඇත්තේ ඒ පිළිබඳව කලක සිටි සෑහෙන බලා පොරොත්තු සහිත කතිකාවක් ඔහු ගොඩ  නගා ඇති  බැවිනි.

නිර්මල්ගේ විවාදාත්මක  ගෝඨා  2020 යෝජනා ක්‍රමය    ඔහු  ගෙන අවේ ජවිපෙ අනුර  කුමාරට 2020 පාර  කැපීමේ යෝජනා ක්‍රමය  සාක්ෂාත් කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙසයයි මම විශ්වාස කරමි.එමගින් ජනතාව අතර  භීතිය  උපදවා එමගින් අනුර කුමාරගේ චන්ද ගොඩ වැඩි කර ගත හැකිව තිබුණි.නමුත් දැන් පෙනී යන ආකාරයට එය අසාර්ථක වෙමින් පවතී.

ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම විශ්ව විද්‍යාල  මහාචාර්ය වරුන්ට පැවරුව  හොත් ඒවා නැති බංග වනබව කවුදෝ විප්ලවාදී නායකයෙක් කියූ බව මට මතකය.

ජනතාව පීඩාවට ලක් වීමේ දී ඇතිවන විනාශය සහ පසු බෑම ඉන් ජනතාව ඉගෙන ගන්න වටිනාකම් වලට වඩා හානිකරය. දුෂ්කරය.කටුකය.එය ජනතාවගේ විමුක්තිය දශක ගණනාවක් ආපස්සට ගෙන යනු ඇත.එබඳු වූ ව්‍යසනයක්  අධිෂ්ඨාන කිරීම අපේ සදාචාරයට ගැල පෙන්නේ නැත.අපේ සදාචාරය සංයුක්තවන්නේ මැටි බළලා ගෙන් හෝ මීයන් අල්ලා ගැනීමක් නොවේ. අප කල යුත්තේ මිනිස් සදාචාරයේ අඛණ්ඩතාවය  රැක  ගනිමින් විමුක්ති මාර්ගයේ  ජනතාව  සමග ගමන්  කිරීමයි.


දයාපාල තිරාණගම
පින්තුරය උපුටා ගත්තේ : http://tamilnews.com/2018/07/05/vijayakala-maheswaran-gotabaya-rajapaksa/

18 comments:

  1. අජිත් ධර්ම මහතා පෙනී සිටින්නේ උතුරේ ද්‍රවිඩ ජනයාගේ අයිතිය වෙනුවෙන් නොවේ. ඔහු අන්ත දක්ෂිණශික එක්සත් ජාතික පක්ෂයේ ඉත්තෙකි. ඔවුන්ට අවශ්‍ය ධනවාදය පවත්වා ගැනීම පමණකි. විමුක්ති කොටි සංවිධානය එයට බාදාවක් වූ නිසා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුක යුරෝපය සමගින් ඉන්දියාව විමුක්ති කොටි සංවිධානය මර්දනයට සහය දැක්වූයේය.

    අජිත් ධර්මට අවශ්‍ය ධනවාදය පවත්වා ගැනීම මිසක අන් කිසිවක් නොවේ. විමුක්ති කොටි සංවිධානය මර්ධනය කිරීමෙන් පසු මෙම ධනපති ආණ්ඩු යටතේ උතුරේ තරුණයන් බිලි බා ගත්තේ මත්ද්‍රව්‍ය මගිනි.

    අජිත් ධර්ම යනු අගමැති රනිල් වික්‍රමසිංහගේ හිතවතෙක් නිසා මේ ගැන වැඩියමක් ලිවිම මගින් අපව සොයාගෙන පැමිණ ලෙයින්, යකඩින් මර්ධනය මොහුට සුළු දෙයකි. එම නිසා ඇනෝ කොමෙටුවක් දැමීම වඩා ආරක්‍ෂිත යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. සංවාදය ආරම්භ කිරීම හිතාදර ස්තුතිය ඇනෝ මහතාණනි. //අජිත් ධර්ම යනු අගමැති රනිල් වික්‍රමසිංහගේ හිතවතෙක්// මෙච්චරම දරුණු වෙන්න එපා ඇනෝ. මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ. ඔලුවේ අත ගහලා දිවුරලා කියන්නේ ඒ පැත්තේ නම් ගියේ නැහැ නැහැ මයි හේ හේ

      Delete
    2. මම මේ එංගලන්ත ධනවාදය තුල වරදක් නැතුව කාටත් උදව් කරගෙන ජිවත් වෙන නිසා ;ලංකාවේ එවුන්ට ඒක එපා කියල අවස්ථාවාදියෙක් වෙන්න පුලුවන්ද ගරු ඇනෝ

      Delete
    3. ඇනෝතුමනි ශ්‍රී ලාංකිකයන් අති බහුතරය අවස්තා සියයකට වැඩි වාර ගණනකදී සිය චන්දය පාවිච්චි කොට ඇත්තේ ධනවාදය වෙනුවෙනි. අවාසනාව අපට ධනවාදය නොලැබීමය. එහෙයියන්ට කත් අදින අසාර්තක සමාජවාදී ධනවාදී අච්චාරුවක් අපිව පෙලයි.

      Delete
    4. //අසාර්තක සමාජවාදී ධනවාදී අච්චාරුවක් අපිව පෙලයි.// ධනවාදය හරි හරියට ලැබෙනවා නම් වැඩ කරයි

      Delete
  2. අඩෝ අජිත් උඹ අගමැතිගෙ පොරක් නං අපිටත් පොඩි සපෝට් එකක් දීපංකො

    ReplyDelete
    Replies
    1. බලන්නම් බලන්නම් මගේ සෙක්‍රටරි ට අර අහවල් ඒවා පිරුන කඩදාසි බෑග් එක දීල එන්ඩ කෝ

      Delete
  3. ලංකාවේ තියෙන්නෙ ධනවාදෙ කියල හොඳටම ෂුවර්ද, ඇනෝ? ශ්‍රි ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී කියල මොකක්ද අච්චාරු නමක් තිබුනට, මේක වඩාත් කිට්‍ටුවෙන්නෙ බඩගෝස්තර වාදෙට නෙව?

    ඇනෝ සමාජවාදියෙක් පාටයි. ඇහුවට අමනාප වෙන්න එපා, ඔය අටමගල කිසිම රටක හරියට අටවගන්න බැරිවුනේ ඇයි? පැරණි වම- ඇන් ඇම්/කොල්වි ඩබලට මම එක දෙයක් නිසා සදා ස්තූතිවන්ත වෙනවා. ඒ සමාජවාදෙ දිවියලෝක රස පොඩිත්තක පෙර හුරුවක් අපිට ලබා දීම ගැන. හැත්තෑව දශකය මතක අයගෙන් අහල බලන්නකො. ඒ උන්දලාට තාමත් උස්මුරුත්තාව.

    - නන්නඳුනන පක්සියෙක්-

    ReplyDelete
    Replies

    1. ලංකාවේ ඇත්තටම තියෙන්නේ මොකක්ද කියල අන්තර් ජාතික මුල්‍ය අරමුදල වත් දන්නේ නැහැ. උන් හිතන්නේ උන් සමාජවාදී රටකට ධනවාදී වෙන්න උදව් කරනවා කියල. අම්මප මේ ජේ ආර් ගේ මොලේ තමයි මොලේ ස්තුතියි පක්සියට

      Delete
  4. meka maathalan wagema kade yana ekek...
    Ranilge puka sodannek.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඕයි රන්සකු මට හිතුන මම තමුසෙගෙ ලෙවල් එකට වැටෙන්නේ නැහැ කියල. ඒ නිසා කොමෙන්ට් දෙකම මැකුවා.

      රනිල් ගේ සම්බන්ධෙ මොකක්ද මේ ලිපියට ?
      රනිල් කරන්න්නේ යුඇන්පී එක දිනවන්න බලාගෙන මෛත්‍රීට කෙලින ගමන් රාජපක්ෂ එක්ක ඩිල් දාන එක. විජයකලා ඔතනට ගෙන්න රනිල්නුත් සම්බන්ධයි කියල මට පේන්නේ . අනික රනිල්ම කීවද දන්නේ නැහැ කියන්න කියල. මේකෙන් කියවෙන්නේ නැහැ මයිත්‍රී හොඳයි කියල. මයිත්‍රී හදන්නේ එයාගේ බිලව්ඩ් ශ්‍රීලනිපය බේරා ගන්න. රනිල් යුඇන්පිය බේරා ගන්න. රට ගැන දෙන්නම හිතනවද කියන එකේනේ අපි අහන්න ඕනේ
      තමුසෙලා හැමෝම එක එකාගේ අහවල් එක ලෙවකන නිසා තමුසෙලට පෙන්නේ අනිත් එවුනුත් එහම වගේ කියලයි. ඔතනයි ප්‍රශ්නය. අර සල්ලි හොරකම් එකා කොහොම හරි හදන්නේ අනිත් එකත් හොරා කියල පෙන්වන්න. එහෙම කරන්නේ හොරු අල්ලන්න නෙමේ තමන්ට ශේප් වෙන්න. මේ පක්ෂ දෙකේම වැඩි හරියක් උන් කරන්නේ ඒක. ඔය චෝදනා ගැන මම හොඳින්ම දන්නේ අත්දැකීම නිසාමයි. හොරා හා කපටියා හැම වෙලේම හදන්නේ එහම නැති එකා එහෙමයි කියල පෙන්වන්න. මොකද උන්ට ඒක අල්ලන්නේ නැහැ. එහෙම කොහොමද වෙන්නේ කියල උන්ට හිතා ගන්න බැහැ. බැහැපන් අපේ වලට කියල තමයි කියන්නේ. අපි ප්‍රතික්ෂේප කරනවා ඒ වලට බහින එක.

      Delete
  5. ඔයි නෙලුම්යායේ ලී කෙලියේ සංවිධායක පඩත්තුවා

    කලින් කරපු ලීකෙලි උළෙලේවයි වොට්ස්එජ් එකේ තිබුණු නෙලුම්යායේ ලීකෙලි උළලේ පුර්ණ වියදම ලැබිලා තියෙනේ අලෝසියස්ගේ
    පර්පච්වෙල් එකේ චෙක් වලින්.
    එකයි ඒවාට බජට් ගැජට් නැත්තේ ඒ ගැන අහපු වෙලාවට එම උළෙල සංවිධානය කරපු ගරු උත්තම නඩයේම පුකේ ඉත්තාවෝ කාවඩි නටන්නේ
    චෙක් ගත්ත එවුන්ගේ නම්ගම් එලියට එනකොට මහජනයාගෙන් හොරකම් කරලා ජෝගි නටපු එවුනුයි සමාමන ගත්ත එවුනුයි වමාරපියව්

    එකෙක් කැන්සර් හැදිලා මලා අනික් එවුන් පනුවෝ ගහලා මැරෙන්න ඕනේ යහපාලනය ගෙන්න කඩේ ගිය මංකොල්ල කාරයොයි දේශ පලුවෝයි උළෙලේට ඇවිත් කාපු බීපු එවුනුත් එක්ක ඔකුන්ගේ පුකටම හෙන ගස්සපන් දෙවියනේ

    ReplyDelete
    Replies
    1. හෑ රන්සකුවා ඒ ගමන ඇනෝ ආවද නැත්නම් වෙන ඇනෝ සංවිධායක පඩත්තුවෙක්ද? හේ හේ ඕයි මේ තිරාණගම මහතා ලිපිය ලියල තියෙන්නේ නෙළුම් සංදර්ශනයක් ගැන නෙමෙයි . ලිපියට අදාලව මොනවා හරි ලියහන්. දැන් කාගේද බං අහවල් එක කාවඩි නටන්න ගත්තේ. උඹලනේ ඕක තවම ඔලුව උඩ තියන් නටන්නේ. මෙතනට අලුතෙන් එන උදවියට දැන ගන්නත් එක්ක කියන්න එපයි. 2015, 2016 ගෙවලා ගිහින් කරපු උළෙලවල් දෙකේ මොන රෙද්දක් වත් කාටවත් දෙන්න මම බැඳිලා නැහැ. ඕනෙනම් ඕන බඩ කඩිත්තුවකට ගිහින් කොම්ප්ලේන් කරපල්ල. අන්තිම එක කළේ නෙලුම් යාය පදනමෙන් නිසා ඕන එකෙකුට ගිහින් අහන්න පුළුවන්. ඇයි දැන් අර තොරතුරු දැන ගැනීමේ පනතකුත් තියනවනේ. අඩ්රෙස් එක මෙන්න. නෙලුම් යාය පදනම, 136/1 පරණ කැස්බෑව පාර , නුගේගොඩ ඊමේල් එක info@nelumyaya.com . ඔය ඇලෝසියස් එකා සල්ලි දුන්නනම් උන්ට ඒවා ලියවිලා තියෙන්න එපයි බැංකුවේ. උන් දැන් ඔය පොලොන්නරුව පැත්තේද කොහෙද ප්‍රොජෙක්ට් එකක් කරනවනේ දුප්පත් ගැහැණු ළමුන් ට සනීපාරක්ෂක තුවා බෙදන. සමහර විට ඔය සල්ලි වලින්මද දන්නේ නැහැ. උඹත් තුවායක් අරගෙන බලපන්. පර්පෙචුවල් එක නමක් එහම් ගහලද කියල. පදනමේ ලොකු එවුන් ඔක්කොම කොළඹ ඉන්න නිසා වැඩෙත් ලේසියි උඹට.
      උඹලගේ ප්‍රධාන ප්‍රශ්නය නාමල් රාජපක්ෂ මහත්මය හෙම ඇලෝසියස් ට දුන් කෝල් මකා ගන්නේ කොහොමද කියන එකද සුජීව විජේසිංහ සල්ලි ගත්ත ඒවා වහගන්න එකද ගම්මන්පිල ශෙදික් ගෙන් සල්ලි ගත්ත එක වහගන්න එකද? හරියන්නේ නැහැ බ්‍රෝ. අපි වගේ එවුන් මේ ලෝකේ තවම් ඉන්නවා. නිස්සරනාධ්‍යශයෙන් වැඩක් කරලා එහෙම කරනන් බැරිනම් අයින් වෙන උන්.
      මතක තියා ගනින් මේක හැබැයි. අහිංසක නිර්දෝෂී මිනිසුන්ට කියන දේවල් උඹ අදහන ආගමට අනුව ආපහු එනවා කියල උඹටම. පනුවෝ ගහල මැරෙන්න කියල හිතුවම හෙන ගහපන් කියල හිතුවම බලාගෙන ඉඳපන් ඇහැකින් යන හෙනයක්වත් වදී. අනික බං මම අදේවවාදියෙක් හා ඔය කුණුහරුප විශ්වාස නොකරන එකෙක් නිසා ඕව වදින්නේ නැහැ. හැරිලා උඹටම තමයි එන්නේ. පරිස්සමින් යන එන ගමන් යන්න මල්ලි.

      Delete
  6. " ධනවාදීතත්වයේ අවසාණය සෘජු හෝ වක්‍ර නොනිළ ත්‍රස්‌තවාදයයී "

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන
      ඔය ත්‍රස්තවාදය තියෙනවා නේද , ඕන පැත්තකට හරවල ගන්න පුළුවන් එකක්. සිරියාවේ කවුද ත්‍රස්තවාදී කියල හොයා ගන්න පුලුවන්ද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .