Monday 27 August 2018

සියමා පොත එළි දැක්වෙයි


 
මගේ පලමු පොත තමයි "පොල්කට්ටෙන් එපිටට". මේ බ්ලොගයේ පළවුණු ලිපි එකතු කරලා පළ කලා. මේ මගේ දෙවැනි පොත සහ පළමු නවකතාව. මේ කතාව මම මුලින්ම  පළකලේ බ්ලොග් අඩවියේ. බ්ලොගයට පැමිණෙන ඔබලාගෙන්  එයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුන,

ආර්තව දරිද්‍රතාවය කියන එක ඇත්තටම තවමත් ආසියාතික හා අප්‍රිකානු රටවල් පමණක් නොවේ ස්කොට්ලන්තය වැනි  මහා බ්‍රිතාන්‍යයේ රටක   පවා ප්‍රශ්නයක්. එසේම ආසියාතික රටවල ගොඩ නැගී ඇති මිථ්‍යා විශ්වාස නිසා කාන්තාවන් මත ඇති පීඩනය තවත් වැඩියි . ඇතැම්මු මේ විශ්වාස මතට හේතුවකින් තොරව ආගම දහම පවා අන්තවාදීව උපයෝගී කර ගන්නවා. ඒක ආගම්වල වරදකට වඩා  තමන්ගේ උවමනාවන් සඳහා ආගම  දඩමීමා  කර ගන්න  මිනිසුන් නිසා ඇතිවී තිබෙන්නක්.

ශ්‍රී ලංකාවේ තවමත්, වැඩිවිය පත්වන ගැහැණු ළමුන් සමහර දෙමාපියන් විසින් දවස් හතක්  කාමරයක තබනවා කියා ඔබ දන්නවා ඇති.  නේපාලයේ  නිවසින් එළියේ කුඩා මඩුවක තමයි  දරුවාව තබන්නේ.  නේපාලයේ  අච්රම් දිස්ත්රික්කයේ රෝශනී තිරුවා නම්  ගැහැණු ලමයෙක්ව ඇ ගේ ආර්තව චක්‍රය පටන් ගත් පසු නිවැසියන් සිරිතට අනුව මඩුවක තබා තිබුනා.  ශීතල නිසා ගින්නක් අවුලුවන්නට ගොස් මඩුව ගිනි ගැනී ඇය මිය ගියා. මෙය සිදුවුනේ ඉතා මෑත  කාලයක 2016 අවුරුද්දේ දෙසැම්බරයේ.


මේ පොතේ ලමුන් පිරිසක් සිරව සිටි අනාථ  නිවාසයක්  ගැන කතා වෙනවා. පසුගිය වසර කිහිපය තුල  ඉන්දියාව වැනි රටවල අනාථ නිවාස වල  දරුණු ලෙස ළමා අපචාර සිදුවී තිබෙනවා යයි වාර්තා වෙනවා. මේවා ලංකාවේ සිදු නොවෙනවා කියා අපට කිව නොහැකියි.   

 මිට අවුරුදු විස්සකට පමණ කලින් කිසියම් රටක ජීවත්වූ පවුලක් වටා ගෙතුන කතාවක් තමයි මේ . එකිනෙකට ස්වායත්තව සිදුවූ යයි සැලකෙන  කිසියම් සිද්ධීන් සමූහයක් වටා  ලියවෙන මේ කථාවේ කතා නායිකාව ජීවිතයට මුහුණ දෙන අන්දම  මට හැකි ආකාරයෙන් අකුරු කලා . ඉතින්  මම ඔබට සාදරයෙන් ආරාධනා කරනවා විවෘත  මනසින් යුතුව "සියාමා" පොත කියවන්න කියල.  

පොත මුද්‍රණය කළ "අහස" ප්‍රකාශකයන්ටත්, අසංක සායක්කාර මහතාටත් ඒ සඳහා මා උනන්දු කරමින්,  අවශ්‍ය සන්නිවේදනයන් අසංකට ලබා දෙමින් උදව් කළ චූලානන්ද සමරනායක සහෘදයාටත් හද පිරි ස්තුතිය. 

එසේම විශේෂ ස්තූතියක් මගේ බ්ලොග් මිතුරන්ට, මිතුරියන්ට  හිමියි. ඔබ නොවේ නම් මෙය ලියවෙන්නේ නැත. 

ප.ලි.:
පොත ගැන සංවාදයක් 2018 ඔක්තෝබර් 20 සෙනසුරාදා සවස ප.ව. 3.00 ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
රෝෂනි තිරුවා 

ඉන්දියාවේ 

42 comments:

  1. ඔබේ අලුත් පොතට සුබ පැතුම්!

    "පොල් කට්ටෙන් එපිටට" නම් ල0කාවට ආව ගම්න්ම ගන්න පුළුවන් වුණා කඩුල්ල ප්‍රදර්ශනයකින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳ වියමන් නංගි

      Delete
    2. මට ක්යෝටෝ නගරය ගැන දැන ගන්න ඕනේ , උජි නගරය, දිග ගඟක් තියනවා හොසුකෝ හරි මොකක් හරි , ඇවිදින්න යන තැනක් තියනවා ෆෙමස් , ලොකු පන්සල් දෙකක් ගැන , කොහොමද හොයා ගන්නේ. මම ලියන ද්දෙකට අවශ්‍ය වෙලා තියෙනවා.

      Delete
    3. https://www.alltrails.com/trail/japan/kyoto/uji-walking-tour

      Delete
  2. පතන්නෙමි හෘද්‍යාංගම සුබ පැතුම්.
    ඔබේ අත්සන සහිතව පොතක් ගන්න තිබේ නම් ඉතා වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. ඔක්තෝබර් 20 ලංකාවේ ඉන්නවා. පුස්තකාල ශ්‍රවනාගාරයට එන්න

      Delete
  3. සුභ පැතුම් අජිත් අයියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා මල්ලි

      Delete
  4. ඔක්තෝම්බරයේ හමු වෙමු.

    ReplyDelete
  5. මේ පොත ගත්තු කෙනෙක් ඉන්නවා නං PDF කරලා දාන්නකෝ අපිටත් බලාගන්න.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ තියනවා. පොටත් ටිකක් වෙනස්.

      Delete
  6. සුබ පැතුම් අජිත් අයියා."පොල් කට්ටෙන් එපිටට" ලැබුනේ කලණසිරි ස්ටෝස් එකෙන්.මේක සරසවියෙන් ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. ඒ පොත විකුනන්න කලනසිරි මහත්මය ලොකු උත්සහයක් දැරුවා.

      Delete
  7. සුබ පැතුම්

    ධර්මකීර්ති මහතා සමග සං වදය සඳහා ඔක් 20 වෙනිදා තෙක් බලා සිටිමි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා ජේ මහත්මය. සංවාදය ඊට කලින් බැරිද

      Delete
  8. සියාමා මම බ්ලොග් එකෙන් කියවල නැහැ. පොත අතට අරන් කියවන එක අලුත්ම අත්දැකීමක් වේවි... සුබ පැතුම් අජිත් අයියේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මගේ පොත් දහය ලැබුනම එකක් එවන්නම් නංගි

      Delete
    2. ‘‘අහස‘‘ පොත් 25ක්ම දෙනවා කර්තෘට...

      Delete
    3. දැනගෙන හිටියේ නැහැ. ඔක්තෝබර් වල තමයි ලැබෙන්නේ. නැත්නම් කවුරුහරි එන කෙනෙක් අතේ ගෙන්න ගණන් ඕනේ.

      Delete
  9. අජිත් අය්යා.. සුබ පැතුම්..
    හමුවෙමු ඔක්තෝබරයේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්, සුභ පැතුම ඔබේ විවාහයටත් . හමුවෙමු

      Delete
  10. සුබ පැතුම් අජිත්!

    ගැහැණු ළමුන් වැඩිවිය පැමිණීම අපිට තවම හරි මැජික්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය. මේ පොත වටහා ගනීවි කියල හිතනවා. කිසිම් ජාතියකට ආගමකට නොව පොඩි මිත්‍යා විශ්වාසයක් මගින් ඇතිවුණු සිද්ධීන් අමුහයක් ගැන තියෙන්නේ

      Delete
  11. අලුත් පොතට සුභ පැතුම්..
    මේ පොත් දෙකම audio කරන්න කැමතිද අයියේ... එඒතකොට තවත් පිරිසක් කියවාවි මේ පොත් දෙකම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණී.
      //මේ පොත් දෙකම audio කරන්න කැමතිද අයියේ// සමාවෙන්න පොඩ්ඩක් ඉග්නොරන්ට් මේ පිළිබඳව. කොහොමද කරන්නේ කියල අඩන්නේ නැහැ. මම පොත කියවලා වීඩියෝ කරලා යුටියුබ් දාන්න නම් පුළුවනි. වෙලාව හොයා ගත්තොත්

      Delete
    2. audio කරනවා නම් උදවු කරන්නම්.. ලොකු වැඩක් නෑ..

      Delete
    3. එහම නම් මම අසංකගෙන් අහන්නම් කරන්න.

      Delete
    4. සත්‍යා ඒ වැඩේ කරල දෙයි... බ්ලොග් කියවන බ්ලයින්ඩ් අයත් ගොඩක් ඉන්නවනෙ. එයාලත් ආස වෙයි මේ පොත කියවන්න.

      Delete
    5. අජිත් අයියා මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න..

      Delete
    6. හොඳයි. කොතනින් ද පටන් ගන්නේ කියල දන්නේ නැහැ . ඉස්සෙල්ල ප්‍රකාශක තැන ගෙන් අහන්නම්.

      Delete
  12. සුබ පැතුම් අජිත්!! ඔබ හමුවී පොතත් ගන්නට ඔක්තෝබර් 20 නොවරදවාම එමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප මහතා. මේ පින්තුරය නිසා හඳුනා ගන්න පහසු වේවි

      Delete
    2. අදුරගන්න ඕන නං මං දෙන්නං පතාක යෝදයාගේ පින්තුරයක්.. එවන්නද මේල් කරලා.. හැක්

      Delete
    3. එදාට එනවනේ එතකොට අඳුන්වලා දෙන්න

      Delete
  13. Congratulations ajith.Will try to meet you in October

    ReplyDelete
  14. "සියමා" වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් .

    ReplyDelete
  15. හද පතුලෙන්ම උනුසුම් සුබ පැතුම්!!!!!!!!!!!

    මම අහස ප්‍රකාශන දෙකක් ගෙනාවා. මල්ලි මට තෑගි දුන්නා. දෙකම අහස වැඩක්. දෙකම අසංකගේ ලියවිලි. මීට අවුරුදු විසි තිස් ගානකට පෙර කේමදාස මාස්ටර් ගැන පොතක් ලියවුනා, "කේමදාස නම් ඔහු" කියලා. එඩිට් කරේ අමරබන්ධු රූපසිංහ. ඒ පිලිබඳ අසංක දන්නවාද නොදනිමි. ගෙනාපු දෙකෙන් එකක් කේමදාස මාස්ටර් ගැන. අනිත් එක ප්‍රින්ස් ගුණසේකර පිලිබඳව. කියවන්න තාම ලැබුනේ නැහැ. ඒත් ප්‍රඩක්ශන් එක නම් හොඳ කොලිටි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . අසංක ප්‍රින්ස් ගැන ලියන්න ආව වෙලේ තමයි හමුවුනේ හෝ කතා කලේ. එයාගේ වැඩ හොඳ බවයි පෙන්නේ . නාට්‍යයකුත් යනවනේ

      Delete
  16. සුබ පැතුම් අයියේ..!
    ජයෙන්ජය වේවා!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .